යෙහංසා ..මට නයිට් ඩියුටි අද..තනියම ඉන්න පුළුවන්ද?
විහංග පහුවදා හවස යෙහංසාගෙන් ඇහැවෙ කෙල්ල පත්තරේ බලද්දි.
අනේ..විහංග ඔයා ගියාම පාළුනෙ මට.ඔයා මට ඔෆිස් යන්න දෙන්නෙත් නෑ.
මං හෙට උදේම එනවනෙ.
හ්ම්..ඉන්නම් මං
මෙහෙ බය වෙන්න දෙයක් නෑ.සිකුරුටිලා ඉන්නවානෙ..
මං බය නෑ..මතක නැද්ද මං රිපෝටර් කෙනෙක්.
ඔව්..ඔව්..රොයිටර් සේවෙ..
විහංග කට ඇද කළා.
විහංග ගියාට පස්සෙ කෙල්ලට පුදුම පාළුවක් දැනුනෙ.මේ දවස් දෙකේම විහංග හැම තත්පරේකම කෙල්ල ළඟ හිටියා.
විහංග දැන් නපුරු නෑ.කෙල්ලට රිදවන් නෑ..ආදරෙන් ළං වෙලා හිනාවක් මූණට දෙනවා.සනසනවා..යෙහංසා සදුනිට කෝල් එකක් ගත්තෙ කම්මැලි නිසා
ආ…මැඩම්..ඔබතුමීලට අපිව මතක් වෙලා තියෙන්නෙ…මොකෝ..
සදුනි ෆෝන් එක ගත්ත ගමන් දෝෂාරෝපණේ පටං ගත්තා
සදූ..උඹ තරහද?
අපොයි මං ඇයි තරහා වෙන්නෙ.ඔන්න රුක්ෂාන් නම් ළිදේ පැනලා
පිස්සු කියවන්න එපා සදූ
ඇත්තටම යෙහංසා කොහොමද ඕක වුණේ
ඒක දිග කතාවක් ..මං ආපු වෙලාවක කියන්නම්
හ්ම්..උඹ කසාද බැන්දෙ කවද්ද එතකොට.උඹ ගමේ ගියෙත් අවුරුද්දට විතරනෙ..අවුරුදු දවසෙද බැන්දෙ
නෑ සදූ..අපි මැරි කරලා දැන් අවුරුදු තුනකටත් කිට්ටුයි.
අප්පේ මාර ප්‍රේම පුරාණයක්නෙ ඒක
නෑ..ඒක වෛර පුරාණයක්..එයා විතරයි ප්‍රේම කලේ ඒ කාලෙ
එතකොට දැන්
දැන් මාත් ප්‍රේම කරනවා
මගෙ පපුවත් ගැහෙනවා උඹේ ප්‍රේමාන්විත වොයිස් එකට..කොයි දැන් එයා..
සදුනි එයා කිව්වෙ බර කරලා
ගියා …ඩියුටි
හොදයි හොදයි..උඹ එන්නෙ නැද්ද මේ පැත්තෙ..ජොබ් එක එපාද?
ආයෙත් අහලා බලන්නම්..එයා කැමැති නෑ මං ජොබ් කරනවට
මේ රුක්ෂාන් මතක් කළා කියන්නද?
සදූ මේ උඹ විහංගගෙන් ගුටි කනවා වෙලාවක ඕවා අහලා
අපොයි එච්චර වසද?
දන්නෙ නෑ හැටි..ඉස්සර..දැන් හොදයි..නිදිමතයි සදූ..මං හෙට ගන්නම්..
ඕකේ බායි
සදූ එක්ක කතා කරලා යෙහංසා නින්දට වැටුණා.
මහ රෑ යෙහංසා ගැස්සිලා ඇහැරුණේ බෙල් එකේ සද්දෙට. වෙලාව රෑ එකයි.යෙහංසා පපුවට අත තියාගත්තෙ හොදටම බය වෙලා.කවුද මේ මහ රෑ.ඒ එකක්ම යෙහංසා දැක්කෙ සයිලන්ට් වෙලා තියෙන ෆෝන් එක රිං වෙන හැටි. ඒ විහංග
විහංග
මැණික…මොකද නිදි නැද්ද?
න්..නෑ
ඇයි
අනේ විහංග..මට නින්ද ගිහින් තිබ්බෙ..ගෙදර බෙල් එක වදිනවා..කවුද දන් නෑ..අනේ මට බයයි
ඔයාගෙ පරණ බෝයි ෆ්‍රෙන්ඩ්ද දන් නෑ.
මො..මොකදද්?
පිස්සි..මං ඉන්නෙ එළියෙ..අරිනවා දොර..මිස් කෝල් දහයක් විතර ඇති මර නින්දනෙ..
අනේ ඔයාද..මං ෆෝන් එක සයිලන්ට් කරලා තිබ්බෙ
යෙහංසා දුවගෙන ඇවිත් දොර ඇරියා.
දොර වහන්න මං වොශ් එකක් දාගෙන එන්නම්
ඔයා කෑවද?තේ එකක් හදන්නද?
කෑවා..කොෆී එකක්
යෙහංසාගෙ කම්මුලක් අත ගාගෙන විහංග හිනාවක් දීලා වොශ්රූම් එකට ගියා.
යමු බැල්කනි එකට
විහංග ෂෝර්ට් එකක් ඇදගෙන කොණ්ඩෙ පිහ පිහ බැල්කනි එකට යද්දි යෙහංසාත් කොෆි එක අරගෙන බැල්කනි එකට ආවා.
ඇයි නෑවෙ සීතලේ
යෙහංසා ඇහැවෙ විහංගගෙ තෙත කොණ්ඩෙ අත ගාන ගමන්
ගාණක් නෑ මට
ඇයි ටීෂර්ට් එකක් ඇදගන් නැත්තෙ
විහංග කෙල්ලව ඔඩොක්කුවේ වාඩි කරව ගත්තා
ටීෂර්ට් එපා..ඔයා තුරුල් වෙන්නකො..
විහංග කිව්වෙ කෙල්ලගෙ කන් පෙත්තක් හපලා.යෙහංසා කොෆී එක කොල්ලගෙ කටට ළං කළා.
රසයි ..ඔයා වගේම
මං කෑමක්ද?
ඔව්..රස කෑමක්
ඇයි ආවෙ..ඩියුටි ඉවරද?
නෑ..රන්දුවාව යැව්වා..මට මතක් වුණා..තනියම මෙලෝ සිහියක් නැතිව නිදි ඇති කියලා
යෙහංසා හිනා වෙලා ඈත අහස දිහා බැලුවා. හද පේනන් නෑ..තරු නම් අහසෙ පිරිලා.විහංග කෝපි කෝප්පෙ බීලා පැත්තකින් තිබ්බා.
යෙහංසා…
යෙහංසා ඒ ඇස් දෙකේ වියරුව දරන්න බැරුව බිම බැලුවා.විහංගගෙ වියරු සුසුම් කෙල්ලගෙ ගෙල දිහාට දැනෙනවා.
ආදරෙයි මං..
කොල්ලා යෙහංසාගෙ දකුණු අත අරගෙන පපුවට හිර කරගත්තා.විහංග යෙහංසාගෙන් මිදුණෙ සෑහෙන වෙලාවකට පස්සෙ.
සුද්දි..ඇයි බනින් නැත්ත මට
ඇයි
ආසයි බැනුමක් අහන්න වලව් පුතා කියලා
වලව් පුතා
මගෙ ෆෝන් එක ගේන්නකො බඩුවක් පෙන්නන්න..
කොහෙද ඒක
මේසෙ උඩ ඇති
යෙහංසා කාමරේට ඇවිත් ෆෝන් එක කොල්ලට ගෙනත් දුන්නා.ආයෙත් යෙහංසාව ඔඩොක්කුවේ ඉන්දවගෙන විහංග ෆෝන් එක ඕන් කළා.ඒකෙ ගැලරියේ තිබ්බ පිංතූර යෙහංසාටත් පේන්න ඕපන් කළා.
හානේ..ලස්සන බබෙක්
යෙහංසාට නිකම්ම කියැවුණා
හ්ම්…අද එවලා තිබ්බෙ මට..මං බලන්න යද්දි චූයිටි ගොඩක්..
මේ බබා කවුද විහංග
අයියගෙ බබා
යෙහංසා විහංග දිහා බැලුවා.විහංග ෆෝන් එක දිහා බලං හිටියෙ ආසාවෙන්.කොල්ලා ෆෝන් එක ටච් කර කර ෆොටෝ එහෙ මෙහෙ යව යව බලනවා
ඔයා එක පාරයිද බලන්න ගියේ
යෙහංසා හිතේ ඇතිවුණු හැඟීම් යට කරගෙන ඇහැවා.
හ්ම්..ඉපදුණු දවසෙ හොස්පිට්ල් එකෙන් බැලුවෙ මං..යන්න ඕනෙ ළඟදි.අපි දෙන්නම යමු.ම්..තෑග්ගක් දෙන්නත් බැරිවුණා..
හ්ම්..
යෙහංසා විහංගගෙ බෙල්ලෙ මූණ තියාගෙන හෙමීට ඒ පපුවෙ ඉරි ඇන්දා. විහංගගෙ ඇස් වලට තියෙන බලාපොරොත්තු තමන්ට කවදාවත් ඉෂ්ට කරන්න බෑ. ඒකයි ඇත්ත .ඒකයි යථාර්ථය.
යෙහංසා
විහංග කෙල්ලගේ කනට කෙදිරු වේ කෙදිරුවේ අනුරාගී හඩින්.කොල්ලගෙ අතක් යෙහංසාගෙ අතක් පිරිමැදගෙන ඉහලට ඇවිත් හවුස් කෝට් එකේ පටිය බුරුල් කළා. ඒ මොහොතට කොල්ලා දෙතොල් යෙහංසාගෙ උරහිස මත තිබ්බා.
