‘‘ඒයි මිස්ටර් තමුන් මොකද්ද ඔය කරන්නෙ. අතඅරිනවා එයාව”
යෙහංසා රබර් වත්ත මැදින් තිබ්බ බොරළු පාරෙ ස්කූටරේ අරං ගියේ රබර් ෆැක්ටරි එක දිහාවට.එදත් කෙල්ල පුරුදු විදිහටම වැඩට යනවා.වෙනසකට තියෙන්නෙ මීට මාසෙකට කලින් ගියේ පයින්.අද දැන් යන්නෙ ස්කූටරේ.
මගක් දුර යද්දි එහා වංගුවෙන් මතුවෙද්දිම යෙහංසා දැක්කෙ ඉස්සරහා පාරෙ අයිනේ නතර කරලා තිබ්බ බයික් එකක්.එතන හිටිය කොල්ලෙක් කෙල්ලෙක්ගෙ අතින් අදින හැටි යෙහංසාගෙ අවධානෙට යොමු වුණේ තත්පරේට.යෙහංසා ස්පීඩ් එක වැඩි කරලා එතෙන්න ඇවිත් නතර කළා.කෙල්ල කොල්ලාගෙන් ඈත් වෙන්න දගලනවා.
ඒ රබර් වත්තෙ කිරි කපන ගෑණු ළමයෙක් කියලා යෙහංසාට තේරුණා.හෙල්මට් එක ගලවලා ස්කූටරෙන් බහින යෙහංසා දිහාට ඒ ඇස් යොමු වුණා.නිල් ඩෙනිමට කළු අත්කොට කොලර් නැති ටී ෂර්ට් එකක් ඇදලා හිටිය රස්තියාදුකාර පෙනුම තියෙන කොල්ලෙක්. ඔව් .. ඒ තමයි විහංග. විහංග යෙහංසාව ගණනකට නොගෙන අර කෙල්ල දිහාට අවධානෙ යොමු කළා.
‘‘ කොයි ඒක කියනවා
කොල්ලා කේන්තියෙන් ගිගිරුවා.ගෑණු ළමයා අඩ අඩා අත ඉවත් කරගන්න දැගලුවා.
ඒයි නවත්වනවා ඕක.
යෙහංසා කොල්ලගෙ ළගට ඇවිත් ඒ බාහු වලින් අදින්න පටං ගත්තා.විහංස ඒ දැනුනු ස්පර්ශය නිසා වියරු ඇස් වලින් කෙල්ල දිහා බැලුවා.
අනේ මිස් මේ මහත්තයා මට කරදර කරන්න හදනවා. කෙල්ල අහිංසක විදිහට එහෙම කිව්වා.
ලැජ්ජා නැද්ද තමුන්ට මෙහෙම වැඩ කරන්න. තමුන් කවුද?මේ වත්තට මොකටද ආවෙ.මං දැන්ම පොලිසියට කෝල් කරනවා
විහංග ගෑණු ළමයව අත් ඇරියා.ඒ ගමන්ම කෙල්ල වත්ත දිහාට හැරිලා දුවන්න පටං ගත්තා.යෙහංසා ඒ දිහා බලං ඉද්දි විහංග බයික් එකට හේත්තු වෙලා අත් දෙකත් බැදගෙන යෙහංසාගෙ උඩ ඉදලා පල්ලෙහාට බැලුවා.
තමුන් ආයෙ මෙහෙම දේවල් කරනවා දැක්කොත් මං තමුන්ව පොලිසියට අල්ලලා දෙනවා.මේ වත්තෙ වැඩ කරන අහිංසක ගෑණු ළමයින්ට කරදර කරන්න බෑ.අනික මං ලොකු සර්ට රිපෝර්ට් කරනවා.තමුන් අනවසරයෙන් ඇතුල් වුණා කියලා.
යෙහංසා කොල්ලට රවලා ආපහු ස්කූටරේට නැග්ගා.විහංග ටීෂර්ට් එකේ බෙල්ල ළග රදවලා තිබ්බ අව්කණ්ණාඩි යුගල අරගෙන පැළද ගෙන සද්ද නැතුව බලං හිටියා.කොල්ලගෙ කට කොනේ මතුවුණේ දගකාර හිනාවක්.යෙහංසා ස්කූටරේ නැගලා රුංගාලා ඉගිලිලා යන හැටි විහංග බලං හිටියෙ ආසාවෙන්.
‘‘ මාර ගට්ස් තියෙන කෙල්ලෙක්.වාව්. කොණ්ඩෙ දිග.ලතාව පිරුණු කම්මුල්.. වාත්තු කළා වගේ. ඔයා කැළෑ මලක්ද මැණික..ඒ දිග ඇස්.පිස්සු වගේ
කොල්ලා තවමත් බයික් එකට හේත්තු වෙලා කල්පනා කරනවා.
විහංග කෞෂල්‍ය මැදගෙදර… මැදගෙදර වලව්වෙ පොඩි පුතා..මොන්ටිසෝරියට බාරදුන්න පළවෙනි දවසෙම ළඟ හිටිය ගෑණු ළමයගෙ පොත අරගෙන කුරුටු බලි ගාලා ඉරලා දැම්මා.
ප්‍රියංගා මැදගෙදර … විහංගව එක්ක එන්න ගිය ගමන්ම ටීවර් පැමිණිල්ල ඉදිරිපත් කළා.යාන්තම් ටීචර්ව ශේප් කරලා පහුවදාත් මොන්ටිසෝරියට යැව්වා. ඒත් පහුවදා චූටි විහංග ගෑණු ළමයෙක්ගෙ දිග කොණ්ඩෙ කතුරකින් කපලා තිබ්බා.ඒ මදිවට තව ළමයෙක්ව තල්ලු කරලා. එදයින් කොල්ලගෙ මොන්ටිසෝරි ගමන නැවතුණා.ප්‍රියංගා කොල්ලගෙ කේන්දරේ අරගෙන නොගිය තැනක් නෑ.හැම තැනකින්ම කිව්වෙ මේ දඩබ්බර ගති කසාද බදිනකල් නැති වෙන් නෑ කියලා.යාන්තම් එක තැනකින් කිව්වෙ විහංගව මේ රටෙන් ඈත් කරලා තිබ්බොත් ටිකක් හැදෙයි කියලා.ප්‍රියංගා දෙයියන්ට කන්නලව් කර කර එක වසරට විහංගව ඇතුලත් කළා.
‘‘ අම්මා මං නං ආයෙ ඒ ඉස්කෝලෙට යන් නෑ.
පුංචි විහංග පළවෙනි දවසෙම ගේට්ටුව ළග හිටපු ප්‍රියංගා ළගට ඇවිත් බෑග් එක දිග් කළා.
ඇයි පුතේ මොකද වුණේ
ඒ ටීචර් නපුරුයි.මට ටොක්කක් ඇන්නා
මොනවා ..ඒත් ඇයි
ටීචර්ගෙ කියවිල්ල අහගෙන ඉන්න බැරුව මං වතුර බෝතලේ ටීචර්ගෙ පොත් වලට හැලුවා.
මොනවා
ප්‍රියංගා නළලෙ අත ගහගත්තා.
දෙයියනේ මේ කොල්ලා නම්
ටික ටික ලොකු වෙද්දි තත්වය තවත් නරක අතට හැරුණා.විහංග ගැන පැමිණීල්ලක් සතියකට පාරක් වලව්වට නාවොත් ඒක ලෝක පුදුමයක්.බැරිම තැන විහංග ඕලෙවෙල් කරද්දි ප්‍රියංගා තීරණයක් ගත්තා.
ප්‍රියා.. මං නම් කැමති නෑ ඔය තීරණේට
ගජවීර් මැදගෙදර තමන්ගෙ බිරිදට දැඩිව කීවා
ඒත් ගජේ අපි වෙන මොනවා කරන්නද?මට දැන් ඇති වෙලා තියෙන්නෙ.හැමදාම මං ඉස්කෝලෙට යන්න ඕනෙ.ක්ලාස් වලට යන්න ඕනෙ.ටීචර්ලාගෙ ළමයින්ගෙ දෙමව්පියන්ගෙ චෝදනා අහලා දැන් මට ඇතිවෙලා.ඔයාට නම් මොකද මං එපැයි ඕවාට තනියම මුහුණ දෙන්න.ඔයා බිස්නස් වතුපිටි බදාගෙන ඉන්න
ප්‍රියා.. මට ඕවා කියන්න එපා. ඔයයි පුතාව හුරතල් කර කර නරක් කලේ..
ඔව් හරි ලේසියිනෙ කියන්න.ළමයි වැරැද්දක් කලොත් පළි අම්මා.හොද වැඩක් කලොත් ප්‍රශංසාව ඔයාලට.
ප්රියිංගා කීවෙ ලොකු කවිච්චියේ ඉදගන්න ගමන්.ගජවීර් ඇවිත් ප්රියංගාගෙ ළගින්ම ඉදගත්තා.
හරි හරි ඔයා කැමති දෙයක් කරන්න. පුතා රට යවමු එහෙනම්
ගජවීර් දුන්නු අන්තිම තීන්දුව ක්‍රියාත්මක වුණා.විහංග ඉන්දියාවෙ හිටපු ගජවීර්ගෙ ලොකු අක්කා ගාවට යැව්වා.විහංග ඒ ගියපු පිම්ම ලංකාවට ආවෙ අවුරුදු හතකට පස්සෙ.ඒත් ප්‍රියංගා බලාපොරොත්තු වුණා වගේ ශාන්ත දාන්ත විහංග කෙනෙක් ඇවිත් හිටියෙ නෑ.ඒ දඩබ්බර ගති ඒ විදිහමයි. නාහෙට අහන්නෙ නෑ.
