රත් දෙකොපුල්- 06 කොටස

‘‘ හංසක.  ඔයා අද ඔච්චර කල්පනා කරන්නෙ මොනවද? ”

 

ගිහාරා හංසකගෙ පපුව උඩ ඔලුව තියා ගත්තා. කොල්ලා ෂර්ට්  එකත් නැතුව ෂෝර්ට් එක පිටින් ඇදේ හාන්සි වෙලා ඉන්නවා. කොල්ලා බර කල්පනාවක්. හංසක වෙනදා මෙහෙම නැති බව කෙල්ල දන්නවා. අද ආපු වෙලේ ඉඳලා හංසක අමුතුයි. මොකක් හරි ප්‍රශ්නයක් වගේ

 

‘‘ හංසක.. ”

 

‘‘ ම්ම්ම්ම්ම්.. ”

 

‘‘ ඇයි  කියන්නකො.. ”

 

‘‘ මොකුත් නෑ බබා..නිදාගමු.. ”

 

‘‘ බෑ… කියන්නකො..ඔයාට මොකක් හරි  ප්‍රශ්නයක් .. ”

 

ගිහාරා හංසකගෙ පපුව උඩ දෙතොල් තිබ්බා.

 

‘‘ ඇයි මට හංගන්නෙ? මං ඔයාගෙ කවුරුවත් නෙවෙයිද? ”

 

ගිහාරා මිමිණුවේ හෙමීට.

 

‘‘ ඔෆිස් එකේ අවුලක් ගිහාරා. සල්ලි ප්‍රශ්නයක්. ඔයාට කිව්වට වැඩක් නැහැ ඒවා ”

 

‘‘ඇයි? කියන්නකො ඉතින් ”

 

‘‘බිස්නස් එකට අපි ලෝන් එකක් ගත්තා කෝටි දහයක . දැන් එකේ ඇරියස් එකක් තියෙනවා කෝටි පහක. මේ හදිස්සියේ මට එච්චර ගාණක් හොයා ගන්න විදිහක් නෑ. බිස්නස් එකත් පාඩු පිට දුවන්නෙ.  මගේ ඔලුව අවුල් වෙලා තියෙන්නේ . ”

‘‘ ඉතින් ඕක ඔච්චර හිතන්න දෙයක් නෙමෙයිනේ. මං සල්ලි දෙන්නම්. තාත්ති මගේ එකවුන්ට් එකට කෝටි දහයක් දාලා තියෙනවා. මම ඔයාට පහක් අරන් දෙන්නම්. හරි නේ. ”

 

ගිහාරා වගක් නැතුව කියනකොට හංසකට ඇත්තටම ලැජ්ජා හිතුනා.

 

‘‘ ඒත් බබා. ඒවා ඔයාගේ සල්ලිනෙ ”

 

‘‘ කමක් නැහැ අනේ. දැන් මට මොකටද සල්ලි. මට කොහොමත් සල්ලි වලින් වැඩක් නැහැ. මං ඔයාට කෝටි දහයම දෙන්නම්කො. ”

 

හංසක ගිහාරව තදින් බදා ගෙන, ගිහාරගේ හිස එයාගෙ ගෙලේ  තියාගත්තෙ තමන්ගේ මූණේ හැඟීම් නොපෙනෙන විදිහට.

 

‘ දෙයියනේ ගිහාරා. කවදා වෙනකම් මං ඔයාව රවට්ටන්නද? ඔයා කිසිම අහිතක් නැතිව ඔයාගෙ සල්ලි ඔක්කොම මට දෙන්න කතා කරනවා. මේ ඇත්ත ඔයා දැනගත්ත දවසට ඔයා කොච්චර දුක් වෙයිද?  ඒත් මට කරන්න දෙයක් නෑ.   මං අසරණයි කෙල්ලේ. අපි සංතෝසෙන් ඉමු. ’

 

කොල්ලගෙ සිතුවිලි පණ ගැහුණෙ වේදනාවෙන්.  ගිහාරාගෙ සල්ලි ලැබිලා මාසෙකට විතර පස්සේ අමායා එයාගෙ ඊළඟ සැලැසමට ලෑස්ති වුණා. ගිහාරාගෙ වලව්ව. අමායා ඒ ගැන හැම තොරතුරක්ම හොයාගෙන තිබුණා. .එතන හොටෙල් එකක් දාන්න හොඳම තැනක් කියලා හංසකගෙ ඔළුවට විෂබීජය ඇතුළු කළා.  හංසක කොහොමත් ගිහාරාට මුලින්ම විහිලුවට කියලා තිබ්බෙ එතන හොටෙල් එකක් හදනවා කියලා.

 

නැනී අම්මාත් මේ දවස් වල කෙල්ල එක්ක ඉන්නවා. ඒ නිසා කෙල්ලට පාළුවක් නැහැ. නැනී අම්මා කියන්නෙ ‘හංසක මහත්තයා හරි හොඳයි ’ කියලා.

