අනේ මන්දා දුවේ ඔය ගමන් කොහෙන් කෙළවර වෙයිද ?
නාලනී කිව්වේ යෙහංසගේ තේ කෝප්පෙ අතට දෙන ගමන්.
මොනවා කරන්නද අම්මේ සර් මට එන්න කිව්වා
කොහෙද නවතින්නේ
දන්නෙ නැහැ
පුංචි සර් ගැන තියෙන කතා නම් ඒ හැටි හොඳ ඒවා නෙවෙයි දුවේ. අප්පච්චිත් කැමැත්තෙන් මගෙ දුව යවනවා නෙවෙයි .අපේ අසරණකමට මොනවද කරන්නේ .
බයවෙන්න එපා අම්මේ. සමහර විට එයා අපි හිතන තරම්ම නරක කෙනෙක් නොවෙන්නත් පුළුවන්
යෙහංසා එදා වලව්වට ගියපු දවසේ විහංග තමන්ව අත ඇරලා දාපු හැටි මතක් කරගෙන කිව්වා.
ඔය රස්සාව දමලා ගහලා ගෙදර ඉන්න දෝණි. අපි පුළුවන් හැටියට පිරිමහ ගමු
අම්මා මොනවද මේ කියවන්නේ. යසට හිටී එතකොට. ඕවා අප්පච්චිට ඇහෙන්න එහෙම කියන්න එපා. මං යනවා ඇඳුම් ලෑස්ති කරගන්න.. මහීපාල අංක කිව්වා සර්ලගෙ කොළඹ නෑයෙක්ගෙ තැනක නවතින්න හදලා දෙයි කියලා
අර හාදයගෙ වැඩේ ඉස්කෝලේ ඇරිලා ආපු වෙලේ ඉඳලා මෙලෝඩිකා පිඹින එක. දැන්නම් ඒක කරච්චලයක්
නාලිනී තවත් මොනවදෝ කුටු කුටු ගගා කුස්සිය පැත්තට ඇදුනා .මෙලෝඩිකාව අරන් දුන්නම මල්ලිගෙ මූනේ මැවුණු හිනාව යෙහංසාගේ හිතේ මැවිල පෙනුනා.
******************
විහංගගෙ සුපුරුදු නිල රථය ඉදිරියට ඇදෙනවා.යෙහංසා ෂටර් එකෙන් එළිය බලාගෙන ඉන්නවා. කොළඹට යන්න පැය පහක් වත් ගත වෙනවා. විහංග දවල් ෆැක්ටරි එකට ඇවිත් යෙහංසාව කාර් එකට නග්ග ගත්තා. විහංග සම්පූර්ණයෙන් හැසිරුනේ ඔෆීෂියල් විදියට. මහීපාල චමූ එක්ක විහංග යෙහංසා එක්ක යන හැටි බලන් හිටියා .
චමූට නම් මාර දුකයි. යමූ දන්නවා බොස් ගේ පැටිකිරිය. එදා ඇස් දෙකට දැක්කනෙ යෙහංසා මිසීව හිර කරගෙන හිටපු හැටි
පව් අසරණී. චමූගෙ කටින් මේවා එලියට පනින්න දඟලනවා. ඒත් බොස්ගෙ තර්ජනය සුළුපටු නෑ කියලා චමූ දන්නවා.මදාවියෝ දහයක් පරාදයි.
විහංග කාර් එක දැම්මෙ හොද පෙනුම තියෙන රෙස්ටුරන්ට් එකකට.
මිස් යෙහංසා ලන්ච් අරං යමු අපි.
මං කෑවා සර්
එහෙමද එහෙනම් ඕනේ නෑ
නෑ නෑ සර් සර් කාලා එන්න. මං මෙහෙම ඉන්නං
යෙහංසා එක පාරක් මං කියන දේ ඇහැවෙ නැති උනාම මං කෙල්ලන්ට කරන දේ මිස් යෙහංසා සමහරවිට දන්නෙ නැතුව ඇති.
විහංග ඇස් වලිනුත් තර්ජනේ කළා.
යමු සර් මං එන්නම්
කෙල්ල ඉක්මනට බැහැගත්තා.විහංග හිනාව තද කරගෙන කාර් එකෙන් බැස්සා. විහංග කැමති කෑම තමා කෑවෙ.යෙහංසා බයෙන් වටපිට බල බල කන හැටි දැක්කම විහංගට දුකත් හිතුණා.ඒත් මේ කෙල්ලගෙ රෙස්පෙක්ට් එක බස්සන්න ඕනෙ. ලන්ච් අරගෙන ආපහු දෙන්නම කොළඹ එන්න පිටත් වුණා
සර් දෙයක් අහන්නද?
යෙහංසා විහංගට කතා කළේ කාර් එකට නැග්ගත් හරි විහංග වැදගත් විදිහට හැසිරුණු නිසා .කෙල්ලගේ අතක්වත් ඇල්ලුවෙ නෑ
හ්ම්
ඇත්තටම ඇයි මේ රබර් ෆීල්ඩ් එකට මෙහෙම වෙලා තියෙන්නේ. අපි යවන්නේ කොලිටි රබර්.
