රත් දෙකොපුල්- 03 කොටස

‘‘අමායා ආන්ටි.  මොකක්ද මේ සිද්ධ වෙන්නේ. කවදාවත් සිද්ධ වෙච්ච දේවල් ද මේ  ”

 

තාරිකා අමායා ආන්ටිගෙ  සැලුන් එකට ඇවිල්ලා නාහෙන් අඬන්න පටන් ගත්තා.

 

‘‘ මොකද තාරි  මේ. ”

 

‘‘ මොකද  තමයි. ඔයා තමා මේ හැමදේටම වග කියන්න ඕනෙ.හංසක මට නැති උනොත් එහෙම ”

 

‘‘ මොනවද තාරි  කියවන්නෙ.  කියන දෙයක් තේරෙන සිංහලෙන් කියනවද ? ”

 

සැලුන් එකේ අකවුන්ට්ස්  බලන අතරේ අමායා  ඔලුව ඉස්සුවා .

 

‘‘ ආන්ටි දන්නවද?  හංසක ඊයේ රෑ හිටියෙ කොහෙද කියලා ”

 

‘‘ ඊයෙ හංසක  ගෙදර ආවේ නැහැ. කොහේ හරි යාලුවෙක්ගෙ ගෙදරක ඉන්න ඇති. නැත්තං ක්ලබ් එකේ ඉන්න ඇති ”

 

‘‘ ඒ ඔයා හිතාගෙන ඉන්න හැටි. හංසක ඊයෙ ඉඳලා තියෙන්නේ වෙන කොහෙදෝ.  අපි කවුරුවත් දන්නෙ නැහැ ඒ කොහෙද කියලා. ආන්ටි දන්නවාද දැන් පැයකට කලින් හංසක හිටියෙ කවුරු එක්කද කියලා ”

 

‘‘ ඇයි ”

 

‘‘ හංසක හිටියෙ අර ගොඩේ කෙල්ල එක්ක රූම් එකක. ටීෂර්ට්  එකත් නැතිව. ඒ කෙල්ලව තුරුලු කරගෙන ඉඹිනවා.  ”.

 

‘‘ මොකක්..තමුන්ට පිස්සුද  තාරිකා. මෙච්චර  අගර දගර දාලත් හංසකව රූම් එකකට එක්ක යන්න  තමුසෙට බැරි උනු කොට ඒ ගොඩේ කෙල්ල කොහොමද  එක දවසට එහෙම දෙයක් කරන්නෙ.. ”

 

‘‘ ආන්ටිට මාව විශ්වාස නෑනෙ. මං ඇස් දෙකටම දැක්කා. මං ගත්තෙ වීඩියෝ කෝල් එකක්. එතකොට එහෙම හිටියේ . තව එයා කිව්වා හනිමුන් ගියා කියලා. ”

 

‘‘ පිස්සු උඹට..ඉන්නවා මං හංසකට දැන් ගන්නම්.. ”

 

අමායා එහෙමම හංසක ගේ ෆෝන් එකට කෝල් එකක් අරගත්තා.

 

‘‘හංසක පුතා කොහෙද ඉන්නෙ.. ”

 

‘‘මඟ ඉන්නෙ. ඇයි  මොකක්ද කේස් එක ”

 

‘‘ ඊයෙ  රෑ ගෙදර ආවෙ නෑනෙ. ඒකයි මං බැලුවේ ”

 

‘‘ ආන්ටි වර්ෂයා එන්න දුන් නෑ…. ”

 

‘‘ දැන් කොහෙද පුතා.. ”

 

‘‘ මං ගෙදර එනවා  ආන්ටි.. ”

 

‘‘ පුතා අර කෙල්ලව බලන්න ගියෙ නැද්ද? ”

 

‘‘ තාරිවද…තාරිට ෂෝ එකක් කිව්වෙ.. ”

 

‘‘ ආ..නෑ. මනමාලිව.. ”

 

‘‘ පිස්සුද  ආන්ටි..මං ඔය ගොඩේ කෙල්ලට කැමති නෑ. ආන්ටි නිසයි කසාදෙට කැමති උනේ. ”

 

