පහුවදා යෙහංසා ඩෙනිමකට සුදු ටී ෂර්ට් එකක් ඇඳලා පිටට බෑග් එකකුත් දාගෙන බංග්ලෝ එකෙන් එළියට බැස්සා.විහංග කට කොනින් හිනාවෙවීම ජිප් එකට නැග්ගා.යෙහන්සාට නගින්න වුණේ විහංගගෙ ජීප් එකට. කැලේ මැදට යනකොට සැරෙන් සැරේ විහංග මැද කණ්ණාඩියෙන් යෙහංසා දිහා බලනවා. යෙහංසා ගණන් ගන්නේ නැතුව හිටියා.කැලේ කපන අපරාධකාරයෝ හොයන්නයි මිශන් එක.
ඊළඟට පයින් යන්න සිද්ධ වුණා. යෙහංසාට හරි සන්තෝසයි දැන් නම්. කෙල්ල මේ වගේ ගමනක් ගිහිල්ලම නෑ. මේක අළුත්ම අත්දැකීමක්. සන්තෝසෙට උඩ බලාගෙන යද්දි යෙහංසාගෙ කකුලේ වැලක් පැටලිලා වැටෙන්න ගියා.ඒත් යෙහංසා ගැන පූර්ණ අවදානෙන් හිටපු විහංග කෙල්ලව අල්ලගත්තා. ඒ සැනින් සිවු නෙත් එකට යා වුණා. යෙහංසාගෙයි විහංගගෙයි දැහැන බිදුනේ රුක්ෂාන්ගේ ඇමතුමෙන් .
සොරි සර්.සර්ලට කරදරයි. මං හෙල්ප් කරන්නම් එයාට. එන්න යෙහන්සා.
රුක්ෂාන් යෙහංසාගෙ අතකින් ඇදගෙන ඉස්සර උනේ විහංගගෙ ඇස් ලේ පාටට හැරෙද්දි.සිද්ධිය දැකපු රන්දු විහංග ළඟට ඇවිත් කරට අත තිබ්බා.
මචං රිලැක්ස් ප්ලීස්
විහංගට විතරක් ඇහෙන්න රන්දු මිමිණුවා. විහංග දත්මිටි කනවා.
සර්.. මෙතැනින් එහාට භයානකයි. මිස්ලා යන එක අවදානම්.කුඩා කණ්ඩායමේ එක ඔෆිසර් කෙනෙක් විහංගට කිව්වා.
ඔව් මිස්ලා වගේම රුක්ෂාන්. ඔයාලට එන්න පුළුවන් මෙතනට විතරයි.ඔෆිසර් රන්දු ඔයාලාගේ ගාඩ් එකට ඉඳී. අපි එනකල් මෙතනම ඉන්න.
විහංග අණ දුන්නා. ඊයෙ කිව්වෙ අපෙ ආරක්ෂාව අපිටම බලාගන්න කියලා .ඒ වුණාට අද අපිව ගාඩ් කරනවා..යෙහංසා හිතින් හිනා වුණා.
ඒත් සර් එතකොට එතන වෙන දේවල් අපි රිපෝට් කරන්නේ කොහොමද ?
යෙහංසාගෙ කට ඉස්සර වුණා. විහංග හෙළුවේ රුදුරු බැල්මක්.
එහෙනම් මිස් යෙහංසා විතරක් එන්න.වෙන කවුරුවත් බෑ. ඕවර්
විහංග අත ඔසවලා කතාව නතර කරලා ඉස්සර වුනා. රුක්ෂාන් යන්න එපා කියලා ඉඟි කළා. ඒත් යෙහංසා නැවතුනේ නෑ
මොකක්ද සඳු… අර යෙහංසාට වෙලා තියෙන්නේ
රුක්ෂාන් ඇහැවෙ කලකිරීමෙන්.රුක්ෂාන් යන්න හැදුවට රන්දු දැඩි බැල්මෙන් පවුරක් වගේ හිටගත්තා .
අනේ මන්දා රුක්ෂාන්. අපරාදේ මේ ගමන ආවේ. අපි මෝඩ වුණා. මේ කැලේ සර්පයෝත් ඇති.
හ්ම්..
රුක්ෂාන් වටපිට බැලුවේ කලකිරීමෙන්. යෙහන්සා විහංග එක්කම එකට අඩිය තිය තිය ඉස්සරහට ගියා.
විහංග හිටියේ විමසිල්ලෙන්. කොල්ලට දැන් මේවා පුරුදුයි. වලව් කාරයෙක්… ඉහටත් උඩින් දේපල… බිස්නස් හොඳට පුළුවන්.. ඒත් අද කැලේක දුක් විඳිනවා… මොකටද? මොකටද? යෙහංසාගෙ හිතේ දැවෙන ප්රශ්නය ඒක.
කොහෙද උඩ බලාගෙන යන්නේ ?
යෙහංසා වැලක් පටලවගෙන ඉන්නවා දැක්ක විහංග පහත් වෙලා ඒක අයින් කළා.
තෑන්ක්ස් සර්
පුළුවන් වැඩ කරනවා අයිසෙ. කෙල්ලෙක් නේද ? කොල්ලො කරන වැඩ කරන්නේ. එක්කෝ කෑම උයන හැටි රිපෝට් කරනවා
විහංග යෙහංසාට රව රව කියන්නේ අනිත් ඔෆිසර්ස්ලා ඉස්සරහට යනවා බල බලා.
ඌයි
වැලක තිබ්බ කටුවක් කකුලේ ඇනුනේ කෙල්ල දඟලද්දී
සර් අවුලක්ද ?
ඔෆිසර් තේශාන් පිටිපස්සට ආවේ යෙහංසාගෙ කෑගැහිල්ලට.
අහ්..නෑ තේශාන්.. මේ මිස්ගෙ කකුලේ කට්ටක් ඇනිලා වගේ.මේ වැලේ කටු තියෙනවා.තේශාන් යන්න.මං මෙයාව ඇරලලා එන්නම්. මෙහෙම එක්ක යන්න බෑ.
හරි සර්
තේශාන් ගියාට පස්සේ විහංග යෙහංසාව දෝතට ගත්තෙ යෙහංසා කෑගහද්දී.
මොකද මේ? මට යන්න පුළුවන්..විකාරද?
විහංග කෙල්ලට කන් නොදී මගක් දුර ඇවිත් කම්මුලක් සිප ගෙන බිමින් තිබ්බා.
තමුන් වගකිවයුතු ආමි ඔෆිසර් කෙනෙක් නේද? ලැජ්ජ නැද්ද යුනිෆෝම් එක පිටින් කෙල්ලො උස්සන් යන්න
යෙහංසාගෙ මූණ අබ දැම්මත් පිපිරෙන සයිස්.
ඒයි..මං වලව් පුතා.මතකනෙ ගමක් බලාගෙන ඉද්දි උස්සන් ආවේ.
හරි චණ්ඩියෙක්නේ
තමුසෙ මොනවටද මේ කැලේට රිංගන්න ආවේ.යෙහංසා තමුසෙ යන්න ඕනේ මෙහෙන්
ඇයි මාව එළවන්නෙ
අහනවා යෙහංසා.තමුසෙ දැන් යාලුවෝ එක්ක මෙහෙන් ගියෙ නැත්නම් මං අද රෑ මගෙ රූම් එකට තමුසෙව ඇදන් යනවා හරිද? අර රුක්ෂාන්ට තරු පෙනෙයි එතකොට.
රුක්ෂාන් ?
තමුසෙට මං කීවනේ වෙන එකෙක්ට මේ ඇඟට අත තියන්න දෙන්න එපා කියලා. කෝ ඇහැවද?
ඒක අදාල මට විතරද?
මොකක්ද ඒ කිව්වේ ?
ඔයාට වෙන ගෑණුන්ගෙ ඇඟට අත තියන්න පුළුවන්ද?
කාගේ ඇඟට ද මං අත තිබ්බේ ?
අත තියන් නැතුව ද වයිෆ්ට බබා හම්බුනේ ?
වයිෆ්?
