වලව් පුතා- 15 කොටස

විහංගගෙ  කලබලේ දැකලා මැදිවියේ හිටපු වෛද්‍යවරයාගේ මූණට හිනාවක් ආවා..

වෙලා තියෙන දේ තමුන් දැනගන්න එපැයි..

කට්ටියම මුහුණෙන් මුහුණ බැලුවා ..

වෙන මොනවද? වයිෆ් ප්‍රෙග්නන්ට්..my congratulation දැන් මාස එකහමාරක් වගේ ඇති.. සිහිය ඇවිත් තියෙන්නේ..

විහංගගෙ පිටට තට්ටුවක් දාලා ඩොක්ටර් එතනින් එහාට ගියේ කොල්ලා තුෂ්ණිම්භූත  වෙද්දි..රන්දු සඳුනි දිහා බැලුවා..සදුනි ලස්සනට හිනාවුණා..තුෂාන් සශේන්ව වැළද ගත්තෙ බොහොම සන්තෝසෙන් .විහංග තාමත්  තුෂ්ණිම්භූතයි.. සඳුනි අභිනයෙන් රන්දුට විහංගව  පෙන්නුවා..රන්දු විහංගව පැත්තකට ඇදගෙන ගියා.

මචන් .. උඹේ සියයට එකේ සම්භාවිතාවය වැඩකරලා..

 

රන්දු කීවේ විහංගගෙ කරට අතක් දාගෙන..විහංගට මේක අදහන්න බෑ..

ඒ.. ඒත් රන්දුවා මං… මචං..

ඩොක්ටර් කීවෙ උඹට හොඳ වෙන්න පුළුවන් කියො.. උඹේ අපල කාලේ ගෙවිලා තියෙන්නේ..

ඒත්.. එහෙම වෙන්නේ කොහොමද ? අපි දෙන්නා ..වෙන් වෙලා අ..අවුරුද්ද..ක්

උඹ එදා මගෙ බර්ත් ඩේ පාර්ටි එක ඉවර වෙලා යෙහංසාව අපාර්ට්මන්ට් එකට අරන් ගියා නේද ? උඹෙන් මං අහද්දි උඹ මුණ හංගගත්තා.. උඹ මෙච්චර ළදරුවෙක් කියලා මං දන්නෙ නෑනෙ

විහංගගෙ මූණට ආවෙ පැණි  හිනාවක්..

රන්දුවා..

විහංග රන්දුව  බදාගත්තේ බොහොම සන්තෝසෙන්..

දැන් යමන් ඇතුලට ..

රන්දු විහංගගෙ අතින් ඇදගෙන ඇතුලට ආවෙ යාළුවො ටිකත් එක්කමයි.. යෙහංසා  හිනාවෙවී ඇද උඩ ඉදගෙන බලන් හිටියේ ඩොක්ටර් ඒ කතාව කෙල්ලට කලින් කිව්වා නිසා.. විහංග කෙල්ලව දෝතට අරන් කම්මුලක් ඉඹලා වටයක් කැරකෙව්වෙ සඳුනි කෑගහද්දී

පරිස්සමින් විහංග දැන් ඔය නැටිලි එපා

විහංග යෙහන්සාව බිමින් තියලා කෙල්ලගේ නළලට නළල තියාගෙන හිනා උනා.. යෙහංසා කඳුළු අතරින් හිනා උනේ සතුට දරාගන්න බැරිව.. ජීවිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නයක් විසඳුනා..

අහ්..ම්..

රන්දූ  උගුර පෑදුවේ එයාලා ඉන්න බව මතක් කරන්න. දෙන්නම තත්පරේට ඈත් වුණා.

 

දැන් මංගල සභාව ආමන්ත්‍රණය කරන්න පුලුවන්ද ?මගේ engagement එක දැන්වත් ඉවර කරගන්න පුළුවන් වෙයිද

රන්දු සාක්කුවෙන් රිංග් එකක් තියෙන බොක්ස් එකක් ගත්තෙ විහංගගෙ මූණ මැලවෙද්දී ..