 

හංසක අද කලින් ගෙදර ආවේ වර්ෂගේ බර්ත්ඩේ පාර්ටි එකට කෙල්ලව එක්කරගෙන යන්න.  ගිහාරා හරි සතුටින් හිටියේ. මොකද කසාද බැඳලා ආවත් හරි හංසක  එක්ක ගිහාරා එළියට ගියේ සීමිත වාර ගණනක්. රූම් එකට ඇතුලු වුන කොල්ලා ගල්ගැහුණා.

 

දණහිස ලඟට පලපු  අත් නැති  මෙරුන් කලර් දිග ගවුමක් ගිහාරා ඇඳගෙන හිටියා. පොඩි මේකප් එකකුත් දාලා දිග කොන්ඩේ කඩා හැලෙන්න හදලා,  රිදී පාට එල්ලෙන කරාඹු දෙකක් දාලා.  ගොඩේ ටයිප් එක කැලේ. හංසකට හිතාගන්න බැහැ මේ හිටපු ගිහාරාම ද කියලා .

 

‘‘ හංසක. මං ලස්සනයි නේද? ”

 

කෙල්ල වටයක් කැරකුණා. හංසක තත්පරේට ගිහිල්ලා ගිහාරාව තුරුළු කරගත්තා. කොල්ලට ඉවසිල්ලක් නැහැ. හංසක අතොරක් නැතිව ගිහාරාගෙ මුළු වතම සිප ගත්තා.

 

‘‘ අනේ හංසක.. ඔය ඇති. මේකප් එකත් සවුත්තු වෙනවා දැන් . ”

 

‘‘ අද යන්නේ නැහැ අපි කොහෙවත්. ඔහොම එක්ක යන්න බැහැ මට. ඇස් වහ වදී . ”

 

කොල්ල කිව්වේ උගුරෙන් වගේ.

 

‘‘ ඇයි එහෙම කරන්නේ?  වර්ෂ අයියා බලාගෙන ඇති නේ  ”

 

‘‘ කොහෙන්ද මේ ගවුම ?  ”

 

‘‘ අද මම නීලා එක්ක ගිහින් ගත්තෙ. ඔයාට කිව්වේ උදේ යන්නම් කියලා. මේ ගවුමට මැච් වෙන්න මං ඔයාට ෂර්ට් එකකුත් ගත්තා.. ”

 

‘‘ මේක ලස්සනයි. ඔයාට ගානට හරි යනවා. ඒ වුණත් මං කැමති නෑ ඔයා මේ වගේ අඳිනවට. ”

 

‘‘ ඇයි එහෙම කියන්නේ. මං ඇන්දහම මොකද? දවසක් මතකද අර හොටෙල් එකේදිත් ඇන්දා . ”

 

‘‘ ඒ වුණාට ඒක ඇඳගෙන එළියට ආවෙ නැහැනෙ සුදා.. . ”

කොල්ලා ඇහැක් ගැහැවෙ ගිහාරාගෙ මූණ තවත් රතු වෙද්දි.

 

‘‘ මං තාමත් කැමති අර ගොඩේ නැට්ටිච්චිට. පොශ් කෙල්ලෙක්ට මං කැමති නෑ. ”

 

හංසක  කිව්වේ කෙල්ලගෙ දිග කොණ්ඩෙ අත ගාන ගමන්. තාමත් මේ රතු පාට කම්මුල් දකිද්දී කොල්ලාට හිත නවත්තගන්න බෑ.

 

‘ගිහාරා කොච්චර අහිංසක හොඳ කෙල්ලෙක් ද?  මගේ නපුරුකම් ඔක්කොම ඉවසගෙන ඉන්නවා. කිසිම ආඩම්බරයක් නෑ. මුලින් කසාදෙට අකමැති වුණාට දැන් කොච්චර සන්තෝසෙන් ඉන්නවද? මාත් අකමැති වුණාට මටත් දැන් මෙයා නැතුව බෑ..’

 

‘‘ හංසක.. මං ඔයාගෙන් දෙයක් අහන්නද ? . ”

 

කොල්ලා කණ්ණාඩියෙන් පේන කෙල්ලගෙ රූපෙ දිහා බලාගෙන හිටියා. හංසකගෙ අත තිබුණේ කෙල්ලගෙ බඳ වටේ.

 

‘‘ අහන්න. ”

 

හංසක කිව්වෙ මුදු විදිහට ඒ ගෙල සිපගන්න ගමන්.

 

‘‘ හංසක. ඔයා මට ආදරේද?  ”

 

කෙල්ල එහෙම ඇහැවම කොල්ලා ගැස්සුනා. ඒ ප්‍රශ්නෙට කොහොමද උත්තර දෙන්නේ? හංසකට තවම තමන්ගේ හිත තේරුම් ගන්න බෑ.

