විහංග ලැප් එකට මූණ ඔබාගෙන හිටියෙ.දොර දිහාත් සැරෙන් සැරේ බල බල.කොල්ලා උදෙන්ම කුකුලා කරේ තියාගෙන ආවෙ යෙහංසා බලන්න තිබ්බ හදිස්සියට.ඊයේ බයික් එකේ ළගින්ම යෙහංසාව තියාගෙන ගිහිනි ටිකකට හරි වින්ද ඒ උණුසුම නිසා කොල්ලා හිටියෙ නොසන්සුන්ව.යෙහංසා අද වෙනදට වඩා ගොඩක් පරක්කුයි
මහීපාල අන්කල්
පුංචි සර්
පුංචි නෑ බං ..මං දැන් ලොකුයි.ඇස් පේන් නැද්ද? කණ්ණාඩිය මාරු කරන්න
මහීපාල ළගට ඇවිත් දෙකට නැමිලා ඔලුව කැහැවෙ දෙන්න උත්තරයක් හිත හිත
කොයි අර අකවුන්ටන් නෝනා.
කවුරු
අර චමූට වගේ මහීපාල අන්කල්ටක් වයර් මාරු වෙලාද
සර්
මං ඇහැවෙ අර සීට් එක හිස්.. මං දුන්නා ඊයේ අකවුන්ට්ස් ටිකක් චෙක් කරන්න.. ඒක දැන්ම ඕනෙ
යෙහංසා මිසී මෙහෙම පරක්කු වෙලා එන්නෙ නෑ සාමාන්‍යයෙන්.. මොකුත් කරදරයක්ද දන්නෙ නෑ.
විහංග ගැස්සුණා.
කොල්ලා එකපාරටම දොර දිහා බැලුවෙ යෙංහසා දොර ඇරගෙන ඇතුලු වුණු නිසා..
ඔය ආවෙ..යෙහංසා මිසී සර් ඊයෙ දුන්න අකවුන්ට්ස් ෆයිල් එක දෙන්නලු
යෙහංසා මහීපාලට හිනාවක් පාලා විහංගට රැව්වා.විහංගගෙ ඇස් ඒ ඩිංගට තිබුණෙ සාරි පොට මෙහෙට වෙලා පේන කෙල්ලගෙ බද දිහාවෙ. යෙහංසා සාරි පොට හදාගෙන ෆයිල් එක කොල්ලට අරං දුන්නා.
තමුසෙගෙ බාප්පගෙ බූදලේද මේ.රස්සාවට එනවා නම් වෙලාවට වැඩ කරනවා
ෆයිල් එක ගන්න ගමන් විහංග කෑ ගැහැවා. මහීපාලත් ඉදගෙනම ඔලුව උස්සලා බැලුවෙ කරගන්න දෙයක් නැතිව.යෙහංසා මහීපාල දිහා බලලා බිම බැලුවා
මොකද පරක්කු වුණේ.
සොරි සර්.ආයෙ එහෙම වෙන්නෙ නෑ
යෙහංසා ඇහැට පිරීගෙන ආපු කදුලු ආයාසයෙන් වළක්වගෙන තමන්ගෙ මේසෙ ළගට ගියා.පැයකින් විතර මහීපාල ෆැක්ටරි එකට ගියා. විහංග ලැප් එකට ඔලුව ඔබාගෙන හිටියෙ බරපතල රාජකාරියක් කරනවා වගේ. ඒ වුණාට කොල්ලා කලේ රට ඉන්න කාලෙ ගහපු ෆොටෝ බලන එක. ලැප් එකේ කී බෝඩ් එක උඩට දඩස් ගාලා අතඇරිය නෝට්ටු මිටිය දිහා විහංග බැලුවෙ කණ්ණාඩිය ගලවලා
සර් ගණං කරලා බලන්න.සර් පොලී මුදලාලිට දුන්න සල්ලි ඔක්කොම ඔතන තියෙනවා.ඊයේ කරපු උදව්වට තෑන්ක්ස් මේකටත් එක්කම. තවත් උදව්වක් කරන්න.මේ ලෝන් ෆයිල් එක සයින් කරලා දෙන්න
යෙහංසා ආපු වෙලේ ඉදලා හදපු ලෝන් ෆයිල් එක මේසෙ උඩ තිබ්බා.විහංග තියුණු ඇස් වලින් මොහොතක් යෙහංසාගෙ ඇස් දිහා බලං හිටියා.ඒ බැල්ම දරා ගන්න බැරුව යෙංහසා ඉවතට හැරිලා යන්න හැදුවා.
ඔහොම ඉන්නවා.
යෙංහසා නැවතුණා.විහංග නැගිටලා කෙල්ල ළගට ඇවිත් ඇගේ ගෑහෙන නොගෑවෙන දුරින් හිට ගත්තා.
කොහෙන්ද සල්ලි…ආ
යෙහංසා නිහඩයි
කොහෙන්ද සල්ලි
කොල්ලා ගිගිරුවේ රූම් එක දෙදරන්න
ඔයාට වැඩක් නෑ ඒවා
මං දැන් සල්ලි ඉල්ලුවාද
මට ණය කාරයෙක් වෙන්න බෑ කාටවත්. බැංකුවට ණය වෙන එක නම්බුකාරයි
මං ණය ගෙව්වා කියලා තමුන්ට කොහොමද අවනම්බුවක් වෙන්නෙ.
සර් ප්ලීස් එහාට වෙන්න
බෑ..සල්ලි කොහෙන්ද ආ
මං කියන්නෙ නෑ
කියන්නෙ නැත්තෙ සල්ලි හොයාගත්ත ක්‍රමේ කටක් ඇරලා කියන්න බැරි නිසාද?