රන්දුවා

ඔව් මං රන්දු තමා

මචං සොරි වෙච්ච දේ…මට යෙහංසාව දෙන්න බෑ

හරි එහෙනම් මට ඒ වෙනුවට සඳුනිව ඕනේ

රන්දු සඳුනි දිහා බැලුවේ දැඩි බැල්මක් .. සඳුනි ඒ බැල්මට ලැජ්ජාවෙන් බිම බැලුවා .යෙහන්සා පුදුමෙන් බලන් හිටියා

මචං..ඒකට සඳුනිගෙ කැමැත්ත ඕනේ

මට කැමැත්ත වැඩක් නෑ ..මට ඕනේ.. උඹට ඕන විදිහට හැමදාම නටන්න බෑ ..

රන්දු අඩියට දෙකට දෙකට සඳුනි ළඟට ගිහින් කෙල්ලගේ අත ඇදගෙන බලෙන්ම රිංග් එක දැම්මා.. විහංග ළඟට යන්න හැදුවට යෙහන්සා කොල්ලව නතර කළා.. සඳුනි හිනාවෙවී ලැජ්ජාවෙන් ඇඹරුණා.. රන්දු කරට අත දාගෙන කෙල්ලව තුරුළු කරගත්තා.

සශේන් එක්ක තුෂාන් අත්පුඩි ගැහැවෙ  එයාලා මේ රහස දැනගෙන හිටපු නිසා..

දැන් උඹලා ඔය කටවල් වහ ගනිල්ලා.. මැස්සෝ රිංගයි.. මං කොහොමත් යෙහංසාව බඳින්න හිටියේ නෑ ..සඳුනි තමයි මගේ ආදරේ.. අපි ඔක්කොම එහෙම ඩ්‍රාමා එකක් කලේ ඔයාලා දෙන්නව ආයෙ එකතු කරන්න ..ඒත් අපි නොහිතපු තරමට ඒක සාර්ථක වුණා ..තිබ්බ ලොකුම ප්‍රශ්නය විසඳුනා .

රන්දු  කියද්දී විහංග කෙල්ල දිහා බැලුවා.. කොල්ලා රන්දු ළඟට ඇවිත් රන්දූව දැඩිව වැලඳගත්තා.. යෙහන්සා සඳුනි වැළඳ ගත්තේ කියාගන්න බැරි තරම් හැගීමකින්..

මචං උඹලා කල්‍යාණ මිත්‍රයෝ.. මං මාර පිනක් කරලා තියෙනවා උඹලා වගේ යාලුවො සෙට් එකක් ලබන්න..සොරි තුෂාන්  උඹ මගෙන් පාරකුත් කෑවා..

දැන් අවුලක් නෑනේ අපිට අපිට පාටිය දෙන්නෙ කවද්ද

තුෂාන් ඇහැවෙ කට පියාගෙන ඉඳලම දැන් එපා වෙලා නිසා..

මචං උඹලා දවසක කතා උනු විදිහට මං වෙඩින් එක  ගන්නවා ..දැන් අපි ඉක්මනට මැරි කරන්න ඕනේ..

රන්දුට බකස් ගාලා හිනාවක් ගියා..

උඹ අපි කතා කරපුවා හොරෙන් අහගෙන හිටියා නේද?

රන්දු ඇහැවෙ වගක් නැතිව සශේන් දිහා බලන ගමන්..

ඒත් උඹලට මැරි කරන්න බෑ..

ඒ මොකද

ඩිවෝස් උනේ නැත්නම් මැරි කරන්නේ මොකටද ?

විහංග පුදුමෙන් රන්දු දිහා බලන් හිටියා..

උඹලා සයින් කරපු ඩිවෝස් පේපර්ස් මං මගදිම ඩස්බින් එකට දාගෙන ගියා ..

උඹ නම් මාර යකෙක් රන්දු..

විහංග යෙහංසාගෙ අතක්  අල්ලගෙන  කිව්වේ කෙල්ලගෙ මන බදින හිනාව රසවිඳින ගමන්..

ඒත් රන්දු අයියේ.. අපේ ගෙවල් වල අය මේවා දන්නේ නෑ .වලව්වෙන් මොනවා කියයිද ?

යෙහංසා ඇහැවෙ සැකෙන්

ඇත්ත තමයි.. ඒත් ඒ පාට් එක මට අදාළ නෑ.ඒක  උඹලා බේරා ගනිල්ලා ..අපිට වෙඩින් එකේ වැඩ තියෙනවා ..නේද ස්වීටි..

