සදලි එක්ක කාර් එක පිටත් වුණා..ඒත් සුනීතාගෙ හිතට හරි නෑ..සදලිට චූටි සර් හොදින් සළකන්නෙ මොකද?
මගින් යනකොට ආයෙත් විමංසට කෝල් එකක්
හෙලෝ..
ඔව්…..පරෙස්සමට ගියාද?
……..
රෑ වෙනකල් ඕනෙ ඉන්න එපා..
………..
මං පොඩි ගමනක් ආවා..පස්සෙ කියන්නම්..
…………
නෑ..නෑ..
….
බොරුවට නටන් නැතිව ඉන්නවා
……
හරි හරි..මාත් එහෙමයි..
විමංස ෆෝන් එක කට් කළා..සදලි ඉස්සරහා එකපාරටම ටීෂාට ආදරෙයි කියන්න බැරි තැන විමංස මාත් එහෙමයි කීවා..ඒත් ටීෂා දවසක සදලිව දැක්කොත් මොනවයින් මොනවා වෙයිද කියලා විමංසට හිතාගන්න බෑ..මොකද සදලි රෝස මලක් වගේ ලස්සන කෙල්ලෙක්..විමංසගෙ හිතත් මුලින් ගැස්සුණේ නෑ කිව්වොත් බොරු..ඒත් විමංසගෙ ආදරේ ටීෂා..
සදලි බහින්ඩ..
සදලි විමංසගෙ පිටිපස්සෙන් ගියේ බෝල ඇස් කරකරවන ගමන්.ලොකු සාප්පු සංකීර්ණයක්..
සදලි…ඕන දේවල් ගන්න..ඇදුම් පැළදුම්..මං මෙතන ඉන්නම්..
සදලි සාප්පුව පුරා ඇස් යැව්වෙ බොහොම බයෙන්..මොකද මෙහෙම තැනකට ආව පළවෙනි වතාවට..අනාථ නිවාසෙන් එහා මේ වගේ සංකීර්ණ ලෝකයක් තියෙනවා කියලා සදලි දන්නෙත් දැන්..නිවාසෙ ඉන්නකොට සදලිලාට ඇදුම් පැළදුම් ගෙනත් දුන්නෙ සුනීතා මැඩම්..
විමංස ළග තිබුණු පුටුවකට වෙලා ෆෝන් එක ඔබන්න පටංගත්තා.
සදලි හෙමීට ගවුම් තියෙන කොටස හොයගෙන ගියා..
අම්මෝ මේවයෙ ගණං..
ටැග් වල ගාණ දකිද්දි සදලිට දාඩියත් දැම්මා.අඩු ගාණක එකක් හෙව්වට හම්බුණේ නෑ..අන්තිමේදි සදලි එක ගවුමක් විතරක් අරගෙන විමංස ගාවට ආවා.විමංසට ගාණක් නෑ..
සර්..
අහ් සදලි..
හරි සර් යමු..
විමංස නැගිට්ටා..සදලි අතේ තිබුණු ගවුම දිහා බැලුවා
මේක විතරද ගත්තෙ.
ඔ..ඔව්..
සදලි බිම බලාගෙන උත්තර දෙනවා..
තමුසෙ බබෙක්ද සදලි..මං කීවෙ තමුසෙට ඕන ඇදුම් පැළදුම් ගන්න කියලා ඇති තරම්..දැන් මට කියන්නෙ තමුසෙගෙ අර ඇදුමුයි මේ ඇදුමුයි ඔක්කමෙ මටම තෝරලා දෙන්න කියලද?
විමංසගෙ කෝපාන්විත හඩට සදලිගෙ ඇස් වල කදුලු පිරුණා..ඇදුම් ගොඩක් දැක්කට සදලිට ඒවා ගැන කිසිම ආසාවක් ඇති වුණේ නෑ..අනික ගණං දකිද්දි ගන්නෙ කොහොමද..