 

‘ හිතට දැනෙන මේ හැගීමට කියන නම  ආදරේ නම්, ඔව් මං මේ කෙල්ලට ආදරෙයි. ’

 

ඒ වුණත් අමායා හිත පුරාම අරක් ගෙන හිටියේ මහා පවුරක් විදිහට. පොඩි කාලේ ඉඳලා හංසකව හදා ගත්තෙ අමායා. හංසක ජීවිතේ ගෙන ගියේ අමායා පෙන්නපු අඩිපාරෙ. දෙමව්පියො දෙන්නා ඈත් වුණාම අමායා  හංසකගෙ මුළු ලෝකෙම  වුණා. ඇත්තටම අමායා හංසකට කිසිම වෙනසක් කළේ නෑ. එයාගෙ දරුවො දෙන්නට වඩා හංසකට සැළකුවා.

 

‘‘ හංසක.  උත්තර දෙන්න අකමැති නම් කමක් නැහැ. මට තව දෙයක් අහන්න තියෙනවා. ඔයාගේ අම්මයි තාත්තයි ඇයි අපේ වෙඩින් එකටවත් ආවෙ නැත්තෙ. ඇයි එයාලා කතා කරන්නේවත්  නැත්තෙ ? ”

 

ඒක අහද්දි එච්චර වෙලා ආදරණීය විදිහට හිටපු හංසක සම්පූර්ණයෙන්ම  යක්ෂාවේශ වුණා. කොල්ලාගෙ මූණ එහෙම පිටින්ම නරක අතට හැරුණා.

 

‘‘  තමුසෙට අදාල දේවල් විතරක් අහනවා,  හොයනවා. ඒ විස්තර තමුසෙට වැඩක්  නෑනේ  ”

 

‘‘ අනේ හංසක.  මම නිකමට ඇහැවෙ. ”

 

‘‘ තමුසෙට ඔච්චර ආසාවක් තියෙනවා නම් දැනගන්න, අහගන්නවා. ඒ දෙන්න දැන් සෙපරේට් වෙලා ඉන්නේ. අඩුම තරමේ හංසක කියලා  පුතෙක් එයාලට ඉන්නවද කියලාවත් එයාලා දන්නේ නැහැ. මීට  පස්සේ එයාලා ගැන අහන්න එපා ”

 

කොල්ලා ජනේලෙ ලඟට ගියා. ගිහාරා  කොල්ලගෙ බාහුවක  එල්ලුණා.

 

‘‘ මට සමාවෙන්න හංසක. මං ඒ ගැන දැනගෙන හිටියේ නෑ. ඔයාගෙ හිත රිද්දනන් මං හිතුවෙ නෑ.  මං පොරොන්දු වෙනවා කවදාවත් ඒ ගැන ආයෙ අහන්නේ නෑ කියලා ”

 

හංසකගෙ තිබ්බ අමුතු හැසිරීම් වලට හේතුව ඒ කාරණය වෙන්න ඇති කියලා ගිහාරාට කල්පනා වුණා. මීට පස්සේ හංසක ගේ හිත රිද්දන්නේ නැහැ කියලා ගිහාරා හිතාගත්තා. ගිහාරා  දන්නෙම නැතුව හංසක එක්ක දැන් ලොකු බැඳීමක් ඇතිවෙලා. ආදරේ ගැන හංසක උත්තරයක් නොදුන්නට කෙල්ලට දැනෙනවා හංසක ආදරෙයි කියලා.

 

වර්ෂගෙ බර්ත් ඩේ පාර්ටි එකේ දි ගිහාරා හිටියේ හරි සන්තෝසෙන්. හැමෝගෙම ඇස් විහාර ගිහාරා දිහාට යොමු වුණා. හංසක නම් ඉරිසියාව පුපුරනවා. කොල්ලො ගිහාරා දිහා බලද්දි හොම්බකට සමතලා වෙන්න දෙන්න හිතෙනවා. වර්ෂටත් කොල්ලගෙ මූණෙ තියෙන අඳුරු පැහැය පේනවා.

 

‘‘ මොකද බං හංසකයා. උඹ නිකං කුලප්පු වෙච්ච දඩ මීමා  වගේ ඉන්නේ ? ”

 

වර්ෂ හංසකව පැත්තකට අඩගහගත්තා.

 

‘‘ මගුල. උඹ ආයෙ මගේ ගෑනිත් එක්ක පාටි වලට එන්න කියන්න එපා මට. අර ඔක්කොටම වෙඩි තියන්න හිතෙනවා  මට. පේනවද බලන හැටි මැජික් වාගේ  ”

 

‘‘ මචං.  ලස්සන කෙල්ලෙක් දැක්කහම ඕන කොල්ලෙක් බලනවා උඹ වගේම. මමත් එහෙමයි.  අනිත් කොල්ලොත් එහෙමයි. ”

 

වර්ෂ කිව්වෙ හිනාව තද කරගෙන. හංසක ගැන වර්ෂට දැන් මාර සන්තෝසයි.

 

‘‘ ඒත් ඔක්කොම ඇයි මගේ ගෑනි දිහා බලන්නේ ”

 

‘‘ කසාද බැඳලා ඉවර වෙලාවත් ඔය  ඉරිසියාවයි,  තරහවයි නැති වෙලා නැද්ද? ”

 

හංසක  රවනවා.