මොකද්ද
පරක්කු වුණේ ඒ නිසාද?
විහංග අදහස් කරන දේ තේරුණු ගමන් යෙහංසාගෙ මූණ කෝපයෙන් කළු වුණා
තමුසෙ මහ නැහැදිච්ච ජරා මිනිහෙක්.තමුසෙ ළඟට එන අනිත් ගෑණු වගේ කියලා හිතුවද මාත්.
එහෙනම් කියන්න බැරි ඇයි..පොඩ්ඩක් ඉන්නවා
විහංගට යෙහංසාගෙ වතේ වෙනස දැනුනා.ඔව් මාලෙ නෑ කරාඹු නෑ…කර පාලුයි.
තමුසෙ මාල කරාඹු උකස් තිබ්බද
ඔව් තමුන්ට ඒවා අදාල නෑ
ඔව් මට අදාල මේවා
විහංග දඟකාර විදිහට හිනාවක් පාලා කෙල්ලව තුරුළු කරගෙන සිපගන්න පටං ගත්තා
එපා විහංග අයින් වෙනවා
මං සර්
මට ඉන්න දෙන්න
විහංගගෙ අත සාරියෙන් වැහිලා නැති බද කොටසින් එහෙ මෙහෙ ගමන් කරන්න පටං ගත්තා.යෙහංසා හිරි වැටිලා ගියා.කෙල්ල දැගලුවාට කොල්ලා ඉවත් වෙන්න ඉඩ දුන් නෑ.එකපාරටම දොර ඇරගෙන තේ බන්දේසියක් එක්ක පෙනී හිටියෙ චමූ
සලාං බලාං
චමූගෙ අතේ තිබ්බ බන්දේසිය බිම වැටුණා.ඒත් විහංග යෙහංසාව අත ඇරියෙ නෑ.චමූ කටත් ඇරගෙන ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් කරගෙන බලං හිටියෙ යෙහංසා දගලන හැටි. ඒත් විහංග ගාණක් නැතිව යෙහංසාව තුරුළු කරන් ඉන්නවා.
චමූ මෙහෙ වරෙන්
ස්..ස්..සර් මං යන්නම්
උඹද යකෝ බොස් මෙහෙ වරෙන් කන පලා ගන් නැතිව
චමූ දෙයියන්ට කන්නලව් කර කර ඉස්සරහට ආවෙ බොස්ගෙ මූණේ තිබ්බ කේන්තිය වැටුහුණු නිසා
උඹ මොන සිහියෙන්ද වැඩ කරන්නේ? අර බිදුනු බඩු වලට උඹෙ මේ මාසෙ පඩිය කපනවා හරිද?
ස්..සර් මං හිතලා කලේ නෑ
හරි උඹ මේ රූම් එකට ආවෙත් නෑ.තේ බන්දේසි බින්දෙත් නෑ..උඹ මොකුත් දැක්කෙත් නෑ.උඹට මොකුත් ඇහුණෙත් නෑ..හරිද?
හරි සර්
හැබැයි බැරි වෙලාවත් උඹ මොනවාහරි දැකලා හරි අහලා හරි තිබුණොත් උඹ වෙන රස්සාවක් හොයා ගන්න ඕනෙ.. මතක තියා ගන්නවා
න්න..නෑ..සර් නෑ..
දැන් අරක අස් කරගෙනම යනවා වෙන එකක් ගේනවා..ඉක්මණට;
හරි සර්
චමූ යෙහංසා දිහා නිකමටවත් බැලුවෙ නෑ.මූට හිතාගන්න බෑ.යෙහංසා මිස් කැමැත්තෙන් නෙවෙයි හිටියෙ.මේ පෝරිසාදයා බලෙන්ම අල්ලගෙන
දැන්වත් අතඅරින්න
යෙංහසා බැගෑපත් වුණේ චමූ එළියට ගියාට පස්සෙ
හිතෙන්නෙ නෑ අත අරින්න.මෙහෙමම ගෙදර ගෙනියන්න ඕනෙ
කොල්ලා ඒ ඇස් වලට එබුණා
ඇයි මට කරදර කරන්නෙ
මට ඕනෙ නිසා
මේක වැරදියි
මට හරි වැරැද්ද අදාල නෑ
මං අහිසංකයි.අනේ මහත්තයා මං දුප්පත් කෙල්ලෙක් අසරණයි
අසරණ කමටද කනේ කරේ තිබ්බ මාලෙ උකස් කලේ?ලොකු කමටද?
විහංග ඇහැවෙ ආයෙත් කෙල්ලගෙ කම්මුල් සිපගන්න ගමන්. යෙහංසා ගැහෙනවා හොදටම.ඇස්වල කදුලු පිරුණෙ ඉවසන්නම බැරිතැන.
ඇයි තමුන්ගෙ බෝයිෆ්රෙන්ඩ්ගෙන් සල්ලි ඉල්ල ගන්න බැරි වුණාද? ඌ හිගන්නෙක්ද
ආ..
යෙංහසා පුදුම වුණේ විහංග එදා තමන් කියපු එක තාම මතක තියාගෙන ඉන්න නිසා
මට බෝයි ෆ්‍රෙන්ඩ්ව මීට් වෙන්න ඕනේ..
මො..මොකටද
විහංගගෙ මූණෙ මැවුනෙ දගකාර හිනාවක්.