සදලිගෙ රෝස කම්මුල් දිගේ කදුලු බිංදුවක් ගලං යනවා..
සදලි ඔය කදුලු පිහ ගන්නවා..කිව්වම අහනවා..
විමංස සාප්පුවේ වැඩ කරන ගර්ල් කෙනෙක් ළගට ගිහින් මොනවදෝ කුටු කුටු ගාණවා සදලි දැක්කා..ටිකකින් ඒ ගර්ල් සදලිවත් එක්කගෙන ගිහින් ඇදුම් ගොඩක් තෝරලා දුන්නා..සදලි නිහඩව ඒවාත් අරගෙන විමංස ළගට ආවා.
ඔය තියෙන්නෙ..තෑන්ක්ස්
වෙල්කම් සර්..මැඩම්ට මැච් වෙයි කියලා හිතපු ඩිසයින් සිලෙක්ට් කළා..මැඩම් හැඩ නිසා ඕන ඇදුමක් ලස්සනට තියෙයි.
යුවතිය මුඛරි ලෙස උත්තර දුන්නා.
මේවා කොච්චර ගාණක් වෙයිද? සර් ගාව සල්ලි ඇතිද ඒ තරම්..
සදලි හිතන්නෙ දැන් ඔන්න ඔය ගැන..
තිස් නවදාස් පන්සිය විස්සයි සර්
බිල ඇහැවම සදැසිට කලන්තෙ වගේ..විමංස මෙලොව වගක් නැතිව කාර්ඩ් එක දිග් කළා.
ටීෂා පැය බාගෙන් බාගෙට කතා කරනවා
…….
මං වැඩක.
….
කිව්වම අහන්න..මං මීට් වුණාම කියන්නම්..
……
එහෙම නෑ ..ගිය වැඩේ කරගන්න.
….
නෑ..නෑ..කවුරුවත් නෑ..
…..
තියනවා ෆෝන් එක..
විමංස මේ සැර කරන්නෙ කාටද කියලා සදලිට හිතාගන්න බෑ..අහන්නත් බෑ..ඒ පාර විමංස ඩ්‍රයිව් කරන්නෙ කේන්තියෙන් කියලා සදලිට තේරුණා..
මහත්තයා..කෑම කන්න එන්න..
විමංස ඉයර් ෆෝන් එක කනේ ගහගෙන සිංදු අහනවා..ඇදේ හාන්සි වෙලා .ඇස් පියාගෙන..ගොඩක් රෑ වෙලා..
විමංසට ඇහෙන්නෙ නෑ..
මහත්තයා
ඒත් නෑ.
නින්ද ගිහින්ද?
සදලි හෙමින් ඒ විසල් අතකට අත තිබ්බා.
විමංස ඇස් ඇරියා.
සදලි අත ඉවතට ගත්තා
ඇයි මාව ඇල්ලුවේ..සදලි…මොකද මේ..
කෑ..කෑම කන්න..එන්..නලු..ආච්චි..
විමංස ඇදෙන් බැස්සා..
අර මේසෙ උඩ තියෙන ඇප්ලිකේශන් එක පුරවලා දෙන්ඩ..
විමංස එළියට ගියා..
සදලි මේසෙ ළගට ගියා..
කොයි දුව..
ඒ ඔලිවියා..
එයා උඩ..
අඩ ගහන්න..
ඕනෙ නෑ..එයා වැඩක්..
චූටි පුතා…තරහින් හිටියට මගෙ වචනෙ වෙනස් වෙන්නෙ නෑ..
ආච්චි..ඔයාට ඕන විදිහට හැමදේම වෙන්නෙ..
ඔව්..මට ඕන විදිහට තමා
මේ බංගලාව..අක්කර ගාණක තේවතු..ඔයා මැරෙනකොට අරං යන්නද?
නෑ..මං දීලා යන්නෙ..මගෙ මීමුණුබුරාට..
