යෙංහසා ටිකට් කපාගෙන ගෙදර ආවෙ තාත්තාත් එක්ක.යනවා කියලා කියන්න නිමේශ් ඉන්නවද බැලුවට පේන්න හිටියෙ නෑ.කෙල්ලගෙ හිත පාළු වෙලා.නිමේශ් ළඟ තිබුණු තැන්පත්කමට…වැදගත්කමට යෙහංසාට කොල්ලා ගැන ඇතිවුණේ පහන් හැඟීමක්
දවස් තුනක්ම ගෙදර ඉදලා සදුදා උදේ යෙහංසා වැඩට යන්න ලෑස්ති වුණා.ගෙදරින් එළියට බහින්න ලෑස්ති වෙද්දි තමා මතක් වුණේ ස්කූටරේ ගැන.
අයියෝ උණ විකාරෙ නිසා මට ස්කූටරේ ගැන අමතකම වෙලා ගියානෙ.ඒක එදා වැස්සෙ අම්බලම ළඟ නේද නතර කළේ.අර විහංග ළඟ නේද ඒකෙ යතුර. දැන් මොකද කරන්නෙ
යෙහංසා පයින්ම එළියට බැස්සා.මගින් බස් එකකට නැගලා වත්ත ළඟින් බැහැ ගත්තා.මෙතන ඉදලා සැහෙන දුරක් පයින් යන්න ඕනෙ.අම්බලම ළඟ ස්කූටරේ නෑ.යෙහංසාට ඇඩෙන්න වගේ..කෙල්ල පයින් ගාට ගාට වත්තට ඇතුලු වෙලා ෆැක්ටරි එකට ආවා.බලාපොරොත්තු දල්වගෙන ඔෆිස් එකේ ගරාජ් එකට ආවට ස්කූටරේ එතන නෑ.විහංගත් ඇවිත් නෑ වගේ.විහංගගෙ වාහන එතන නෑ.යෙහංසා දවස පුරාම බලං හිටියට විහංග එදත් ඔෆිස් ආවෙ නෑ.ස්කූටරේ කොහොම හරි හොයා ගන්න ඕනෙ.විහංග හෙටත් නාවොත්
සුදු නෝනා බර කල්පනාවක.ලමිස්සියකට ඔහොම කල්පනා කරන්න දෙයක් තියෙයිද?
චමූ යෙහංසාගෙ මේසෙ ළඟ ඩස්පින් එක අස් කරන ගමන් ඇහැවා.
දුප්පත් මට කල්පනා කරන්න දේවල් නැද්ද චමූ.
ඇයි සුදු නෝනෙ දැන් අසනීපෙ හොදයිනෙ.
මගෙ ස්කූටරේ නැතිවෙලා චමූ.
මොකක් හත් දෙයියනේ ඒ මොන අපරාධයක්ද?
චමූ වැඩේ නතර කරලා කම්මුලේ අතක් තියාගත්තා.
හොරු ඇන්න ගිහින්ද?
දන් නෑ චමූ.
අපි පොලිසි යමු.මහීපාල සර්ටත් කියලා පුංචි මහත්තයාටත් කියමු.
කියන්න පුංචි මහත්තයා එන්න එපැයි.
ඒකත් හැබෑව නෝනෙ. මේ ටිකේම පුංචි මහත්තයා අන්තරස්ධාන වෙලානෙ
යෙංහසා ඇස් කුහුලින් බර කළා.
ඒ කිව්වෙ.
ඒ කිව්වෙ නෝනා නැති ටිකේ පුංචි මහත්තයා ආවෙ නෑ.එදා නෝනා ඉස්පිරිතාලෙ කියලා මහීපාල සර් කිව්වා විතරයි කඩාගෙන ගියපු පාර තාම ආවෙ නෑ.
යෙහංසාට ඒක අළුත් ආරංචියක්.
