වලව් පුතා- 07 කොටස

විහංග උදේ පාන්දර නැගිට්ටෙ කොන්ෆරන්ස් එක හතහමාර වෙද්දි පටන් ගන්න නිසා. කොල්ලා කාමරේට ආවෙ යෙහංසාට ඇහැරවන්න.හොඳට නිදි තවම. සීට් එක පැත්තක. ගවුමත් ඉස්සිලා .විහංගගෙ කට කොනට ආවේ හිනාවක්.

එදත් ඔහොමයි ගෙදරදි නිදාගෙන හිටියේ .මෙලොව  සිහියක් නෑ නිදා ගත්තම. උගන්වන්නම්කො හොද පාඩමක්.

විහංග රැවුලත් පිරිමදින ගමන් වම් අත ඉනේ තියාගෙන විනාඩි දෙක තුනක් කල්පනා කළා.යෙහංසාගෙ බෑග් එක කොල්ලගෙ ඇස් වලට අහු උනා .කොල්ලා බෑග් එක ඇරියා.සාරියක් තිබ්බා.. ඒ යෙහංසාට තිබ්බ හොඳම සාරිය.

මං  කිව්වට සාරියක් අරන් නෑ වගේ..මේක ඇදපු එකක්..

කොල්ලා කණ්ණාඩි මේස ලාච්චුවෙ තිබ්බ කතුර ඇරගෙන සාරිය තීරු වලට කපලා දැම්මා.

හොඳ වැඩේ පණ්ඩිතකමට ලොකුකමට.. දැන් මං අරන් දෙන සාරිය අඳින්න ම වෙනවා. අර කොට ගවුම් ඇඳගෙන යන්නත් බෑ. මට මීටින් එක පැත්තක තියලා මේ බඩ්ඩ රැක රැක ඉන්න වෙයි.

ඊළඟට කොල්ලා  ටී ෂර්ට් එක ගලවලා දාලා ෂෝර්ට් එක පිටින් ඇදට පැනලා යෙහංසාව එකපාරටම බදාගෙන ඉඹින්න පටන් ගත්තා. රළු රැවුල් කොට වල වගේම එක පාරටම විහංගගෙ ගතේ පහස දැනෙන කොට යෙහංසා කෑගහගෙන නැගිට්ටේ කොල්ලව බිම‍ටම තල්ලු කරලා දාලා

තමුසෙ මහා නැහැදිච්ච, කමකට නැති වලව් පුතා.. ෂික් මොනවද කරන්න හැදුවේ.වලව් පුතා නෙවෙයි බූරු පුතා. නෑ ඇයි සත්තුන්ට අපහාස කරන්නේ. සත්තු හොඳ ඇති තමුසෙට වඩා.

යෙහංසා ඇඳේ ඉඳගෙන බනින හැටි අහන් හිටපු කොල්ලා මුහුණ දෙපැත්තටම වන වන නැගිටලා කෙල්ලගේ කොණ්ඩෙන් ඇදලා අල්ලගෙන මූණට එබුනා.

කට වහනවා. ඊයේ රෑ බලෙන්ම මාව පොළඹවගෙන තුරුල් කරගෙන ඔක්කොම මගුල් කරගෙන දැන් තමුසෙ මොනවද මේ රඟපාන හැටි. මං හිතුවෙ තමුසෙගෙ කට තිබ්බට හොඳ කෙල්ලෙක් කියලා .ඒ උනාට ඊයේ රෑ තමා පැටිකිරිය දැනගත්තේ.

යෙහංසා හොල්මන් පරම්පරාවක්  දැක්කා වගේ බය උනා වුනා. ඒ සුදු මූණ මැලවිලා වෙව්ලන හැටි කොල්ලට පෙනුනා.විහංග මූණට එන්න එන හිනාව පාලනය කරගෙන කොන්ඩෙ අත ඇරියා. විහංග රකුස් මූඩ් එකෙන්ම රූම් එකෙන් පිට වෙන්න හැදුවා .

අනේ ඔහොම ඉන්න අනේ..

යෙහංසා බෙරිහන් දිදී අඬන්න පටන් ගත්තා. කොල්ලා නැවතුනා .

අනේ සර් කොහොමද එහෙම වුණේ. අනේ මට මතක නෑ මොකුත්. සර් අර නැට්ටිච්චි එක්ක නටපු හැටි විතරයි මට මතක.

යෙහංසා කොල්ලගෙ අතේ එල්ලිලා  ඇහැවා..කොල්ලා යෙහංසාගෙ අත  දිහා බලලා රැව්වා . කෙල්ල තත්පරේට අත අයින් කරගත්තා.

ඇත්තටම  මතක නැද්ද ඔයාට කිසිදෙයක් යෙහංසා

විහංග රොමෑන්ටික් මූඩ් එකකට ඇවිත් ඇහැවෙ කෙල්ලට ටිකක් ලං වෙන ගමන්.

ඔයාට මතකද ?ඔයා මේසෙ උඩ තිබ්බ  වයින් එක බිව්වා.

වයින් .ආ..වයින් බිව්වද?  ඔ..ඔව්නෙ මං හිතුවෙ වතුර කියලා

ඔයා ඒක බීලා  වෙරිවෙලා මාත් එක්ක ඩාන්ස් කළා..අර ඩාන්සින් ගර්ල්ට  මං දුන්නු සල්ලි උදුරලා මගේ සාක්කුවට දැම්මා. ඒ ගර්ල්ට ඔයා සපත්තුව ගලවලා ගහන්නත් හැදුවා. ඒ කෙල්ල පණ එපා කියල කියලා කිව්වා. තව..

විහංග කෙල්ලගේ ඇස් දිහාම බලාගෙන කියවනවා.

තව තව මොනවද ?

