සදලි- 01 කොටස

සදලි… පුංචි මහත්තයා උඹට කාමරේට අඩගහනවා ..විජහට යනවා

අනේ ලොකු මැඩම් ..මං.. මං කොහොමද කාමරේට තනියම යන්නේ ..

පුංචි මහත්තයා උඹව ගිලින්නේ නෑ..උඹට තනියම කතා කරන්න ඕනෙලු..

ඒ ඇස් බියෙන් සලිත වුනා.පිරිමියෙක් විතරක් ඉන්න කාමරේකට තනියම යන්න..ජීවිතේ පළවෙනි වතාවට

උඹලට ඒ උත්තමයන්ගෙන් කකා බිබී මෙතැන වැටිලා සැප විඳින්න හොඳයි .වැඩකට කතා කලාම යන්න බෑ .. උඹලා මහ ඒජන්තද?

අනාත නිවාසෙ පාලිකා සුනීතා මැඩම්ගේ සැර පරුෂ හඬට සදලි තවත් බය උනා .අනාථ නිවාසෙ හිටපු අහිංසකම කෙල්ල… සුදු රෝස මලක් වගේ… ඔව්… බයෙන් බයෙන් ඒ කාමරේට ඇතුළු වුණා

ඔහු හිටගෙන හිටියේ ඇයට පිටුපාලා ජනේලේ ළග

සර්

සදලිගේ හීන් කටහඬ ඇහුනා.

ඔය දොර වහන්ඩ

අනේ ඒ හිත ගැසුන තරමක්.. අනාථ නිවාස ගැහැණු ළමයින්ට අවුරුදු 18 පැන්නට පස්සේ ලොකු මහත්තයා විකුණනවා.. ඒක අනාථ නිවාසේ ප්‍රසිද්ධ රහසක් ..ඉතින් සඳලි බය නොවෙයිද ..ඒත් මේ ඉන්නේ ලොකු මහත්තයාගේ පුතා

කිව්වම දොර වහනවා

සඳලි දොර වැහුවෙ වෙවුල වෙවුල..

විමංස හැරුනා.. නිල්පැහැ ගවුමක් ඇඳි යුවතියක්..හිිතුවට වඩා  ළාබාල පාටයි ..සදලිගේ ඇස් බිමට බර වුණා

ටොක් ටොක්

ඔහුගේ අඩි සද්දේ ළං ළංව ඇහෙනවා.. සඳලි බිම බලාගෙනම හිටියා. ඈතට පෙනුන ඒ මූණ හරි නපුරු පාටයි.

මොකක්ද නම

සදලි

ඒ  ගැඹුරු හඬ

සදලි මං  දිහා බලනවා .කිව්වම බලනවා.

සඳලි ඇස් ඉස්සුවා ..ඒ දිග ඇස්පියන් …විමංසගෙ හිත ගැස්සුණා .ඒත්…

තමුන් කැමතිද මාව කසාද බඳින්න

සදලිගෙ කට බාගෙට ඇරුණා.

මොකක්ද?

නැමතිද කියනවා සදලි මට නාස්ති කරන්න කාලයක් නෑ.. කැමතිද නැද්ද?

ඔහු  සඳලිගේ මුහුණට ලං වුනා ..ඒ ඇස් සසල වෙනවා.. ඒත් උරුමය ඒ නෙවෙයි.

කැමති නැද්ද …සඳලි කැමතිද ?

ඔව්

සදලිට නිකංම කියවුනේ විමංසගෙ ඇස් වල ආකර්ශනයෙන් ගැලවෙන්න බැරුව..

හ්ම්.. එහෙනම් යමු

කොහෙද

එන්න

විමංස සදලිගේ අත අල්ලගෙන එළියට ආවා.

මහත්තයා යන්න ද

ඔව් සුනීතා.. සඳලිකැමතියි

මෙයාගෙ කැමැත්ත නම් වැඩක් නැහැ.. මහත්තයාගෙ  කැමැත්ත තමා වෙන්න ඕනේ.

අහිංසකී බිම බලනවා ..ඇත්ත මොකක්ද ?ඇයි අරන් යන්නෙ? රැවටිලිකාර ලෝකෙ ගැන ඇය දන්නේ නෑ .අනාත නිවාස වත්තේ මායිම විතරයි දැකලා පුරුදු .ඉස්කෝලේ තිබුණේ අල්ලපු වැටේ..