විහංග දෑස හීනි කළා.යෙහංසා ගස්සගෙන ඉස්සරහට ගියේ පුපුර පුපුර.
රඟපාන හැටි. බඳින්නෙ නැතිවම වයිෆ් කෙනෙක් ගේන්න ඇති. මහා ජරා මිනිස්සු . එදා කිව්වෙත් එහෙමනේ..කසාද දහයක් වුණත් බදිනවා කියලා කිව්වෙ.
යෙහංසාගෙ ඇස් වලට කඳුළු පිරුණා. දුවගෙන මේ පැත්තට එන යෙහන්සා දිහා රුක්ෂාන් වගේම සඳුනි පුදුමෙන් බලන් හිටියා .යෙහංසා ආවෙ අඬ අඬ. විහංග හෙමිහිට පිටිපස්සෙන් ආවා.
යෙහංසා මොකද මේ?
යෙහංසා සඳුනි ව බදාගෙන අඬන්න පටන් ගත්තා
සර් ඇයි මේ?
සඳුනි ඇහැවෙ විහංගගෙන් .විහංග අහක බැලුවා
සර් මිස් යෙහංසා අඩන්නෙ ඇයි ? මොකුත් ප්‍රශ්නයක් වුණා ද?
රන්දු ඇහැවෙ විහංගට ඉඟි කරන ගමන්.
විහංග ඇස්වලින් නෑ කියලා පෙන්නුවා .
එයාගෙ කකුලේ වැලක් පැටලුනා. කට්ටක් ඇනිලා
විහංග වතුර බෝතලයක් කඩන ගමන් කීවා.
රුක්ෂාන් මට ඉන්න බෑ මෙහෙ .අපි යමු. මේ වැඩේ හරියන්නෑ
රුක්ෂාන් වගේ ම සඳුනිත් මූණෙන් මූණ බැලුවා.
යෙහංසා අපි නම් කොහොමත් මේකට කැමති නෑ. ඔයා නිසයි ආවේ .
රුක්ෂාන් කිව්වේ සන්තෝසෙන්. විහංග රන්දුට ඉගිකරලා ආපහු හැරිලා වේගෙන් ආපහු අන්තරාදායක පැත්තට ගියා. රන්දු නළල තද කර ගත්තා.ෂුවර් එකට රුක්ෂාන් නිසා විහංගට තරහා ගිහින්.
එහෙනම් යමු මිස්. මං මගට ඩ්‍රොප් කරන්නම්. සර් එන්න කලින් ඔයාලා යන එක හොඳයි. සර්ට තරහා ගිහින් ඉන්නෙ.
ආපහු එනකොට රුක්ෂාන් සඳුනි එක්ක පිටිපස්සෙන් එද්දී යෙහන්සා රන්දු එක්ක ඉස්සර වුනා.
රන්දු අයියේ විහංගට මොනවද වෙලා තියෙන්නේ
යෙහංසා ඇහැවෙ රුක්ෂාන්ලාට නොඇසෙන විදිහට.
මංදා නංගි
ඇයි එයා මට සැර කරන්නේ
ආදරේට
ඇයි ඔයාලා මට මෙහෙම කරන්නේ. එයා කොහොමද මට එහෙම කළේ ?
නංගි විහංග ඔයාගේ හස්බන්ඩ්.ඔයා නිසයි එයා ආමි එකට බැඳුණේ
මං නිසා
ඔව්. මං හේතුව දන්නෑ .කිව්වේ ඔයා කිවුවා කියලා.
මං එහෙම කිව්වෙ නෑ. ඇයි එයා මාව එළවන්නෙ.මට යන්න කීවා
මං දන්නෑ නංගී .එයා රුක්ෂාන් ට කැමති නෑ
ඒත් එයාට රුක්ෂාන් ගෙන් වැඩක් නෑනේ . දැන් මගෙනුත් වැඩක් නෑනේ
ඇයි එහෙම කියන්නේ ?
එයා මාව අමතක කළා .එයාගේ ආදරය බොරුවක් වංචාවක්. එයා කොහොමද මාව ඩිවෝස් කළේ
නංගි මොනවද කියවන්නෙ.ඔයාව ඩිවෝස් කලේ කවද්ද
?
ඒත් එතනින් එහාට කතාව නැවතුනේ රුක්ෂාන් පිටිපස්සේ ඉදලා කතා කරපු නිසා
*******************
යෙහංසා මොකද උඹ බුම්මගෙන ඉන්නේ .
පහුවදා බෝඩිමේ පුටුවකට වෙලා කල්පනා කරන යෙහංසාගෙන් සඳුනි ඇහැව්වා.
මොකුත් නෑ සදූ. මිස්ට සපරමාදු මොනවා කියයිද අපිට
අන්න රුක්ෂාන් කෝල් කළා.මිස්ට සපරමාදු අපිට හොඳට දෙහි කපනවලු. අපි ගැන තිබ්බ විශ්වාසෙ එහෙම්මම බිඳුනලු
ඒකනෙ .පලවෙනි පාරට එහෙම වුණේ
තීරණේ උඹේනෙ යෙහංසා .ඇත්තටම එකපාරටම එහෙම වුණේ ඇයි ?කට්ටක් ඇනුනු නිසාද?
හ්ම්
යෙහංසා බිම බැලුවා.සඳුනිට කියන්නමයි හිත. ඒත් එයා දැන් හස්බන්ඩ් නෙවෙයි නම් කියන්නේ මොනවද ?ලැජ්ජාවෙ බෑ
යෙහංසා ලබන සතියේ ඉරිදා හවස රුක්ෂාන් කිව්වා බ්ලැක් රෝස් ක්ලබ් එකට යමු කියලා. ෂේප් එකේ එයා ෆොටෝස් ගයි.අපි එයාගෙ යාලුවෝ විදිහට ඉමු.මිස්ට සපරමාදු ඒ ඩියුටියටවත් අපිත් එක්ක තියෙන තරහ අමතක කරයිනෙ. අපි ඇත්තම රිපෝට් කරමු
හ්ම්.ගොඩ දවසක ඉඳන් කියන්නෙ .ඒත් සදු මං ආස ආස නෑ ඕවයෙ යන්න.
මං නම් කැමතියි ගිහින් නැති නිසා බලන්න .රුක්ෂාන් ට නම් පුරුදුයි. උඹ කලින් ගිහිල්ලත් නෑ නේ
යෙහංසා දිගටම බිම බලාගෙනම හිටියා.
කලින් ගිහින් තියනවා
හිත කෑගහනවා . ඒත් සඳුනිට කියන්නේ කොහොම? සඳුනි මොනව හිතයිද ? විහංග දවසක් එක්ක ගිහින් හොඳ පිස්සුවක් නැටුව හැටි මතක් වෙද්දි යෙහංසාට ලැජ්ජයි.
දවස් ගත වුණේ අලසකමින්. යෙහන්සා පුළුවන් තරම් උත්සාහ කළා විහංගගෙ මතකෙන් මිදෙන්න.ඒත් මේ හිතේ ඇදෙන්නේ ම විහංගව හොයාගෙන. යෙහන්සා හිතේ ගින්දර කාටවත් කියන්න බැරුව ලත උනා.
යෙහන්සා ඔයා හෙට රෑ අඳින්නෙ මොකක්ද
රුක්ෂාන් යෙහංසාට කිට්ටු වුණේ ළඟපාත කවුරුත් නැති නිසා.
මොකක්ද ?
යෙහන්සා ලැප් එකෙන් ඔලුව ඉස්සුවා
යෙහංසා මං ඇහැවෙ හෙට හවස පොඩි පාටි එකකුත් මං ගන්න නිසා .මං සඳුනිටත් කීවා දැන් ටිකකට කලින්
පාටියක් ?ඒත් ඇයි? අපි යන්නේ රිපෝට් එකට
ඒකත් කරමු බබා .ඇත්තටම මගේ බර්ත්ඩේ එක හෙට. ඉතින් මං හිතුවෙ ඔයාලට ට්‍රීට් එකක් දෙන්න
ආනේ..හැපි බර්ත් ඩේ රුක්ෂාන්
අද නෙමේ ළමයො හෙට
අද මොකද හෙට මොකද
ඉතිං කෙල්ල මං ආසයි ඔයා කොට ලස්සන ගවුමක් අඳිනවා නම්. මගේ බර්ත්ඩේ පාටි එකට. හවස මං අරන් දෙන්නම්
යෙහංසා වටපිට බැලුවේ දෙන්න උත්තරයක් හොයන්න .