රන්දු සඳුනිට ඉඟි කළා ..සඳුනි බිම බැලුවෙ මූණත් රතු කරගෙන .යාළුවන්ගෙන් සමුඅරන් කොල්ලා යෙහංසා එක්ක ගියේ රෙස්ටුරන්ට් එකකට.. එතන කෑම හොඳයි ගොඩක් ..යෙහංසා පාඩුවේ කෑම කෑවා.. ඒත් විහංග නම් කනවට වඩා කළේ පපඩම් කෑල්ලක් හප හප කෙල්ලගෙ මූන දිහා බලන් ඉන්න එක..යෙහංසා කන ගමන් ඇහි බැමි උස්සලා ඇයි කියලා ඇහැවා..

කොල්ලා දෙතොල් උල් කරලා හාද්දක් පෙන්නුවා..යෙහංසා ඇස් ලොකු කරගෙන වටපිට බැලුවෙ කවුරුහරි දැක්කද බලන්න.. කෙල්ල තරවටු බැල්මක්  හෙලුවා. කෙල්ල  කොල්ලගෙ උඩ ඉඳලා පල්ලෙහාට ඇස් අරන් ගිහින් පපුවට අත තියලා ලොකු හුස්මක් ගත්තේ කට කොනෙන් හිනා වෙවී.. ..තැන නො තැන නො දගේ දඟකාරකම් වලට අකමැත්තෙන් නෙවෙයි..යෙහංසාට දැනුනේ මුළු ලෝකෙම ලැබුන වගේ

හවස් වේගෙන ආපු නිසා අපාර්ට්මන්ට් එකට දෙන්නා යන්න පිටත් වුණා..කාර් පාර්ක් එකේ ජිප් එක නතර කරපු විහංග  බහින්න හදපු කෙල්ලව අතින් ඇල්ලූවා.

ඉන්න

කොල්ලා බැහැලා එහා පැත්තට ගිහින් දොර ඇරියා.. මේ දර්ශනය දැන් සිකුරුටිටත් හුරුපුරුදුයි. කොල්ලා අද දවසට යෙහංසාව මේ දෝතට අරන් උස්සගෙන අපාර්ට්මන්ට් එකට ඇතුලට යන්නේ දෙවෙනි පාරට ..යෙහංසා කොල්ලගෙ පපුවෙ මූණ හංගගෙන  බෙල්ලෙ එල්ලිලා හිටියේ ඒ කඩවසම් මූණ දිහා හොරෙන් බලාගෙන..

කොල්ලා පුරුදු විදිහටම කම්මුලකුත් ඉඹින ගමන් කෙල්ල දිහා බලන් අපාර්ට්මන්ට් එකට ඇතුළු වුණේ දොර ඇරලා දුන්න සිකුරුටිටත් ස්තුති කරගෙන. ඒත් ඒ දෙන්නා දිහාට තවත් ඇස් යුගල දෙකක් යොමු වෙලා තිබ්බ කියලා කියල දෙන්නම නොදැක්කේ දෙන්නම හිටියේ ඒ දෙන්නගෙ හීන ලෝකේ නිසා

විහංග..

යෙහංසාව ඔඩොක්කුවේ තියාගෙන සෙටියේ ඉඳගත්තු විහංග කෙල්ලව උමතුවෙන් වගේ සිපගද්දි ඇහුණු දැඩි හඬට දෙන්නම එකපාරටම ගැස්සිලා දොර දිහා බැලුවේ බය වෙලා.දොර ළග හිටගෙන හිටියෙ  ප්‍රියංග එක්ක ගජවීර්..යෙහංසා දඩිබිඩියෙ  කොල්ලගෙ ඔඩොක්කුවෙන්  නැගිටලා සාරි පොට හදාගත්තේ හොඳටම බය වෙලා..මෙහෙම තත්ත්වයක් කෙල්ල තියා විහංගවත් හීනෙකින්වත් හිතුවේ නෑ.ඔක්කොටම වඩා දෙන්නා හිටපු විදිහට දෙන්නටම දැනුනේ පුදුම ලැජ්ජාවක්.

විහංග . උඹ මේකද මිනිහො මේ කොළඹට වෙලා කරන්නේ . උඹට ලැජ්ජාවක් කියලා නාමයක් ඇත්තේම නැද්ද? උඹලා ඉන්නේ මොන ලෝකෙද ?