පොඩි පුතා
මහ රෑ කොල්ලා කොයි වෙලේ වලව්වට ගොඩ වුණාද කියලා ප්‍රියංගා දන්නෙ නෑ.ලංකාවට ඇවිත් දවස් කීයද? ඒ වුණාට යාළු මිත්‍රයො අඩුවක් නෑ. ගමන් බිමන් අඩුවක් නෑ.උදේ පාන්දර බයික් එකට නැග්ග කොල්ලා ළගට ප්‍රියංගා කිට්ටු වුණා.
ඇයි අම්මා
අප්පච්චි කීවා රබර් ෆැක්ටරි එකට ගිහින් පොඩ්ඩක් බලන්න කියලා.අප්පච්චි ඔයාට ෆැක්ටරි එක බලාගන්න දෙනවා කීවා.
චහ්..අයියෝ අම්මා.මං ආවා විතරනේ
දැන් සති දෙකයි.
ෂිට් අපරාදෙ ආවෙ.
ඇයි මගෙ පුතේ එහෙම කියන්නෙ.අපි ඔයාව ඉන්ඩියා යැව්වෙ හිතකින් නෙවේ.
එහෙනම්..ඔයාලා මහ ඇණයක් වුණානෙ අප්පා.මට නම් බෑ ඔය රබර් ෆැක්ටරි එක බාර ගන්න.
නිල් ඩෙනිමකට දුඹුරු පාට ටීෂර්ට් එකක් ඇදලා බාගෙට රැව්ල වවාගෙන ඉන්න තමන්ගෙ කඩවසම් පොඩි පුතා දිහා ප්‍රියංගා බලං හිටියෙ ආදරෙන්.
අයියා කොහොමත් ඕවා බාර ගන් නෑ.ඒ නිසා පුතා තමා බලන්න ඕනෙ.හරි හරි දැන් ඔය යන්න හදපු ගමන යන්නකො.අප්පච්චි කොළඹ ඉදලා එන්නෙ අනිද්දට.එතකොට බලාගමුකො..ආ..යන ගමන් මේ ෆයිල් එක මිස්ටර් මහීපාලට දෙන්න කියලා අප්පච්චි කීවා.
විහංග මූණත් අකුළුවාගෙන හෙල්මට් එක දාගෙන ප්‍රියංගා දික් කරපු ෆයිල් එක අරගත්තා.
විහංග රබර් වත්ත මැදින් තිබ්බ බොරළු පාර දිගේ බයික් එක අරං ගියේ හයිවේ එකේ යනවා වගේ උපරිම ස්පීඩ්.වංගු කියලා ගාණක් නෑ.යාළුවො සෙට් එකට කියලා තිබ්බෙ උදෙන්ම එකතු වෙලා කන්දක් නැගලා ෆන් එකක් ගන්න යන්න ලෑස්ති වෙන්න කියලා.කොල්ලා අම්මා දුන්නු ෆයිල් එක මහීපාල අන්කල්ට දෙන්න ඔනේ නිසා ෆැක්ටරි එක දිහාට බයික් එක හැරෙව්වා.
විහංග බයික් එකෙන් බැහැලා ඉස්සරහට එද්දිම දැක්කෙ ස්කූටරේ නවත්තලා හෙල්මට් එක ගලවන යෙහංසාව.යෙහංසා ඉන්නෙ පිටිපස්ස පැත්ත හරවලා නිසා කෙල්ලට විහංගව පෙනුනෙ නෑ.
විහංගට නම් රූප සොබාවෙ දැකපු ගමන් මේ ඊයේ පාර්ට් එක දැම්ම කෙල්ල කියලා මතක් වුණේ කොල්ලගෙ හිතේ ඒ රූපෙ හොදට ඇදිලා තිබ්බ නිසා.කොල්ලට නිකම්ම විසිල් එකක් ගැහුණා. ඒ සද්දෙට යෙහංසා හැරිලා බැලුවා.කෙල්ලගෙ ඇස් ලොකු වුණා.විහංග ගිලින්න වගේ කෙල්ලගෙ උඩ ඉදලා පල්ලෙහාට බලනවා.කහ පාට සාරියට යෙහංසා පේන්නෙ කහ කිරිල්ලියක් වගේ. විහංග නිකට පිරි මදින් ගමන් වටපිටත් ටිකක් බලලා කෙල්ලට කිට්ටු වුණා.
ත..තමුන් මොකද මෙහෙ කරන්නෙ.
යෙහංසා ඇහැවෙ ඉනට අත්දෙක තියාගෙන.කොල්ලා එච්චර වෙලා හප හප හිටපු චුයිංගම් එක විසික් කළා.
‘‘ කහ කිරිල්ලී.
විහංග යෙහංසාගෙ කනට ළංවෙලා කෙදිරුවා.යෙහංසා ඈත් වෙන්න හැදුවට කොල්ලා ඉඩ නොදී යෙහංසාගෙ බද වටේ අත දාලා කෙල්ලව තුරුළු කරගත්තා. යෙහංසාට දැනුනෙ හුස්ම නැවතුණා වගේ .විහංගගෙ ගැඹුරු හුස්ම කෙල්ලගෙ මූණට වදිනවා.දෙන්නා මොහොතක් දෙකක් ඒ ඇස් දිහා බලං ඉන්න ඇති.කෙල්ල පියවි සිහියට ආපු ගමන් දගලන්න පටං ගත්තා.
අ..අත අරිනවා..තමුන් මං කවුරු කියලද හිතාගෙන ඉන්නෙ.
මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. ෆියුචර් වයිෆ්.මගෙ බබාලා හතර දෙනාගෙ අම්මා..වයසට ගියාම මගේ මුණුබුරෝ දහ දෙනාගෙ ආත්තම්මා.
යෙහංසාගෙ ඇස් ජිල් බෝල සයිස් වුණා.කටත් බාගෙට ඇරුණා.විහංග ඒ ඇස් දිහා එක එල්ලේ බලං හිටියා.
පි… පිස්සුද හැටිද?
හැටි හලෝ මේ මගේ හැටි.
අත ඇරියේ නැත්නම් කෑ ගහනවා මං
ඊයෙත් දැක්කනේ එක කෙල්ලකේ අල්ලන් හිටියා..අද තමුසෙව..හෙට තව එකියක්
විහංග කිව්වෙ කෙල්ලව අතඇරලා.
ලැජ්ජා නැතිව කියන හැටි.
සුදුමූණ තරහින් පිපිරෙනවා.විහංග ඒ දිහා බලං හිටියෙ ආසාවෙන්.
මොනවද බලන්නෙ
යෙහංසා කඩං පැන්නා.
විහංග විසිවුණා වගේ. මෙහෙම නයි මිරිස් කරලක් අහුවුණාමයි.විහංගගෙ කට කොනට ආවෙ මරුමුස් හිනාවක්.
ලස්සන..සුන්දරත්වෙ..ලතාව
කාගෙද
මයි වයිෆ්ගෙ
කොල්ලා දෙතොල් ළං කරලා කිස් එකක් පෙන්නුවා.
මළ විකාර..ලොකු සර්ට මං තමුසෙ ගැන පැමිණිලි කරනවා.ලොකු සර් දෙයි කනේ පාරක්. මාව ඇල්ලුවේ මොන හයියකටද?
යෙහංසා ගස්සගෙන එතනින්න යන්න හදද්දි කොල්ලා කෙල්ලගෙ අතකින් ඇද්දා.
මේ මැඩම්..තමුන් මොනවද මෙහෙ කරන්නේ
මොකටද අහන්නෙ? ගන්නවා අත අහකට
ඕං ගත්තා. අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා.
කොල්ලා කීවෙ රකුස් මූණක් මවාගෙන.
මං තමයි ෆැක්ටරි එකේ අකවුන්ට්ස් වැඩ කරන්නෙ
ෂා තමුසෙ අකවුන්ටන් කෙනෙක්ද?
අපෝ නෑ..මං ඒ ලෙවල් කොමර්ස් කලේ
අපරාදෙ
කොල්ලා කීවෙ බොහොම සෝක මූඩ් එකෙන්
ඇයි
හෝම් සයන්ස් කරන්න තිබ්බෙ
ඒ මොකටද
කෙල්ල පුදුමෙන් කොල්ලා දිහා බැලුවා
මං අහලා තියෙන විදිහට ඒ සබ්ජෙක්ට් එකට උගන්නන්නෙ උයන පිහින ඒවා..ඔය මහන ඒවා…තව ගෙදර දොර අස් කරන හැටි..බබාලා බලාගන්න හැටි
ඉතිං
ඉතිං රත්තරං අපි මැරි කලාම ඔයා ඒවා ඔක්කොම කරන්න ඕනෙනෙ..
මොකද්ද? තමුසෙට ඔල්මොරොන්දම්ද?දවල් හීනද බලන්නෙ
ඊයේ රෑ හීනෙනුත් පෙනුනා
හොල්මන්ද
නෑ අපේ හනිමූන් එක
විහංග ඇහැක් ගැහැවා.
විහංග කෙල්ලො එක්ක මෙහෙම කතාවට යන කොල්ලෙක් නෙවෙයි.ඒත් යෙහංසාගෙ කටකාර බව නිසා.කොල්ලට යෙහංසාව බයිට් කරන්න හිතුණා. යෙහංසාගෙ මූණ රතුම රතු වුණා.
ෂිට්..මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ට කියනවා මං තමුසෙ මට කරදර කරනවා කියලා.