ඒ ගැන හෙට දැනගන්න ලැබෙයි.
අපි ඉන්නේ කොහෙද සර්
හොටෙල් රූම් එකක
යෙහංසා පුදුමෙන් කොල්ලා දිහා බැලුවා
ස… සර්
බය උනාද? අපි ඉන්නේ කොළඹ තියෙන අපේ අපාර්ට්මන්ට් එකේ.. අප්පච්චිගේ ඒක. අප්පච්චි වැඩ වලට කොළඹ ආවම ඉන්නේ එහේ අපිත් කොළඹ ආවම ඉන්නේ එහේ .
ලොකු සර් ඉන්නවද එහෙ
හ්ම්. ඇති අනික මට අනිත් කන තුවාල කරගන්න වුවමනාවක් නැහැ
යෙහංසාට සැනසීමක් දැනුනා. කෙල්ල අහක බලා ගත්තෙ එදා කරපු දේ මතකෙට ආව නිසා. විහංග මගින් ලොකු ෂොපින් මෝල් එකක් ළඟ කාර් එක නැවැත්තුවා. කොල්ලා නිහඬවම ඒ ෂොපින් මෝල් එකට ඇතුලට ගිහින් ටිකකින් බෑග් එකකුත් අරගෙන ආපහු ආවා.
යෙහංසාට යන්න කතා කළේ නෑ. බෑග් එක ගැන අහන්න කටට ප්‍රශ්නේ ආවත් යෙහංස කට පියා ගත්තෙ අනවශ්‍ය දේවල් ගැන අහලා තියෙන යහපත් වාතාවරණය අයහපත් කරගන්න ඕනෙ නැති නිසා
අපාර්ට්මන්ට් එකට ඇතුලු වෙලා දොර වැහැවම යෙහංසා බය වුණේ ලොකු සර් නැති නිසා. විහංග කියලා තියෙන්නෙ බොරු.වෙලාව හයයි.
යෙහංසා. එක දිගට ඩ්‍රයිව් කරලා මට මහන්සියි. මං පොඩි ඇලට් එකක් දානවා. මට හතට කතා කරන්න. අර එහා රූම් එක නම් අප්පච්චිගේ. අනෙක් රූම් දෙකෙන් එකකට යන්න. චේන්ජ් කරගන්න.වොශ් රූම් එකත් ඒ ළඟ
යෙංහසාට විහංගගෙ හැසිරීම අදහන්න බෑ.විහංග සෙටියෙම නින්දට වැටෙන හැටි බලාගෙන යෙහංසා රූම් එකට ගියා
*****************
සර් සර් නැගිටින්න වෙලාව හරි
විහංග ඇස් ඇරියා. නාලා දිග මල් මල් වැටුණු ගවුමක් ඇඳගෙන තෙත බේරෙන කොන්ඩෙත් එක්ක බලන් ඉන්න යෙහංසා දැක්කම කොල්ලට පිස්සු වගේ ..ඇදලා ළගට අරගෙන සුදු කම්මුල් රතු වෙනකල් ඉඹින්නමයි හිතෙන්නෙ..ඒත් විහංග කෙල්ලව තල්ලු කරගෙන නැගිට්ටා.
තමුසේ මොකද මගේ ඇඟට අත තිබ්බේ.
අනේ සර්.. සර්ට කතා කළාට ඇහුනෙ නෑ නේ
ඒකට මගේ කර උඩ නැගලා හරි යනවද
සොරි සර්.
හරි කමක් නෑ මං වොෂ් එකක් දාගෙන එනකල් අර බෑග් එකේ තියෙන ගවුමක් ඇඳ ගන්නවා. මං එනකොට ඇඳගෙන හිටියෙ නැත්නම් මං ඔය ගවුම මගේ අතින්ම ගලවලා අන්දවනවා .ගමනක් යන්න තියෙනවා
විහංග එතැනින් ගියාම යෙහංසා බෑග් එක අරන් බැලුවා. බෑග් එකේ තිබ්බේ ගවුම් දෙකක්. දණහිසෙන් අඟල් දෙකක් විතර උඩට කොට, අත් කපලා කර බෙල්ල ළඟටම.. එක වගේම ගවුම් දෙකක් ..එකක් මෙරුන් පාට.. අනිත් එක ගෝල්ඩ් කලර්. කෝට් ෂූෂ් දෙකකුත් තිබ්බා
චී මොන ජරාවක්ද මේ. පිස්සුද මන්දා මේ වලව් පුතාට. මේ වගේ ජරාවක් මට අඳින්න පුළුවන්ද
යෙහංසා ගවුම් දෙක ඇඳට විසින් කරන ගමන් තනියම කියෙව්වා.
