සසල පතිනී🌹-අවසන් (20 ) කොටස

සර්..මං ඇතුලට එන්නද?

අහ්..මාලා

මලින්ද මහත් පුදුමයට පත් කරමින් පැමිණියේ මාලාය..

එන්න මාලා

සර්..මං ආවෙ වැදගත් කාරණේකට..සර් මගෙ දරුවෙක් වගේ..අපේ සුදුමැණිකෙගෙ වැඩ..දෙයියනේ මට උහුලන්න බෑ..හරි අපරාධයක් වෙන්න යන්නෙ..

මො..මොකද්ද?

සුදුමැණිකෙ මහත්තයාට මනාපයි..ඒක මහත්තයා දන්නවා නේද

ඔව් මාලා..ඒත් මං මැරි කරලා..අනික මට රෙහන්සා ගැන එහෙම අදහසක් නෑ..

මං දන්නවා මහත්තයා..ඒත් නෝනෙ ඒක තේරුම් ගන් නෑ..මහත්තයාගෙ නෝනාට අර රස්තියාදුකාරයා ජෝඩු කරවලා ..

ක්…කවුද

අර දුෂාන්..ඩ්‍රයිවර්..

මාලා

ඔව් මහත්තයා..අද නෝනාව අරං යනවා..

මාලා පවසන සියලු දේ මලින්ද අසා සිටියේ විමතියෙනි.රෙහන්සා මේ තරම් වැරදි දෙයක් කිරීමට පෙළඹුනේ මන්දැයි ඔහුට සිතාගත නොහැක.

~~~~~~~®uwani   Liyangolla~~~~~~

සන්ජනා ත්‍රීරෝද රියට නැගුනේ තුෂ්ණිම්භූතවය..ඇගේ දෑසින් නොනවත්වා කදුලු වැගිරේ..

අඩන්න එපා සන්ජනා..මංනෙ…මේ ඩ්‍රයිවර් හිතයි මං ඔයාව බලෙන් අරං යනවා කියලා.

සන්ජනා නිහඩය.

මේ ගමන ආවාට දැන් ඈ පසුතැවේ. අසින්ත දුටු විට ඇයට කිසිම සතුටක් දැනුනේ නැත.එහෙත් ආපසු හැරීමට නොහැක.

තමන් මලින්දට කුඩා ලිපියක් ලියා තැබුවේ වේදනාවෙනි..

මලින්ද මට සමාවෙන්න මං අසින්ත එක්ක යනවා..ඔයා රෙහන්සාව බදින්න..

ඒ අකුරු කිහිපය ඈ ගැලපුවේ මහත් වේදනාවකිනි..මලින්ද දැන් සිය සිරුරේ කොටසක් තරමට බද්ද වී ඇති සෙයකි.

අසින්ත අද අමුතුය..ඔහුගේ දෑසද  බොර පාටට හැරී ඇත.සන්ජනාට මේ කිසිවක් තේරුම් ගත නොහැක.ඇගේ සමාජ දැනුම අල්පය..ඈ රෙහන්සාට සේම අසින්තට ද රැවටී ඇත.හේතුව…හේතුව..ඇගේ මෝඩකමද?වැරදි හිතද?නැත..අනුකම්පාව..ආදරය යැයි වරදවා වටහාගන්නා ලද අනුකම්පාව.. යුවතියක සිය දිවිය විනාශ කරගන්නා අනුකම්පාව..අද භූමිකම්පාවක් වූ අනුකම්පාව..ඔහු මියැදේ යැයි බියවූ ඇගේ සිත..එනිසා ඈ සසල වී ඇත.

🌹🌹🌹🌹🌹🌹🌹

මට හරි සතුටුයි රිෂී…හෙට ඉදලා එයා මගේ වෙනවා..

රෙහන්සා තවත් වයින් වීදුරුවක් අතට ගත්තීය.රිෂී ඇගේ මිතුරිය ඈ දෙස බලා සිටියේ පුදුමයෙනි.ඈ සිටින්නේ හොදින්ම මත්වීය.

දැන් ඇති රෙහන්සා

අද විතරයි රිෂී අද විතරයි..හෙට ඉදලා මං ආයෙ මේ පැත්තටවත් එන්නේ නෑ..එ..එයා කැමති විදිහට ඉන්නවා…ඇත්තමයි..