කොල්ලෙක්ගෙන් විසිල් ගහන්න ඉගෙන ගන්න ගියා. ඒ නිසා එතන හිටපු තව කොල්ලෙක් මගෙන් කනේ පහරක් කෑවා.යෙහංසා තමුසෙ ඊයේ රෑ නටපු පිස්සුව නම්

විහංග ඔලුව දෙපැත්තට වනලා ඇඳේ වාඩි වුණා.යෙහංසා බිම ඉඳගෙන කොල්ලගෙ ඇස් වලට එබුණා.

ඊට පස්සේ

ඊට පස්සේ මං ඔයාව කොහොම හරි කාර් එකට දාගෙන මෙහෙට අරං ආවා. එතකොට නම් නිදාගෙන හිටියේ. මං ඇඳ උඩින් තියලා යන්න හැදුවා. ඒත් ඔයා මට යන්න නොදී  අතින් ඇදලා ලඟට ගත්තා.

විහංග බරපතළ මූඩ් එකක් මවාගෙන හිනාව තද කරගෙන නළල පිරිමදින ගමන් අහක බලාගෙන කියවනවා.

මේ මම. එහෙම කළාද?

ඔව් යෙහංසා.. ඔයා කිව්වා ඔයාව දාලා යන්න එපා කියලා. මං යන්න හැදුවේ. ඒත් ඔයා මාව තුරුළුකරගෙන ඉඹින්න පටන් ගත්තා.. පස්සේ මටත් කන්ට්‍රෝල් නැතිව ගියා.

මොනවද දෙයියනේ…ඉහි ඉහි..ඊ..ඊ….දෙයියනේ ..ඊ… මට වැඩක් නෑ ජීවත් වෙලා වැඩක් නෑ. මං මැරෙනවා. අයියෝ. මට වහ බෝතලයක් ගෙනත් දෙන්න.. ඉහි ඉහි

යෙහංසා පොලොවේ හැපි හැපි අඬන්න පටන් ගත්තා. විහංගට හිනාව නවත්ත ගන්න බෑ.කොල්ලා බඩ අල්ලගෙන හිනා වෙනවා .

ආ… තමුසෙ හිනාවෙනවද ?වලව් පුතා ..අහිංසක මට ජරාව පොවලා තමුන්ගේ ආසාව ඉෂ්ට කරගත්තා. හොඳක් වෙන්නෑ තමුසෙට.ඉහි ඉහි.. දැන් තමුසෙ කියන්න එපා මට සමාවෙන්න, මං ඔයාව කසාද බඳින්නම් කියලා. තමුසෙ වගේ නැහැදිච්ච වලව් පුතෙක්ගෙ වයිෆ් කෙනෙක් වෙලා ජීවත් වෙනවාට වඩා මාව කපලා ගඟක මුහුදක දාන එක හොඳයි. අනේ හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා .මං දැන් කොහොමද ගමට යන්නේ..කසාද බැදලා මගෙ හස්බන්ඩ් ළඟට ගිය දවසට මං මොනවද එයාට කියන්නෙ..එයා මගෙන් අහද්දි මං වලව් පුතා ගැන කියන්නද? අනේ මගේ ආත්ම ගෞරවේ..

යෙහංසාගෙ කියවිල්ලට විහංගගෙ හිනාව තවත් වැඩි වුණා.

හිනා වෙනවා මෝඩ වලව් පුතා. මං මැරුණම හරි තමුසෙට

යෙහංසා  ක්ෂණිකව නැගිටලා කන්නාඩි මේසෙ උඩ තිබ්බ කතුර අරගත්තා. විහංග තත්පරේට කතුර උදුරගෙන විසික් කළා.

මට  මැරෙන්නවත් දෙන්නෑ ..තමුසෙ මහ..

යෙහංසා අහනවා

තමුසෙ කෑවා මාව

යෙහංසා අහනවා  මං කියන දේ

විහංගට යෙහංසාව පාලනය කරන්න බැරි වුණා

කෙල්ල ඔලුව දෙපැත්තට වන වන දඟල දඟල කොල්ලගෙ පපුවට තඩිබානවා.

අහ්..

විහංගගෙ දකුණු අත කම්මුලේ දඩාං ගාලා වැදුණු පාර යෙහංසා සන්සුන් වුණා.

ඔහ් ෂිට් යෙහංසා..ලිස්න් ටු මී..අහන්න මං හිතලා ඔයාගේ කනට ගැහුවේ නෑ කෙල්ලෙ. මං කීවේ බොරු. මං ඔයාව ඇඳෙන් ගෙනත් තිබ්බා. එතනට එන කල් විතරයි ඇත්ත. ඉතුරු ඔක්කොම බොරු .මං නිදාගත්තේ එහා රූම් එකේ. මං දැන් මෙතැනට ඇවිත් ඔයාව බය කරන්න ඇක්ට් කළේ. ඔය හැසිරීම නවත්තන්න.

විහංග යෙහංසාගෙ කම්මුල් දිගේ බේරෙන කඳුලු පිහ දැම්මා.

යෙහංසා..තමුසෙ මට බොන්න එපා කියලා බණ කියලා තමුසෙ බිව්වා.  අර මොකක්ද මගේ එක්ක කරපු ඩාන්ස් එක. ඒ මදිවට අර කොල්ලො මට හිනා උනා.

විහංග  කෙල්ලව අත ඇරලා ජනෙලෙ  ලඟට ගියා

විහංග ඔයා ඇත්තම නේද කියන්නේ

ඔව් හලෝ ඔව්.අර සීන් එක තමා මරු.ඩාන්සින් ගර්ල්ට තව පොඩ්ඩෙන් සෙරෙප්පු පාරක් කන්න වෙනවා.

විහංගගෙ මූණට හිනාවක් ආවා.යෙහංසා  නිහඬව හිටියා.

ඕ…සාකී සාකී රේ…..සාකී සාකී..

විහංග තාලෙට කිව්වා..

