සදලි- 03 කොටස

මේ හැගීම වැරදි බව විමංස දන්නවා..ඒත් හිත කොහොමද පාලනය කරන්නෙ..ටීෂා පවුරක් වෙලා විමංසගෙ ගමනට බාධා කරනවා.

 

තමුන්ගෙ නම…

සදලි..

අද ඉදන් ඒක නෙවෙයි ..කුරුවි..මොකද්ද

.කුරුවි

සදලි බයවෙලා..පොඩි රැග් එකක්..

කුරුවි ජේෂ්ට උත්තමයන්ට ආචාර කරනවා

සදලි ආයුබොවෙන් කීවා

බෝම හොදයි..අන්න එහෙම ඉන්න ඕනෙ..අපි ඔයාලාව පිළිගන්නෙ සහෝදරත්වයෙන්..මේක නවක වදයක් නෙවෙයි..පොඩි අදුනාගැනීමක්..තේරුණාද?

ලාස්ට් ඉයර් කොල්ලෙක් අලුත් කණ්ඩායමට තේරුම් කරනවා

දැන් පිළිගැනීමේ උතසවයක් තියනවා අපි..ඉස්සරහට එන බැජ් වලට ඔයාලා මෙහෙම පිළිගැනිම් තියන්න ඕනෙ.ඒත් කාටවත් කරදර කරන්න බෑ..හරිද?

සදලි මේ අමුතු ලෝකෙ අලුත් දේවල් ඉගෙන ගන්නවා..සදලි ආසාවෙන් පාඩම් අහගෙන ඉන්නවා..හොස්ටල් එකේ යාළුවො දෙන්නෙකුත් ඉන්නවා දැන්..

සදුදා උදෙන්ම..ඔව් ප හ වෙද්දි..විමංස  කැම්පස් එකේ ගේට් එක ළග

සදලි නාද වෙන ෆෝන එක අරගත්තෙ පුදුමෙන්..

සර්

සදලි ලෑස්තිද ..මං ගේට් එක ළග..

සර්..

සදලිට පුදුමයි..

සදලි එන්ඩ ඉක්මණට  මට ඔෆිස් යන්නත් තියෙනවා

හා සර්..

සදලි කලබලෙන් ලෑස්ති වෙලා එළියට එනවා

ආයුබොවන් අයියෙ

ජ්‍යෙස්ඨ උත්තමයෙක්ට සදලි ආචාර කළා.

මෝනිං කුරුවි

විමංස විමසුම් දෑසින් බලං ඉන්නවා..

ටික දුරක් ආවා

කවුද ඒ කතා කලේ..

විමංසගෙ හිතේ සැකේ..ඒ හැටි

ලාස්ට් ඉයර් අයියා කෙනෙක්..

කුරුවි කීවෙ

මගෙ කාර්ඩ් එක

හ්ම්..මෙච්චර ඉක්මණට යාළුවො හදාගත්තද

අපිව පිළිගත්තා.පොඩි උත්සකෙින්..අදුන්නලා දුන්නා ඔක්කකොම

හ්ම්..

සදලි කැමතිද කැම්පස් එකට

ඔව්..ගොඩක් කැමැතියි

පේනවා මට..පාඩම් වැඩ

හොදයි..ආයෙ බ්‍රහස්පතින්දා..අච්චු පොත් දුන්නා

හ්ම්..

විමංසගෙ හිත ගැස්සිලා..එකපාරක් දේව් නිසා..දැන්..අහේතුවකට

විමංස නිදි වාගේ ඉන්නවා.සදලි පාඩම් වැඩ..තවම උගන්නලා නැතිවුණත් ඉස්සරහට තියෙන පාඩම් ඔක්කොම සදලි කියවනවා..ඒ තරමට ආසයි..කුරුටු ගගා ගණං හදනවා..විමංස ඔහේ බලං ඉන්නවා..පොත් මේසෙ පුරාවට පොත්

සදලි ..

සර්..

සදලිට බයවුණු පාර පෑනත් අතඇරුණා

දැන් නිදාගන්ඩ..හෙට උදේ වැඩ කරන්න

හා සර්..සදලි තත්පරේට ඇවිත් ඇදේ අනිත් පැත්තෙ හාන්සි වුණා.

කිකරු පූසියක් වගේ..ිවිමංස ..කවාද වෙනක්ල හැගීම් පාලනය කරගන්නද?ටික ටික මේහිත සදලිව ඉල්ලනවා..