 

‘‘ ඔය මූණෙ හැටි බලනවකෝ. යම රජ්ජුරුවන්ගෙ අලුත්ම වර්ශන් එක වගේ ”

 

වර්ෂ කොල්ලගෙ පිටට පාරක් ගහලා හිනා වුණා.

 

‘‘ මං උඹට කියන් නෑ වර්ශන් එක ”

 

‘‘ ඒක නෙමෙයි. දැන් මොකද අමායා ආන්ටි කියන්නේ? ”

 

‘‘ මට පිස්සු වගේ බං.  වලව්ව ගැනමයි කියවන්නේ. ඒත් මං කොහොමද ගිහාරාට ඕවා කියන්නේ. ”

 

‘‘ උඹ දන්නවද හංසක. අමායා ආන්ටි හිතාගෙන ඉන්නේ උඹලා දෙන්න අතර කිසි සම්බන්ධයක් නැහැ කියලා දෙන්න එකට හිටියට  ”

 

‘‘ මචං. ආන්ටි කිව්වේ මට ගිහාරාට ළං වෙන්න එපා කියලා. ඒ උනාට මං කොහොමද එහෙම ඉන්නේ. මං තාපසයෙක්ද? මොනවා උනත් ඒකි  ලස්සන කෙල්ලක්. පේනවාද? දැන් ගොඩේ ටයිප් නෑ. පලවෙනි දවසේ ඉවසුවා. දෙවැනි දවසේ මට  එහෙම ඉන්නම බැරි වුණා ”

 

‘‘ උඹ යකාගෙම මිනිහෙක් බං. මට තාරිකා හම්බ වුණා. හිතන්න එපා ඒ ලලනාවගෙන් උඹට බේරෙන්න පුළුවන් වෙයි කියලා. අනික. උඹ ඔෆිස් එකේ අකවුන්ට්ස් බ්‍රාන්ච් එක ගැනත් ටිකක් හොයලා බලපං. සෙනුරි මට නිතරම කියනවා. ඒකෙ අවුල් වගයක් තියෙනවලු.  ”

 

‘‘ ඇයි බං. උඹෙ රොයිටරේට ඒක මට කෙලින්ම කියන්න බැරිද ? ”

 

‘‘ කියන්නෙ කොහොමද? ඒකි බයයි. උඹ ඉතිං කොයි වෙලේ බැලුවත් ඉන්නෙ ඇන්ග්‍රි මූඩ්නෙ. කොයි වෙලේ කඩං පනියිද දන්නෙ නෑනෙ. ”

 

‘‘ බලමුකො. ආමායා ආන්ටි තමයි ඒ සෙක්ෂන් එක හැන්ඩ්ල් කරන්නෙ ”

 

හංසක කිව්වෙ ගිහාරා ඉන්න දිහාට යන ගමන්.

 

‘ ඒක තමයි බං අවුල ’

 

වර්ෂ කිව්වෙ හිතින්. සෙනුරි කියන දේවල් වලින් අමායා ලොකු වංචාවක් කරන බව වර්ෂට තේරෙනවා. ඒත් හංසකගෙ මූණටම ඕවා කියන්න වර්ෂට බෑ.. හංසක අමායා ගැන ඉන්නෙ ලොකු විශ්වාසෙකින්. නිකම් බොරුවට යාළුවා තරහා කරගන්න වර්ෂ කැමති වුණේ නෑ.

 

————–

 

‘‘ ගිහාරා.  තමුසෙට අර වලව්ව ඕනෙද ? ”

 

හංසක ඇහැවෙ ගෙදර එන ගමන්. රාත්‍රී අන්ධකාරෙ දසත වෙලාගෙන. රාත්‍රිය නිසා පාරෙ වාහන ගමන් කරනවා අඩුයි. හංසක කාර් එක ඩ්‍රයිව් කළේ හෙමින්.

 

‘‘ වලව්ව. ”

 

‘‘ ඔව්. ඒකෙ  දැන් කවුරුත් නෑනේ. මං හිතුවෙ එදා මං කියපු විදිහට එතැන හොටෙල් එකක් ගහන්න. මොකද කියන්නේ ”

 

‘‘‘ හංසක ඔයාට පිස්සුද? ඒක මම පොඩි කාලෙ ඉඳල හැදිච්ච තැන. එතන තමයි මගේ ළමා කාලය සම්පූර්ණයෙන් ගත කළේ. මට ඒවා අමතක කරන්න බැහැ. ප්ලීස් වෙන ඕන දෙයක් මං කරන්නං. මට වලව්ව ගැන නම් කියන්න එපා. ”

 

‘‘ ඒ කියන්නෙ තමුසෙට මට වඩා ලොකු වලව්ව. එහෙම නේද? ”

 

‘‘ අනේ. මං එහෙම නෙමෙයි කියන්නේ හංසක.  කියන දේ තේරුම් ගන්න. ඔයාට සල්ලි ඕනේ නම් මං තාත්තගෙන් ඉල්ලලා දෙන්නම්. හරිනේ. ”

 