ආච්චි..දැන්ම බබාලා හදන්න බෑ..සදලි තවම ඉගෙන ගන්නවා..අනික මැරි කරන්න කලින් මං එයාට ප්‍රොමිස් වුණා ඩිග්රි එක ගන්නකල් ඉන්නවා කියලා..ඒ ළමයා ඉගෙන ගන්න දක්ෂයි.
ඔලිවියා විමංස දිහා බැලුවෙ පුදුමෙන්..
ඔය ඇත්තමද පුතා..
ඔව්..අහන්න සදලිගෙන් බොරු නම්..දැන් ටීෂා එක්ක මගෙ කනෙක්ෂන් එකක් ණෑ ආච්චි..මං සදලිට කැමතියි..ඇත්තටම මාත් කැමතියි බබොක් හදන්න..ඒත් සදලිට ඉගෙන ගෙන ඉන්න ඕනෙලු..ඇතත්ටම බබාලා නලව නලව එයා කොහොමද පාඩම් කරන්නෙ..අනික ඕපන් යුනිවර් එකට පොල්ගොල්ලෙ යන්න ඕනෙ.එයා කරන්නෙ සයන්ස් ප්‍රැක්ටිකල් තියෙන්නෙ නාවල..
විමංස කරුණු පැහැදිලි කරන්නෙ බොහොම තාත්විකව…ඔලිවියා කල්පනාවට වැටුණා..
අවුරුදු කීයක්ද
අවුරුදු තුනක්වත් යාවි.. එච්චර කල් ඉන්න ඕනෙ නෑ ආච්චිට තියෙන්නෙ දේපළ මට ලියලා දෙන්න.මට අයිතිය නැතිව මට ඩිසිෂන් ගන්න බෑ..
චූටි පුතා.. අවුරුදු තුනක් යනකොට මං මැරෙන්නෙ නෑ..හදිසියක් නැහැනෙ..අනික් දේව්ටත් කොටසක් ලියන්න ඕනෙ..
දේව්…ආච්චිට පිස්සුද..දේව් ආච්චිගෙ නෑයෙක් වුණාට දේපල දෙන්නෙ මොකටද..
ඒ කොල්ලා පොඩි කාලෙ ඉදලා බංගලාවට ආව ගිය එකා..නිවාඩු කාලෙම ඉන්නෙ මෙහෙ..අනික හිත හොදයි..
විමංස අත හෝදගත්තා..විමංසට කෑමත් එපා වුණා..
විමංස වේගෙන් පඩිපෙල නගිනකොට දුවගෙන ආව සදලි ඇගේ හැප්පුණා..විමංස අල්ලගත්ත නසිා සදලි නොවැටි බේරුණා..
කොහෙද අයිසෙ දුවන්නෙ..
විමංසගෙ නපුරු මූණ..නපුරු වදන්
ම..මං…
එනවා කාමරේට මට නිදිමතයි..
සදලි ගියෙ කෑම කන්න..ඒත් විමංස සදලිවත් ඇදගෙන ගිහින් දොර දඩාස් ගාලා වැහැවෙ ඔලිවියාගෙ කනට ගහන්න වගේ..
සදලි
4 කොටස
ඒයි තංගච්චි එන්ගෙයි පෝවම්
වංගුවෙන් පාරට පැන්න කෙල්ලගෙ හැප්පෙන්නෙ නැති වෙන්න යාන්තම් බයික් එක නතර කරගත්ත දේව් කෑගැහැවෙ හෙල්මට් එක ගලවලා
දිග ගවුමක් ඇදපු දිග කොණ්ඩෙ ගොතලා මල් ගහපු තේ කූඩයක් පිටේ දාගත්තු රෝස මලක් වගේ කෙල්ලෙක් ඇස් ලොකු කරගෙන දේව් දිහා බලං ඉන්නවා
තංගච්චි උංගල් පෙයර් එන්න
දේව් ඇහැවෙ බයික් එකෙන් බහින් ගමන්..