යෙහංසා එහෙම කිව්වා විතරයි විහංගගෙ මූණෙ තිබ්බ සරදම් හිනාව අතුරුදන් වුණා.කොල්ලා යෙහංසාගෙ වම් බාහුවෙන් තදින් අල්ලගෙ කෙල්ලගෙ මූණට කිට්ටු වුණා
මං ඌව මරනවා
විහංග දත්මිටි කනවා. යෙහංසා ගල් ගැහිලා බලං හිටියෙ විහංගගෙ රුදුරු වියරු පෙනුම..ඒ ඇස් වල දිලිසෙන්නෙ තනිකරම වියරුවක්.
තමුුසෙ මගෙ..මගෙ විතරමයි..මේක දෙනවා මහීපාලට.. දැන් යනවා.
කොල්ලා ෆයිල් එක කෙල්ල අතට දුන්නා. යෙහංසාගෙ කම්මුලක් යාන්තමට දෙතොලින් ස්පර්ශ කරලා විහංග වේගෙන් බයික් එක දිහාට යන හැටි යෙහංසා බලං හිටියෙ තුෂ්ණිම්භූත වෙලා.
*****************
විහංග උඹ කොහෙද ගියෙ බං..අපි කීයෙ ඉදලද මෙතන පැල වෙලා ඉන්නෙ.
සශේන් කිව්වෙ ග්‍රවුන්ඩ් එක ගාව තිබුණු විශාල කොට්ටම්බා ගහ යට බයික් එක නවත්තපු විහංගට
ගමන කැන්සල්
එතන හිටපු යාළුවො ඔක්කොගෙම කටවල් ඇරුණා.
මොකද්ද?
විහංගගෙ මූණ කළු වෙලා.අබ දැම්මත් පුපුරන සයිස්. සශේන් විහංග ඉස්කෝලෙ යන කාලෙත් හිටපු යාළුවා.අනිත් දෙන්නා සශේන්ගෙ යාළුවො.දැන් විහංගගෙත් යාළුවො.මේ හතර දෙනාගෙ වැඩේ රස්තියාදු ගහන එක.ප්‍රියංගා විස්සෝප වුණේ මේවා ගැන
සශේන් ..රන්දු..කෙල්ලෙක් ඉන්නවා. මට ඒකි ගැන හොයාගන්න ඕනෙ
මොකටද?
රන්දු ඇහැවෙ බැම්මෙන් බිමට පනින ගමන්
කසාද බදින්න
කොල්ලො හතරදෙනාම බිරාන්ත වුණා
ගල් මූසලයො.ඔහොම බලන්නෙ උඹලා කෙල්ලො ගැන අහලා නැද්ද මීට කලින්
හරි හරි කවුද කෙල්ල
සශේන් ඉස්සර වුණා
නම දන් නෑ බං .අපේ ෆැක්ටරි එකේ අකවුන්ට්ස් වැඩ කරන්නේ
ඒ උඹ කියන්නෙ යෙහංසා ගැනනෙ..ඒකි අපෙ ගමේනේ
රන්දු කීවෙ යෙහංසාගෙ රූපෙ හිතින් මවාගෙන
‘අහිංසකී රන්දුගෙ හිතට ආවෙ ඒ සිතුවිල්ල
විහංග රන්දුගෙ ළගට ළංවුණා
ඒකිගෙ බෝයිෆ්‍රෙන්ඩ් මොකාද?
බෝ..බෝයිෆ්‍රෙන්ඩ්
ඔව් රන්දු උත්තර දීපං.මං අදම ඌව පරලෝකෙට යවනවා
කොල්ලො තුන්දෙනාගෙ ඇස් නළලේ
මූ පුදුම නහරකාරයෙක්නෙ
උඹ යම රජ්ජුරුවොද?කෑ නොගහා වෙච්චි දෙයක් කියනවද?ලංකාවට ඇවිත් සති දෙකයි.උඹ ඒ ඩිංගට මිනීමරලා හිරගෙවල් පුරවන්න යන්නෙ.හිරගෙවල් වල උඹලට කන්න දෙන්න වැය කරන්නෙ රටේ සංවර්ධනයට තියෙන සල්ලි
සශේන් කීවෙ විහංගගෙ බයික් එකට හේත්තු වෙලා අත් දෙක බැදගෙන.
සශේන් මට පිස්සු වගේ.ඒකිව දැක්කෙ ඊයේ බං..ඒකි මගේ
ඒකි කසාද බැදලා නම්
තුෂාන් ඇහුවෙ මෙලෝ වගක් නැතිව ෆෝන් එක ඔබන ගමන්.ඒ තත්පරේට කොල්ලා තුෂාන්ගෙ කොලර් එකේ ඇදලා ළගට ගත්තා. විහංග දත්මිටි කනවා.
ඒයි අතඇරපං බං.ඒකි කසාද බැදලත් නෑ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නෑ.
ඇතිවෙන්න ගියපු ප්‍රචණ්ඩකාරී වාතාවරණය මග හැරගන්න ඕනෙ වුණු නිසා රන්දු ඉක්මණට කියලා දැම්මෙ විහංගගෙ බාහුවෙන් අදින ගමන්.ඒක ඇහුවම විහංගගෙ හිතට දැනුනෙ බොහොම සංතෝෂයක්්කොල්ලගෙ මූණට ආවෙ සුපිරි මනමාල හිනාවක්.
මරු..එහෙනම් මමයි ඉස්සෙල්ලම අත තිබ්බෙ.
කොල්ලා කියාගත්තෙ තමන්ටමයි.
මොකක් උඹ ඒ ඩිංගට අත තිබ්බද?
තුෂාන් කට අතින් වහගත්තා.
ඒ විතරක් නෙවේ කිස් එකකුත් දුන්නා.
විහංග කොණ්ඩෙ අතින් පීර ගත්තා.දැන් ඉතිං හිතට ෆුල් ෆිට්. ඒත් රන්දුගෙ මූණෙ තිබ්බෙ බැරෑරුම් පෙනුමක්
මචං විහංග උඹ මගෙ යාළුවා තමා.ඒත් අහිංසක කෙල්ලෙක් උඹ හින්දා අමාරුවේ වැටෙනවාට මං කැමති නෑ.
රන්දු කිව්වෙ විහංග දිහා එක එල්ලෙ බලාගෙන.
ඒකි කොහෙද බං අහිංසක.නයි මිරිස් කරලක් වගේ මගේ කන් දෙක පිරෙව්වා.
විහංග යෙහංසා කියන්නෙ දුප්පත් කෙල්ලෙක් .යෙහංසයි එයාගෙ මල්ලියි විතරයි පවුලෙ ඉන්නෙ . මල්ලි ඉස්කෝලෙ යනවා.යෙහංසාගෙ තාත්තා උඹලගෙ වත්තෙ රබර් කපනවා. අම්මත් එහෙමයි. ඒ දෙන්නා ගොඩක් දුක් විදලා යෙහංසාට ඉගැන්නුවේ. අපෙ ගමේ නිසා මං හොදට දන්නවා. දුප්පත් වුණාට බොහොම වැදගත් පවුලක්.ගමේ අනිත් එකීලා වගේ ඒ කෙල්ලගෙ බොරු සෝබන නෑ..කතා අහගෙනත් නෑ.
ගෙදර තියෙන්නෙ කොහෙද?
රනුදුගෙ කතාව අහගෙන හිටපු විහංග අන්තිමට ඇහැවෙ ඒ ප්‍රශ්නෙ විතරයි.
*******
මහීපාල අන්කල් මේ ෆයිල් එක කවුදෝ දීලා ගියා.
යෙහංසා කොල්ලා දුන්නු ෆයිල් එක මහීපාලට දිග් කළා.
ආ.. මං මේක ගේන්න වලව්වට යන්න හිටියෙ එහෙනම් ලොකු නෝනා එවන්න ඇති
ලොකු නෝනට පිස්සුද මංදා . පාරෙ යන රස්තියාදුකාරයො අතේ මෙච්චර වැදගත් ඩොකියුමන්ට් එවන්න
යෙහංසා එයාගෙ පුටුවෙන් වාඩිවුණා. ෆැක්ටරි එකේ කම්කරුවො ගොඩක් වැඩ කළාට ඔෆිස් එකේ වැඩ කළේ කිහිපදෙනයි. මහීපාල වගේම යෙහංසා තමා එතන ප්‍රධාන වුණේ.ඒ දෙන්නට උදව්වට හිටියෙ චමූ කියලා තරුණයෙක්.
මොකද්ද කිව්වෙ දරුවො
මහීපාල දාගෙන හිටපු බෝතල් අඩි කණ්ණාඩියෙන් යෙහංසා දිහා හොදට බලන ගමන් ඇහැවා.යෙහංසා වෙනදා මෙහෙම තරහින් ඉන්නෙ නෑ.අද යෙහංසාගෙ ගුඩ් මෝනිං සුභ පැතීමත් නෑ.
නෑ මොකුත් නෑ අන්කල්.දැන් කාලෙ හැදෙන කොල්ලො කිසිම වැදගම්මකට නෑ.. මං කීවේ ඒක.
ඒක හැබැයි. ඒත් හොද අපූරු ඉලන්දාරිත් ඉන්නවා.
මහීපාල කිව්වෙ කල්පනාකාරීව
නෑ අන්කල් උන් ඔක්කොම එකයි.
කාටද මේ බනින්නෙ
මං දන් නෑ..
මහීපාලට හිතා ගන්න බෑ යෙහංසාට මොනවා වෙලාද කියලා.ඒ ගැන හිතන එක එපා වුණු පාර මහීපාල හිතින් ඒක අත්ඇරලා දැම්මා.
ළමයො අද හවස සැලරි ගෙවන්න ඕනෙ නේද?
ඔව් අන්කල් මං බලන්නම් ඒක
යෙහංසා වැඩ පටං ගත්තා.