ෂුවර් එකටම විහංග ස්කූටරේ කොහෙහරි අරං යන්න ඇති.යතුර තිබුණෙ එයා ගාවනෙ.මට කලබලේට ඒක ඉල්ලගන්න බැරිවුණානෙ.බලමුකො..කොහොමහරි ස්කූටරේ අරගන්න ඕනෙ.මං එයාගෙ ණය ඔක්කොම ගෙවලනෙ තියෙන්නෙ.හිතේ ඇති ස්කූටරේ තියාගෙන මාව නටවන්න.ලොකු සර් ඇතිනෙ වලව්වෙ..කියනවා වලව් පුතාගෙ තරම.
යෙහංසා ආයෙත් බරටම කල්පනා කරන හැටි චමූ බලං හිටියේ පුදුමෙන්.යෙහංසා මිසී කවදාවත් එහෙම ඉදලා නෑ.
ඔය වලව් පුතාට මං..
යෙහංසා දත්මිටි කනවා…චමූගෙ කට බාගෙට ඇරුණා..
වලව් පුතා
චමූ ඇහුණු වචනෙ ප්රතිරාව කළා.
ආ..නෑ.චමූ..ඔය වැඩේ ඉවර නැද්ද තාම
යෙහංසා සැරෙන් කියද්දි චමූ ඩස්පින් එකත් උස්සගෙන එළියට ගියා.
*********
දවස් දෙකක් ඉර නැගලා බැහැලා ගෙවිලා ගියත් ස්කූටරේ ගැනවත් විහංග ගැනවත් කිසිම ආරංචියක් නෑ.යෙහංසා මුළු රෑම කල්පනා කරලා පහුවදා උදේ තීරණයක් ගත්තා.
වලව්වෙ දොර වහලා. යෙහංසා වලව්වට ආවේ ගැහෙන හදින්.වෙන විසඳුමක් තිබ්බෙම නෑ. යෙහංසා මීට කලින් එක එක පාරක් වලව්වට ඇවිල්ල තියෙනවා ඔෆිස් එකේ වැඩකට. ඒ නිසා ගරාජ් එක තියෙන තැන කෙල්ල දන්නවා .යෙහංසා වලව්වට ගොඩ වෙන්න කලින් ගරාජ් එකට එබුණා .
කෙල්ලට නටන්න තරම් සංතෝසයි. කෙල්ල දඩිබිඩි ගාලා ස්කූටරේ ළඟට දිව්වා .එහෙත් අවාසනාවක මහත. යතුර නෑ. යෙහංසා වලව්වට ගොඩ වෙලා දොරට තට්ටු කළා. ජනෙල් ඔක්කොම වහලා කවුරුත් නෑ වගේ.යෙහංසා කලකිරුණු හිතෙන් ආපහු යන්න හැරෙද්දි දොර ඇරුනා. යෙහංසා ආපහු හැරුණෙ සන්තෝසෙන්.ඒත් දොරකඩ හිටපු විහංගව දකිද්දි යෙහංසාට පණ එපා කියලා කියලා දුවන්න හිතුණා .කෙල්ල තත්පරේට ඇස් වහගෙන හැරෙද්දී විහංග දඟකාර හිනාවක් මූනට ඇරගෙන යෙහංසාව අතින් ඇදලා ඇතුලට දාගෙන දොර වැහැවා. යෙංහසාට කරගන්න දෙයක් නැහැ. කොල්ලා නාලා කොණ්ඩෙ වතුර බේරෙනවා. ක්‍රීම් පාට ටවල් එකක් විතරයි ඇඳන් ඉන්නෙ. යෙහංසාට හිතා ගන්නවත් ඉඩක් නොදී විහංග කෙල්ලව හරහට වඩාගෙන කාමරේට උස්සන් ගියේ කෙල්ල යටි ගිරියෙන් කෑ ගහද්දි .යෙංහසා දැඟලුවාට ඒ ශක්තිමත් බාහු වලින් මිදෙන්න කෙල්ලට බැරි වුණා .
විහංග කෙල්ලව ඇඳට දාලා තත්පර දෙක තුනක් බලන් හිටියා. ඒ වියරු ඇස් වල බැල්මට යෙහංසා ගැහෙනවා. කොල්ලගෙ තෙත කොණ්ඩෙන් බේරෙන වතුර බින්දුවක් යෙහංසාගේ කම්මුලකට වැටුනා.කොල්ලා ඒ කම්මුලේ දෙතොල් තිබ්බේ පුදුම සන්තෝසෙකින්.