රුක්ෂාන් ඔයා මොකටද මට ඇඳුම් අරන් දෙන්නෙ..මගෙ හස්බන්ඩ් කැමති නෑ ඒකට
රුක්ෂාන් කට කොනින් හිනාවුණා .
ඔයා ඔය කියන හස්බන්ඩ් එක්ක එන්නකො දවසක. මං කැමතියි එයාගෙන් ඔයාව ඉල්ලගන්න.
පිස්සු කියවන්න එපා රුක්ෂාන් මට වැඩ තියෙනවා
යෙහංසා කේන්තියෙන් ලැප් එකත් උස්සගෙන නැගිට්ටා.
****************************
මෙරුන් පාට කර කපපු අත් රහිත… දණහිස ලගට යනකල් පලපු දිග ගවුමක් ඇඳගෙන යෙහංසා කන්නාඩියෙන් හැඩ බැලුවා.මාලයක් නොදා කෙල්ල දිග ඉයරිංස් දැම්මා .කොණ්ඩෙ කඩා හැලෙන්න දැම්මෙ දෙපැත්තට ඔලුව පද්දවන ගමන්
හේයි..ආලියා බාත් ගොඩ බැස්සා වගේනේ.අද නම් රුක්ෂාන් කාරයා උස්සගෙන යනවා ෂුවර්.
කළු පාට කොට ගවුම ඇඳගෙන කාමරේට එබුන සඳුනි කෑ ගැහවා.
උඹට විකාරද සදූ? දන්නවද රුක්ෂාන් ඊයේ මට කිව්වේ කොට ගවුමක් අඳින්න කියලා.
ඕහෝ..ඇඳුම් ගැන තීරණ ගන්න තරම් සම්බන්ධෙ දුරදිග ගිහින් එතකොට.
සඳුනි ඇහෙන් ඉඟි කළා.
මං ඇන්දෙ නෑනෙ එයාට ඕනෙ විදිහට. ඔයානෙ ඇඳලා තියෙන්නෙ
මං ඇන්දේ මට ඕන විදිහට. ක්ලබ් එකම හැරි හැරී බලයි අද නම් මේ ආලියා බාත් දිහා
මොකද්ද සඳු චාටර් කරවන්නේ. මට බෑ එන්න
හරි යමුකෝ සුදෝ…රුක්ෂාන්ට තරු එක්ක ග්රහලෝකත් පෙන්නමු.
යෙහංසා සඳුනිට රවාගෙන එළියට ගියා.
************
අම්මෝ බං මේක නිකං සුරපුරයක් වගේනෙ
සඳුනි වටේ දිලිසෙන පාට පාට පාට බල්බ් දිහා බල බල කිව්වා.
සුරපුරයක් වගේ වුණාට සුරපුරයක් නෙවෙයි. අපායක් හරියට බැලුවොත් .කොච්චර විනාසයක් ද මේවයෙන් කෙරෙන්නේ.
යෙහන්සා හෙමිහිට මිමිණුවා .
ආ ..දැන් ඇති දෙන්නම. අපිට ගහලා පන්නයි මේකෙ උන්ට ඔව්වා ඇහුනොත්. වැල යන අතට මැස්ස ගහන එක විතරයි අපිට කරන්න තියෙන්නේ.
රුක්ෂාන් කිව්වේ දෙන්නා දිහාම අවවාදාත්මක බැල්මක් හෙලලා.
අපිට පෑන තියනවා. කැමති දෙයක් ලියන්න
යෙහංසා කිව්වේ වාදෙ අත් නොහැර.
මං ගැන ලියන්න
රුක්ෂාන් ඇහැක් ගැහුවා. කෙල්ලො දෙන්න හිනා උනා.ක්ලබ් එකේ ටේබල් එකක් ළඟ ඉඳගෙන තුන්දෙනාම ඔහේ කියව කියව අයිසින් කේක් කාලා බීම බිව්වා..
රුක්ෂාන් කෙල්ලට කේක් කැව්වෙ මූණෙ අයිසින් ගෑවෙන විදිහට
ඩාන්ස් කරමුද
රුක්ෂාන් ඇහැවෙ ඩාන්සින් ෆ්ලෝ එක පැත්ත පෙන්නලා.යෙහංසා මූණ ඇකිලුවා.
මට නම් බෑ. ඔයාලා ඩාන්ස් කරන්න. මං චියර් කරන්නම්
මොකක්ද යෙහංසා ..යමුකො
මට බෑ සඳු.. ඔයාලා යන්නකො
යමු සඳු.මෙයාගෙ හස්බන්ඩ් කැමති නැතුව ඇති .එක්කෝ මෙයා අද ගොඩක් ලස්සන නිසා අපි හොඳ මදි ඇති
රුක්ෂාන් කිව්වේ යෙහංසාට නෝන්ඩියට. යෙහන්සා රැව්වා.රුක්ෂාන් සදුනිගෙ කරට අත දාගෙන ගිහින් ඩාන්ස් කරන්න පටන් ගත්තා .යෙහංසා ඒ දිහා බල බලා හිනා වෙවී සඳුනිට අත වැනුවා.
යෙහන්සා නොදන්නවා වුණාට කෙල්ල ක්ලබ් එකට ඇතුළු වුණු මොහොතේ ඉඳලම එක වියරු ඇස් දෙකක් කෙල්ලව ලුහුබැන්දා.යෙහංසාගෙ රුව..හිනාව.. කතාබහ. ඉඟි බිඟි.. ලාලිත්‍ය…ඒ වියරු ඇස් වල හිමිකරු අඩියෙන් අඩිය යෙහන්සා දිහාට ළංවුණේ අපූරු හින්දි ගීයක ඇරඹුම සනිටුහන් වෙද්දි.යෙහංසා කොණ්ඩෙ පිටිපස්සට කරලා අතින් හද හද දකුණු පැත්ත බලනකොටම අඩියෙන් අඩිය ඉස්සරහට එන ඔහුව දැක්කා. ක්‍රීම් පාට ට්‍රවුසර් එකට ඩෙනිම් සපත්තු දාගෙන සුදු ටී ෂර්ට් එකට උඩින් බ්‍රවුන් කලර් ජැකට් එකක් දාගෙන. විහංග… නළුවෙක් වගේ. වියරු ඇස්..ගැඹුරු බැල්ම..සරදම් හිනාව ඒ මූණෙ සනිටුහන් වුණා.
යෙහංසා ළඟට ආපු කොල්ලා යෙහංසා ළඟ දණ ගැහුවා.යෙහංසා කකුලක් පිට කකුලක් දමාගෙන හිටපු විදිහටම නොසෙල්වී හිටියා .කකුල දණහිස දක්වා විවර වෙලා…විහංග යෙහන්සා දිහාට දකුණු අත දික් කළා.
will you dance with me. please
යෙහංසා වටපිට බැලුවා. ගොඩක් අයගේ අවධානය මේ දිහාට යොමු වුණේ යෙහංසගේ රූ සොබාව විශේෂිත නිසා. කෙල්ල ඇතුළු වෙන කොටත් කීප දෙනෙක් හැරිලා බැලුවා .රුක්ෂාන් ඩාන්ස් එක නැවැත්තුවේ වෙන දේ හිතාගන්න බැරුව. පුදුමෙකට වගේ යෙහංසාට අනිත් හැම දේම අමතක උනා. කෙල්ල විහංගට අත දුන්නේ ආසාවෙන්.
වාදා රහා ..අපූරු හින්දි ගීතයේ තනුව වාදනය වුණේ දෙන්නට හීන ලෝකයක් මවා පාමින් . විහංග කෙල්ල එක්ක නැගිට්ටා .