ගජවීර් මැදගෙදරගෙ කටහඬ අපාර්ට්මන්ට් එක පුරාවට දෝංකාර දුන්නා.ප්‍රියංගා බලං හිටියේ ඇස් නළලේ තියාගෙන තියා ගෙන. පොඩි පුතා එළිපිට නටන මේ නාඩගම දිහා ප්‍රියංගාට බලන්නත් ලැජ්ජායි.

ප්‍රියංගා…තමුන් පොඩි පුතා බලන්න යමු කියල කිය කිය ඇඬුවේ මේ නාඩගම් බලන්න එන්න ද? තාමත් සුද්ධ කරනවද පුතාව

අම්මිට බනින්න එපා අප්පච්චි

විහංග කිව්වම ගජවීර් ප්‍රියංගා එක්ක ඉස්සරහට ආවා.

එහෙනම් කාටද බනින්න ඕනේ?මේ හිඟන්නිටද?

අප්පච්චි

උඹ රෝෂිණීව බඳින්න ලෑස්ති වෙන්න ඕනේ අද හෙටම.. හැබැයි උඹ නැටුවොත් උඹට වලව්වෙ දේපල සතයක් වත් හම්බ වෙන්නේ නෑ.. ඒ තියා ෆැක්ටරි එකක් නෑ. ඔක්කොම අයියට ලියනවා

ගජවීර් තර්ජනය කළේ දබර ඇඟිල්ල ඔසවලා.

ඉතින් ලියන්න.. කොහොමත් මං පිට එකෙක් ගානට දාලනෙ සැලකුවේ.. මට ඔය දේපල වැඩක් නෑ. මට පුළුවන් විදිහට මං ජීවත් වෙනවා.

ඇයි පුතේ මේ හිතුවක්කාර

ප්‍රියංගා හඬ අවදි කළා

අම්මි.. ඔයාලා මාව ඈත් කලා පොඩි කාලෙම.. දන්නවද මං කොච්චර තනි උනා ද කියලා.. ඒ තනිකම දැනෙන වාරයක් වාරයක් ගානෙ ගානේ මගේ හිතේ ඔයාලා ගෙන ඇති වුණේ තරහක්..

පුතේ අපි හැමදේම කළේ ඔයාගේ හොඳට..

අම්මලා කේන්දර බදාගෙන විකාර කරනවා. ඔය කේන්දර බොරු කියලා ඔප්පු කරන්න මට පුළුවන් .

විහංග යෙහංසා දිහා බැලුවා .වැඩිහිටියෝ දෙන්නම මූණෙන් මූණ බලාගත්තා.

අම්මි යෙහංසාගෙ කේන්දරේ තිබ්බා එයා වඳයි කියලා. ඒත් දැන් එයා ප්‍රෙග්නන්ට්

යෙහංසා තාමත් ඉන්නේ බිම බලාගෙන. ප්‍රියංගා යෙහංසා දිහා බැලූවේ පුදුමෙන්.

ඉතින් අම්මි කේන්දර බොරුනෙ එතකොට.. මෙන්න රිපෝට්ස්.. අපි දැන් චෙක් කරගෙන ආවේ

විහංග සාක්කුවේ තිබ්බ කොළයක් අතට ගත්තා.

විහංග උඹ මොනවද මේ කියවන බහුබූත.. මේ කෙල්ල ප්‍රෙග්නන්ට් උනේ උඹ  නිසා කියලද කියන්නේ

ඔව් අප්පච්චි

උඹට ලැජ්ජා නැද්ද කසාද නොබැඳ ළමයි හදන්න

 

විහංග යටිතොල හපා ගත්තේ ඇත්ත කියන්න වෙලාව උදා වෙලා නිසා.

අ…අප්පච්චි.. අපි මැරි කරලා අවුරුදු හතරක් වෙනවා

කොල්ලා හිතට දිරිය අරං කිව්වේ අමාරුවෙන්. මොකද කොල්ලත් දන්නවා දෙන්නම  ෂොක් වෙනවා කියලා .ප්‍රියංගා යෙහංසාගෙ උරහිස්වලින් අල්ලගත්තා.ප්‍රියංගාට මතක් උනා කේන්දරේ කියපු කතාව..

කසාදෙන් පස්සේ කොල්ලගෙ හිතුවක්කාර ගති අඩු වෙනවා කියලා.. ඔව් විහංග දැන් ඉස්සර වගේ නෑ. තාමත් මුරණ්ඩු වෙන්නෙ කසාද ප්‍රශ්නේ ගැන කතා කරද්දි විතරයි ..