තමුසෙව මට විකුණන්න කියන්න
අත අරිනවා.මට පේන්න බෑ තමුසෙව.. හරි නරකයි ඉහි ඉහි
සූ අඩනවද සුදු නෝනා…
කොල්ලා ඒ නෙතින් වෑහෙන කදුලු බිංදු පිහදැම්මා
මේ කදුලු බිංදුවටත් මං ආදරෙයි
කොල්ලා කියද්දි කෙල්ල ගැස්සුණා
ආදරේ
ඒක වචනයක් විතරයි මේ වගේ මිනිස්සුන්ට
මේ ආදරේ නෙවෙයි මහත්තයා..මට කරදර කරන්න එපා
යෙංහසා හිටියෙ හොදටම අසරණ වෙලා. විහංග කෙල්ලව අතඇරලා එයාගෙ පුටුවෙන් වාඩිවුණා
මං සති දෙකකට කොළඹ යනවා.යාළුවෙක්ගෙ වෙඩින් එකක්. මං එනකල් නටන් නැතුව ඉන්නවා
විහංග සල්ලි ටික ලාච්චුවට දාලා ලෝන් ෆයිල් එක සයින් කළා.මොනවා වුණත් කෙල්ලගෙ මේ ආඩම්බරකමට විහංග කැමැතියි.
මේක ගන්නවා.මං ආයෙ එනකොට ඔය බෙල්ලයි කන්දෙකයි පාළුවට තියෙන්න බෑ හරිද?
යෙහංසා බිමට ඔරවගෙන හිටියා.
ඔරවනකොට මට ආයෙත් ඉඹින්න හිතෙනවා හලෝ
විහංග පුටුවෙන් නැගිට්ට ගමන් යෙහංසා රූම් එකේ දොර දිහාට දිව්වා.කොල්ලා හිනාවෙවීම ෆෝන් එක අතට ගත්තා.
රන්දු මං සති දෙකකට කොළඹ යනවා..මං අර කිව්වෙ..යාළුවගෙ වෙඩින් එකට
විහංග කීවෙ හවස් වරුවෙ යාළුවො ටික මීට් වුණාම
හත්දා මගුල් නෙවෙයි එතකොට ඒවා දාහතර දා මගුල්
තුෂාන් කට ඇද කළා
මං නම් මාසයක් මගුල් කනවා
විහංග කියද්දි සශේන් පිටට පාරක් ගැහැවා
උඹ අපිටත් කොළේ වහනවා. කොළඹ කෑල්ල ළඟට නේද යන්නෙ..උඹ ඉන්ඩියා ඉද්දි සෙට් වෙච්චි
රන්දු ඇහැවෙ නිකට කහ කහ
උඹලා කැමති විදිහට හිතාගනිල්ලා. ඒත් මං එනකල් උඹලට කරන්න වැඩක් තියෙනවා
මොකද්ද
යෙහංසාව ගාඩ් කරන එක
යකෝ අපි බොඩි ගාඩ්ලද
මං කිව්වෙ ඒකි ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා
ඒ මොකටද
උඹලා මට සිද්ද වෙන දේවල් ගැන නිව්ස් දෙන්න ඕනෙ
දැනුත් කරන්නෙ ඒ ටිකමනෙ
තුෂාන් ෆෝන් එක ඔබන්න පටං ගත්තා
මං යන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා.නෙහාර රට ඉද්දි මගෙ බොක්කෙ ෆ්‍රෙඩා
උඹ දවසක් කීවා නේද බොක්කෙ ෆ්‍රෙඩා සුද්දියක් කියලා
සශේන් ඇහැවෙ දෑස් හකුළුවාගෙන
ඒ ගර්ල් ෆ්‍රෙඩා
විහංග ඇහැක් ගහලා බයික් එකට නැග්ගා
********************
යෙහංසා හිටියේ පුදුම සැනසීමකින්..දැන් දවස් ගාණක් විහංග නෑ.. මේ සති දෙක කරදරයක් නැතිව ඉන්න පුළුවන්
යෙහංසා මිසී පාළුයි නේද
චමූ ෆොටෝ කොපිටක් ගහන ගමන් අහනවා
ඇයි
මහීපාලත් කණ්ණාඩි අස්සෙන් බැලුවා
පුංචි සර් නැතිව මට නම් මේක පාළු අම්බලමක් වගේ ..ඉන්නකොට කොච්චර සැර වුණත් මේක පිරිලා ඉතිරිලා ගියා
ඔව් මොකට කියනවද ඒවා නම්…
යෙහංසා හිතින් බනිනවා.
ඒක නම් ඇත්ත චමූ..මටත් හිතට හරි නෑ සර් නැතිව..වසවර්තියා වුණාට හිත හොදයි
මහීපාලත් අදහස් දක්වන්න පටං ගත්තා
ඔව් හිත හොද හින්දනෙ බලෙන් කෙල්ලො අල්ලගෙන හිතුන හිතුන ඒවා කරන්නේ නැහැදිච්ච වලව් පුතා
යෙහංසාට හිතේ තියෙන ඒවා කියාගන්න බෑ
මහීපාල අන්කල් මට බැංකුවට යන්න ඕන.ඉක්මණට ගිහින් එන්නම්
යෙහංසා අසුනින් නැගිට්ටෙ මේ කතාවට තවදුරටත් සම්බන්ධ වෙන්න ආසාවක් නොතිබුණ නිසා.යෙහංසා ස්කූටරේ වත්තෙ අවසන් වෙන පාරෙන් ප්‍රධාන පාරෙ වංගුවට දැම්මෙ හරි සිහි කල්පනාවෙන් නෙවෙයි.කෙල්ල හොදටම අවුල් වෙලා හිටියෙ මහීපාලගෙයි චමූගෙයි කතාව නිසා.එක පාරටම ආපු කාර් එක එක්කම යෙහංසාත් බ්‍රෙක් ගැහැවෙ ක්ෂණිකවම. කාර් එකට අවුලක් නොවුණත් ගහපු බ්‍රෙක් පාරට ස්කූටරේ පාලනයෙන් ගිලිහිලා යෙහංසා ඇදගෙන වැටුනෙ කකුලත් යට කරගෙන
අහ්
කකුලට පෙරළුණු ස්කූටරේ බද කොටසත් එක්ක කෙල්ල වේදනාවෙන් කෑ ගහද්දි කාර් එක ඩ්‍රයිව් කරගෙන ආව නිමේශ් විනාඩියට ස්කූටරේ උස්සලා පැත්තකට කළා
ආව් අනේ..
