මචං විහංග උඹ කොළඹ ආවා කියලා ඇන්ටි කිව්වා.දැන් දවස් ගානක්ලු
රන්දුගෙ කෝල් එක විහංග ආන්ස්වර් කලේ අකමැත්තෙන්. විහංග හවස හිටියේ වෙරළෙ. කොල්ලා ගල්පරයක ඉදගෙන ඈත සිතිජය දිහා බලාගෙන ඔහේ කල්පනා කරනවා.බ්‍රවුන් කලර් ට්‍රවුසර් එකකට ඩෙනිම් ෂර්ට් එකක් ඇදලා දුඹුරු පාට සන්ග්ලාස් දෙකක් දාගෙන කොල්ලා ගල්පොත්තක් උඩ ඉදගෙන හිටියා. මුහුදු හුළඟ තදින් වැදුනත් කොල්ලට ගානක් නෑ. දැන් රැවුලත් වැවිලා. කොණ්ඩෙත් වැවිලා.කොණ්ඩෙ හිස් මුදුනට වෙන්න බැඳගෙන හිටියෙ.. කොණ්ඩෙ දුඹුරු පාටින් ටින්ට් කලේ රට යන්න ඉන්න හින්දා.
විහංගට ඕනේ වුනේ ඒ මතක වලින් පුළුවන් ඉක්මනට ඈත්වෙන්න. කොල්ලා පෙනුම වෙනස් කර ගත්තෙ අලුත් විදිහට හිතන්න උත්සහ කරලා .ඒත් යෙහංසා හදවතේ අරක් ගෙන හිටියේ කොල්ලට සැනසීමක් නොදී.
ඔව් බං
මචං උඹ වෙලාවට ඔහෙ ඉන්නෙ.උදව්වක් කරපන් විහංග. උඹ කොහෙද ඉන්නේ
ගෝල්ෆේස්
මචං විහංග..උඹ මේ උදව්ව මට කරනවා නේද?
හරි.. හරි මොකක්ද ?
මචං යෙහංසා එක්ක මං ෂොපින් කරන්න හිටියේ.එන්ගේජ්මන්ට් එකට එයාගෙ සාරි එක ගන්න .ඒත් මට එන්න වෙන්නේ නෑ. මට ස්පෙශල් මිෂන් එකක් වැටුණා .අන්ඩර්වර්ල්ඩ් කේස් එකක්. මට අද එන්න වෙන්නේ නෑ. තව පැය භාගෙකින් යෙහංසා එනවා ෂොපින් මෝල් එක ළඟට ..ප්ලීස් මචං..උඹ එයාව එක්ක ගිහින් සාරි එක සිලෙක්ට් කරලා දීපන්.
විහංගගෙ පපුව ගැහෙන්න ගත්තා .තව පොඩ්ඩෙන් ෆෝන් එකත් බිම වැටෙනවා. ඒ එක්කම රන්දු ෆෝන් එක කට් කළා. විහංග රන්දුගෙ ෆෝන් එකට ගත්තට ඒක ඕෆ් කරලා. රන්දු කතා කලෙත් බොහොම කලබලෙන්. විහංගට හිතාගන්න බැරිවුණා දැන් මොකද කරන්නේ කියලා.
යෙහංසා ෂොපින් මෝල් එක ළඟ රන්දු එනකන් බලාගෙන ඉදියි.ඒත් රන්දු එන්නෙ නෑ.කෙල්ල රස්තියාදු වෙයි.විහංග යෙහංසාගෙ ෆෝන් එකට ගත්තට ඒක වැඩ නෑ..
ෂිට්
විහංග නැගිට්ටා.
**********
යෙහංසා ..යන්න ෂොපින් මෝල් එක ළඟට ..හරිද? වෙලාවට..රන්දු අයියා බනියි නැත්නම්
සඳුනි කලබලෙන් බඩු බෑග් එකට දාගන්න ගමන් කිව්වා.
අනේ සඳු මට බෑ
බෑ කියලා හරියනවද ?උඹේ ෆෝන් එක වැඩ නැති නිසයි මගේ එකට ගත්තේ. එන්ගේජ්මන්ට් සාරි එක අරගන්න.
අනේ බෑ.
කෙල්ලෙ මට ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් කවර් කරන්න යන්න ඕනෙ. නැත්නම් මං එනවා.
අනේ සදූ.. රන්දු අයියට කියන්න වෙන දවසක යමු කියලා.
කියන්නේ කොහොමද? ෆෝන් එක වැඩ නෑ .කලබලෙන් කියලා ඕෆ් කළා.
මං කොහොමද යන්නෙ ?
උඹ යන්නම ඕනෙ. රන්දු අයියා රස්තියාදු වෙයි නැත්නම්. මං කියන් නෑ ආයෙ..
සඳුනි දබරැඟිල්ල ඔසවලා තර්ජනය කර ගෙනම ඔෆිස් රූම් එකෙන් එලියට ගියා.යෙහංසා මැදිවුණේ හිතාගන්න බැරි ගැටළුවකට.රන්දුව බදින්න කැමතියි කිව්වට යෙහංසා මේ කිසිදෙයක් ගෙදරට කියලා නෑ. කියන්න හයියක් තිබ්බෙත් නැහැ. වෙන දෙයක් වෙච්චාවේ කියලා යෙහංසා රූකඩේ වගේ බලන් හිටියා. කරන්න දෙයක් නැති තැන කෙල්ල කිව්ව වෙලාවට ෂොපින් මෝල් එක ළඟට ගියා. බඳිනවා කිව්වට රන්දු මේ වෙනකල් යෙහංසාට කෝල් කරලාවත් නෑ. පණිවිඩ එව්වෙ සදුනි අතේ.යෙහංසාටත් කිසිම උවමනාවක් තිබ්බෙ නෑ කතා කරන්න.
යෙහංසා ෂොපින් මෝල් එක ළඟ හිටගෙන හිටියෙ බිම බලාගෙන. කෙල්ල මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති නෑ. රන්දු අයියා කීවට ඩිවෝස් එක ලැබුණා කියලා යෙහංසාට ඒක හිතාගන්නවත් බෑ. උසාවියකට නොගිහින් ඒක ඉවර කරන්න ඇත්තේ විහංගගෙ බලපුළුවන්කාරකම් වලට වෙන්න ඇති කියලයි කෙල්ල හිතුවෙ. ටික ටික වෙලාව ගත වෙද්දි යෙහංසා නොසන්සුන් වුණේ රන්දු නාව නිසා.යෙහංසා වටපිට බැලුවේ එතනින් යන අයත් කෙල්ල දිහා අමුතුවට බලන් යද්දි.