ඇයි සර් මං වගේ ගොඩේ ටයිප් කෙල්ලෙක් ඒ වගේ තැනකට එක්ක ගියෙ. මට ඔයාගේ ලෝකෙ සංකීර්ණ වැඩියි. මං කැමති නෑ මේවට.

යෙහංසා  ඇඳේ ඉඳගෙන කිව්වේ බොහොම කලකිරීමෙන්.කොල්ලා සාක්කුවට අත් දෙක දාගෙන කෙල්ල ලඟටම ආවා.

මං දන්නවා යෙහන්සා. මට ඕන වුණේ ඔයා මගේ සමාජෙට ගැලපෙනවද කියල බලන්න. මගේ වයිෆ් වෙන්න සුදුසුද බලන්න. ඒත් ඔයාට බෑ .වයිෆ් වෙන්න බැරි උනාට මගේ සකට්‍රි වෙන්න පුළුවන්. දැන් රෙඩි වෙන්න මීටිං එකට යන්න.ආ… අර සාරි එක ඉරුවා මං. යන ගමන් සාරි එකක් ඇරගෙන ඇඳ ගමු .

මොකක්? ඇයි ඉරුවේ

යෙහංසා සාරිය අතට ගත්තා.

මං කිව්වනේ අලුත් සාරි ටිකක් ගන්න කියලා. සැලරි හම්බුනානේ මේ මාසේ

හම්බුනා තමා. ඒ උනාට

ඒ වුණාට මොකද උනේ

මං මල්ලිට මෙලෝඩිකාවක් අරන් දුන්නා බෑන්ඩ් එකට යන්න.

යෙහංසා හෙමිහිට බිම බලාගෙන කිව්වා.

සොරි බබා.. මං අරන් දෙන්නම්

මට සර්ගෙ අනුකම්පාව එපා. අනික මං කැමති නෑ කාටවත් ණය වෙන්න

ඕකනේ බැරි.. ලොකුකම ඉහටත් උඩින් තමුසෙගෙ පඩියෙන් කපා ගන්නම් . සාරි දෙකක් අරන් දෙන්නම්. හරි නෙ

හා ..ඒත් සාරි ජැකට් එකක් මහගන්නෙ කොහොමද?

මෙහෙ ඒවත් තියෙනවා .දැන් අර අනිත් ගවුම ඇඳගෙන එනවා මගින් සාරියක් ගමු

එක්කෝ සර් ගවුම හොඳයි. මෙහෙ එහෙම අඳිනවනේ..

ම්…ඒකත් ඇත්ත ..එහෙනම් ඒක ඇඳගන්න. ඔයාට අවුලක් නැත්නම්

කමක් නැහැ.

කොහොම හරි ප්‍රශ්න වලට උත්තර හොයා ගන්නවා නේද

විහංග ළඟට ඇවිත් ඇස් වලට එබුණා.යෙහංසා නිහඬව හිටියා.

ඊයේ රෑ

කොල්ලා සරදම් හිනාවක් මූණට නංවා ගත්තා

සර් නරක විහිළු කරන්න එපා.

අපෝ ඔව්..මගේ අනිත් කන බේරගන්න එපැයි. පට්ට චාටර් නැත්නම්

විහංග කන අතගගා එළියට ගියා

***************

කොන්ෆරන්ස් එකට දෙන්නම  සාර්ථකව මුහුණ දුන්නා. විහංග චතුර විදිහට ඉංග්‍රීසියෙන් කරුණු තේරුම් කරන හැටි යෙහංසා බලන් හිටියා. විහංග ඈශ් කලර් ෆුල් සූට් එකට ලානිල් පාට ෂර්ට් එකක් ඇඳලා. පුදුම තරම් වැදගත් පාටයි . යෙහන්සා සපෝට් කලේ ඩොකියුමන්ට් වලින්.යෙහංසා  නම් ලොකුවට ඉංග්‍රීසි දන්නේ නෑ.

යෙහංසා ..මගෙ ප්‍රසන්ටේශන් එක අවුලක් නෑ නේද?

කොල්ලා ඇහැවෙ ලන්ච් ටයිම් එකේ දී

නෑ සර්.. සර් හොඳට වැඩේ කළා

අපිට ෆයිට් එක තියෙන්නෙ අර ගාල්ලෙන් ආපු කට්ටිය එක්ක . බලමුකෝ

සර්ට වරදින් නෑ..මේ සර් මහන්සි වෙන්නේ අපි වෙනුවෙන්නෙ

අපෝ නෑ..

කොල්ලා බුෆේ එකේ මාළු බෙදා ගන්න ගමන් කීවා.

එහෙනම්

මගේ ෆිය්චර් වයිෆ් වෙනුවෙන්. මගේ බබාලා වෙනුවෙන. මං හම්බ කරන්නේ එයාලට

යෙහංසා මූණට හිනාවක් ගත්තා.

ෆියුචර් වයිෆ් දැන දැනගත්තොත් සර් මාව සර්ගේ ගෙදර තියා ගත්තා කියලා .

ම්..මං බොරුවක් කියලා ශේප් කරගන්නවා. කොහොමත් මැරි කරත් නැතත් තමුසෙ මගේ..

යසට හිටී..

තමුසෙ කොහොමත් මට කැමතියි නේ .. ඊයෙ දැක්කනෙ ඩාන්ස් කරද්දී කොච්චරවත් මගේ අස්සටමයි එන්නේ.

යෙහංසා ගස්සගෙන පිඟානත් ඇරගෙන ටේබල් එකක් ළඟ වාඩි වුණා.විහංගත් එතැනට ඇවිත් වාඩිවුණා.යෙහංසා  ටිකක් වෙලා වටපිට බල බල ඉඳලා පුටුවෙන් නැගිට්ටා .