සදලි එහෙනම් මහත්තයා එක්ක යන්ඩ

සුනීතා  මැඩම්ගේ හඩ.. සඳලි මැඩම් ලග දණ ගැහුවා

මැඩම්ට පින් මෙච්චර කල් මාව බලාගත්තාට මම බලා ගත්තට..

ඒවා නැතුවට කමක් නෑ. මහත්තයා කියන විදිහට වැඩ ටික කරගෙන හිටියා නම් හරි

සුනීතා කීවේ අහක බලාගෙන. නිල් පාට සැපපහසු කාර් එකක්.. සදලි පිටිපස්සට ගොඩ උනා.. බියුටි සැලොන් එකක් ළග කාර් එක නතර වුණා. සදලිට හිතාගන්නවත් බෑ .රෝස පාට දිග ගවුමකින් සඳලිව හැඩ ගැන්වුණා.ඊළගට සදලිගෙ ඉදිරියට  ආවේ හොඳට ඇඳ පැළඳ ගත් යුවලක් .

සදලි මේ ඉන්නේ තමුන්ගේ අම්මයි තාත්තයි හරිද? බංගලාවට ගියාට පස්සේ එහෙම තමා කතා කරන්න ඕනේ ..සදලි ඔලුව වැනුවා. විසල් බංගලාවේ මැද සාලෙ සරසලා .සඳලි ගැහි ගැහී ඇතුළු වුණා

 

සඳලි ඔලුව උස්සලා නිකං වත් බැලුවේ නෑ . ඒ තරමට මේ හිත බය වෙලා ගැහෙනවා ..විමංස සක්දෙව් මොණරතැන්න ..ඒ නම ඇහුනේ රෙජිස්ට්‍රාර්වරයාගේ හඬින්. නම දන්නෙත් එතකොට

අනේ වාසනාවන් සුදු පුතා මේ දැරිවි සීදේවි පාටයි. අර නැට්ටිච්චිගෙන් ගැලවුණු එක මට පුදුම සන්තෝෂයක්.

ඔලිවියා..විමංසගෙ ආච්චි සදලිගෙ හිස අතගාලා කිව්වා..සදලිට ඒ කිසි දෙයක් ගාණක් නෑ..කෙල්ල බයටම වෙව්ලනවා.ටික ටික රාත්‍රිය උදාවුනා

 

උඩ තට්ටුවෙ කාමරේ සඳලි ආපු විදිහටම ජනේලේ ළඟට වෙලා හිටගෙන බලන් හිටියා.. ඇදේ ඉදගන්නත් බයයි.

විමංස කාමරේට ආවා .ඔහු ෂර්ට් එක ගලවල තුවාය අරගෙන නාන කාමරයට වැදුනේ සදලිව නොදැක්ක ගානට. විමංස එනකං සඳලි ඒ විදිහමයි.

විමංස සඳලිගේ ලගට ආවා .

සඳලි අර බෑග් එකේ ඇඳුම් තියෙනවා පාරො ගෙනත් දුන්නා නේද

ඔව් ඔව්

ඉතින්..තමුන් මෙහෙම හිටගෙන ඉන්නෙ මොකද

නිකං

සඳලිට විමන්ස දිහා බලන්න ලැජ්ජයිවි..මංස ඉන්නෙ තුවාය පිටින්

විමංස ගෙ ෆෝන් මං රිං වුණා..

හායි..ස්වීටි..

…..

ඔව්…

..

යන්තම් ශේප් උනා ..

ඉක්මනට ලියයි

මං එනවා ..ෂුවර්..

විමංස කඩිමුඩියේ ලෑස්ති වෙනවා. සඳලිට අගක් මුලක් තේරෙන්නෙ නෑ

සදලි..මං එළියට යනවා..ඔයා කාලා නිදාගන්න හරිද?..

ඒ..ඒත් මහත්තයා කොහෙද යන්නෙ..

පොඩි ගමනක්..හදිසි ..ෆැක්ටරි එකේ..ඕකේ…

ඒත් සදලිට නිකමට හිතුණා මේ එහෙම ගමනක් නෙවෙයි කියලා..

චූටි පුතා..කොහෙද මේ ලක ලෑස්ති වෙලා යන්නෙ..

