‘යශේන් ගිහංස ගජධීර්..’
පුංචි පුතාට දැන් මාස හයයි. පුතාගෙ කිරි සිනා මැද හංසක ගිහාරා එක්ක බොහොම සතුටින් කාලය ගත කලා.
‘‘කොයි? පුතා නිදිද? ”
හංසක ඇහැවෙ සඳලුතලේට ආව ගිහාරගෙන්..
‘‘ ඔව්… නැනී අම්මා අරං ගියා. රෑට ඇහැරුනොත් ගේන්නම් කීවා.. ”
‘‘හ්ම්.. ”
‘‘සීතලයි… කලුවරයි.. ”
‘‘ගිහාරා.. ”
හංසක ගිහාරාගෙ අතකින් අල්ලලා ළඟට ඇදගත්තා. ගිහාරාගෙ රත්දෙකොපුල් දිස්නෙ දෙනවා. කොල්ලා හෙමීට ඒ දෙකොපුල් අත ගෑවා.
‘‘ ලස්සනයි ..දැන් තවත්.. ”
‘‘ කවුද.. ”
‘‘ තාරි.. ”
කොල්ලා ඇහැක් ගැහැවා. ගිහාරා අමනාපෙන් අහක බැලුවා..
‘‘හංසක දෙයක් අහන්නම් ඇත්තම කියනවද. ”
‘‘ අහන්න.. ”
‘‘ එදා ඔයා තාරි ලග හිටියා කියලා අමායා ආන්ටි කියද්දි මට දැනුනෙ පුදුම දුකක්. ඇත්තටම ඔයා එහෙ ගියාද? ”
‘‘නෑ..මං තාරිව මැරි කරන්න හැදුවෙත් ඔයා එක්ක තිබුණු තරහට.. මං මෝඩයෙක් වගේ හැසිරුනේ.. ඒත් මං කවදාවත් තාරිකාට එහෙම ළං වෙලා නෑ..මට එහෙම කරන්න බෑ ගිහාරා.. ”
‘‘ ගිහාරා හිනා වුනා.. ”
‘‘ මගෙ නෙලුම් මල…මං ආදරෙයි මහ හුඟක්.. ”
හංසක කිව්වෙ ඇස් දෙකේ උතුරන ආදරෙන්. ඒ රත් දෙකොපුල් වල දෙතොල් තිබ්බ කොල්ලාගෙ ගැඹුරු සුසුම් ගිහාරාගෙ මුලු හිතම සලිත කලා. හංසකගෙ ග්‍රහණය දැඩි වෙද්දි ගිහාරා ඒ පපුව කොනිති ගැහැවා.
‘‘ හංසක ..හොඳ මහත්තයානෙ..අනේ එපා.. ”
‘‘බෑ..අද නම් හොඳ මහත්තයෙක් වෙන්න බෑ..අද මං අන්තිම නරක වෙනවා.. ”
‘‘අනේ.. ”
‘‘මං පව් නැද්ද? ඇයි හැම වෙලේම මගෙන් ඈත් වෙන්නෙ. තවම තරහද? දැන් පලිගත්තා මදි ද? ”
හංසක ඇහැවෙ ගිහාරාගෙ ඇස් වලට එබීගෙන. ඒ ඇස් දිලිසෙනවා..
‘‘මදි.. ඔයා වගේ පළිගන්න මාත් තීරණේ කළා.. ”
‘‘එහෙමද? ”
‘‘ඔව්…එහෙනම් හෙට ඉදන් සිරාවටම පළිගමු.. ”
‘‘ආ.. හෙට ඉඳන්.. ”
කොල්ලා ඇහැක් ගහලා ගිහාරාව තුරුලු කර ගත්තා..
———————————–
පුංචි යශේන් ගිහංස දැන් මොන්ටිසෝරි යනවා. ගිහාරා මොන්ටිසෝරිය ළගට ආවෙ ක්ලිනික් ගිහින් ඉවර වෙලා. අද හංසකට ස්පෙශල් මීටින් එකක් නිසා ගිහාරව එක්ක යන්න එන්න බැරි උනා. නැනී අම්මටත් ටිකක් අසනීප නිසා ගිහාරා ආවෙ තනියම. ගිහාරා එහෙමම මොන්ටිසෝරි එක ළගට ආවෙ පුතාව එක්ක යන්න. එතනට යනකොටම ගිහාරා දැක්කෙ එතන ලොකු කලබලයක්. ගිහාරා අඩිය ඉක්මන් කලේ ටිකක් බයෙන්..
‘‘ ඇයි මොකද වෙලා තියෙන්නෙ..? ”
ගිහාරා ඇහැවෙ වටවෙලා හිටපු කෙනෙක්ගෙන්.