කාර් පාර්ක් එකට යන වාහන දිහා බලාගෙන හිටපු යෙහන්සාට එකපාරටම දැකපු ජීප් එකේ හුරුපුරුදු ගතියක් දැනුනා.කෙල්ල ඒ ජීප් එකෙන් බහින කෙනා දිහා බලන් හිටියෙ හැඟීමක් නැතිව. කොණ්ඩයක් උඩට කරලා බැඳලා තිබුණු…. මූණ පුරා රැවුල වවාගත්ත …සන්ග්ලාස් දාපු කොල්ලෙක් බැහැලා ෂොපින් මෝල් එක දිහාට එද්දි යෙහංසා අහක බලාගත්තා . ඒත් හුරුපුරුදු බවක් දැනුනු නිසාම යෙහන්සාගේ ඇස් ආයෙත් ඒ දිහාට යොමු වුණා. ඩෙනිම් ෂර්ට් එකක් ඇදලා සන්ග්ලාස් ගලවලා ළඟට එන කොල්ලා දිහා යෙහන්සා ඇස් දල්වගෙන බලාගෙන හිටියෙ ඒ ගමන… ඒ හැඩරුව විහංගට උරුම වුණ නිසා. ළඟටම ඇවිත් යෙහංසාගෙ ඇස් වලට එබුණම..ඒ විහංග කියලා අදුනගත්තම කෙල්ලගෙ කටත් බාගෙට ඇරුණා. විහංගත් යෙහංසාගෙ මූණට ලං උනේ කෙල්ලව කාලෙකින් දැක්කම මෙලොව සිහියක් නැති වුණු නිසා .
දිග කලිසමකට අත් කොට රෝස පාට බ්ලවුස් එක්ක ඇදලා කොණ්ඩෙ කඩා දාගෙන හිටිය යෙහංසාව කොල්ලට අපූරු දසුනක් වුණා.
හායි
විහංග ව්‍යාජ හිනාවක් පෑවා.යෙහංසාට සිහිය ආපු ගමන් ඈත්වෙලා බිම බැලුවා. කෙල්ලගේ ඇස් කලබලෙන් එහා මෙහා යනවා. විහංග සන්ග්ලාස් දාගෙන මුහුණේ හැඟීම් යෙංහසාට නොපෙනෙන හංගගත්තා.
රන්දුට අන්ඩර් වර්ල්ඩ් මිශන් එකක්. එන්න වෙන්නෑ කියලා මට එන්න කීවා. මටත් වැඩි වෙලා ඉන්න බෑ. ඉක්මනට ගන්න එකක් ගන්න .
යෙහංසා සැරෙන් සැරේ විහංග දිහා බලලා අහක බලනවා. විහංග දැන් හිටියටත් වඩා කඩවසම්.රැව්ල වැවුවට විහංගට තියෙන්නෙ කෙල්ලො පිස්සු වට්ටන පෙනුමක්.යෙහංසගෙ හිතට දැනුනෙ පුදුම තරම් ලෝභ කමක්..විහංගගෙ ඇස් නම් මොහොතකටවත් කෙල්ලගෙන් මිදුනෙ නෑ. මේ හිත පාලනය කරගන්නම බෑ.යෙහංසාව තුරුළු කරගෙන රතු වෙනකල් ඒ කම්මුල් සිපගන්න හිත බල කරනවා.යෙහංසාටත් ඕන වුණේ ඒ විසල් පපුවෙ හිස තියාන ඇති වෙනකල් අඩන්න..තමන් විතරක් හිස තිබ්බ මේ පපුව උඩ හෙට දවසෙ රෝෂිණී ඉදියි කියලා හිතනකොටත් කෙල්ලට දැනුනෙ පිච්චිලා යන හැගීමක්..ඒ ආදරේ හැටි වෙන්න ඇති.ඒත් දැන් බැඳීමක් නෑ.
මට තනියම යන්න පුළුවන්
යෙහංසා හැරිලා අඩියක් ඉස්සරහට තිබ්බා .ඒත් විහංග දකුණු අත දික්කරලා ගමන නැවැත්තුවා.
රන්දු වෙනුවෙන් මං ආවෙ.රන්දු මාව එව්වෙ විශ්වාසෙට. යමු
යෙහංසාට විරුද්ධ වෙන්න ඉඩ නොදී විහංග කෙල්ල එක්ක ශොපින් මෝල් එකට ඇතුළු වුණා. දෙන්නම අමුත්තො වගේ ඈතින් ගමන් කළා. සාරි තිබ්බේ තර්ඩ් ෆ්ලෝ එකේ නිසා යන්න වුණේ ලිෆ්ට් එකේ.කෙල්ල බෑග් එක තදින් අල්ලගෙන කොනිති ගහද්දි විහංග අත් දෙක සාක්කුවේ ඔබාගෙන ලිෆ්ට් එකේ වීදුරු කණ්ණාඩියෙන් යෙහංසා දිහා බලන් හිටියා.
එක් මොහොතක යෙහන්සා ඇස් උස්සද්දි ඒ දෑස ගැටුනා.විහංග ක්ෂණිකව හිතට ඇතිවුණු සිතුවිල්ල නිසා යෙහංසාව තුරුළු කරගෙන ඒ දෙතොලට ගෑවෙන නොගෑවෙන තරමට ළං වුණා. යෙහංසා ගල්ගැහිලා විහංග දිහා බලං හිටියේ විහංගට මොනවා වෙලාද කියලා හිතාගන්න බැරුව. ඒ වියරු ඇස් ඒ විදිහමයි…යෙහංසා නමින් තියෙන ආදරේ උමතුවක්..ඒ ඇස් වලින් කියන්නෙ ඒක.. ලිෆ්ට් එක නැවතුණු තත්පරේට කොල්ලා යෙහංසාව අත ඇරලා දැම්මෙ තමන්ගේ හිතට තරවටු කරන ගමන්.
මොකක්ද මේ වෙන්නේ විහංග.. උඹ මිත්‍ර ද්‍රෝහියෙක් වෙන්නද යන්නේ? එක පාරකුත් ද්‍රෝහි වුණා.ආයෙත් ඒ වැරැද්ද කරන්න එපා මිනිහො
හිත ඇතුලින් කවුදෝ කෑගහනවා කොල්ලට ඇහුණා. යෙහන්සා ඇරුණු එකේ දොරෙන් එළියට යද්දී විහංගත් එළියට ආවා.
යෙහංසා සාරි තෝරද්දි විහංගත් ලගින් ඉදගෙන බලන් හිටියා.කෙල්ල හිත ඇතුලෙන් පෙරළි කර කර සාමාන්‍ය විදිහට ඉන්න මහන්සි ගත්තා. කෙල්ල එක එක සාරි ඇඟට තියලා කණ්ණාඩියෙන් හැඩ බැලුවා .විහංග පැත්තක මේසෙට හේත්තු වෙලා බලන් ඉන්න හැටි යෙහංසාට කණ්ණාඩියෙන් පේනවා.