‘‘ මට සල්ලි වැඩක් නැහැ. මට ඕනේ එතන හොටෙල්  එකක් හදන්න. එතන ලස්සන වීව් එකක් තියෙන්නෙ. ෆොරිනර්ස්ලාට ආස හිතෙයි. දැකපු දවසෙමයි මං ඒක හිතුවේ. අනික ඔය පරණ වලව් තිබ්බයි කියලා වැඩකුත් නෑනේ. ඕවයේ භාගයක් ඉන්නේ හොල්මන්.. භූතයෝ.. යක්කු.. පෙරේතයෝ.. ”

 

‘‘ මේ  හංසක. අපෙ වලව්වේ හොල්මන් නෑ හරිද? එහෙනම් මං දකින්න එපැයි.. ”

 

‘‘ ඔව් ඉතිං හිටපු හොල්මන මං එක්කරගෙන ආවානේ. දැන්  හොල්මන ඉන්නේ මගේ රූම් එකේ. ”

 

කොල්ලා ඩ්‍රයිව් කරන ගමන් සැරෙන් සැරේ ගිහාරා දිහා බලනවා. ගිහාරා හංසකට ගස්සලා  එළිය බැලුවා. එළියෙ පේන්නේ කළුවර විතරයි.

 

‘‘ ඔය ගැස්සිලි පැද්දිලි  මට පෙන්නන්න එන්න එපා හරිද? දන්නවනේ හැටි. ”

 

හංසක ඒක  කිව්වේ කෙල්ලගේ අතකින් අදින ගමන්.

 

‘‘ හංසක. කවුද දන් නෑ  ඔයාට ලයිසන් දුන්නේ.  මාර්ග නීතියක් ඔයා හරියට පිළිපදිනවද? ”

 

‘‘ මට ඔය නීතිරීති අදාළ නෑ .මට අදාල මගේ නීතිය විතරයි. ”

 

‘‘  හපොයි මං නොදන්නවයැ ඒක. මෙයාට විතරක් නීතිය වෙනස් වෙලා ”

 

‘‘ මොකක්ද කිව්වේ”

 

ගිහාරා හිනාව තදකරගත්තා.

 

‘‘ කට පරෙස්සම් කර ගන්නවා. ”

 

‘‘ හංසක. මට ගෙදර ඉන්න කම්මැලි දවල් වරුවේ. මං එන්නද ඔයාගේ ඔෆිස් එකට. ”

 

‘‘ ඒ මොකටද? ”

 

‘‘ ඔයාට උදව් කරන්න ”

 

‘‘ අනේ මේ නිකං ඉන්නවා. තමුසෙ දන්නවද  ඔෆිස් එකේ වැඩ කරන හැටි. ඒකෙ ඇවිත් ලියුම් ටයිප් කරන්නද? ”

 

හංසක ඇහුවේ කෲර විදිහට. ඒලෙවෙල්  මැත්ස් කරපු හංසක ප්‍රයිවට් කැම්පස් එකකින් බිස්නස් මැනේජ්මන්ට් ඩ්‍රිග්‍රි එකක් අරගෙන තිබුණා.

 

ඇත්තටම කෙල්ල ඒලෙවල් හොඳට පාස් ඒ වුණත් ඩිග්‍රි එකක් කරන්න කෙල්ලට හිතුනෙ නෑ.. ගිහාරා කලේ එන්ජීඕ  එකට බැදුනු එක. ගිහාරා  එහෙමම කට  පියා ගත්තෙ ඕවට උත්තර දීලා ආයෙත් එක එක කතා අහගන්න ඕන නැති නිසා.

 

‘‘ හසී කතා කළා. ආයෙත් කෑම්ප් එකක් තියෙනවලු ඈත පළාතක. අනේ හංසක. මම ගිහිල්ලා එන්නම්. දවස් දෙකයි නේ. ”

 

‘‘  පිස්සුද තමුසෙට. මගෙන් මුකුත් නාහා ඉන්නවා. ”

 

‘‘ අනේ හංසක. මට ගෙදරට වෙලා ඉඳලා එපා වෙලා තියෙන්නේ. ”

 

ගිහාරා කොච්චර පින්සෙන්ඩු උනත් හංසක ඒකට ඉඩ දුන්නේ නැහැ. දුක හින්දම  ගෙදර ගියාට පස්සෙ ගිහාරා හංසකට කතා කළේ නැහැ. ඇදේ අනිත් පැත්ත හැරිලා නිදා ගෙන ඉන්න කෙල්ලව හංසක තුරුළු කරගත්තා කර ගත්තා.

 

‘‘ ගිහාරා. මට ඔයා නැතුව එක රැයක්වත් ඉන්න බැහැ.  ඒකයි මං යවන්නෙ නැත්තෙ. තේරුම් ගන්න. දැන් ඔය තරහා අමතක කරන්න. ම්….. අපි කොහෙ හරි යමු ඇවිදින්න. ආ..  නෑ.. මට මේ දවස් වල ඔෆිස් එකේ වැඩ වැඩියි. අපෙ හොටෙල් එකේ වැඩ බලන්නත් එපැයි ”

 

‘‘ ඔයා හැදෙන්නෙ නැහැ හංසක. මං කියන දේ තේරුම් ගන් නෑ. එහෙනම් ඕන දෙයක් කරගන්න. ඒත් වලව්ව ගැන අයිතිය මම දන්නේ නැහැ. තාත්තා එක්ක කතා කරන්න  ”

 

ගිහාරාගෙ අවසන් වදනත් එක්ක හංසකට දැනුනෙ සතුටක්.. කොල්ලා හිතා ගත්තා වලව්ව කඩන් නැතුව ඒකම වැඩි දියුණූ කරලා ගන්නවා කියලා.