‘‘ මොන්ටිසෝරියෙ පුතෙක් පාර පනින්න යද්දි වාහනේකට යටවෙන්න ගිහින්..එයාව බේරගෙන.. ”
ගිහාරාගෙ හොඳටම බයවෙලා කලබලෙන් ඉස්සරහට ගියා.. පුංචි ගිහංස ටීචර්ගෙ බෙල්ලෙ එල්ලිලා අඩනවා. ගිහාරාගෙ පපුව ගැහෙන වේගෙ තවත් වැඩිවුණා. ගිහාරා ඉක්මණට ගිහින් ගිහංසව තුරුලු කර ගත්තා.
‘‘ අම්මී.. ”
‘‘මගෙ පුතා.. ”
‘‘ ගිහංසගෙ අම්මා..ආපු එක හොදයි..ඇයි අද ලේට් උනේ.. ”
ගිහංසගෙ ටීචර් ඇහැවා.
‘‘ මට ක්ලින්ක් එක තිබ්බා මිස්..මොකද උනේ.. ”
‘‘ මට ගෙදරින් හදිසි කෝල් එකක් ආවා. මං පොඩ්ඩක් එහාට යද්දි ගිහංස ගේට් එකෙන්තනියම එලියට ඇවිත්. සිකුරුටි දැකලත් නෑ..පාරෙ වාහනේකට යටවෙන්න යද්දි එක්කෙන්කෙ දැකලා බේරගෙන. ”.
ගිහාරා ගිහංසගේ ළපටි අත පය සිප ගත්තා..
‘‘ අනේ මිස්..මං හිතල පරක්කු උනේ නෑ. අද ඩොක්ටර් එන්න ටිකක් පරක්කු වුණා. ”
‘‘ ඒකනෙ..කමක් නෑ..ඒ බෝයි හිටියෙ නැත්නම් .. අම්මෝ හිතනකොටත් බයයි.. ”
‘‘අනේ ඒ කවුද මිස්? ”
‘‘එයා දැන් මෙතන හිටියනෙ.. කොයි දැන්.. ”
ගුරුතුමිය වටපිට බැලුවට ඒ කෙනා පේන්න හිටියෙ නෑ…
‘‘ගිහින් වගේ..මං ඇතුලට යනවා”
ගුරුතුමී ඇතුලට ගියාම මිනිස්සුත් ඈත් වෙලා ගියා..
‘‘මගෙ පුතා.. ඔයා හොඳින් නේද? ”
‘‘ඔව් අම්මී..අර අන්කල් පවු..එයාට තූල උනා.. ”
පුංචි ගිහංස කට උල් කළා.
‘‘මොන අන්කල්ද පුතා .. ”
‘‘ මාව බේර ගත්ත අන්කල්..අපි දෙන්නම රෝල් උනා. ලොකු බස් එකක් ආවෙ ”
‘‘ ඇයි මගෙ පුතා තනියම පාරට ආවෙ.. ”
‘‘ මට නිකමට එන්න හිතුනා.. ”
‘‘ ආයෙ එහෙම කරන්න එපා.. ”
‘‘ අම්මී..ඔයා දන්නවද? ඒ අන්කල්ගෙ නමත් යශේන් කිව්වා.. ”
‘‘මොකද්ද .. ”
ගිහාරගෙ හිත ගැස්සුනා..
‘‘යශේන්…එයා කිව්වා මට කිසිදේකට බයවෙන්න එපා කියලා.. ”
‘‘පුතා. .ඔය ඇත්තමද? ” .
‘‘ඔව් අම්මී. ”
ගිහංසට බොරු කියන්න වුවමනා නැති බව ගිහාරා දන්නවා.
‘‘ මගෙ පුතා ඒ අන්කල් ඔය ඩිංගට ඕවා කිව්වද ? ”.
‘‘ඔව්. එයා මාව වඩාගෙන ටීචර් ලගට ගෙනත් දෙන කොට කිව්වෙ. එයා හරි හොඳයි නේද? ”
ගිහාරා උවමනාවෙන් වටපිට බැලුවා.
‘යශේන්. එහෙනම් ඔය මැරිලා නෑ. එදා වෙඩි තිබ්බට ඔයා බේරෙන්න ඇති. වෙන කෙනෙක් මැරෙන්න ඇති . යශේන් ඇයි අපි ඉස්සරහාට එන්නෙ නැත්තෙ.. ඔයා කොච්චර කල් අපිව මෙහෙම රකිනවද? ”
ගිහාරගෙ හිත කෑ ගැහැවා. ගිහාරා වුනු හැමදේම හංසකට කියද්දි හංසකගෙ හිත ඒ අතීත දවසට දිව ගියා. යශේන් හොස්පිට්ල් එකට ගිහින් ගිහාරා වගේම බබාව බලලා හංසක ළඟට ආවා. ඒ වෙලාගෙ ගිහාරා බබා එක්කම නිදාගෙන හිටියෙ.. ඒ නිසා ගිහාරා දන්නෙ නෑ යශේන් ආවා කියලා..