ඒත් දැන් එනකොට ඇඳගෙන හිටියේ නැත්නම් එයාම ගලවලා අන්දවනවා කීවා .ෂී… එහෙම කරන්න බැරි මිනිහෙකුත් නෙවෙයි .ලැජ්ජාවෙ බෑ .කොහේ යන්නද මේවා ඇඳගෙන. පිස්සුද මන්දා .ඔන්න ඔහේ ඇඳගන්නවා.
යෙහංසා හතර අතට කල්පනා කරලා ගෝල්ඩ් කලර් ගවුම ඇඳගත්තා.
ගාණටම හරි. කොහොම තේරුවද මන්දා. මට වත් බෑ මෙහෙම හරි යන ගවුමක් තෝරගන්න ..ගොඩක් ගණන් ඇති .
යෙහංසා ටැග් එක බැලුවා.කෙල්ලගෙ ඇස් උඩගියා.
හත්දාස් නවසිය අනූ නවයයි. ගවුම් දෙකම ඒ ගාණ… මං කවදාවත් මෙච්චර ගාණක ඇදුමක් ඇදලා නෑ.මේකට එච්චර රෙදි යන්නත් නැතුව ඇති..පුදුම හම්බකිරිල්ලක් තමයි.රෙදි බිස්නස් එකත් නරකම නෑ..
යෙහංසා ගවුම ඇදලා කාමරේ තිබ්බ කණ්ණාඩින් හැඩ බල බල හිතුවා .
ඇගේ හැඩය කැපිලා පේනවා. ලැජ්ජයි නේ මෙහෙම ඇදගෙන යන්න .අනේ දෙවියනේ. මෙහෙම අන්දවගෙන එයා මාව අරන් යන්නේ විකුණන්නවත්ද? අර පත්තරවල තියෙන්නේ එහෙම කරන අය ගැන විස්තර. අනේ
යෙහංසා දකුණු අතින් කට වහගෙන ඇස් දෙකත් ලොකු කරගෙන කණ්ණාඩිය දිහා බලන් හිටියා.
යෙහංසා
විහංග සාලෙ ඉඳලා කෑ ගැහුවා .
යෙහංසා වෙව්ල වෙව්ල කෝට් ෂූප් දෙකත් දාගෙන එළියට ආවා. විහංග නිල් ඩෙනිමට සුදු ටී ෂර්ට් එකක් ඇඳලා ඊට උඩින් බ්‍රවුන් කලර් ජැකට් එක අඳින ගමන් හිටියේ. කොණ්ඩෙ හෙයා ක්‍රීම් ගාලා උඩට කරලා හදලා. මාර හැන්ඩ්සම්.
යෙහංසා ගල්ගැහිලා කටත් ඇරගෙන කොල්ලා දිහා බලන් හිටියා.බ්‍රවුන් කලර් සපත්තු දෙක දාලා සන්ග්ලාස් දා ගත්තම කොල්ලා නළුවෙක් වගේ. යෙහංසා කෙළ පිඬක් ගිල්ලෙ කොල්ලා ළඟට එනකොට.විහංගගෙ ඇස් යෙහංසාගෙ උඩ ඉදලා පල්ලෙහාට තත්ත්වය නිරීක්ෂණය කරනවා.
කෙල්ල නැමි නැමි ගවුම පහලට අදින්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා.විහංග නිහඬව කෙල්ලට ලං වෙලා ඒ කොණ්ඩෙ රඳ වෙලා තිබ්බ කොණ්ඩෙ කටුව ගැලෙව්වා.යෙහංසා කොණ්ඩෙ කඩා හැලෙන්න ඉඩ ඇරියා.
පර්ෆෙක්ට් වාව්.
විහංග කෙල්ලගේ කනට කෙඳිරුවා.
මං ඔයාට වරදක් කරලා නෑ සර්… ප්ලීස් මට එහෙම කරන්න එපා
යෙහංසාගෙ ඇස් වල කඳුලු පිරිලා
ඒයි… ඇයි මේ
විහංග කලබල වුණා
සර් ඔයා මාව විකුණන්න නේද යන්නේ. අනේ සර්
මො…මොකක්ද?
තමන්ගේ තුන් හිතකවත් නොතිබිච්ච දෙයක් කෙල්ලගේ කටින් කියවෙන කොට කොල්ලා ෂොක් වුණා.
පිස්සුද අයිසේ… මං බල්ලෙක් නෙවෙයි .අනික තමුසෙව විකුණලා හම්බ කරගන්න තරම් මට අහේනියක් නෑ. මං මොනතරම් නරුම වැඩ කළත් ඒ වගේ දෙකයි පනහෙ පව්කාරකම් කරන්නෑ. මට ඕනේ නම් සල්ලි දීලා කෙල්ලෙක් අරගන්න එක වෙනම කතාවක්
විහංග යක්ෂාවේශයෙන් දත් දත්මිටි කාගෙන කිව්වේ කෙල්ලගේ උරහිස් අතින් තද කරන ගමන්. කොල්ලගෙ ඇස් ඒ ඩිංගට කේන්තියට රතු වෙලා .තමන්ව මේ තරම් පහත් තත්වෙට ඇද දාපු එකට කොල්ලට පුදුම තරම් කේන්තියි.කොල්ලා යෙහංසාව අතහැරලා එලියට ගියේ හිසින් සංඥා කරන ගමන් .
