සසල පතිනී🌹-02 කොටස

මං අසින්තට  ආදරෙයි ..ප්ලීස් මට එයාගෙන් තොර ලෝකයක් නෑ ..මට ඔයා එක්ක ජීවත් වෙන්න බෑ..

තමුසේ මොන විකාරයක්ද සන්ජනා කියවන්නෙ

සන්ජනා ඇඳුම් මාරු කරගෙන බැල්කනියට පිවිසියේ මලින්ද කල්පනා සයුරේ නිමග්නව සිටින මොහොතකයි..

කාටවත් මාව තේරුම් ගන්න බැරි  ඇයි..අසින්ත දුප්පත්  වුනාට හරි වැදගත්

..අනේ ප්ලීස් මලින්ද ..මට අසින්ත ළඟට යන්න දෙන්න ..මට ඔයාගේ වෙන්න බෑ කවදාවත් හැමදාම මගේ හිත තියෙන්නේ අසින්ත ළඟ

මලින්ද සිටියේ කෝපයෙන් දැවෙමිනි..බොහෝ නිහඬ නිවුනු ගති ගුණ හිමි ඔහුට මේ තත්ත්වය දරා ගැනීමට නොහැකි   සෙයකි..

මංගල රැයේ සිය නැවුම් මනාලිය ඉල්ලා සිටින්නේ පුදුමාකාර ඉල්ලීමකි ..සංජනාගේ ලා දම් පැහැ රෑ ඇඳුම පුරා ඔහුගේ නෙත් සැරි සැරුවද ඔහු වහා  ඉවත බලා ගත්තේ දකුණු අත මිට මොලවා බැල්කනියෙ බරාදයට තද කර ගනිමිනි..

අපි හම්බ උනේ කානිවල් එකක් බලන්න ගිහින් ..එයා කාලයක් මගේ පස්සේ ආවා .මුලින් මං කැමැති වුණේ නෑ ..ඒත්  දන්නෙම නැතුව අපි යාළු වුණා.. එයා ගොඩක් හොඳයි අහිංසකයි.. ඒත් අසරණයි.. එයාට ස්ථිර රස්සාවක් නෑ ..කුලී වැඩ කරන්නේ..ඒත් එයා හරි හැන්ඩ්සම් බෝයි කෙනෙක්..

මලින්ද ඉවසා සිටියේ අසීරුවෙනි..

ඉතිං  තමුන් ඒකා එක්ක පැනලාවත් නොයා මොකටද මට වද දෙන්න ආවෙ.. ම/ගුල..

මලින්ද  තත්පරයට සංජනාව බැල්කනියේ බරාදය ට හේත්තු කරගෙන ඇස් වලට එබුණේය.. සන්ජනා  බියෙන් තැති ගත්තාය.. ඔහුගේ සුරත නොදැනීම ඇගේ ගෙල වෙතට දිගුව ඇත ..සැබැවින්ම ඔහු කෝපය පාලනය කරගෙන සිටියේ අසීරුවෙනි.. දහසක් බලාපොරොත්තු ඇතිව පැමිනි මංගල ගමන අවමංගල ගමනක් වීමට ඇත්තේ තව සුළු මොහොතක් බවට ඔහුට හැඟුණි..

අනේ එයා කැමති උනේ නෑ පැනලා යන්න..

සන්ජනා සිටියේ ඔහුට හුස්ම වැටෙන දුරිනි. ඔහු කෝපයෙන් පසුවන බව, මෙම වාතාවරනය දුරලීමට නම් මේ කතාව නවැත්විය යුතු බව ඇගේ බොලද මනසට වැටහී නැතුවා සේය…

ඈ කවදත් අනිකාගේ සිතිවිලි හඳුනාගන්නට කියවා ගැනීමට සමත් වූ යුවතියක නොවීය..තමන්ගේ සිතුවිලි පමණක් ඇගේ ලොව වටා සැරිසැරුවේ පියාපත් ලද විලසිනි.

තමුසේ කිව්වද පැනලා යමු කියලා

මලින්ද දත් අතරින් මිමිණුවේ කලුව ගිය මුහුණෙනි.

ඔව් ඔව්.. අනේ රිදෙනවා බෙල්ල

ඔහුගේ සිතේ සැකය නිවැරදි විය..ඇය මෝඩය..උගත් වුවත් සමාජ දැනුමක් නැත.

මලින්ද ඇගේ ගෙල   අතහැර එක් වරම ඈ බිත්තියට තදින් තෙරපා  දෙතොල් සිප ගත්තේ සන්ජනා  භීතියෙන් මුසපත් වෙද්දීය…

අඳුරු අහස් කුස උඩින් සීතල සුළං  රටා හමා ආවත් මලින්ද ගේ  සිරුරේ දාහය නිවී යන බවක් දිස් නොවීය.. ඔහුට ඇගේ පහස අවශ්‍ය ය..  වියරුවෙන් තමන් සිපගන්නා මලින්දගේ ග්‍රහණයෙන් ගැලවීමට නොහැකිව සන්ජනා ඔහුගේ පපුවට පහර දෙන්නට විය ..එහෙත් ඔහු ඒ ක්ෂණික ව ඇගේ දෑත දෙපසට කර බිත්තියට තද කර ගත්තේ ය..ඇගේ දෙතොල් වලින් මිදුණු ඔහු ඒ දෑස දෙස බලා සිටියේ ක්‍රෝදයෙන් දැවෙමිනි..