*********************
යෙහංසා හවස ගෙට ගොඩ වෙනකොට අම්මයි තාත්තයි දෙන්නා ටවුමට යන්න ලෑස්ති වෙලා.මල්ලිත් ලෑස්ති වෙලා
දූ මල්ලිට පොත් වගයක් ගන්න තියෙනවා.එළවලු එහෙමත් ඉවරයි.අපි ඉක්මණට එන්නම්. දොර වහගෙන ඉන්න.
අම්මා කියද්දි හිනාවක් පාලා බෑග් එකට අතදාලා පර්ස් එක අතට ගත්තා.
අම්මෙ මේ සල්ලිත් අරං යන්න.අද මට සැලරි දවස
දරුවො එදා දුන්නු සල්ලිත් තියෙනවා මං ළග ඒවයින් තමා මල්ලිට පොත් ගන්නෙ.ඕක පොතේ දාගන්න
අම්මා නාලිනී කියද්දි තාත්තා සාලෙට ආවා.
දූට මහන්සි නැත්නම් අපි එක්ක යමු.
අනේ බෑ තාත්තෙ මං ටිකක් නිදාගන්නවා
හ්ම් හ්ම්..යමු එහෙනම්.ප්‍රමාද වෙන්න බෑ.අන්තිම බස් එකේ එන්නත් ඕන.
අම්මලා යන හැටි කෙල්ල බලං හිටියා.
************************
විහංග බයික් එක මිදුලෙ නතර කළා. ගෙදර කිසිම හැල හොල්මනක් නෑ.කොල්ලා පිලට ගොඩ වෙලා දොරට තට්ටු කළා.ඒත් සද්දයක් නෑ..පරණ තාලෙ ගෙයක්.
ශිට් ඇවිත් නැද්ද තවම.
විහංග නිකමට වගේ හැන්ඩ්ල් එක කැරකුවා.දොර ඇරුණා.යෙහංසාට කලබලේට දොර ලොක් කරන්න අමතක වෙලා. සාලෙ කවුරුවත් පේන්න නෑ. යෙහංසාගෙ ලස්සන රාමු කරපු පොඩි ෆෝටෝ එකක් මේසේ උඩ තිබ්බා. කොල්ලා ෆොටෝ එක අතට ගත්තා.හුළඟට ළඟ තිබුණු කාමරේ දොර රෙද්ද එහෙ මෙහෙ වැනෙන නිසා විහංගගෙ ඇස් ඒ දිහාට ඇදුණා.
හෙලවෙන දොර රෙද්ද අතරින් පෙනුනෙ යෙහංසා ඇදේ නිදාගෙන ඉන්න හැටි.විහංගගෙ බයික් එකේ සද්දෙ කෙල්ලට ඇහුණෙ නැත්තෙ තද නින්දක හිටපු නිසා.ඊයෙ රෑ ඉසේරදේ නිසා පෙරිටන් පෙත්තකුත් බිව්ව නිසා යෙහංසාට ඒ මත්ගතියට හොදට නින්ද ගියා.
විහංග හෙමින් හෙමින් අඩි තියලා කාමරේට ඇතුලු වුණා.යෙහංසා පාඩුවේ නිදි.කොට ගවුම උඩට ගිහින් සුදුපාට කකුල් දෙකෙන් බාගයක් පේනවා.පපුව රිද්මයානුකූලව උස් පහත් වෙනවා.විහංගගෙ හිතට දැනුනෙ පුදුම සංතෝෂයක්.සුරංගනාවියක් වගේ. කොල්ලා යෙහංසාට ළං වෙන්න හදනකොටම ෆෝන් එක වයිබ්රේට් වුණා..විහංග ඉක්මණට කාමරෙන් එළියට ගියා.
මචං විහංග ගේ පැත්තට කෙල්ලෙක් එනවා. වරෙන්.
මැසේජ් එක සශේන්ගෙන්.යෙහංසාගෙ පවුලෙ අය ටවුම දිහාට ගියා කියලා කොල්ලා දැනගත්තෙ රන්දුගෙන්ර.න්දු අකමැත්තෙන් වුණත් කොල්ලට උදව් කරන්න තීරණේ කලේ විහංග කෙල්ලට සීරියස් කියලා දැනුනු නිසා.විහංග ඉක්මණට ගෙදරින් එළියට බැහැලා බයික් එක ස්ටාර්ට් කරගත්තෙ රාමු කරපු පොඩි ෆොටෝ එකත් අරගෙනමයි.
************************
ප්‍රියංගා විහංගගෙ කාමරේට එබුණා. කොල්ලා විසිල් එකකුත් ගහන ගමන් හෙයාර් ක්‍රීම් ගාලා කොණ්ඩෙ හදනවා.ප්රියංගාගෙ ඇස් උඩ ගියා.විහංග ඈශ් කලර් ට්‍රවුසර් එකකට බ්ලූකලර් ෂර්ට් එකක් ඇදලා .ටයි එකකුත් දාලා.මාර ඩීසන්ට්.මාර හැන්ඩ්සම්..කොල්ලා මේ විදිහට හැඩ වෙලා කොහෙ යන්නද?
පුතා මොකද මේ
ආ..අම්මා…මං හැන්ඩ්සම්ද?
කොල්ලා ප්රියංගාගෙ දිහාට හැරිලා අත් දෙක දෙපැත්තට දිග් කළා.
කියලා වැඩක් නෑ පුතා.මං හවසට ඇස් වහ කටවහ පුච්චන්නම්.
කොල්ලා රැව්ලත් කපලා ගාණට. පිළිවෙල උපරිමයි.
පුතා මේ කොහෙද යන්නෙ.
වෙන කොහෙද අම්මි ෆැක්ටරි එකට
ප්‍රියංගා පපුවට අත තියාගත්තා
කොහොමද මේක විශ්වාස කරන්නෙ.ඊයෙ ෆැක්ටරිය ගැන කියද්දි දෝෂාරෝපණේ පටං ගත්ත කොල්ලා අද ෆැක්ටරි එකට යනවා ජැන්ඩි පහට ඇදලා.
ප්‍රියංගා පුදුමෙන් බලං ඉද්දි කොල්ලා අම්මාගෙ මූණට හාද්දක් දීලා කාමරෙන් එළියට ගියා.
*******
මහීපාල අන්කල්..මොකද මේ කලබලේ
යෙහංසා ඔෆිස් රූම් එක පුරාවටම දෑස යැව්වෙ පුදුමෙන්. මහීපාල අන්කල් චමූ එක්ක බරටම වැඩ.ෆැක්ටරි එක ඇතුලෙ වැඩ කරන දෙන්නෙකුත් ඇවිත්. මකුළු දැල් කඩනවා. අතුගානවා.දූවිලි පිහිනවා. එක යුද්ධයයි.
කතා කරන්න වෙලා නෑ ළමයො.ඉක්මණට අර පිටිපස්සෙ තියෙන රෝස මල් පදුරෙන් රෝස මල් පොකුරක් කඩාගෙන එන්න.වෙන කරන්න දෙයක් නෑ මේ වෙලාවෙ. මං දැක්කා රතු රෝස මල් පිපිලා තියෙනවා.
යෙහංසා ඇස් හීනි කරලා මහීපාල දිහා බැලුවා.
අන්කල් පිස්සුද හැටිද මොකද මේ
කෙල්ලෙ ප්‍රියංගා නෝනා කිව්වා අද පුංචි මහත්තයා ෆැක්ටරි එකට එනවා කියලා වැඩ භාරගන්න.දැන් පිටත් වෙලා. තව විනාඩි පහලවක් යනකොට මෙතන ඉදී. ඉක්මණට ළමයො. මල්පොකුරක් කඩාගෙන එන්න.ඔය ළමයා ඒක දීලා පිළිගන්න
ඒත්
නෝනා ඉක්මන් කරන්න් අපි මේ ටික පිළිවෙලක් කරන්නම්.
චමුත් කලබලේ කෑ ගැහැවා.
යෙහංසා මූණත් එල්ලගෙන එළියට ගියා.
පිස්සු මෙයාලා ඔක්කොටම.ලොකු සර් කිව්වෙත් නෑ මෙහෙම එකක්. පුංචි මහත්තයා කියන්නෙ ලොකු සර්ගෙ පුතාද? අනේ මන්දා
යෙහංසා කලබලේ වුණත් කතුරක් හොයාගෙන රෝස මල් කපලා පොකුරක් විදහට හදාගත්තා. රිබන් එකකුත් හොයාගෙන පොකුර බැදගත්තා.
චමූ මේක හොදද
අප්පට සිරි..සුදු නෝනා වගේමයි මල්පොකුර
චමූ දත් තිස්දෙකම පෙන්නගෙන හිනා වෙනවා.
පිස්සු ..ආ..මේක චමූ දෙන්න
චීචී නෝනා ..මං වගේ නාටු කොල්ලෙක් සුදුසුද ඒ වගේ වැදගත් වැඩකට.සුදුනෝනා වගේ ලස්සන ගෑණු ළමයෙක්ගෙ අතින් මලු පොකුරක් දුන්නහමනෙ මහත්තයාට වුණත් කිරි උතුරන්නෙ.
මේ චමූ මං කියන් නෑ තමුන්ට
දැන් ඇති ළමයි රණ්ඩු වුණා. අන්න මහත්තයා ආවා වගේ.
කොයි යෙහංසා මිස් ඉක්මන් කරන්න.ඔය මූණ හදාගන්න..කෝ හිනාවෙන්න.වෙල්කම් කියන්න
මහීපාල අණ දුන්නා.යෙහංසා හිනාවක් මවා ගත්තා
අන්න හොදයි.