යෙහංසා කකුල අල්ලගෙන කෑ ගැහැවා
ඔයාට අමාරුද.. අනේ සොරි
නිමේශ් යෙහංසගෙ කකුලට අත තිබ්බා.යෙහංසා වේදනාව දරාගෙන ඈත් වෙන්න හැදුවා.
බයවෙන්න එපා මං ඩොක්ටර් කෙනෙක්ම.ට පුළුවන් උදව් කරන්න. තත්පරයක් දෙන්න.
නිමේශ් යෙහංසාගෙ කකුල ප්‍ර වේශමෙන් පරීක්ෂා කළා.ටිකක් තුවාල වෙලා. නිමේශ් කාර් එකේ තිබ්බ ෆස්ට් ඒඩ් බොක්ස් එක අරගෙන ඉක්මණට තුවාලෙට බෙහෙත් දැම්මා.යෙහංසා දත කාගෙන බලං හිටියෙ නිමේශ්ගෙ මූණ දිහා..ඒ මුහුණෙ මොකද්දෝ හුරු පුරුදු ගතියක් දැනුනා.නිමේශ් කෙල්ල දිහා බලපු එක මොහොතක ඒ නෙත් යාවුණා.යෙහංසා අහක බැලුවා
දැන් හරි ..මිස්ට දැන් තනියම යන්න බෑනෙ.. මං ඩ්‍රොප් කරන්නම්ස්කූ ටරේ ගෙනත් දෙන්නම්
නිමේශ් දැක්ක ගමන් යෙහංසාගෙ හිතට දැනුනෙ පහන් හැගීමක්.බොහොම වැදගත් පාටයි.කතාබහ කරුණාවන්තයි
එපා මට යන්න පුළුවන්
දරුවෝ බයවෙන්න එපා.මං ටවුන් එකේ හොස්පිට්ල් එකට අළුතින් ඇපොයිමන්ට් ගත්තු ඩොක්ටර් කෙනෙක්..හරි එහෙනම් ඔයාගෙ ගෙදර කෙනෙක්ට කෝල් කරන්න..ඔයාව එක්කගෙන යන්න එනකල් මං ඉන්නම්.ඇත්තටම මං දැක්කෙ නෑ ඔය ස්කූටරේ පාරට දානවා
මගෙ වරද මං හරි කල්පනාවක් ආවෙ නෑ.
මේ යකඩ ගොඩවල් අරං යද්දි වැදගත්ම දේ සිහි කල්පනාව.භෞතික සම්පත මෙහෙයවන මානව සම්පත අසිහියෙන් හිටියොත් භෞතික සම්පත් වගේම මානව සම්පතත් විනාශ වෙනවා.
නිමේශ් කියද්දි යෙහංසාගෙ මූණෙ හිනාවක් ඇදුනා
ඩොක්ටර් විද්යාවෙන්ම නේද කතාව
නිමේශ් හිනාවුණා.ඒ හිනා වෙනකොටත් යෙහංසාට දැනුනෙ බොහොම හුරුපුරුදු බවක්
ඩොක්ටර් කීවෙ ඔයාට බෙහෙත් දැම්ම නිසාද?මං නිමේශ්තතත කෝ නැගිටින්න ..එන්න
නිමේශ්ගෙ උදව්වෙන් යෙහංසා නිමේශ්ගෙ කාර් එකේ වාඩි වුණා
මොකද්ද නම කිව්වෙ
නිමේශ් යෙහංසාගෙ ඇස් වලට එබුණා
මං කිව්වෙ නෑනෙ
නමක් නැද්ද?නමක් දාන්නද මං
ආ
කහ කිරිල්ලි
යෙහංසා එදත් ඇදගෙන හිටියෙ කහපාට සාරිය. යෙහංසාගෙ හිත ගැස්සුනේ එදා විහංගත් එහෙම කිව්ව බව මතක් වෙලා.
සොරි විහිළුවක් කලේ මිස්
නිමේශ් ඉක්මණට කිව්වෙ යෛංහාසගෙ මූණ වෙනස් වුණු හැටි දැක්ක නිසා
මං යෙහංසා
කෙල්ල හෙමීට මිමිනුවා
ඉතුරු ටික
යෙහංසා රශ්මිණී තියඹරාව
අමුතු ලස්සන නමක්
තෑන්ක්ස්..
කොයි ගෙදරට කෝල් කරන්න
ගෙදර ෆෝන් එකක් නෑ මට වීල් එක්ක කතා කරලා දෙන්න බැරිද?ප්ලීස්
යෙහංසාගෙ අහිසංක කම දැක්ක නිසාම නිමේශ් කෙල්ල කියන දේ ඇහැවා.විනාඩි පහකින් විතර පාරෙ ආව වීල් එක කොල්ලා නවත්තගත්තා
යෙහංසා ඔය වීල් එකේ නැගලා යන්න.මං ස්කූටරේ අරං ෆලෝ කරන්නම්.
කොල්ලා කියද්දි යෙහංසා පුදුම වුණා.
ඒත් ඔයා ඩොක්ටර් කෙනෙක්.. ස්කූටරේ පදින්නෙ කොහොමද?