පිටුපාලා නිදාගෙන ඉන්න සදලිට විමසගෙ සුරතෙ රස්නෙ දැනුනෙ බද දිහාට

සදලි බයවෙලා ..හොදටම බයවෙලා ..වෙව්ලනවා

විමංස ඒ කම්මුලක් සිපගත්තා

සදලි..

ස..සර්..

කවදාවත් නැතිව විමංසගෙ හඩ..ගොඩාක් ආදරණීය වෙලා.

පාළුයි..සදලි ගියාම

ස..සර්

 

ඒ ලොකු ඇස් විමංස දිහා ගැහි ගැහී බලං ඉන්නවා..

විමංස හෙමීට නළලත හාදුවක් තියලා සදලි තුරුල් කරගෙනම ඇස් පියාගන්නවා

කවදාවත් නැතිව මේ වුණු දේ නිසා සදලිට මුළු රෑම නිනිදක් නෑ..නොසෙල්වී විමංස දිහා බලං ඉන්නවා

විමංස..මොනවද කල්පනා කරන්නෙ

මොකතු නෑ ටීෂා..

විමංස ..මාව බලන්න කෙනෙක් ආවා.

කවුද

ඩොක්ට්ර කෙනෙක් ..දේපලත් හොදට තියෙනවා.්‍එහෙමද

විමංසට උනන්දුවක් නෑ දැන්..

මට බෑ විමංස එයාව බදින්න

ඉතිං මං බදින්න කීවෙ නැහැන‍ෙ

ඇයි ඔයා වෙනස් වෙලා.

මං..නෑ..

ඔයාලගෙ ආච්චි මැරෙන්නෙ කවද්ද

 

ෂී ටීෂා..එහෙම දෙයක් හිත්නනවත් එපා..

එහෙනම් මං මැරෙන්නම්..ඔයාට දේපළ ලියන්නෙම නැතිවෙයිද?

ලියයි..

කවද්ද

කොහොමද ටීෂාට කියටන්නෙ සදලිට දරුවෙක් ලැබඉුණු දවසට ලියයි කියලා..විමංස නිහඩයි.

විමංස..දේපළ වැඩක් නෑ..ඔයා සදලිව ඩිවෝස් කරලා මාව මැරි කරන්න

ටීෂා ඔයාට කලින් මං ඕක කීවා එතකොට ඔයා ඇහැවද..මගෙන් ඇහැවෙ හිගන්නෙක් බැදලා කොහොමද ජීවත් වෙන්නෙ කියලා..මාසෙකට ෆැෂන් කරන්නද කොච්චර සල්ලි ඕනෙද කියලා..

විමංසට තරහා ගිහින්..

හරි හරි..මං කීවෙ ඇත්තනෙ  විමංස..මගෙ කාර් එකත් මාරු කරලා අලුත් එකක් ගන්න ඉන්නෙ මං..ෆිනෑනස් කරන්න වෙන්නෙ..මේ දවස් වල සල්ලි කරදරයි..

හ්ම්

ඔයා කොටසක් දෙන්වද

හා..

තරහද ඉතින්..මං ආදරෙයිනෙ

ටීෂා ඒ කම්මුල් මත දොතලේ තිබ්බා..ඒත් විමංසගෙ අමනාපෙ අඩුවුණේ නෑ

දැන් කැමපස් ගිහින් මාස හයක්.. සදලිගෙ ලෝකෙ කැම්පස් එක..විමංස ආයතේ පුරුදු නිහඩ ජීවිතේ ගත කරනවා…මේ දවස් වල කැම්පස් නිවාඩු..

ඒයි තංගච්චි..

සදලිට සතුටක් දැනුනා..

දේව්

 

යස් යුවර් එවර් ලවින් ..නෙවර් චේන්ජින් ෆ්‍රෙන්ඩ්

පිස්සුනෙ…දැන්ද ආවෙ..ඔව්..

මං මෙතන කියලා කොහොමද දන්නෙ..

සදලි හිටියෙ තේවත්තෙ ගල් පඩිපෙලේ ඉදගෙන

මගෙ ෆෙන්ඩ් ගැන මං දන්නෙ නැද්ද..ඒක නෙවේ..කැම්පස් එක කොහමෙද

හොදයි

බොස් කොයි..අණක් නැද්ද අලුත්

සදලි කට වහගෙන හිනාවෙනවා..