ඔලිවියා පඩිපෙල කලබලෙන් බහින විමංසගෙ ගමන නතර කළා..

ආ..ආච්චි..යාළුවෙක් කතා කළා..හදිසියක් කියලා

 

මෙන හදිසිය වුණත් අද පුතාට එළියට බහින්න බෑ..කරුණා කරලා යන්න උඩට..අර ළමයා තනියම

ඒ..ඒත් ආච්චි

විමංස..ආයෙ නටන්න බෑ..අර නැට්ටිච්චි ගැන තියෙන අදහස අතඇරලා දාන්න ඕනෙ.. තමුන්ට කිසි දේපළක් මං ලියන්නෙ නෑ තමුන් හැදෙනකල්..මුණුබුරෙක්ගෙ මූණ දැක්කම තමා මං තමුන්ට දේපළ ලියන්නෙ‍

මුණුබුරෙක් ..

විමංස නළලෙ අත ගහගත්තා

ආච්චි..ආච්චිට ඕන වුණේ මං ටීෂාව අතඇරලා වෙන කෙල්ලෙක් බදිනවා බලන්නනෛ.දැන් හරිනෙ..ඇයි දැන් තවත් කොන්දේසි..

උම හිතන්නෙ මං මෝඩයෙක් කියලද චූටි පුතා..කවදාහරි මං දේපළ  ලියන්නෙ..උඹටයි සදලිටයි මගෙ මුණුබුරාටයි..මගෙ වචනෙ වෙනස් වෙන් නෑ..දැන් උඩට යනවා

ඊඊ…ආච්චි..

විමංස තරහෙන් පඩිපෙළ නැග්ගා..

ඇදුම් මාරු කර කර හිටිය සදලි එක පාරටම බයවුණේ විමංස ආපහු කාමරේට ආවාම.

සදලි බාගෙට ගලවපු ඇදුම් වලින් ගත මුවා කරගත්තා.විමංස සදලි දිහා නපුරු බැල්මක් හෙලලා ඇදට වැටුණා..

 

සදලි

2 කොටස

 

විමංස..අර අනාථ කෙල්ල එක්ක තමුසෙ  ඊයෙ  හනිමුන් ගියාද?

ටීෂාගෙ කටහඩ ෆෝන් එකෙන් ඇහුණා.

පිස්සුද ටීෂා ..දොඩවන්න එපා

මං  ඊයෙ කොච්චර වෙලා බලං හිටියද? කෝල්ස් කීයක් ගත්තද?

ආච්චි එන්න දුන්නෙ නෑ ටීෂා..මං එහෙමම ඇදට වැටුණා..නින්ද ගියා

හරි ලේසියෙන් කියන හැටි. ඔයා තොත්ත බබෙක්ද විමංස..ආච්චිට බය වෙන්න..

සොරි ටීෂා..පොඩ්ඩක් තේරුම් ගන්නවා..මට ඕනෙ විදිහට නටන්න බෑ කියලා..

කොයි දැන් අනාථ කෙල්ල

වොශ්රූම් එකේ..

ඒකි මොනවද කියන්නෙ

මොනවත් නෑ

කොහෙද නිදාගත්තෙ

මං දන් නෑ ටීෂා..මහන්සියට නින්ද ගියා..දැන් ඇහුරුණේ මට.. එයා  හිටියෙ නෑ ඇදේ..

හහ්…

ටීෂා ඔරවන හැටි විමංසට මැවිලා පෙනුනා..

ටීෂා..මං එන්නම් අද..

මං අද කෑගල්ලෙ සැලොන් එකේ වැඩ ටික බලන්න යනවා විමංස..අකීෂා එක්ක යන්නෙ..

අද එනවද

රෑ වෙයි..එ

එහෙනම් මං රෑට එන්නම්.

ආච්චිගෙන් දැන්මම අවසරේ ගන්ඩ..චූටි පුතා.

ටීෂා

ඔයාට ආදරේ නිසානෙ විමංස මට බය

මාත් ආදරෙයිනෙ ..

ඔයා වෙනස් වෙයි

පිස්සුද ටීෂා…අවුරුදු හතරක්ම වෙනස් නොවුණු මං දැන් වෙනස් වෙයිද?