යෙහංසා ඇත්තද පුතා කියන්නේ ?ඔයාලා කසාද බැඳල ද ඉන්නේ ?

ඔව් මැඩම්

මැඩම් නෙවෙයි දරුවො ..මට අම්මා කියන්න

ප්‍රියංගා  යෙහංසා ළගට ඇවිත් උරහිස් වලින් අල්ලගෙන තුරුලු කර ගද්දි විහංගට දැනුනෙ පුදුමාකාර සැනසීමක්.

ප්‍රියංගා..ඔයාට  පිස්සුද?

ගජවීර්ගෙ හඩත් බිදිලා ගිහින්.

ගජේ..අර රෝෂිණී වගේ සක්කරවට්ටමක් වලව් පෙළපතේ කිය කියා මගේ දරුවාගේ කරේ එල්ලලා හරි යනවද? මෙච්චර දවසක් ඔයාට කියාගන්න බැරුව හිටියෙ මං. ඔයා බැන්නට මං කියන්නේ ඇත්ත. පුතාගේ තේරීම මේ. දැන් හැමදේම වෙලා ඉවරයි. වලව්වේ උරුමක්කාරයා ඇවිත් ඉන්නේ. අපිට ඒවා වෙනස් කරන්න බෑ දැන්

ප්‍රියංගා කවදාවත් නැති දැඩි හඬින් කිවුවා. අම්මලා එහෙමයි

අපිට සමාවෙන්න අම්මා

යෙහංසා කියද්දි විහංග ගජවීර්ගෙ දෙපතුල අල්ලගත්තා.

අපිට සමාවෙන්න අප්පච්චි. හිත රිද්දන්න හිතුවේ නෑ .මං යෙහංසාට ආදරේ නිසයි මේ ඔක්කොම කළේ .

ගජවීර් විහංගව නැගිට්ටවගෙන පපුවට තුරුළු කර ගත්තා.

මගේ පුතා ගැන මට සතුටුයි. ඔයා මේ කෙල්ලව එදා අවුරුදු කුමාරි උනාට පස්සේ අරන් ගිහින් අතරමං නොකර වගකීම අර ගත්ත එක ගැන .මටත් මේ ගැන දුරට හිතන්න තිබ්බා. අපි පුතාගේ කැමැත්ත බැලුවෙ නෑ

අප්පච්ච් වාඩි වෙමු.

විහංග  මුල ඉදල හැමදේම දෙන්නට කිවුවෙ රහස් හංගන්නේ නැතිව.

යෙහංසා තේ හදලා ගෙනත් දුන්නා ඔක්කොටම.

අපි මේ ගැන යෙහංසාගෙ ගෙදරටත් කියන්න ඕනේ. ඒ වගකීම මං බාර ගන්නම්.. මගේ වචනෙට පිටින් එයාලා යන්නෙ නෑ..

ගජවීර්  කැමැත්තෙන්ම ඒ ප්‍රශ්නෙ විසඳගන්න බාරගත්තා

මහ රෑ දෙමහල්ලො පිටත් වුනේ හෙට උදේ ෆැක්ටරි එකේ මීටිං එකක් දාලා තිබුණු නිසා .විහංගට ආපහු ෆැක්ටරි එක භාරගන්න කියලා ගජවීර් අණකළා. කොල්ලා සතියකින් යෙහන්සා එක්කගෙන එන්න කැමති උනා.

විහංග මං පත්තරේ වැඩට යන්නේ කොහොමද වලව්වට ගියාම

යෙහංසා ඇහැවෙ රෑ නිදන්න ගිහින් යෙහංසාගේ මුලු ගතම සිප ගන්න විහංගගෙන්. ඒත් විහංඟට ඒව ඇහුණෙ නෑ .යෙහංසා කොල්ලගෙ කොණ්ඩෙ ඇද්දා. විහංග කෙල්ලගෙ  කුස  මත දෙතොල් තියාගෙන හිටියේ රෑ ඇඳුමට උඩින්

මොකද හලෝ .මං මගේ පැටියා ව කිස් කළේ.. ඔයාව නෙමෙයි

ඇත්තද ?කපටි නෑනෙ ඉතින්

විහංග කොට්ටෙට අතේ වැලමිට තියලා අත්ලේ ඔළුව තියාගෙන ඇඳේ හාන්සි වුනේ කෙල්ල දිහා බලාගෙන