අයින් වෙනවා. තමුසෙ මහ නැහැදිච්ච වලව් පුතෙක්. තමුසෙට හොඳක් වෙන්නේ නෑ..
යෙහංසා දඟලලා බේරෙන්න හැදුවට විහංගට වගක් තිබ්බෙ නෑ .නොසන්සුන් වියරු සුසුම් යෙහංසාගෙ වත දවනවා.
එපා අයින් වෙනවා..
යෙංහසා බැරිම තැන ඇඟේ ඉතුරු වෙලා තිබ්බ මුළු වීරිය යොදලා කොල්ලගෙ කණ හපා කෑවා
අහ්
විහංග ක්ෂණිකව ඈත් වුණා.කොල්ලා කන අල්ලගෙන කෑ ගහනවා
ආව්.
යෙහංසා ඒ පාර බොහොම කලබලෙන් නැගිටලා කොල්ලගෙ කන දිහාට එබුණා.
අනේ අයියෝ සොරි සොරි මං හිතලා නෙවෙයි කළේ. අනේ සොරි ඔයාට රිදුනද
විහංගගෙ වේදනාවත් අමතක උනා. මේ කෙල්ලට තමන් කරන්න ගියේ හොද දෙයක් නෙවෙයි. ඒත් යෙහංසා ඒ ගැන නොහිතා කන ගැන කියවනවා.
රිදෙනවද අයියෝ ලේත් එනවා.අනේ සොරි මං හිතල කලේ නෑ .බෙහෙත් තියෙනවද ගාන්න
මේ වලව් පුතාගේ කන හපලා මිස් යෙහංසා කළේ ලොකු වැරැද්දක් ලෑස්ති වෙනවා පොලිසියට යන්න
විහංග කිව්වේ යෙහංසාට ආපහු කලින් සිද්ධිය මතක් කරවලා
ඒ මොකටද තමුසෙනෙ මට කරදර කරන්න හැදුවේ
විහංග කන අත ගගා කට කොනෙන් හිනා උනා.
මිස් යෙහංසා. මං වලව් පුතෙක්… කෝටි ගානක දේපල. කවුරුවත් නැති වෙලාවක රහසෙම මගේ වලව්වට ඇවිත් බලෙන්ම මගේ කාමරේට රිංගගෙන මාව අල්ලගන්න ප්ලෑන් කරලා මාව රවට්ටගෙන.. මගේ ඇදටත් නැගලා…
ඇති ඇති ඇති මගේ තුන් හිතකවත් නැති දේවල් ඔය කටින් කජු කනවා වගේ කියවන්නෙ කොහොමද
යෙහංසා කෑ ගැහැවෙ කන් දෙකට වහගෙන
මේ කටින් පොලිසියේදී උසාවියේ දී ඔය ටික කියවෙන කොහොමද
විහංග කන අමතක කරලා යෙහංසාගේ ඉස්සරහ සාරි පොට ඉවත් කළා.
තමුසෙ මහ ජරා මිනිහෙක්
යෙහංසා සාරි පොට හදන ගමන් කෑ ගැහවා.
ඔව් මං එහෙම තමයි දැන් ඔය කච කචේ නැවැත්තුවේ නැත්නම් මං කොච්චර ජරාද කියලා බලාගන්න පුළුවන්
විහංග යෙහංසාව අතහැරලා රැක් එක උඩ තිබ්බ ට්‍රවුසර් එක අතට ගත්තා.
මොනවද බලන් ඉන්නේ ආස ඇතිනෙ
විහංග කට ඇදකළා.
වැඩේමයි
යෙහංස ගස්සලා අහක බලාගත්තා
විහංග ට්‍රවුසර් එකයි ටී ෂර්ට් එකයි ඇඳගෙන ඇඳ උඩින් ඉඳගත්තා.
