සදලි- 04 කොටස

චූටි පුතා..අම්මට කීවෙත් නෑ මං..ආච්චිගෙ හිත වෙනස් වෙන එකක් නෑ..

 

එතනින් එහාට අහන්න සදලිට ඕනෙ වුණේ නෑ..

 

සදලි හැරිලා එළීයට දිව්වා..තේ ගස් අතරින් දුවනවා..අන්තිමේදි පඩිපෙලේ නතරවුණා..

සදලි අඩනවා ..කෑගහලා අඩනවා.. තමන්ගෙ ජීවිතේ ඔහේ පාවෙනවා..ඒත් ඇයි මේ තරම් කරුණාවක්..

 

~~~~~~~®uwani  Liyangolla~~~~~~

 

ආයෙත් පුරුදු ජීවිතේ..වේදනාව හංගගෙන..කැම්පස් එකේ විභාගෙ..හිත හදාගෙන සදලි පාඩම්කරනවා..කාලෙ ගත වෙන්නෙ පුදුම වේගෙන්..අවුරුදු තුනක් ගත වෙලා..සදලිගෙ අන්තිම විභාගෙ..

 

විමංස..සුපුරුදු නිහඩ ජීවිතේ…

ටීෂා….අන්තිමේදි…ඔහු අතඇරියා..ඇයට බර අත්තක් මුණ ගැහිලා..ටීෂාගෙ වෙඩින් එක..මොන දේ වුණත් වසර ගණනක ආදරේ..විමංසට වේදනයි..ඔහු කවදාවත් නැතිව මත්වෙලා..ටිකක් විතර

 

මහත්තයා

 

සදලි පුදුමෙන් බලං හිටියා..

රෑ කාමරේ….රෝස මල ඒ විදිහටම ඉන්නවා..

 

සදලි..මගෙ ඔලුව රිදෙනවා.

 

මං අතගාන්නද

 

හා

 

සදලි හෙමීට හාන්සි වෙලා ඉන්න විමංසගෙ ඔලුව අතගානවා..මුදු පිච්ච මල් සුවදක් විමංසට දැනෙනවා..ඒ  උනුසුම..තවත් කොහොම දුරින් ඉන්නද?

 

සදලි..

 

සර්

 

තාමත් ඇය..ඉස්සර වගේමයි..ඔහුගෙ එක බැල්මකට..අණකට ගැස්සෙනවා..ඇස් බිමට බරකරනවා..

 

ෂර්ට් එකේ බොත්තම් ගලවන්න

 

හා…

 

හෙමීට ඒ ඇගිලි තුඩු බොත්තම් අතර කැරකෙනවා.

 

සදලි

 

සර්

 

මගෙ පපුව ඉඹින්න

 

සර්..

 

සදලි බයවෙලා..හොදටම..කවදාවත් නැතිව විමංස අමුතුයි..

 

සදලි..ඇහුණද

 

ඔ..ඔව් සර්.

.

ඒ සියුමැලි දෙතොල් ඒ පපුතුර තැවරෙනවා.

 

සදලි මට ආදරෙයිද?

 

ඔහු අහනවා

 

කොහොම කියන්නද..හිතේ කප්පරක් ආදරේ.

.

ඔ..ඔව්…

 

මාත් ආදරෙයි..රෝස මල මගේ වෙනවද?

 

හා..

 

සදලි..අවසර නොදී කොහොමද?.ඔහු දේපළ වෙනුවෙන් තමන්ට ළංවුණත්..සදලි ඔහුට ආදරෙයි..ඔහු වෙනුවෙන් තියෙන ආදරේ අහිංසක හිත තවත් හංගගන්නෙ කොහොමද?

 

~~~~~~~®uwani  Liyangolla~~~~~~

 

සුනීතා මැඩම්..

 

සදලි පුදුම වුණා..බංගලාවෙ සාලෙ සුනීතා ඉදගෙන ඉන්නවා

 

ආ..සදලි..දැන් උඹට ජයයි වගේ..