කොල්ලා යෙහංසාගෙ අතින් අල්ලගෙන ඩාන්සින් ෆ්ලෝ එක දිහාට ගිහින් ඉණවටේ වම් අත දා ගත්තා .සඳුනි කටත් ඇරන් බලන් හිටියේ විහංග මොකක්ද මේ කරන්නේ කියලා. රුක්ෂාන් එයාලා ලගට යන්න හදද්දි සඳුනි රුක්ෂාන් ගේ අතින් අල්ලලා නැවැත්තුවා.
වාදා රහා ප්යාර සේ ප්යාර කා
අභ හම් නහෝගී ජුදා
යේ මෙරී ධර්කනේ සුන් රහා හේ හුදා
විහංග යෙහංසාගේ දකුණු අත උඩට උස්සලා කෙල්ලව වටයක් කැරකෙව්වා.යෙහන්සා කොල්ලගෙ උරහිසට අතක් තිබ්බා. මද වේගී හින්දි ගීතයට අපූරු නර්තන රටාවක් මැවුණා .විහංගගෙ වියරු ඇස් මොහොතකටවත් කෙල්ලගේ ඇස්වලින් මිදුනේ නෑ.
චාහේ තුම්හේ..ඉස් හදර් මේරා දිල්
තුම්කෝ නහී හේ පතා
යේ මෙරී ධර්කනේ..සුන්රහා හේ හුදා
වාදා රහා
විහංග කෙල්ලගෙ පිටිපස්සෙන් බඳට දකුණු අත තියලා තුරුළු කරන් දකුණු පැත්තෙ කොණ්ඩෙ ඉවත් කරලා ගෙල සිප ගත්තා. යෙහන්සා ඇස් පියාගෙන ඒ පහස විඳ ගත්තා .රුක්ෂාන් අතමිට මොලව ගත්තෙ අහක බලලා.
තනුව වේගවත් වෙද්දි දෙන්නම එ්කට ගැලපෙන්න නර්තනය වේගවත් කළා.
අබ දූරියා
යෙහන්සාට නිදහසේ ඩාන්ස් කරන්න දීලා කොල්ලා සාක්කුවට අත් දෙක දාගෙන ටික වෙලාවක් ගෙල ඇල කරගෙන බලන් හිටියා. යෙහංසා ලජ්ජාවෙන් ඩාන්ස් එක නැවැත්තුවා.විහංග කෙල්ලව වටයක් කරකවලා ඉනට වම් අත දාගෙන කෙල්ලව පාතට නැමුවේ කෙල්ලගේ කොණ්ඩෙ පාතට වැටෙන්න. ඒ ගමන් කොල්ලා ගෙලත් සිපගෙන කෙල්ලව උඩට ඉස්සුවා.. යෙහංසා විහංගගෙ පිටිපස්සට ගිහින් එ් උරහිසකට නිකට තිබ්බා.
යේ..මෙරී ධර්කනේ සුන් රහා හේ හුදා..
විහංග ඒ කොටස හයියෙන් කිව්වේ අත්දෙක තාලෙට දෙපැත්තට කරලා පුදුම සැහැල්ලුවකින්.
කොල්ලා හැරිලා කෙල්ලව දෝතට ගත්තෙ පුරුදු විදිහටම කම්මුලක් සිප ගන්න ගමන්.යෙහංසාගෙ ලස්සන හිනාව කොල්ලගෙ පපුවටම වැදුනා. මේ හීන ලෝකෙට කොල්ලා පණ වගේ ආදරේ කළා. කාලෙකට පස්සේ හිතට දැනුනු සැහැල්ලුව සන්තෝසේ එක්ක විහංග එහෙමම ක්ලබ් එකෙන් එලියට ආවේ යෙහංසා උස්සගෙනමයි. ඒ ඇස් දිහා බලාගෙන යෙහංසත් ඒ බෙල්ලෙ එල්ලිලා ඒ කඩවසම් මූණෙ හිනාව දිහා බලන් හිටියා.
යෙහංසා
එලියට බහිද්දිම ඇහුණු සද්දෙට දෙන්නම පියවි ලෝකෙට ආවා. ඒ රුක්ෂාන්. සඳුනි පපුව අල්ලන් බලන් හිටියා .විහංග කෙල්ලව බිම තිබ්බා .
යෙහංසා තමුසෙට පිස්සු හැදිලද? එතකොට තමුන්.. තමුන් ආමි ඔෆිසර් කෙනෙක් නේද? මොකක්ද මේ කරන විගඩම.
විහංග යෙහංසාව තමන්ගේ උරහිසට තදකරගෙන තුරුළු කරගත්තා
ඇයි මං යෙහංසාව අරන් යනවා. මිස්ටර් රුක්ෂාන්ට ප්‍රශ්නයක් නෑ නේ
යෙහංසා බිම බැලුවෙ දෙන්න උත්තරයක් හොය හොයා. සඳුනිගේ මූණ හොඳටම අවුල් වෙලා.
මට ප්‍රශ්නයක් තමා.තමුන් කවුද මෙහෙම යෙහන්සා ඇරන් යන්න
විහංග යෙහංසා දිහා බැලුවා .
මංද? මං විහංග කෞශල්‍ය මැදගෙදර.. මැදගෙදර වලව්වේ පොඩි පුතා ..මිස් යෙහංසා නම් මට ආදරේට කියන්නේ වලව් පුතා කියලා . It’s my pet name
විහංග යෙහංසාගෙ කම්මුලක් ලාවට ඉඹින ගමන් කිව්වා.යෙහංසා රතු වුණා
යෙහංසා මෙහෙ එනවා
රුක්ෂාන් යෙහංසා ලගට ඇවිත් කෙල්ලගේ අතක් අල්ලන්න හදද්දිම විහංග රුක්ෂාන්ගේ අත වැළැක්වූවා
she is my wife.please leave us to go
රුක්ෂාන් සඳුනි මූණෙන් මූණ බැලුවේ ඒක අදහන්න බැරුව. යෙහංසා ඒ දෙන්නා දිහා බැලුවේ හරි අප්සෙට් එකෙන්
රුක්ෂාන් සඳු.. මං ඔයාලා දෙන්නටම කිව්වා මට හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. ඔයාලා කවුරුවත් මාව විශ්වාස කලේ නෑ
රුක්ෂාන්ගෙ කටත් බාගෙට ඇරිලා
සොරි ඔයාලා අප්සෙට් වුණා නම්
යෙහංසා එහෙම කියලා බිම බලා ගත්තා.
මං මගේ වයිෆ්ව අරන් යනවා. රුක්ෂාන්ට පුළුවන් නේද සදුනිව ඩ්‍රොප් කරන්න.සදුනි ටික දවසකට මං මෙයාව මගේ ගෙදර තියාගන්නවා. හරිද
හා හරි සර්
සර් නෙවෙයි කෙල්ලෙ. මං විහංග
විහංග යෙහන්සා එක්කගෙන කාර් පාක් එක පැත්තට ඇදුනා. ඒ දෙන්න නොපෙනී ගියාම සඳුනි රුක්ෂාන් ළඟට ගියා .
රුක්ෂාන් මොකක්ද ඒ උනේ
මන්දා බං.යෙහංසා අපිව රැවැට්ටුවා
නෑ බං.. ඒ කෙල්ල කිව්වා හස්බන්ඩ් කෙනෙක් ගැන .මම විශ්වාස නොකළේ
මාත් විශ්වාස කළේ නෑ ..ඒත් සඳු.. අවුරුදු දෙකක් යනකල් හස්බන්ඩ් නාවේ ඇයි. අඩුම තරමේ යෙහංසා කෝල් කරනවා වත් මට ඇහිලා නෑ.
ඒකනෙ පුදුම වැඩේ කියන්නෙ. බෝඩිමේත් එහෙමයි. ෆෝන් එක ගැන ගානක්ම නෑ.
මේවට උත්තර දන්නෙ යෙහංසාම තමා.