බායි

විමංස ඔලුව බදාගත්තා.ආච්චි ඊයෙ කීව කතාව කොහොමද ටීෂාට කියන්නෙ..වොශ්රූම් එකේ දොර ඇරුණා..

සදලි කහපාට දිග ගවුමක් ඇදගෙන එළියට ආවෙ බිම බලාගෙනම

සදලි..මට තේ එකක් ගේන්ඩ

සදලි කාමරෙන් පිටවුණා..ඊයෙ රෑ සදලි විමංසගෙ ඇදේ ගොඩක් ඈතට වෙලා නිදාගත්තෙ බයෙන් බයෙන්. විමංස රෑ ගිය පයින්ම ආපසහු කාමරේට ආවෙ ඇයි කියලා සදලිදන්නෙ නෑ..විමංසගෙ ගැඹුරු හුස්ම ඇහෙනකොට සදලි වෙව්ලනවා..උදේ ඇහැරෙද්දි සදලි හිටියෙ විමංසට හේත්තු වෙලා ගුලිවෙලා..ඒත් සදලි ඉක්මණට මෑත් වෙලා වොශ්රූම් එකට ගියේ විමංස ඇහැරුණොත් බනියි කියලා බයවෙලා.විමංස තවම දන්නෙ නෑ ඒ ගැන..

 

මේ..අක්කෙ..

පාරෝ උයනවා

නෝනෙ..මං අක්කා නෙවෙයි පාරෝ..ලොකු මැඩම්ට ඇහුණොත් විනාසයි..පාරො කියන්ඩ

කමක් නැද්ද

අනේ කමක් නෑ නෝනෙ

අහිංසක හිනාව..සුදු රෝස මලක් වගේ..පාරෝට ලෝබයි

මහත්තයාට තේඑකක් ගේන්න කීවා

ඉන්න මං ටක් ගාලා හදන්නම්

මං හදන්නද

හා ..සීනි අඩුවෙන් බොන්නෙ

සදලි තේඑකත් අරගෙන කාමරේට යනකොටත් විමංස බර කල්පනාවක..විසදුම් නැති ප්‍රශ්න පත්තරේක හිරවුණු විමංස..ඇස් ඉස්සුවා..සදලි බිම බලාගෙන තේ කෝප්පෙ දිග් කරනවා

සදලි වාඩිවෙන්න.

විමසං තේ එකෙන් උගුරක් බීලා  කීවා..

සදලි වටපිට බලලා මේසෙ ළග තිබුණු පුටුවෙන් වාඩිවුණා.

අද සදලිද තේ එක හැදුවෙ..

සදලි බයවුණා..තේඑක රසනැතිවද?

ඔ..ඔව්..

රසයි..ආයෙ සදලිම තේ හදන්ඩ..

හා..

ඒ පුංචි හිතට සැනසීමයි.

සදලිගෙ වයස කීයද?

දහ ..නවයයි…

විමංස සදලි දිහාට බලාගෙන..ඒත් සදලි දිගටම බිම බලාගෙන..

සදලි දන්නවද මගෙ වයස..ම්…

නැ..හැ..

විසි නවයයි..

සදලි ඒ පාර විමංස දිහා බැලුවා..ඒත් එක්කම ආයෙත් බිමට ඇසු යොමු කරගත්තෙ..විමංසගෙ බැල්ම දරාගන්න බැරිව.විමංසට එහෙම වයසක් පෙනුනෙ නෑ..ඒකයි සදලි පුදුම වුණේ

මං සදලිට වඩා අවුරුදු දහයක් වැඩිමල්..මට සදලිව පේන්නෙ පොඩි එකෙක් වගේ.

සදලි  ඇගිලි තෙරපවාගන්නවා..කොල්ලෙක් එකක් මහෛම තනිවෙලා කවදාවත් කතා කරලා නැති සදලිට මේ දේවල් දරන්න බැරිතරම්..ඊටත් වඩා විමංසගෙ කරුණාවන්තබව

සදලි ඒලෙවෙල් කළාද?

ඔ..ඔව්..

මොනවද සබ්ජෙක්ට්..

බයෝ..

රිසල්ට්..

බීඑකයි සී දෙකයි..

ෆස්ට් ෂයිද?

ඔව්

කැම්පස් සිලෙක්ට්ද?