ඉස්සෙල්ලාම කෙල්ල හැඩ බැලුවෙ නිල් පාට සාරියක්. යෙහංසා කණ්ණාඩියෙන් පේන කොල්ලගෙ රූපෙ දිහා බැලුවා.විහංග ඇස් හීනි කරලා ඔලුව දෙපැත්තට වැනුවෙ ඒක හරි නෑ කියන්න. යෙහන්සා ඊළඟට රෝස පාට සාරි එකක් ගත්තම ඒත් විහංග නොසතුටින් ඔලුව වැනුවා. අන්තිමේදී කහ පාට පසුබිමේ කළු පාට බෝඩරයක් ගියපු සාරියක් ඇඟට තියද්දි විහංග කට කොනින් හිනා උනා. ඒ හිනාව දකිද්දි යෙහංසාගෙ කට කොනටත් හිනාවක් ආවා.ඒකෙ තේරුම විහංග සාරියට කැමතියි. යෙහංසා සේල්ස් ගර්ල්ට ඒ සාරි එක ගන්නවා කීවා.සේල්ස් ගර්ල් සාරි එක නවන අතරෙ විහංග යෙහංසාට ලං වුනා.විහංග කෙල්ලගෙ මූණට වැටිලා තිබුණු කොණ්ඩ කැරැල්ල කන ලගින් හිර කරද්දි යෙහංසා සීතල වෙලා ගියා.
කහ කිරිල්ලී
විහංග ඇහෙන නෑහෙන හඬින් මිමිණුවා.විහංගට හිත පාලනය කරගන්නම බෑ. මේ හිත පුදුම තරම් නොසන්සුන්..හැමදාම ඇය අභියසදි විතරයි.ඒ ආදරේ දැනෙන හැටි..යෙහංසා කොල්ලා දිහා බැලුවා.විහංගගෙ ඇස් කෙල්ලගෙ දෙතොල් දිහාට ඇදිලා තියෙන හැටි පෙනුන ගමන් යෙහංසා සේල්ස් ගර්ල් ලඟට ගියා. විහංග සාරි එකට පේ කළේ යෙහංසාගෙ සල්ලි අතින් තල්ලු කරලා.
පහලට යන්න ලිෆ්ට් එකට ගොඩ වෙද්දිම විහංග යෙහංසාගේ අතක් අල්ල ගත්තා . ලිෆ්ට් එක වැහුණ ගමන් විහංග යෙහංසාව තුරුලට අරගෙන තත්පරයක් ඇස් දිහා බලන් ඉඳලා දෙතොල් සිපගත්තෙ කෙල්ලට හිතන්නවත් ඉඩ නොදී .
සොරි..අන්තිම පාරට කළේ.. ආයෙ එන්නෙ නෑ මං.
විහංග එසැනින් කෙල්ල අත ඇරලා කිව්වා. යෙහංසා සද්ද නැතිව හිටියෙ ඇස් වලට කඳුළු පිරෙද්දි.විහංග ඇරලා දුන්නු දොරෙන් යෙහංසා ජීප් එකට ගොඩවුණා. විහංග ඩ්‍රයිව් කලේ පුළුවන් තරම් හෙමීට. ටික ටික රෑ වෙනවා . කෙල්ලව දාලා යන්න පුදුම ලෝබකමක් දැනුනේ. අත්හරින්න හදන මේ හිත ආයෙත් ඒ බැඳීම අල්ලගන්න දඟලන්නේ ඒ ඇයි.විහංගට යෙහංසාගෙ ඉකිබිදුම ඇහුණා.කොල්ලා පාර අයිනට කරලා ජීප් එක නතර කළා.
යෙහංසා
විහංග කතා කළාට යෙහංසා කතා කළේ නෑ. කෙල්ල එලිය බලාගෙන හිටියා. යටිතොල හපා ගෙන ආයාසයෙන් කඳුළු දරාගෙන . විහංග යෙහංසාගෙ උකුළ මත තිබුණු අතක් අරගෙන තදින් සිපගත්තෙ රැවුල් කොට තදින් පිටි අත්ලෙ වැදෙද්දි..යෙහංසා ඒ දිහා බැලුවේ වේදනාවෙන්.
ඇයි විහංග ඇයි.? සැරින් සැරේ ඇවිත් මට වද දෙන්නේ ඇයි? මං ඔයාව අමතක කරලා යාන්තම් හිත හදාගෙන එද්දී ඔයා ආයෙත් ඇවිත් මාව අවුල් කරනවා.
විහංග ඒ අත අල්ලගෙන ඒ මූණට එබුණා.
ඔයයි මාව රිජෙක්ට් කළේ
ඔයාටයි රෝෂිණීව බඳින්න ඕන වුණේ
මට ඕනේ දරුවෙක්
විහංග කුරිරු හඩින් කීවේ යෙහංසා ඇස් ලොකු කරද්දි ..
ඔව් දරුවෙක් ඕනෙ මට.. ඒ නිසයි රෝෂිණීව බඳින්නෙ..
වලව් පුතා ..ඉතින් මොකටද සැරෙන් සැරේ මාව තුරුල් කරගෙන මෙහෙම ඉඹින්නේ
ආසාවට
විහංගගෙ සුපුරුදු කෙලිලොල් දඟකාරකම ඉස්මතු වුණේ කාලෙකින් යෙහංසාගෙ කටින් අන්වර්ථ නාමෙ ඇහුණු නිසා..
හරි අපූරු ආසාවල්නෙ තියෙන්නෙ.. තව කීයක් ඉඹිනවද ඔහොම..
ආස හිතුනු ඕනේ ගානක්
තමුන් මහා නැහැදිච්ච කමකට නැති වලව් පුතෙක්
යෙහංසා මේ සැරිසැරුවේ අතීතේ… වර්තමානෙ දැන් දෙන්නටම මතක නෑ ..
ඔව් මං එහෙම තමා
අත අරිනවා මාව.. අප්පිරියයි මට තමුසෙව
විහංග ඒ සැනින් යෙහංසාගෙ දෙතොල් සිපගත්තා.
යෙහංසා පොර බදලා කොල්ලව තල්ලු කළා.
තමුසේ කීවොත් වෙන දේ අමතක උනාද
විහංග කීවේ කට කොනෙන් හිනා වේවි.යෙහංසා කට පිහිද ගත්තෙ කොල්ලට රවලා.