පිස්සු ඔයාට ඇහුණනම් බනී

ඇහෙන්න කිය්නනෙ නැහැනෙ..දැක්කම විමංස අයියෙ..කොහොමද..මල්ලි

දේව් රගපානවා

පාරෝ..සදලි කොයි..

විමංස අද කිල්න ඇවිත්

 

පාරො බලවෙලා..

පාරේ සදලි කොයි..

මේ..මේ..

පාරෝ

 

පාරෝග පැකිලීම නිසා විමංසට දැනුනෙ සැකයක්

අර දේව් මහත්තයාගෙ කා..කාමරේ..

පාරො බයවොල හොදටම..දැන් විමංස මහත්තයා බනී..

මොකද්ද..තමුන් යනවා එළියට

විමංසගෙ මුණ කලු වුණු හැටි පාරෝ දැක්කා..විමංස දේව්ගෙ කාමරේ ළඵගට ගියෙ ගැහෙන හිතින්. දේව් ඇවිත දවස් දෙකක්..මොනවද සදලි ඒ කාමරේ කරන්නෙ..ආච්චිත් ගෙදර නෑ..

විමංස දොරට අත තිබ්බා.

 

 

6 කොටස

ගැමා කිරණ වල සංඛ්‍යාතය වැඩියි  එක්ස් කිරණ වලට වඩා.සංඛ්‍යාතය වැඩි වෙන කොට තරංග ආයාමය අඩු වෙනවා.ඒක මේ චාර්ට් එකෙන් මතක තියාගන්න

දේව් විස්තර කරන දේ සදලි හොදට අහගෙන ඉන්නවා

විමංස හෙමීට විවර කල දොරෙන් මේ දිහා බලං හිටියෙ පුදුමෙන්..ගැස්සුණු රත් වුණු හිත දැන් නිවිලා ගිහින්..‍කොස දොාමරේ කරන්නෙ..ආච්චිත් ගෙෙ

මේසෙ ළග දෙන්නම පොත් පෙරලගෙන ඉදගෙන

එතකොටෙ ක්ෂුදු තරංග වෙන්ස වෙන්නෙ කොහොමද

පාඩමට අවධානනේ හිටපු දෙන්නටම දොර ඇරුණු බවට ගාණක් නෑ..

විමංස හෙමීට දොර වැහැා.එහෙමම දොරට හේතුත වෙලා ඇස් පියාගත්තෙ සැනසීමෙන්.

දේව් සයන්ස් කරපු බව ටෙකින්කල් කොලේජ් ඉන්න බව විමංසට මතක් වුණේ දැන්.

ඒත් මේ හිත බයයි

සදලි..

සර්

 

පාඩම ඉවරද

සදලි ඇස් ලොකු කරගෙන බලනවා..

මං අද කලින් ආවා..සදලිව හෙව්වා..සදලි හිටියෙ දේව්ගෙ කාමරේ..

සදලි බිම බැලුවා..්‍හැමදාම ඒ කාමරේට යනවද

න්..නෑ සර්

පාඩම් අහගත්තට කමක් නෑ..ඒත් සාලෙ ඉදලා..නැත්නම් එළියෙ ඉදලා.

හා..සර්..

සදලි හැරුණා..

සදලි ඔහොම නවතින්ඩ

සර්..

හෙට මගෙ උඵන්දිනේ..හෙට උදෙන්ම පන්සලට යමු.

හා සර්..දේව්ටත් එන්න කියන්නද

විමංස රැව්වා..

‍සදලි බිම බැලුවා

දේව් අපි දෙන්නා අතරට ගන්න එපා.

විමංස සදලිගෙ බාහුවකින් අල්ලගෙන ඇස් වලට එබුණා

දේව් එක්ක ඔනවට වඩා යන්න එපා..මං සදලිට මීට කලින් කියලා තියෙනවා.

විමංස කෝපයෙන්..

න්..නෑ සර්..

දේව් එක්ක මොකද්ද තියෙන සම්බන්ධෙ..

අ..අනේ යාළුවෙක් සර්..

ඒ යාළුකම් ඕනෙ නෑ..දේව් කොල්ලෙක්

 

දේව්ට ගෑනු ළමයෙක් ඉන්නවා සර්

විමංස බැලුවෙ පුදුමෙන්..