 

——————————————

 

හංසකගෙන් විස්තර දැනගත්ත අමායා වගීෂ රංගනාථ එක්ක  වලව්ව ගැන කතා කරන්න වගීෂගෙ ඔෆිස් එකට ගියා.

 

‘‘ ඇත්තටම අමායා මාත් කැමතියි ඔය වලව්ව කඩලා දාලා ඔතන හොඳ හොටෙල් එක්ක හදන්න. ඒත් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ”

 

වගීෂ එහෙම කීවම අමායාගෙ  ඇස් ගැස්සුනා.

 

‘‘ ඇත්තටම ඔය වලව්ව අයිති ගිහාරාගෙ සීයාට.  සීයාගෙ  අන්තිම කැමැත්ත ලියලා තියෙන්නේ වලව්වෙ අයිතිකාරයා වෙන්නේ ගිහාරාගේ පළවෙනි දරුවා කියලා. ”

 

අමායාට අදහන්න බැරි වුණා. කීයටවත් එහෙම දෙයක් අමායා බලාපොරොත්තු වුණේ නෑ.

 

‘‘ මටවත් ගිහාරාටවත් වලව්ව ගැන තීරණයක් ගන්න බැහැ. ගිහාරාගෙ පළවෙනි දරුවට තමයි ඒ හැමදේම අයිති. ඒ දරුවාගේ කැමැත්ත තමයි අනාගතයේ සිද්ධවෙන්නේ. ඔතන තියෙන්නෙ කෝටි ගාණක දේපලක්. ”

 

‘‘ ඒත්. වගීෂ.. ඇයි ඔයාටවත් ගිහාරාටවත්  ලියන්නෙ නැතිව, ඒක  ඉපදෙන්න හිතලාවත් නැති දරුවෙක්ට ලියන්නෙ. ”

 

‘‘ මොකද කියනවනම්.. ”

 

වගීෂ රංගනාථ විනාඩියක් කල්පනා කළා. අමායා ඉවසීමෙන් බලං හිටියා.

 

‘‘ අමායා.   ඇත්තටම ඔයා දැන් අපෙ පවුලෙම කෙනෙක්.  නිසා මේවා දැනගත්තට කමක් නෑ. ඒත් ගිහාරාවත් මේ ඇත්ත දන්නේ නැහැ  ”

 

අමායා ෂේප් එකේ එයාගේ ෆෝන් එකේ රෙකෝඩර් එක ඕන් කළා. අමායාට තේරුණා මෙතන සිද්ධ වෙන කතාබහ අනාගතයේ ප්‍රයෝජනවත් වෙන බව.

 

‘‘ ඇත්තටම මම ගිහාරාගෙ සීයා ළඟ වැඩ කරපු කෙනෙක්. ඔය වලව්ව ඇතුළුව ගිහාරාගේ සීයාට ගොඩක් දේපල අයිති වෙලා තිබ්බා. හදිසියේම පුංචි කාලෙදි ගිහාරාගේ ඇත්ත දෙමවුපියෝ ඇක්සිඩන්ට් එකකින්  මැරුණා. ඊට පස්සේ ගිහාරාගේ සීයා අසනීප වුණා.  එයාට මං ගැනයි මගේ නෝනා ගැනයි ගැන ලොකු විශ්වාසයක් තිබ්බා.  ඒ නිසා එයා අපිට කෝටි දහයක මුදලක් දුන්නා බිස්නස් එකක් පටන් ගන්න. ඒ සල්ලි වලින් තමයි අපි දියුණු වුණේ.

 

හැබැයි මම එයාට පොරොන්දු වුණා. මේ බිස්නස් එක දියුණු කරලා ගිහාරා කවදහරි මැරි කරන දවසට ඩව්රි එක විදිහට ඒ කෝටි දහය එයාට ආපහු දෙනවා කියලා. ඒ පොරොන්දු වෙච්ච විදිහටම මං ඒ පොරොන්දුව ඉෂ්ඨ කළා. වලව්ව ගැන වැඩි විස්තරයක් මම දන්නෙත් නැහැ. ඒත් ලෝයර් හම්බුණොත් නම් විස්තර දැනගන්න පුළුවන් වෙයි. ”

 

‘‘ එතකොට ගිහාරා මේ ගැන කිසිම දෙයක් දන්නෙ නැද්ද? ”

 

‘‘ නෑ අමායා. ගිහාරාට දැනගන්න ඉඩ තියන්න එපා. එයා හිතන් ඉන්නේ අපි එයාගෙ දෙමව්පියෝ කියලා. ඒ වුණත් ඇත්තටම අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම ඉන්නේ රට. ගිහාරාගෙ සීයට පින්සිද්ද වෙන්න අපි දැන් කෝටිපතියෝ.