ඇයි කොහෙද යන්නෙ

අත හෝදගන්න

ඒ මොකටද

බත් කන්න. සර් ඉස්කෝලෙ ගිය නැද්ද? කෑමට පෙර සහ වැසිකිළි යාමෙන් පසු සබන් ගා අත සේදිය යුතුයි

විහංග වටපිට බලලා කෙල්ලට රැව්වා

වාඩිවෙනවා. මේ හැඳි ගෑරැප්පු තියෙන්නෙ බත් කන්න තමයි මේක ෆයිව් ස්ටාර් හොටෙල් එකක්.

යෙහංසා වාඩි වුණා.

ඒක යකාගේ හොටෙල් එකක්නෙ.ටැප් එකක්වත් පේන්නත් නෑ

යෙහංසා දොඩවන් නැතිව ඔය හැන්දෙන්  කනවා. ගෑරුප්පුවෙන් කන්න ගිහින් කට තුවාල කරගන් නැතුව පරෙස්සමට කනවා.

මං දන්නෑ ඕවා

බලාගන්නවා .මෙන්න මෙහෙම

විහංග කියලා දුන්න විදිහට කෙල්ල කන්න පටන් ගත්තා.

මේක මළ කරදරයක් සර්. මෙලෝ රහක් දැනෙන්නේ නැහැ.ඌරන්ට මොන සෞඛ්‍යද? මං ඔන්න ඔහේ අතින්ම කනවා

යෙහංසා හැඳි ගෑරුප්පු පැත්තක තියලා කන්න පටන් ගත්තා.කොල්ලා රවලා අහක බලාගත්තෙ කතා කරලා වැඩක් නැති නිසා..ටිකකින් විහංග වේටර් කෙනෙක්ට කතා කරලා වෝටර් බෝල් එකක් ගෙන්න ගත්තා.

කොන්ෆරන්ස් එක ඉවර වෙලා ආයෙ මොණරාගලට එන්න දෙන්නා පිටත් වුණා.ඒත් යෙහංසාට තිබුණෙ ප්‍රශ්නාර්ථයක්

සර්

ම්..

සර් කිව්වේ මේ  මීටින්  එකෙන් අපි වෙන රටකට රබර් යවන්න කෝටා එකක් ගන්නවා කියලා.ඒත් සර් මේකෙ එහෙම එකක් කතා වුණේ නෑනේ

යෙහංසා කල්පනාකාරීව කියද්දි කොල්ලා අහක බලාගත්තා.විහංග  සම්පූර්ණ අවධානය ඩ්‍රයිවින් වලට යොමු කරපු බවක් තමා පෙන්නුවේ

මේ ට්‍රැෆික් එක එක්ක බෑනේ. හයිවේ එකට යනකල් මෙහෙම තමා .සිග්නල් වැටෙන්නෙත් නෑනේ

විහංග සීට් එකෙන් ඉස්සි ඉස්සි වටපිට බල බලා  කිවුවේ යෙහංසා කිව්ව ඒක ඇහුන් නෑ වගේ. කෙල්ල ගොඩේ ටයිප් උනාට මෝඩියක් නෙවෙයි කියලා කොල්ලා දන්නවා

සර්

මොකද?

මං ඇහැවෙ ප්‍රශ්නයක්. උත්තර දෙන්න

යෙහංසා ඩ්‍රයිව්  කරන වෙලාවට ඩිස්ටර්බ් කරන්න එපා.තමුසෙට තේරෙන් නැද්ද? මේක ජීවිතයත් මරණයත් අතර සටනක් කියලා. පොඩ්ඩක් මිස් උනොත් ජීවිත කීයක් අනතුරේ ද?

යෙහංසා ඒ පාර බුම්මගෙන අහක බලාගත්තා.

මෙච්චර වෙලා එක අතකින් ෆෝන් එක කනට අල්ලගෙන අනිත් අතින් ඩ්‍රයිව් කලේ. දැන් කියනවා ඩිස්ටර්බ්  කරන්න එපාලු. පුදුම මාර්ග නීතියක් ඒක.

මොනවද කුටු කුටු ගාන්නෙ

නෑ මං කිව්වේ කොළඹට වහියිද දන්නෙ නෑ අද

වැස්සොත් නවතිමු හොටෙල් එකක. මට රූම් දෙකකට ගෙවන්න බෑ පාඩුයි. එකක ඉමු.

විහංග හිනාව තද කරගෙන කිව්වා.

ඊයා ඒක කිව්ව කැත. අනාගත වයිෆ් දැනගත්තම මොනව හිතයිද ?

මොනව හිතන්නද මං සිරා පොරක් කියලා හිතයි

හරි සිරා. හිතන්නේ මං ඉංග්‍රීසි දන්නේ නෑ කියලා වෙන්න ඇති . බොරුව කළේ තනිකරම. වෙන රටකට කෝටා පාස් කරපු එකක් වුණේ නෑ .නිකං මොනවද රබර් ගැන කතාබහක් විතරයි .ලොකු සර්ට පිස්සුද මන්දා මේ වගේ ඒ ෆීල්ඩ් එක ගැන හරියට නොදන්න බූරු පුතෙකුව මෙහෙට එවන්න.

මොකක්ද කිව්වේ.බූරු පුතා.. මං වලව් පුතා. දෙනවා දත් ටික ගැලවිලා වැටෙන්න

එච්චරනේ පුළුවන් .ඔය චණ්ඩිකම් මදාවි කම් හැමදාම හරියන්නේ නෑ .එදා අර අහිංසක  කෙල්ලව අල්ලන් මොනවද කළේ

යෙහංසා මතක් කළේ ඉස්සෙල්ලම විහංග දැකපු දවසේ වත්තෙ කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන හිටපු දවස

මොන කෙල්ල ද

එදා මං ඉස්සෙල්ලම සර් ව දකිද්දි… ඒ

ආ..එදාද.. එදානේ මං තමුසෙව ඉස්සෙල්ලාම දැක්කෙ..මගෙ කහ කිරිල්ලි..

විහංග යෙහංසාගෙ අතක්  බලෙන්ම අල්ලගෙන සිපගෙන අත ඇරියේ තත්පරේට.