ඔව්

ෆැකල්ඩි

සයන්ස්

ගියෙ නැද්ද

නෑ

 

ඇයි

සදලි නිහඩයි..

සදලි බලන්ඩ මගෙ දිහා..

සදලි ඇස් ඉස්සුවා

ඇයි ගියෙ නැත්තෙ..ඇත්ත කියන්ඩ

සදලිගෙ පැකිලීම දැක්ක නිසා විමංස සැර කළා.

සු..සුනීතා මැඩම් යන්ඩ දුන් නෑ..

කැම්පස් ගිහින් ඉගෙන ගෙන රස්සාවක් කරන්ඩ සදලි කැමතිද?

ඔ..ඔව්

 

මොකද්ද රස්සාව..

ටී..ටීචර් කෙනෙක් වෙන්න..සයන්ස්..

සදලි කැමතිද ඕපන් යුනිවර්සිටි එකට යන්ඩ..මට පුළුවන් සදලිව ඒකට දාන්ඩ..

සදලිගෙ ඇස් වල මතු වුණු පුදුමය..ඒ වගේම සතුට..විමංස දැක්කා.

විමංසගෙ අරමුණු ගැන කිසිම දෙයක් නොදන්න අහිංසකී කැමති වුණා..එකපයින්ම කැමති වුණා.

ඔ..ඔව් සර්…

ගොඩක් හොදයි..සහතික තියෙන්නෙ අනාථ නිවාසෙ නේද? හවස යන්ඩ ලෑස්ති වෙන්න.ඒවා අරං එමු..මං ෆැක්ටරි එකට ගිහින් එන්නම්

හා..

සදලි නැගිට්ටා..

සදලි..

සර්..

මෙතනින් වාඩි වෙන්න.

විමංස පෙන්නුවෙ ඇද..

සදලි පැකිලීමෙන් වාඩිවුණා.

සදලි ..ආච්චි..බංගලාවෙ අනිත් අය..ඊයෙ රෑ ගැන සදලිගෙන් අහයි..

සදලි ඒ ගැඹුරු ඇස් දිහා බලලා අහක බැලුවා

කියන්න මං සදලි එක්ක හිටියා කියලා..මං කියන දේ සදලිට තේරෙනවා නේද

..සදලි ඔලුව හෙල්ලුවා..

සදලි ඕවා ගැන දැන්ම හිතන්න ඕනෙ නෑ..හොදට ඉගෙන ගන්න..ආච්චි ඇහැවොත් කියන්න කැම්පස් එකේ ඩිග්‍රි එකක් කරනවා..මේ දවස් වල වැකේෂන් කියලා..කැම්පස් පටංගත්තාම යනවා කියලා..හරිද?..වැඩිය කතාවට යන්න එපා..ආච්චි ටිකක් සැරයි..

හා..

විමංස සදලිගෙ ඔලුව අතගෑවා..

පිරිමියෙක්ගෙන් මෙහෙම කරුණාවක්  කවදාවත් විදලා නැති සදලිගෙ ඇස් වලට කදුලු පිරුණා..ඒත් ඒ කදුළු විමංසට පෙනුනෙ නෑ..

විමංස ගියාට පස්සෙ සදලි හෙමීට පහලට බැස්සා..කවුරුවත් පේන්න නෑ..

නෝනෙ..එළියට ගිහින් බලන්න ..තේවතු යායම ලස්සනට පේනවා..

පාරෝ සදලි එක්කම එළියට බැස්සා. තලවාකැලේ..තේ වතු යායක් මැද තියෙන බංගලාව..තේවතු වල කොටසක් මීදුමෙන් වැහිලා..

හරි ලස්සනයි

ඔව් ..නෝනෙ වගේමයි..

අනිත් අය කෝ පාරෝ

විමංස මහතක්තයාගෙ අම්මයි තාත්තායි බිස්නස් වැඩකට එළියට ගියා  ඔලිවියා නෝනා නම් තම නිදි ඇති.

ඒ අය විතරද ඉන්නෙ මෙහෙ..

තව..වි..

පාරෝ..උඹට වැඩ නැද්ද..මොකද මෙතන කරන්නෙ..

ඔලිවියාගෙ හඩ ..කතාව නවත්තලා පාරෝ බිම බලාගෙන  ගෙට දිව්වා

දුව…චූටි පුතා ගියා නේද?

ඔ..ඔව් ආච්චි..