දැන් හරි බලනවා
යෙංහසාට දැන් තමයි සැනසීමක් දැනුනේ
පව් කියලා අත ඇරියේ බොරුවට නේද බැහැ කීවේ.දුකයිනෙ
විහංග ඇහින් ඉඟි කරනවා
තමුසෙ මහා
යෙහංසා කොට්ටයක් අරගෙන කොල්ලගෙ පිටට තඩි බාන්න පටන් ගත්තා
මොනව කරන්නද රත්තරන් හනිමූන් දවසට මතු සම්බන්ද කරමු
විහංග කඳුළු පනින පනිනකල් හිනා උනා.යෙහංසාටම ඇතිවෙලා කොට්ටෙ පැත්තකට විසික් කළා.බිමට විසි කරපු පාර සලබලාං ගාලා මොකක්දෝ පෙරලුණා යෙහංසගේ ඇස් ලොකු වුණා
චී…තමුසෙ ගේ අස්සෙ තියාගෙනත් බොනවද? වලව් පුතාගේ පැටිකිරියෙ හැටි
යෙහංසාටත් කට පියාගෙන ඉන්න බෑ .
හවසක අහුවෙනවාකො මට
ඒක තමයි ලගින් ආවේ ජරා ගඳක් ..ෂිකේ
ගඳයි නං ඉඹින්න ඉඹින්න කියලා ලං උනේ
මෝඩයෙක් මහා
ඔව් නැත්නම් මේ වගේ වෙලාවක තමුසෙ වගේ පංච කල්‍යාණියක් අතහරීද
යෙහංසා ගස්සලා අහක බැලුවා.
මේ මැඩම් මගේ ඇඳ උඩ ඉඳගෙන මට ගස්සන්න තමුසෙ මොකටද මෙහෙ ආවෙ. දැන්වත් කියනවද? ආ මං දන්නවා මාව නොදැක ඉන්න බැහැනේ.. මේවා නැතුව බෑනේ
විහංග යෙහංසාගෙ අතක් අරගෙන ඉඹින ගමන් ඇහැවා.
යෙහංසා දඩි බිඩි ගාලා ඇදෙන් බැහැ ගත්තා.
කොයි මගෙ යතුර
මොන යතුරද?
ස්කූටරේ යතුර
මං දන් නෑ.
එහෙනම් ස්කූටරේ ගරාජ් එකට ආවෙ කොහොමද?
සූ..තමුසෙ වලව්ව වටේට රබර් ඇහැ දාලා නේද?
විහංග කොට්ටෙකුත් බදාගෙන ඇදේ පැත්තකට දිගාවෙලා…වම් අත කම්මුලේ තියාගෙන බලං හිටියා.
මේ මිස්ටර් විහංග කෞෂල්‍ය මැදගෙදර.කරුණාකරලා මගෙ ස්කූටරේ යතුර දෙනවද?
මේ ඕයි ..තමුසෙ යක්ෂණී වගේනෙ ආවේශ වෙලා ඉන්නෙ.ඉස්සෙල්ලා හූරපු පාර මගෙ පිට තාම දනවා.හනිමුන් දවසට මාව කාලම දායි.
මොන කටක්ද අප්පා ඕක.මගෙ යතුර දෙන්න විහංග ප්ලීස්.
ඕනෙ නම් ගන්න
කොයි ඒක
මගෙ කලිසමේ සාක්කුවේ.මං නම් දෙන් නෑ ඕනෙ නම් අත දාලා ගන්න එකයි තියෙන්නෙ
විහංග තාලෙට කියලා ෆෝන් එක ඔබන්න ගත්තෙ වගේ වගක් නැතිව.
යෙහංසා දත්මිටි කනවා.
දෙනවද නැද්ද
ඕනෙ නං ගන්නවා
මට එපා තමුසෙම තියා ගන්නවා
යෙහංසා ගස්සගෙන කාමරෙන් එළියට යන හැටි විහංග බලාගෙන හිටියෙ බක බක ගගා හිනාවෙන ගමන්.