මොකද්ද කිව්වේ

මං ආයෙ ජොබ් එකට යන්නේ නැද්ද

යනවා. හැබැයි පරණ ජොබ් එකට ෆැක්ටරි එකේ

අනේ විහංග.. මං ආසයි පත්තරේ වැඩ කරන්න

හරි බබා ..මං එහෙ ඔයාගේ පත්තර කන්තෝරුව දාලා දෙන්නම්කො

පිස්සු ඔයාට

කොළඹ ඉන්න බෑ පැටියෝ.. බබා ලැබුණට පස්සේ ආයේ එමු. ඒ පරිසරයෙන් නිදහස්.. නිස්කලංකයි.. ඔයාගේ ඇඟට වගේම මනසටත්  හොඳයි.

ඒක ඇත්ත..

ඒක නෙමෙයි රන්දුට හොඳට සලකන්න ඕනේ. මං හිතාගෙන ඉන්නේ වෙඩින් එකට හොඳ සර්ප්‍රයිස් එකක් දෙන්න.

මොකද්ද

හනිමූන් හොටෙල් එක බුක් කරන්නේ මං ගානේ

විහංග කිව්වෙ ඇහිබැමි උස්සලා කට කපලා හිනා වෙන ගමන්.

ඔයා නම් හැදෙන්නේ විහංග..

සඳුට කියන්න දැන් කෝල් එකක් අරන් සුබ ආරංචිය

පිස්සුද මට බෑ

එහෙනම් මං කියන්නද සඳුනිට

නාඩගම් එපා

යෙහංසා රැව්වා

තමුසෙට ඉරිසියයි නේද ?මං සදුනි  එක්ක කතා කරනවට

වැඩේමයි

තමුසෙ රන්දු එක්ක ඉද්දි මටත් එහෙමයි යෙහංසා. මට ඒක බලන් ඉන්න බැරි වුණා.

වලව් පුතා

යෙහංසා කොල්ලගෙ අත් බාහු නියපොත්තෙන්  හූරන ගමන් කිව්වා.

කොටිදෙන

විහංග නියපොත්ත අල්ලගෙන හපන ගමන් කියද්දී යෙහංසා  හිනාවෙලා ඇස් පියා ගත්තා..

 

******

චමූ ..කොයි උඹේ අර සුදු මිසී කෑල්ල

විහංග ඇහැවෙ ෆොටෝ කොපි  ගහන චමු ගෙන් .දැන් සෑහෙන වෙලාවක ඉදලා යෙහංසා පේන්න නෑ.

කවුරු

චමූ ඔලුව කහනවා

කොච්චරවත් අර නෙල්ලි.. පේර ගැට.. අඹ ගැට.. කඩන්න කියලා උඹව ගස් යවන්නේ ..අන්න ඒ උන්දෑ

 

විහංග පෑනෙන් මේසෙට තට්ටු කර කර චමූට රැව්වා

ආ..යෙහංස මිසීද?මිසී පොඩි රවුමක් ගියා

කොහේද

ෆැක්ටරි එකේ සිරි නරඹන්න

එහෙමද?චමූ මං උඹට උපදෙස් දීල තියෙන්නෙ කොහොමද

සර්..මේ…

යෙහංසා මිසී  එළියට යනවා නම් උඹ මොකද කරන්න ඕනේ

චමූ බය වෙලා හොදටම

සර් මං මිසී එක්ක යන්න ඕනේ තනියට.

එහෙනම් මොකද්ද මිනිහෝ උඹ මේ පොටෝ කොපි මඟුලක් බදා ගෙන කරන්නේ.උඹට පඩි දෙන්නේ නෑ මං..

චමූ වෙව්ලනවා

වසවර්තියා එහෙමමයි

යෙහංසා කාමරයට ඇතුළු වෙනකොටම විහංගගෙ කෑගැහිල්ල ඇහුණා .

විහංග මොකද මේ

චමූ මූණ කජු ලෙල්ලක් වගේ කරගෙන ශෝකෙන් බලන් හිටපු හැටියට යෙහයංසා හිතාගත්තා වුණ දේ.