‘‘හංසක.. මං උඹට එකක් කියන්නම්.. ගිහාරා කියන්නෙ මනුස්සකම උතුරන දෙව් දුවක්. මේ ආත්මෙ එයා උඹේ.. උඹේ විතරමයි. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් කරන්න මං ඉඩ තියන්නෙත් නෑ.. ඒත් ඊළග ආත්මෙ එයා මගේ. මගේ විතරමයි. ඒකත් කාටවත් වෙනස් කරන්න බෑ…මේක මං උඹට දෙන අභියෝගයක්. පුලුවන් නම් මේ ඉරණම වෙනස් කරගන්න බලනවා. ”
හංසක යටි තොල තදින් හපා ගත්තා..
‘‘ නෑ යශේන්. ගිහාරාට ජීවිතේ දුන්නෙ උඹ..ඊළග ආත්මෙ ගිහාරා උඹේම වෙයි. ඒත් මේ ආත්මෙට මට ගිහාරත් එක්ක ඉන්න දීපං.. ”
යශේන් හංසකගෙ පිටට තට්ටු කලා..
‘‘ යශේන් දුන්නු වචනයක් වෙනස් කරන් නෑ. සතුටින් ඉන්න. දෙන්නා තුන්දෙනාම.. ”
ඒ තමයි හංසක යශේන්ව දැකපු අන්තිම දවස..
‘‘ගිහාරා…යශේන් කොහෙ හරි හොඳින් ඉන්නවා ඇති.. ”
‘‘එයා අපිව රකිනවා හංසක. .සමහර විට මැරුණත් එයා අපිව දාලා ගිහින් නැතිව ඇති.. ”
හංසකගෙ සිරුර සීතල උනා. ඒක වෙන්නත් පුළුවන්. ගිහාරා එනකල් වෙන ආත්මෙකට නොයා බලං ඉන්නවා වෙන්නත් පුලුවන්..
‘‘ ගිහාරා. දැන් ඕවා අමතක කරන්න.. ඩොක්ටර් මොකද කිව්වෙ අද.. ”
‘‘ විශේෂ දෙයක් නෑ.. ”
‘‘ ඒක නෙවේ..අද යමු අර හොටෙල් එකට.. අඹ මාලුව කන්න.. ”
‘‘ හ්ම්.. ”
‘‘ කොහෙද ඔයාලා මට නොකියා යන්න ප්ලෑන් කරන්නෙ. ”
පුංචි යශේන් ඔළුව දැම්මා..
‘‘ යන්නෙද? අපි හිතුවා මගෙ කොල්ලො… නංගි බබාට කෑමක් අරං දෙන්න යන්න.. ”
‘‘ කෑමක්. ”
‘‘ ඔව්.. ”
‘‘මටත් ඕනෙ.. ” ගිහංස කට උල් කලා..
‘‘හ්ම්. එහෙනම් යමු.. ”
හංසක දෙන්නවම පපුවට හේත්තු කර ගත්තා.
———————————————–
ගිහාරා බලං හිටියෙ වෙරළෙ නටන අප්පච්චියි පුතයි දිහා.. හොටෙල් එකෙන් කාලා ගිහංසට වෙරළට එන්න ඕනෙ වුණා.. ඈත සිතිජයේ හිරු බැසගෙන යමින් තිබුණා. සිතිජයේ අහසයි පොළවයි එකතු වෙන සීමාවෙ ඈතින් නැවක කුඹ ගහක් දිස්වුණා.
හැමදේම හීනයක් වගේ… අවුරුදු ගාණකට එහා සිද්දි වුණාට ඒ හැම දේම අද ඊයෙ වුණා වගේ ගිහාරාට දැනෙන්නෙ. යශේන්… සංසාරෙ පතාගෙන ආපු බැඳීමක් ඒ. හංසක… ගිහාරාගෙ ජීවිතේ .
හංසක ගිහංසව නැනී අම්මා එක්ක යැව්වෙ එයාට බැලුන් අරං දෙන්න කියලා.
‘‘ මොනවද මැණික හිතන්නෙ ”
හංසක බංකුවෙ වාඩි වෙලා ගිහාරාගෙ උරහිස වටේ අත දාගෙන තුරුළු කරගත්තෙ කම්මුලකුත් සිප ගන්න ගමන්.
‘‘ මොකද්ද මහත්තයෝ. අර මිනිස්සුත් දකින්න ඇති. ”
‘‘මට ඕවා අදාල නෑනෙ. ”
හංසක ගිහාරාගෙ කුස සුරතින් යාන්තම් අතගෑවා.