රෙහන්සා අසලින්ම ඉදගත් තරුණයා දෙස රිෂී බැලුවේ පුදුමයෙනි. මලින්ද රිෂීට ඉවත් වෙන ලෙස සංඥා කලේය..රිෂී ඉවත් වුණේ උරහිස් හකුලාය.මලින්ද රෙහන්සා අත රැදි වයින් වීදුරුව ගෙන එයින් මදක් තොල ගෑවේය..රෙහන්සා ඒ දෙස බලා සිටියේ පුදුමයෙනි.

රෙහන්සා ..කොහොමද?

මලින්ද ඇගේ උරහිස් වටා අතදමා ගෙන ඈ වෙතට නැඹුරු විය.

ම..මලින්ද…

රෙහන්සා මත්වූ නෙතින් බැලුවේ පුදුමයෙන්ය.

රෙහන්සා.. තාමත් මට ආදරෙයිද?මට ඔයාගෙ ආදරේ තේරුම් ගන්න බැරිවුණා..අරකි මාව රවට්ටලා අසින්ත එක්ක පැනලා ගියා..ෂිට්..මට මතක් වෙද්දිත්..මට මාර දුකයි රෙහන්සා

ඩාලිං..දුක් වෙන්න එපා මං ඉන්නවනෙ.අපි කොහෙහරි යමු මලින්ද..ඕවා අමතක කරමු..

රෙහන්සා මලින්දගේ කම්මුලක් සිප කීවේ ඔහුගේ මුහුණ අතගාමිනි.

යමු රෙහන්සා. ඒත් ඊට කලින් මට අරකිගෙ කනට පාරක් ගහන්න ඕනෙ..මට කිසිම දෙයක් අහන්න ඕනෙ නෑ..මාව රැවැට්ටුවාට කනේ පාරක් ගහන්න ඕනෙ..

නියමයි ..එහෙම තමා .කරන්න ඕනේ..

රෙහන්සා මත්බව නිසා මහ හඩින් සිනාසෙයි.

.

අසින්ත ඉන්නෙ කොහෙද රෙහන්සා..මට නින්ද යන් නැතිවෙයි කනට ගැහැවෙ නැත්නම්..

ඉතිං මලින්දගේ කඩවසම් සිරුරේ උණුසුමට නතුවූ රෙහන්සා අසින්තගේ කුලී නිවස ඇති තැන ගැන දෙඩෙව්වේ මලින්දගේ තුරුලේ සුව සොයමිනි.එහෙත් ඒ විගස ඈ අතහැරි මලින්ද වේගයෙන් සමාජ ශාලාවෙන් පිටවිය.

🌹🌹🌹🌹🌹

අසින්ත නාන කාමරයේය..සන්ජනා.තවමත් වෙව්ලමින් සාලයේ පුටුව මත ඉදගෙන සිටී.

සන්ජනා..ඇදුම් මාරු කරගන්න..මං ඔයාට ඇදුම් ගෙනත් තියෙන්නෙ.

අසින්ත පැමිණ ඇත.

දන්නවද සන්ජනා..මං කොච්චර කල් බං හිටියද කියලා…

ඔයා රට යනවද

ඔයා නෙවෙයි අපි..ඒත් ටික දවසක් යයි සන්ජනා පාස්පෝට් හදන්න.

අසින්ත ඈ අසලටම පැමිණ ඇත.ඔහු සිටින්නේ තුවායක් පමණක් ගත දවටාගෙනය.සන්ජනා මහත් අපහසුවෙන් වටපිට බලයි.

ඔහු ඇගේ සුරත අල්වා ගත්තේය.

සන්ජනා..

ඔහු ඇගේ සවනතට මිමිණුවේය.

ප්ලීස් අසින්ත මට ඉන්න දෙන්න පාඩුවේ

ඇයි සන්ජනා..මොනවද කියවන්නෙ..ඔයා මගේ දැන්.

සන්ජනා අඩියෙන් අඩිය පසුපසට යද්දි අසින්ත අඩියෙන් අඩිය ඉදිරියට ඇදේ..

අදනම් අතඅරින්නේ නෑ සන්ජනා..

අසින්ත ඔයාට මොකද වෙලා තියෙන්නෙ..ඔයා ඉන්නෙ බීලා වගේ..අමුතුයි. ඇයි මේ