මං තමුන්ගේ කසාද බිරිඳ නෙවෙයි දැන්
මට ඒවා වැඩක් නෑ.. තමුසේව ඕනේ මට..
විහංග එහෙමම පාත් වෙලා යෙහංසාගෙ ගෙල සිපගත්තා.. කෙල්ලට කරගන්න දෙයක් නෑ ..
මං කියනවා රන්දු අයියට
යෙහංසාගේ කටින් ඒ වචන ටික පැන්න ගමන් විහංගගෙ මූණෙ තිබ්බ සතුටු ගතිය එහෙම පිටින්ම නැති වෙලා ගියා.
යෙහංසා… දැනගනින් රන්දු උඹව කසාද බඳින්නේ මං කීව නිසා.. මට උඹව ආයෙත් ඕනි කියල හිතුණොත් මට මොකෙක්ගෙන් වත් වැඩක් නෑ.
ඇයි නපුරු… නපුරු…මේ හැටි ..ඇයි දැන් අපි දෙන්නා ආදරේ කරන්නෙ නෑ ඒත් ඔයා ඇයි මෙහෙම හැසිරෙන්නේ .
විහංග ජීප් එක ස්ටාර්ට් කරගත්තේ කේන්තියෙන්.
මං මේකිට පැලීගෙන ලව් කරද්දි මේකි කියනවා ආදරේ කරන්නෙ නෑලු.ශිට්..විහංග උඹ මේ මොනවද දොඩවන විකාර.. උඹමයි යෙහංසාව අත ඇරියේ..ඒත් දැන් ඇයි මේ උඹ… මෙහෙම ගියොත් උඹට නවතින්න වෙන්නේ පිස්සං කොටුවේ..
විහංග ඩ්‍රයිව් කරන ගමන් නළල් තලේ අත් දෙකින් තද කලා ..විහංග බෝඩිම ළගින් යෙහංසාව ඩ්‍රොප් කරලා ආපහු ගියේ යෙහංසාගෙ මූණවත් බලන්නෙ නැතුව
තෑන්ක්ස් විහංග මගේ කෙල්ල පරෙස්සමින් ඩ්‍රොප් කළාට
රන්දු කතා කළේ පහුවදා උදේ.. විහංග හිටියේ ඇදේ..ඇඳෙන් නැගිටින්නවත් හිතෙන්නෙ නෑ .කොල්ලා යෙහංසාගෙ ෆොටෝ බල බල ඔහේ කල්පනා කරනවා.
ඉට්ස් ඕකේ මචන්
විහංගයා ..අපේ..එන්ගේජ්මන්ට් එක අනිද්දා.. අපි දෙන්නා මුලින්ම එන්ගේජ් වෙමු කියලා කතා වුණා. ඩිවෝස් වුනාට ලීගලි තවම අපි රෙජිස්ටර් වෙන්න බෑ.. එතකල් එන්ගේජ් වෙනවා.අපි රිංස් හදලා තියෙන්නේ.. උඹ අනිවාර්යයෙන් එන්න ඕනේ මට invite කරන්න ඉන්න එන්න විදිහක් නෑ ..ඩියුටි..පොඩි ෆන්ක්ෂන් එකක් ගන්නෙ..යාළුවෝ විතරයි..පස්සේ ගෙවල් වලට කියමු
විහංග කොණ්ඩෙ තදින් ඇද ගත්තා.. කොල්ලා නැගිටලා බියර් ටින් එකක් කඩා ගත්තා..
විහංග උඹ අහගෙන ද ඉන්නේ
විහංග පුළුවන් තරම් සාමාන්‍ය තත්වෙට එන්න උත්සහ කළා.
ඔව් මචං ..ඒත් මං ඉන්ඩියා යන්න ටිකට් බුක් කරන්න ඕනේ..
මචං මේ.. උඹ එන්නම ඕනෙ..උඹ නිසයි මට යෙහන්සා වගේ මැණිකක් ලැබුණේ.. උඹ වෙඩින් එකට එන්න ඕනේ නෑ.. අනිද්දා ආවම ඇති..
මචං
උඹ නාවොත් මං යෙහංසාව බඳින්නේ නෑ.මගුල
රන්දු ෆෝන් එක කට් කළේ තත්පරේට.. විහංග තවත් බියර් ටින් එකක් කඩා ගත්තා.. කොල්ලට ඕනේ සිහිනැති වෙන්න බොන්න..ඒත් බිව්වා කියලා යෙහංසාව මතකෙන් එලවන්න කොල්ලට පුළුවන් වුණේ නෑ.
විහංග… ඔයා මේ දහජරාව බීලා මගේ ලගට මගෙ ලගට එන්න එපා. මට අප්පිරියයි.ඔයාලා ඕවා බීලා කම්පැණිකාරයෝ පොහොසත් කරනවා. ඔයාලා ලෙඩ වෙනවා…සුද්දා දුන්නේ එච්චරයි අපිට
අපාර්ට්මන්ට් එකේ හිටපු දෙවැනි දවසෙදි විහංග බියර් ටින් එකක් කඩන්න හදද්දි යෙහන්සා සැර කරපු හැටි මතක් වෙලා විහංගගෙ කට කොනට හිනාවක් මතුවුණා..රන්දු කියවන්නෙත් ඔහොම තමයි .
තමුසෙත් පටන් ගත්තද අර සාම්ප්‍රදායක වයිෆ්ගේ චරිතෙ..මට වෙරි වෙන්න ඕනේ
මොකටද
ඕනේ මට
විහංග යෙහංසාව තුරුලට ඇදලා අරගෙන සුරතේ දඹර ඇඟිල්ල කෙල්ලගේ වම් අතේ ඇඟිලි වල ඉඳලා උරහිස දක්වා ඇදගෙන ආවෙ යෙහංසාට අමුතුම හැඟීමක් දැනෙද්දි. විහංග වියරු ඇස් වලින් කෙල්ලගේ ඇස් අල්ලගෙන හිටියේ මිදෙන්න නොදී ..විහංග ඒ ඇඟිල්ලම යෙහංසාගෙ නළලේ ඉදලා නහය උඩින් මුව මතින් ගෙල දක්වා ගෙන ගියේ යෙහංසා කොල්ලගෙ ෂර්ට් එකේ එල්ලෙද්දි.
වෙරි කරනවද මාව
විහංග හිමිහිට කනට මිමිණුවා..විහංගට ඒ මොහොතේ මතක් වෙලා හිතට දැනුනේ පුදුම සතුටක්..
ඔබ හා ගෙව්ව මොහොතක සුවය හන්තානෙට වැඩී..