විහංග
යෙහංසා කෙදිරුවේ විහංගගෙ ස්පර්ශය රළු වෙද්දි.කොල්ලා යෙහංසාව දෝතට අරං කාමරේට ගියා.
*******************
විහංග එළිය වැටීගෙන එද්දී පිටත් වුනේ හත වෙනකොට ඩියුටි රිපෝර්ට් කරන්න ඕනේ නිසා.විහංග යෙහංසාගෙ නළල් තලේ ඉඹලා පිටත් වෙද්දි යෙහංසාට දැනුනේ දරාගන්න බැරි දුකක්. මේ හිතට මොනවා වෙලාද? විහංග නිමේෂ්ගේ බබා දිහා බලන් හිටපු හැටි. ඒ ඇස් දෙකේ දැල්වුණු බලාපොරොත්තු.. යෙහංසාව වේදනාවට පත් කරලා තිබුණේ .කොල්ලා ඒ මාතෘකාව ගැන කතා කරන එක තහනම් කරලා තිබුණු නිසා ඒ ගැන කියලා විහංග තරහ ගස්සන්න යෙහංසා කැමති වුණේ නෑ. මොකද ඉස්සර හිටපු ආඩම්බර නාහෙට නාහන වලවු පුතාට වඩා දැන් ඉන්න ආදරණීය විහංගට යෙහංසා ගොඩක් කැමතියි
දෙයියනේ මං මොකද කරන්නේ ?මං කොහොමද මේවා දරාගන්නේ ? විහංගට බබෙක් දෙන්න මට බෑ..එයා කොච්චර පවුද? රෝෂිණීට පුළුවන් වෙයි. කොහොමත් මාව වලව්වෙන් පිළිගන්නේ නෑ. එකම විසඳුම විහංග ගෙන් ඈත් වෙන එක. ඒත් මං කොහොමද විහංගගෙන් ඈත් වෙන්නේ. මට එයාගෙ උණුසුම ආදරේ නැතිව ජීවත් වෙන්න පුළුවන්ද ?එයා කොච්චර ආදරෙයිද මට. ඒත් ඒ ආදරේ විතරක් අපේ ජීවිතේට ඇතිද?
යෙහංසා ඇම් අගට මෝදු වුණු උණු කඳුලු පිහ ගත්තා.
****************
විහංග ගෙදරට එනකොට රෑ දහයාමාරයි. කොල්ලට මහන්සියි හොඳටම.
යෙහංසා..යෙහංසා
දොරත් ලොක් නොකර තිබුණේ. විහංග ගෙදරට ඇතුළු වුණේ කුතුහලෙන්. සද්දයක් නෑ. ඇතුලේ පාලුයි.
යෙහංසා
කොල්ලා හැමතැනම යෙහංසාව හෙව්වට කෙල්ල අතුරුදහන් වෙලා. විහංග යෙහංසාගෙ ෆෝන් එකට ගත්තෙ කලබලෙන්.
ඔබ ඇමතූ අංකය ප්‍රතිචාරයක් නොමැත
විහංග වම් අත ඉණට තියාගෙන දකුණු අතින් කොණ්ඩෙ පීරගෙන ඔලුව අල්ලගත්තා.
යෙහංසා කොහෙ ගියාද? මෙච්චර රෑ වෙලා.. අද දවසම වැඩ වැඩිවුනු නිසා විහංගට යෙහංසාට කෝල් කරන්නවත් බැරි වුණා. විහංගගෙ ඔළුවට තත්පරේට ආවේ බෝඩිම.විහංග එහෙමම පහළට ආවා.
මහ රෑ එකොළහමාරට විතර සදුනි හිටියේ මර නින්දේ. ඒත් යෙහංසා හිටියේ අවදියෙන්. මහ සද්දෙන් මිදුලේ බ්‍රේල් කළේ විහංගගෙ ජීප් එක කියලා යෙහංසාට විශ්වාසයි.
සදූ..නැගිටින්න..සදූ
එහා ඇදේ හිටපු සදුනිට යෙහංසා කලබලෙන් කතා කළා.
මොකද යෙහන්සා
සදූ වාහනයක් ආවා..විහංග වෙන්න ඇති.ප්ලීස් සඳු මං නෑ කියන්න
මොකක්ද යෙහන්සා උඹට මේ වෙලා තියෙන්නේ ?හවස ආව වෙලේ ඉඳලා අඩනවා. මට මුකුත් කියන්නෙත් නෑ. විහංග ආවා නම් ඇයි හැංගෙන්නේ ?
මං ඔක්කොම කියන්නම් පස්සේ. අනේ විහංගව යවන්න. මං මෙහෙ ආවෙ නෑ කියන්න.
සඳුනි කෙල්ලට රවාගෙන රෑ ඇඳුමට උඩින් බ්ලවුස් එකක් දාගෙන ඉස්සරහට ගියේ නොනවත්වා බෙල් එක නාද වෙද්දි. දොර ඇරිය ගමන් විහංග ඇතුලට ආවේ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව.
සදුනි කෝ යෙහංසා
සඳුනිට කොල්ලගේ මූන බලන්න බයයි. සඳුනි කොහොමත් මේ තේජාන්විත හමුදා නිලධාරියාට බය දැක්ක දවසෙ ඉඳලමයි.
මේ..මේ .. යෙහංසා මෙහෙ ආවෙ නැහැනෙ.
සඳුනි කලබලෙන් ඇස් එහෙ මෙහෙ යව යව කියද්දිම විහංග තේරුම් ගත්තා සඳුනි කියන්නේ බොරුවක් කියලා.විහංග එහෙමම ඇස් යැව්වෙ රූම් එකේ දොර දිහාට. කොල්ලා ඒ එක්කම රූම් එක දිහාට යද්දි සඳුනිට කෑගැහුනා.
විහංග කොහෙද ඔය යන්නේ? පිස්සුද? මං තනියම ඉන්නේ
ඒත් විහංග නැවතුනේ නෑ. කොල්ලා රූම් එකට ඇතුළු වුණේත් යෙහන්සා ඇදෙන් නැගිට්ටේත් එකම වෙලාවෙ.විහංග කාමරේ දොර ලොක් කළේ සඳුනි අතින් කට වහගද්දි. මොනවා උනත් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ගෙ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න සදුනිට බෑ. සදුනි එළියට බැහැලා මිදුලේ බංකුව උඩ ඉදගත්තේ දෙන්නම ප්‍රශ්නෙ විසඳ ගයි කියලා හිතලා.
විහංග දොර ලොක් කරලා යෙහංසා දිහා බැලුවෙ ඉනට අත් දෙක තියාගෙන. කොල්ලා ටිකකින් දාගෙන හිටපු කලු ජැකට් එක ගැලෙව්වා. නිල් ඩෙනිමටකට සුදු පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන හිටපු කොල්ලා දිහා යෙහංසා බලන් හිටියේ තුෂ්ණිම්භූතව.යෙහංසා හිතුවේ නෑ සඳුනි විතරක් ඉන්නවා කීවම විහංග රූම් එකට එයි කියලා. විහංග ළඟට ඇවිත් යෙහන්සාව ළං කරගත්තේ කෙල්ලට හුස්ම වැටෙන දුරින්.
මොකද තමුසෙට වෙලා තියෙන්නේ. මාව පිස්සෙක් කරන්නද හදන්නෙ? ආ…
විහංග යෙහංසාගෙ බාහුවක් තදින් ග්‍රහණය කරගෙන ඇහැවෙ වියරු ඇස් වලින්. යෙහංසා බය වෙලා හිටියෙ කතා කරගන්නවත් බැරුව.
යෙහංසා කතා කරනවා. මොකද වෙලා තියෙන්නෙ ?තමුසේ ඇයි මෙහෙට ආවෙ?ෆෝන් එකත් වැඩ නෑ. අර සඳුනි මොකද මට බොරු කියන්නෙ ?
ඔ…ඔයා යන්න විහංග
විහංග ඒ දෙතොළට ගෑවෙන නොගෑවෙන තරමට ළං වුණා.
මොකක්ද කීවේ යන්න
කොල්ලා ඇහැවෙ ඒ ඇස් දිහාම බලාගෙන.
ඔව්..
යෙහංසා ඇස් පියා ගත්තා.
ඇයි?
මං ඔයාට කැමති නෑ.
විහංගගෙ දෑත් තවත් තදින් උරහිසේ තෙරපුණේ යෙහංසාට වේදනාවක් ගෙන දෙද්දි.යෙහංසා ඇස් ඇරියා.
මොකද්ද?
යෙහංසා නිහඬයි
මොකක්ද කීවේ? ආයෙ කියනවා බලන්න
ම…මං ඔයාට කැමති නෑ විහංග
ඇයි
මං ආදරේ නෑ ඔයාට. ඔයා එක්ක ඉන්න මං කැමති නෑ. මට බෑ
යෙහංසා පිස්සුද තමුසෙට.
විහංග කෙල්ලව අතහැරලා දාලා ගිගිරුවේ එළියෙ ඉන්න සඳුනිත් ඒ සද්දෙ ඇහිලා බයවෙද්දි.
උඹට ඕනෙ මාව පිස්සෙක් කරන්නද? ආ?… මෙච්චර මට ලං වෙලා ඉඳලා තමුසෙ එකපාරටම මේ නටන නාඩගම මොකක්ද?
විහංග දත් දත්මිටි කනවා
ඔයා යන්න විහංග. සඳුනිත් බය වෙලා ඇති
යෙහංසා උඹ මාව එලවන්නෙ මොකද ?තමුසෙ මගේ වයිෆ්
මාව ඩිවෝස් කරන්න
විහංගට දැනුනෙ ඔලුව මැදට කවුරුහරි පාරක් ගැහැව්ව වගේ.
ඩිවෝස්? තමුසෙ හොඳ සිහියෙන් ඔය කතා කරන්නේ ?