ටිකක් වාඩි වෙමුකො දුවත් එක්ක කතා කරන්න ඕනෙ මට..

ඔලිවියා පෙන්නපු බංකුවේ පාරෝ ඉදගත්තා

චූටි පුතාව අදුනගෙන ගොඩක් කල්ද?

සදලිට උත්තරයක් ණෑ..අදුරනගත්තෙ ඊයෙ කියන්නද?ඒත් එහෙම කිව්වොත් විමංස බනීවි

ටික..කා..ලයක් වෙනවා..

ඊයෙ රෑ චූටි පුතා යන්න ලෑස්ති වුණේ..මං තමා උඩම එව්වෙ..ඒත් මට හැමදාම තහංචි දාන්න බෑ..දුව දැන් එයාගෙ වයිෆ්..ඒ නිසා දුවට පුළුවන් වෙන්න ඕනෙ විමංසව පාලනය කරන්න..

සදලි බිම බලාගෙන කකුලෙ මහපට ඇගිල්ලෙන් බිම හාරනවා..

සදලි ලස්සනයි..විමංස පුතා සදලිට ආදරේ වෙයි…මැරෙන්න කලින් මී මුණුබුරෙක්ගෙ මූණ බලන එක තමා මගේ සතුට..

සදලිගෙ ඇස් ලොකු වුණා..

විමංසගෙ වෙනසක් නෑ නේද?ඊයෙ රෑ සදලි ළගට ආවා නේද?

ඔ..ඔව්..ආ..ච්චි..

හොදයි..එහෙනම්..මං ඇතුලට යනවා..තේ වත්තෙ ඇවිද්දට කමක් නෑ කම්මැලිකමට..ගොඩක් ඈතට යන්න එපා..පාරෝ එකක් යන්න මුලින් යද්දි.පාරවල් අහගන්ඩ

ඔලිවියා හෙමීට ඇතුලට ගියා..සදලි සැනසුම් සුසුමක් හෙලුවා..

අම්මා තාත්තා නෑදෑයො කවුරුවත් නැතිව අනාථ නිවාසෙට කොටු වෙලා හිටිය සදලිට මේ ලැබුණු ජීවිතේ මහමෙරක් වගේ..විමංසගෙ කරුණාවන්ත කම යටින් තියෙන අදුර සදලිට නොපෙනුනෙ ජීවිතේට මේ ලැබුණු දේවල් බර වැඩි නිසා වෙන්න ඇති.

චූටි පුතා..කොහෙද මේ දෙන්නා එක්කම යන්නෙ..

සදලි එකක්ම ලෑස්ති වෙලා එළියට බහින විමංසගෙන් ඔලිවියා ඇහැවා..

අපි ටිකක් ඇවිදලා එන්නම් ආච්චි..සදලිට බඩු ටිකක් අරන් දෙන්නත් තියෙනවා..කැම්පස් පටං ගත්තම  සදලි බිසී වෙනව‍ොනෙ

ඔලිවියා වගේම සාලෙ හිටපු ගිරිරාජ් , මනීෂා පුදුමෙන් සදලි දිහා බැලුවා

කැම්පස්

ඔව් ..සදලි ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රි එකක් කරනවා..ෆස්ට් ඉයර්..මේ දවස් වල වැකේෂන්

හැමෝම පුදුමෙන් බලං ඉද්දි විමංස සදලිත් එකක්ම එළියට ආවා..විමංස මෙහෙම බොරු කියන්නෙ ඇයි කියලා සදලිට හිතා ග්නන බෑ.

ඒත ඒවා ගැන අහන්න තමන්ට අයිතියක් නැති බවයි සදලිට හිතුණෙ..

අනාථ නිවාසෙ තිබුණේ විමංසගෙ තාත්තගෙ යටතේ..අනාථ නිවාසෙ ළමයි කාලා බීලා ජීවත් වෙන්නෙ එයාලා නිසා..

විමංස කිසිම කතාබහක් නැතිව කාර් එක අරගෙන ආවෙ අනාථ නිවාසෙට

සදලි දැක්ක ගමන් සුනීතා හිතුවෙ සදලි මොකක් හරි වැරැද්දක් කරන්න ඇති කියලා..නැත්නම් මෙහෙම එක්කගෙන එයිද?