මහීපාල අන්කල් වෙඩින් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වගේ..මොකද්ද අප්පා.
යෙහංසා මිමිණුවා.
විහංග ඔෆිස් රූම් එකේ දොර අරිනකොටම යෙහංසා හිනාවීගෙනම රතු රෝස මල් පොකුර දිග් කළා.යෙහංසා ඇදගෙන හිටියෙ රතු පාටට හුරු සාරියක්.මල් පොකුරත් රතු. යෙහංසාගෙ මූණේ හිනාව එකපාරටම අතුරුදන් වුණා. ඒත් විහංග හිනාවීගෙනම මල් පොකුර අතට ගත්තා
යුවර් වෙල්කම් සර්
යෙහංසා අමාරුවෙන් වචන එකතු කළා.
මේ වගේ රස්තියාදුකාරයෙක් පුංචි මහත්තයා වෙන්නෙ කොහොමද?ඒත් දැන් නම් පුදුම තරම් කඩවසම්.වැදගත් පාටයි.
තෑන්ක්ස් ස්වීටී..
විහංග එහෙමම නැමිලා කෙල්ලගෙ කම්මුලක් සිපගත්තෙ මහීපාලගෙ ඇස් උඩ යද්දි.චමූ ඇස් දෙක තද කරලා වහගත්තා.යෙහංසා තාමත් ශොක් වෙලා බලං ඉන්නවා.
හායි මහීපාල අන්කල්..වට් අ සර්ප්‍රයිස් ආ…ඔයාලා කොහොමද මං අද එනවා කියලා දැනගත්තෙ.
විහංග මහීපාල දිහාට හැරුණා.
ආ..මේ ප්‍රියංගා නෝනා කිව්වෙ සර්..මේ දැන් ටිකකට කලින්නෙ පණිවිඩේ හම්බුවුණේ.අපිට ලොකුවට මොකුත් ලෑස්ති කරන්න බැරිවුණා.
මහීපාල ඔළුව කහ කහ හිනාවක් පෑවා.
ආ..ඒකට මොකද..මේ වෙල්කම් එකට මං ගොඩක් කැමතියි…ඕ යස්.
විහංග කිව්වෙ යොහංසාගෙ උඩ ඉදලා පල්ලෙහාට ඇස් යව යව අමුතු හිනාවක් මූණට අරගෙන.. ඒ වියරු ඇස් වල බැල්මට යෙහංසා රතු වුණා.
ඒක නෙවේ..මේ මෑන් කවුද?
විහංග ඇහැවෙ සාක්කුවට අත් දෙක දාගෙන චමූ ළගට ගිහින් .විහංගගෙ ඇස් වල තිබුණු දැඩි බැල්මට චමූට නිකම්ම බිම බැලුණා.
මේ චමූ..පියන් වැඩ කරන්නෙ.
උත්තර දුන්නෙ මහීපාල
එහෙමද එතකොට මේ ඔෆිස් එකේ ඉන්නෙ මෙච්චරද?
ඔව් පුංචි මහත්තයා.ෆැක්ටරියෙ නම් තිස් පහක් වැඩ. වත්තෙ අසූවක් වැඩ.
ම්..හොදයිනෙ..
කොල්ලා මේසයක් උඩ ඉදගතත්තා.
මහීපාල අන්කල්..මට ෆැක්ටරි එක ගැනයි. වත්ත ගැනයි ඩීටේල්ස් ඔක්කොම ඕනෙ.තව වැඩ කරන අය ගැනත් ඕනෙ
හරි පුංචි මහත්තයා.
ෆැක්ටරි එකේ හැමදේම බලන්නෙ අන්කල් නේද?
ඔව් මහත්තයා. කම්කරු අය ගැන බලන්න සුපර් වයිසර්ලා දෙන්නෙක් ඉන්නවා.
එතකොට මේ මිස් මොනවද කරන ඩියුටි.
කොල්ලා මහීපාලට ඇස් දෙකෙන් යෙහංසාව පෙන්නුවා. යෙහංසා දැන් ඉන්නෙ හොදටම බයවෙලා.ලැජ්ජාව ඊට එහා.ඊයෙ කොල්ලට බැනපු හැටි.ලොකු සර් ගැන කිය කිය තර්ජනේ කරපු හැටි.යෙහංසාට හිතුණෙ මෙතනම වලක් කපාගෙන වැළලෙන්න.ඒත් ඒ ඇස් වල තියෙන වියරුව දැක්කම යෙහංසාට දැනුනෙ පිළිකුලක්.
මේ ඉන්නෙ මිස් යෙහංසා. එයා තමා අකවුන්ට්ස් සෙක්ශන් එක කරගෙන යන්නෙ.සැලරි එහෙම ඔක්කොම වැඩ
ම්.. එහෙමද.ඒත් මං දැන් ඉන්නවනෙ අන්කල්. මට අකවුන්ට්ස් ඩිග්රි එකක් තියෙනවා.මට ඒවා කරගෙන යන්න පුළුවන්. ඔක්කොටම කම්පියුටර් සිස්ටම් හැදුවම වැඩේ ලේසි වෙනවා. මේ මිස්ව අපි ගෙදර යවමු.
කොල්ලා එහෙම කියද්දි යෙහංසාගෙ ඇස් බියෙන් සලිත වුණා.මහීපාලත් චමූත් මූණෙන් මූණ බලාගත්තා
අනේ පව් අපේ සුදු නෝනා.
චමූ හිතින් අඩනවා.යෙහංසාගෙ ඇස් වලට කදුලු පිරුනෙ නිරායාසයෙන්. යෙහංසා ජොබ් වලට පුළුවන් තරම් ඇප්ලිකේශන් දැම්මා. තාමත් දානවා. ඒත් ඒ එකක්වත් හරිගියේ නෑ.අද කාලෙ මේ වගේ ජොබ් එකක් හොයා ගන්නවා කියන්නෙ කළුනික හොයනවා වගේ වැඩක්.ෆැක්ටරි එකේ අකවුන්ට්ස් වැඩ කරපු පියසේන හදිසියේම අසනීප වෙලා අයින් වුණු නිසයි යෙහංසාට මේ රස්සාව හම්බුණේ.ඒකත් යෙහංසාගෙ තාත්තාට මහීපාල දුන්නු පණිවිඩේට.හදිසියේ එදා පඩි හදාගන්න බැරිවෙද්දි මහීපාලට වත්තෙ වැඩ කරන තියඹරාවගෙ දුව උසස්පෙළට කොමස් කළ බව මතක් වුණා.
තියඹරාවට දුන්නු පණිවිඩේට යෙහංසා මුලින් ආවෙ උදව්වක් විදිහට සැලරි හදලා දීලා යන්න.ඒත් අන්තිමේදි ගජවීර් මහත්තයා කෙල්ලට රස්සාව ස්ථිර කළා.එහෙව් රස්සාව නැතිවුණොත් මොනවා කරන්නද?පවුලෙ අය කාලා ඇදලා දැන් දුකක් නැතිව ඉන්නෙ රස්සාව නිසා.කොල්ලා දැක්කා යෙහංසාගෙ මූණ ඇඹූල් වුණු හැටි.ඇස්වලට කදුළු පිරුණු හැටි.
මිස්ටර් මහීපාල.මොකක් වුණත් හදිසියේම ජොබ් එක නැති කරන එක හොද නෑනෙ.ඒ නිසා මාස තුනක් කල් දෙමු වෙන එකක් හොයා ගන්න
විහංග ඉක්මණට එහෙම කිව්වා.
ඒත් පුංචි සර්.මේ යෙහංසා මිස් කමා අපිට උදව් කළේ. ලොකු සර් දන්නවා කතන්දරේ
අප්පච්චි මට ෆැක්ටරි එක දීලා තියෙන්නෙ. තීරණ ගන්නෙ දැන් මං.
කොල්ලා මේසෙන් බැහැලා මහීපාල දිහාට හැරුණා.
අන්කල් මට ෆැක්ටරි එක බලන්න ඕනෙ යමුද?
යමු සර්
මහීපාල චමූ එක්කම විහංග ඔෆිස් රූම් එකෙන් පිට වුණා. යෙහංසා තාමත් හිටපු තැනම ගල් ගැහිලා..විහංග ගියේ රෝස මල් පොකුර කෙල්ලගෙ මේසෙ උඩ තියලා.
දෙයියනේ කියලා කරගෙන හිටපු රස්සාවටත් හෙනහුරා පාත් වෙලා.මේක නම් මහ අපල කාලයක්. මං මොකද කරන්නෙ. ලොකු සර්ටයි.මැඩම්ටයි කතා කරනවා. ඒත් මට මෙතන වැඩ කරන්න වෙන්නෙ මේ පෝරිසාදායා එක්ක.දෙයියනේ බලන හැටි. මාව ඇස් වලින් ගිලිනවා.ඒ මදිවට කිස් කරන හැටි.කිසිම ලැජ්ජාවක් නෑ..කෙල්ලො ඉඹලා හොදට පුරුදු ඇති.ප්‍රියංගා මැඩම්ගෙ රට හිටපු පොඩි පුතාද මේ…ඔව්.සුද්දෙක් වගේ. අනේ මං මොකද කරන්නෙ.