ඒ එක්කම කෛල්ල තේ කොල ගස් අතරෙ උඩට නගින් පටං ගත්තා
දේව්ගෙ කට කොනට හිනාවක් ආවා.
දැන් සදලිට තේ වත්ත හොදට පුරුදුයි..දවල් වරුවෙම තේ දළු නෙලන දෙමල යුවතියො එක්ක කතා කර කර විනෝදන් ඉන්න සදලි තරුණියන්ගෙ විරේධය මැදින් තේ කූඩෙ පිටේ බැදගගත්තෙ එයාලාගෙන් පිච්ච මල් වැලකුත් ඉල්ලගෙන කොණ්ඩෙට දාගෙන..
බංගලාවට ඇවිත් මාසයක් ගතවෙලා..නිහඩ ජීවිතේ තනිකම මැකුණෙ තේ වත්ත නිසා..
මයි ලවින් ආච්චි..ඔයා තවත් යන්ග් වෙලා..සෝ ප්‍රිටී
දේව් ඔලිවියාව වැළද ගත්තෙ ඔලිවියාගෙ මූණ සතුටින් ඔප වැටෙද්දි.
ආපු ගමන් බටර් පාර..යන්න් යන්න වොශ් එකක් දාගන්න
බොස් කොයි..
ඔෆිස් ගියා..
දේව් වොශ් එකක් දාගෙන සාලෙට ආවා
ඒයි..තංගච්චි..තමුන් මොනවද මේ බංගලාවෙ කරන්නෙ
තේ වත්තෙ හිටපු කෙල්ල සාලෙ ඉන්නවා දැක්කම දේව් ලගට ආවෙ පුදුමෙන්
සදලි බයෙන් වටපිට බලනවා
හොරකම් කරන්න නේද රිංගුවෙ මෙහෙට..ආච්චී..ආච්චී…
දේව්ගෙ කෑගැහිල්ලට ඔලිවියා ඇතුලට ආවා..
පුතා ඇයි
ආච්චි ..මේ තංගච්චි කොහොමද ඇතුලට ආවෙ..මෙයා සර්වන්ට්ද මෙහෙ.
පිස්සුද පුතා..මේ සදලි..විමංසගෙ වයිෆ්..
මොකක්
දේව් සදලි දිහා බැලුවෙ කුතුහලෙන්..
එතකොට මෙයා ඇයි වත්තෙ තේ දළු කඩන්නෙ
ඒ පාර ඔලිවියා සදලි දිහා බැලුවෙ පුදුමෙන්
මොකද්ද
මං එද්දි මෙයා පාරට පැන්නෙ තේ කූඩයක් පිටේ බැදගෙන..
සදලි මේ කියන්නෙ මොකද්ද
සෙල්විගෙ පූසා පාරට පැන්නා.මං ඌ පස්සෙන් දිව්වෙ.
සදලි හෙමීට කියනවා..
මං ආසාවට තේ කූඩයක් පිටේ බැදග්තතා ආච්චි.
ඔලිවියාට හිනා
මේ කෙල්ල දවල් තිස්සෙ තේ වත්තෙ ඇවිදිනවා පුතා..මේ පාළු බංගලාවෙ කරන්න වැඩකුත් නැහැනෙ.පාරෝ …දේව්ට තේ එකක් ගේන්න..
සදලි උඩට දිව්වා..
ටීෂා…අඩන්න එපා…
මට දුකයි විමංස..ඔයා වෙන කෙල්ලෙක් එක්ක එක ඇදේ ඉන්නවා කීවම..
විමංස ටීෂාගෙ ඔලුව අතගෑවා..