හ්ම්..මොනවා වුණත් නයිස් කපල් නේද? මාර මැචිං. විහංග මාර හැන්ඩියෙක්
උඹටත් හිත ගියාද
සඳුනි රුක්ෂාන් ට රැව්වා .මොකක් උනත් රුක්ෂාන්ට දැනුනේ පරාජිත බවක්.
*****
විහංගගෙ අපාර්ට්මන්ට් එකට ඇතුළු වුණු යෙහන්සා පුදුමෙන් වගේ ම බයෙන් වට පිට බැලුවා .ජීප් එකේ එනකල් විහංග කතා කළේ නෑ.බර කල්පනාවක ආව යෙහන්සාගෙ ඇස් එක බිත්තියක් පුරා ගියෙ ඒ බිත්තියේ ගහල තිබ්බ රූපය දැකලා අදහන්න බැරුව මුව ගොළු වෙද්දි.යෙහංසාගේ විසල් ඡායාරූපයක් ..මේ ළඟදි ගත්ත එකක්.. ලොකුවට රාමු කරලා තිබ්බෙ යෙහන්සා ස්කූටරයට හේත්තු වෙලා කෝල් එකක ඉන්න ෆොටෝ එකක්.
ඔයා එදා ෆුඩ් සිටිය ලග ඉද්දි මං ගත්තෙ
විහංග පිටිපස්සෙන් ඇවිත් කෙල්ලව තුරුළු කරගෙන කිව්වේ ඒ ගෙලක් සිප ගන්න ගමන්.
වි..විහංග
මං සර්.. අමතකද?
කොල්ලා උමතුවෙන් වගේ අතොරක් නැතිව යෙහංසාව සිපගත්තා. විනාඩි කීපයක් විහංගට අවනතව හිටියට ඒ එක්කම යෙහංසාට මතක් උනේ විහංගගෙ වයිෆ්ට බබා හම්බ වුණු කතාව.කෙල්ල තත්පරේට කොල්ලාගෙන් ඈත් වුණා.යෙහංසා තමන්ටම බැනගත්තේ ඒ කතාව එච්චර වෙලා මතකෙට නාව එකට.
විහංග වියරු ඇස්වලින් බලාගෙන කෙල්ලගේ අතක් අරගෙන සිප ගත්තා .
ඔයාගේ වයිෆ් කොයි ?
කෙල්ල අහද්දි විහංග අමුතුවට කෙල්ල දිහා බැලුවා.
ඔය ඉන්නේ .හොට් ලුක් එකකින්. පිස්සු හැදිලා හොඳ වෙලා ආයෙත් හැදෙනවා
විහංග කිව්වේ ඉනට අත් දෙක තියාගෙන යෙහංසාගෙ උඩ ඉඳලා පහලට දෑස් යවන ගමන්.
අල්ලන්න එපා මාව
විහංග අල්ල ගන්න හැදුව අත ගසා දාලා කෙල්ල කෑ ගැහුවා . විහංගගෙ මූණ කළු වුනේ තත්පරේට
යෙහංසා මොකද වෙලා තියෙන්නෙ තමුසෙට.දැන්වත් ඔය හිතුවක්කාරකම ලොකුකම අඩුවෙන්නේ නැද්ද? තමුසෙ ජීවිත කාලෙම මට වෛර කරනවද? තමුසෙ කැමති විදිහට ඉඳලත් මට සැනසීමක් සතුටක් දෙන්නෙ නැද්ද? මට ආදරේ බිංදුවක්වත් නැද්ද ඔය හිතේ
අන්තිම ටික කියද්දි කොල්ලගෙ හඩ බිදුනා
ඔයා මොකටද ආමි එකට බැඳුනේ?
යෙංහසා ඇහැවෙ හිතේ තිබුණු ලොකුම ප්‍රශ්නයක්
තමුසෙ නිසා
මං නිසා?.. ඒත් මං එහෙම කිව්වෙ නෑනෙ කවදාවත්
හොඳට මතක් කරනවා යෙහන්සා .තමුන් කිව්වා මං වැඩකට නැති එකෙක් කියලා. මගෙන් පවුලට වත් ගමට වත් රටටවත් වැඩක් නෑ කියලා .අඩුම තරමේ බදින එකීටවත් වැඩක් නෑ කියලා. අන්න එදා තමා මං තීරණයක් ගත්තෙ තමුසෙ කැමති විදිහේ එකෙක් වෙනවා කියලා. මගේ ශක්තියෙන් නැගිටිනවා කියලා.
යෙහංසා විහංගගෙ ජැකට් එකේ එල්ලුණේ අදහන්න බැරුව.
විහංග ඔය ඇත්තමද?ඒත් ඔයා මාව දාලා ගියේ ඇයි?
මං කියලයි ගියෙ.ඔයාට යන්න එපා කීවා රස්සාවලට. ඔයා හිතුවක්කාරකමට කොළඹ ආවා. මං දැනගත්තේ අවුරුද්දකට පස්සෙ මොකද රන්දුත් හිටියේ මගේ එක්ක.. ඒ නිසා රන්දුටත් ආරංචි වෙලා නෑ. මං හිතුවෙ කසාද බැන්දට පස්සෙවත් මට්ටු වෙලා මං කියන දේ අහලා ගෙදරට වෙලා පාඩුවෙ ඉදියි කියලා.. ඒත් තමුසෙගෙ හිතුවක්කාරකම් නැති වෙලා නෑ. මං දැනගත්ත දවසේ ඉඳලා ඔයා ගැන සෙවිල්ලෙන් හිටියේ.එදත් මං ෂොපින් මෝල් එකට ආවේ ඔයා නිසා.
යෙහංසාගෙ ඇස් වල කඳුලු පිරුණෙ මේ ආදරේ දරා ගන්න බැරුව.
ඒත් විහංග ඔයාගෙ වයිෆ්?
වයිෆ් තමුසෙනේ යෙහංසා
බබා?
මොන බබා ද ?
එදා බ්‍රිගේඩියර් කිව්වෙ මං කෑම්ප් එකට ගියාට පස්සේ ඔයා වයිෆ්ට බබා හම්බ වෙලා නිසා නිවාඩු කියලා
විහංගගෙ මූණෙ හිනාවක් පිරුණා.
මගෙ වයිෆ් නෙවෙයි ඕයි. අයියා ගෙ වයිෆ්.. දිනිති ට බබා හම්බුනා
යෙහංසා ඇස් තදින් පියා ගත්තෙ හිතට දැනුනු සැනසීමට.
ඔබ හා වින්ද මොහොතක සුවය හන්තානෙට වැඩී
විහංග කනට රහසින් කෙදිරුව ඒ වදන් පේළිය යෙහන්සාව අමුතුම ලෝකෙකට ගෙන ගියා.
විහංග.. ඒ ඔයාද මට මැසේජ් කලේ ?
හ්ම්
විහංග ඔලුව වැනුවා
ඇයි ඉතින් කතා නොකළේ
ඔයා ආඩම්බරයි නේ.මට කතා කරන එකක් නෑ කියල හිතුනා.
ඇයි මාව දාලා ගියේ
ඔයා මට ආදරේ නැති නිසා
යෙහංසා බිම බැලුවා.විහංග බලං හිටියට යෙහංසා නිහඩව හිටියා.කොල්ලා ජැකට් එක ගලවලා විසි කරලා සෙටියට බර වුණා. ටී ෂර්ට් එකත් ගලවලා සපත්තු ගලවලා සෙටියේ දිගෑදිලා ඇස් පියා ගත්තා.
රූම් එකේ ඇදුම් ඇති ඔයාට ගත්තු .ගිහින් චේන්ජ් කරගන්න. මං මේකෙ නිදන්නම්.
යෙහංසා අදහන්න බැරුව විහංග දිහා බලන් හිටියා. කෙල්ල හෙමිහිට රූම් එකට ගියේ විහංගගේ සද්දයක් නැති නිසා. රූම් එකේ කබඩ් එකක් පිරෙන්න කෙල්ලට ගැලපෙන ඇඳුම් තියෙනවා දකිද්දී යෙහංසාට ඉකි ගැහුනා.