‘‘ මං දන්නවා පුතා.. එහෙනම් බායි. මං එන්නම්කො මේ සැලොන් එකේ අකවුන්ට්ස් චෙක් කරලා. හෙට ඔෆිස් යනවද? චෙක් වගයක් තියෙනවා සයින් කරන්න.. ”

 

‘‘ ෂුවර්  ආන්ටි.. ”

 

කොල්ලා කෝල් එක කට් කලා. ඒ එක්කම හංසක වර්ෂ ඇමතුවේ බොරුව ඇත්ත කරන්න ඕනෙ නිසා. අමායා ආන්ටි වුණත් දැන ගන්න ඔනේ නැහැ තමන් ගිහාරා ගැන උනන්දුයි කියලා. ඒක කොල්ලගෙ  රෙස්පෙක්ට් එකට හොඳ නෑ. අමායා තරහින් තාරිකා දිහා බැලුවා.

 

‘‘තාරිකා ඇහුණා නේද දැන් ඔයාට? මං දන්නවා හංසක කියන්නෙ එහෙම කොල්ලෙක් නෙවෙයි කියලා. හංසක ඔයා  එක්කත් යාලු වුනේ මං කියපු නිසා  බව ඔයා  හොඳටම දන්නවා . හංසක කොච්චර පිස්සු නැටුවත් නරක කොල්ලෙක් නෙමෙයි ”

 

‘‘ මං දන්නවා ආන්ටි. මට බයයි. මට ඕනේ හංසකව  මැරි කරන්න . ”

 

‘‘ තේරුම් ගන්නවා මෝඩ ළමයෝ. හංසකව නිකම්ම නිකම් මැරි කළාට වැඩක් නැහැ. අර කෙල්ලව කසාද බැඳලා ඒ කෝටි ගණන් ඩවුරිය ගත්තට පස්සෙ හිමීට ෂේප් එකේ එයාව මේ කතාවෙන් අපි අයින් කරලා දාමු.  ඊළඟට අවස්ථාව එන්නේ ඔයාට .. ”

 

‘‘ ඒ උනත් ආන්ටි  හංසක ඒ කෙල්ලට ළං වෙනවට මං කැමති නෑ. ”

 

‘‘ ඔයා බයවෙන්න එපා. හංසක එයාට ළං වෙන් නෑ. මගෙ ළඟ ඒකටත් ප්ලෑන් එකක් තියෙනවා. ඔයා මේ අමායා ආන්ටිගෙ හැටි දන්නේ නැහැ. හංසක පුංචි කාලෙ ඉඳලම නැටුවෙ මගෙ පදේට. ඉස්සරහටත් එහෙමයි. දැන් තාරිකා යන්න.  පාඩුවේ ඔයාගෙ වැඩ ටික කරගෙන ඉන්න. හංසක ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා.මං හැමදේම බලාගන්නම්. හරි නේ . ”

තාරිකා මූණත් එල්ලගෙන සැලුන් එකෙන් පිට වුණා

 

———–

 

 

‘‘ අම්මි. මට ටිකක් කතා කරන්න ඕනේ. ”

 

විහාරා දවස් ගාණක් කල්පනා කරලා තීරණයක් ගත්තා. තීරණය දැනුම් දෙන්න අම්මයි තාත්තයි දෙන්නම ඉන්න වෙලාවක් ඕනේ වුණා. එහෙම වෙලාවක් උදාවුණේ දවස් දෙකකට පස්සේ රෑ කෑම මේසෙදි  ”

 

‘‘ කියන්න ගිහාරා  මොකද්ද  ප්‍රශ්නේ”

 

‘‘ අම්මි. මං මේ කසාදෙට කැමති නෑ. මට හංසකව  මැරි කරන්න බැහැ ”

 

‘‘මොනවද දුව  කියන්නේ මේ  ”

 

වගීෂ ඇහැවෙ මූණත් කලු කරගෙන. මොකද මේ කසාදෙ තීන්දු කරගෙන ඉවරයි දැන් .

 

‘‘ තාත්ති ඇත්තමයි. හංසක මට ගැළපෙන්නෙ නැහැ. ඒ නිසා මං කැමති නෑ  ”

 

කවදාවත් නැතුව ගිහාරා මුරණ්ඩු වෙනකොට වගීෂ රංගනාථට  කේන්ති ගියා .