විහංගගෙ කටින් ඒ පද ටික එළියට පැන්නෙ ක්ෂණිකව.. ඒ එක්කම කොල්ලා අලුත් බියර් ටින් ඔක්කොම අරන් ගිහින් ඩස්බින් එකට දැම්මා .
********
මොකද දැන් උඹ ඔය ඔය බුම්මගෙන ඉන්නේ.. යෙහංසාගෙ කහ සාරිය හදන ගමන් සදුනි කණ්නාඩියෙන් බලලා ඔරවනවා.යෙහංසා බිම බලා ගත්තා
මගෙන් පළි අරන් හරි යනවද
මට කාගෙන්වත් පලි ගන්න ඕනේ නෑ.. ඇයි සදු මාව තේරෙන්නෙ නැත්තෙ ඔයාලට.. රන්දු අයියා එනවා කියලා ඔයා මාව එදා shopping mall එකට යැව්වා
ඉතිං ළමයො මං දන්නවද රන්දු අයියා එතනට විහංගව එවයි කියලා..
සඳු උඹට තේරෙන් නෑ මං විදවන හැටි..විහංගව මං අත් හැරියේ එයා ගැනම හිතලා ..එයාගේ සතුට වෙනුවෙන් ..
උඹ සතුට කියලා කියලා මොනවද හිතාගෙන ඉන්නේ.. මේ ලෝකෙ දරුවෝ ඉන්න ඔක්කොම ජෝඩු පූර්ණ සතුටකින් ද ඉන්නේ? එයාලා රණ්ඩු වෙන්නෙ නැද්ද? දුක් වෙන්නේ නැද්ද?
උඹට තේරෙන්නෙ නෑ සදූ
ඔව් මං ඉස්කෝලේ ගිහින් නෑනේ..දැන් කෑ නොගහ ඉන්නවද ? බලන්නකෝ කෙල්ලගේ ලස්සන අද?
මොනවටද මේවා උලන්නෙ මගේ මූණෙ
යෙහංසා සඳුනි ගෑව ආලේපන පිහින්න ලැහැස්ති වුණා..
නැත්නම් කොහොමද උඹේ ඔය නස්පුට් මූණ වහන්නෙ.. නැත්නම් මටයි රන්දු අයියා බනින්නෙ
සදූ..
මොකද ඒ පාර
අද විහංග එයිද?
මං හිතන්නේ එන්නෙ නෑ ..විහංග රට යනවලු..ඒකෙ වැඩ වගයක් තියෙනවා කිව්වලු
රෝෂිණිත් යනවද
ඒක නම් මං දන්නේ නෑ ..උඹ මොනවටද විහංග ගැන අහන්නේ ..දැන් අමතක කරලා කරලා දාලා ඉවරනේ..
රන්දුගෙන් ආපු කෝල් එක නිසා සඳුනි යෙහංසාවත් එක්කගෙන පහලට ගියා .පොඩි ලස්සන හොටෙල් එකකයි engagement එක ලෑස්ති කරලා තිබ්බේ .යෙහංසා සාරියත් උස්සගෙන සඳුනි එක්ක පඩිපෙළ බැහැලා පල්ලෙහාට ආවා. පසුබිමෙන් මියුසික් එකක් ගියා .හිටියේ කිහිප දෙනෙක්. කට්ටියගෙම අවධානය යොමු වුණේ පඩිපෙළ බැහැලා එන යෙහන්සා දිහාට. තුෂාන් එක්ක කතාවක හිටපු විහංගගෙ අවධානෙත් යෙහංසා දිහාට යොමු වුණා.. රන්දු නිසාම ආවට විහංග හිටියේ ගිනි කන්දක් උඩ ඉන්නවා වගේ ..
කලුපාට ෆුල් සූට් එකක් ඇඳල හිටපු විහංග පඩිපෙළ බහින යෙහංසා දිහා බලාගෙන හිටියේ තුෂ්නිම්භූතව. කහපාට සාරියට යෙහංසා පුදුම තරම් ලස්සනයි.සාරි පොට කඩා හැලෙන්න හදලා තිබුණේ..සඳුනි දාලා තිබ්බ හෙයාර් ස්ටයිල් එකට කෙල්ලට ඇවිත් තිබුණේ ආකර්ෂණීය පෙනුමක්
යෙහංසා අන්තිම පඩියට බහිනකොටම රන්දු යෙහංසාගෙ සුරත ඇරගෙන යාන්තම් සිපගත්තා.විහංගට යකා නැග්ගේ තත්පරේට.කොල්ලා අහක බලලා කෝපය පාලනය කරගත්තා.. විහංග හැරිලා ටේබල් එකක් ළඟට ගිහින් ඉඳගත්තෙ සිතේ නොසන්සුන්කම මග හරවා ගන්න. සශේන් තුෂාන් එක්ක එතනට ආවේ රන්දුගෙ ඉඟියෙන්.
මචං මනමාලි මාර ලස්සනයිනේ
තුෂාන් කට කොනෙන් හිනා වුනා.
අවුරුදු කුමාරි නේ මචං ..ලස්සන නැතුව තියෙයිද?
ඈතින් කතා කර කර ඉන්න රන්දුයි යෙහංසායි දිහා විහංග අතේ තිබ්බ බීම වීදුරුව බොන ගමන් සැරින් සැරේ බලනවා.. ඒ එක්කම පසුබිමෙන් වාදා රහා හින්දි ගීතයේ තනුව.. දෙන්නම දෙන්නා දිහා බැලුවේ එක්වරම.. ඒ සින්දුවට ඩාන්ස් කරපු හැටි කරපු හැටි දෙන්නගෙම මතකෙට ආවා.. අවුරුදු ගාණක අතීත ඉඳලා වර්තමානය වෙනකල්ම..
මචං අද මෙහෙම නම් මනමාලියක් වෙලා ඉන්නකොට කොහොම හිටීද
සශේන් තුෂාන්ට තට්ටුවක් දැම්මා
රන්දුවා මාර ලකී බං…අපිට සෙට් වුණේ නෑනෙ..
මනමාලි එහෙම ලස්සන නම් එදා රෑට කොහොම ලස්සනට හිටීවිද ?
තුෂාන්ට ඒ ටික කියන්න ලැබුණේ නෑ. එකපාරටම වැදුණු කනේ පාරට තුෂාන් පුටුවත් පෙරලගෙන බිම වැටුනා.
විහංග වියරු වැටිලා. විහංග රකුස් මූණෙන් තුෂාන්ගෙ ෂර්ට් කොලර් එකෙන් ඇදලා ඉස්සුවේ හැමෝම තුෂ්නිම්භූතව වෙලා බලං ඉද්දි.