‘‘දඟලනවද මගේ කෙල්ල ? ”
‘‘ හ්ම්.. ”
‘‘ ගිහාරා. එයාටත් මේ රතු පාට කම්මුල් දෙක තියෙයි නේද? ”
ගිහාරා මුහුඳට හිනාවුණා. හංසක ගිහාරාගෙ මුණ මත මුහුදු හුළගත් එක්ක දග කරන කෙහෙරැල්ලක් අතින් හැදුවා.
‘‘ ඒ රතු කම්මුල් දැකලා, කවදා හරි මං වගේම කොල්ලෙක් පිස්සෙක් වෙයි නේද? ”
‘‘මෙකද්ද හංසක. ඔයා මේ ඉපදෙන්න ඉන්න දරුවට කියන කතා”
‘‘ඇත්තනෙ කිව්වෙ.. අනාගතේ සිද්ද වෙන දේනෙ. ”
‘‘ තවම පිස්සුව නැති වෙලා නෑ. ”
‘‘ නැති වෙන්නෙත් නෑ. ”
හංසක කට කොනෙන් හිනා වෙනවා.
‘‘හරි නරකයි ඔයා. ”
‘‘ඉස්සර නම් කිව්වෙ හොඳ මහත්තයා කියලා. ”
‘‘ ඒකනේ දැනුත් හොද වෙන්නකො. ”
‘‘ බෑ ..එතකොට මට අවාසියි. ”
‘‘ ඇයි? ”
‘‘මට ඕන වෙලාවට ළගට එන්න දෙන්නෙ නෑනෙ. අනේ මගේ හොඳ මහත්තයානෙ කිව්වම මං ගොනා වගේ හැරිලා යනවනෙ. ”
‘‘ඇයි අනේ පිස්සු කියවන්නෙ. දැන් ඔයා දරුවො දෙන්නෙක්ගෙ අප්පච්චි කෙනෙක්”
‘‘ ඉතිං එහෙම කියලා මං මැරිලා ඉපදුණේ නෑනෙ. මං ඒ හිටපු හංසකමයි. ”
‘‘අපි වර්ෂ අයියගෙ බබා බලන්න යන්නෙ කවද්ද? සෙනුරි ඊයෙත් කෝල් කළා. ”
‘‘හෙට දිහාට යමු. ”
‘‘වර්ෂ අයියා මට ගොඩක් උදව් කළා. යශේන් වගේම. ඒ දෙන්නම ගිය ආත්ම වල මගෙ සහෝදරයො වෙන්න ඇති. ”
‘‘ මං කරපු දේවල් මතක් වෙද්දි මට මං ගැනම ලැජ්ජයි ගිහාරා”
හංසක ගිහාව අතඇරියා.
‘‘මං නිකමට කිව්වෙ හංසක.. සොරි ”
‘‘ මමයි සමාව ඉල්ලන්න ඕනෙ. මං කලේ සමාව දෙන්න බැරි වැරැද්දක්. මගෙ කේන්තිය නිසයි ඔක්කොම වුණේ. මං ඔයාට කතා කරන්න අවස්ථාව දුන්නෙ නෑ. ”
‘‘ අපිට ජිවිතේ එහෙම අභියෝග එනවා හංසක. නරක කාල වලට මුහුණ දෙන්න වෙනවා. අපි සංසාරෙ කරපු කුසල අකුසල කර්ම අනුව මේ ජීවිතේ වෙනස් වෙනවා. ඒකෙන් වුණේ අපි දෙන්නා තවත් ළං වුණු එක. අපි අපිට කොච්චර ආදරේද කියලා අපිට දැනුනු එක. ”
ගිහාරා හංසකගේ අත තද කරලා අල්ලා ගෙන ඒ විසල් පපුවට හිස තිබ්බා.
ඒ පපුවෙ රැදුණු උණූසුම… රැකවරණය ඊලග ආත්මෙදිත් ලැබෙන්න කියලා ගිහාරා ප්‍රාර්ථනා කළා.
ඒත් ඊළග ආත්මය මේ වෙනකොටත් වෙන් කරගෙන ඉවරයි. හංසක ඒක ජීවිත කාලෙටම රහසක් විදිහට හිතේ තියා ගන්න තීරණේ කරගෙන ඒ රත් දෙකොපුල් මත මුදු හාදුවක් තැවරුවා.
-අවසානයි-
ආදරය,සතුට, දුක, අහිමි වීම හදවතට දැනෙන්න වචන කරල තියෙනවා.ඒ දැනෙන හැගීම වචන වලින් විස්තර කරන්න බෑ.ඔයාගෙ රචනා ශෛලිය අතිවිශිෂ්ටයි.ඒ ශෛියට මං හරිම ❤️❤️❤️❤️