ඇයි ඩොක්ටර්ස්ලාට තහනම් ද ස්කූටර්
හෙල්මට් එක දාගෙන කොල්ලා ස්කූටරේට නැග්ගා
ඩැමේජ් එකක් වෙලා නෑ ලොකුවට.මෙතන ටිකක් තැලිලා මං ඒක හදලා දෙන්නම්
එපා එපා ඕනෙ නෑ
යෙහංසා වීල් එකට නැග්ගා.වීල් එකේ එන ගමනුත් කෙල්ල සයිඩ් කණ්ණාඩියෙන් පිටි පස්සෙන් එන නිමේශ් දිහා බලනවා.හැරි හැරී බලනවා.. දැන් කකුලේ වේදනාවත් අමතකයි.පුදුම ඩොක්ටර් කෙනෙක්. හරිම නිහතමානියි.යෙහංසාගෙ හිත පිරිලා වගේ.ගේ ළඟ වීල් එක නතර කළාම යෙහංසා බැහැ ගත්තා
මොකද දුවේ මේ.
නාලිනී ඉස්තෝප්පුවේ ඉදලා දුවගෙන ආවා.
ලොකු දෙයක් නෙවෙයි අම්මා.ස්කූටරෙන් වැටුණා මං.
ඒ කියන කොටම නිමේශ් ආවා.
යෙහංසා මං මේ වීල් එකේම යන්නම්.ඇන්ටි බය වෙන්න එපා. නංගිට ඉක්මණට සනීප වෙයි.මේ පේන් කිලර්ස් බොන්න රෑට වේදනාව ආවොත්
නිමේශ් වැදගත් විදිහට කියලා වීල් එකට නැග්ගා.
ස්කූටරේ හදලා දෙන්න මං එන්නම් ළඟදිම
නගින්න කලින් හැරිලා නිමේශ් කෙල්ලට කිව්වා.ත්‍රීරෝද රථය ඈතට ඇදුණා.
කවුද පුතේ ඒ මහත්තයා බොහොම වැදගත් පාටයි.
එයා ඩොක්ටර් කෙනෙක් අම්මේ.මං උඩ බලාගෙන ස්කූටරේ පාරට දැම්මේ..එයාගෙ කාර් එකේ හැප්පිලා වැටුණේ මං.මං හිතුවේ එයාගෙ කාර් එකේ ඩැමේජ් එකටත් මට ගෙවන්න වේවි කියලා.අම්මෝ ඒ කාර් එක ලොකු ගාණක් වෙනවා ඇති.එයා කාර් එක දිහා බැලුවෙවත් නෑ.මං ගැන බැලුවෙ ඉක්මණට බෙහෙත් කළා.
යමුකො ඇතුලට
යෙහංසා පහුවදා වැඩට ගියේ නෑ.නොන්ඩි ගගහා යන්න වගේම ස්කූටරේ අරං යන්න අමාරු නිසා නොයා හිටියා.යෙහංසා හිතුවෙ නැති විදිහට නිමේශ් එදා හවස ගෙදර ආවා.
දුව..දුව…මේං දොස්තර මහත්තයා ඇවිත්.එන්න මහත්තයා වාඩි වෙන්න.
නාලිනීගෙ ඇරයුම පිළිගත්ත නිමේශ් ඉස්තෝප්පුවේ පුටුවකට බරවුණා.යෙහංසා කීවෙ ඇත්ත කියලා නාලිනී බී.එම්.ඩබ්.කාර් එක දිහා බල බල හිතුවා.යෙංහසා එළියට ආවා.
දැන් කොහොමද යෙහංසා
දැන් හොදයි ඩොක්ටර්.පේන් කිලර්ස් ගත්තා රෑ
ඒක හොදයි. මං ආවෙ ස්කුටර් එක අරං යන්න හදලා ගෙනත් දෙන්නම්.
අනේ ඕනෙ නෑ ඒක ඒ හැටි ඩැමේජ් එකක් නෙවෙයි. ඩොක්ටර්ගෙ කාර් එකට නම් ඩැමේජ් වෙලාද දන් නෑ.
ආ..ඒක අවුලක් නෑ.මං හොස්පිට්ල් එකේ ඉදලා යන ගමන්..මට දවල් ඩියුටි නිසා එන්න බැරිවුණා
එතනින් ඇරඹුණු කතාබහ වටපිටාව ගැන.. ගම ගැන දුර දිග ගියේ තුන්දෙනාටම බොහොම සතුටක් දීලා.නිමේශ් සමුගද්දි අම්මටයි දුවටයි දෙන්නටම දැනුනෙ ළඟම නෑයෙක් සමුගන්නවා වගේ.
****************
ඔබ හා ගෙවුණු මොහොතක සුවය හන්තානෙට වැඩී..
යෙහංසා රුපියල් දෙදහක් දීලා ටවුමෙ කඩේකින් අරගෙන තිබුණු නොකියා පරණ ෆෝන් එක දිහා පුදුමෙන් බැලුවා.ආර්ථික තත්වෙත් එක්ක ඒ ෆෝන් එකත් බර ගාණක් කියලයි කෙල්ල දුක්වුණේ.යෙහංසා ඒක ගත්තෙත් ෆැක්ටරි එකේ වැඩ වලට මහීපාල අන්කල්ට කතා කරන්න.නැත්නම් හදිසි පණිවිඩ වලට මහීපාල අන්කල් දුරුකතර ගෙවාගෙන යෙහංසාව හොයා ගෙන එන්න ඕනෙ.