ඔව් විහංග ඔව්. මාව ඩිවෝස් කරන්න. ඔයාට මාව ගැලපෙන් නෑ කොහොමත්. වලව්වෙන් මාව පිළිගන්නේ නෑ
යෙහංසා මෙච්චර දේවල් අපි දෙන්නා අතරේ වුනාට පස්සේ මොනවද මේ කියවන බහුබූත?
යන්න විහංග මට ඔයාව එපා
යෙහංසා හිත දැඩි කරගෙන කිව්වේ පුදුම වේදනාවකින්.විහංගට තමන් ළඟ දෙන්න වෙන කිසිම දෙයක් නෑ කියලා යෙහංසා දන්නවා.විහංගගෙ කේන්තිය..වියරුව.. ඇස් වල දෙගුණ තෙගුණ වෙද්දි කොල්ලා යෙහංසාව ඇඳට තල්ලු කරලා ඒ ගතට බර වුණා. විහංග උමතුවෙන් ඒ දෙතොල් කම්මුල් ගෙල රළු විදිහට සිප ගද්දි යෙහංසා ඒ ආවේගෙට ඉකිබින්දෙ අසරණ විදිහට.විහංග ඒ ඉකි බිදුමට ඔලුව ඉස්සුවා.
යෙහංසා..තාමත් කියන්නේ මාව එපා කියලද? මේ දේවල් එපා කියලද?
විහංග ඇහැවෙ ආයෙත් ඒ දොතොල් සිප ගන්න ගමන්.
එපා විහංග එපා.. මට එපා..
යෙහංසාව අතහැරලා නැගිට්ට කොල්ලා යෙහංසාවත් ඇදලා නැගිට්ටවගෙන තුරුළු කරගත්තා.
අන්තිම පාරට අහන්නේ යෙහන්සා. ඔයාට මාව එපා ද?
කේන්තිය වේදනාව උපරිමේටම පාලනය කරගෙන විහංග ඇහැවෙ බිඳුනු ආදරණීය හඬින්
එප්..පා
යෙහංසා අඩාගෙන ඒ පපුවට බරවුණා.යෙහංසාගෙ දෙනෙතින් ගලන කඳුළු කැටවලින් විහංගගෙ ටී ෂර්ට් එක පෙඟිලා පපුවත් තෙමිලා ගියා.විහංග උඩ බලාගෙන ගැඹුරු හුස්මක් ගත්තා. කොල්ලා යෙහංසාව මෑත් කරලා ඒ නලල්තලේ තදින් සිප ගෙන කාමරෙන් එලියට ගියේ ජැකට් එකත් අමතක කරලා
*******
යෙහංසා උඹට මක් වෙලාද? උඹ මේ වැළහින්න වගේ අඩන්නේ දැන් කීයේ ඉදලා ද? එක්කෝ වෙච්චි දෙයක් කියන්න ඕනේ? මට දිවැස් තියෙනවද ?
සඳුනි ඇඳේ මුණින් මුණින් තලා වෙලා කොට්ටයක් බදාගෙන නොනවත්වා අඬන යෙහංසගේ උරහිසින් හොල්ලන්නෙ මේ කීවෙනි පාරට ද දන්නෑ .දැන් පැයක් තිස්සේ යෙහංසා අඬනවා.
යෙහංසා ඕක නතර කරලා වෙච්චි දේ කියනවද ?කියන්න බැරිනම් කියන්න එපා .ඔයා අඩන එක නතර කරන්න . විහංග ජීප් එක ස්ටාට් කරගෙන ගියේ යකා වගේ. කෝල් කරල බලනවා ගියාද කියලා.විහංගගෙ මූඩ් එක ෆුල් අවුල්
යෙහංසා යාන්තම් ඔලුව ඉස්සුවා.
අනේ සදූ එයා ගෙදර ගිහින් ද දන්නෑ අනේ…
ඉතිං කෝල් කරන්න
බැහැ සඳූ. මං එයාව එපා කිව්වා
මොකක්ද
මං එයාව එපා කිව්වා.
යෙහංසා මට උඹ ඔය කියන හතර බීරි කතාව තේරෙන්නෑ .
යෙහංසා නැගිටලා කඳුළු පිහිදගෙන සඳුනි දිහා බැලුවා.
මං කිව්වා එයාට මාව ඩිවෝස් කරන්න කියලා.
සදුනිගේ ඇස් පුදුමෙන් විසල් වුණා
උඹට අමු කැවිලද ?
යෙහංසාගෙ ඇස් රතු ම රතු වෙලා.යෙහංසා නහය උඩට අදිනවා.
යෙහංසා පිස්සු හැදිලද? උඹලා දැන් දවස් ගානක් එකට ඉඳලා මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ ?
සඳු ඔයා මොනවද මං ගැන දන්නේ. ඒක දිග කතාවක්
යෙහංසා ආයාසයෙන් කඳුළු නවත්තගෙන අවුරුදු දෙකකට එහා අතීතෙට ගියේ තවත් මේ බර ඔළුවට දරන් ඉන්න බැරි නිසා. ඔළුවේ ප්‍රශ්නයක් හිරකරගෙන දුක් විඳිනවට වඩා ඒ ප්‍රශ්නෙ කාට හරි කියලා හිත සැහැල්ලු කර ගත්තම නිදහසක් දැනෙනවා. ඒත් සඳුනිට ඒ කතාව කිවුවා කියලා යෙහංසාට නිදහසක් නම් දැනුණේ නෑ
************
විහංග හිටියේ කැළඹුණු හිතෙන් .එකපාරටම යෙහන්සා වෙනස් උනේ කොහොමද කියලා කොල්ලට හිතාගන්න බෑ
ඇයි යෙහන්සා ඇයි?
කොල්ලා දකුණු අතින් නළල තද කරන ගමන් වම් අතින් ඩ්‍රයිව් කළා. ඇත්තටම විහංගට මෙලොව සිහි කල්පනාවක් තිබුනේ නෑ. ජීප් එකේ වේගෙ වැඩි වුණේ නොදැනුවත්ව..යෙහංසා ඒ විදිහට තමන්ව ප්‍රතික්ෂේප කරයි කියලා විහංග හීනෙන්වත් හිතුවේ නෑ.
යන්න විහංග. මට ඔයාව එපා. මට එපා..
යෙහංසා ඒක කියපු හැටි කොල්ලට මේ මැවී මැවී පෙනුණා.
යෙහංසා විහංගට අකමැත්තෙන් හිටපු එක ඇත්ත. ඒත් දැන් තත්වේ ඊට වැඩිය වෙනස්. පහුගිය දවස් දෙක තුන පුරාම දෙන්නා ලොකු බැදීමකින් බැදුනා. ඉතින් එක පාරටම මෙහෙම දෙයක් උනේ කොහොමද කියලා කොල්ලට හිතාගන්න බෑ
ඊයේ රෑ යෙහංසා හිනා වෙලා තුරුළු වෙලා හිටපු හැටි..ඒ උණුසුම් දෙතොලින් තමන්ව සිපගත්ත හැටි මතක් වෙද්දී කොල්ලගෙ පපුව සීතල වෙලා.
යෙහංසා මං කොහොමද ඉන්නේ ඔයා නැතුව ?මාව පිස්සෙක් කරන්නද ඕනේ? මගේ සතුට ඔයා.. මං කොහොමද මේක දරාගන්නේ
විහංග කොණ්ඩෙ ඇදගත්තේ නළල පුපුරන්න තරම් වේදනා දෙද්දී. එකපාරටම ඉස්සරහා වංගුවෙන් මතුවුණු ට්‍රක් එකේ ලයිට් එළිය මූණට වැටෙද්දී අතින් මූණ කවර් කර ගෙන විහංග බ්රේක් එක පාගලා වමට වාහනේ කැපුවේ වේගෙ පාලනය කරගන්න බැරි වෙද්දි. ඒ එක්කම වම් පැත්තෙන් තිබ්බ තාප්පෙ වැදිලා ජීප් එක පහළ වෙලට පෙරළුණේ තත්පර කීපයක් තුළ. කකුලක් එක්ක මුළු ඇඟම වේදනාව දෙද්දී විහංගගෙ දෑස පියවුණේ යෙහංසාගෙ ආකර්ෂණීය හිනාව හිතේ මැවෙද්දි.
*******
උඹ ඔච්චර මෝඩයිද යෙහංසා .කේන්දරේක කිව්ව පලියට ඒක ඇත්ත වෙනවද? උඹ පත්තර කාරියක් නේද? ඕවා විශ්වාස කරනවද?
සඳුනි කෑ ගැහුවේ යෙහංසාගෙ කතන්දරේ අහගෙන ඉඳලා.
අපේ ගම්වල කේන්දර බලලා තමා හැමදේම කරන්නේ
උඹ මෝඩයි යෙහන්සා. ඔය ප්‍රශ්නේ ප්‍රශ්නෙ ලස්සනට විසඳගන්න තිබුණා විහංග එක්ක කතා කරලා ඩොක්ටර් කෙනෙක් ලඟට ගියා නම්
වඳ කෙල්ලෙක් ඩොක්ටර් ලඟට මොකට යනවද?
මං උඹට ආයෙ කියන්නේ නෑ.දැන් නිදා ගමු .පාන්දර දෙකයි
මට නින්ද යන්නෙ නෑ සඳු. ආයේ කවදාවත් මට සැනසීමෙන් නිදන්න බැරි වෙයි
උඹ විහින්මයි නින්ද නැති කරගෙන තියෙන්නේ. සරලව විසඳගන්න තියෙන ප්‍රශ්නයක් සංකීර්ණ කරගෙන අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කරගෙන
සඳුනි කිව්වේ දාර්ශනික විදිහට.