 

‘‘ ගිහාරා. ඔයාට ඕනෙ විදියට නටන්න බැහැ. ඔයා අනිවාර්යයෙන් හංසකව මැරි කරනවා. අපි අමායාත් එක්ක හැමදේම කතා කරලා ඉවරයි. අපේ බිස්නස් වලටත් මේ මැරේජ් එක බොහොම වැදගත්  ”

 

‘‘ අනේ අම්මේ .  මං කියන දේ තේරුම් ගන්න ”

 

‘‘ දෝණි. අපිට කරන්න දෙයක් නැහැ. අපි තීරණයක් අරගෙන ඉවරයි. ඔයා කොහොම හරි හිත හදාගන්න..මේක ඔයාට හොඳට ගැළපෙන එකක්. ඕවා පස්සෙ හරියයි. ”

 

‘‘ ඔයාලට මගෙ ජීවිතෙත් බිස්නස් එකක් ”

 

ගිහාරා කෑම කන්නෙත් නැතුව පඩිපෙල නැග්ගා.

 

————————-

 

දවස් හතරක් පහක් කාලය ගතවෙලා ගියා. හංසක හවස ඔෆිස් ඇරිලා යද්දි  පාරෙ අයිනෙ කොණ්ඩෙ දිග කෙල්ලෙක් පැද්දි පැද්දි යනවා දැක්කා. කෙල්ල පැද්දෙන තාලෙට කොණ්ඩෙත් පැද්දෙනවා. කොල්ලට එක පාරටම හිතුනෙ ඒ ගිහාරා කියලා. කොල්ලා බ්‍රේක් කරලා පිටිපස්ස හැරිලා විමසිල්ලෙන් බැලුවා. ඒ ගිහාරා නෙවෙයි.

 

මෙච්චර  දවසක්  අමතක කරන ට්‍රයි කලාට මොකද ගිහාරාගෙ සන්සුන් දෑස්… රත් දෙකොපුල්… කොල්ලගෙ හිතේ හොල්මන් කරනවා. ගිහාරා හංසකව ගණන් ගන්නෙ නැති නිසා කොල්ලට ගිහාරාව බලන්න යන්න හිතෙන්නෙත් නැහැ.

 

තාරිකා හංසකව මීට් වෙන්න  ඔෆිස් එකට ආවට හංසක නිකංවත් තාරිකාව ගණන් ගත්තෙ නෑ. කොල්ලා ඉන්නෙ තාම තරහින්. හිතට ආපු ක්ෂණික සිතිවිල්ලක් නිසා හංසක කාර් එක හරව ගත්තේ ගිහාරාගෙ ගෙවල් පැත්තට. හංසක ගේට් එක ළඟට ඇවිත් හෝන් කරනකොටම  එදා හිටපු සිකුරුටි අන්කල් ඇවිල්ලා  කාර් එකට එබුණා. හංසකව දැක්ක පාර සිකුරුටි  එක පාරටම කෙලින් වෙලා හංසකට සැලුට් එකක් ගැහැවා. හංසක පිට වෙන්න ආව හිනාව ගිල ගත්තා.

 

‘‘ සර් කාලෙකින් මේ පැත්තේ. හැබැයි අදත් වෙලාව සවුත්තුයි. පුංචි නෝනා නෑ.මේ දැන් ටිකකට කලින් ගියෙ ”

 

හංසකගෙ  හිනා මූණ එක එකපාරටම අතුරුදහන් වුනා.

 

‘‘ කොහෙද අද ගියේ ? ”

 

හංසක යකා වෙලා සිකුරුටි අන්කල්ගෙ ඇඟට කඩාගෙන පැන්නා. ඇයි දෙයියනේ. එන හැම දවසෙම මේ කෙල්ල රෝන්දෙ ගිහින්.