මගේ කරුමෙට

තාම කරුමෙ පටන් ගත්තේ නෑ.යෙහංසා ඔය කියවිල්ල නතර කරනවා

ඇයි ඇත්ත කතා කරන්න බැරිද? තමුන් හැදුවේ ඒ අහිංසක කෙල්ලට කරදර කරන්න

යෙහංසා නොදන්න මගුල් කියවන්නේ නැතුව ඉන්නවා .ඒ කෙල්ලගෙන් මං ඇහැවේ මගේ වැටිච්ච පර්ස් එක කොහෙද කියලා. ඒ කෙල්ල තමා මගේ බයික් එක නතර කරලා පර්ස් එක ගැන කියෙව්වේ .පස්සේ කෙල්ල හැදුවේ මාව ගෙදර එක්ක යන්න. මං කිව්වා යන්න බෑ කියලා. මං පර්ස් එක ඉල්ලද්දී ඔයා ආවෙ

විහංග සිදුවීම විස්තර කළා.යෙහංසා කට කොනට හිනාවක් නංවා ගත්තා.

මරු.. නවකතාවක් වගේ. සර් හිතන්නේ මං ඔය කතන්දරේ විශ්වාස කරයි කියලා ද?ගොඩේ වුණාට මං මෝඩ නෑ . වලව් පුත්තු ඔහොම තමයි. අහිංසක කෙල්ලෝ රවට්ටගෙන ඵල ප්‍රයෝජන ඇරගෙන අත ඇරලා දානවා. පරම්පරාවෙන් හම්බුන සල්ලි වලට වෙන මොනව කරන්නද? සල්ලි බලෙන් ඔක්කොම යට ගහනවා

යෙහංසා උඹ මගෙ ලිමිට් එක පන්න ගන්න හදන්නේ ඔය. දැනගනින් මට උලත් එකයි පිලත් එකයි මළත් එකයි. අර ඉස්සරහ පේන ලයිට් කණුවෙ මේ  මගුල හප්පගෙන මරාගෙන මැරෙනවා.

විහංග දත්මිටි කාගෙන පෑගුවේ හයිවේ එකට කාර් එක දැම්ම නිසා බයක් සැකක් නැතුව.යෙහංසා ඇස් පියා ගත්තෙ බයෙන් ගැහි ගැහී. විහංග එනකොට ආව පාරෙන් නෙවෙයි ආපහු යන්නේ.

අනේ එපා එපා මං කට වහගන්නම්

යෙහන්සා මේ හයිවේ එකේ කාර් එක නතර කරන්න තහනම් නිසා. නැත්නම් මං දන්නවා ඔය හැකර කට වහන හැටි. මේ වලව් පුතාට ඒක සිම්පල්.. රෝස පාට.. තවම මට හරියට අල්ල ගන්න බැරි උනා ..දවසක අල්ලගෙන රතු වෙනකල්ම…

විහංගගෙ මූණෙ තිබ්බෙ පැණි බේරෙන හිනාවක්

යෙහංසා ඇස් ඇරියා.

ෂික් අප්පා.. මොකක්ද ඔය කට

මගෙද  කට හොද නැත්තේ

ඇයි මෙච්චර වේගෙන් යන්නේ

ආස නිසා

මැරෙන්නද ?

නෑ තමුසෙව කිස් කරන්න

මොකක් ? විහංග ප්ලීස්  ජෝක් එපා

ජෝක් නෙවේ..

මෝඩ වලව් පුතා

යෙහංසා දත් අතරින් මිමිණුවා.

ඔව්..නැත්නම් ඊයේ  අත අරියිද?මොලොව සිහියකුත් තිබ්බෙ නෑනේ..

යෙහංසා කටපියාගෙන සීට් එකට හේත්තු වෙලා ඇස් පියා ගත්තා විහංගත් ඒ  පාර කට වහගත්තා.

***************

යෙහංසා ඇස් ඇරියෙ සීතල දෙතොල් පහසින් ..විහංගව තල්ලු කරපු කෙල්ල වටපිට බැලුවා. අන්ධකාරෙ විතරයි.විහංග මූණටම එබිලා යෙහංසා දිහා පිස්සුවෙන් වගේ බලන් ඉන්නවා .

නැහැදිච්ච වලව් පුතා. තමුසෙ මහ එපා කරපු එකෙක්. කොහෙද මේ මාව ගෙනාවේ

විහංග වියරු ඇස්වලින් බලාගෙන හිටියා .මේ කෙල්ල බනින හැටි මොකට අහගෙන ඉන්නවද? වෙන කෙල්ලො නැතුවට. ඒත් මොන එහෙකටද මේ කෙල්ල එක්ක මෙහෙම කියවන්න බැනගන්න ආස .තරහෙන් පුපුර පුපුර රතුවෙන කම්මුල් දිගැටි ඇස්.. රෝස දෙතොල් ඒ ලගන්නා සුළු ඉරියව්..විහංගට යෙහංසාගෙ ඉරියව් ඔක්කොම ස්ලෝ මෝශන් වෙලා..කොල්ලා ඔහේ කල්පනා කරනවා

මං මේ තමුන්ටයි කතා කළේ

යෙහංසා කොල්ලගෙ උරහිසින් හෙල්ලුවා.විහංග පියවි සිහියට ආවා.

ආ.. මේ ඒයි තමුසෙ මාව ඇල්ලුවෙ ඇයි? මතක නැද්ද මං බොස්

බොස්..බොස් නම්  මාව ගෙදර ගිහින් දාන්න

ගෙදර තමයි ඉන්නේ. අර තියෙන්නෙ

මොකක්?

යෙහංසා වටපිට බැලුවා

ඔව්මයි.. ගෙදර නේ

යෙහංසා දඩි බිඩි ගාලා බැහැලා බෑග් එකත් එල්ලගෙන ගේ දිහාට දිව්වා.

විහංග හොන් ගහපු පාර ගෙදර අය ලයිට් දාලා දොර ඇරියා.