එහෙම අදහසක් නැත්නම් එයාට මොකද ඒ හැටි ඩෝං ගියේ.වලව් පුතා. කිව්වා නම් ඉවරනේ කොහෙද යන්නේ කියලා.
යෙහංසා බැනුම් කටින් පිට නොකර විහංගගෙ පිටිපස්සෙන් ගිහින් ජීප් එකට නැග්ගා .නැගලා ඉදගෙනත් ගවුම අදිනවා. කෙල්ල මෙහෙම කොට ගවුමක් මීට කලින් ඇදලම නෑ.විහංග කෙල්ලට රැව්වා .ඒ පාර යෙහංසා දඟලන එක නවත්තලා ඉස්සරහ බලාගෙන හිටියා. රෑ අඳුර හතර අතින් ගලාගෙන එනවා. ඒත් මේ කොළඹ නගරය දහවල වගේම කාර්යබහුලයි. අඩියෙන් අඩිය විදුලි ලාම්පු පාර එළිය කරනවා.විහංග ජීප් එක සැලුන් එකක් ලග ළඟ නතර කළා.
එනවා… ඔහොම ගොඩේ තාලෙට කැලයක් වගේ තියන අයිබ්‍රෝස් හදාගන්නවා. කොන්ඩෙත් පොඩ්ඩක් ලේයර් කරලා අයන් කරමු .පොඩ්ඩක් උලා ගත්තට කමක් නෑ .
යෙහංසා ඒ කියන ඒවා තේරුම් ගන්න බැරුව ඇස් ජිල් බෝල සයිස් කරනවා.විහංග බැහැලා කෙල්ලවත් ඇදගෙන සැලොන් එකට ගිහින් වෙන්න ඕනෙ දේවල් සැලුන් එකේ හිටපු ගර්ල් ට විස්තර කළා .යෙහංසා මූණ නරක් කරගෙන බලන් හිටියේ ඒ කිසි දෙයක් හරියට තේරුනේ නැති නිසා.
මොණරාගල වගේ දුෂ්කර ප්‍රදේශයක ඉන්න යෙහංසා ඕවා ගැන අහලා තිබුණට ඒව ගැන උනන්දුවක් කවදාවත් යෙහංසාට ඇති වෙලා නෑ. අනික සැලෝන් වලට වියදම් කරන්න සල්ලියක් කෙල්ලට තිබුනෙත් නෑ.
අන්තිමේදි යෙහංසා සැලොන් එකෙන් එළියට ආවෙ පොශ් වෙලා. විහංග රව රව කෙල්ලව කාර් එකට දාගෙන කාර් එක නැවැත්තුවෙ ක්ලබ් එකක.යෙහංසා කාර් එකේ ඉදගෙනම ඉස්සි ඉස්සි බැලුවේ කොට සායවල් ගවුම් ඇදගෙන ක්ලබ් එක ඇතුලට යන කෙල්ලෝ දිහා
සර් මේ කොහෙද ?
හොටෙල් එකක්
මීටින් එක මේකෙද?
මේකත් එක්තරා මීටින් එකක් තමයි.
බොරු කියන්න එපා සර්. මේක ක්ලබ් එකක් නේද? මං පත්තර වල දැකලා තියෙනවා මේ වගේ ඒවා ගැන විස්තර
විස්තර දන්නවනම් අහන්නේ. ටිකක් එන්ජෝයි කරන්න ආවෙ.
ඉතින් මං මොකටද
කට වහගෙන එනවා මාව යකා නොකර. විකුණන් නැත්නම් එච්චරනේ.
විහංග ජීප් එක පාක් කරලා බැහැලා දොර දඩාස් ගාලා සද්දෙට වැහැවා.යෙහංසා කරන්න දෙයක් නැති කමට බැස්සා. විහංග ළඟට ඇවිත් කෙල්ලගේ අතින් අල්ලගෙන ක්ලබ් එකට ඇතුළු වුණා.යෙහංසා හිටියේ කිසිම දෙයක් හිතාගන්න බැරුව. පාට පාට විදුලි බුබුලු.දුම්..සංගීත රාවෙ..කෑ කෝ ගැසීම්… සෙනග අතරේ තමන් අතරමං වෙයි කියලා හිතට දැනුනු බය නිසා කෙල්ල නිදහස් අතිනුත් කොල්ලගෙ අත තදට අල්ල ගත්තා. විහංග යෙහංසාගෙ දිහා හොදට බැලුවෙ කෙල්ල බය වෙලා ඉන්න බව දැනුනු නිසා.