 

‘‘ අර නෙළුම් පොකුණ සංදර්ශනය මහත්තයා ”

 

‘‘  මොකක් කිව්වා  ”

 

‘‘ අර නෙළුම් පොකුණෙ.. මොකක්ද සංදර්ශනයක් තියෙනවලු. ආන් ඒකට ගියේ ”

 

‘‘ තනියම ”

 

‘‘ නෑ ..නෑ..නැනී අම්මත් එක්ක ගියේ ”

 

‘‘ මහත්තයා දන්නවද තැන. අර උස නෙළුම් කුලුණක් තියෙන්නෙ..අපෙ සුදු නෝනා කියන්නෙ ඒක මීටර් තුන්සිය හැට පහක් උසයිලු ඕං… අන්න ඒ හරියෙම තමා ඔය මේ නෙළුම් පොකුණ තියෙන්නෙ. ”

 

‘‘ ඇත්තද? මන් දන්නෙ නෑනෙ. මම මේ කොළඹ නෙවෙයිනේ ..මඟුලක් කතා කරනවා ”

 

හංසක වේගෙන් කාර් එක හරව ගත්තා.

 

‘නෙළුම් කුළුණෙ උස කියනවා මට. ඔහේ  ඇවිදිනවා. හිටපු ගමන් ඇවිදිනවා. එදත් මං කිව්වා යන්න එපා මට නොකියා කියලා. අද බලමුකො. මං පෙන්නන්නම් සංදර්ශනේ හොඳට.`

 

හංසක කවදාවත් මේ විදිහට කෙල්ලෙක් ගැන හිතපු කෙනෙක් නෙමෙයි. ඒ වගේම මේ විදියට හැසිරුණ කෙනකුත් නෙවෙයි. ඒ උනාට හංසකත් නොදන්න විදිහට ගිහාරා හංසකගේ පපුවටම කිඳා බැහැලා තිබ්බා. ඒත් කොල්ලට තාම මේක තේරුම් ගන්න බැහැ. රෑ හත හමාරයි වේලාව. නෙළුම් පොකුණ කාර් පාර්ක් එකේ කාර් එක නතර කරපු හංසක ඇතුලට ආවා. මුළු හෝල් එක පිරෙන්න සෙනඟ.

 

‘‘ ගෝඩ්.. දැන් කොහොමද මේ කෙල්ලව හොයාගන්නෙ.  ශිට්.. ”

 

ඒ වෙනකොට ෂෝ එක පටන් අරගෙන තිබ්බා. මේ වෙනකොට ප්‍රසිද්ධ වෙලා හිටපු සුපිරි තරු වගයක් සින්දු කියනවා. හංසකට නම් මේවා ගැන මෙලෝ වැඩක් නෑ. හංසකගෙ  ඇස් එහෙ මෙහෙ දිව්වෙ  කෙල්ල හොයන්න.  කොහොමත් ගිහාරා ගොඩේ  ටයිප් වගේම කොණ්ඩෙ දිග නිසා අඳුර ගන්න පුළුවන් කියන විශ්වාසය හංසකට තිබ්බා. ගීත ඇහෙද්දි හංසක පේළි අතරින් එහෙ මෙහෙ ගියා. කොල්ලො කෙල්ලො නටනවා. අත්පුඩි ගහනවා. විසිල් කරනවා.  ජංජාලයයි.

 

සෑහෙන වෙලාවක් කෙල්ල හොයලා  අන්තිමේදී හංසකට හති හොඳටම. මහන්සියි.  කෙල්ල කොහෙවත් නෑ. නෙළුම් පොකුණෙ එනවා කියලා මේකි වෙන කොහේ හරි වත් ගියාද? හංසකට හිතාගන්න බෑ. අනිත් එක සිකුරුටිකාරයා කිව්වෙ ඇත්තද බොරුද දන්නෙ නැහැ. ෆෝන් නම්බර් එකකුත් නෑ කතා කරන්න. හංසක ආපහු හැරුණෙ කලකිරුණු හිතෙන්. අහම්බෙන් වගේ ඉහළ  වම් පැත්ත බැලුවම හංසකට ආවේ ලොකු හිනාවක්. මෙන්න කෙල්ල ඉන්නවා. නැනී අම්මත් පැත්තක ඉන්නවා. කෙල්ල නම් වශී  වෙලා වගේ සින්දු අහනවා .