කවුද

සදලි දේව්ට වුණු පොරොන්දුව බින්දා..විමංස තරම් ඒ කිසි දෙයක් සදලිට දැන් වැදගත් නෑ..කියාගන්න බැරිවුණාට මහ හුක් ආදරේ මේ හිතේ තියෙනවා

ටැමිල් ගර්ල් කෙනෙක්..සර්ලා අකමැති වෙයි කියලා දේව් කියන්නනෙෑ..

හ්ම්..

සර්..ආච්චිට කියන්න එපා..

ඇයි

මං දේව්ට පොරොන්දු වුණා කියන් නෑ කියාලා

වෙන මොනවද පොරොන්දු වුණේ..

මොකුත් නෑ..

දැන් යන්න.

හා

සදලි දුවනවා..විමංස දිග සුසුමක් පිට කළා..

 

සදලි ගාථා කියනවා ..ඉවරයක් නෑ..විමංස ඔහේ බලං ඉන්නවා.

සදලි ඇස් ඇරියා

ඉවරද

විමංස අහනවා

ඔව්..

මොනවද ප්‍රාර්ථනා කලේ.

මහත්තයා ප්‍රාර්ථනා කරන හැමදේම ලැබෙන්න කියලා.

ඔයා වෙනුවෙන් මොනවද ප්‍රාර්ථනා කලේ

සදලි නිහඩයි

බෝමළුවෙ හමායන මද සුළගට හිත ගත නිමෙනවා

කියන්න සදලි

මං කවදාවත් මං වෙනුවෙන් වත් වෙනකවුරුවත් වෙනුවෙන්වත් ප්‍රාර්ථනා කරලා නෑ සර්

මට මේ ලැබුණු දේවල් හොදටම වැඩිත් එක්ක

සදලි අනාථ නිවාසෙ සතුටින් නෙවෙයි නේද හිටියෙ

එහෙමම නෑ..

සුනීතා  සැරයි නේද

ඔව්..ඒ වුණාට සුනීතා මැඩම් අපිව බලාගත්තානෙ

සදලි කාටවත් දොස් කියන්නෙ නෑ..පුංචි කාලෙම මව්පිය සෙනෙහස අහිමි වුණු අහිංසකී බිම බලාගන්නවා..විමංසගෙ හිතට දැනෙන්නෙ මහ දුකක්

මග යනකොට පොල් රෝටී කඩයක්

සදලි ලොකු බෝඩ් එක හැරි හැරිත් බලනවා

විමංස කාර් එක නතර කළා.

පොල් රොටී කරන්න ආසද

සදලි ලැජ්ජාවෙ ඇඹරෙනවා

යමු

උදේම කඩේට රෝස මලක් ගෙඩවෙලා..මුදලාලි  කටපුරා හිනාවෙනවා

සූ..සූ…

ලුණු මිරිස් ..දැවිල්ල.ඒත් කට උලු කර කර කනවා..විමංස හිනාව නතර කරගෙන ඉන්නෙ බොහොම අමාරුවෙන්..

සුදු මූණ රෝස පාට වෙලා..

මුදලිලා..සීනි දාලා ඉගුරු ප්ලේන්ටි හදන්න.

දැන් හරිද?

මොනවද සර්

 

කට දන එක

තේ බීපු සදලිගෙන් විමංස අහනවා

ඔව්..සර්..

කැම්පස් එකේ කැන්ටිමෙත් තියෙනවා සර්..මාර රසයි..අපි ගිහින් කනවා උදේට

අපි කීවෙ

මායි යාළුවොයි

විමංසගෙ හිතට මොකද්දෝ වගේ..යාළුවො අතර කොල්ලොත් ඇති..අහන්න හිතෙන්නෙත් නෑ..

යමු සර්

හා

එළියට ඇවිත් විමංස පාර පනින්න අත අල්ලගත්තා

ඉස්සෙල්ලා සදලි විමංසට කලින් පාර පැන්නා.දැන්..සදලිගෙ අත වෙව්ලනවා..කාලෙකින් ඔහුගෙ පහස අතට දැනෙනවා

පාර පැන්නා..ඒ එක්කම අලුතම කාර් එකක් නතර වුණා..

විමංස නළල තද කරගත්තා

ටීෂා

විමංස..හැපි බර්ත් ඩේ මයි ඩාලිං..