හායි මචං
නෙහාර විහංගගෙ පිටට පහරක් ගැහුවා.විහංග යෙහංසාගෙන් අත මුදාගෙන නෙහාරව වැළද ගත්තා. යාලුවො දෙන්නා ඉන්ඩියා හිටියේ එකට. විහංග එදා ආවේ නෙහාරගේ වෙඩින් එකට
කොයි උඹේ වයිෆ්
ඉන්නවා බං යාළුවො එක්ක. ඒක නෙමේ. ආ මේ අර උඹ කිව්ව
නෙහාර විහංගට ඉඟි කළා
ඔව් යෙහංසා
හායි ස්විටී
නෙහාර දිග් කරපු දකුණු අත දිහා යෙහංසා බයවෙලා බලන් හිටියා.විහංගගෙ මූණ කළු වුණා.විහංග රවන හැටි කෙල්ලට නොපෙනුණේ කෙල්ල අත දිහා බලන් හිටපු නිසා.නෙහාර ඒ අතින්ම විහංගගෙ අතට පාරක් ගැහැවා.
ඉට්ස් ඕකේ මචං..එන්ජෝයි කරන්න.. අපි පස්සේ මේ මීට් වෙමු .
ෂුවර්
නෙහාර ගියාට පස්සේ විහංග කෙල්ල දිහා බැලුවා.
තමුසෙ ඒ තරම් ගොඩේ ටයිප් ද? හායි එකට හෑන්ඩ් ෂේක් කරන්න බැරිද?
මං මොකටද එහෙම කරන්නේ? දකින දකින කොල්ලො එක්ක මං කතා කරන්නේ මොකටද?
තමුසේ මගේ එක්ක කතා කළේ
ඒ තමුන් මගේ බොස් නිසා.
අපරාදේ තමුසෙ වගේ ගොඩේ එකියක් මේ වගේ තැනකට එක්කගෙන ආවෙ.
මං කිව්වද එක්ක එන්න කියලා.
කට ගහගෙන එනවද කියවගෙන .
විහංග කෙල්ලව ඇදගෙන ගිහින් ටේබල් එකක් ළඟ වාඩි වුණා.
සර් මොනවද
සේවකයෙක් අහපු ගමන් විහංග වයින් එක්ක බියර් ඕඩර් කලා. යෙහංසා බුම්මගෙන හිටියේ ගොඩේ ටයිප් කියලා අපහාස කලාට තරහින්.
ගොඩේ ටයිප් නම් මාව මොන කෙහෙල්මලකටද නගර ටයිප් එකේ අය ඉන්න තැනකට එක්කන් ආවෙ. මං කියලද? සමයං
යෙහංසාගේ කටට වචන ගලාගෙන එනවා. එකක්වත් පිට නොකළේ වලව් පුතාගේ යක්ෂ මූණ නිසා. විහංග වේටර් ගෙනත් දුන්නු වයින් එක යෙහංසාට දිග් කරලා බියර් එක අතට ගත්තා.ඒත් විහංග නොහිතූ විදිහට යෙහංසා ඒ වීදුරුවට අත තිබ්බා.
ප්ලීස් සර්.. මාව ගෙදරට දාලා ඇවිත් සර් ඕන තරම් බොන්න. මට බෑ බීපු මිනිහෙක් එක්ක ගෙදර යන්න.බීලා සර්ට සිහියක් නැති උනාම මං මොකද කරන්නෙ?වට පිටේ ඉන්න විවිධාකාර මිනිස්සු ගැන කොහොමද විශ්වාස කරන්නේ? අනික මං මෙහෙ කිසිම දෙයක් ගැන හරියට දන් නෑ..
මොකක් උනත් කෙල්ල කියන්නේ ඇත්ත කියල කොල්ලා දන්නවා. ලස්සන කෙල්ලක් එක්ක ක්ලබ් එකට එන්න තිබ්බ ආසාවට ආවට විහංග යාළුවො එක්ක ආවට මීට කලින් කෙල්ලො එක්ක මෙහෙම ඇවිත් නෑ. විහංග බියර් එක ඈත් කලා.
එහෙනම් එනවා මගේ එක්ක ඩාන්ස් කරන්න
මට බෑ
යෙහංසා ගහගන්න වගේ කියලා දාද්දි කොල්ලට ආයෙත් යකා නැග්ගා. ඒ එක්කම ඩාන්සින් ෆ්ලෝ එකේ සංගීත රටාව වෙනස් වෙලා අලුත්ම හින්දි ගී තනුවක් වාදනය වුණා.
විහංග ඒ දිහා බැලුවේ හැමෝගෙම අවධානය ඒ දිහාට යොමු වෙද්දි.දණහිසින් අඟල් දෙකක් විතර උඩට පලපු දිලිසෙන ඈශ් කලර් දිග ගවුමක් ඇඳගෙන කෙල්ලෙක් ඩාන්ස් කළේ හැමෝම ඒ ඩාන්ස් එක රස විඳිද්දී
විහංගගෙ කට කොනක් ඇද උනා. කොල්ලගෙ මූනට ආවේ අමුතු හිනාවක්.යෙහංසා පුදුමෙන් බලන් හිටියේ විහංග පර්ස් එකෙන් පන්දාහෙ කොල දහයක් විතර එලියට ඇදල අරගෙන ඉස්සරහට යන හැටි.