උඹ පත්තරේ රිපෝර්ට් එක වගේ කියවන්න එපා සදූ.දෙයක් තමන්ටම වුණාම තමා ඒකෙ වේදනාව දැනෙන්නේ.අනේ මං විහංග නැතුව ඉන්නෙ කොහොමද සදූ..අපි දෙන්නා මේ දවස් ටිකට ගොඩක් ළංවුණා..එයාට හොදටම තරහා ගියා මං එයාව එපා කීවම..
සදුනි ෂීට් එකත් පොරවගෙන නිත් පැත්ත හැරුණා.
ආදරේ අන්ධයි කියලා අහලා තිබ්බට ඒ කතාව ඇත්ත කියලා තේරුම් ගත්තෙ අද.තියරි වගේම ප්‍රැක්ටිකලුත් අන්ධයි.
සදුනි තවත් මොනවදෝ කියව කියව බැන්නෙ යෙහංසාගෙ මෝඩකම ගැන හිත හිත.
*******
රන්දුට පණිවිඩේ ලැබුණෙ පාන්දර.ඒ ගමන්ම රන්දු හොස්පිට්ල් එකට ගියා.අයිසීයූ එකේ විහංග ඉන්න විදිහ දැක්කම රන්දුට උහුලන්න බැරිවුණා.බ්රිිගේඩියර් ආවේ ඒ එක්කමයි
රන්දු මොකද කොල්ලට
සර්..මංදා සර්…ඩොක්ටර්ස්ලා කියන විදිහට ගොඩක් අමාරුයි.කකුලක් ඩැමේජ් වෙලා ..සිහිය නෑ..අයිසීයූ.
ෂිට් ..මේකා මේ මහ රෑ ඔහෙ කොහෙද ගිහින් තියෙන්නෙ..අද නවයට නේද ඩියුඩි ඕෆ් වුණේ..
ඔව් සර්..
ගෙදර ළඟ පාරකුත් නෙවෙයි.
ඔව් සර් විහංගගෙන් තමා විස්තර අහ ගන්න වෙන්නෙ.
මං ඩොක්ටර් මීට් වෙලා එන්න.ආමි හොස්පිට්ල් මාරු කරන්න බලමු.
හරි සර්
ගෙදර අයට පණිවිඩේ දෙන්න
හරි සර්
රන්දු ඒ ගමන්ම වලව්වට කතා කළා. රන්දු දැනගෙන හිටියා විහංග හිටියේ යෙහංසා එක්ක කියලා. එතකොට යෙහංසාට මොකද උනේ ? රන්දු ළඟ යෙහංසාගෙ ෆෝන් නම්බර් එකක් තිබ්බෙ නෑ.යෙහංසා ගැන හොයන එක පසුවට කල් තියලා රන්දු හොස්පිට්ල් එකේ වැඩ ගැන හොයලා බැලුවා . හදිසියේ බ්ලඩ් ට්‍රාන්ස්ෆර් කරන්නත් රන්දුට සිද්ධ වුණා .වෙලාවට යාලුවෝ දෙන්නගෙ බ්ලඩ් ගෘෘප් මැචින්.
**********
යෙහංසා..අද ඔෆිස් යන් නැද්ද ?
සඳුන් තාමත් ඇඳේ දිගෑදිලා ඉන්න යෙහංසාට කතා කළා .
මට බෑ සඳූ
පිස්සු නැතිව යමු යෙහංසා..මේ බෝඩිමේ හිර වෙලා කල්පනා කරලා හරි යනවද ?ඔෆිස් ගියාම රිලැක්ස් වෙයි. අනික මට උඹව තනියම මෙතන දාලා යන්න බෑ. අවධානය වෙනස් වුණාම ඔය හිත හැදෙයි
මට බෑ සඳූ
කොහොම වුණත් සඳුනිගේ බල කිරීම නිසා යෙහන්සා ඔෆිස් යන්න ලෑස්ති වුණා.
*******
හවස ගජවීර් ආවෙ ප්‍රියංගා එක්කම. නිමේශ් ආව ගමන් එයාගෙ මිත්‍ර ඩොක්ටර්ස්ලා හොයාගෙන ගියා .ප්‍රියංගා නම් හිටියේ හැඬූ කඳුළෙන්.
රන්දු පුතේ ..ලේසි අපලයක්ද මගෙ කොල්ලට තිබුණේ.මේ මාරකේකින් පැන්නේ. අනේ දෙයියනේ
දැන් අඬලා වැඩක් නැහැනෙ ආන්ටි .දැන් විහංගට හොඳයි.හවසට වෝඩ් එකට දායි
රන්දු පුතා යුනිෆෝම් පිටින්නේ. මහන්සි ඇති. පුතා ගිහින් එන්න. අපි ඉන්නවනේ දැන්.
හරි අංකල් මං එන්නම්
රන්දු එතනින් ආවෙ නෑවිත් බැරිකමට.යෙහංසා ගැන හොයා ගන්න ඕනෙ.මොකද රන්දු දන්නවා විහංගට සිහිය ආපු ගමන්ම අහන්නෙ යෙහංසා ගැන කියලා.රන්දු විහංගගෙ ගෙදරට ගියා.ඒත් ඒක පාළුවට ගිහින්.ඊළඟට රන්දුට මතක් වුණේ යෙහංසාගෙ බෝඩිම.රන්දු බෝඩිමට යනකොට හවස් වෙලා.ඒත් බෝඩිමත් වහලා..රන්දුට හිතා ගන්න බැරිවුණා යෙහංසාට මොනවා වුණාද කියලා. වෙන කරන්න දෙයක් නැති නිසා රන්දු කෑම්ප් එකට ගියේ හෙට උදේවත් ඇවිත් බලන්න හිතලා.
ආමි එකේ ඔෆිසර් කෙනෙක් ඇක්සිඩන්ඩ් වෙලා කියලා නිවුස් එකක් ආවට යෙහයංසාට ඒ ගැන වගක් තිබුණේ නෑ.සදුනිත් දවසම හිටියෙ එළියෙ මාධ්‍ය සාකච්ඡාවක් කවර් කරන්න ගිහින් .සඳුනි එනකල් බලන් හිටපු යෙහංසා බෝඩිමට ගියේ තනියම. සඳුනි එදා ආවේ රෑ වෙලා. පහුවදා උදෙන්ම දෙන්නා එලියට බහිනකොටම රන්දු යෙහංසාව වගේම සදුනිවත් පුදුම කරවලා
රන්දු අයියේ
නංගි ඔයාලා කොහෙද හිටියේ. මං ඊයෙත් ආවා. ගෙදරත් පාලු වෙලා
යෙහන්සා කලබල වුණා.
ඇයි අයියා විහංග එහෙ නැද්ද?
නංගි ඔයා දන්නේ නැද්ද?
මොනවද?
විහංග ඇක්සිඩන්ට් වෙලා පෙරේදා රෑ .
ආ..
යෙහංසාගෙ අතේ තිබුණු ෆෝන් එක බිම වැටුනා.යෙහංසා වැටෙන්න වගේ යද්දි සඳුනි වගේම රන්දුත් පැනලා අල්ලගත්තා.
යෙහංසා උඹට මොකද?. එන්න යමු ඇතුලට වාඩි වෙමු.රන්දු අයියා එන්න
සඳුනි යෙහංසාව වත්තම් කරගෙන ඇතුලට ඇවිත් වාඩි කෙරෙව්වා.
කලබල වෙන්න එපා නංගා. මට හිතාගන්න බැරි උනා ඔයාට මොකක් වුණාද කියලා. මං ඒකයි හොයාගෙන ආවේ
අනේ රන්දු අයියේ එයා කොයි .මට එයා බලන්න ඕනේ
යෙහංසා කඳුළු අතරින් කෑ ගැහුවේ මොකුත් හිතාගන්න බැරුව.
හරි නංගි කලබල වෙන්න එපා .එතන විහංග ගේ පවුලේ අය ඉන්නවා .ඔයා ගිහින් කලබල කරන්න එපා.
අනේ අයියේ මගේ විහංගට කරදරයක් නෑ නේද?
අයිසීයූ හිටියේ. දැන් නම් වෝඩ් එකට දාලා .කොහොමත් හෙට ආමි හොස්පිටල් එකට මාරු කරනවා.
අනේ එයාට ඔහොම උනේ මං හින්දා. මං එයාව එපා කිව්ව නිසා. මගේ එක්ක තරහින් ගියේ රන්දු අයියේ.. මං නිසයි එහෙම වුණේ .
රන්දු සඳුනි දිහා බැලුවා
යෙහංසා . දැන් ඕවා කතා කරලා වැඩක් නෑනෙ. අපි විහංගව සනීප කරගන්න බලමු
ඔව් සඳුනි ඒක ඇත්ත. ඒත් මං හිතන්නේ යෙහංසා දැන් එතැනට ගියොත් ලොකු අවුලක් වෙන්න පුළුවන්. ඔයාලා මැරි කරලා කියලා ඒ කවුරුවත් දන්නෑ .මේ වෙලාවේ කියන එකත් සුදුසු නැහැ
රන්දු කීවෙ කල්පනාකාරීව.
ඔව් රන්දු අයියා කියන එක හරි යෙහංසා.
නංගි ආමි හොස්පිට්ල් අරං ගියාම මං ඔයාට විහංගව බලන්න චාන්ස් එකක් අරං දෙන්නම්.
වෙන කරන්න දෙයක් නැති නිසා යෙහංසා රන්දුට එකඟ වුණා.ඒත් එහෙම කියලා හවස් වෙනකොට යෙහංසාට ඔෆිස් එකේ ඉන්න බැරිවුණා.සදුනි හිටියෙත් නෑ..යෙහංසා හිටියෙ දැවි දැවී. කෙල්ල ෂෝර්ට් ලීව් දාලා කලින්ම ඔෆිස් එකෙන් එළියට බැස්සා. රෙදි කඩේකට ගිහින් ෂෝල් එකක් අරගෙන ඔලුවයි කටයි වැහෙන්න දාගෙන යෙහංසා හොස්පිට්ල් එකට ගියා.පිරිමි වාට්ටුව හොයා ගෙන ලෙඩ්ඩු බලන වෙලාවට යෙහංසා ගියේ ගැහි ගැහී.හැම තැනම හොය හොය ගිහින් අන්තිමේදි ප්‍රියංගා එක්ක ගජවීර් ඉන්නවා කෙල්ල දැක්කා.යෙහංසා ඒ එක්කම ඈතින් නැවතිලා ඇද දිහා බැලුවා.