 

අපි ගිහාරාව  බාර ගන්න කොට එයාට අවුරුදු හතරයි. එයාට පුංචි කාලේ දේවල් දැන් කිසිම දෙයක් මතක නැහැ. අපෙ දරුවෝ ඒ වෙනකොටත් ලොකුයි. ඉස්කෝලේ යනවා. ඉතින් දැන් ඒ කට්ටිය හොඳට  ඉගෙනගෙන පිටරට වල තමයි ඉන්නේ.  අපි ගොඩක් වෙලාවට ගිහිල්ලා එයාලව බලලා එනවා. ගිහාරා මේ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. කවදහරි ඇත්ත දැන ගත්තොත් එයාට දුක් විඳින්න වෙයි කියලත් අපි දෙන්නා කතා වුණා. ඒ වුණත් දැන් එයා මැරි කරලා නිසා කොහොමත් ඇති වැඩක් නැහැ.

 

ගිහාරාගෙ නෑදෑයො කියලා ගිහාරා හිතාගෙන ඉන්න අය කවුරුවත් එයාගෙ ලේ නෑයො නෙවෙයි. එයාලා අපේ නෑයො. අපි එයාලටත් උදව් කරගෙන ඉන්නවා. ගිහාරා  පුංචි කාලෙ ඉඳලා එකතු පැහැසර එක්ක. ඒත් ඒ  ගිහාරාගෙ මස්සිනා නෙවෙයි. ”

 

වගීෂ කතාව නතර කලා. අමායා වගීෂගෙ ඔෆිස් රූම් එකෙන් පිටවුණේ හිතේ බරක් තියාගෙන.

 

‘‘ මිසිස් අමායා. ඇත්තටම මගේ සේවාදායකයෙක්ගෙ ගේ තොරතුරු පිටට දෙන එක වැරදියි. ඒත් මිසිස් අමායාව මම දන්නේ අද ඊයේ නෙමෙයිනෙ. ඒ නිසා මට සුළු වශයෙන් තොරතුරක් කියන්න පුළුවන්. ගිහාරාගේ සීයාගෙ අන්තිම කැමැත්ත අනුව ඒ දේපළ හිමි වෙන්නේ එයාලගේ පලවෙනි දරුවාට  ”

 

‘‘ එතකොට ගිහාරා  ජීවිත කාලෙම මැරි කළේ නැත්නම්. ”

‘‘ එහෙම වුනොත් ඒවා අනාථ නිවාසයකට යන විදියට තමා ලියල තියෙන්නෙ ”

 

‘‘ එතකොට ගිහාරා මැරි කරලා එයාට දරුවෝ හිටියේ නැත්නම්. ”

 

‘‘ ඒ ගැන නම් කිසිම දෙයක් දාලා නැහැ. ඒත් මෙහෙමයි . මැරි කරලා හදිසියේ ගිහාරා නැති උනොත් එහෙම එයාගෙ හස්බන්ඩ්ට  ඒ දේපල වලින් භාගයක් හම්බ වෙනවා  ”

 

ලෝයර් කියද්දී අමායගෙ මූණ සතුටින් එලිය වැටුනා.  ඒත් අමායා දක්ෂ විදිහට සිතිවිලි හංග ගත්තා. අමායා නීතීඥ කාර්යාලයෙන් එළියට බැස්සේ කරන්න ඕන හැමදේම ප්ලෑන් කරගෙන.

 

—————

 

‘‘ හංසක. ගිහාරාට දවල් දවසෙ ගෙදර ඉන්න කම්මැලි නිසා අපි එයාව ඇකඩමි එකකට යවමුද ? ”

 

අමායා ඇහැවෙ  උදේ කෑම ගන්න අතරතුරේදි. ගිහාරා පුදුම වෙලා අමායා දිහා බැලුවා.

 

‘‘ ඒත් ආන්ටි ගිහාරාට ප්‍රශ්නයක් නැහැනේ. අනික ඉගෙන ගන්න ඕනෙත් නැහැ නේ. ”

 

‘‘ එහෙම කියන්න එපා  හංසක පුතා. ගෑනු ළමයෙක් ඉගෙන ගත්තා කියලා ඇති වැරැද්දක් නැහැ. නංගිලා මල්ලිලා ඉන්නෙ නෑ  උදේ වරුවම. මේ ළමයා ගෙදර ඉන්නෙ පාළුවෙන්.. මං දවසක් ඇහැවා මගෙ සැලුන් එක පැත්තෙ යමුද කියලා. ඒවටත් කැමති නැහැනෙ. ”

 

ගිහාරාට අමායා  ආන්ටිව බදාගෙන ඉඹින්න හිතුණා.  හංසකට මේවා කියා ගන්න බැරුව තමයි කෙල්ල හිටියේ.