ඔයා මං ගැන දන්නවා ටීෂා..අවුරුදු හතරක් මං ඔයා එක්ක යාළුවෙලා හිටියට මං ඔයාව මලක් වගේ බලාගත්තෙ..මගෙන් ඔයාට කවදාවත් වරදක් වෙලා නෑ..එහෙව් මං ගැන ඔයා සැක කරනවද ටීෂා
ඔව් ..විමංස කියන් අකුරක් නැර ඇත්ත..ඔහු තමන්ට ඒ තරමට ආදරෙයි..ඒත් ටීෂාගෙ දැගලිලි අඩු වුණේ නෑ
ආච්චි මැරෙනකල් අපිට එකතු වෙන්න ලැබෙන්නෙ නෑ විමංස
බලමුකො ටීෂා.. දේව් ඇවිල්ලා මේ දවස් වල..ආච්චිට මාව මතකත් නෑ..සැලොන් එකේ වැඩ මොකද
කෙරීගෙන යනවා..ගෙදරින් මට ප්‍රපෝසල් බලනවා..
ඒවා මග අරින්න..ප්‍රොපටි ලීවම ප්‍රශ්නයක් නැහැනෙ ටීෂා.
විමංසට දේපළ හිමි නෑ කියලා ද්නන ටීෂාගෙ දෙමව්පියො විමංසට කැමති වුණේම නෑ..ඔලිවියා ගැන එයාලා හොදට දන්නවා
කවද්ද විමංස ..කවද්ද
ඒයි තංගච්චි
දේව් සදලිගෙ කොණ්ඩ කරලෙන් ඇද්දා.
සදලි ගෙවත්තෙ බංකුව උඩ ඉදගෙන පොතක් කියවනවා
සදලි දේව් දිහා බලලා කොණ්ඩෙ ඇදගෙන බිම බලාගත්තා
දේව් පැත්තකින් ඉදගත්තෙ සදලිගෙ අතේ තිබුණු පොත උදුරගෙන
දෙන්ඩ ඕක මෙහාට
බෑ තංගච්චි
මං තංගච්චි නෙවෙයි සදලි.
මට නම් පේන්නෙ තංගච්චි කෙනෙක් වගේ..ඇයි මාත් එක්කකතා නොකරන්නෙ..මං දැක්කම අහක බලන්නෙ..දැන් දවස් තුනක් ඇවිත් මං..
මං ඔයාව දන්නෙ නැහැනෙ
ඔහ්..ඔව් නේද?මං දේව්..වයස විස්සයි..යන්ග් හැන්ඩ්සම් බෝයි..ඒ ඇතිද?
සදලි බිම බලාගත්තා
බොස් කීවද මා එක්ක කතා කරන්න එපා කියලා.
කවුද බොස්
විමංස
අනේ නෑ..
ඔයාගෙ වයස කීයද සදලි
දහනවයයි
එහෙනම් අපි එකම වයසෙ වගේනේ..
ෆ්‍රෙන්ඩ්ස්
දේව් දකුණූ අත දිග් කළා..
සදලි අත දිහා බලං ඉදලා හිනා වුණා.
ඕකේ..දේව් හිනාවෙලා අත පාතට දැම්මා.
සදලි …මගෙ බෙල්ට් එක කොයි..
විමංසට දැන් සදලිව නැතුව බෑ..හැමදේටම සදලි
සදලි බෙල්ට් එක අරගෙන ආවා..බිම බලාගෙන විමංස දිහාට දිග් කළා.තාමත් ඒ බය..එහෙමමයි..
කැම්පස් පටං ගයි ලබන සතියෙ.සදලිට හොස්ටල් ඉන්න ලෑස්ති කළා මං. ලෙක්චර්ස් තියෙන්නෙ ගොඩක් දුරට සති අන්තෙ.සතියෙ දවස් වල නිවාඩු..සිකුරාදාට ගිහින් ඇරලන්නම් මං.