සන්ජනා මං එකම එක අවස්ථාවක් දෙන්නම්.. තමුසෙට පරණ දේවල් අමතක කරලා මං එක්ක හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන්..එහෙම නැත්නම් මගේ එක්කම මැරි මැරී ජීවිතේ අපායක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්.. මං මගේ පවුලට  අගෞරවයක් කරන්නෙ නෑ කවදාවත්.. ඒ වගේම තමුන්ට යන්න ඕනේ උනත් මම යන්න දෙන්නෙත් නෑ.. මගේ නම්බුව මට ගොඩක් වටිනවා තේරුණාද

මලින්ද පැහැදිලිව තේරුම් කළ ද බොළඳ සිත් දරන්නී සංජනාට ඔහුගේ වදන් වල අරුත වැටහුනේ නැත.. ඔහුගේ රළු  දෙතොල් පහසට නතු ව සිට විඳි වේදනාව පමණක් ඒ මොහොතේ ඇගෙහි සිතෙහි දැවුණි..

~~~~~~~®uwani Liyangolla-~~~~~~

මට අසින්තව අමතක කරන්න බෑ ..

බොලද ආදරේ හද දරා සිටින ඈ  දුන් පිළිතුර එය විය.. මලින්ද දෙනෙත් තදින් පියා ගත්තේය. රූපයට පමණක් වශී වී ගතිගුණ චරිත ලක්ෂණ කිසි දෙයක්  ඈ පිළිබඳ සොයා නොබලා මේ විවාහයට එකඟ වී  කළ අනුවණකම පිළිබද දහස් වර  පසු තැවුණේය..

ජීවිතයම පැටලී  අවුල් වී ඇත. ඔහු දෙනෙත් විවර කළේය.

තමුන්ගේ තීරණය ඒකනම් විඳවනවා.. ජී..විත කාලෙම විඳවනවා.. හැබැයි තමුන් මගේ පවුලේ අය ඉස්සරහ මගේ නම්බුව විනාශ කළොත් මතක තියාගන්නවා මං තරම් නරක මිනිහෙක් තමුන් කවදාවත් දැකල තියෙන්නෙ නැතිවෙයි..

මලින්ද දබර ඇඟිල්ල ඔසවා කළ තර්ජනය සුළුපටු නොවේ .

ඈ බියෙන් හැකිලුණාය..අසින්ත මෙලෙස තමන් අසරණ කරාවි යැයි ඇය කෙදිනකවත් සිතුවේ නැත ..

සන්ජනා මං ඔයාව අරන් ගිහින් අපේ පැලේ  කොහේ තියාගන්න ද ? මං නිදන්නෙත් පිලේ රෑට..

දිනක් ඇය අසින්තගේ සෙනෙහසට වශී වී කියූ කතාවකට ඔහුගේ පිළිතුර එය විය ..සන්ජනා අහස් මාලිගා තැනුව ද අසින්ත ට ඒවා සැබෑ කරගන්නට ද කිසිදු වුවමනාවක් නොවිණි ..

මලින්දගේ දෙනෙත ඇගේ රෝස පැහැ පැහැ දෙතොල් තමන්ගේ සිප ගැනීම නිසා තදින් රතු වී ඇති අයුරු තියුණු ලෙස නිරීක්ෂණය කරයි..

ඇගේ සියුමැලි දෙකොපුල් ද රත් පැහැ ගැන්වී ඇත..සිය අකීකරු සිත නතර කර ගන්නට ඔහුගේ යටි සිත අනතුරු අඟවයි..

ඇගේ සියුමැලි දෙතොල්  වෙව්ලන්නේ බියටද?  සීතලට දැයි ඔහුට නොවැටහෙයි.. ඔහු ඈ අතැර කාමරය තුළට ගියේ තවත් සිපගැනීමක් ඒ දෙතොල් මත තබාය..සංජනා ආයාසයෙන් වළක්වා ගත් කඳුලු වැල් වලට ගලා යාමට ඉඩ දුන්නාය ..

පැතුවේ ඔහු නොවේ.. සිත පුරා.. සිරුරේ නහර වැල් පුරා දුවන්නේ අසින්තගේ නමය ..කාලයක් ගත වූ තැන ඈ සෙමින් කාමරය තුළට පිවිසියාය ..මලින්ද සයනයේ එහා පස නිදනු පෙනුනි..ඈ එහා පසින් වැතිර ගත්තාය ..එහෙත් ඈ බියෙනි.

ඔහු කොයි මොහොතක හෝ සිය උරහිසට අත තබනු ඇත.. යළිත් සිය කම්මුල් දෙතොල් සිප ගනු ඇත.. ඔහුගේ වියරු  සුසුම්වල පහස විඳීමට සිදුවනු ඇත..ඈ සිටියේ හුස්ම හිරකරගෙන මෙනි.. එහෙත් පැයක් ගත වුවද මලින්ද ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවුණි.

එවර ඔහු ගැඹුරින් හුස්ම ගන්නා හඬ ඇසෙයි..සංජනාගේ සිතට දැනුනේ සැනසීමකි.. ඇය දෑස පියාගත්තේ අසින්තගේ රුව සිතින් මවා ගනිමිනි..

ඊළග කොටසට

 

©රුවනි ලියන්ගොල්ල©

☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්☠️

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!