 

සදලි බිම බැලුවා..නපුරුකම් එහෙමමයි

 

මං ආවෙ ඔලිවියා මැඩම් හම්බවෙන්න..ඔලිවියා මැඩම්ට කවුදෝ නිර්ණාමිකව කතා කරලා..උඹ ගැන විස්තර කියලා..ඇතත් නැත්ත දැනගන්න මාව ගෙන්නුවේ..

 

සදලි බයවෙලා..

 

ඔලිවියාත් සාලෙට ආවා..

 

මෙන්න සල්ලි සුනීතා..දැන් යන්න පුළුවන්..ඇත්ත කීව එක හොදයි සුනීතා..

 

සුනීතා සදලිට සරදම් හිනාවක් පාලා යනවා..

 

සදලි මොකද අඩන්නෙ

 

ඔලිවියා සදලි ළගට ඇවිත්..දැන් ඈ තමන්ව බංගලවෙන් එළියට ඇදලා දායි..සදලිට දුකයි..

 

මැ..මැඩම්..

 

මැඩම් නෙවෙයි ළමයො ..මං ආච්චිනෙ..

 

සදලි පුදුමෙන් බැලුවා..

 

විමංස සදලිව මැරිි කරපු එක ගැන මට සතුටුයි …සදලිගෙ බබාලට මං සේරම දේපළ ලියලා තියෙන්නෙ..බබාලගෙ බාරකාරයින්ට..ඒ කියන්නෙ සදලිටයි විමංසටයි ජීවිත කාලෙම ඒවා බුක්ති විදින්න පුළුවන්..දේව්ටත් තේ වත්තකින් කොටසක් ලීවා..

 

සදලි තාමත් පුදුමෙන් බලං ඉන්නවා

 

මං හැමදේම දන්නවා කියලා සදලි විමංසට කියන්න ඕනෙ නෑ..

 

හා ආච්චි..

 

~~~~~~~®uwani  Liyangolla~~~~~~

 

තංගච්චි…පෙයාර්ස් කනවද

 

දේව්  පෙයාර්ස් මල්ලක් දිග් කරනවා..

 

හා දෙන්න..

 

කොල්ලෙක්ද කෙල්ලෙක්ද

 

මොකද්ද

 

මං ඇහැවෙ ඔය බඩ ඇතුලෙ ඉන්න කෙනා ගැන

 

දන්නෙ නෑ..

 

ඇයි බැලුවෙ නැද්ද

 

එයා එපා කීවා බලන්න

 

බොස් ද

 

ඔව්

 

ඇයි..

 

දෙන්නෙක් ඉන්නවලු ඩොක්ටර් කීවෙ

 

ඉතිං

 

අරයා කියනවා කොල්ලෙකුයි කෙල්ලෙකුයිලු ඉන්නෙ.බලන්න දෙයක් නැහැලු..

 

හ්හහා..

 

දේව් හිනාවෙනවා

 

ඇයි හිනාවෙන්නෙ..

 

බොස් ඉතින් නොදන්නවැයි

 

පිස්සු ඔයා..ඒක නෙවේ ආච්චි කීවා ටැමිල් ගර්ල්ව එක්ක එන්න කියලා.

 

බොරු..

 

ඇත්තමයි..එක්ක එන්න..ආච්චි කැමති වෙයි.

 

දේව් ඔලුව කහනවා..

 

ආච්චි බනියිද

 

නෑ අනේ..ඔයා එක්ක එන්නකො

 

හා..එහෙනම්.තංගච්චි බලාගන්න ඕනෙ මගේ ස්වීට්හාර්ට්ව

 

හා..

 

~~~~~~~®uwani  Liyangolla~~~~~~

 

විමංස..හෙමින් ඒ හිස සිපගන්නවා

 

සදලි ඇස් අරිනවා.

 

ගුඩ්මෝනිං..නැගිටින්න සදලි.