 

අත් දෙක ළං කරගෙන හෙමීට තාලෙට අත්පුඩි ගහන කෙල්ල දැක්කම හංසකට පුදුම තරම් සතුටක් දැනුනේ. හංසක හෙමිහිට පඩිපෙල දෙකක් නැගලා කෙල්ල ඉන්න සීට්  එක පැත්තට ගියා. ඉස්සෙල්ලම හංසකට හමුවුණේ නැනී අම්මාව. හංසක නැනී අම්මාට තට්ටු කළා. හංසක එතනට ආවා කියලාවත් කෙල්ල දැක්කෙ නැහැ. මොකද කෙල්ල ඒ තරම් වශී වෙලා සින්දු කියන ගායකයා දිහා බලාගෙන හිටියා. නැනී අම්මා හංසක දිහා බලන කොටම කොල්ලා සංඥා කළා.

 

‘‘ස්ස්ස්ස්ස් ”

 

හංසක දෙතොලෙ දබරැඟිල්ල තියලා සද්ද කරන්න එපා කියලා නැනී අම්මට පෙන්නුවා. ඊළඟට හංසක ඇහින් ඉඟි කළා. කොල්ලගෙ ඉඟිය තේරුම් අරගෙන නැනී අම්මා නැගිට්ටා. ගිහාරාට  වගේ වගක් නෑ. එයා හොඳට සින්දු අහනවා.

 

‘‘ වීල් එකක යන්න. මං එයාව එක්කගෙන එන්නම්. ”

 

හංසක හෙමිහිට නැනී අම්මාට කිව්වා. නැනී  අම්මත් කට පියාගෙන එහෙමම එළියට ආවා.

 

‘මොනව උනත් මහත්තයා සුදු නෝනෙට ආදරෙයි. ඒක මට තේරෙනවා. නැත්නම් මෙහෙම හොයාගෙන එන්නේ නෑනේ  `

නැනී  අම්මට කොච්චර උනත් දැන් හිතට හොඳයි. නැනී අම්මා නැගිටලා හංසක ඉඳගත්තා කියලා ගිහාරාට මෙලෝ වගක් නෑ. කෙල්ල දැහැනට සම වැදිලා  නැගී එන සුපිරි තරුවක සිංදුව රසවිඳිනවා.  ඇත්තටම ඒ තමයි ගිහාරා  කැමතිම ගායකයා .

 

හංසක හෙමිහිට ගිහාරා  දිහා බැලුවා. විදුලි බල්බ වල ආලෝකෙට ඒ රතු පාට කම්මුල් තවත් රතු වෙලා පේනවා. කොල්ලා හෙමිහිට කෙල්ලගේ උරහිසට අතක් දාගෙන සුපුරුදු හාද්ද දුන්නා. ඒ උණුසුම දැනුනම බයුවුණු කෙල්ලට හංසක දැක්කම උන්හිටිතැන් අමතක උනා.

 

‘‘ ඔයා කොහොමද මෙතන ඉන්නෙ.කොයි නැනී අම්මා. ”

 

අද ගිහාරා  ඇඳගෙන හිටියේ ට්‍රවුසර් එකකුයි දිග කහපාට බ්ලවුස් එකකුයි. දිග කොණ්ඩේ පෝනිටෙල් එකක් දාලා. කොණ්ඩෙ තිබ්බේ කෙල්ලගේ ඔඩොක්කුවේ. හංසක ඒ හැම රූ සිරියක්ම නරඹන ගමන් කොණ්ඩෙ අතට අරගෙන අතගාන්න පටන් ගත්තා .

 

‘‘ හංසක.  උත්තර දෙන්න ඔයා කොයි වෙලාවෙද ආවෙ. අනේ මොකද කරන්නේ. අර මිනිස්සුත් බලනවා. ”

 

‘‘ ඉතින් බලපුවාවේ. මට මොකද?  මගේ වයිෆ්ගෙ ලස්සන බලන්න, අතගාන්න  මට අයිතියක් තියෙනවා . ”

 

‘‘ හීන බලන්න එපා. කොයි නැනී අම්මා ”

 

‘‘ එයා ගියා .. ”

 

‘‘ මොනවා?  හරි නරකයි. එයා මාව දාලා ගියා ”

 

‘‘මම යන්න කිව්වේ. තමුසෙට මෙලෝ සිහියක් තිබ්බද?  කටත් ඇරගෙන අර සිංදුව බල බල හිටියේ. අහගෙන නෙවෙයි. ”

 

කොල්ලා ගායකයා දිහා බැලුවා. ගායකයාත් බොක්කෙන්ම සිංදුව  කියනවා.