යෙහංසාට තරහා වැඩි කමට ඇඩෙනවා.මෙච්චර චාටර් කරවන්නෙ අපහාස කරවන්නෙ දුප්පත් කමට නෙවෙයිද?ඇයි මේ ලෝකෙ මෙච්චර දරුණු දුෂ්ට. මාත් වලව්වක ඉපදුණා නම් එක එකාගෙන් මෙහෙම ලැජ්ජාවට පත්වෙන්න ඕනෙ නැහැ. ඇයි මගෙ ආත්ම ගෞරවේ ගැන හිතන්නෙ නැත්තෙ..ඇයි මෙච්චර අපහාස කරන්නෙ..
යෙහංසා වලව්වෙන් පිටවෙලා වැලිපාර දිගේ ඉස්සරහාට ගියේ මෙලොව සිහියකින් නෙවෙයි.විහංග දූවිලි වලාවක් නංවගෙන ඇවිත් ස්කූටරේ කෙල්ල ඉස්සරහා නැවැත්තුවෙ යෙහංසා කදුලු වලක්වගන්න අසාර්ථක උත්සාහයක නිරත වෙද්දි.
නගිනවා..
විහංග ගිගරුවේ කෙල්ලගෙ කදුලු ගංගාව දැකලා තරහා ගිය පාර.
නගින්වා යෙහංසා කිව්වම
ඒත් යෙහංසා නිහඩයි
උඹෙ ඔය හිතුවක්කාරකම් නිසා තමා මං පිස්සෙක් වෙන්නෙ.දවස් ගාණක් ඉස්පිරිතාලෙ ලැගලා මාව නාස්ති කළා.ඊළඟට උඹ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
විහංග කියද්දි යෙහංසා දැඩි බැල්මක් කොල්ලගෙ ඇස් දිහාට හෙලුවා.
මං ඉස්පිරිතාලෙ හිටියම ඔයා නාස්ති වෙන්නෙ කොහොමද?
විහංග අහක බැලුවෙ අහංකාර හිත ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න අකමැති නිසා.
අඩුම ගාණේ දවස් ගානක් මං උන්නද මළාද බැලුවද ..මහලොකු ආදරේ.
නගිනවා
කොල්ලා ආයෙත් සැර කළා.
ස්කූටරේ ඕනෙ නම් නගිනවා..මං මගින් බහින්නම්.
යෙහංසා අහක බලාගෙන පුපුරනවා. මූණ අබ දැම්මත් පුපුරන සයිස්.
එහෙනම් තමුසෙ යනවා..මං පයින් එන්නම්.
විහංග බැස්සෙ මේ මුරණ්ඩුකම නැති කරන හැටි ප්ලෑන් කර කර.යෙංහසා ඒ ඇසිල්ලෙන් ස්කූටරේ ඉඳගත්තේ විහංග ගෙ ඔළුවේ තිබ්බ හෙල්මට් එකත් උදුරගෙන.
තමුසෙ මහා ගුණමකු එකියක් ඕයි. පව් කියලා ස්කූටරේ ආරක්ෂා කළේ . හොරෙක් අරන් ගියානම් තමුසෙ කොහෙන් හොයන්නද ?මට වාහන නැතුවද? ස්කූටරේ මට වාහනයක් ද ?මං හිඟන්නෙක් ද ?තමුසෙලා වගේ ගෑනු නම් ශිට්
විහංග රවාගෙන ඉස්සරහට යන හැටි කෙල්ල බලන් හිටියේ තුෂ්නිම්භූතව. එක අතකට විහංග කියන එකත් ඇත්ත. ස්කූටරේ හොරු අරන් ගියා නම් එහෙම.යෙහංසා ස්කූටරේ ස්ටාර්ට් කරගෙන විහංග දිහාට ගිහින් බ්රේක් කළා.
නගින්න මං ටවුමට දාන්නම්
යෙහංසා ඉස්සරහ බලාගෙන කිව්වේ මහ සද්දෙන්. වචනෙ පිට උනා විතරයි විහංග ස්කූටරේට ගොඩ උනේ කෙල්ලගෙ බඳ දිහා බල බල
හරි යමු බබා
විහංග කෙල්ලගේ කනට කෙඳිරුවා. ටික දුරක් යනකොට යෙහංසාගෙ නිරුවත් බඳ දිහාට දැනුණේ විහංගගෙ අතේ උණුසුම. කෙල්ල යටිතොල හපා ගත්තේ කරපු මෝඩ කමට තමන්ට ම බැන බැන.යෙහංසා ස්කූටරේ කන්නාඩියෙන් විහංගට හෝ ගාලා රවනවා. විහංග තොල් දෙක උල් කරලා හාදු පෙන්නනවා.