කෙල්ල හෙමීට එයාගෙ සීට් එකට ගිහින් ඉදගෙන මේසේ උඩ ඔලුව තියාගත්තා.විහංග මහීපාල එක්ක ෆැක්ටරි එක නිරීක්ෂණ චාරිකාවක් ගියා.කොල්ලට ෆැක්ටරි එකේ දේවල් ගැන මෙලොව උවමනාවක් තිබුණෙ නෑ.ඒත් ප්‍රධානියාගෙ කැරැක්ටර් එක රග දක්වන්න ඕනේ..ඒ නිසා වැඩ කරන සේවකයො එක්ක කතා කරලා හැම වැඩක්ම හොදට තේරුම් ගත්තා.ෆැක්ටරි එක දියුණු කරන්න ඉස්සරහට කරන්න ඕනෙ මොනවද කියලත් කට්ටියටම උපදෙස් දුන්නා.
මහීපාල ෆැක්ටරි එකේ නැවතෙද්දි කොල්ලා ඔෆිස් රූම් එකට ආවා.ඒ එනකොට යෙහංසා හිටියෙ ඔලුව ඩෙස් එකේ තියාගෙන.කෙල්ලට එහෙමම නින්ද ගිහින්. කෙස් රොදක් නළලට වැටිලා. කොල්ලා හීන් සීරුවේ ඒ කෙස්රොද ඉවත් කළා. කොල්ලගෙ මූණට ආවෙ නසරාණි හිනාවක්. කොල්ලා මේසෙ උඩට අතමිට මොළවලා පාරක් ගැහැවා.
දඩාං
ඒ සද්දෙටයි දෝංකාරෙටයි යෙහංසා උඩ ගිහින් ඇහැරුණා.
බලද්දි විහංග මූණ දෙක කරගෙන යෙහංසා ඉස්සරහා ඉන්නවා.කෙල්ල සීරුවෙන් හිටගත්තා.
තමුන්ට නිදියනවටද මෙතන පඩි ගෙවන්නෙ
ආ…මේ..ස..සර් සො..සොරි
සොරි කිව්වම තමුන් නිදාගෙන හිටපු කාලෙන් ගන්න තිබ්බ ප්‍රයෝජනේ හරි යනවද?
සොරි සර්
කෙල්ල බිම බලාගත්තා.වැරැද්ද තමන්ගෙ .වැටුණු තැන නිදියන ඒ පුරුද්දට යෙහංසා තමන්ටම හිතින් බැන ගත්තා. විහංග මේසේ උඩ තිබ්බ රෝස මල් පොකුරෙන් මලක් අරගෙන හෙමීට ඒ මල යෙහංසාගෙ මූණෙ ගෑව්වා.යෙහංසා බයවෙලා බලං හිටියෙ මහීපාල අන්කල් තවම එන් නැත්තෙ මොකද කියලා හිත හිත.රෝස මල කෙල්ලගෙ ගෙල දිහාට ඇදෙනවා.
රෑ ඇහැරගෙන මොනවද කරන්නෙ
විහංග ඇහැවෙ යෙහංසාට තවත් ළං වෙන ගමන්.යෙහංසා නොසන්සුන් වුණා.විහංග නොසන්සුන් ඇස් වලින් යෙහංසාගෙ දිලිසෙන ඇස් දිහා බලං හිටියා.
ආ..
ඇහුණනෙ අහපු දේ
ස..සර්..මං රෑට නිදනවා
එහෙනම් ඇයි දවල්ටත් නිදියන්නෙ
ආයෙ එහෙම වෙන් නෑ.
අද දවසෙ පඩිය කපනවා හරිද
අනේ..
මේක ඕඩර් එකක්
කෙල්ල ආයෙත් බිම බැලුවා
හවසට නිදනකොට ගෙදර දොරයි කාමරේ දොරයි ලොක් කරලා නිදනවා. ගවුම උඩ දාගෙන නිදන් නැතිව ශීට් එකක් පොරව ගන්නවා.මං කැමති නෑ ඔය ලස්සන මං ඇරෙන්න වෙන එකෙක් දකිනවට
විහංග එහෙම කියලා රෝස මල යෙහංසාගෙ අතට දීලා කාමරෙන් පිටවුණා.යෙහංසා තුෂ්ණිම්භූත වෙලා බලං හිටියේ ඒ මොකද්ද කිව්වෙ කියලා හිතා ගන්න බැරුව.
ඊයේ මට ගේ දොර ලොක් කරන්න අමතක වෙලා තිබ්බේ.ඊයේ ආවෙ ශාලිකානේ .අනේ මන්දා
යෙහංසා ඒ ගැන හිතන එක නතර කරලා වැඩ පටං ගත්තා.නැත්නම් හෙට දවසේ පඩියත් කපලා දායි. නපුරු වලව් පුතා.මහීපාල අන්කල් ආවෙ එතකොට
යෙහංසා මිස්
අන්කල්
ඉස්සරහට චෙක් වලට පුංචි සර්ගෙ සයින් එක දාන්න ඕනෙ.ඒ නිසා බැංකුවට යවන්න අත්සන් කාඩ් ලෑස්ති කරන්න.සර් ආවම අත්සන් ගන්න
හා අන්කල්
කොයි සර්..ඔෆිස් එක පැත්තට ආවානෙ
ඇවිත් ගියා අන්කල්
මහීපාල චමූට කතා කරලා තේ ලෑස්ති කරන්න කිව්වා. අතුරුදහන් වෙලා හිටපු විහංග ආයෙ ආවෙ දවල් කෑමෙන් පස්සෙ.යෙහංසා අත්සන් කාඩ් ඇරගෙන කොල්ලාගෙ මේසේ ඉස්සරහා තිබුණු පුටුවෙන් වාඩිවුණා.මහීපාල එයාගෙ මේසේ ඉදගෙන පාඩුවේ වැඩ.චමූ ෆොටෝ කොපි වගයක් ගන්නවා.
සර්..සර්ගෙ නම ලියන්නෙ කොහොමද?
විහංග බල බල හිටපු ෆයිල් එකෙන් ඇස් යෙහංසා දිහාට යොමු කළා.
වියන්න..හයන්න.බිංදු…ව ගයන්න..කොම්බුව.. කයන්න.. ගයනු කිත්ත.. ශයන්න..ලයන්න… යංශය.. මයන්න… ඇලපිල්ල..දයන්න.. ගෙයන්න.. දයන්න.. රයන්න
යෙහංසා ඇස් බෝල කරන් බලං හිටියෙ ඒ කිව්වෙ මොකද්ද කියලා හිතා ගන්න බැරුව.
මහීපාල බෝතල් අඩි කණ්ණාඩිය ගලවලා යටැසින් විහංග දිහා බැලුවා.චමූ කටත් ඇරගෙන බලං ඉන්නවා
තමුන් ඔහොම බලං ඉන්නෙ මොකද? මීට කලින් මං වගේ හැන්ඩ්සම් ස්මාර්ට් ගුඩ් ලුකින් කොල්ලෙක් දැකලාම නැද්ද?එතකොට තමුන්ලා..තමුන්ලට ඕප දූප දිහා බලං ඉන්නවට වඩා වැඩ නැද්ද කරන්න.
කොල්ලා අන්තිම ටික කිව්වෙ චමූට රවලා. මහීපාලට දබර ඇගිල්ල දිග් කරලා.දෙන්නම ආපහු තම තමන්ගෙ රාජකාරි වලට අවධානය යොමු කළා
එතකොට තමුන්..තමුන් හිතුවෙ මං අවුරුදු ගාණක් රට හිටියට මව් භාෂාව අමතක වෙලා කියලද?මාව විහිළුවකට ගත්තද?
කොල්ලා ගිගිරුවා. කෙල්ලට දාඩියකුත් දැම්මෙ වෙච්චි දේ හිතාගන්න බැරුව.
ස..සර්..මං ඇහැවෙ සර්ගෙ නම මේකෙ ලියන්න..බැංකුවට අත්සන් කාඩ් යවන්න.
මගෙ නම තමුන් දන්නෙ නැද්ද
යෙහංසා ඔලුව දෙපැත්තට වැනුවා.
විහංග කෞෂල්‍ය මැදගෙදර
විහංග හිනාවුණේ කට කොනෙන්.
මොකද්ද
ආ..
මොකද්ද නම කියනවා බලන්න
මහීපාලටත් මේවා ඇහෙනවා.මේ කොල්ලා නම් පිස්සෙක්..ඒත් මොනවා කරන්නද බොස්නෙ දැන්.
වි..විහංග
වි..විහංග නෙවෙයි.විහංග .. විහංග කෞෂල්‍ය මැදගෙදර ආයෙ කියනවා බලන්න
විහංග කෞෂල්‍ය මැදගෙදර
ගුඩ් ගර්ල්
කොල්ලා කෙල්ලගෙ පැත්තට කැරකෙන පුටුව ළං කරගෙන මේසෙට නැමුණා.
තමුන්ගෙ අනාගත ස්වාමි පුරුෂයාගෙ නම
කොල්ලා යෙහංසාට විතරක් ඇහෙන්න එහෙම කියලා ඇහැක් ගැහැවා.යෙහංසා රතු වුණේ කේන්තියෙන්..
සර් නෙවෙයි නම් දෙනාව පාරක් අත්සන් කාඩ් එකෙන්.
කෙල්ල හිතින් බනිනවා.
දැන් ඇහුණනෙ නම..ලියනවා ඉතිං
අම්මෝ මේ සර්ගෙ සැර..ලොකු මහත්තයා පරාදයි
චමූ එහෙම හිත හිතම ෆොටෝ කොපි ටික මහීපාලට දීලා එළියට ගියා.
විහංග හවස් වරුවෙ ඔෆිස් එකෙන් ගියා..යෙහංසා බය සැක නැතුව හුස්ම ගත්තෙ එතකොට.යෙහංසා පුරුදු විදිහටම ස්කූටරෙන් ගෙදර එන්න පිටත් වුණා.අද නම් කෙල්ලට ෆුල් අප්සෙට්. හෙට දවස ගැන මහා නොදන්න බියකින් මුළු හිතම අදුරු වෙලා.