මෙච්චරටම ආදරෙයිද මට
යෙහංසා එතන තිබ්බ ලා කහ පාට නයිට් ඩ්‍රස් එකක් අතට ගත්තා .
***********
යෙහංසා විහංගගෙ නළල් තලේ සිපගත්තේ කොල්ලට නින්ද ගිහින් තිබ්බ නිසා.
ආදරෙයි මහත්තයෝ ගොඩක්. සොරි ඔයාව තේරුම් නොගත්තට. මාත් ආදරෙයි
යෙහංසා හිමිහිට මිමිණුවේ විහංගගෙ දොතොල් යාන්තම් සිප ගන්න ගමන්. ඒ එක්කම විහංග කෙල්ලව ගතට තෙරපගෙන දෙතොල් සිප ගත්තේ උමතුවෙන් වගේ.
ඒයි ඔයා නිදි නැද්ද?
විහංගගෙන් විරාමයක් ලැබුණු ගමන් යෙහංසා කෑගැහැවා.
නෑ.. අද නම් නිදා ගන්න බෑ
ඇයි?
මේ සතුට සෙලිබ්රේට් කරන්න ඕනේ.වොෂ් දැම්මද?
විහංග ඇහැවෙ යෙහංසා ඇදගෙන හිටපු නයිට් ඩ්‍රස් එක උඩින් පිට දිගේ අත ගාන ගමන්.
හ්ම්
ආයෙ කියන්න
මොනවද
ආදරෙයි කියලා
මට බෑ
එහෙමද බෑ ද?
බෑ?
මං කියව ගන්නම්කො
විහංග යෙහංසාව දෝතට ගත්තෙ ගෙල තදින් සිපගන්න ගමන්.රැවුල් කොට වල පහසට දැනෙන අමුතු කිතියට කෙල්ල කෙදිරිගෑවා. විහංග කෙල්ලව කාමරේට අරං ගියේ වියරු ඇස් ටිකෙන් ටික මත් බවට හැරෙද්දි
*********
උදෑසන හිරු කිරණ රූම් එකේ ජනේලෙන් එබිකම් කලත් යෙහංසා හිටියේ විහංගගෙ ගෙ පපුව උඩ නිදාගෙන.විහංගගෙ වම් අත කෙල්ලව වෙලාගෙන.ඇද ළඟම තිබ්බ ටේබල් එක උඩින් සද්දයක් ඇහුණා. විහංගගෙ ෆෝන් එක රිං වෙනවා. දෙන්නම ඇස් ඇරියෙ එතකොට. විහංගගෙ මූණෙ සරදම් හසරැල්ලක් මතුවෙද්දී යෙහංසාගේ මූණ රතු වුනේ ලැජ්ජාවට.යෙහංසා ඈත් වෙන්න හැදුවට විහංග නලළ සිප ගෙන කෙල්ලව තුරුලු කරගෙනම ෆෝන් එක අරගත්තා .ආන්ස්වර් කරලා ස්පීකර් ඔන් කළේ රන්දුගෙ නම වැටෙද්දී වැටෙද්දි.
මචං
ආ… මස්සිනා වැඩේ ගොඩද?
අංගොඩ බං. පිට දනවා ඉන්න බෑ.
ඒ මොකෝ
කොටිදෙනක් හීරුවා ඊයේ
විහංග කට කපලා හිනා වෙනවා.යෙහංසා ඇස් ලොකු කරන් කොල්ලගෙ හිනාව දිහා බලන් හිටියා.
ඔහ්. මචං අර උඹේ කන හපපු කොටි දෙනමද?
රන්දු අහද්දි අහද්දි යෙහංසා දඟලලා නැගිට්ටා.
ඔව් බං. ඊයෙ නම් කන හැපුවේ නෑ. අමතක වෙන්න ඇති. මං බයේ හිටියෙ
යෙහංසා කොට්ටයක් අරගෙන විහංගට පාරක් ගැහැවා .
මචං කොටිදෙන ඇහැරලා මාව ගිලින්න හදනවා
පරිස්සමින් පුතා . හහහහ්හා….
රන්දුගෙ හිනා හඬ ඇහෙද්දි විහංග කෝල් එක කට් කළා
මොකද ආ
විහංග ඇහැවෙ ඇහි බැමි උස්සලා යටි තොල හපාගෙන
මං කන හපපු කතාව රන්දු අයියටත් කිව්වද? ලැජ්ජාවෙ බෑ
ඔයා කන හැපුවා කිව්වෙ නෑනෙ. කොටි දෙනක් හැපුවා කීවේ
හැරෙන්නකො අනිත් පැත්ත.
යෙංහසා කොල්ලගෙ බාහුවකින් තල්ලු කර කර කීවා.
ඒ මොකටද
විහංග හැරෙන ගමන් ඇහැවා.යෙහංසා කොල්ලගෙ පිට අත ගෑවේ බයෙන් බයෙන්.
ඒයි අවුස්සනවද මාව
විහංග කෑ ගැහැවා
පිට හූරලා නෑනෙ. බොරු කියන්නෙ.
විහංග බක බක ගගා හිනා වෙනවා.
මෝඩයෙක් මහ. මං බය වුණ තරමක්
සුදු මැණිකේ
විහංග යෙහංසාව තුරුළු කරගත්තා.
විහිළුවක් කළේ. මට බඩගිනියි. මොනාහරි හදන්නකෝ කන්න
ඇයි මං හදන්නේ ? වෙනදට කවුද හදන්නේ
වෙනදට….
විහග ටිකක් උඩ බලාගෙන කල්පනා කළා. සමහර දවස් වලට රෝසි .වෙලාවකට රෝෂිණී .. තව සුමුදු, තව දවසක්… මේ මට නම මතක නෑනේ එයාගේ. කොට ස්කර්ට් එකක් ඇදගෙන හිටියෙ.අම්මෝ සුදු කකුල්.. නම දිව අග තිබ්බා .
කොල්ලා නිකට කහනවා.
ශෙහානි
යෙහංසා කිව්වේ කට කොනින් හිනා වෙවී.
දැට්ස් රයිට්..ෂෙහානි
යෙහංසා විහංගගෙ කනෙන් ඇදලා හයියෙන් හෙලෙව්වා.
ඇත්තටම කෙල්ලො කී දෙනෙක් එක්ක ආවාද මහත්තයා.
සත්තයි මැණික.. ඔයා විතරයි.
විහංග ඇදේ ඉදගෙන කෙල්ලව පපුවට තුරුළු කර ගත්තා.කෙල්ලට මේ ආදරේ දරන්න බැරි තරම්.විහංගගෙ තුරුලෙ දැනුණේ ලොකු ආරක්ෂාවක්.. රැකවරණයක්..
රුක්ෂාන් තමුසෙට මැරීගෙන ට්‍රයි කළා නේද?
විහංග කාලා ඉවර වෙලා ෆෝන් එක ඔබන ගමන් යෙහංසාගෙ ඔඩොක්කුවේ ඔලුව තියාගත්තා. යෙහංසා හෙමීට ඇඟිලි තුඩු කොල්ලගෙ හිසකෙස් අතරින් ගෙන ගියා.
මං දන්නෑ.
තමුසෙ බබා .ඊයේ කේක් කවපු හැටි
විහංග ෆෝන් එක කෙල්ල පැත්තට හැරෙව්වා .ඒකෙ තිබ්බෙ ඊයේ රෑ රුක්ෂාන්ගේ බර්ත්ඩේ එක සමරන ෆොටෝස්
ඔයා දන්නේ කොහොමද මං ඊයේ රෑ ක්ලබ් එකට එනවා කියලා
මං අහම්බෙන් ආවෙ
කොල්ලා ඇස් පියා ගත්තා .