මහ මෝඩ බූරුවෙක්.
යෙහංසා දත් අතරින් බනින ගමන් ස්පීඩ් එක වැඩි කළා .විහංග ඒ ඉන තද කළා ..
රබ්නේ බනාදෙ ජෝඩී..හයේ…
විහංග කෑගගහා කියවන විකාර යෙහංසාට තේරුනේ නෑ. කොල්ලට මතක් උනේම ඒ ෆිල්ම් එකේ අනුෂ්කා ෂර්මා, ෂාරුක් ඛාන්ව ස්කුටරේ පිටිපස්සෙ තියාගෙන ඩූම් බජාලේ පෙන්නපු හැටි.
හන්දියේ යෙහංසා බ්රේක් කරපු පාර විහංග තත්පරේට බැහැ ගත්තේ යාලු මාළුවෙක් සීන් එක දැක්කා නම් වස නෝන්ඩිය නිසා. වලව් පුතා කෙල්ලෙක්ගෙ ස්කූටරේ පිටිපස්සෙ ඉඳගෙන ඒම උන්ට රස කතන්දරයක් වෙයි සති දෙකක් ම කියවන්න. කොල්ලා බැස්ස ගමන් කෙල්ල ස්කූටරේ රේස් කළා.
***********
ඒ සතියෙම විහංග ඔෆිස් එක පැත්ත පලාතේ ආවෙ නෑ . යෙහංසා නිවීසැනසිල්ලේ වැඩ ටික කරගෙන පාඩුවේ හිටියා හදිසියේම මහීපාල ඔෆිස් රූම් එකට කඩං පාත් වුණේ වුනේ යෙහංසා බෑන්ක් පේමන්ට් වල අකවුන්ට්ස් වගයක් හද හද ඉද්දි.
යෙහංසා මිසී හරි වැඩේනෙ. පුංචි මහත්තයා එනවලු පැය භාගෙකින්. මීටින් එකක් ලෑස්ති කරන්නලු.
මහීපාලගේ මූනට දාඩියකුත් දාලා.යෙහංසාගෙ මූණට ආවේ හිනාවක් .
ඉතින් ඒකට මහීපාල අන්කල් ඔය හැටි කලබල වෙලා මොකද
කලබල නැතුව කොහොමද. මුළු ෆැක්ටරි එකේම සේවකයෝ කැඳවන්නලු. මේ විජහට ඔය ගිනිවිජ්ජුම්බර කරන්නේ කොහොමද
දෙයියනේ පිස්සුද එයාට. ෆැක්ටරි එකේ මිනිස්සු වැඩ කලින් නොකියා ඒ වැඩ කලබලේ නවත්වන්නේ කොහොමද
ඒකනෙ කියන්නෙ මේවා කාට තේරුම් කරන්නද. මං ඕක කියන්න ගිහිල්ලා මට කිව්වා කන පලාගන් නැතුව ඉන්න කියලා. ඔය පෝරිසාදයා ගැන විශ්වාස නෑ.මගේ වයස ගැන බලන එකක් නෑ
ඒක හරි කතාවක්නෙ මං තේරුම් කරන්නම්
යෙහංසා කම්පියුටර් වහලා දාලා පුටුවෙන් නැගිට්ටා
අනේ යෙහංසා මිසී. කියන තැනකට වදින්නම්. සති ගානකින් එන පුංචි සර්ව යකා නොකර පාඩුවේ ඉන්න. ඔය හාදයාට දෙයක් තේරුම් කරනවට වඩා හොඳයි කට ගලක උලාගන්න එක. දැන් කතා කර කර ඉන්න වෙලා නෑ. කොයි චමු
මං චමූව කඩේට යැව්වා එලවලු රොටි ගේන්න කියලා
අපොයි මේ තනි මට ද මුළු ෆැක්ටරි එක පුරාම දුවන්න වෙන්නෙ.