පැනගෙන  ගියපු හැටි. නිකංවත් පරිස්සමින් ඇරලුවාට තෑන්ක්ස් කළේ නෑ. ලොකුකම බැහැලාම නෑ. බලමුකෝ

විහංග කාර් එක හරව ගත්තා.

 

**************

වැඩේ කියන්නේ ඊළඟ සතියේම වලව් පුතා පේන්න හිටියේ නෑ .ෆැක්ටරි එක පැත්තටවත් ආවෙ නෑ

ඈ දෝණි..මං මේ අහන්නමයි හිටියෙ. මොකද ඔය එක ගාණට  තිබ්බ කොණ්ඩෙ අමුතුවට කපලා තියෙන්නේ

නාලිනි  යෙහංසාගෙ  කොන්ඩෙ පිරන ගමන් ඇහැවා.

සර් කිව්වේ අම්මා. අර තිබ්බ මීටින් එකට ගොඩේ තාලෙට යන්න බෑ කියලා.

ඒකත් එහෙමද දෝණි. පුංචි මහත්තයා දෝණිව පරිස්සමට එක්ක ආවා නේද? මං බයේ හිටියෙ. මං මහීපාල මහත්තයාගෙනුත් එදා විස්තර ඇහැව්වා .උන්දැ නම් කීවේ තව ඔෆිස් වලල මිස්ලා එන නිසා බය වෙන්න කාරි නෑ කියලා. අප්පච්චි නම් මට සෑහෙන්න දොස් කිව්වා සර් වුණත් කොල්ලෙක් එක්ක යැව්වා කියලා

ඔව් අම්මා. පුංචි සර් මට කරදරයක් කළේ නෑ. ඒ හොටෙල් එක… මාලිගාවක් වගේ. සර්ලාට  කොළඹ ගෙයක් තියෙනවා. ඒකෙ තමා හිටියේ

ඒකනෙ මං ඕක ගැන විස්සෝප වුණා. මහීපාල තමා කීවේ ඕවා සාමාන්‍ය දේවල් කියලා.පුංචි සර් හරි වසයි..ගියෙ නැත්නම් දුවව රස්සාවෙනුත් අස් කරලා දායි කිව්වා. රස්සාව රැකගන්න සර්ලා කියන විදිහට රාජකාරි කරන්න වෙනවා කිව්වා.

ඒක නෙමෙයි අම්මා. මොකද අර කපු ඇන්ටි මෙහෙ ආවෙ.

මේ කොල්ලා ඔය ඩිංගට ඒ ගැන කනේ තිබ්බද ?

මල්ලිට බනින්න එපා. එයා මට කිව්වේ කපු ඇන්ටි අක්කගේ නම අම්මගෙන් ඇහැවා  කියලා. එච්චරයි

හරි හරි.. දැන් කල වයසත් හරි නේ

පිස්සුද අම්මා මට තවම විස්සයි. මේ කසාද බදින වයසක්ද .

ඒ උනාට ඕවා කතාබහ කරලා තියා ගත්තම හිතට හොඳයි

ඒක නෙවෙයි අම්මා. එදා අප්පච්චි මොකක්ද ණයක් ගැන කතාවක් කිව්වේ

මල්ලි කියනවා ගෙදරට ටීවී එකක් ගමු කියලා. යාලුවෝ ඔක්කොම ගෙදර ඉඳන් ටීවී බලලා විස්තර කියනවලු .කොල්ලාගෙන් බේරෙන්න බෑ අප්පච්චිට.

ඔය කියන කොටම එන්නේ..පොඩ්ඩා එන්න

යෙහාන්  ඇවිත් අක්කා ලගින් වාඩි උනා.

අනේ ඔව් අක්කේ. අපිත්  ටීවි එකක් ගමු

ළමයෝ කොහෙ තියෙන සල්ලිද ඕවා

අම්මා තමා කැමති නැත්තෙ. අප්පච්චි මට කිව්වනේ අවුරුද්දෙන් පස්සේ අරන් දෙනවා කියලා .

පව් මල්ලි අප්පච්චිට ණය වෙලා අරන් දෙනවා ඇත්තේ

ඉතිං මං පව් නැද්ද?ළමයි ඔක්කොම ඒකෙන් බලන කාටුන් ගැන විස්තර කියද්දී මං ඔහේ බිම බලන් ඉන්නවා. ඒ කාටුන් එකක් මං දැක්කෙ එදා අර මගේ යාලුවාගේ ගෙදරදි විතරයි

යෙහාන් මූණ එල්ල ගත්තා

යෙහංසා කොල්ලාගේ ඔලුව අත ගෑවා

මල්ලි මං කොහොම හරි අරන් දෙන්නම් ටීවී එකක්.හැබැයි පාඩම් වැඩ කරන්න ඕනෙ ..හොදද?

තාමත් සාරියක් අර ගන්න බැරි වුණත් යෙහංසා මල්ලිට පොරොන්දු වුණා.

*****************

ආනේ…ඩොක්ටර්

යෙහංසා පාර අයිනේ කඩයක් ලඟින් බඩු ගන්නවා දැකපු නිමේශ් කාර් එක නතර කරලා කෙල්ල ලඟට ආවා.

කොහොමද යෙහංසා. ටවුන් ඇවිත් වගේ.

බඩු ටිකක් ගන්න ආවා.ඩොක්ටර් කොහේ යන ගමන් ද මේ

මං ගෙදර යන ගමන්. ඒක නෙවෙයි ඔයාට අවුලක් නැත්නම් අපි මොනවා හරි බොමුද ?අර අතන තියෙන පොඩි හොටෙල් එකෙන්

නිමේශ් පෙන්නපු දිහාට යෙහංසා  ඔලුව වනලා අඩිය තිබ්බා. මොන හේතුවකට ද දන්නෑ කෙල්ලට විහංග පිට කෙනෙක් කියලා දැනුනෙම නෑ. නිමේෂ්ගේ තිබ්බ සන්සුන් කතාබහ පිළිවෙල යෙහංසාගේ හිතට ඇල්ලුවා

ඉතින් කියන්නකො විස්තර

නිමේශ් බීම ඕඩර් කළා.