ඇයි මහත්තයා..මේ කෙල්ල මොකක් හරි වැරැද්දක් කළාද?මං හොද වැඩක් කරන්නම්..ඒවා කොහෙද මාත් එක්ක..මං කියලා යැව්වෙ මහත්තයාට කීකරුව ඉන්ඩ කියලා.මහත්තයාලා මුන්ට සළකනවා වැඩී..

සුනීතා සදලිගෙ ඇගට කඩං පැන්නා

 

 

3 කොටස

නිකම් කකා බිබී මෙතන වැටිලා හිටිය එවුන් දැන් ලොකු ලොකු තැන් වලට ගිහින් අපිට පුප්පනවා..මේකිත් නටන්න ලෑස්ති වුණොත් මහත්තයා පාරක් දීලා හරි හදාගන්ඩ. දෙකට ගනින්න බෑ වාගේ හිටියට මේ කෙල්ලො හරි කපටියි.

 

සුනීතාගෙ දෝස්මුරේ ඉවර වෙන් නෑ..විමංස අත් දෙක ඉනට තියාගෙන සුනීතා දිහා බැලුවෙ කෝපෙන්

සුනීතා..කට වහගන්නවද?සදිලව එක්ක ආවෙ එයාගෙ සහතික ටික අරගෙන යන්න..

ඒ මොකටද මහත්තයා

සදලිව කැම්පස් එකකට දාන්ඩ..

ඒ මොකටද?මුන්ට උගන්නලා මහත්තයාලා වැඩ කරව ගන්නෙ කොහොමද?

සුනිතාට ඒවා වැඩක් නැහැනෙ.සදලි යන්ඩ..ඕන දේවල් අරං එන්න..

සදලි නිවාසෙ පැත්තට දිව්වා.

මහත්තයා…මොනවද මේ කරන්නෙ..

සුනීතා..මං සුනීතාට ඕන තරම් සල්ලි දෙන්නම්..අපේ තාත්තලාටවත් සදලි ගැන දැනගන්ඩ තියන්න බෑ..හරිද?..

හරි මහත්තයා..ඒත ඔය කෙල්ල අරං ගියේ වැඩකාරකමට නේද?

ඔව්..ඒත් ටික කාලයක් එයාට හොදට සළකන්න වෙනවා..මගෙ වැඩේ කරගන්නකල්..

ඔලිවියා මැඩම් මොකද කියන්නෙ..

සුනීතා..තාත්තා දැන ගත්තත් ආච්චි දැන ගන්න බෑ මේ ගැන..සුනීතා මගෙ විශ්වාසෙ කඩ කලොත් දන්නවනෙ වෙන දේ..සුනිතාගෙ මේ රස්සාව නැතිවෙයි..සුනීතා මේ නිවාසෙ ළමයින්ට හරි හොදට සළකන බව මට පේනවා..ඒ වගේම ගසා කන හැටිත් මං දන්නවා

විමංසගෙ තර්ජනාත්මක වදන්..සුනීතා වටපිට බැලුවා..කවුරුවත් පේන්න නෑ..

හරි හරි ..මහත්තයා කැමති දෙයක් කරගන්ඩ.

සුනීතා පරාජය බාර ගත්තා.

සදලි පොඩි බෑග් එකකට අඩුම කුඩුම දාගෙන ආවෙ විමංස කාර් එකට හේත්තු වෙලා  කෝල් එකක ඉද්දි..

මැඩම් ..මං ගිහින් එන්නම්..

‍සුනීතාගෙ මූණෙ සරදම් හිනාවක්..

ආයෙ නාවට කමක් නෑ..කොහොමත් උඹට එන්න  බැරි වෙයි සදලි..

සදලි බිම බලාගෙන යටිතොල හපාගත්තා.

සුනීතා මැඩම් කවදත් සදලිට නපුරු වුණා..මොන තරහක්ද දන්නෙ නෑ..සදලිගෙන් පුළුවන් තරම් වැඩ ගත්තා..සදලිගෙ  වැඩ වල අඩුව පුරවන්න අනිත් ළමයි දෙතුන් දෙනෙක් ගන්න වුණා.

යන්නම් මැඩම්..

හ්ම්..මහත්තයා කියන විදිහටම ඉන්නවා..කටගහගෙන එහෙම යන්නෙ නැතුව.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!