මේ තෙරී ආකෝන් කා සාහිල්
මේ තෙරේ දිල් කී හී කාබිල්
තූ මුසාෆිර් මේ තේරී මන්සිල්
ඉෂ්ක කා දරියා හේ බෙහෙතා
ඩූබ ජා තුජ් සේ හේ කෙහෙතා
ආ මෙරී බාහෝ මේ ආකේ මිල්.
කොල්ලා අඩියෙන් අඩිය ඒ කෙල්ල ළඟට ගිහින් සල්ලි කොල මිටියෙ කොනක් අල්ලගෙන කෙල්ලගෙ මූණෙ ගෑව්වා. ඩාන්සින් ගර්ල් හිනාවෙලා ඩාන්ස් කරන ගමන්ම ඒ කොළ ටික අතට අරගෙන ඇහැක් ගැහැවා. යෙහංසා කටත් ඇරගෙන බලන් හිටියේ වෙන දේ හිතාගන්න බැරුව.
විහංග ඒ කෙල්ලට ලං වෙලා අමුතු බැල්මක් දාගෙන හිටියා. විදුලි බල්බ එළිය… සැරෙන් සැරේට ඩාන්සින් ෆ්ලෝ එක වහලා දාන දුම… කට්ටිය ඩාන්ස් කරනවා. ඩාන්සින් ගර්ල් සින්දුව කිය කිය විහංග වටේ ඩාන්ස් කරනවා.විහංගත් ගර්ල් දිහාම බලාගෙන ඉන්නවා.
හා…වෝ ෂරාබී ක්යා ෂරාබී
දිල්මෙ ජිස්කේ ගාම් නා හෝ
ලුට් ගයා සම්ජෝ ෂරාබී
පාස් ජිස්කේ හම් නා හෝ..
ඕ සාකී සාකී රේ සාකී සාකී
ආ පාස ආ.. රෙහෙනා ජායේ
කෝයි ක්වහිශ් බාත් හේ
ඕ සාකී සාකී රේ සාකී සාකී
විහංග ඒ කෙල්ලව තුරුළු කරගෙනම යෙහංසා දිහා බැලුවා. ඒ වියරු ඇස් වල තියෙන බැල්මට යෙහංසා සීතල වෙලා ගියා. ඔව්..මේ යෙහංසා එක්ක තියන තරහයි පිටකරන්නේ. තමන්ව විකුණනවා කියලා කරපු චෝදනාවට… ඩාන්ස් කරන්න එන්න බෑ කිව්වට..විහංග අර කෙල්ලගේ බදට අත තිබ්බම යෙහංසා වෙව්ලන්න පටන් ගත්තා
යෙහංසා හිටියෙ මේ ලෝකෙ නෙවෙයි. කෙල්ලට හිතුනෙම තමන් සතු වස්තුවක් අනුන්ට අයිති වෙන්න යනවා වගේ ..බෑ… බෑ.. එහෙම වෙන්න දෙන්න බෑ…යෙහංසා ආවේශෙන් වගේ වගේ මේසෙ උඩ තිබ්බ වයින් වීදුරුව එක හුස්මට බීලා දැම්මා. කෙල්ලට හොඳටම දාඩිය දාලා විහංග කෙල්ල එක්ක නටන හැටි.යෙහංසාගෙ ඇස් වලින් ගිනි පිට වෙනවා. කෙල්ල දත්මිටි කනවා. මෙච්චර කල් විහංගට වෛර කරපු හිත අද සුළු මොහොතින් අමුතුම පෙරළියකට, විපර්යාසයකට ලක් වෙලා. වයින් වල මත් ගතිය ඔළුවට දැනෙද්දි යෙහංසා පුටුවෙන් නැගිට්ටා.
තේරි ජේසේ මෂේකා මුජේ යාර් වාහියේ
නා පේසා චාහියේ නාහි කරාර් චාහියේ
අපූරු උතුරු ඉන්දියානු ගී නාද රටාවට විවිධාකාර නර්තන රටා මැවෙනවා .විහංග යෙහංසා දිහා බල බල ඩාන්ස් කරද්දී කොල්ලට වුණු දේ පෙනුනා. කොල්ලගේ මුහුනේ සරදම් හිනාව තවත් වැඩි වුණා.ඩාන්ස් කරන පිරිස පීරගෙන යෙහංසා ඩාන්සින් ෆ්ලෝ එකට අඩිය තිබ්බා.විහංගට දැනුනේ පුදුම සතුටක්. කොල්ලා එක තත්පරේට අර කෙල්ලව අතෑරලා යෙහංසා දිහාට අඩිය තිබ්බා. කොල්ලගේ ඇස් එක එල්ලෙ යොමු වෙලා තිබ්බේ කෙල්ලගෙ මත්වුණු ඇස් දිහාට. හුස්ම වැටෙන දුරින් නතර වුණු විහංගගෙ බෙල්ල වටේ යෙහංසා අත් දාගත්තා. විහංග පෑව හිනාවට යෙහංසා ප්‍රති හිනාවක් පෑවා.