මොනවද

කෙල්ල ලස්සන වෙලා කොන්ඩෙ ටිකක් කැපුවා නේද ?

යෙහංසා ලැජ්ජාවෙන් බිම බැලුවා

නිමේශ්ට මේ හිත තේරෙන්නෑ. මේ සුදු කෙල්ල දැක්කම හිතට මොකක්දෝ වෙනවා

ඩොක්ටර් මට විහිළු කරනවා

යෙහංසා එදා හොස්පිට්ල් එකේදි මං කිව්වෙ දෙයක් කියන්න තියෙනවා කියලා, මේ තැනයි වෙලාවයි නෙවෙයි කියලා. මං හිතන්නේ දැන් වෙලාවයි තැනයි හරි කියලා

යෙහංසා කලබල වුණා. නිමේෂ්ගේ බැල්මත් අමුතුයි අද ..නිමේෂ් හිමීට මේසෙ උඩ තිබ්බ කෙල්ලගෙ අතක් අල්ලගත්තා .

මං ඔයාට කැමතියි ..ඔයත් කැමති නේද මට

යෙහන්සා තුෂ්නිම්භූත වෙලා බලන් හිටියෙ මොකද්ද දෙන උත්තරේ කියලා හිතාගන්න බැරිව

ඩොක්ටර්

මං දන්නවා ඔයා හිතන දේවල්.ඇත්තටම යෙහංසා මට ප්‍රපෝසල් එකක් තියෙනවා. දිනිති.අපෙ පවුලේ ළඟම හිතවතෙක්ගේ දුවක්. ඒත් මට එයා ගැන කිසිම හැඟීමක් නෑ. මට ඔයා දැක්කා දවසෙමයි තේරුණේ මට මැච් වෙන්නේ ඔයා වගේ ගර්ල් කෙනෙක් කියලා

යෙහංසා සීරුවට අත මුදා ගත්තා.ඩොක්ටර් ගැන කිසිම දෙයක් යෙහංසා දන්නෑ .මේක කෙල්ලට හීනයක් වගේ .ඕනම  කෙල්ලෙක්ගේ හිතේ ඉන්න හීන කුමාරයා වගේ නිමේශ්.බොහොම වැදගත් හොඳ රස්සාවක් ..දැන උගත්..

ඔයා හිතලා බලලා උත්තරයක් දෙන්න යෙහංසා.. මම හෙමිහිට ඔයාලගේ ගෙදර එන්නම්..

එතනින් පස්සේ සාමාන්‍ය තොරතුරු කතාබහ කරලා දෙන්නා වෙන්වුණා.

යෙහංසාට දැනුනේ ඔළුවේ කවුරුහරි ලොකු බරක් තිබ්බා වගේ .යෙහංසා පහුවදා ඔෆිස් ගිහිල්ලත් කල්පනා කර කර හිටියේ නිමේෂ්ගේ යෝජනාව ගැන. අම්මා එහෙන් මගුල් හොයනවා. ප්‍රශ්න පත්තරයක්ම ඔළුවේ. ඒ මදිවට චෙක්  වගයක් සයින් කර ගන්න තියෙනවා.විහංග ඔෆිස් ආවෙත් නෑ.

සුදු නෝනෙ.මේ ෆොටෝ කොපි එක ලාවට වැදෙන්නේ කමක් නැද්ද

චමූ පෙන්නපු කොලේ දිහා දිහා යෙහංසා බැලුවා.

ඩාර්ක්  කරලා ගන්න බැරිද

බලමුකෝ

කොයි මහීපාල  අන්කල්

අර  ෆැක්ටරි එකේ මැෂින් එකක් රෙපෙයාර් කරනවලු. ඒක බලන්න ගියා.

ඒ තත්පරේට රූම් එකට යකා වගේ ගොඩවුණේ  විහංග. ඩෙනිමට කළු පාට  කොළර් නැති ටී ෂර්ට් එකක් ඇඳලා. ෆුල් රස්තියාදුකාර ටයිප්.කොල්ලා කෙලින්ම යෙහංසාගෙ මේසෙ උඩ ඉඳගත්තේ කෙල්ල සීරුවෙන් හිට ගද්දි..

චමූ උඹ පලයන්

විහංග කෑ ගැහැවා.

චමූට යන්න මතකත් නෑ. ඩිම් වෙලා බලාගෙන ඉන්නවා.

උඹ බීරි වෙලාද? මං එළියට එනකල් මේකෙ ඇතුලට මැස්සෙක්ටවත්  එන්න බෑ .හරිද තේරුණාද ?ආවොත් උඹ ඉවරයි.

හා හරි සර්

දොර වහගෙන පලයං

කොල්ලා ගිගිරුව පාර චමූ දොරත් වහගෙන ..තත්පරේට වාෂ්ප උනා.යෙහංසා ගිඩි ගිඩි ගාලා ගැහෙන්න ගත්තේ කොල්ලගෙ රතු වෙච්ච ඇස්.. නපුරු මුහුණ දකිද්දී පුදුම විදිහේ බයක් දැනුණු නිසා. කෙල්ල එතනින් යන්න හැදුවා.

ළමාතැනී උඹ කොහෙද දුවන්නේ

විහංග  යෙහංසාගෙ උරහිසින් ඇදලා ලඟට කරලා තද කරගත්තා. කොල්ලගෙ වියරු සුසුම් කෙල්ලගේ මූනට වැදෙනවා .