හරි හරි යමුකෝ මාත් එන්නම් උදව්වට
කොහොම හරි පැය භාගයක් ගත වෙද්දී මීටින් එක ඇරේන්ජ් කර ගන්න දෙන්නට පුළුවන් වුණා.යෙහංසාට ෆැක්ටරි එක පුරාම දුවලා හති.සුදු මූණ රතු වෙලා දාඩිය බේරෙනවා. පැය භාගේ පැය උනාට බොස් ආවෙ නෑ
මහීපාල අංකල් කොයි නෑනේ
කවුද
වෙන කවුද අර වලව් පුතා
හා හා. කට කට තමන්ගේ හාම්පුතාට නේද ඔය ඇද කරන්නේ
හාම්පුතා දැනගන්න එපැයි තත්වෙ රැකගන්න
මං දන්නෑ ඕවා අන්න එනවා.
යෙහංසාගෙ කට බාගෙට ඇරුණා.අම්මෝ දැක්කත් ඇති පුදුම පිළිවෙලක් අද ක්‍රීම් පාට ට්‍රවුසර් එකකට ලා දම් පාට ෂර්ට් එකක් ඇඳලා ටයි එකක් දාලා රැවුල කපලා..
මොකක්ද දන්නෑ මේ නාඩගම
යෙහංසා හිතින් මුමුණන ගමන් පුටුවෙන් නැගිට්ටා
වාඩිවෙන්න ටිකක් පරක්කු වුණා අවුලක් නෑ. මං කෙලින්ම කතාවට බහින්නම්කො.
විහංගගෙ හඬ අද සෑහනෙ බරපතලයි. මූඩ් එකත් බරපතලයි. කට්ටියම බය වෙලා බලාගෙන හිටියා. විහංග කතා කර කර දෙපැත්තට යනවා.
මේ වෙනකොට රබර් කර්මාන්තය වගේම අපේ ෆැක්ටරි එකත් අනතුරේ තියෙන්නේ.මාර්කට් එකේ මිල බැහැලා. දිගින් දිගටම මේ විදිහෙ තත්ත්වයක් තිබ්බොත් මේ ෆැක්ටරිය වැහෙන දවස වැඩි ඈතක නෑ
පිරිස අතර කසුකුසුවක් ඇහුණා. මේ ආරංචිය අලුත් එකක්. මෙතෙක් කවුරුවත් නොඇසූ එකක්.
අනේ සර් අපිව පාරට දාන්න එපා. අපි දරු පවුල රැක ගන්නේ කොහොමද
එක සේවකයෙක් සද්දෙන් කිව්වම හැමෝම ඒකට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා. ඒ පාර හෝල් එක පුරාම තනිකරම ඝෝෂාවක්. විහංග ටිකක් වෙලා තියුණු ඇස් වලින් පිරිස දිහා බලන් හිටියා. හැබැයි නිකංවත් කොල්ලගෙ ඇස් යෙහංසා හිටිය පැත්ත පළාතකටවත් යොමු වුණේ නෑ. විහංග දකුණු අත ඔසවලා සංඥා කළාම පිරිස නිහඬ වුණා.
මං කිව්වේ පවතින වර්තමාන තත්ත්වය. මේ වාතාවරණය එක්ක මේ ෆැක්ටරිය අනතුර වැටෙනවා. ඒත්..
විහංග කතාව නතර කළා.
ඒත්. කුතුහලය උපරිමයි. සේවක මණ්ඩලයම තුෂ්ණිම්භූත වෙලා.
ඒත් මං ඒක එහෙම වෙන්න ඉඩ දෙන්නේ නෑ. මං ඉන්නකං ෆැක්ටරිය වැටෙන්න දෙන්නෙ නෑ. ඒත් මට ඒකට හැමෝගෙම සහය ඕනෙ. කාටද සහය දෙන්න බැරි.
