තමුන්ට වෙන සම්බන්ධයක් තිබුණා නම් මොකටද අයිසෙ මේ කසාදෙට කැමති වුනේ
සයනයේ පසෙකින් වැතිරී හඬනා ඇගේ සුදු පැහැ මංගල සාරියේ සාරි පොට කඳුළින්ම පෙඟී ගොස් ඇත.
සංජනා ගේ ඇඩුම් හඬ දැන් ඉකිබිදුමකට පෙරලී ඇත.. ඇගේ යෝජිත මනාලයා.. උදෑසන ඇගේ අතගත් ස්වාමිපුරුෂයා මලින්ද හෝටල් කාමරය දෙදුරු වමින් කෑගැසුවේය.
අනේ මට සමාවෙන්න මලින්ද..මං ඔයාට කියන්න ගොඩක් උත්සාහ කලා..ඒත් අම්මලා මට කියන්න ඉඩ දුන් නෑ..
මලින්ද බ්ලේසරය ගලවා විසිකර ටයි ගැටය බුරුල් කරමින් සංජනා අසලට පැමිණියේ ය..
සංජනා අපි මීට් වුණා තුන් හතර ගමනක්.. ඔයාට මට කෝල් කරන්න තිබුණා ..තමුසේ මාව විතරක් නෙමේ මගේ මුලු පරම්පරාවම රැවැට්ටුවා
සංජනා සයනයේ අසුන් ගත්තේ ඔහුගේ කෝපාන්විත මුහුණ දෙස හොරැහින් බලමිනි.
පෝරුවට නැගලා අතපැන් වත් කරලා මුළු ලෝකෙම ඉස්සරහ දිවුරුම් දීලා ඔක්කොම ඉවරවෙලා හනිමුන් එකට රූම් එකට ආවම තමුන් කියනවා වෙන කොල්ලෙක්ට ආදරේලු
මලින්ද මෙලෙස කෝප ගන්නා තරුණයෙකු නොවේ .එහෙත් අද ඔහු පසුවන්නේ ජීවිතේ පෙර කිසිදු විටෙක නොවූ තරම් වූ කෝපයෙනි.
යෝජිත මනාලිය වූ සංජනා දුටු විගසම ඔහු හිත ඈ කෙරෙහි බැඳුනේ ඇගේ අහිංසක ලාමක රූ සපුව හේතුවෙනි.. සංජනා දුප්පත් වුවද ඔහු එය තැකීමක් නොකළේ ඈ අව්‍යාජ යුවතියක් බවට හැඟුණු බැවිනි..
ඇයට වෙනත් ප්‍රේම සම්බන්ධයක් තිබූ බව ඔහුට තවමත් අදහාගත නොහැකි සේය..
මං වගේම දුප්පත් නිසා එයාට කැමති උනේ නැහැ.. ඔයාගේ යෝජනාව ආවට පස්සෙ මට ගෙදරින් එළියට බහින්න වත් දුන්නේ නෑ ..ඔයාට මේ ගැන කිව්වොත් මාව කොහේ හරි ඈතකට ගිහින් දානවා කිව්වා ..මං බය වෙලා හිටියෙ
තමුන්ට වයස විසි දෙකයි නේද ..බබෙක්ද.. මං කොහොමද ඕයි රටට ලෝකෙට මුහුණ දෙන්නෙ
මලින්ද ගේ සියලු බලාපොරොත්තු බිඳී ගොස් ඇත .ඔහු සයනයේ කෙළවරක හිදගෙන දණහිස මත වැලමිට තබා දෝතින් හිස බදා ගත්තේය.. සන්ජනා පසු වූයේ අධික ශෝකයෙනි.. සංජනාගේ පෙම්වතා අසින්තගේ අහිංසක අසරණ මුහුණ ඇය ඉදිරියේ සිට සරදම් කරන්නාක් මෙනි..
සන්ජනා ඔයා මාව දාල යන්නෙ නෑ නේද
කවදාවත්
අසින්තට පොරොන්දු දුන් හැටි ඇයට මැවි මැවී පෙනේ ..එහෙත් ඒ අතීතය ..අහිංසක අසරණ අතීතය
සංජනා තමුසෙ ඌත් එක්ක තිබ්බෙ කොයි විදිහ සම්බන්ධයකද..
ඒ … ඒ කිව්වේ.
බබෙක්ද ඕයි..
මලින්ද සංජනා ගේ උරහිසින් අල්ලාගෙන දෑසට එබුණේ කෝපයෙනි .. මේ කෝපය දරා ගැනීමටවත් බැරි සෙයකි.
අනේ
සංජනාගේ කඳුලින් පෙඟුනු දෑස ඔහු සිතට අනුකම්පාවක් ජනිත කළේ නැත.