සර් ඇයි මේ

විහංගගෙ ඇස් ගියේ ඒ දෙතොල දිහාට.යෙහංසාට වෙන්න යනදේ තේරුනා

අනේ එපා සර්

යෙහංසාව නිහඩ කෙරෙව්වෙ  ඒ උණුසුම් උනුසුම් දෙතොල් පහස.. විහංග කේන්තිය නිවෙන කල්  කළේ යෙහංසාව සිප ගන්න එක. සෑහෙන වෙලාවකට පස්සෙ කොල්ලා යෙහංසාව අතහැරියා. ඒ රුදුරු පහස යෙහංසාට  ගෙන දුන්නේ වේදනාවක්…කෙල්ලගේ ඇස් වල කඳුලු පිරිලා

උඹ මගේ යෙහංසා.මගේ විතරයි. එක එක බල්ලන්ට උඹට අත තියන්න මං ඉඩ දෙන්නේ  නෑ..කියපං කවුද ඌ ..

විහංගගෙ  රුදුරු ඇස් වල යක්ෂාවේශෙ කෙල්ලට දරන්න බෑ. විහංග අල්ලගෙන ඉන්න අත් බාහුව පුපුරු ගහනවා.

යෙහංසා කවුද ඌ

කවුද  දෙයියනේ කවුද මොනවද ඔයා අහන්නේ..මට මේ  මොකුත් තේරෙන්නෑ

යෙහංසා  කොල්ලා ගෙන් මිදෙන්න වෙර දැරුවා.

උඹ බබා.. උඹ දන්නෙ නෑ ටවුමෙ හෝටලේදී උඹේ  අතින් අල්ලන් හිටපු එකා .

විහංග කියද්දී තමයි කෙල්ලට නිමේශ් මතක් උනේ.විහංග  යාලු රොයිටර් සේවෙන්  මේ නිව්ස් එක දැන ගත්ත වෙලේමයි පිඹගෙන ඔෆිස් එකට ආවේ. තිබ්බ තරහ දෙගුණ උනේ මගදී රන්දු කෝල් කරලා යෙහංසාට මගුල් හොයන්න කපු නෝනාට බාරදීලා කියලා කිව්වම.

මොකද කට වැහුනේ. උඹ හිතුවේ මට හොරෙන් නාඩගම් නටන්න පුලුවන් වෙයි කියලද

පිස්සුද විහංග අතාරින්න

උඹ කියන් නැද්ද

විහංග දාඩිය බේරුණු මූණෙන් දත්මිටි කනවා

නෑ කියන්නේ නෑ..තමුසෙට මොකද මං කවුරු එක්ක හිටියත්. මං කියන්නෙම නෑ .

එහෙමද ළමාතැනී. උඹ තවම මේ වලව් පුතාව අඳුනන්නේ නෑ. විහංග  ටී ෂර්ට් එක උස්සලා ඉනේ ගහගෙන හිටපු ගන් එක අරන්  යෙහංසාගෙ ඔළුවට තිබ්බා..යෙහංසා කෙළ පිඩක් ගිල්ලෙ මරණ බය දැනුණු නිසා.

උඹේ ගෙදරට කියනවා උඹට මගුල් හොයලා උන්ගේ අවමගුල ගන්න ලෑස්ති වෙන්න එපා කියලා. අර කපු නෝනාගෙ ගෙදරත් සුදු කොඩි දාන්න වෙයි. තව උඹේ ඔය බෝයි ෆ්‍රෙන්ඩ්.  උගෙ කේන්දරේ බලාගන්න කියනවා. මේ දවස් වල සෙනසුරු නීච වෙලා ඇති. මාරක අපල

විහංගගෙ කට කොනට ආවෙ මරුමුස් හිනාවක්.යෙහංසා කට පියාගත්තේ තවත් මේ  වියරුව බලන්න බැරුව …අහන්න බැරුව..

 

මට මොන තරම්  කෙල්ලො හිටියත් ..මං මැරි කලත්… උඹ මගේ..මගේ විතරයි.. හැමදාටම… මට උඹව… ඕනේ.. එදා කොළඹ අරන් ගිහින් මං පාඩුවේ හිටියේ තමුසේ තවම පොඩි නිසා. කට තිබ්බට අහිංසක නිසා. ඒත් තමුසෙ ඕනවට වඩා නටනවා නම් මං තීරණයක් ගන්නවා . මාව ඒ තත්වෙට පත් නොකර පාඩුවේ ඉන්නවා.

විහංග  ආයෙත් කෙල්ලව තදින් තුරුළු කරගෙන අතොරක් නැතිව වියරු සුසුම් ගෙන ගියා. ඒ රළු පහසට කෙල්ල හා පැටියෙක් වගේ වෙවුල වෙවුල නතු වුණා.

මතකනේ මගේ විතරයි

විහංග කෙල්ලව අත ඇරලා පිස්ටල් එක ඉනේ ගහගෙන  රූම් එකෙන් පිට වුණේ දොර දඩාං ගාල වහගෙන. යෙහන්සා එහෙමම පුටුව උඩට කඩන් වැටුනා. කෙල්ලට කඳුළු නවත්තගන්න බෑ

දෙයියනේ මොකක්ද ඒ උනේ? ඇයි විහංග ඇයි ? මාව මැරි කරන් නෑ ඔයා. වෙන කෙනෙක් බැන්දත් මාව ඕනෙලු. මට කවුරුවත් එක්ක යාලු වෙන්නත් බෑලු . බඳින්නත් බෑලු . ඔයා මට දෙන මේ වදේ මොකක්ද? මගේ කම්මුල් පුපුරු ගහනවා. මොකක්ද විහංග මේ බැඳීමට දෙන නම? ඇයි මාව අසරණ කරන්නේ ?

යෙහංසාගෙ හදවතේ කතාව අහන්න කවුරුවත් හිටියේ නෑ .කොල්ලො ඇයි හිතන්නෙ නැත්තෙ කෙල්ලො කියන්නෙත් මානුෂීය හැඟීම් දැනීම් තියෙන සත්ව කොට්ඨාසයක් කියලා .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!