බොරු…ඔයා මාව ෆලෝ කළා
ඔව්.. හැබැයි යෙහංසා තමුසෙ ක්ලබ් එක දිහාට යනවා දැක්කම නම් මට හොඳටම තරහ ගියා. තමුසෙ අරූ එක්ක ඩාන්ස් කළා නම් එහෙම මං මොනවා කරයිද දන්නෙ නෑ
විහංග අවුරුදු දෙකක් අපි ඈත් වෙලා හිටියා. ඇත්තටම මං ඔයා එයි කියලා බලන් හිටියා.
මං ඔයා ඉස්සරහට නාවාට හෙවිල්ලෙන් හිටියේ
විහංග කිව්වේ කෙල්ලගේ අත සිප ගන්න ගමන්.
ඔයා ආමි එකෙන් අයින් වෙන්න
විහංග නැගිට්ටා.
මොකක්ද ?
ඇහුණනෙ කියපු දේ.
යෙහංසා විකාරද? ඒ මගේ ජොබ් එක.
ඔයාට වෙන ජොබ් මොකටද? ඔයාගේ ෆැක්ටරි එක තියෙනවනෙ.
ඔයාමද කතා කරන්නේ මේ
මං හින්දා ආමි එකට ගියා නම් මං කියන නිසා අයින් වෙන්න.
තමුසෙම නේද රට ජාතිය ගැන මට බණ කිව්වේ
ඒ උනාට මං කැමති නෑ ඔයා කරදරවල පැටලෙනවට.
යෙහන්සා අත් දෙක කොල්ලගෙ ගෙල වටේ දාගෙන පපුවට හේත්තු වුණා.කොල්ලා ඒ හිස සිඹින ගමන් හිනා වුණා.
දැනෙනවද මාව දැන්.හිතුවක්කාරි මගේ.
හ්ම්
යමුද ගෝල් ෆේස්
හා
යෙහංසා තත්පරේට නැගිට්ටා.
ඔය කොට සාය ගලවනවා. ත්‍රී ක්වාටර් එකක් ඇද ගන්නවා
ඔයාමනේ ගෙනත් තිබ්බෙ. ඒකනෙ ඇන්ඳේ
එකට එක කියවලා වෙලාවක පාඩමක් ඉගෙන ගනී. මතකද ඉස්සර
විහංග ඒ සිනිදු දෙතොල් යාන්තම් සිපගත්තේ අතීතේ මතක් කරගෙන.
දැන් අපි වැඩිහිටියෝ
අපොයි මං නම් නෑ. තාම කොල්ලට අවුරුදු විසි හතයි.
නාකි පාටයි.
යෙහන්සා දුවගෙන ගිහින් කාමරේ දොර වැහැවා.
වලව් පුතා
කෙල්ල කෑ ගැහැව්වේ ඇතුළේ ඉඳන්
එනවකෝ එළියට වලව් පුතාට අහුවෙන්න.කොටි දෙන
විහංග ෆෝන් එක අතට ගත්තා
**************
ප්‍රියංගා
ගජවීර් දවසේ පුවත් පත කියවලා ප්රියංගාට කතා කළේ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ ඉඳගෙන .
ඇයි ගජේ
දැන් අර යෙහංසා කෙල්ල පත්තරකාරියක් වෙලා නේද? මේකෙත් තියෙනවා ආර්ටිකල් එකක්.
මාත් දැක්කා
දැන් මොකද අර මිනිහා කියන්නේ ?
මොන මිනිහද?
තමුන්ගේ පුතණ්ඩියා
මොකක්ද ගජේ ඔයා ඔය කතා කරන විදිහ. මගේ පුතා විතරද?
කොල්ලා ආමි එකට ගියපු එකට නම් මගේ කිසිම කැමැත්තක් නෑ. මේ වතු පිටි බිස්නස් මට දැන් තනියම බලාගන්න වෙලා. ලොකු පුතත් ඉස්පිරිතාලයක් බදාගෙන ඉන්නවා.
ඒක නම් ඇත්ත. දිනිතිට බබා එක්ක ඕව හොයන්න වෙලාවක් නෑනේ
දැන් කොයි පැටියා
නිදි කරවනවා.නෑව්වා ඉස්සෙල්ලා
ප්‍රියා…පොඩි පුතාට අර මකුලේතැන්නගෙ දුවව කතා කරමු. රෝෂිණී.කොල්ලට හොදට ගැලපෙනවා.ටිකක් විච්චූරණ වුණාට විහංගත් කැමති වෙයි. වලව්කාරයොනේ. දැන් ඔය පරණ කතන්දර මිනිස්සුන්ටත් මතක නෑ. අනික රෝෂනීලා මේවා දැනගන්න විදිහකුත් නෑ නේ .
ගජේ ..ඒ දවස් වල පොඩි කාලේ කේන්දර බලද්දි කිව්වේ කසාදෙන් පස්සෙ කොල්ලා හැදෙනවා කියලා. හිතුවක්කාර ගති ඇරෙනවා කියලා .දැනුත් හැබැයි ඉස්සර වගේ නෙවෙයි. ආමි එකේ තියෙන නීති හින්දා වෙන්න ඇති. දැන් ටිකක් තැන්පත්. අපි කතා කරල බලමු මේ කටයුත්ත. පුතා නිවාඩුවට එයි ලබන සතියේ.
ඔව්..මටත් කිව්වා. දැන් නම් නිතරම කතා කරනවා. මගේ හිතටත් හොඳයි
ගජවීර් ආයෙත් පත්තරේ අතට ගත්තා .
********
යෙහංසා ගෝල්ෆේස් එකේ මුහුදු රැල්ල පාග පාග තනියම නටනවා. රැල්ල මුහුදට යද්දි කෙල්ල මුහුද දිහාට දුවනවා. ගොඩට එද්දි කෙල්ලත් ගොඩට දුවනවා. දැන් යෙහංසා ත්‍රී ක්වාටර් එක හොඳටම තෙමාගෙන. සුදු ටී ෂර්ට් එකත් බාගෙට පෙඟිලා. යෙහංසාගෙ පිස්සුව දිහා විහංග වෙරළේ ඈත බිම ඉඳගෙන බලාගෙන හිටියා.කොල්ලත් ඩෙනිමයි සුදු ටීෂර්ට් එකයි ඇදගෙන.ටිකකින් කොල්ලා නැගිටලා ඩෙනිමේ වැලි පිහිද පිහිද කෙල්ල දිහාට ගියා.
යෙහංසා මුහුද පැත්ත බලාගෙන හිටියෙ රැල්ලක් එනකල්. රැල්ල එනකොටම කෙල්ල අනිත් පැත්ත හැරුනා.එතකොටම කෙල්ලගෙ බද වටේට අත දාගෙන විහංග කෙල්ලව උස්සලා වටයක් කැරකුවා.
ඔයාද?
යෙහන්සා කෑ ගැහුවා.හවස් වරුව නිසා සෙනඟ වැඩියි.විහංග යෙහංසාගෙ නළලට නළල තියා ගත්තා. විහංගගෙ හිනාවට යෙහංසා ප්‍රති හිනාවක් පෑවා.කොල්ලා ඒ නළලට මුදු හාදුවක් දීලා කරට අතදාගෙන ගොඩබිම දිහාට ආවා.
විහංග අපිටත් ප්‍රී ෂූට් එකක් කරන්න තිබ්බේ මෙහෙම. ලස්සන ප්ලේස් එකකට ඇවිත්
විහංග අරන් දුන්න කඩල මල්ලෙන් කඩන හපන ගමන් යෙහංසා කිව්වෙ ජීප් එකට හේත්තු වෙලා. විහංග ජීප් එකට අතක් බර කරගෙන කෙල්ලගේ මූනට එබිලා බලාගෙන හිටියා.
ආසයිද?
යෙහංසා හිනාවුණේ අහිංසක විදිහට
සොරි බබා. ඔයා ලස්සන මනමාලියක් කරලා අරන් එන්න මට අදහසක් තිබුණා. ඒත්…
විහංග අහක බැලුවා
කමක් නෑ විහංග. මට එහෙම දුකක් නෑ. කොහොමත් දුප්පත් මට වෙඩින් ගන්න බෑනෙ. මං ඒක නිකමට කිව්වේ. ඔයාගේ ආදරේ මේ විදිහටම හැමදාම ලැබෙනවා නම් ඇති මට.