පාර මැද..ටීෂාට ගාණක් නෑ..බදාගෙන කම්මුල් දෙකම සිපගන්නවා

සදලිගෙ ඇස් ලොකු වෙලා..බයෙන් වේදනාවෙන් ඇකිලිලා

ටීෂා..ඇති..මේ පාර.

විමංසට සදලිගෙ මූණ දිහා කෙලින් බලන්න මොකද්දෝ වගේ.

මං ඔයාව බලන්න යන ගමන් විමංස..අද සෙලිබ්‍රේට් කරමු..ආ..මේ..

ටීෂා සදලි දිහා බැලුවා..ඒ ඇස් රිසියාවෙන් පිරෙනවා..රෝස මල දැක්කම

ටීෂා..දැන් යන්න..මං සදලිව බංගලාවට ඇරලා එන්නම්..

ඒත් විමංස

ටීෂා කිවව්ම යන්න..

විමංස බලෙන්ම ටීෂාව ඇදගෙන කාර් එකට නැංවුවා

සදලි අහිංසකී..හෙල්ලිලා..ඒ නෝනා කවුද?ඒත් අහන්නෙ කොහොමද?

ඒ මගේ යාළුවෙක් සදලි.

විමංස කාර් එක එලවන ගමන් කියනවා.සදලි නිහඩයි..

තංගච්චි..මොකද බුම්මගෙන

දේව්.ඒ දිග කොණ්ඩෙන් අදිනවා….පුදුරු ගල්පඩිපෙලේ සදලි වාඩිවෙලා..තේ ව ගස් පීරගෙන තම මීදුම

සදලි ඔලුව දෙපැත්තට හොලවනවා.

අද උදේ බොස් එක්ක ගමනක් ගියා නේද

හ්ම්..

ආව වෙලේ ඉදලා මූඩ් අවුල්..ඇයි බොස් බැන්නද

ම්හු

එහෙනම්..

මොකුත් නෑ..

ටවුන් එකට යමුද?

ඇයි

බොස්ට තෑග්ගක් ගන්න

දේව් මතක් කරනකල් සදලිට ඒ ගැන මතක් වුණේ නෑ..

ඔහොම ඇස් ලොකු කරන් බලන්න එපා තංගච්චි..හස්බන්ඩ්ට බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් දෙන්නෙ නැද්ද?

අනේ මට මතක් වුණේ නෑ දේව්

ඒකනෙ

ඒත් මං යන්නෙ කොහාමද

මාත් ඒක යමු.බයික් එකේ

අපෝ බෑ

ඇයි

බොස් බනී

පිස්සු.කවුද බොස්ට කියන්නෙ..පැයෙන් එමු..යමු..බොස්ව සර්ප්‍රයිස් කරමු..ආච්චිට කියන්නම් මං

දේව් බයික් එක ස්ටාර්ට් කරං බලං ඉන්නවා..සදලි බයෙන් බයෙන් ගොඩ වෙනවා.

තිංගච්චි..හයියෙන් අල්ලගන්න..වැටුණොත් මං දන්නෙ නෑ..

පළවෙනි වතාව බයික් එකකට ගොඩවුණු.

දේව නම් හිනාවෙනවා..

ලොකු ඇදුම් කඩයක්..

මොනවද ගන්නෙ

දේව් අහනවා

අනේ මන්දා

 

මේ නංගි අනේ මන්දා කොහොද තියෙන්නෙ

දේව් කඩේ හිටපු ගෑණු ළමයගෙන් අහනවා

සදලි දේව්ගෙ අත කොනිත්තනවා..ගෑණු ළමයා ඇස් ලොකු කරලා බලං ඉන්නවා

ෂර්ට්..ෂර්ට් බලමු..

සදලි කියනවා

අන්තිමේදි නිල් පාට ෂර්ට් එකක්..අත් ඔරලෝසුවක් තෝරගන්නවා..

බංගලාවට එනකොට රෑ වෙලා..විමංසගෙ කාර් එක තියෙනවා..විමංස කලින් ඇවිත්ද

සදලි උඩට යනවා..බයනොහිතුණා නෙවෙයි..

විමංස..ජනෙලේ ළග..සදලි දිහා බැලුවා..

විමංසගෙ මූණේ කෝපය ඉතිරෙනවා

සදලිට   නිකම්ම බිම බැලුණා..