කෙල්ලගෙ පපුව හෝස් ගාලා ගියේ විහංගගෙ හැටි දැක්කහම.ඔළුව බැන්ඩේජ් කරලා ..කකුලකුත් බැන්ඩේජ් කරලා.යෙහංසා ඒ දිහාට අඩිය තිබ්බා. ඒත් කෙල්ල ඒ එක්කම නැවතුනේ විහංගට සුප් එක පොවන කෙනා දැක්කම. ලස්සන කෙල්ලෙක්. බැලූ බැල්මට සල්ලිකාරියක් වගේ. ඒ තරම් මොඩ් එකක් තිබුනෙ.
රෝෂිණී පුතේ. මේ ටිකත් පොවන්න
ප්රියංගාගේ ඇමතුමත් එක්කම යෙහංසා අනිත් පැත්ත හැරුනා.
රෝෂිණී මේ විහංගගෙ ප්‍රපෝසල් එක. යෙහංසා හිමිහිට ආපහු හැරිලා විහංග දිහා බලලා ආයෙත් හැරිලා එළියට ආවා. කෙල්ලට මග දිගට ඇඬෙනවා. දැන් ඈත්වීම සර්ව සම්පූර්ණ වෙලා.විහංගගෙ ලෝකෙ යෙහංසා නෑ. දැන් ඉන්නේ රෝෂිණී. යෙහංසා තමන්ගෙ හිතට පුළුවන් තරම් තේරුම් කළා .යෙහන්සා ඒ ගමන සදුනිගෙනුත් රහසක් කරලා තියාගත්තා.
ඊට දවස් දෙකකට පස්සේ රන්දු යෙහංසාව එක්කගෙන ගියේ ආමි හොස්පිට්ල් එකට.
නංගී විහංග දැන් හොදට කතාබහ කරලා ඉන්නවා. කකුලේ ඩැමේජ් එක තමා තියෙන්නෙ වැඩිපුර. සෑහෙන කාලයක් ඇඳේ ඉන්න වෙයි
මං එයාව බලාගන්නම් අයියා. ගෙදරට එක්කගෙන එන්න කොහොමහරි
ඒක ලේසි වෙන් නෑ නංගා. ප්‍රියංගා ආන්ටිලා විහංගව වලව්වට ගෙනියයි .විහංග ආමි එකෙන් අයින් වෙනවා කිව්වා. ඌ ඉන්නේ ලෝකෙම එපා වුණු ගාණට. පුදුමේ කියන්නේ මගෙන් නිකමටවත් ඔයා ගැන ඇහැවෙ නෑ. ඌ අප්සට් යයි කියලා මං මතක් කළෙත් නෑ.
යෙංහසාගෙ හිත අහේතුවකට ගැස්සුනා .එයාට මාව අමතක වෙලාද?
නංගා මේ රූම් එකට මේ වෙලාවට කවුරුවත් එන්නේ නෑ . ඔයා ගිහින් කතා කරන්න. මං එළියෙ ඉන්නම් ඉන්නං
යෙහන්සා ඔලූව වනලා රූම් එකට ඇතුළු වුණා .විහංග හිටියේ නින්දක .යෙහන්සා හිමිහිට ඇඳ ළඟට ළං වුණා .කෙල්ලට ඉකි ගැහෙනවා. හෙමීට ඇඳ උඩ ඉඳගෙන ඇඳ මත තිබ්බ විහංගගෙ දකුණු අත අරගත්තා.යෙහංසාගෙ කඳුළු ඒ පිටි අත්ල මතට වැටෙද්දී විහංග ඇස් ඇරියා යෙහංසා ඇස් පියාගෙන අත අල්ලගෙන අඬන හැටි කොල්ලට පෙනුනා .ඒ එක්කම විහංග අත ඇද්දා .කෙල්ල ඇස් ඇරියා
මොකටද ආවේ ?මං මැරිල ද බලන්නද ?
විහංග දත්මිටි කාගෙන අහද්දි යෙහංසා වම් අතින් කට වහගත්තා
උඹට මාව එපා නේ.. මාව එපා නේ ..මොකටද ආවේ
අනේ විහංග
විහංග මැරුණා .උඹේ මිනිහා මැරුණා. උඹට මාව එපා නේ.. ඇයි ආවේ උඹ… ඇයි
විහංග
පලයං මෙතනින්
විහංග ඇඳේ දඟලන්න පටන් ගත්තා. ඒත් එක්කම කොල්ලා ඇස් තදින් පියාගත්තෙ කකුලෙ වේදනාවට.
පලයං යෙහංසා.. උඹ එන්න එපා මගෙ ඇස් ඉස්සරහට. මට පේන්න බෑ උඹව
යෙහංසා ඒ එක්කම නැගිටලා කාමරෙන් එළියට දිව්වා .විහංග ඒ දුවන දිහා බලාගෙන දිග දිග සුසුමක් හෙළුවා. වේගයෙන් දුවන යෙහංසා දිහා රන්දු බලන් හිටියේ පුදුමෙන්. ඒ එක්කම රන්දු රෝහල් කාමරේට ආවා
විහංග අර කෙල්ල දිව්වේ මොකද ?
ඒත් විහංගගෙ ස්වරූපය දැක්කම රන්දුට මොකුත් හිතාගන්න හිතා ගන්න බැරි වුනා.
විහංග මොකද උඹට අමාරුද?
උඹද අරකිව එක්කගෙන ආවෙ?
කවුද? යෙහංසාද?
නැත්නම් මොකීද ? ඕකිව ආයෙ එක්ක ඇවිත් උඹෙයි මගෙයි යාළුකම් නැති කරගන්න එපා බං. ප්ලීස්
හරි විහංග .නව් රිලැක්ස්. අපි පස්සේ ඕවා කතා කරමු. උඹ දැන් නිදා ගනින්. ඕව හිතන්න එපා
විහංග තදින් දෑස පියා ගත්තා. ඩොක්ටර් උදේ කිව්ව දේ විහංගගෙ හිතේ හොල්මන් කළා
මිස්ටර් විහංග කලබල වෙන්න එපා. මිස්ට විහංගගෙ කකුල වගේම බඳ කොටසටත් ගොඩක් තදේට ඩැමේජ් වෙලා තියෙනවා. මිස්ට විහංග සීට් බෙල්ට් එක නොදා හිටිය නිසයි මේ ප්‍රශ්නෙ වැඩි උනේ. මේක මිස්ට විහංගගෙ මැරේජ් ලයිෆ් එකට බලපානවා. මේ ගැන දැනුවත් කරන එක අපේ වගකීම. මේ ගැන පවුලේ අයට අපි තවම කීවේ නෑ
ඒකෙ තේරුම මොකක්ද ?මට පැහැදිලි නෑ..මැරේජ් ලයිෆ් එකට මොකක්ද බලපෑම
විහංග මැරි කරල නෑ කියලයි කිව්වේ. ඒ නිසා මිස්ට විහංගට තවම බබාලත් නැහැනේ. ඩැමේජ් එක නිසා බබාලා හදන්න ගියාම ප්‍රශ්න වෙනවා .විශේෂයෙන් සියයට එකක් පමණයි වදභාවය නැති බවට අපට විශ්වාස කරන්න පුළුවන්. කාලයත් එක්ක මේක හරි යන්න පුළුවන්. ඒත් අපිට සීයට සීයක් ගැරන්ටි කරන්න බෑ
විහංගගෙ ඇස් පුදුමෙන් මහත් වුණා
ඒ කිව්වේ ඩොක්ටර් මං දැන් වඳ වෙලා ද?
ඩොක්ටර් ඔලුව ඉහළ පහල හෙලෙව්වා.
කලාතුරකින් ඒ ප්‍රදේශය ගොඩක් ඩැමේජ් උනාම එහෙම වෙන්න පුළුවන් .අභ්‍යන්තරයේ ඉන්ද්‍රියන්වලට හානි වෙලා ඔපරේෂන් කරලා තියෙන්නේ. සමහරවිට කාලයක් යද්දි සනීප වෙන්න පුළුවන්. බබාලා හදන්නත් පුළුවන් වේවි. ඒත් ඒක නිශ්චිත නෑ. මං කිව්වේ සීයට එකයි සම්භාවිතාව .මේකෙන් කියැවෙන් නෑ මිස්ටර් විහංගට මැරේජ් ලයිෆ් එකක් ගත කරන්න බෑ කියලා.නෝනාට දරුවෙක් ලැබීමට ඉඩකඩ අඩු වෙනවා.
විහංගගෙ දෑස තෙත් වුනා. යෙහංසා වදයි කියලා බොරුවට කේන්දරේ වෙනස් කරපු හැටි කොල්ලට මතක් උනා. එදා වදයි කීවට යෙහංසා කොච්චර ඇඬුවද ? දුක්වුණා ද? අදටත් යෙහංසා ඇත්ත දන්නෙ නෑ. ඒ කෙල්ලට ඒ දුන්න ගින්දර තමයි දැන් තමන්ට මේ පත්තු වෙන්නේ කියලා කොල්ලට කල්පනා වුණා .තමන් බොරු කරලා කරපු ඒ පාපකර්මය දැන් මෙලොවදීම පඩිසන් දීලා. එදා යෙහංසාට කොහොම වේදනාවක් දැනෙන්න ඇද්ද ?දැන් ඒ වේදනාව විහංග විඳවනවා
මේ කාරණේ හින්දාමයි විහංග යෙහන්සා ආවම අර විදිහට හැසිරුනේ.කොල්ලා මේ ඇත්ත දැනගත්ත මොහොතේදිමයි තීරණය කළේ යෙහංසාගෙන් ඈත් වෙන්න. තමන්ගේ අවාසනාවට යෙහංසා කර ගහන්න ඕනේ නෑ
ටිකෙන් ටික කාලය ගත වෙද්දි විහංග ටික ටික සනීප වුණා.