හා සර්..ස්තුතියි
හ්ම්..ආච්චි කීවා සදලි දේව් එක්ක වත්තෙ ඇවිදිනවා කියලා.ඇත්තද ඒක
සදලි බිම බැලුවා
.ඔව්
මේ ටිකේම..දේව් එක්ක තේ වත්ත පුරාම ඇවිදිනවා..ඔහු හොද මිතුරෙක්..හැමවෙලේම සදලිව හිනස්සනවා.
සදලි මගෙ දිහා බලන්ඩ
සදලි බයෙන් බයෙන් ඇස් ඉස්සුවා..විමංස සදලිට ළංවුණේ හුස්ම වැටෙන දුරින්..ලතාවට ගැහෙන ඒ ඇස් පියන්..විමංසව අමුතුම ලෝකෙකට ගෙනියනවා..සදලි නොදැක ඉන්න බැරි හිත විමංස පාලනය කරගන්නෙ අමාරුවෙන්..ටීෂාට වුණු පොරොන්දු කඩන්න බෑ..අනික සදලි පොඩි ළමයෙක් වගේ
සදලි..ඒ අහිංසක හිත ගැස්සෙන තරමක්..විමංසගෙ නිවුණු ගතිගුණ ඉස්සරහා..සදලිගෙ හිත හැමවෙලේම හෙල්ලෙනවා..ඒත් අනවශ්‍ය දේවල් හිත්නන් එපා කියලා විමංස අවවාද කරලා තියෙනවා
දේව් ආශ්‍රය කලාට කමක් නෑ..ඒත් සදලි ගෑණු ළමයෙක්.ඒ වගේ මැරි කරලා..ඒක මතක තියාගන්ඩ ඕනෙ..තේරුණාද
ඔ..ඔව්..
අනික..මං සදලිව විශ්වාස කරනවා..ඒ විශ්වාසෙ සදලි රකින්න ඕනෙ..තේරුණාද
ඔව්..
මං එක්ක ඉන්නකල් සදලි වැරදි දෙයක් කරන්න බෑ..
විමංස මේ කියන් දේවල් සදලිගෙ ඔලුවට වැටෙන්නෙ නෑ..
සදලි ඇහුණද
ඔව්..
හොද කෙල්ල
විමංස..හෙමීට පාත් වෙලා සදලිගෙ නළලත දෙතොල් තිබ්බෙ සදලි ඇස් පියාගනෙ ඒ උණුහුම විදිද්දි.මුළු ගත පුරාම විදුලියක් දිව්ව ගාණයි..විමංස ගිහින් සෑහෙන වෙලාවක් යනකල් සදලි එතනමයි..
තංගච්චි..මොකද ඔරවන්නෙ..
දේව් පුරුදු විදිහටම කොණ්ඩෙන් ඇද්දා..
මොකද තනියම ආවෙ..මට කතා කලේ නැහැනෙ..
සදලි තේ දල්ලක් කඩලා හපනවා..ඈතින් තේ කඩන කට්ටිය ඉන්නවා
ඇයි මං ඔයාට කතා කරන්නෙ.
මොකද්ද..
ආයෙ මට කතා කරන්න එපා..
ඇයි..
නිකම්
බොරු..මෙකද්ද වුණේ
අරයා එපා කීවා..
කොරයද?
බොස්..
මොකක්..
ඔව්..
අහ්..බොස්ට බය ඇති
ඇයි..
මං තංගච්චිව අරන් පැනලා යයි කියලා..
පිස්සු..
බොස්ට
නෑ..ඔයාට..
රහසක් කියන්නද
හා
මට කෙල්ලෙක් ඉන්නවා
ඇත්තද?
ඔව්.. ටෙක් එකේ..
ෂා..
බොස්ට කියන්න එපා
ඇයි..
එයා ටැමිල්
ඉතිං
ආච්චිලා කැමති වෙන එකක් නෑ..
එහෙමද..මං කියන් නෑ..ඔයා හැමවෙලේම තංගච්චි කියන්නෙ ඒක නේද මට.