විහංග මොකද මේ.. නවත්තපන්
රන්දු තත්පරේට එතනට ආවෙ යාලුවෝ වැඩේ ගොඩ දාල කියලා දැනුණු නිසා. විහංග මුකුත් නොකියම දත්මිටි කනවා..යෙහංසා කටත් ඇරන් බලන් හිටියේ වුණු දේ හිතාගන්න බැරුව..විහංග ඒ එක්කම හැරිලා යෙහංසා ළඟට ගියේ යෙංහසා හුස්මත් අල්ලගෙන බලන් ඉද්දි..
කොල්ලා යෙහංසාගෙ දකුණු අතින් ඇදගෙන හොටෙල් එකෙන් එලියට ආවෙ සඳුනි අත් දෙක දෙපැත්තට ඈත් කරලා රන්දුට ඇහෙන් ඉගි කරද්දී. රන්දු දකුණු අතේ මහපට ඇඟිල්ල උස්සලා පෙන්නුවේ ෆිට් තමයි කියලා සංඥාව දෙන ගමන්.. තුෂාන් කම්මුලත් අල්ලගෙන නැගිට්ටේ සශේන්ගෙ සරදම් හිනාව මැද.. යාලුවෝ ටිකටම ලොකු සතුටක් දැනුනේ ප්ලෑන් එක සාර්ථක වුණු නිසා
විහංග කෙල්ලව ජීප් එකට දාගත්තේ යෙහංසා කෑගහද්දී
විහංග මොකද මේ… පිස්සුද ඔයාට.
විහංග කෑ ගහන කෙල්ලගෙ දෙතොල්වලට දබර ඇඟිල්ල තිබ්බා
යෙහංසාට මොකුත් හිතාගන්න බෑ.විහංග දැන් නටන නාඩගම මොකක්ද
විහංග දොර වහලා යතුර කරකවන ගමන් ඩ්‍රයිවින් සීට් එකට ගොඩ වෙන හැටි යෙහංසා බලං හිටියා.. යෙහංසාට දැනුනේ පුදුම තරහක්.. විහංගට ආදරෙයි තමයි.. කොච්චර අමාරුවෙන්ද හිත හදාගත්තේ ..හදාගත්ත කිව්වට ඇත්තටම එහෙම හදාගෙන නෑ ..හදාගෙන කියලා බොරුවට පේන්න රඟපානවා විතරයි.. විහංග සැරින් සැරේ ඇවිත් කරන බලපෑම් වල සීමාවක් නෑ…යෙහංසා තරහටම සීට් එකට හේත්තු වෙලා ඇස් පියා ගත්තා ..විහංග ජීප් එක නතර කලා..
විහංග බහිනවා ඇහුණා.. විනාඩි පහකට විතර පස්සෙ එහා පැත්තෙ දොර ඇරුනා . යෙහංසා ඇස් ඇරියෙ එතකොට.. විහංග කෙල්ලව දෝතට ගත්තේ කම්මුලක් මුදු විදිහට සිප ගන්න ගමන්… පුරුදු විදිහටම කොල්ලා යෙහංසාව පුළුන් රොදක් වගේ උස්සගෙන අපාර්ට්මන්ට් එකට ඇතුලු වෙලා සෙටියෙ උඩින් තිබ්බා..කොල්ලා බ්ලේසරේ ගලවලා පැත්තකට දැම්මෙ කෙල්ල දිහා බලාගෙනමයි. ෂර්ට් එකේ අත් දෙක නමන ගමන් කොල්ලා යෙහංසා ලඟින්ම වාඩි වුනා..
විහංග කෙල්ලගේ අත් අරගෙන සිපගත්තේ ඒ ඇස් දිහා බලාගෙනමයි. මේ බැඳීම නැතිව ජීවිතයක් නෑ ..යෙහංසා හුස්ම අල්ලන් බලන් හිටියේ විහංගගෙ ඇස් දෙකේ ආකර්ශනයෙන් ගැලවෙන්න බැරිව..
ඒ බැල්ම පුදුම තරම් ආකර්ෂණීයයි…විහංග මොහොතකට ඒ ඇස් බැල්මෙන් මිදෙන්න දෙන්නෙ නෑ.. ඒ ඇස් වල ගිලිලා යෙහංසා සෑහෙන වෙලාවක් බලන් හිටියා..විහංගගෙ දෙතොල් කෙල්ලගෙ දකුණු අත දිගේ උරහිස දක්වා ඇවිත් ගෙල මත පතිත වුණා..යෙහංසා ඇස් පියා ගත්තේ ඒ පහස දරාගන්න බැරුව..යෙහංසා කොල්ලගෙ රැවුල පිරිච්ච මූණ අතින් අල්ලගෙන පිරිමැද්දේ කොල්ලගේ නළල තදින් සිප ගන්න ගමන්..
ඇයි මහත්තයෝ අපිට මෙහෙම වුනේ.. ඇයි? මොකක්ද මේ අපි දෙන්නා ගත කරන ජීවිතේ …මොකක්ද මේ බැඳීම…. .ඇයි විහංග… ඇයි.. අපි ලොකු පවක් කරලා තියෙනවා.. පෙර ආත්මෙක… ඒක ගෙවා ගන්න බැරුව අපි දෙන්නම විඳවනවා… ඔයා මට කරන නපුරුකම් වල තියෙන ආදරේ මට දැනෙනවා විහංග.. මගේ වලව් පුතා ..හිතකින් නෙවෙයි ඔයාව එලෙව්වේ මං.. අසරණකමට…
යෙහංසා තමන්ගේ ගෙලේ මුහුණ ඔබාගෙන ඉන්න විහංගගෙ ඔලුව අතගගා කිව්වේ කඳුළු අතරින්..විහංග දිග සුසුමක් හෙලුවා.. කොල්ලා ඔලුව උස්සලා යෙහන්සා ගේ මුහුණ දෝතට ගත්තා
යෙහංසා..මැණික..ඔයා තාමත් මේ වලව් පුතාට ආදරේද ?
ඔව් දෙයියනේ ඔව්… මට මේ ආදරේ දරන්න බෑ..
ඒත් මැණික මේ කතාව ඇහුවම ඔයා මට වෛර කරයි
යෙහංසා ඇස් හීනි කළා.විහංග මොනවද මේ කියන්න යන්නේ..
ඔයා වෛර කලත් මට කරන්න දෙයක් නෑ. ආයෙ මං ඔයාව නැති කර ගන්නේ නෑ.. මං කාටවත් ඔයාව දෙන්නෙ නෑ. මට බෑ පිස්සෙක් වෙන්න. ඔයාගෙන් තොර ලෝකයක් නෑ මට. ඔයාගේ සතුට වෙනුවෙන් රන්දුට ඔයාව දෙන්න තීරණය කලාට මට ඒක ලේසි වුණේ නෑ. මට බෑ මෙහෙම ජීවිතයක් ගත කරන්න.