කොල්ලා ආමි එකෙන් අයින් වුණු නිසා ගජවීර් වලව්වට එක්කගෙන ගියා. වලව්වේදී ප්‍රියංගා වගේම සාරදා පුළුවන් තරම් වෙහෙසුනා කොල්ලව ගොඩගන්න. රන්දු ඉඳහිට ඇවිත් ගියත් සශේන්,තුෂාන් වගේම මහීපාල ,චමූ..විහංග සනීප කරගන්න උදව් වෙන්න මහන්සි වුනා. සිංහල වෙදකම් කාලයක් කරද්දි කකුල සනීප වුණා. ඔලුවෙ ඩැමේජ් එක හොඳ වුණේ මාස හයක් ගත වෙද්දී. රෝෂිණී ටික ටික විහංගට ලංවුනාට කොල්ලගෙ හිතේ හැමදාම හිටියේ යෙහංසා විතරයි.
යෙහංසා එදායින් පස්සෙ විහංග ඉස්සරහට ආවෙ නෑ. ඇත්තටම කෙල්ල රන්දුගෙන් විහංග ගැන හැම විස්තරයක්ම අහගත්තා.කෙල්ලට වලව්වට එන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. කොල්ලත් කෙල්ල ගැන හොයලා බැලුවා. ඒත් යෙහංසාට ඒ ගැන දැනගන්න ඉඩ තිබ්බෙ නෑ .ඇක්සිඩන්ට් එකෙන් අවුරුද්දක් ගත වෙනකොට විහංග සම්පූර්ණයෙන් සුව අතට හැරුණා. කොල්ලා ආපහු ෆැක්ටරි එකට යන්න පටන් ගත්තේ වලව්වේ ඉන්න කම්මැලි නිසා
ඉස්සෙල්ලම ෆැක්ටරි එකට ආපු දවසෙ කොල්ලාගේ හිත කඩාගෙන වැටුනා. අමාරුවෙන් හිත යට හංගලා තිබ්බ රසබර මතක එකින් එක උඩට ඇවිත් හිත ඇතුළෙ යකා නටන්න පටන් ගත්තා. යෙහංසාගෙ මේසේ.. ඒ පුටුවෙ.. වෙන කෙල්ලෙක් වාඩිවෙලා ඉන්නව දැක්කම විහංගට හිතුනේ ආපු මෝඩකම කියලා.
පුංචි සර්… පුංචි සර් නැතුව පාලුවෙන් හිටියේ.. අපිට සන්තෝසයි ආවට
චමූ විහංගව පිළිගත්තෙ හරසරින්.
උඹේ අර මහ ලොකු සුදු මිසී නැතුව පාළු නැද්ද උඹට? උඹ ඉස්සර ඔලුව උඩ තියාගෙන පූජා පැවැත්තුවේ..
විහංගගෙ සුපුරුදු දඩබ්බර ගතිය ඉස්මතු වුණේ හිත අතීතෙට දුවද්දී
යෙහංසා මිසී. දැක්ක කාලයක් මතක නෑ පුංචි සර් ..කොහේ ඉන්නවද ? දෙයියො තමා දන්නේ.. ගමටවත් ඇවිත් නෑ.
හ්ම්..
විහංග නළල පොඩි කළා.
විහංග ඔයා මෙහෙද ඩාලිං
එක පාරටම තොරොම්බල් කරත්තයක් වගේ සලං බලං ගාගෙන ඔෆිස් රකට ඇතුළු වුණේ රෝෂිණී
රෝෂි..මොකද මෙහෙ
ඇයි මට එන්න බැරිද?ඔයා මෙහෙ කියලා ප්‍රියංගා ආන්ටි කිව්වා.
හැමදාම නිකම් ඉන්න බෑනෙ. මං ආයෙ වැඩට ආවා
මොකද්ද අනේ..මේවා අන්කල් බලාගනීවිනෙ. අපි ෂොපින් යමුකො අද.ප්ලීස් විහංග.වෙඩින් එකට ලෑස්ති වෙන්නත් ඕනෙ.
චමූ කට බලිය කරගෙන රෝෂිණී දිහා බලා ගෙන හිටියා.හිරට හිරේ ඩෙනිමක් ඇඳගෙන හිර ටී ෂර්ට් එකක් ඇඳගෙන මාල වළලු කරාඹු ඔක්කොම පුරවගෙන.චමූ නම් මතක් උනේ තොරොම්බල් කරත්තයක්
ඔහ් රෝෂීගේ වෙඩින් එක ළඟ ද? මයි කන්ග්රැජුලේෂන්..කවුද ඒ ලකී මෑන්
විහංග කට ඇද කලා
නෝටි බෝයි.. ඔයා මිසක් වෙන කවුද?
රෝෂිණී ඇදලා පැදලා කීවා.
මම.. ඔහ් නෝ..මං එච්චර අන්ලකී වෙන්න බෑ.
විහංග උස් හඬින් හිනාවුණා. රෝෂිණී ගස්සගෙන රූම් එකෙන් පිටවුණා. විහංග තවත් හිනා වෙනවා.
සර්
ආ..චමූ උඹ මෙතන ද තවම?
සර් ඒ නෝන ද සර් බඳින්න ඉන්නේ ?
ඔව් ඇයි?
දෙයියනේ යෙහංසා මිසී දෙව් දුවක් වගේ. ඒ නෝනා අපායට ගහපු එක්දහස් නවසිය බර ගණන්වල කැලැන්ඩරයක් වගේ.
මොකක්ද ?
විහංගගෙ හිනාව තවත් පුළුල් වුණා. ඒත් ඒ එක්කම යෙහංසා මතක් වෙනකොට පපුවට පිහි තුඩකින් අනිනවා වගේ රිදුමක් දැනුනා. මේ ඔෆිස් රූම් එකේ යෙහංසා එක්ක ගෙවුණු කොච්චර රසබර මතක තියෙනවද ? කොල්ලා සීට් එකට හේත්තු වෙලා ඇස් පියා ගත්තේ ඒ මතක එක්ක මොහොතකට තනිවෙන්න.
**********
යෙහංසා උඹ හැමදාම ඔහොම ඉන්නද කල්පනාව?
සඳුනි යෙහංසා එක්ක ලන්ච් ගන්න ආවෙ ළඟම තිබ්බ අවන්හලකට. යෙහංසාගෙ විදිහ වෙනස් වෙන්නෙම නෑ. කෙල්ල කොයි වෙලාවෙත් කල්පනා කරන එක තමා අවුරුද්දක් තිස්සේ කරන්නේ. ඔෆිස් එකේ වැඩ හිත එකඟ කරගෙන කළාට හැමවෙලේම ඒ මතකය වදදෙනවා. අවුරුද්දකට කිට්ටුයි. විහංග එදා එලවපු විදිහ කෑගහපු විදිහ මතක් වෙද්දි කෙල්ලගෙ ඇස් වලට තාමත් කදුළු උනනවා. කොච්චර වේදනාවක් ද? එදා ඉඳලා අද වෙනකල් රෑට හරිහමන් නින්දක් නෑ .විහංගට එහෙම වුණේ තමන් නිසා කියන සිතුවිල්ල යෙහංසාට හැමවෙලේම වද දුන්නා .යෙහංසා කෑම්ප් එකටත් ගිහින් රන්දූව හම්බවෙලා විහංග ගැන අහනවා.
මට මෙහෙම හොඳයි සඳුනි.
උඹලා දෙන්නා දෙපැත්තෙ හිටියට ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ
මට එක පාරක් එයාව බලන්න ආසයි සදු.. ඒත් මං කොහොමද වලව්වට යන්නේ .එයා මාව පන්නයි
උඹනෙ විහංගව රිජෙක්ට් කළේ ..දැන් ආයෙ මොකටද යන්නේ ?
සඳුනි කඩං පැන්නෙ ඇත්තටම දැනුනු කේන්තියට
බනින්න එපා සඳු
අර රන්දු අයියා කියන කතාව ඇත්ත. දෙන්නම කිසිම වැඩකට නැති හේතුවකට දෙපැත්තට වෙලා දුක් විඳිනවා.
ඒක වැඩකට ඇති හේතුවක් සදු.. ජීවිතයක් සම්පූර්ණ වෙන්න ඒ හේතුව ඕනේ .
මළ විකාර.. ඇයි කසාද බැඳලා දරුවො නැතිව ජීවත් වෙන ජෝඩු මේ ලෝකෙ නැද්ද? හරි අපූරුවට කිරි කිරියි පැනියි වගේ ඉන්න ජෝඩු නැද්ද? එක අඩුපාඩුවක් තිබුණා කියලා තමන්ගේ වයිෆ්ව හරි හස්බන්ඩ්ව හරි අත අරිනවා නම් එතන ආදරයක් තිබිලා නෑ.
මං එයාව අත් ඇරියේ ආදරේ හින්දා සඳු .එයාට අඩුවක් නෑ මට තිබ්බට
යෙහංසා උඹත් එක්ක කතා කළාම මගේ ඔලුව අවුල් වෙනවා
සඳුනි නොසතුටින් කියලා කාල ඉවර වුණු නිසා අත හේදුවා. යෙහන්සා ඒත් කාල තිබ්බේ කටවල් දෙක තුනයි.