එතකොට තමුන්… තමුන් ඔහොම බඩත් උස්සගෙන කොහෙද තනිපංගලමේ ඇවිදින්නේ… මම බෑන්ක් එකට ගිහින් එන ටිකට රෝන්දේ ගිහින් ..අර මහීපාල අංකල් කෝ.. මිනිහත් කොයි ලෝකෙ යනවද දන්නේ නෑ..

 

කෑ ගහන්න එපා අනේ.. මහීපාල අංකල් ලොරි වලට බඩු පටවන  ඒවා ගැන බලනවා. මං නිකං කම්මැලිකමට ඇවිදින්න ගියෙ. චමූට වැඩේ කරන්න කියලා.චමූ එන්න හැදුවෙ.මං මයි එපා කිව්වේ

යෙහන්සා විහංගගෙ මේසේ ඉස්සරහ තිබුණු පුටුවේ ඉඳගත්තා

චමූ ඕක ඇති දැන්.. උඹ වාෂ්ප වෙන්න ඕනේ දැන්.. විනාඩි දහයක් යන කල් කවුරුවත් මේ පැත්තට එවන්න එපා

හරි සර්

චමූ ඉක්මණට එළියට ගියා.

යෙහංසා කොල්ලා දිහාට හෙළුවේ තරවටු බැල්මක්.විහංග එතැනින් නැගිටලා ඇවිත් යෙහංසා ලඟින් ටේබල් එක උඩ ඉදගෙන නළල සිප ගත්තා. දැන් යෙහන්සාගෙ කුසට මාස පහයි

ඔයා නම් හැදෙන්නේ නැහැ විහංග..අර චමූ මොනවා හිතුවද දන්නේ නෑ

මොනවා හිතන්නද? හිතන්න ඇති ඉක්මනට කසාදයක් කර ගන්න තියෙනවා නම් මරු කියලා

ඔය කට නම්

විහංග තත්පරේට යෙහංසාගෙ දෙතොල් සිපගත්තා.

නැහැදිච්ච.. කමකට නැති.. වැඩකට නැති..වලව් පුතා.. තැන නොතැන අඳුනන්නේ නැති.. මේක ඔෆිස් එකක්

ඔෆිස් එකත් මගේ..රූම් එකක් මගේ.. මේ සෙකට්‍රිත් මගේ.. ඉතින් කාගෙ තහනමක්ද මට ..ගෙදරදි වයිෆ් කිස් කරනවා. ඔෆිස් එකේදි සෙකට්‍රි

විහංග මං ආයෙ ඔෆිස් එන්නෙ නෑ.

ඒ මොකද

මට මහන්සියි.. කකුලුත් ඉදිමිලා

විහංග කලබලෙන් කෙල්ලගෙ කකුල් දිහා බැලුවා. කොල්ලා එහෙමම නැමිලා ඒ කකුල් හිමීට අතගෑවා

ඔයා පව් මැණික.. අපි හෙට ඉඳලා ගෙදර ඉමු

අපි … පිස්සුද ?එතකොට මේ ෆැක්ටරිය බලාගන්නේ කවුද ?

මහීපාල අංකල් බලාගනියි.. මට ඔයා නොදැක ඉන්න බෑ

හරි වැඩක්නේ ඒක.. මහත්තයෝ පැය විසිහතරම මගෙ එක්ක ඉන්න බෑනේ ඔයාට..

මට පුළුවන්

වලව් පුතා .. හිතුවක්කාරයා

යෙහංසා මගේ කහ කිරිල්ලි..මාව  හොඳ කොල්ලෙක් කළේ ඔයා ..මට අලුත් ජීවිතයක් දුන්නෙ ඔයා..

මටත්

මගේ වලව් පුතා..

යෙහංසා කොල්ලගෙ අතක් අරගෙන සිපගෙන ලස්සනට හිනා උනා ..

ඒක නෙවෙයි ..එදා ඔයාලගේ ගෙදර ගියාම මල්ලි මට අර ටීවී එක පෙන්නලා මාර කතාවක් කිව්වනේ

මොකක්ද

අයියා මේ ටීවි එක නිසා තමා ඔයා ගොඩ ගියේ.. මේක අරන් ගිහින් කෞතුක භාණ්ඩයක් කරගන්න කිව්වා

යෙහංසාගෙ මූණට හිනාවක් ආවා .