ඌ/ත් එක්ක එහෙ මෙහෙ ගිහින් තියෙනවද.. තමුසෙට කරදරයක් වෙලා තියෙනවද.. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි
අනේ නෑ දෙයියනේ නෑ…අසින්ත එහෙම නරක කොල්ලෙක් නෙවෙයි.. මාව බලාගත්තේ පොඩි දරුවෙක් පරිස්සම් කරනවා වගේ
අසින්ත කිසිදින නොමනා හැසිරීමක් ප්‍රදර්ශනය කර නැති බව දන්නේ ඈම පමණි..
මලින්ද ඇය අතහැර දමා බැල්කනියට ගියේ සිත සන්සුන් කර ගැනීමටය ..ඔහුට මීට පෙර පෙම් සම්බන්ධතාවක් තිබි නැත.. රැකියාවේ උසස්වීම් සඳහා ම වෙහෙසුණු ඔහු සංජනා බැල්මට ගියේ නිවැසියන්ගේ පෙරැත්තය නිසාම ය. දුටු වනම සිත බැඳි නිසා විවාහය ස්ථිර කර ගත්තද දැන් ඔහු පසුතැවේ.. අන් සතු හදකට පෙම් කරන යුවතියක් ඔහුට අවශ්‍ය නොවේ..
මලින්ද නැවත කාමරය තුලට ගොස් නිහඬව සිය ඇඳුම් ගෙන නාන කාමරයට වැදුනේය. සන්ජනා සිටි අයුරින්ම ඉකිබිඳිමින් සිටියාය.. මලින්ද නාන කාමරයෙන් එලියට එද්දිත් තත්වය එසේමය. ඔහු නිහඬව ඇදේ පසෙකින් දිගාවී දෙනෙත් පියා ගත්තේ සංජනා හැකිතාක් අසරණ කර දමමිනි..
අනේ .. ඇයි මං එයාට ඇත්ත කීවේ. මට ඒක නොකියා ඉන්න තිබ්බේ . දැන් හෙට එයා මොනව කරයිද මට.. අම්මලා දැනගත්තොත් මං ඉවරයි ..
සන්ජනා නාන කාමරය දෙසට පිය මැන්නේ තෝන්තු වූ සිතෙනි.. ඇය අසිහියෙන් මෙන් කරාමය ඇර ගත්තේ සාරිය පිටින්ම මුලු ගතම පෙනී යන අයුරිනි..
~~~~~~®uwani Liyangolla-~~~~~~
සංජන සංජනා.. මොකද මෙච්චර වෙලා ඕක ඇතුලෙ කරන්නේ .
පැයක් ගත වුවද සංජනා කාමරයට නොපැමිනි බැවින් නිදි වර්ජිතව සිටි මලින්ද කලබලයෙන් නාන කාමරයේ දොරට තට්ටු කළේය..
එහෙත් සංජනාගෙන් පිළිතුරක් නොවුණු තැන ඔහු අගුල කරකැව්වේය… එවිට දොර හැරුනි..
සන්ජනා පිස්සුද තමුන්ට..
සන්ජනා නාන කාමරයේ බිම හිඳ හිඳගත්වනම වතුර බින්දු වලට තෙමෙමින් සිටී ..ඇගේ මොළය ද සීතල වී ඇති සෙයකි
සන්ජනා
මලින්ද කාමරයෙ කරාමය වසා ඇය ඔසවා බිත්තියට හේත්තු කර ගත්තේය..
පිස්සුද ඕයි මැරෙන්න ඕනේ නම් මාව බේරලා මැරෙනවා මට තවත් වද නොදී
සන්ජනා යටිතොල තදින් සපා ගත්තාය.. එකෙනෙහිම මලින්දගේ දෑස දිව ගියේ ඇගේ තෙමුණු සළුපිළි දෙසටයි.. ඇගේ තුරුනු රූ සපුව මොහොතකට මලින්ද ට හිතෙහි රැඳී කෝපය අමතක කර වූවා සේය..
ඔහු සෙමෙන් ඇගේ සාරි පොට ගතින් ඉවත් කරන්නට විය..
එප්…පා..
සන්ජනා ඔහුගේ අත අල්ලා ගත්තාය.. ඔහුගේ දෙනෙත් යළිත් කෝපයෙන් බරවිය.. ඔහු ඈ අතැර කාමරය තුලට ගියේ වදනකුදු නොපසු පවසමිනි
ඊලග කොටසට—
කියවන අය මාව ඇඩ් කරගන්න ..එතකොට කතාව පෙන්නයි
©රුවනි ලියන්ගොල්ල©
☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහ
සසල පතිනී🌹