යෙහංසාට ඒ දේවල් එච්චර පැහැදිලි වුණේ නෑ.
විහංග මොනවද ඔයා කියවන්නෙ? මට මොකුත් තේරුම් ගන්න බෑ.
විහංග කෙල්ලගෙන් ඈත්වුණා.සෙටියෙ ඉඳගෙනම දණහිස් දෙකේ වැලමිට තියාගෙන අත් දෙක බැඳලා නළලෙ තියා ගත්තා. ඇස් පියාගෙන විනාඩි දෙක තුනක් හිටියේ හිත එකඟ කරගන්න. කොල්ලා ටිකකින් යෙහංසාට ළං වුණා..
යෙහංසා අවුරුදු ගාණක අතීතේ… මතකද ඔයාට ..
යෙහංසා ඇහි පිල්ලම් වලින් ඇස් වහගෙන ඔලුව වැනුවා
ඔව්.. වගේ මගේ වලව් පුතාගේ චණ්ඩිකම්
කෙල්ලගෙ මූණෙ හීනි හිනාවක් ඇඳුනා.
ඔයා පුළුවන් තරම් මාව රිජෙක්ට් කළා..මාව ගනන් ගත්තෙ නෑ ..මගේ ඇස් ඉස්සරහම මගේ අයියා එක්ක යාළු වුණා..
විහංගගේ මුහුණේ ඉරියව් වෙනස් වුනු හැටි කෙල්ල දැක්කා.යෙහංසා අහක බැලුවේ ඒ අතීතය හිතට වද දෙද්දී
ඔයාලගේ හොරස්කෝප් එක අම්මට දීලා තිබ්බා.. එදා ඔයාලගේ හොරස්කෝප් බලන්න යනකොට මාත් අම්මි එක්ක ගියා.. අම්මිව ගෙදරට දාලා මං ආයෙත් එතෙන්ට ගියා.. ඒ හොරස්කෝප් මැච් කළේ මට ඕනේ විදිහට ..ඔයාට බබාලා නෑ කියලා කේන්දර බලපුවාම කිව්වේ මගේ පිස්තෝලේ බලපෑම නිසා..
යෙහංසා දකුණු අතින් කට වහගත්තෙ ඒක විශ්වාස කරගන්න බැරු..ව කොච්චර ලොකු රැවටීමක් ද ?වංචාවක් ද?
ඔව් යෙහංසා.. අම්මලා මං හදපු ඒ කතාව විශ්වාස කළා..වලව් පෙළපත නොවුනත් මේ හේතුව නිසා ඔයාව වලව්වට කවදාවත් ගන්නෙ නෑ කියලා මං දැනගෙන හිටියා.
යෙහංසාට කතා කරගන්නවත් බැහැ.ඒ තරමට කෙල්ල ෂොක් වෙලා ..
යෙහන්සා මේ හැමදේම මං කළේ ඔයාව මගේ කරගන්න
යෙහංසා කොල්ලගෙන් ඈත්වුණේ මේ කතන්දරේ නිසා.. එහෙම ප්‍රශ්නයක් නැත්නම් දැන් විහංගව මැරි කරපු එක කෙල්ලගේ ගැටලුවක් නෙවෙයි
ඔයාට පුදුම ඇති.. ඇයි මොකුත් නොකියන්නෙ.. මට බනින්නේ නැද්ද
විහංග.. නිමේශ් ගැන මගේ හිතේ තිබ්බ ආදරයක් නෙවෙයි.. එයාගේ වැදගත්කමට.. පෙනුමට.. නිවුණු කතාබහට.. මගේ හිත ගියා. එයා ඔයාගේ අයියා කියලා මං දැනගත්තේ ගොඩක් පහුවෙලා. ඒත් ඔයා මගෙන් ඈත් වුණාට පස්සෙ මං තේරුම් ගත්තේ මං ඇත්තටම ආදරේ කලේ ඔයාට කියලා. මං ඔයාගෙන් ඈත් උනෙත් ඔයාට දරුවෙක් දෙන්න මට බැරි නිසා. එදා ඔයා නිමේෂ්ගේ බබාගෙ පොටෝ ආසාවෙන් බලන් ඉද්දි මං ගැන ඇති උනේ ලොකු කළකිරීමක්.. මං එදා ඒ තීරණය ගත්තේ..
ඔව් මං දන්නවා කෙල්ලෙ.ඔයා ඒ තරමට මට ආදරෙයි කියලා
යෙහංසා කොල්ලගෙ උරහිසකට මුහුණ තිබ්බේ සැනසීමෙන්..
දන්නවද මං කොච්චර වේදනාවෙන් ද හිටියේ කියලා.. ඇයි මට මේ ගැන කලින් කිව්වේ නැත්තේ..
මට බය හිතුනා.. ඔයා මට ආදරේ කරන්න ගද්දිම ඕක කිව්වොත් ඔයා වෙනස් වෙයි කියලා
ඉතින් දැන් ප්‍රශ්නයක් නෑනේ මහත්තයෝ.. අපිට බබෙක් හදන්න පුළුවන්
විහංග කෙල්ලව ඈත් කළා..
යෙහංසා අපිට බබෙක් හදන්න බෑ..
යෙහංසා කොල්ලා දිහා බැලුවේ කුතුහලෙන්..
ඔයාට දුන්නු දුක් ගින්දර මට පඩිසන් දුන්නා යෙහංසා.. ඔයා විදෙව්වා වගේ සිය දහස් ගුණයකින් මං විදවනවා දැන්..
කොල්ලා ඇහිපිය වේගයෙන් හලලා කඳුළු වළක්වාගන්න අසාර්ථක උත්සාහයක් ගත්තා..
මොකක්ද? ඒ ඇයි විහංග
එදා ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ඩොක්ටර් කීවේ සියයට එකයි බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියලා ..මගෙ ඉන්ටර්නල් ඕර්ගන් වලට ඩැමේජ් වෙලා. මට තාත්තා කෙනෙක් වෙන්න බෑ යෙහන්සා ..
විහංගගෙ ඇස් වලට කඳුළු පිරුණා.යෙහංසා පුදුමෙන් බලාගෙන හිටියේ ඒක විශ්වාස කරගන්න බැරුව..
එතකොට ඔයා මාව රන්දු අයියට බන්දන්න හැදුවේ එකද ?
ඔව්
විහංග සෙටියට හේත්තු වෙලා ඇස් පියා ගත්තා.