විහංගගෙ මූණේ සනිටුහන් වුණේ වේදනාවක්. විහංග මුහුදු සුළඟට යෙහංසාගෙ මුහුණට වැටිලා පොරකන කෙහෙරැල්ලක් අතින් ඉවත් කළා.
ඔබ හා ගෙව්ව මොහොතක සුවය හන්තානෙට වැඩී
විහංග කෙල්ලගෙ මූණට හුස්ම වැටෙන දුරින් ඉදලා මිමිණුවා.යෙහංසා වටපිට බැලුවේ ලැජ්ජාවෙන්.
විහංග මිනිස්සු බලනවා
ඔහේ බලපුවාවෙ..
යමු අපි
කෙල්ල කොල්ලව තල්ලු කරගෙන ජීප් එකට නැග්ගා. විහංග වියරු ඇස් වලින් කෙල්ල දිහා බලන් හිටියා . ගෙදරට ආවත් ඒ බැල්ම වෙනස් වුණේ නෑ .යෙහංසා කිවන් එකේ උයන කල් කොල්ලා ටයිල් එක උඩ ඉදගෙන කෙල්ල දිහාම බලන් හිටියා.යෙහංසා සැරෙන් සැරේ බල බල නිහඬව උයන එක කළා.කොල්ලා මීක් නෑ..පාඩුවේ හිටියා.උයලා ඉවරවෙලා යෙහන්සා රූම් එකට ආවා.විහංග ඇවිත් උළුවස්සට හේතුවෙලා බලං හිටියා.යෙහංසා හිනාව තද කරගෙන ඇඳුමත් අරගෙන වොශ් රූම් එකට ගියා. ඒත් කෙල්ල දොර වහන්න හදද්දිම විහංග දොරට අත තිබ්බා.
යෙහංසා ඇයි කියලා ඇහැවෙ ඇස් වලින්.විහංග දෙතොල් උල් කරලා හාදුවක් පෙන්නුවා.යෙහංසා හාදුවක් දෙන්න වගේ කොල්ලගෙ පපුවට අත තියලා ළං වෙලා එක පාරටම තල්ලුකරලා දොර ලොක් කලා.
යෙහංසා
විහංග දොරට ගැහැවා.යෙහංසා ඇතුලෙ ඉඳලා හිනා වෙනවා. ටිකකින් විහංග නිහඬ වුණා.යෙහංසා දොරට හේත්තු වෙලා ඇස් පියා ගත්තා. මේ සතුට සැනසීම ජීවිතේ හැමදාම තියෙයිද ?විහංගගෙ උමතුව,මත්බව , ආදරේ.. හීනයක් ද ?
යෙහන්සා .මං රන්දු මීට් වෙන්න යනවා. මං පැයෙන් එනවා. තනියම ඉන්න පුළුවන් නේද?
විහංග කෑගහද්දී යෙහන්සා කලබලෙන් දොර ඇරියා.විහංග සරදම් හිනාවක් මූණෙ තියාගෙන අත් දෙකත් බැදගෙන බිත්තයට හේත්තු වෙලා බලන් හිටියා. යෙහන්සා බොරුව දැනගත්තා.
ඔයාට පිස්සු විහංග. කීයෙ ඉඳලාද මගේ දිහා පිස්සුවෙන් වගේ බලන් ඉන්නේ
මට දවසම බලන් ඉන්න පුළුවන්.
නිදාගන් නැද්ද?
ඔයා නිදාගත්තමත් මං බලන් ඉන්නවා. ඊයේ රෑත් බලන් හිටියා.
මොකක්ද? ඔළුව නරක් වෙලා ද?
යෙහංසා කොල්ලගෙ කනක් ඇල්ලුවා.
ඔව්..වොශ්රූම් එකටත් එනවා මම
අනේ දෙයියනේ රන්දු අයියට කියන්න ඕනෙ සයිකො ඩොක්ටර් කෙනෙක් හොයා ගන්න කියලා
දොස්තරලා ළඟ මේ ලෙඩේට බෙහෙත් නෑ.තියෙන්නෙ ඔයා ළඟ
යෙහංසාගෙ කම්මුලක් සිපගන්න ගමන් කොල්ලා කීවෙ හිනා වෙවී.
යෙහංසා වොශ් එකක් දාගෙන එනකොට විහංග සාලෙ හිටියෙ කෝල් එකක.යෙහංසා එනවා කොල්ලා දැක්කෙ නෑ.
අම්මා මං කීවනෙ මට මගුල් හොයන්න එපා
යෙහංසා හිටි තැනම ගල් ගැහුණෙ ඒ වචන ටිකට
අම්මලා මට රෝෂිණී ගැන කියනවා නම් මං ආයෙ වලව්වට එන්නෙ නෑ.
යෙහංසා සුරතින් කට වහ ගත්තා.රෝෂිණී..ඒ කවුද?
මං කීවනෙ මට කරදර කරන්න එපා කිය කියලා
එහා පැත්තෙන් කියන දේ යෙහංසාට ඇහුණෙ නෑ.. ඒත් ඒ කතා කරන්නෙ ප්‍රියංගා කියලානම් කෙල්ලට විශ්වාසයි
එන්න තමා හිටියෙ..ඒත් එන්නෙ නෑ..
……
හරි හරි බලමුකො..රෝෂිණී මට කෝල් කළා.මං කතා කරන්නම් එයාට
….
ඔව් ..මීට් වෙන්නම්
යෙහංසා දොරට මුවා වුණේ විහංග දකින්න කලින්.යෙහංසාගෙ මුළු ඇඟම පණ නැතිව ගියා වගේ. විහංග තවම කසාදෙ ගැන ගෙදරට කියලා නෑ. ඇත්තටම යෙහංසා කියලත් නෑ.යෙහංසාට ඒත් එක්කම මතක් වුණේ තමන් වද බව කේන්දරේ කියපු හැටි.
දෙයියනේ..මට විහංගට බබෙක් දෙන්න බෑ නේද?එයා පව්..වලව්ව මාව කවදාවත් පිළිගන්න එකක් නෑ.
යෙහංසා බඩගිනි නැද්ද එන්න කමු.
විහංග කෑ ගහද්දි යෙහංසා පියවි ලෝකෙට ආවා.
යෙහංසා කන්නෙ නැද්ද? මොනවද ඔය හැටි කල්පනා කරන්නෙ
විහංග ඇහැවෙ යෙහංසා ටීවි එක දිහා බලාගෙන බත් එක අත ගගා ඉද්දි.
ම්..බඩගිනි නෑ..
හවස වෙරළෙ නට නට ඉදලා කඩල ජරාව කාලා ..බඩගිනි නෑ..දවල් අර කඩෙන් වැඩිපුරම කෑවෙත් පැණි රස
හ්ම්
දන්නවද? මට බොරුව තමා පෙන්නන්න බැරි
යෙහංසා ගැස්සුණා
බොරුව..මොන බොරුවද?
දැන් තමුන් කිව්වෙ ඔය
යෙහංසා නිහඩ වුණා.ඒ කතාව තමන් ඉස්සරහා කියන්න එපා කියලා විහංග කීපවරක්ම කියලා තියෙනවා.විහංග තියුණු ඇස් වලින් ඉව කළත් යෙහංසා පාඩුවෙ ටීවි එක බැලුවා.කාලා ඉවර වෙලා යෙහංසා කොල්ලගෙ උරහිසට හේත්තු වුණේ විහංග ෆිල්ම් එකක් බල බල හිටපු නිසා.ෆිල්ම් එක ඉවර වෙන කොට යෙහංසා කොල්ලගෙ උරහිසේ නිදි.විහංග එහෙමම යෙහංසාව උස්සගෙන ගිහින් ඇදේ තිබ්බා.
මාර නින්දක්නෙ..ඉස්සුවත් දැනෙන්නෙ නෑ..
විහංග හිත හිතම නෙට් එක දාලා කෙල්ලව තුරුළු කරගත්තා.