ඒ ෆෝන් එකෙන් වුණත් කෝල් ගන්නයි මැසේජ් යවන්නයි විතරයි පුළුවන් වුණේ.කෙල්ල කාටවත් මැසේජ් යවලා නෑ. මැසේජ් යවන්න කවුරුවත් ඇත්තෙත් නෑ.යෙහංසා ෆෝන් එක වැඩිය පාවිච්චි කලෙත් නෑ..ගොඩක් වෙලාවට ඒක තිබුණෙ බෑග් එකේමයි.
කවුද මෙහෙම මැසේජ් එකක් එවන්නෙ.
රෑ නිදන්න ඇදට ගියපු යෙහංසා ෆෝන් එක කීක් කීක් ගෑව පාර බැලුවෙ පුදුමෙන්..
නිදිද?පිස්සු වගේ දකින් නැතුව
දෙවනි මැසේජ් එකත් ආවා නොදන්නා නම්බර් එකෙන්
කහ කිරිල්ලී
යෙහංසා ඇදේ ඉදගත්තා
කවුද මේ? විහංගද නැත්නම් නිමේශ්ද?
යෙහංසා කල්පනා කලේ විසදුමක් හොයාගන්න බැරුව.දෙන්නම කහ කිරිල්ලි කියලා කිව්වා.ඒත් මේ නම්බරේ හොයා ගත්තෙ කොහෙන්ද?
ඊළඟට ෆෝන් එක රිං වුණේ යෙහංසාව බියෙන් සලිත කරලා.යෙහංසා රිංස් යන ෆෝන් එක දිහා බලං හිටියා.තුන් ගමනක් රිංස් ගියාට කෙල්ල ආන්ස්වර් කළේ නෑ.
නිදිද මැණික..මට මැවිලා පේනවා නිදි හැටි.උදේ ගන්නම් මං..ඒත් බිසී..උදේට වැඩ වැඩියි.
දෙවියනේ මේ නිමේශ්ද.
යෙහංසාට හිතුණෙම මේ නිමේශ් කියලා.උදේට වැඩ වැඩි හොස්පිට්ල් යන නිසාද?ඒත් මගෙ නම්බරේ කොහොමද හොයා ගත්තෙ.නිමේශ් හැසිරුණු වැදගත් විදිහට මෙහෙම කරයි කියලා විශ්වාස කරන්නත් බෑ.
මේ විහංග නම්..ඔව් මහීපාල අන්කල් ගෙන් නම්බරේ ඉල්ල ගන්න ඇති.ඈතට ගිහිල්ලාවත් මට පාඩුවේ ඉන්න දෙන්නෙ නෑ.
යෙහංසා තරහින් හිතලා ෆෝන් එක කට් කරලා ලාච්චුවට දැම්මා.
*******************
රන්දු යෙහංසාගෙ ෆෝන් එක වැඩ නෑ…දැන් දවස් දෙකක්
විහංග රන්දුට ගත්තෙ එදා රැයින් පස්සෙ යෙහංසාගෙ ෆෝන් එක දිගටම ඕෆ් නිසා
ඒ මොකද
මං දන්නවද බං..උඹලා හොයන්නෙ බලන්නෙ නැද්ද?
වැඩට යනවා නම් අදත් දැක්කා.මං කිව්වෙ එක දවසක් ගියෙ නෑ.දැන් දිගටම යනවා.
එහෙමද මට දවල්ට ගන්න වෙලාවක් නෑ..
ඇයි මොනවද උඹට ඔයහැටි තියෙන වැඩ.මගුල උඹෙ නෙවෙයිනෙ.
එහෙම කියලා බෑනෙ මූ මගෙ බොක්කෙ ෆ්රෙඩානේ..
සිරාවටම උඹ ඔය මගුලකටද ගියෙ
ඔව්..
උඹ මටත් කොළේ වහනවා
සිරා බං
විහංග මං එකක් කියන්නම්.උඹ වලව්කාරයෙක්.. යෙහංසා ගමක දුප්පත් අසරණ කෙල්ලෙක්.. උඹට ගැලපෙන් නෑ.
මං ගැලපෙන්න ඕනෙ දේ ගැන බලාගන්නම්.උඹලා පාඩුවේ හිටපල්ලා
විහංග ෆෝන් එක කට් කලේ කෝපෙන්.රන්දුගෙ උපදෙස් අනුසාසනා වලට කොල්ලා කැමති නෑ.කොටින්ම කවුරුවත් කියන දෙයක් විහංග අහන්නෙ නෑ..තමන්ට ඕනෙ දේ විතරයි කරන්නෙ
එදායින් පස්සෙ නිමේශ්ව දැක්කෙ නැති වුණත් යෙහංසාට නිමේශ්ව අමතක කරන්නම බැරිවුණා.ඒත් ඒ වගේ වැදගත් මහත්තයෙක් ගැන හිතන එකත් වරදක් කියලා දුප්පත් කෙල්ල දන්නවා.ඒ කරුණාවන්තකම නිහතමානීකම..
ඔෆිස් එකේ ජනේලෙන් ඈතින් පේන රබර් වත්ත දිහා බලං හිටපු යෙහංසාගෙ හීන ලෝකෙ බිදුනෙ පිටපස්සෙන් ගෙල දිහාට දැනුනු දෙතොල් පහසෙ උණුසුමෙන්
විහංග ඇරලා තිබ්බ දොරෙන් කාමරේට ඇතුල් වෙනකොටම දැක්කෙ යෙහංසා එහා පැත්තෙ ජනේලෙන් ඈත බලාගෙන ඉන්න හැටි.රෝස පාට සාරිය ඇදලා පිටුපා ඉන්න යෙහංසාගෙ ලාලිත්‍ය දැකපු කොල්ලගෙ කට කොනට නැගුනෙ හිනාවක්. ඔෆිස් එකේ වෙන කවුරුවත් නෑ කියලා දැක්කම ඒ හිනාව තවත් පුළුල් වුණා.සද්ද නොනැගෙන විදිහට දොර වහලා යෙහංසා ළඟට එනකල්ම යෙංහසාට වගක් නොවුණේ බර කල්පනාවක හිටිය නිසා. යෙංහසා එක පාරටම බයවුණා.