**********
ඒයි වලව් පුතා.. නැගිටපං බං.. මොකද මේ නිදි හැටි
වලව්වේ කාමරේ ඇඳ ලග තිබ්බ බියර් ටින් වලට පයින් ගහන ගමන් රන්දු කෑ ගැහුවේ විහංග පොරවගෙන හිටපු ශීට් එක අදින ගමන්
ෂිට්.. මොකක්ද… බං .. යෙ..හංසා..
විහංග නින්දෙන් දොඩවනවා.
විහංගයා නැගිටපං බ.
රන්දුගෙ කෑගැහිල්ලට විහංග ඇස් ඇරියා.
අඩේ රන්දුවා උඹ කොයි වෙලේද ආවෙ ?
විහංග නැගිටලා රන්දුගෙ කරට අත දා ගත්තා.
අහකට යමං බං. උඹ ළඟ මලපෙරේත ගදක් එන්නෙ.ටිකක් පණ එනකොට පටන් ගත්තා නේද නාඩගම
විහංග රන්දූව අතහැරලා ඇඳ උඩ ඉඳගෙන හයියෙන් හිනා වුණා.
උඹට මං එන්න කීවේ ඊයේනේ බං
නිවාඩු නෑ.ස්පෙශනල් මිශන් එකක්. උඹ නැතිව අපිට හෙන පාඩුයි විහංග. බ්‍රිගේඩියර් නිතරම උඹව මතක් කරනවා. උඹ ආයෙ එනවනම් කැමතියි
මං ආමි එකට ආවේ ඇයි කියලා උඹ දන්නවනේ .එයා කිව්වා මං ආවා.. එයා අයින් වෙන්න කිව්වා මං අයිං වුණා
අපොයි උඹ මාර කීකරුයි නේ ?
රන්දුවා..මොනවද බොන්නේ ?
මගෙන්ද අහන්නේ? උඹ මේ බීලා තියෙන ජරාව ද මට පොවන්න හදන්නේ? උඹේ අර එයා මේවා බොන්න එපා කියලා උඹට කියලම නැද්ද ?
රන්දු කිව්වේ එයා වචන බර කරලා .
කිව්වා බං. එයා හිටියා නම් මේවා ඕනේ නෑ .වෙරි වෙන්න වෙන විදි තියෙනවා
රන්දු විහංගගේ පිටට පාරක් ගැහුවා
කොයි ආන්ටිලා පේන්න හිටියේ නෑ..
අද මොකක් හරි සමිතියක් තියෙනවා කිව්වා
ඒක නෙමේ විහංග.. මොකද උඹ මේ හදිසියේ මට එන්නේ කිව්වේ
විහංග නැගිටලා මේසෙ උඩ තිබ්බ වතුර වීදුරුව බීගෙන ගියා.
රන්දු උඹෙන් උදව්වක් ඕනෙ. උඹ මේක කරන්නම ඕනේ
විහංගගෙ මූණෙ තිබුණෙ බරපතල මූඩ් එකක්
මොකක්ද ?
මචං මේ ඩිවෝස් පේපර්ස්.. නඩුව ෆයිල් කරන්න කලින් යෙහංසාට කියලා සයින් කරව ගන්න ඕනෙ.
විහංග අහක බලාගෙන දික් කරපු පේපර්ස් ටික රන්දු අතට ගත්තෙ පුදුමෙන්
විහංග උඹ මොනවද මේ කියවන්නේ ?උඹ හොඳ සිහියෙන් ද මේ?
ඔව් රන්දු. මං යෙහංසාව ඩිවෝස් කරනවා.ඒත් මේ කසාදෙ ගැන වගේම මේ දික්කසාදෙ ගැනත් වලව්වේ අය දන්නෑ .දැන ගන්නත් බෑ ..
රන්දු ඩිවෝස් පේපර්ස් විසික් කළා.
උඹට මොනවද වෙලා තියෙන්නේ ?උඹ අර රෝෂිණීද මොකීද බඳිනවද?
ඔව්
විහංග කිව්වේ හිතුවක්කාර විදිහට.
විහංග උඹ බොරු කියන්නෙ. මගේ ඇස් දෙක දිහා බලපං…උඹ යෙහන්සා අර ගමක් මැද්දේ උස්සගෙන ගියේ නිකම් නෙමේ. උඹ ඒ කෙල්ලට පණ වගේ ආදරේ කළා. තාමත් ආදරෙයි .නේද විහංග?
විහංග බිත්තියට අත මිට මොලවලා පාරක් ගැහැවා .
ආදරෙයි රන්දු ආදරෙයි.. පැලෙන්න ආදරෙයි.. ඒත් ඒ ආදරේ නිසාමයි මං එයාගෙන් වෙන් වෙන්නේ .
උඹ මොනවද මට හංගන්නේ
විහංගගේ ඇස්වල ඇස් වල කඳුලු පිරිලා. කවදාවත් තමන්ගෙ යාළුවගේ ඇස් වල රන්දු කඳුලක් දැකලා නෑ. ඒත් අද
විහංගයා ..මොකද මේ..
රන්දු මට කරපු පව් පඩිසන් දුන්නා බං. උඹ දන්නෙ නෑ මං කරපු බලු වැඩ. උඹ හිතන තරම් හොඳ එකෙක් නෙවෙයි මම.
රන්දුට මොකුත් හිතා ගන්න බැරි වුනා.
රන්දු.. යෙහන්සා කලින් යාලු වෙලා හිටියෙ නිමේශ් එක්ක. ඒ කසාදෙ කඩන්න මං කේන්දරේ හොරට හැදුවා.යෙහංසා වඳයි කියලා.. ඒ නිසා අයියගෙ ඒ මඟුල කැඩුනා. අප්පච්චි කොහොමත් වලව් පෙළපත හොයනවා. පෙළපතත් නැතිව වඳ කෙල්ලක් කීයටවත් වලව්වට ගෙන්න ගන්නෙ නෑ .මචං එදා යෙහංසා කොච්චර ඇඬුවද ?එයා මගේ එක්ක ඉද්දිත් ඒ ගැන දුක්වුණා. ඒත් මං කවදාවත් යෙහංසාට ඇත්ත කිව්වේ නෑ.මට ඒ ඇත්ත කියන්න හයියක් තිබුණේ නෑ. මොකද යෙහංසා මට ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ ඒ ආදරේ නැති කරගන්න මට ඕන වුණේ නෑ .
විහංග හති ඇරියා.
ඉතිං මචං ඒක බොරුවක් නම් අවුල මොකක්ද බං?
රන්දුවා.. ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ඩොක්ටර් මට කතා කළා. ඇක්සිඩන්ට් එකෙන් මගේ යටි බඩ දිහාට ගොඩක් ඩැමේජ් වෙලා. මට තාත්තා කෙනෙක් වෙන්න තියෙන හැකියාව සියයට එකයි . ඒකත් කණාවට.
විහංග උඹ ඔය ඇත්තම ද කියන්නේ ?
ඔව් බං . මං ඩොක්ටර්ට කීවා මේ ගැන කාටවත් කියන්න එපා කියලා. මොකද අප්පච්චිලා ඔක්කොම අප්සෙට් යනවා එහෙම වුනොත්. රන්දු ඒ දුක මට දැන් දැනෙනවා.යෙහංසා කොච්චර මේ ප්‍රශ්නෙ නිසා මානසිකව විදවන්න ඇද්ද? තාමත් එයා දන්නෑ ඒක බොරුවක් කියලා .ඒ දුක නැතිකරන්න ඕනේ
විහංග උඹ ඩොක්ටර්ව ආයේ මුණ ගැහුණේ නැද්ද ?
මං ගියා. චෙකප් එකක් කළා. ඒත් වෙනසක් නෑ.ටෙස්ට් එකේ සම්භාවිතාව සීයට එකයි
මගේ ඔලුව අවුල් වෙනවා විහංග ..ඩිවෝස් වෙන්නේ ඒක ද?
ඔව් රන්දු යෙහංසාට මගෙන් දරුවෙක් නොලැබුණාට වෙන කෙනෙක්ගෙන් ලැබෙනවා . එයා බබාලට ආසයි. ඒක මං දන්නවා. මගේ පවුකාරකම මං ගෙවනවා. එයාට ලස්සන ජීවිතයක් තියෙන්න ඕනේ .මං මහා ආත්මාර්ථකාමී එකෙක් බං .මං ඉස්සර හිතුවේ යෙහංසා මගේ විතරමයි කියලා . තාමත් මං හිතන්නේ එහෙමයි. ඒත් මට එයා දුක් විඳිනවා බලන් ඉන්න බෑ.එයා මේකෙන් ජීවිත කාලෙම විදවයි. අනික එයා මාව රිජෙක්ට් කළා .අපි දෙන්නා උපරිම ලං වුනාට පස්සෙත් මාව එපා කිව්වා. එදා තමා මං ඇක්සිඩන්ට් වුණේ. මට ඒක දරා ගන්න බැරි වුණා .
විහංග උඹ දන්නවද ඇයි යෙහංසා උඹව එපා කිව්වේ කියලා.. ආ.. දන්නවද
රන්දු කෑ ගැහැවා. විහංග රන්දු දිහා පුදුමෙන් බැලුවෙ මුකුත් හිතාගන්න බැරුව.
නෑ අදටත් මං දන්නෑ එයා මාව රිජෙක්ට් කලේ ඇයි කියලා
විහංග ඒකට හේතුවත් උඹ දැන් කියන ප්‍රශ්නේමයි. යෙහංසා උඹෙන් ඈත් වෙන්න තීරණය කරලා තියෙන්නේ එයා වද නිසා.. උඹට බබෙක් දෙන්න බැරි නිසා ..උඹ එදා නිමේෂ්ගේ බබාගෙ ෆොටෝ බල බල හිටපු හැටි දැකලා
රන්දු උඹ කොහොමද දන්නෙ ?