 

 

සදලි

7  කොටස(අවසන් කොටස)

 

තමුන් කොහෙද ගියෙ අරූ එක්ක

 

විමංස අඩියට දෙකට සදලි ළගට ළං වෙලා ඒ කොණ්ඩෙන් අල්ලගත්තා.ඔව් විමංසත් සාම්ප්‍රදායික පෙම්වතා…සාම්ප්‍රදායික ස්වාමිපුරුෂයා බවට පත්වෙලා..ඔහුටත් නොදැනීම

 

සදලි බයවෙලා හොදටම..ගැහෙනවා.

 

බයික් එකේ..ඌට තුරුල් වෙලා..

 

කවදාවත් නැති විදිහට විමංස කේන්තියෙන්

 

බයටම සදලිට වචන එන් නෑ..ඇස් වලින් කදුලු ඉතිරෙනවා…අතේ තිබුණු බෑග් එක බිමට අත ඇරෙනවා..විමංස ඒ දිහා බලන්නෙ නෑ..විමංස කාමරෙන් පිටවෙනවා.

සදලි බිත්තිය දිගේ රූටලා බිම ඉදගන්නවා.

 

~~~~~~~®uwani  Liyangolla~~~~~~

 

අයියා ෂර්ට් එක ගාණයි නේද

 

එලියෙ ඉදලා ආයෙත් ගෙට ඇතුලුවෙන විමංසගෙන් දේව් අහනවා..

 

මොන ෂර්ට් එකද

 

විමංස අහන්නෙ නුරුස්නාවෙන්

 

ඇයි හලෝ..වයිෆ්  සිලෙක්ට් කරපු එක..බර්ත් ඩේ ප්‍රසන්ට් එකක් දෙන්න මතක්වුණෙත් මං කීවට පස්සෙ..ෂෝක් වයිෆ්.

 

විමංසට වුණු දේ තේරෙනවා..කාමරේට යද්දි තාමත් සදලි අඩනවා.විමංස හෙමීට බෑග් එක අරං ෂර්ට් එක අතට ගන්නවා..ඔරලෝසුවකුත් තියෙනවා..

 

සදලි සොරි…

 

ඒ ඉක්බිදීම වේගවත් වෙනවා..හෙමින් ඒ පපුවට වාරු වෙනවා.

 

විමංසගෙ  ටීෂර්ට් එක කදුලින්ම තෙත් වෙනවා..ඔහු ඒ හිස අතගානවා

 

මට තරහා ගියා..දේව් එකක් බයික් එකේ යන්න එපා..මං කැමති නෑ..

 

ආ…යෙ යන් නෑ..

 

ඔයා මගේ නේද සදලි

 

ඔව්..

 

තැන්ක්යූ තෑග්ගට..කොයි දැන් හිනාවෙන්න

 

කදුලු අතරින් සදලි හිනාවෙනවා..විමංසගෙ පපුව දෙදුරුම් දෙනවා

 

~~~~~~~®uwani  Liyangolla~~~~~~

 

අනාථ කෙල්ලෙක් කසාද බැදගෙන නටන නාඩගම මොකද්ද චූටි පුතාවිමංසගෙ තාත්තාගෙ කටහඩ..පඩිපෙල නගින්න ආව සදලි  නැවතිලා අහනෙ හිටියා..කාමරෙන් විමංසගෙ හඩ ඇහෙනවා

 

තාත්තා කෑ ගහන්න එපා..ආච්චිට ඇහෙයි.

 

තමුන් අපිත් රැවැට්ටුවා

 

තාත්තෙ මං වෙන මොනවා කරන්නද?ආච්චි ටීෂාට කැමති වුණේම නෑනෙ..

 

අනේ ඒ අහිංසක හිත ගැස්සුණ තරමක්..ටීෂා..එදා මුණු ගැහුණු නෝනා

 

දැන් තමුන් ඉස්සරහට මොනවද කරන්නෙ..ආච්චිගෙන් අපිටත් දොස් අහන්න වෙයි..සුනීතා කියනකල් මං දන්නෑ.

.

තාත්තා..මං විසදගන්නම්..ආච්චි කලින් කීවෙ මැරි කලාම දේපල ලියනවා කියලා..දැන් කියනවා බබෙක් හදපුවාම ලියනවා කියලා..ආච්චි නිසා තමා සේරම

 

අර අනාථ කෙල්ලට මොකද කරන්නෙ දැන්..

 

ඔහෙ හිටියාවෙ..

 

ටීෂා මොකද කියන්නෙ..

 

බනිනවා..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!