විහංග ඒ අතක් අරගෙන සිපගෙන කෙල්ලව වටයක් කැරකෙව්වා. හෙමීට කපල් ඩාන්ස් එකක් දැම්මෙ යෙහංසාගෙ මත් ගතිය ගැන හිත හිතම.යෙහංසා කොල්ලගෙ අස්සටම එනවා.විහංගත් හෙමීට ඒ කම්මුල් සිපගත්තෙ ඒ නිසාමයි. පොඩි ඩාන්ස් එකක් දාලා මියුසික් අතරින් විහංග කෙල්ලව එළියට එක්කගෙන ආවා.
ඒ ඒයි.. තව ටිකක් නටමුකෝ..
යෙහංසාගෙ චුරු චුරුව කොල්ලා ඇහුනෙ නෑ වගේ හිටියා. යෙහංසාට යන්නත් අමාරුයි. කවදාවත් බීපු බීමක්යැ. හෙමින් හෙමින් කෙල්ල එක්ක කොරිඩෝව දිගේ ගාටන කොල්ලට පිටිපස්සෙන් සද්දයක් ඇහුනා.
ඒයි මිස්ටර් කොහෙද යන්නෙ? මේ සල්ලි මට නිකං ද දුන්නේ
විහංග ආපහු හැරුනා.
මළා… අර ඩාන්ස් කරපු කෙල්ල
එවෙලෙ යෙහංසා එක්ක තිබුණු තරහට සල්ලි දුන්නට දැන් තමයි විහංගටත් කරපු විකාරෙ ගැන කල්පනාවට ආවේ. ඩාන්සින් ගර්ල් කොල්ලා ළඟට ඇවිත් ඇඹරෙනවා. යෙහංසා ආයෙත් යක්ෂ වර්ශන් එකට මාරු වෙලා අර කෙල්ලගේ ඇඟට කඩා පැනලා සල්ලි ටික උදුරගෙන කොල්ලගෙ සාක්කුවට දැම්මා.
ඒයි..මොනවද තමුන් කරන්නෙ?
කෙල්ල ඇහැවෙ තරහින්.
තමුසෙලා වගේ ජරා ගෑණු… හිටු මං වැඩක් කරන්නම්
යෙහංසා සපත්තුවක් ගලවලා අතට ගත්තා.ඩාන්සින් ගර්ල් පණ කඩාගෙන දුවන්න ගත්තෙ සල්ලිත් විහංගත් එපා කියලා.
හහහ්හා….
විහංගට එලියට පනින්න ආපු හිනාව නවත්තගන්න බැරි වුනා .කොල්ලා බඩ අල්ලගෙන හිනා උනා.
ඒයි..
යෙහංසා සපත්තුව කකුලට දාගෙන විහංග ගෙ කොලර් එකෙන් ඇදල ලඟට ගත්තා.
තමුසෙ ආයෙ වෙන කෙල්ලො පස්සෙන් ගියොත් මං තමුසෙට රෑට කන්න දෙන්නෙ නෑ. හරිද. රෙදි ටිකත් හෝදන්න වෙයි. රෑට විතරක් නෙවෙයි උදේට දෙන්නෙත් නෑ දවල්ට විතරක් කන්න දෙනවා.
ක්යා
විහංගට කියවුනේ හින්දි භාෂාවෙන්
ඕ..සාකී සාකී රේ…..
යෙහංසා ඒ පාර කොල්ලව අත ඇරලා බාගෙට නට නටා ඉස්සරහට ගියා .විහංග නළලට තට්ටු කරගෙන පියවි සිහියට ආවා. වෙලාවට මං බිව්වෙ නැත්තෙ. නැත්නම් මොන ගිනි විජ්ජුම්බරයක් වෙයිද දන්නෑ.
කොල්ලා හිත හිතම යෙහංසා ළඟට ආවා. ඒ එන කොටම එතන හිටිය කොල්ලෝ සෙට් එකක් වැනි වැනි නැලවි නැලවි එන යෙහංසාට විසිල් පාරක් ගැහැවා. යෙහංසා නැවතිලා කොල්ලො දිහා රවලා බැලුවා.
මේ මල්ලි ඔයා නේද විසිල් ගැහැවෙ.. මටත් කියලා දෙන්නකො අනේ මෙහෙමද
යෙහන්සා අත කරකවන ගමන් එක කොල්ලෙක් ළඟට ගියා.. විහංගට කරගන්න දෙයක් නෑ.
යෙහංසා පිස්සුද යමු
කොල්ලා අතින් ඇද්දට කෙල්ල ඒ අත ගසා දැම්මා .
මල්ලි මෙහෙමද
කොල්ලො ටික බක බක ගගා හිනා වෙනවා.