අහ්..
විහංග යෙහංසාව ගතට තද කරගත්තා
අතඅරිනවා මාව.. මං කෑගහනවා
විහංග අදුනගත්ත යෙහංසා කෑ ගැහැවා
චමූ පහලට එන් නෑ කීයටවත්..මහීපාල අන්කල් බෑන්ක් එකට යැව්වා.
විහංග යෙහංසාව හරවගෙන කම්මුල් අතගෑවෙ ආසාවෙන්.
මොනවද කල්පනා කර කර හිටියෙ.මං ගැන නේද?
පිස්සුද?
පාළුයිද මං නැතුව
විහංග යෙහංසාගෙ කම්මුල් වලට දෙතොල් තිබ්බෙ කෙල්ලගෙ මුළු ගතම පණ නැතුව යද්දි.
එපා
යෙහංසා කෑ ගැහැවා ටදැඟලුවාට කොල්ලගෙ ශක්තිමත් බාහු ඊට ඉඩ දුන් නෑ.
පිස්සුවෙන් වගේ හිටියෙ කෙල්ලෙ.ආයෙ නම් යන් නෑ දාලා.යන තැනක එක්කගෙන යනවා.
විහංග ඈත් වෙලා කිව්වා.
පිස්සුද සර්.අත අරින්න.මේක ඔෆිස් එකක්.. නාඩගම් මඩුවක් නෙවේ.අනික සර් එක්ක එන අනිත් කොල්ලොන්ගෙ මිම්මෙන් මාව මනින්න එපා.මං සර්ට කැමති නෑ.
යෙහංසා ඒ ඇස් දිහා සෘජුව බලාගෙන කිව්වා.කොල්ලා අද ක්‍රීම් පාට දිග කලිසමකට නිල් පාට ෂර්ට් එකක් ඇදලා හරිම කඩවසම්.වෙඩින් එකට ගිහින් ආව නිසා රැව්ල කොණ්ඩෙ පිළිවෙලයි.
මං තමුන්ගෙන් කොයි වෙලාවකවත් කැමැත්ත අහලා තියෙනවද ආ..
කොල්ලා යෙහංසාව අත් ඇරියා. යෙහංසා බිම බලාගත්තා.ඇත්තටම විහංග කවදාවත් තමන්ගෙන් කැමැත්තක් අහලා නෑ.
මං ඇහැවෙ ප්‍රශ්නයක්.ඔය බිම තියෙනවද ඒකට උත්තරේ
යෙහංසා හැදුවෙ එතනින් ඉවතට යන්න.විහංග ඒ ගමන හරස් කළා.
උත්තර දෙනවා.
නෑ
එහෙනම් මොනවද කියවන්නෙ.මගෙ කැමැත්ත විතරක් ඇති.
මොන පොතේද එහෙම තියෙන්නෙ.
යෙහංසා ගස්සලා අහක බැලුවා.
අපි දෙන්නගෙ ජීවිත කතාපොතේ
විහංග මේසෙ උඩ ඉදගත්තෙ යෙහංසාගෙ අතින් ළඟට ඇදගෙන
.
මොකද දවසක් ඔෆිස් නාවෙ..මං නිවාඩු දුන් නැහැනෙ පඩි කපනවා එදාට.
කමක් නෑ
කියනවා ඇයි නාවෙ.
මං ඇක්සිඩන්ට් වුණා.කකුල තුවාල වුණා
විහංග ඒ පාර බොහොම කලබලෙන් නැගිටලා යෙහංසාගෙ සාරිය ඉස්සුවේ යෙහංසාට තරු පේද්දි
ඒයි පිස්සුද මනුස්සයෝ ලැජ්ජාවක් නැද්ද?
කෝ මොන කකුලද කොහෙද?
විහංග කලබලෙන් අහන්නෙ තුවාලෙ හොය හොය.
තමුන් දොස්තරද?
කට වැඩියි තමුසෙගෙ.මං බොස් අමතකද?
විහංග කෙල්ලගෙ කට දෙපැත්තෙන් අල්ලගෙන මිරිකුවේ රිදෙන්නමයි.ඒත් එතකොට කෙල්ලගෙ මූණට ආව විසිළු ස්වරූපෙට කොල්ලගෙ මූණට නිකම්ම හිනාවක් ආවා.
කොයි තුවාලෙ
කොල්ලා කට අත ඇරලා ඇහැවා.විහංගගෙන් ගැලවුමක් නැති නිසා යෙහංසා සාරිය ටිකක් උස්සලා කකුලෙ තුවාලෙ තිබ්බ තැන පෙන්නුවා.
දැන් හොදයි
කොහොමද වුණේ
මං ස්කූටරේ පාරට දාද්දි කාර් එකක් ආවා දැක්කෙ නෑ. මං බ්රේක් කළා.එතකොට කන්ට්‍රොල් නැතිව පෙරළුණා.කකුල යටවුණා
ඔහ් ගෝඩ්..මෙච්චර දෙයක් වෙනකල් අර ගෝතයෝ ටික බලං හිටියද?එටකක්වත් මට කිව්වෙ නෑනෙ..ඕකුන්ට අද මම.
විහංග දත්මිටි කන හැටි යෙහංසා පුදුමෙන් බලං හිටියා.විහංග දත් අතරින් මුමුණපු දේවල් කෙල්ලට වැටහුණේ නෑ.
කොහොමද බෙහෙත් දාගත්තෙ.