 

‘‘ ඒත්..  මං ඕවාට කැමති නෑ ආන්ටි ”

 

‘‘ හංසක පුතා පොඩ්ඩක් හිතන්නකෝ. ඔයත් ගෙදර නෑනේ. මේ කෙල්ල කොච්චර පව් ද? මමත් නැහැ. මමත් කොච්චරවත් ඔෆිස් එකේ වැඩ. මෙයා ඇකඩමි ගිහිල්ලා මොනවා හරි ඉගෙන ගත්තොත් අපේ වැඩ වැඩ වලටත් උදව්වට ගන්න පුළුවන්නේ  ”

 

හංසක  ඒ පාර බුම්මගෙන කෑම කන්න පටන් ගත්තා. අමායා කෙල්ල දිහා බලලා ඉඟි කළා. ඒ කියන්නේ හංසක කැමති වුණා කියන එක. කොහොමත් අමායාගෙ  වචනෙන් ඉහලට හංසක කතා කරන්නෙ නෑ. අමායා ඒක හොඳට දන්න නිසා සතුටු වුණා. අමායා ඇකඩමි එකක් බලලා ගිහාරා එක්කත් කතා කරලා ගිහාරාව ඒකට ඇතුළු කළා.

 

‘‘ ඒයි. ඇකඩමි එකට ගියාට කමක් නෑ. කොල්ලො එක්ක කතාවට යන්න බෑ හොඳද? ”

 

හංසක කණ්නාඩියෙන්  බල බල කොණ්ඩෙ පීරන ගිහාරාව තුරුලු  කරගත්තා.. අද තමා කෙල්ල ඉස්සෙල්ලම යන්නෙ.

 

‘‘ මං මොකටද මෙච්චර  හැන්ඩ්සම් හස්බන්ඩ් කෙනෙක් ඉද්දි වෙන කොල්ලො දිහා  බලන්නෙ.. ”

 

‘‘ මං හැන්ඩ්සම්ද? ”

 

‘‘ඔව්.. ”

 

‘‘මීට කලින් කියලා නෑනෙ.. ”

 

‘‘ ඔයා අහලා නෑනෙ… ”

 

‘‘ තාරිත් කියලා තියෙනව.. ”

 

ගිහාරාගෙ මුණ එක පාරටම වෙනස් වුනා. ඒ රතු කම්මුල් ගැහෙනවා.

 

‘‘ බබා.. සොරි… ”

 

හංසක ඇත්තටම පසුතැවුණා කියපු වචනෙ ගැන.

 

‘‘හංසක.. ඔයා තාමත් තාරි ගැන හිතනවද. මං දැක්කා තාරි පත්තරේකටත් ඔයා ගැන කියලා තියෙනවා.. ”

 

‘‘ ගිහාරා.. මාව විශ්වාස  කරන්න.. තාරි එක්ක මං යාලු වුණේ අමායා ආන්ටි නිසා. තාරි එක්ක මගෙ ප්‍රබල බැඳීමක් තිබිලා නෑ..ඔයා විතරයි  මගෙම වුණේ. ඒකයි ඇත්ත..අනික මං දැන් තාරිකා ගැන හිතන් නෑ..මං එයාව මීට් වෙන්නෙත් නෑ. මං නිකමට කිව්වෙ. ”

 

‘‘ ඔයා මාව  මැරි කලෙත් අමායා ආන්ටි කීව නිසාද හංසක.. ”

 

කොල්ලගෙ ඇස් සැලුනා..

 

‘‘ ඔව්.. ඒත් ඊට වඩා හේතුවක්  තිබ්බා මට.. ”

 

‘‘මොකද්ද .. ”

 

‘‘ මේ රතු පාට කම්මුල්. කොල්ලා ඒ කම්මුල් පුරා  අතැගිලි ගෙන ගියා. ”

 

‘‘ දන්නවද?  ඔයා බලන්න ගිය දවසෙ දැකපු වෙලේ ඉඳලා මට මාර අසාවක් ආවෙ ඔයාව කිස් කරන්න.. ”

 

‘‘ පිස්සු ඔයාට ”

 

ගිහාරා යාන්තමට  හිනා වුනා..

 

‘‘ හ්ම්…එදා බැරි උනා නම් පිස්සු තද වෙනවා.. ”

 

‘‘ හරි නරකයි ඔයා. හොඳ වැඩක්ද ඒ කළේ. මං කොච්චර බය වුණාද?  ”

 

ගිහාරා ලැජ්ජාවෙන් ඇඹරෙනවා. හංසක කෙල්ලගෙ අත් දෙකම අරගෙන සිපගත්තෙ ඇස් දෙක දිහාම බලාගෙන.

 

‘‘ හංසක යමුද?  පරක්කු වෙනවා. ”

 

‘‘හ්ම්.. ”

 

කොල්ලා ඈත් වුනා.

 

‘‘ යමු. මං ඩ්‍රොප් කරන්නම්.  ”

 

ගිහාරා හංසකගෙ අත අල්ල ගත්තෙ  ළගඳිම දවසක සිද්ද වෙන්න නියමිත අනතුර ගැන කිසිම දැනීමක් නැතිව..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!