වත්තෙ පාළු හරියක පාරෙ මැද විහංග බයික් එක නතර කරගෙන ඉන්න හැටි දැක්කම යෙහංසා තවත් අප්සෙට් වුණා.කෙල්ල ස්කූටරේ නතර කලේ එතනින් එහාට යන්න බැරිවුණු නිසා.
මේ සර්මද?
යෙහංසා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා.ඉස්සෙල්ලා හිටිය ඩීසන්ට් බෝයි නෑ දැන්. ඊයෙ හිටිය රස්තියාදුකාරයා තමා ඉන්නෙ.ඩෙනිමට කොලර් නැති කහපාට කොට ටීෂර්ට් එකක් ඇදලා.විහංග කෙල්ල ළගට ආවා.
බහිනවා
කොල්ලා අණ කළා.යෙහංසා බයික් එක දිහාට ඔරවගෙන හිටියා.
බහිනවා
මට බෑ
ඇයි.
මොකටද බහින්නෙ
මට කතා කරන්න ඕනෙ
විහංග හැන්ඩ්ල් එක උඩ තිබ්බ යෙහංසාගෙ දකුණු අත උඩ අත තිබ්බා.
ගන්නවා අත අහකට
යෙහංසා තරහින් කිව්වා.
ඒයි..තමුසෙගෙ බොස්ට ඔහොමද කතා කරන්නෙ.
බොස් වෙන්නෙ ඔෆිස් එකේදි විතරනෙ..එළියෙදි බොස් නෙවෙයිනේ.
වාව් ඩාලිං ..ඔයා ඒ ඇත්ත තේරුම් ගත්ත එක කොච්චර දෙයක්ද?එළියෙදි මං ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්.
පිස්සුද? තමුන් හිතාගෙන ඉන්නෙ මාත් පිටරට හිටපු සුද්දියක් කියලද? නැත්නම් වත්තෙ රබර් කිරි කපන ඕනම දෙයකට ඔලුව වනන කෙල්ලෙක් කියලද?
කෙල්ල අත ඉවතට ගත්තා.විහංග කෙල්ලගෙ බාහුවකින් ඇදලා ස්කූටරෙන් බස්සවගත්තා.
මොකද ඔච්චර ආඩම්බර ආ..
ගෑණුන්ට බලෙන් කරදර කරන්නෙ කොන්ද පණ නැති පිරිමි.
ඇත්තට තමුසෙ මටද කොන්ද පණ නෑ කිව්වෙ.
යෙහංසා දගලලා විහංගගෙන් මිදුණා.
තොප්පිය හරි නම් දාගන්නවා
කොල්ලා යෙහංසාගෙ කට උල් වෙන්න නිකට තද කළා.
කට වැඩියි හොදටම.ඔෆිස් එකේ නම් ඉන්නෙ වැඩ බැරි ටාසන් වගේ
වැඩ බැරි ටාසන් තමුන් තමා.බොරුවට ෆයිල් පෙරළ පෙරල හිටියට මෙලෝ වැඩක් බෑ.කොච්චරවත් ඇස් තියෙන්නෙ මං ළග වැඩ බැරි නිසානෙ ඒ.
කෙල්ල ඇස් නටව නටව කියද්දි කොල්ලගෙ මූණට ආවෙ අපූරු හිනාවක්.
ස්වීට් ..ඒ කියන්නෙ ඔයත් මං දිහා තමා බලාගෙන ඉදලා තියෙන්නෙ.නේද? අම්මෝ මට දැනෙන සංතෝසෙ.
මට පිස්සු නෑ වැඩ බැරි ටාසන්ලා දිහා බලන්න.
දවසක පෙන්නන්නම්කො වැඩ. අද වුණත් පුළුවන්. ඒත් පවුනෙ තමුසෙ.පොඩි කෙල්ලක්නෙ තව
විහංග යෙහංසා නොහිතුව විදිහට කෙල්ලගෙ දෙතොල් සිපගත්තා.යෙහංසා ඒ තත්පරේට කොල්ලව තල්ලු කරලා කම්මුලට ගැහැවා.
ඊළඟ පාර මට අත තිබ්බොත් ගහන්නෙ සෙරෙප්පුවෙන්. හරිද මහත්තයා.
යෙහංසා තරහින් පුපුර පුපුර කියලා ස්කූටරේට නැගලා යන හැටි කොල්ලා බලං හිටියෙ කම්මුලත් අල්ලගෙන තුෂ්ණිම්භූතව
මේකි මාර කෙල්ලක්නේ
කොල්ලා හිතුවෙ පුදුමෙන්. වෙන කෙල්ලෙක් නම් මං ෆැක්ටරි එකේ අයිතිකාරයා කියලා දැනගත්තට පස්සෙ බය වෙන්න ඕනෙ. නැත්නම් මට කැමති වෙන්න ඕනෙ. බලෙන් හරි යාළුවෙන්න දඟලන්න ඕනෙ. ඒත් මේකි මට කම්මුලටත් පාරක් ගැහැවා. මරු කෙල්ලෙ..මං කැමතියි උඹට..උඹ හරියන්නෙ මටමයි. කොල්ලා කම්මුල පිරිමැද්දෙ සන්තෝසන්.
සිනිදු ඇතැඟිලි
විහංග මුමුණ මුමුණ බයික් එකට නැග්ගා.
යෙහංසා පුළුවන් වේගෙන් ගෙදර ගියා.
දුව ආවද? ළමයො මේසෙ උඩ තිබ්බ ඔයාගෙ ෆොටෝ එක අරං තිබ්බද?
කෙල්ල ගෙට ගොඩ වෙනකොටම නාලිනී ඇහැවෙ ෆෝටෝ එක හැම තැනම හොයලා ඒක නැති නිසා.
නෑ අම්මා…
එහෙනම් කොයි දරුවො ඒක නැහැනෙ.
මෙතනනෙ තිබ්බෙ.
ඒකනෙ
යෙහංසා කාමරේට ගියා..ෆොටෝ එක ගැන සිහියක් කෙල්ලට නෑ.විහංග තුරුළු කරගෙන දෙතොල් සිපගත්ත හැටි යෙහංසාගෙ හිතේ හොල්මන් කරනවා.පිරිමි ළමයි කී දෙනෙක් යාළුවෙන්න ඇහැවත් යෙහංසා තනිකඩව හිටියා.ඒ තියා කොල්ලෙක් අතකින් අල්ලලාත් නෑ.ඒත් විහංග බලෙන්ම අතත් අල්ලලා. කම්මුලත් ඉඹලා , ඒ මදිවට දැන් ටිකකට කලින් …
යෙහංසාට ඇඩුනෙ තරහටමයි.සිද්ද වෙන්න යන්නෙ නරක දෙයක් ඉක්මණට වෙන රස්සාවක් හොයා ගන්න කෙල්ල තීරණේ කළා.. මේ ප්‍රශ්න ගෙදරට කියන්නත් බෑ.
දවස් දෙකක් පාඩුවේ ගෙවිලා ගියා. විහංග ඔෆිස් එකට ආවට නිකම්වත් යෙහංසා දිහා හැරිලා බැලුවෙ නෑ. කොල්ලා ඔෆිස් එකේ රැදුනෙ පැය දෙකයි. ඒ පැය දෙකට ෆයිල් වල වැඩ. ෆැක්ටරි එක බලන්නත් යනවා. අලුත් මැෂින් වගයක් ගන්න කෝටේශන් ගෙන්න ගන්න කියලා මහීපාලට කියනවත් කෙල්ල අහගෙන.. තව සැලරි වලට අලුත් සොෆ්ට් වෙයාර් එකක් ගැන කතා කරනවත් ඇහුණා.
ෆයිල් ගොඩේ යෙහංසාගෙ ලෝන් ඇප්ලිකේශන් එක තියෙනවා දැක්කත් කොල්ලා ඒක ගැන සැලකුවේ නෑ. ෆැක්ටරි එකේ සේවකයින්ට හදිසි අවස්ථා වල ණය පහසුකම් දෙන වැඩපිළිවෙලකුත් ෆැක්ටරි එකේ තිබ්බා.විහංග ගියාට පස්සෙ යෙහංසා ෆයිල් බැලුවා. ඇප්ලිකේශන් එක දැන් දවස් තුනක් බොස්ගෙ මේසෙ උඩ.අනිත් ඔක්කොම සයින් කරනවා.ඒකට විතරක් අත තියන් නෑ.
මහීපාල අන්කල්.. සර් අදත් මගෙ ලෝන් ඇප්ලිකේශන් එක සයින් කරලා නෑනෙ.
යෙහංසා මැසිවිලි කිව්වා.
ඉතිං දරුවො සර්ට පොඩ්ඩක් මතක් කළා නම් හරිනේ..
මතක් කරන්න මූණ බලන්න එපැයි
මොනවා.
නෑ මං කිව්වෙ සර් කතා කරන්නෙ නෑනෙ මට. මාව රස්සාවෙන් අයින් කරනවා කිව්වනෙ.ඒ නිසාද දන් නෑ ලෝන් එක ඇපෘෘ නොකරන්නෙ.
ඔය කිව්වට සර් එහෙම කරන එකක් නෑ.දැන්ම කලබල වෙන්න එපා. සර් ඊයෙත් මගෙත් එක්ක කිව්වා යෙහංසා මිස්ගෙ වැඩ හොදයි පිළිවෙලයි කියලා.
යෙහංසා ඇස් බෝල කරන් මහීපාල දිහා බැලුවා.
එයා ඇත්තටම එහෙම කිව්වද?