අසින්ත පෑවේ වියරු හිනාවකි.

මත්වෙලා කෙල්ලෙ..මත් වෙලා..දැන් ඔයා නිසා ආයෙත් මත්වෙනවා..

අසින්ත ඇගේ අත අල්ලා ගත්තේ බලෙනි..

කල මෝඩකම..ඔහුට අනුකම්පා කර තමන් කළ වරද ගැන සන්ජනා පසුතැවේ..මලින්ද සිහිවී ඇගේ දෑසෙන් නොනවත්තවා කදුලු කඩාහැලේ..

අතඅරිනවා අසින්ත..තමුසෙට මොකද මේ වෙලා තියෙන්නෙ..

අසින්ත සන්ජනාගේ මුවට නැඹූරු වීමට හැදුවා පමණි.නිවසේ විදුලි සීනුව නාද විය.

ඒ විගස අසින්ත ව තල්ලු කර දැමූ සන්ජනා දොර අසලට දිව ගොස් දොර ඇරියේ අසින්ත කෑ ගසද්දීය.

අමා

අසින්තගේ ඇස් කෝපයෙන් වියරු වැටිනි.අමාට මෙහි නොඑන ලෙස අණ කලද ඈ පැමිණ ඇත.

ආ..මේකයි එහෙනම් මට අද එන්න එපා කීවෙ ..අසින්ත..තමුසෙ අද ඉන්නෙ මෙයා එක්කද?

අමා ගෙතුලට විත් සන්ජනාට රවමින් අසින්තට දොස් තැබීය.

අමා..තමුසෙ මොකටද ආවෙ.

ආවෙ මොකටද කියලා දන්නවනෙ.

සන්ජනා විමතියෙන් බලා සිටීයේ අසින්ත ගැන තිබූ අනුකම්පාව සේම හැම හැගීමක්ම  දියව යද්දීය..ඔහු කොතරම් බොරුකාරයෙක්ද?

සන්ජනාගේ හිස පිපිරී යාමට ආසන්නය.අසින්ත ළගින් ආවේ දැඩි දුර්ගන්ධයකි..ඒ මත්ද්‍රව්‍යයක් විය හැක..සන්ජනා වහා දොර අසලින් එළියට දිවගියේ මේ රාත්‍රිය බව අමතක කරය..යන්නේ කොහේටද..කෙසේද?ඇය කිසිවක් දන්නේ නැත..

සන්ජනා..

අසින්ත කෑගහනු ඇසිණි..

උඹ කෑවා මාව අමා..

අසින්ත දඩිබිඩියේ සිය ඇගලුම් ඇදගත්තේය..රෙහන්සා මැඩම්ගෙන් තමන්ට සමාවක් නොලැබෙනු ඇත.

රාත්‍රී අන්ධකාරය දසත වෙලා ගෙන ඇත.පාළු මාවතේ කිසිවෙකු නොවිණි..කිසිදු වාහනයක් ද නැත.සන්ජනා භීතියෙන් වෙව්ලමින් දිය යන්නේ උමතු වූ අයෙක් මෙනි.මුළු ගතම දහඩියෙන් නැහැවී ඇත.තවදුරටත් දිවයනු නොහැකිව දෙපා අප්‍රාණික වන සෙයකි.

ඈතින් වාහනයක එළියක් පෙනේ. එහෙත් සන්ජනා දිවීම නතර කලේ නැත.වේගයෙන් පැමිණි කාරය එක්වරම තිරිංග තද කලේත්..සන්ජනා වාහනයේ ඉදිරි කොටස මත හැපුණේත් එක් විටමය.

කාරයෙන් බට රියදුරු දිව විත් සන්ජනාව සිය තුරුලට ගත්තේය..

සන්ජනා..සන්ජනා..ඇස් අරින්න..

සන්ජනා ගේ ස්වරූපය ඔහුට සිතාගත නොහැක..ඇය බේරී ඇත.

එහෙත් දෑස අරින්නේ නැත

සන්ජනා

ඔහු හද ගැහේ..ඇයට තුවාල වී නැත..ඇතැම් විට ඇත්තේ කම්පනයක් විය හැක.

සන්ජනා

ඈ සෙමින් දෑස විවර කලාය.

මලින්ද..ඔ..ඔයාද