සඳුනි මට ඔක්කොම කිව්වා
උඹ ඇයි කිව්වෙ නැත්තෙ මට
උඹ මං කියන දේවල් අහන මානසිකත්වයක නෙවෙයිනේ හිටියේ. අනික උඹ එදා යෙහංසා වගේම මාවත් පැන්නුවේ. ඊට පස්සේ උඹ හිටියෙ යෙහංසා වහ කදුරු වගේනේ
විහංග නළල තදකරගත්තා.
රන්දු උඹ රුක්ෂාන් ගැන මොකද හිතන්නේ ?
මොකක්
රුක්ෂාන් යෙහංසාට කැමැත්තෙන් හිටියා. යෙහංසාට ඌව මැච් වෙනවා
විහංග උඹමද මේ කතා කරන්නේ .ඒත් රුක්ෂාන් ලගදි මැරි කරනවා
ෂිට්
විහංග උඹ හදන්නේ යෙහංසාව ඩිවෝස් කරලා වෙන කෙනෙක්ට බන්දන්න ද? උඹ කියන විදිහට ඒ කෙල්ල කැමති වෙයිද ?
කැමති වෙන්නම ඕනේ. ඒත් රන්දු මගේ ඇත්ත කතාව එයා දැන ගන්න බෑ .මොකද දැන ගත්තොත් එයා මාව අත අරින්නෙ නෑ.
මොහොතක නිහැඩියාවකින් පස්සේ විහංග තදින් දෑස පියාගත්තෙ තීරණයක් ගන්න.
රන්දු උඹ මගේ හොඳම යාළුවා. උඹ අපි දෙන්නා ගැන හැමදේම දන්නවා උඹට විතරයි මට උදව් කරන්න පුළුවන්
විහංග රන්දුගේ ඉස්සරහට ගිහින් උරහිසේ අත් දෙක තියලා රන්දුගෙ ඇස් දිහා කෙලින් බැලුවා .
රන්දු උඹ යෙහන්සාව මැරි කරන්න ඕනේ
රන්දු විහංගගෙ අත් දෙක ගසා දැම්මා.
උඹට අමු කැවිලද බූරුවො
මචං.. උඹ තරම් හොඳ එකෙක් මට හොයාගන්න නෑ. උඹ ගැන මං හොඳට දන්නවා. ප්ලීස් මචං. මං දන්නවා උඹට කෙල්ලෙක් නෑ කියලා
උඹ මගෙන් පද අහගන්නෙ නැතිව ඉඳපන් විහංග
රන්දු ප්ලීස්
රන්දු ජනේලෙ ලඟට ගිහින් එළිය බලාගෙන ටිකක් කල්පනා කළා.
රන්දු ප්ලීස්. මගේ ආසාව ඉෂ්ට කරපන්. මේ වලව් පුතාගේ අන්තිම ඉල්ලීම
මොකක්ද මිනිහෝ කියවන්නෙ
රන්දු කෑගැහැවා..
රන්දුගෙ ඔළුවෙ ආවේග වේගෙන් ගමන් කරනවා. මොකද්ද මේකට කරන්නෙ..ටිකක් වෙලා කල්පනා කරලා රන්දු විහංග දිහාට හැරුණා.
විහංග උඹ කියනවා නං මං ඒක කරන්නම් .මං බඳින්නම් .ඒත් උඹ මෙහෙ ඉන්න බෑ. උඹ යන්න ඕනේ මේ රටෙන්
මචං මට යෙහංසාගෙ බබා බලන්න ඕනේ
බෑ එහෙම බෑ..උඹට යෙහංසාව දකින්නවත් දෙන්න බෑ. උඹ යෙහංසාව සම්පූර්ණයෙන් අමතක කරන්න ඕනෙ..උඹ එකඟයි නම් මං කැමතියි
විහංග යටි තොල තදින් හපා ගත්තා .මේ වේදනාව දරා ගන්නෙ කොහොමද?ඒත් කරන්න දෙයක් නෑ.යෙහංසාගෙ සතුට වෙනුවෙන් මේ දේ කරන්න වෙනවා.
**********************
රන්දු පැවිලියන් එක ඉස්සරහා අත් අත්දෙක පිටිපස්සට බැඳගෙන එහෙට මෙහෙට යන්නේ දැන් සෑහෙන වෙලාවක ඉඳලා. රන්දු කිව්ව කතන්දරේ අහගෙන හිටපු යාලුවො දෙන්නා හිටියේ තුෂ්ණිම්භූත වෙලා.සශේන් පඩිපෙලේ ඉඳගෙන හිටියේ ඔලුව බදාගෙන. වෙනදා ඕන දේකට පැනලා කටදාන තුෂාන් පවා අද නිහඬයි.
එතකොට උඹ යෙහංසාව බඳිනවා
සශේන් අමාරුවෙන් හඬ අවදි කළා
ඔව් එයා කැමැති වුණොත්
රන්දු කීවේ නැවතිලා ඈත ග්‍රවුන්ඩ් එක දිහා බලාගෙන.
මචං විහංග හිටියේ කොහොමද? මෙච්චර වෙනස් වුනේ කොහොමද?
තුෂාන් ඇහුවේ කලකිරීමෙන් .
අනික රන්දු උඹේ හැඟීම් විහංගට තේරෙන්නේ නැද්ද ? උඹ කැමති කෙල්ලෙක්ව නැතුව ඌ කැමති කෙනෙක් උඹ බැදලා හරි යනවද ? මූගෙ වලව්කාර හයියද මේ අපිට පෙන්නන්නෙ
සශේන්ට යකා නැගලා තිබ්බේ
මචං යෙහන්සා ඕකට කැමති වෙයිද? මට හිතෙන්නෙ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ විහංගයාගෙ මොලේත් කොලොප්පන් වෙලා ද කොහෙද?
තුෂාන් කිවුවෙ මූණ ඇඹුල් කරගෙන.
රන්දුවා…දැන් ඇත්තටම මොකද උඹ කරන්නේ ?
සශේන් ඇහුවෙ නැගිටලා ඇවිත් රන්දුගෙ උරහිසට අත තියලා.
උඹ නෙවෙයි බං.අපි.. අපි මොකද කරන්නේ කියලා අහපං..
රන්දු කිව්වේ කට කොනට හිනාවක් නංවගෙන. යාලුවෝ දෙන්නා රන්දු දිහා බලන් හිටියේ කුතුහලයෙන්
****************
ඩිවෝර්ස් පේපර්ස්
යෙහංසාගෙ ඇඟිලි තුඩු ගැහෙනවා.
රන්දු අහක බලාගෙන දිග් කරපු කොළ ටික යෙහන්සා අතට ගත්තා.
ඔයාට ඕන කළේ විහංගගෙන් ඈත් වෙන්නනෙ නංගා. ඉතිං පුදුම වෙන්න එපා. විහංග කලේ ඔයාට ඕන දේ.
රන්දු අයියේ..අනේ සඳූ
යෙහංසා විසිටින් රූම් එකේ හිටියෙ සදුනි එක්ක.රන්දු ආව නිසයි දෙන්නම මෙතෙන්න ආවෙ .යෙහංසා සදුගේ උකුලට වැටිලා සෙටියෙ උඩ ඉඳගෙන අඬන්න පටන් ගත්තා.
ඔව් රන්දු අයියා. දැන් යෙහංසට සතුටු වෙන්න පුළුවන්. කොහොමත් මේකනෙ ඕන කළේ .අවුරුද්දක් තිස්සේ අඬලා අඬලා දැන්වත් හිනාවෙන්න
සඳුනි කිව්වේ යෙහංසාගෙ හිස අතගාන ගමන්.
අනේ අයියේ එයා මාව අත අරිනවාද?
හ්ම්
ඇයි මේ හදිසියෙ
සඳුනි ඇහැවෙ කල්පනාවෙන්
විහංග රෝෂිණීව මැරි කරනවා. කොහොමත් කතා කරලා තිබ්බ මගුලක්නේ .
රන්දු මූණෙ හැඟීම් පිටට නොපෙනෙන අනිත් පැත්ත බලා ගත්තා.යෙහංසාගේ හිත ගැස්සුණා.
වලව් පුතා. එයා මාව සදහටම අමතක කරලා
යෙංහසාට දැනුනේ පුදුමාකාර වේදනාවක්.
මේවා සයින් කරන්න නංගි
යෙහංසා පෑන අතට අරගෙන කදුළු පිහිද ගෙන වෙවුලන අතින් සයින් කළා. විහංගගෙ සයින් එකත් ඒකෙ තිබ්බා. කෙල්ල ඒක රන්දුට දුන්නා .
උසාවි වැඩ පටන් ගත්තට අන්තිම වාරෙට වගේ එන්න වෙයි.විහංග මට මේක හැන්ඩ්ල් කරන්න බාර දීලා තියෙන්නේ. මිනිහා වෙඩින් එකට ලෑස්ති වෙනවා
යෙහංසා වචනයක්වත් කියන්නේ නැතිව රූම් එකෙන් එලියට ගියා .සඳුනි රන්දු දිහා බැලුවේ වේදනාවෙන්
රන්දු අයියා..මේ කෙල්ල පව්..
හ්ම්..සදූ කැමතිද මේ ජෝඩුව වෙන් වෙනවට
රන්දු ඩිවෝස් පේපර්ස් දිහා අමුතු බැල්මක් දාගෙන ඇහැවා.
නෑ අයියෙ.මුන්ට පිස්සු . හදහනක් ලොකු කරගෙන නටනවා. මෙච්චර තාක්ෂණය දියුණු වෙලා තියෙද්දි.
මුන් දෙන්නම ආදරෙන් අන්ධ වෙලා. වෙන එවුන් ආදරෙන් අන්ධ උනාම පැනලා ගිහින් හරි කසාද බඳිනවා .ඒත් මේ දෙන්නා බැඳලා තියෙන කසාදේ ලිහාගන්න දඟලනවා
රන්දු සඳුනිට ළංවුණේ සඳුනිගේ ඇස් පුදුමෙන් මහත් වෙද්දි