මගේ පව්කාර කමට ඔයා පලි නෑ
ඒත් රෝෂිණී
චහ්…. රෝෂිණී ප්‍රොපෝසල් එකක් ..මට එයත් එක්ක කිසිම බැඳීමක් නෑ.. කොහොමත් ඔයා රන්දූව මැරි කළාට පස්සෙ මං රට යන්න හිතන් හිටියෙ.. එතකොට මේ සේරම ඉවරයි…
යෙහංසා කොල්ලගෙ පපුවට හේත්තු වෙලා හිමීට ඒ පපුව අතගෑවා..
මට ආදරේද එච්චර.. මාව කාටවත් දෙන්නේ නෑ කිව්වා නේද ඉස්සර.. ඔයා වෙන කෙනෙක් බැන්දත් මාව ඕනේ කිවා නේද ඉස්සර? මං ඔයාගෙ විතරයි කීවා නේද?
ඔව්… ඒත් මගේ ආත්මාර්ථකාමී සිතුවිලි මං මරලා දැම්මා.. ඒ ඔයා ගැන තියෙන ආදරේ නිසා..ඔයා බබාලා හදාගෙන සතුටින් ඉන්න හැටි බලන්න මට ඕනේ උනා..
එහෙනම් ඇයි මාව අද මේ මෙහෙට ඇදගෙන ආවෙ
ආදරේ නිසා.. මට ඉවසන්න බැරි වුණා රන්දු ඔයාගේ අත අරන් ඉඹිද්දි…
ඇයි තුෂාන්ට ගැහැවෙ..
ඌ බලු කතාවක් කිව්වා .
විහංග දත්මිටි කාගෙන කෙල්ලවත් තල්ලුකරගෙන නැගිට්ටා..
තමුසෙ මොකද රන්දුව මැරි කරන්න කැමති වුනේ?
කොල්ලා රැව්වා
ඔයාමනෙ කිව්වේ..
මට ඕන වුණේ ඔයා මැරි කරලා බබාලා හදාගෙන සතුටින් ඉන්නව දකින්න
ඇයි යාලුවො එක්ක රණ්ඩු අල්ලන්නේ
විහංග යෙහන්සාගෙ උරහිස්වලින් අල්ලලා නැගිට්ටව ගත්තා.
යෙහන්සා අපිට දරුවෝ ඕනෙ නෑ ..මට ඔයා නැතුව ඉන්න බෑ.. මැරෙනකල් ඔයා එක්ක ඉන්න ඕනේ.. මං හිත රවටගෙන ඔයාව දෙන්න හැදුවට ඒක ලේසිවුණේ නෑ.. කියන්න මැණික මාව දාල යන්නෙ නෑ නේද
කොල්ලා ඒ දෙතොල් වලට කිට්ටු වුණා..විහංග ඒ දිගැටි ඇස් දිහා බලන් හිටියා.. කෙල්ලගේ ඇස් පියවුණා .. විහංග ඒ ඇසි පිය සිපගත්තේ පුදුම තරම් ආදරෙන් .කොල්ලා ඈත්වුණා.
ඒ එක්කම යෙහංසාව වැටෙන්න යද්දි විහංග කෙල්ලව තදින් අල්ලගෙන ගතට තෙරප ගත්තා..යෙහංසාගෙ ඇස් පියවිලා.
යෙහංසා ඇයි?.. යෙහංසා හිටියේ සිහි නැතිවෙලා…
යෙහංසා ඇස් අරින්න… මොකද මේ..
විහංග හොඳටම කලබල වෙලා.. යෙහන්සාව සෙටියේ හාන්සි කරළා එහෙමම කිචන් එකට දුවලා වතුර වීදුරුවක් අරන් හෙමින් කෙල්ලගේ මූනට ඉස්සා.. ඒත් යෙහංසා ඇස් ඇරියේ නෑ.. කොල්ලට පුදුම හිතුනා..ඒ එක්කම කොල්ලට මතක් උනේ කලින් වැස්සේ තෙමුණු දවසේ යෙහංසාව සිපගත්ත හැටි.. කොල්ලා තත්පරේට කෙල්ලගෙ දෙතොල් සිපගත්තා. ඒත් වෙනදා වගේ යෙහංසාට සිහිය ආවෙ නෑ..
ඔහ් ගෝඩ්..
විහංග කොණ්ඩෙ ඇදගන්න ගමන් සාලෙ නොසන්සුන්ව එහෙ මෙහෙ ගියා..
කොල්ලා ආයෙත් යෙහංසාව දෝතට ඇරගෙන එළියට ආවේ ළඟ තිබුණ ප්‍රයිවට් නර්සින් හෝම් එක මතක් වෙලා..යෙහංසාව ජීප් එකේ තියලා සීට් බෙල්ට් දාලා විහංග ඩ්‍රයිවින් සීට් එකට නැග්ගෙ කෙල්ලගේ ඔලුව වම් අතින් අල්ලගෙන. කොල්ලා ඩ්‍රයිව් කළේ බොහොම පරිස්සමින්
ට්‍රැෆික් එකට අහුවුනු විනාඩි තුනට කොල්ලා රන්දුට කෝල් එක ගත්තෙ දකුණු අතින්
රන්දුවා යෙහංසාට සිහි නැතිවුනා.. ටක් ගාලා නර්සින් හෝම් එකට වරෙන්.. මට පිස්සු වගේ..
විහංග ෆෝන් එක කට් කරලා දැම්මා.
කොල්ලා නර්සිං හෝම් එකේ යෙහංසාව ඇතුලට ගත්ත රූම් එකේ දොර ළඟ එහාට යනවා… මෙහාට යනවා …සුදු ෂර්ට් එකේ උඩ බොත්තම් දෙක ගැලවිලා.. කලිසමට යට කරපු ෂර්ට් එකේ එක පැත්තක් එළියට වැටිලා ..තනිකරම පිස්සෙක් වගේ.. කොන්ඩෙත් අවුල්වෙලා …
රන්දු සශේන් තුෂාන් වගේම සඳුනිත් කලබලෙන් ආවෙ විහංග බිත්තියේ ඔළුව ගහගෙන කල්පනා කරද්දි…
රන්දු කොල්ලගෙ උරහිසට අතක් තිබ්බා..
මචං විහංග
රන්දු
විහංග රන්දු දිහා බැලුවේ වේදනාවෙන්.. රන්දු වැරෙන් විහංගව බදාගත්තේ කොල්ලගෙ වේදනාව දැනුනු නිසා ..
මචං බයවෙන්න එපා.. අපි බලමු ..මොකද කියන්නේ ඩොක්ටර්
මොකුත් නෑ චෙක් කරනවා
එතකොටම ඩොක්ටර් එළියට ආවා
ඩොක්ටර්.. මගේ වයිෆ් ට මොකද වෙලා තියෙන්නේ