ඩොක්ටර් කෙනෙක්ගෙන් ..දැන් ඇති අප්පා ප්‍රශ්න ඇහැවා..මට වැඩ තියෙනවා
යෙහංසා එයාගෙ පුටුවෙන් ඉදගත්තෙ මහන්සියෙන්.විහංගගෙ ප්‍රහ්න පත්තරේ ඉවරයක් නෑ.විහංගත් ටිකක් වෙලා සීට් එකේ ඉදගෙන ඉදලා දාලා තිබ්බ ෆයිල් ටික චෙක් කරලා සයින් කළා. කොල්ලා යෙහංසා ළඟට ඇවිත් කෙල්ල ලිය ලිය හිටිය කොලේ ළඟට වෙඩින් කේක් එකක් තිබ්බා.
කනවා
මට එපා
යෙංහසා එකපාරටම කියද්දි කොල්ලට තරහා ගියා.
ඇයි
එපා
ඇයි තමුසෙ බයද මං ඕක වශියක්වත් දාලා ඇති කියලා
ඔව් කියන්න බෑනෙ.
කොල්ලා ඒපාර උස් හඩින් හිනා වුණා. යෙහංසා අහක බලාගෙන ඔරවගෙන හිටියා.
ඔව් දාලා තියෙන්නෙ. ඒක මහ බලගතු දේවාලයක්.මං ලක්ෂ ගාණක් වියදම් කළා මේ වශියට.ඒ නිසා කන්නම ඕනෙ.කාලා මගෙ කහ කිරිල්ලි මං යන යන තැනට නැට්ට වගේ පස්සෙන් එන්න ඕනෙ.
විහංග කේක් පෙට්ටිය දිග අරින ගමන් කිව්වෙ යෙහංසාව මූණෙන් බය කරන ගමන්.කොල්ලා කේක් එක එළියට අරං යෙංහසාගෙ කට ළඟට දිග් කළා. යෙංහසා දෙතොල් යටට පෙරළගෙන කට වහගත්තා.
කනවද නැද්ද? ඔය ලිප්ස් අරින හැටි මං දන්නවා.
විහංග කෙල්ලට ළංවෙන ගමන් තර්ජනේ කළා.විහංග ලෑස්ති වෙන්නෙ තමන්ගෙ දෙතොල් සිපගන්න බව තේරුණු ගමන් යෙහංසා කට ඇරලා කේක් කෑල්ලක් හපාගත්තා.විහංගගෙ මූණෙ මැවුණෙ දඟකාරී හිනාවක්.
කහ කිරිල්ලි.
විහංග ඉතිරි කේක් කෑල්ල කටට ඔබා ගන්න හැදුවා. ඒත් යෙහංසා එ්ක තත්පරේට උදුරගෙන පුටුවෙ ඉදගෙන කන්න පටං ගත්තෙ විහංග පුදුමෙන් බලං ඉද්දි.
සිරාවටම වශීවුණාද?
යෙහංසා කේක් කෑල්ල රස කර කර කාලා ආයෙත් පෑන අතට ගත්තා.විහංග මොකුත්ම නොකියා රූම් එකෙන් පිටවුණා. විහංග ෆැක්ටරි එකේ ඇතුලට හදද්දිම ළඟ තිබුණු බංකුවේ ඉදගෙන කේක් පෙට්ටියේ හැඩ බල බල හිටපු ඉන්න චමූව දැක්කා.
චමූ
චමූ උඩ ගිහින් බිම වැටුණා වගේ. තව පොඩ්ඩෙන් කේක් පෙට්ටියත් බිම වැටෙනවා. පුංචි සර්ගෙ කටහඩ ඇහුණෙ කන අස්සෙමයි.ඒ ඉස්සෙල්ලා විහංග චමූට දුන්නු වෙඩින් කේක් එක.
ස්…ස්…ස්…සර්…
මේ ඕයි..මං නයෙක් නෙවෙයි. ස්ස්ස් ගාන්නෙ
සො..සොරි සර්
තමුසෙ කේක් කැවද?
නෑ සර් මේ කන්න ගියේ
තමුසෙ ඕක කන්න එපා.
ඇ..ඇයි සර් ඒ..
ඕක සුදු නෝනට ගිහින් දෙනවා.ඒකි පෙරේතයි ඕවට.දැන් මං දුන්නු එක එක කටට ගිලලා දැම්මා.
අයියෝ සර්..එතකොට මට
තමුසෙට මං තව එකක් දුන්නෙ මහීපාලට දෙන්න කියලා.ඒකෙන් බාගයක් ඉල්ලගන්නවා
එක්කො ඕන නෑ සර්..මේ දෙකම සුදු මිසීට දීලා දාමු.
චමූ කිව්වෙ මුළු හිතින්මයි.සුදු මිසීගෙන් ලස්සන හිනාවක් සංග්‍රහයක් විදිහට ලැබෙනවා කියලා චමූ දන්නවා.
උඹ මරු චමූ..මං හෙට උඹලට අයිසින් කේක් පෙට්ටියක්ම ගෙනත් දෙනවා.ෂුවර්
විහංග චමූගෙ උරහිසට තට්ටු කරලා ෆැක්ටරි එක ඇතුලට ගියේ බොහොම සංතෝසෙන්.
මං දුන්නා කියලා නොකියා තමුසෙලා කන්නෙ නැති නිසා දුන්නා කියනවා.නැත්නම් ඒක නොගෙන ගණං උස්සයි.
යන්න කලින් කොල්ලා කිව්ව එක චමූට මාර ප්‍රශ්නයක් වුණා.මොකක් වුණත් පොඩි සර්ට විරුද්ධව යමක් කියන්න චමූට බෑ.