යෙහංසා මිස් හෙට සර් එක්ක කතා කරන්න..ඇත්තම කියන්න.ලෝන් එක ගන්නෙ ඇයි කියලා..ඔය වසවර්තියා වගේ හිටියට සර්ගෙ හිත හොදයි..ඊයෙ ෆැක්ටරි එකේ ඇවිදිද්දි අර ගුණපාල වැඩ කරන ගමන් අඩනවා දැක්කා. සර් කතා කරලා ඇයි කියලා ඇහැවා.ගුණපාලගෙ දරුවා ඉස්පිරිතාලෙලු.සෙල්ලමට ගහකට නැගලා වැටිලා.ගුණපාල සල්ලි නැති නිසා වැඩට ඇවිත්.මහත්තයා ඒ වෙලාවෙම පර්ස් එකෙන් පන්දාහෙ නෝට්ටු පහක් ඇදලා ගුණපාලට දීලා සතියකට නිවාඩුත් දුන්නා.ඒත් ගුණපාල සල්ලි ගන්න අදිමදි කළා.එතකොට මහත්තයා කිව්වා මේ සල්ලි ණයක් නෙවේ දරුවා වෙනුවෙන් දුන්නෙ කියලා.දරුවා බලන්නත් එන්නම් කීවා.අඩුපාඩු ගැන කියන්න කීවා.
යෙහංසාට ඒක විශ්වාස කරන්නත් බෑ..පුදුමයි..පුදුමෙනුත් පුදුමයි.
යෙහංසා පහුවදා බලං හිටියට විහංග ආවෙ නෑ.පොලී මුදලාලි උදෙත් ආවා.ස්කූටරේ ගත්තෙ පොලී මුදලාලිගෙන් ණයක් අරගෙන.ලාබෙට හම්බුණ නිසා කලින් පාවිච්චි කරපු එකක් වුණත් කෙල්ල ඉක්මණට ස්කූටරේ අරගත්තෙ.ගමන් පහසුව ගැන හිතලා.තවම එල් බෝඩ්.
ඔෆිස් එකෙන් ලෝන් එකක් දාලා ඒක ගෙවන්න හිතුවෙ පොලී වාරිකෙත් එක්ක දරාගන්න අමාරු නිසා.ඔෆිස් ලෝන් එකේ පොලිය බැංකු පොලියටත් වඩා ගොඩක් අඩුයි..සහනයක් දීලා තියෙන්නෙ..පොලී මුදලාලි කලින් පොරොන්දු වුණු වාරිකේට වඩා දෙගුණයක් ඉල්ලනවා දැන්.ඒ මනුස්සයා එක්ක තර්ක කරන්නත් බෑ.යෙහංසාට ස්කූටරෙත් එපා වෙලා තිබ්බෙ.
එළියෙ තිබ්බෙ මහ වරුසාවක්. අද නම් ගෙදර යන හැටි කෙල්ලට හිතා ගන්න බෑ. ස්කූටරේ එන නිසා කුඩයක් ගෙනාවෙත් නෑ.උදේ වරුවෙ නොතිබ්බ වැස්සක් හවස් වරුව පුරාම කඩන් හැලුණා. මහීපාල බැංකුවට ගිය පාර තාම ආවෙ නැහැ.
චමූ කොයි ලෝකෙද දන් නෑ.කෙල්ල ඕෆ් වෙන්නෙ හතරට. ඒත් දැන් හතර හමාරයි. වැස්ස අඩු වෙනකල් යෙහංසා බලාගෙන හිටියා. ඔෆිස් රූම් එකේ දොර ඇරුණා. යෙහංසා පුදුම වුණේ මහීපාල අන්කල් නැතිව විහංග රූම් එක් ඇතුලට එද්දි.කොල්ලා බාගෙට තෙමිලා.ජීප් එකේ ආවට එළියෙ ඉදලා ඇතුලට එද්දි වැස්සට අහුවුණා.විහංග යෙහංසා දිහා එක බැල්මක් විතරක් හෙලලා තමන්ගෙ සීට් එකෙන් වාඩි වුණා.කොල්ලා සාක්කුවෙන් ලේන්සුවක් ඇදලා මූණ අතපය පිහගෙන මේසෙ උඩ තිබ්බ ෆයිල් ටික දිග ඇරගත්තා.යෙංහසා බලං හිටියට නිකංවත් ඔලුව උස්සලා කෙල්ල දිහා බැලුවෙ නෑ..ෆයිල් ඔක්කොම අත්සන් කළත් යෙහංසාගෙ ෆයිල් එකට අත තිබ්බෙ නෑ. යෙහංසා පුටුවෙන් නැගිටලා කොල්ලා ළඟට ගියා.
සර් මට ටිකක් කතා කරන්න ඕනෙ.
විහංග දැඩි බැල්මක් කෙල්ල දිහාවට හෙලුවා.යෙහංසා බිම බැලුවෙ ඒ බැල්මේ වියරුව දරා ගන්න බැරුව.
කොල්ලා කැරකෙන පුටුවෙ එහෙ මෙහෙ කැරකුණා.
මට කතා කරන්න දෙයක් නෑ
විහංග නැගිටලා යන්න හැදුවා.
සර් ප්ලීස්..ඇයි මගේ ලෝන් එක ඇපෘෘ කරන්නෙ නැත්තෙ
යෙහංසා ඇහැවෙ අසරණ විදිහට.කෙල්ල දන්නවා කොල්ලා මෙහෙම කරන්නෙ පළිගන්න කියලා.
මොන ලෝන් එකද?
මේ ෆයිල් එකේ තියෙන්නෙ
ඔහ් මේකෙ එහෙම එකක් තියෙනවද?
කොල්ලා ආයෙත් සීට් එකේ ඉදගත්තා
ෆයිල් එක පෙරලලා බැලුවා.
සම්පූර්ණ නම මිස් යෙහංසා රශ්මිණී තියඹරාව..වයස අවුරුදු විස්සයි
මොකටද ලෝන් එක ගන්නෙ
සර් .මං ස්කූටරේ ගන්න පොලියට සල්ලි ගත්තා.ඒක ගෙවන්න මට අමාරුයි. පොලිය වැඩියි. ඒ නිසා සැලරි එකෙන් කැපෙන්න මේ ලෝන් එක ගන්නෙ.
බ්‍රෑන්ඩ් නිව්ද ස්කූටරේ
නෑ සකන්ඩ් හෑන්ඩ්
විහංග පෑන අරගෙන අත්සන් කළා.යෙහංසාට දැනුනෙ සතුටක්. මහීපාල අන්කල් කිව්වෙ ඇත්ත වගේ සර් හොදයි
තෑන්ක්ස් සර්
විහංග දිග් කරපු ෆයිල් එක අරගෙන කෙල්ල තමන්ගෙ මේසෙ ළඟට ගියා.ෆයිල් එක අරං තියලා යන්න බෑග් එක අතට ගත්තා
ඔහොම ඉන්නවා
විහංංග කෙල්ල ළඟට ආවා.අදත් අර කහ සාරිය ඇදගෙන ඉන්නෙ.කෙල්ලට තිබ්බෙ සාරි පහයි.ඒ ටික තමා මාරුවෙන් මාරුවට අදින්නෙ
කහ කිරිල්ලි
විහංග කෙල්ලගෙ කනට ළංවෙලා කෙදිරුවේ රහසින්.අඩු වේගෙන යන වැස්සෙ සීතල පරදවලා යෙහංසා උණුසුම් වුණේ කොල්ලගෙ පහසින්.යෙහංසාගෙ බද වටේ අත දාගෙන විහංග කෙල්ලගෙ කම්මුල් දෙතොල් සිපගත්තෙ ආදරණීය විදිහට.යෙංහසාට ඈත් වෙන්න ඕනෙ වුණත් එදා වාගෙ විහංගට විරුද්ධ වෙන්න බැරිවුණා.විහංග ටිකකින් ඈත් වුණා
මැඩම් ඔය සෙරෙප්පුව ගැලවෙන් නැද්ද?
විහංගගෙ මූණෙ තිබ්බෙ දගකාර හිනාවක්.
ආ
ඇයි මතක නැද්ද එදා මට තර්ජනේ කලේ ආයෙ අත තිබ්බොත් මට සෙරෙප්පුවෙන් ගහනවා කියලා.කොයි.
යෙහංසා ලැජ්ජාවෙන් රතු වුණා.මෝඩි..කෙල්ල තමන්ටම බැනගෙන යන්න හැදුවා
මොකද දුවන්නෙ ආසයිනේ
පිස්සුද
මං ලෝන් එක ඇපෘෘ කරපු නිසානෙ කරබන හිටියේ. කෙල්ලො සල්ලි වලට ඕන දෙයක් කරනවා.ෂිට් ජරාවක් මහ
කොල්ලා සාරියෙන් වැහිලා නැති කෙල්ලගෙ බදට අත තිබ්බා.
මේ මහත්තයා.. ඒ වෙන කෙල්ලො මං නෙවෙයි මට ඕනෙ නෑ ලෝන් තමුන්ම තියාගන්නවා.. පොලී මුදලාලිට සල්ලි ගෙවන එක නම්බුකාරයි මීට වඩා. මගේ ගොන් කම.
විහංග බලං ඉද්දිම යෙහංසා ලෝන් ෆයිල් එක අරගෙන ඒකෙ කොල ඉරලා විසිකළා.තරහින් ගස්සගෙන යන යෙහංසා දිහා කොල්ලා බලං හිටියේ පුදුම වෙලා.
එක පාරටම ආවේශ වුණා වගේ.. තරහා ගියාමත් මාර ලස්සනක්..විහංග බාගෙට වැවීගෙන එන රැව්ල් කොට පිරිමැද්දා.