ඔව් ඔහු පැමිණ ඇත..තමාගේ ගැලවුම්කරු පැමිණ ඇත.

අනේ මලින්ද

ඈ හඩාගෙන ඔහුගේ පපුවට වාරු විය..

සන්ජනා..දැන් බයවෙන්න එපා..මං ආවා..ඌ ඔයාට කරදර කලාද?ආ..

කියන්න මට

න්න..නෑ..මං පැනලා ආවා..අනේ මලින්ද…

ඒ සමගම අසින්ත දහඩිය පෙරාගෙන එතැනට දිව ආවේය.මලින්ද සන්ජනා සමග හිට ගත්තේ අසින්ත දෙස පිළිකුලෙන් බලමිනි.

සන්ජනා..ඔයා එන්න ඕනෙ..සන්ජානා..ඔයා වැරදිවට හිතුවෙ..මං ආදරෙයි සන්ජනා..

මලින්දට දැනුනේ විසල් කෝපයකි.එහෙත් ඔහු උගත් බුද්ධිමත් තරුණයෙකි.ඔහු සන්ජනා දෙසට හැරුණි..

සන්ජනා..ඔයා ට ඕනෙ අසින්ත එක්ක යන්නද?

නෑ..නෑ..කවදාවත් නෑ..

අසින්ත  කලබල විය.

සන්ජනා  අපේ ආදරේ

මං තමුසෙට ආදරේ නෑ අසින්ත..කවදාවත් ආදරේ කලේ නෑ..අනුකම්පාව විතරයි මට තිබුණෙ. ඒක මට තේරුණේ දැන් ටිකකට කලින්..මං මෝඩ වුණා

සන්ජනා..ඔයා නාවොත් මං මැරෙනවා..ඔයාගෙ ඇස් ඉස්සරහම

අසින්ත ඉනේ සගවා තිබූ පිහියක් අතට ගත්තේය.

ඉතිං මැරෙනවා..තමුසෙ මැරුණත් ජීවත් වුණත් මට වැඩක් නෑ..මැරෙනවා ඉතිං.බලාගෙන ඉන්නෙ.

මලින්ද සන්ජනා දෙස බලා සිටියේ පුදුමයෙනි.

තමුසෙ මැරෙයි කියලා බයටයි මං ආවෙ..අනික රෙහන්සා මලින්ද එක්ක ඉන්න ෆොටෝ පෙන්නපු නිසා..දැන් මට හිතෙනවා ඒ ඔක්කොම තමුසෙගෙ කපටි ප්ලෑන් කියලා

නෑ සන්ජනා..රෙහන්සාගෙත් ප්ලෑන් මේවා..දෙන්නම එකතු වෙලා අපිව රවට්ටලා.

සන්ජනාගේ චෝදනාව මලින්ද නිවැරදි කලේය.

අසින්ත කර කියාගත දෙයක් නොහැකිව ලත වේ..රෙහන්සා මැඩම් තමන්ව ඉතුරු නොකරනු ඇත.

ඔහු පිහිය සන්ජනා දෙසට දිගු කලේය.ඒ සැනින් මලින්ද ඈ ආවරණය කරගෙන සිට ගත්තේය.

පිරිමියෙක් නම් මගෙත් එක්ක හැප්පෙනවා..

අසින්ත එල්ල කල පිහි පහර මලින්ද වළක්වාගෙන ඔහුට පාපහරක් එල්ල කලේ සන්ජනා කෑගසද්දීය.

ඒ සමගම එතනට පොලිස් ජීප් රියක් පැමිණීයේ සියල්ලන්ම පුදුම කරවමින්ය.

අන්න අරයා තමයි මටත් විකිණුවේ..

එයින් බට අමා කෑගසමින් අසින්තව පෙන්නුවේ පොලිස් නිලධාරීන් බිම වැටී සිටි අසින්තට මාංචු දමද්දීය.

මහත්තයා කවුද?මොකද්ද මේ මිනිහා එක්ක තිබ්බ ගණූදෙනුව

පොලිස් නිලධාරීන් මලින්දගෙන් ප්‍රශ්න කලේ පුදුමයෙනි..දිස් වන්නේ ඔහු වැදගතෙකු බවය.

මලින්ද ඔහුගේ කාඩ්පඩ ඔවුන් වෙත ලබාදුනි.