ඇත්ත නේද මලයා කිව්වේ.ඔය ටීවී එක නිසා නේ මට අවුරුදු කුමාරි උස්සන් යන්න පුළුවන් වුණේ

එදා ආව හැටි යකා වගේ ..මං බය වුණ තරමක්.

ඒක නෙමේ.. යමුද නුවරඑළියෙ පැත්තේ රවුමක් දාන්න

ෂෝක්නේ..

ඔයාට අමාරුද ඇවිදින්න

නෑ නෑ මං ආසයි

නුවරඑළිය ගමන ස්ථිර වුණා.රන්දු සර්කිට් බංග්ලෝ එකක් බුක් කරල දුන්නා .ග්‍රෙගරි වැව වටේ යෙහන්සා විහංගගෙ අත අල්ලගෙන ඇවිද්දේ සැහැල්ලුවෙන්..

සැහැල්ලු දිග කලිසමකට රෝසපාට ස්වීටරයක්  ඇඳගෙන හිටපු යෙහංසා දිහාවටයි ඩෙනිම් කලිසමකට බ්‍රවුන් කලර් ජැකට් එකක් ඇදලා සන්ග්ලාස් දාල හිටපු කොල්ලා දිහාවටයි ගොඩ දෙනෙක්ගෙ ඇස් යොමු වුණා . විහංග හිටියේ යෙහංසාගේ කරට අත අතදාගෙන..යෙහංසා ඔහේ කියවනවා.විහංග  හිනා වෙවී ඒ කතා අහගෙන හිටියා..

මට අයිස්ක්‍රීම් ඕනේ

යෙහංසා  එකපාරටම කිව්වා

පිස්සුද මේ සීතලේ..

අනේ විහංග මං ආසයි මේ තණකොළ ගොඩේ ඉඳගෙන  අයිස් ක්‍රීම් කන්න.. වර්ග තුනෙන් ..ම වැනිලා ,ස්ට්‍රෝබෙරි, චොක්ලට්

විහංග කෙල්ලගෙ මූණට එබුනා

මැඩම් වෙන මොකුත් කරන අදහසක් නැද්ද මේ තණකොළ ගොල්ලේ ඉඳගෙන. කිස් කරනවා වගේ

ඔයාගේ හිතේ හැම වෙලේම ඕවා තිබ්බට මං දැන් හිතන්නේ කෑම ගැන විතරයි

අපොයි අහිංසක විහංග පව්. කොච්චර බලාපොරොත්තු තියා ගෙනද තමන්ගේ ප්‍රිය බිරිඳ ළඟට එන්නේ

 

මිස්ටර් විහංග කෞශල්‍ය මැදගෙදර… වලව් පුතා ..මට අයිස්ක්‍රීම් ඕනෙමයි.. ඇත්තටම මං නෙවෙයි ඉල්ලන්නේ .මෙන්න මෙයා

යෙහංසා කුසට අත තිබ්බා

ඔයා වගේම හිතුවක්කාර වලව් පුතෙක් ඉන්නේ.. කිව්වොත් කිව්වා.

විහංග කෙල්ලගේ අත් දෙක අල්ලගෙන ඇස් වලට එබුණා

ආදරෙයිද ?

යෙහංසා ඇහැවා..

පණටත් වඩා

පිස්සෙක්

මේ සතුට මට නොලැබෙයි කියලා මං කොච්චර බයෙන් ද හිටියේ? දන්නවද මං ඒ ගැන හිතන්නවත් බය උනා

අනේ ස්වීට්නේ.. මට අයිස්ක්‍රීම් අරන් දෙන එක ඔයාට ඒ තරම් සතුටක් ද

යෙහංසා මෙලොව වගකට ට නැතුව කියද්දී කොල්ලා යෙහංසාගෙ  කනෙන් ඇල්ලුවා

අයිස්ක්‍රීම් ගැන නෙවෙයි මෝඩියෙ මං කිව්වේ ජීවිතේ ගැන..

එහෙමද ? වලව් පුතා දැන් ජීවිතේ අර්ථකථනය කරනවා..

ඔව් මේක තමා ජීවිතේ

විහංග යෙංහසාගෙ කම්මුලක් සිපගත්තා. කොල්ලට වටපිට අදාලම නෑ ..මේ  සතුට විඳින්නම ඕනේ

කොල්ලා අයිස්ක්‍රීම් කඩේ දිහාට යෙහන්සා එක්ක ගියා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!