ඔහ් ෂිට්. යෙහංසා මෙහෙ එනවා
අයියා.. අයියට කන්ට්‍රෝල් කරගන්න බැරි නම් මේ අක්කා ව අපිට දෙන්න. අපි කන්ට්‍රෝල් කරන්නම්. කටකාර කොල්ලෙක් එහෙම කීවම විහංග ට උන්හිටි තැන් අමතක උනා. ඒ කොල්ලගෙ ටී ෂර්ට් එකෙන් ඇදලා කනට පාරක් ගැහැවෙ ක්ෂණිකව
ඔව් දැවැන්ත හයේ පාරක් .ඊළඟට කවුද?කමෝන් සර්
යෙහංසාට ෆුල් ජොලි..
මගුල.උඹ හින්දා මට හිර කූඩුවෙත් ලගින්න වෙනවා…යෙහංසා මෙහෙ එනවා ගුටි නොකා
විහංග යෙහංසාව බලෙන්ම ඇදගෙන එතනින් අයින් වුණා.යෙහංසා ඒත් හැරි හැරී අර කොල්ලන්ට අත වනනවා ..
මල්ලි බායි
ෂිට්.. මමයි මෝඩයා මේ වගේ මැන්ටලයක් ක්ලබ් අරං ආවා.
විහංග බැන බැනම එයා ඇදගෙන හිටපු ජැකට් ට් එක ගලවලා යෙහංසාට ඇන්දුවා.
ඔහ්..ඇ..ඇයි සර් මේ… මට සීතල නෑ..රස්නෙයි අප්පා.
කට වහනවා
ඒ… ඒකට නෙවෙයි නේද මේ
යෙහංසා හිනාවෙලා ඇහැක් ගැහැවා.
මොකක්ද
කොල්ලා රවනවා.
මගේ ලස්සන වෙන කොල්ලො දකියි කියල නේද?මාව උස්සං යයි කියලා නේද?
විහංග අහක බලාගත්තා බලා ගත්තා. ඒක ඇත්ත තමයි. දැන් තමයි කොල්ලට කරපු ගොන්කම තේරුනේ.යෙහංසාව මෙහෙම එක්ක ආවට කොල්ල දහස් වරක් පසුතැවුනා.යෙහංසා එහෙම නරක කෙල්ලෙක් නෙවෙයි.තමන් බලෙන්ම කෙල්ලව වරදට පොළඹවන්න හදනවා.
කට වහගෙන යමු දැන්.
කො..කො හෙද සර් හනිමුන් ද?
යෙහංසාගෙ කටින් එහෙම එකක් පිට උනාම විහංගට යකා නැග්ගා
යෙහංසා උඹ මොනවද දොඩවන්නෙ. මං කොල්ලෙක් නිසා ඔහොම ඒවා කියෙව්වට උඹට ඔහොම කියවන්න බෑ. උඹ කෙල්ලෙක් සංවරව හැසිරෙනවා.
දැන් විහංගට මතක නෑ යෙහංසාව මේ තත්ත්වෙට ඇදලා දැම්මේ තමන්මයි කියලා.
මං සංවරයිනේ..මේ ගවුම තමයි අසංවර මේක ගැලෙව්වා නම් හරි
යෙහංසා වගේ වගක් නැතිව කියලා ගවුමට අත තිබ්බා.
ඕහ්..නෝ
විහංග දෝතින්ම ඔලුව බදා ගත්තේ කාර් පාර්ක් එකේ මිනිස්සු කුටු කුටු ගගා බලන් ඉද්දි.
යෙහංසා නැගපන් කාර් එකට, මාව මිනී මරුවෙක් නොකර
කොල්ලා ගිගිරුවේ තැන නොතැන අමතක කරලා කරලා දාලා..
යස් සර්..
යෙහංසා සැලුට් එකක් ගහලා කාර් එකට නැග්ගා
ඕ…සාකී සාකී හේ…
යෙහංසා වෙරි මර ගාතේ ඔහේ එක එක තාල වලට ඒ වචන ටික කියවනවා. ඒ ටික විතරයි මතක. විහංග කෙල්ලට රව රව කාර් එක ඩ්‍රයිව් කරනවා.
ඕ..සාකී සාකී හේ…
ඒ කරච්චලේ අහන් ඉන්න බැරි කමට කොල්ලා ප්ලේයර් එක ඕන් කලා.ටිකකින් එකේ ප්ලේ වෙන සිංදුව අහගෙන යෙහංසා නින්දට වැටුණා.
අම්මෝ ඇති යන්තම්
විහංග සැනසුම් සුසුමක් හෙලුවා.
දැන් මෙහෙමම උස්සගෙන ගිහින් ඇඳෙන් තියෙනවා. ඇහැරුනොත් මොන පිස්සුවක් නටයිද දන්නේ නෑ.
කොල්ලා අපාර්ට්මන්ට් එකට ඇවිත් සිකුරුටිගෙ උදව්වෙන් දොර ඇරලා යෙහංසාව උස්සගෙන ඇවිත් කාමරේ ඇඳෙන් තිබ්බා.යෙහංසා කට කපලා නිදි .විහංග ජැකට් එක ගලවලා ෂීට් එකක් පොරවලා කෙල්ලගේ නළලේ හාදුවක් තවරලා කාමරෙන් එලියට ගියා.