 

අද සදලිගෙ  උපාධි ප්‍රධානෝත්සවය..

 

උදේ වුණාද

 

පරෙස්සමට බහින්න..

 

විමංස ඊයෙ සදලිව කොළඹ එක්ක ආවා..දැන් බබා ලැබෙන්න ළගයි.දුර ගමන් හොද නෑ..ඒත් සදලිගෙ ආසාව..

හොටෙල් එකේ රූම් එකේ ජනෙල් වලින් හිරු එළිය ගලනවා

සදලි අමාරුවෙන් නැගිටිනවා.

 

ඇයි අමාරුද?

 

නෑ..ලෑස්ති වෙමු..

 

 

අමාරුව හංගගෙන සදලි කියනවා..

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ සාලාවෙ සදලි විමංසගෙ අතේ එල්ලිලා ඇවිදිනවා..

 

උත්සවේ පටංගත්තා.ඉන්න අමාරුයි..ඒත් ඉවසනවා..අන්තිමේදි නම කියද්දි උපාධිය අරගෙන හෙමීට බැහැලා විමංස ලගට එනවා..ඒත් තවත් දරාගන්න බෑ..කොන්ද රිදෙනවා..කැක්කුම..වේදනවා..වැටෙන්න යන සදලිව ළග හිටපු තරුණයො දෙන්නෙක් අල්ලගත්තා.විමංස දුවගෙන එනවා..

 

 