ඔව් පුරුදුදට..මේ දුවමුද
හා
සදලිට විමංසගෙ අවවාද මතක නැති ගානයි.දෙන්නම තේ ගස් මැදින් හිනාවෙවී දුවනවා.
සදලි
5 කොටස
පාළුද දරුවො
ඔලිවියා ජනේලේ ළග ඉදගෙන ඉන්න සදලිගෙන් අහනවා
ඇ..ඇයි ආච්චි
දේව් ගියානෙ..ඉන්නකොට බංගලාවම පිරිලා.සදලිත් එක්කත් හිතවත් වුණානෙ
ඔව් ආච්චි..දේව් හරි හොදයි.
ඒ්ක ඇත්ත..මගෙ ළගම නෑයෙක්ගෙ පුතෙක්.පොඩි කාලෙ ඉදලා මට හරි ආදරෙයි..
මට කීවා ආච්චි.
හෙට කැම්පස් එකට යනවද
ඔව් ආච්චි..
පරෙස්සමින් ඉන්න ගිහින්..සදුදට එනවනෙ.ඔව් ආච්චි..
මටත් පාළුයි දරුවො..ඔයත් ගියාම
සදලිට ඕන පොත් ඔක්කොම හරි නේද?
විමංස ඇහැවෙ සදලිව එක්ක යන ගමන්..සිකුරාදා දවල්..
ඔව් සර්..
මං දුන්නු සල්ලි වලට අඩුපාඩුවක් තියෙනවා නම් ගන්න.
හා සර්..
රෑ වෙලා හොස්ටල් එකෙන් එළියට එන්න එපා..එහා පැත්තෙ බෝයිස් හොස්ටල් එක
හා සර්..
විමංස කතා බහ කරලා හොස්ටල් එක ළගටම ඇරලුවා.
මේ ෆෝන් එක තියාගන්න..ඕන කමක් වුණොත් මට කතා කරන්ඩ.මගෙ නම්බරේ තියෙනවා දාලා.
සදලි විමංස දුන්නු ෆෝන එක අරගත්තා
විමංස සාක්කුවට අත් දෙක දාගෙන බලං ඉන්නවා..කොහොම සමුගන්නද තේරෙන්නේ නැ..සදලි විමංසට දණ ගැහැලා වැන්දෙ මිදුලෙ වැලි කියලාවත් ගාණක් නැතිව.
සර්ට පින්
විමංසගෙ හිතට දැනුනෙ කියාගන්න බැරි වේදනාවක්.
ඇත්තටම ඒ පිරිමි ඇස් වලට කදුලක් ආවා.
සදලි නැගටින්න.
විමංස ඒ උරහිස් අල්ලගෙන කීවා
මට වදින්න ඕනෙ නෑ..සදලි යන්ඩ ඇතුලට
සර් පරෙස්සමට යන්න..ගිහින් මට කතා කරනවද?
හා..
හෙමීට යන්න..පාර ලෙස්සනවා.
හා..සදලි හෙමීට ඇතුලට ගියා..සදලි ආයෙත් හැරෙනවා..විමංස බලං ඉන්නවා
..පාළුයි ..මාරම පාළුයි..රෑ එකත් පහුවෙලා..විමංසට නින්ද යන්නෙ නෑ..ඇදඓහටෙ හැරෙනාව මෙහාරට හැරෙනවා..
ඒ රෝස මල නෑ….ඇදේ එහා කොන දිහා විමංස සැරෙන් සැරේ බලනවා..පිච්ච මල් සුවද අද දැනෙන්නෙ නෑ..විමංස හෙමීට සදලිගෙ කොට්ටෙ අතගෑවා..ෆොන් එකෙන් කීප වතාවක් සදලිගෙ නම්බරේ ඩයල් කලත් විමංස කට් කරලා දැම්මා.
මං ගෙදර ආවා
කියලා විතරක් මැසේජ් එකක් දැම්මාඒත් සදලිගෙන් ප්‍රතිචාරයක් නෑ