මේ මගෙ වයිෆ්.අපි මග එනකොට මේ මනුස්සයා පාරට පැන්නා.අපෙන් සල්ලි ඉල්ලුවා පිහියක් දිග් කරලා.

තැනට සුදුසු නුවණ යොදා ඔහු සන්ජනාව ගලවා ගත්තේය.පොලිස් නිලධාරීන් අසින්තව රැගෙන පිටව ගියේ ක්ෂණිකවය.

තත්පරෙන් පරිසරය වෙනස් වී ඇත.

සන්ජනා හඩාගෙන මලින්දගේ දෙපා මුල වැටුනි.

අනේ මට සමාවෙන්න රත්තරං මහත්තයෝ..අනේ මාව මරලා දාන්න..ඔයා වගේ කෙනෙක්ට මං වගේ පව්කාරියක් සුදුසු නෑ..ඔයා රත්තරං මහත්තයෙක්.

සිය දෙපා මුල වැටී මරණය යදින ඈ දෙස මලින්ද මොහොතක් බලා සිටියේය.

ඔහු ඈ අල්වා නැගිට්ටුවා ගෙන සිය පපුවට තුරුලු කර ගත්තේය.

සන්ජනා..වුණු හැමදේම නපුරු හීනයක් කියලා අමතක කරමු.ඔයා නැතිව මට මොහොතක් වත් ඉන්න බෑ සන්ජනා..

මට සමාව දෙනවද ඔයා..

ඔව්..මෝඩිට සමාව දෙන්න නෙවෙයි වටින්නේ… ඒත් ආදරෙයිනෙ මං

මලින්ද පැවසුවේ ඇගේ හිසද අතගාමිනි..එසැනින් නාද වූ දුරකථනය ඔහු අතට ගත්තේය.

හෙලෝ..

සර්

..මොකද්ද?..

මලින්ද දුරකථනය විසන්ධි කලේය..‍

ඇයි

රෙහන්සා ඇක්සිඩන්ට් වෙලාලු බොස් කතා කලේ.. දැන් අයිසීයූ එකේලු..කකුල් දෙක ගැන විශ්වාස නැහැලු

දෙයියනේ..

කලකම් මෙලොවදීම පල දී ඇත.ඈ සූදානම් වූයේ කුරුළු කූඩුවකට ගල් ගසා විනාශ කරලීමටය.

පව් මලින්ද..ඔයා ගැන ආදරේ නිසා එයා මෙහෙම කරන්න ඇත්තෙ..

ඒත් මං කවදාවත් එයාට ආදරේ කලේ නෑ සන්ජනා..එයාගෙ ගතිගුණ වලට මගෙ කැමැත්තක් තිබුණේ නෑ..අනික එයා ආදරේ කියලා හිතන්නෙ ආකර්ශනේට..එතන ඇත්ත ආදරයක් තිබුණෙ නෑ..එහෙම තිබුණා නම් මගෙ සතුටට ඉඩ දෙන්න ඕනෙ..අපේ පවුල මෙහෙම විනාශ කරන්න හදන්නෙ නෑ..

අපි එයාව බලන්න යමුද?

හ්ම් බලමුකො..ඒත් මං ඩිසයිඩ් කලා..මේ ජොබ් එකෙන් අයින් වෙන්න..

ඔයාගෙ කැමැත්තක්.

යමු

මලින්ද සන්ජනාගේ හිස සිඹ කීවිට ඈ ඔහුට කීකරු විය..

ඉතිං මේ ඇරඹෙන්නේ ඔවුන්ගේ දිවියේ වසන්ත කාලයයි.  අඩ සද වලාකුලකින් එබී බැලුම් හෙලයි. මලින්දගේ කාරය ආපසු හරවාගෙන ඉදිරියට යන අයුරු නිරීක්ෂණය කලේ සද පමණි. හෙට දින මල් පූදිනු ඇත..සසල පතිනිය නිසල වී ඇත.

නිමි.

 

©රුවනි ලියන්ගොල්ල©

☠️කතෘගේ අවසරයකින් තොරව කතාව කොපි කිරීම..වෙනත් ග්රූප් වල හෝ වට්ස්අප් හෝ වෙනත් සමාජ මාධ්‍යජාලයක කිසිදු අයුරින් පළ කිරීම තහනම්☠️

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!