 

~~~~~~~®uwani  Liyangolla~~~~~~

 

ජාතික රෝහල..ලේබර් රූම්..

 

පැය තුනක් තිස්සෙ සදලි ප්‍රසූත වේදනාව විදිනවා..ඒත් ඇය අවධානමක

 

විමංස එළියෙ ඉදලා ගැහෙනවා…නර්ස් කෙනෙක් ඇතුලට කතා කරනවා

 

ඩොක්ටර්

 

වයිෆ් වගේම බබාලා දෙන්නගෙ ජීවිතත් අවධානම්..ගොඩක් බ්ලීඩ් වෙලා..නෝමල් ඩිලිවර් කරනන් බෑ..සීසර් කරන්න වෙනවා..ඒත් අපිට තීරණයක් ගන්න වෙනවා..

 

සදලි වේදනාවෙන්..ඒත් සිහියෙන් විමංස දිහා බලං ඉන්නවා

 

වයිෆ්ද බබාලද

 

විමංස බයවෙලා තුෂ්ණිම්භූත වෙලා.

 

බාබා..ලා..ඩොක්ටර්..

 

සදලි වේදනාවෙන් නමුත් කෑ ගහනවා

 

බේර…ගන්න බබාලා..ම..ගේ

 

ඒ ඇස් වල කදුලු

 

ඩොක්ටර්..වයිෆ්ව බේරගන්න..

 

විමංස ලියවිලි වලට අත්සන් කරනවා

 

එපා..එපා..විමංස..තමුන්..ට පිස්සු..ද

 

සදලි..කවදාවත් නැතිව උමතුවෙන් කෑගහනවා..විමංසට සාප කරනවා

විමංස නෑසුනු කන්ව කොලේට අත්සන් කරනවා

 

එන්නතක් විදිනවා..සදලිගෙ කෑගැසීම නවතිනවා..අදුරුයි..පරිසරය ඔක්කොම

කිරි සිනා හඩක් ඇහෙනවා..ඒ දිහා හොය හොයා සදලි අහසෙ පාවෙනවා..ඒත් හොය ගන්න නෑ..සදලි අඩනවා..හෙමීට  ඇස් අරිනවා..

 

සදලි..මගෙ මැණික

 

විමංස හෙමීට හිස අතගානවා..

 

ඇ..ඇයි එහෙම කලේ..

 

ගතේ වේදනවාට වඩා හිතේ වේදනවා දරුණුයි..

 

විමංසගෙ ඇස් වල කදුලු

 

මං මැරුණාම දේපල එක්කම ඔයාට බාබාලා ලැබෙනවා..ඇයි මට මැරෙන්න දුන් නැත්තෙ.ඔයාට ටීෂාව බදින්න තිබුණා..මගෙ බාබාලා ජීවත් වෙනවා එහෙනම්

 

අපහසුවෙන් මුමුණන සදලිගෙ වදන් ඔහුට පුදුමයක්..ඈ හැමදේම දැනගෙන ඉදලා තියෙන්නෙ..කොච්චර වේදනාවක් හිරකරගෙන ඉන්න ඇතිද?

 

සදලි..

 

මිනීමරුවා..

 

සදලි අහක බැලුවා

 

සදලි බබාලා ඉන්නවා..එයාලා හොදින්.

 

සදලි ඇස් ඉස්සුවා

 

මො..මොකද්ද

 

එයාලා බේබි රූම් දාලා..අපි එච්චර අවාසනාවන්ත නෑ මැණික..ඔයා වගේම එයාලත් බේරුණා.

 

සදලි තදින් ඇස් පියාගත්තා..කදුලක් ඒ රෝස මලේ නෙතු අගින් ගිලිහෙනවා.

 

මං ටීෂාව අතඇරියෙ ඒ කාලෙදිමයි සදලි..ඒ දවස් වල ඉදලමයි මං ඔයාට ආදරේ කලේ..ඒත් ටීෂාට වුණු පොරොන්දුව නිසා මං ඔයාට ලංවුණේ නෑ..දැන් ටීෂා මැරි කරලා..මට දේපළ වැඩක් නෑ සදලි.මට වටින්නෙ ඔයයි ..අපේ පැටව් දෙන්නයි.

 

හායි තංගච්චි..කොයි බෝයිස්ද ගර්ල්ස්ද

 

දේව්..ඇවිත්..පළතුරු මල්ලක් අතේ..

 

පිස්සා..මංවත් දන්නෙ නෑ..

 

සදලිගෙ මුණෙ හිනාවක්..විමංසට සැනසීමයි..

 

බොස්  .බොස් දන්නෙත් නැද්ද

 

නැහැනෙ

 

විමංස ඇස් හීනි කලා.

 

බොස්?

 

අහ්..නෑ මං කීවෙ අයියා දන්නෙ නැද්ද?

 

විමංස දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බලනවා

 

දෙන්නම අහක බලං හිනාවෙනවා.

 

මංද බොස් දැන්..ආ ..කමක් නෑ..ඉන්නෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි..මං කීව විදිහටම

 

ඒ බොස්…මටත් කියලා දෙන්නකො එකපාරටම ඔය විදිහට වැඩේ ගොඩ දාගන්න හැටි.

 

විමංසගෙන් තරවටු බැල්මක්

 

ඌප්ස්..සොරි ෆො ඩිස්ටර්බ්..මං යනවෝ..

 

දේව් ගියා.

 

පිස්සු දේව්..

 

ඌ ඔයාට ආදරෙයි සදලි

 

මො..මොකද්ද?

 

සදලි ඇස් ලොකු කලා..

 

ඔව්..ඌට ටැමිල් ගර්ල් කෙනෙක් නෑ..ඒක බොරුවක්..

 

ඇ..ඇයි මට බොරු කීවෙ..

 

නැත්නම් ඔයා ඔය විදිහට ෆිට් වෙයිද දේව් එක්ක..නැහැ නේද?

 

සදලි නිහඩයි.

 

දේව් හැමදාම යාළුවා විදිහට ඉදියි සදලි..මං නැතත් ඔයාව බලාගයි..

 

ඔයා නැතුව මට කාගෙන්වත් වැඩක් නෑ මහත්තයා

 

ආදරෙයි..

 

විමංස දයාවෙන් කරුණාවෙන් ඒ හිස අතගෑවා..

 

නිමි..

සදලි ඉවරයි යාලු..මගෙ අනිත් කතාව දිගටම දානවා..ඒකත් හොදයිද බලන්න

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!