කවුරුවත් සද්ද නෑ
සර් එක්ක අපි ඉන්නවා
ටිකකින් ඒ හඬට හැමෝගෙම හඬවල් එකතු වුණා
හරි මේකයි කතන්දරේ .අපි මෙච්චර කල් එක රටකට විතරයි රබර් එක්ස්පෝර්ට් කලේ. ඒක වෙනස් කරලා තවත් රටකට යවන්න කෝටා එක අරගන්නවා. ඔයාලා හැමෝටම මේ කරනවා වගේ දෙගුණයක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. ඒ වගේම පේමන්ට් එකත් මං වැඩි කරනවා. එකඟද
එකඟයි සර්
ඒක විතරයි විකල්පෙ. ඒ කෝටා එක ගන්න නම් මට කොළඹ තියෙන කන්ෆරන්ස් එකට යන්න වෙනවා. හෙට දවල් මං කොළඹ යනවා .අනිද්දා කොන්ෆරන්ස් එක. මිස් යෙහංසා ෆැක්ටරි එකේ සියලු ඩීටේල්ස් එක්ක මගේ එක්ක යන්න ලෑස්ති වෙන්න. මිස්ට මහීපාල අලුතින් ඕඩර් කරපු මැෂින් ටික අනිද්දා එනවා. ඒක ගැන බලන්න ඕන.This is an order.understand?
Yes sir
මහීපාල ඔලුව වැනුවා
good.Miss yehansa.any prob?
යෙහංසාට කලන්තේ වගේ. මොනවද මෙයා මේ කියවන්නේ
No..No..Sir
good.දැන් මීටිං එක ඉවරයි.
විහංග විනාඩියට හෝල් එකෙන් පිටත් වුණා යෙහංසා තවමත් පුටුවේ. අනිත් හැමෝම විහංග යද්දි නැගිට්ටා.යෙහංසාට නැගිටින්න කල්පනාවක් තිබුණේ නැහැ.
යෙහංසා මිසී මීටින් එක ඉවරයි
චමූ කතා කලාම තමා කෙල්ල මේ ලෝකෙට ආවේ
ආ මේ කොයි සර් චමූ
සර් ගියා
කෝ කොහෙද
ඔෆීස් රුම් එකේ ඇති
යෙහංසා දඩිබිඩියේ නැගිටලා ඔෆිස් රූම් එකට දිව්වා. ඒත් කොල්ලා නෑ.කෙල්ල ඉක්මනට පඩිපෙළ බැහැලා කාර් පාර්ක් එක පැත්තට දිව්වා. විහංග ජීප් එක ස්ටාට් කරලා පාරට දාන්න ලෑස්ති. කෙල්ල ඉක්මනට ගිහින් ෂටර් එකෙන් එබුණා .
මේ ඇහුනද මට බැහැ කොළඹ යන්න
විහංග සන්ග්ලාස් එක දාගත්තා. නිකමටවත් කෙල්ල දිහා බැලුවෙ නෑ
සර් ප්ලීස් මහීපාල අංකල් එක්කගෙන යන්න. මට වැඩිය එයා ෆැක්ටරි එක ගැන දන්නවා.
හරි තමුන් එන්න ඕනේ නෑ
විහංග කියද්දී කෙල්ලට දැනුනේ සැනසීමක්
තෑන්ක්ස් ස්ර්
හෙට විතරක් නෙවෙයි ආයෙ කවදාවත් එන්න ඕනේ නෑ. තමුන්ව රස්සාවෙන් අස් කළා. මගේ අණ පිළිපදින්නේ නැති සේවකයෝ කාටත් ඔය සෙතේ තමයි
විහංග ජිප් එක රේස් කළා. යෙහංසා ගල් ගැහිලා බලන් ඉද්දි කොල්ලා වගක් නැතිව එතනින් යන්න ගියා.යෙහංසාගේ හිතට දැනුනේ පුදුම තරම් වේදනාවක්. මොනදේ උනත් රස්සාව රැක ගන්න ඕනේ. තව වැඩි කාලයක් ඉන්නෙත් නෑ.යෙහංසා ඔෆිස් රූම් එකට ඇවිත් මහීපාල එක්ක ෆයිල් ඔක්කොම ලෑස්ති කරගත්තා.