 

‘‘  මේ ඉන්නේ මම කැමතිම ගායකයා  ”

 

‘‘ අපොයි ඒකා ගායකයෙක්?  සිරාවටම කියන්නෙ සිංදුවක්ද ? මට නම් ඇහෙන්නේ මරලතෝනියක් වගේ. අර ඔපෙරා වල තියෙන්නෙ.  අහල තියෙනවද? ”

 

හංසක කීවේ කටත් ඇද කරලා

 

‘‘ මේ එන්න එපා එයාට මොකුත් කියන්න හරිද?  බලන්න කොච්චර ලස්සනට සිංදුව කියනවද?  අපි දැහැන් ගත වෙනවා ”

 

‘‘ අපොයි ඔව්. මං දැක්කනෙ දැහැන්ගත වෙලා හිටපු හැටි. අපරාදෙ.. දැහැන පිටින්ම මට තව මොනවා හරි කරන්න තිබ්බෙ. ”

 

කොල්ලා කනට ලංවෙලා හෙමීට මිමිනුවා..

 

‘‘ ශිට්..මොනවද කියවන බහුබූත.. ”

 

හංසකගෙ කට කනේ. කෙල්ලගෙ කම්මුල් තවත් රතු වෙලා. මෙතන ප්‍රසිද්ධ  ස්ථානයක් නිසා මොනවත් කර ගන්න බෑ. කොල්ලා ඔරලෝසුවෙ වෙලාව බැලුවා.

 

‘‘ මේ මරළතෝනිය  ඉවර වෙන්නෙ කීයටද? ”

 

‘‘ ඇයි අහන්නෙ.. තව පැයක්වත් යයි.. කෑ නොගහ ඉන්නවද..අන්න තව එකක් පටං ගත්තා.. ඩාන්ස් එකකුත් යනවා.. ”

 

‘‘ අපෝ.. එච්චර  වෙලා ඉන්න බෑ.. ”

 

‘‘ එහෙනම් ඔයා යන්න… ”

 

‘‘ මාව යවන්නෙ..ඇයි අර සිංදු කියන මිනිහා ගෙන්න ගන්නද මෙතෙන්න. ”

 

හංසක දත්මිටි කනවා..

 

‘‘මොකද්ද  අනේ. කෑ ගහන්න එපා. අර මිනිස්සු බලනවා.. අනික  මං ගොඩේ නැට්ටිච්චියක් කියලා කිව්වේ ඔයාමයි.  ඒ නිසා මගෙ දිහා කවුරුවත් බලන්නෙ නෑ.  ඔයා යන්න.. ”

 

‘‘ කට පියාගෙන එනවා යන්න. ”

 

හංසක කෙල්ලවත් ඇදගෙන නැගිට්ටා. ගිහාරාට කර ගන්න දෙයක් නැති උනා. හංසකගෙ දැඩි අත අතහැර ගන්න බැරුව කොල්ලාගේ පස්සෙන් කෙල්ලත් යන්න පටන් ගත්තා. කෑ ගහන්නත්  බැහැ. මිනිස්සු බලාගෙන ඉන්නවා. හංසක කාර් එක ළඟටම ඇවිත් කෙල්ලව ඇතුලට දාලා තමා අත ඇරියෙ. කොල්ලා එහෙමම ඩ්‍රයිවින් සීට් එකට නැග්ගා.

 

‘‘ මොනවද හංසක මේ වෙලා තියෙන්නේ. මං කොච්චර ආසාවෙන්ද හිටියේ සින්දු අහන්න ”

 

‘‘ තමුසෙ කාගෙන් අහලද මේ පොකුණට ආවෙ.. ”

 

‘‘මම මොකටද එහෙම අහන්නේ. මං කරන්නේ මට ඕන දේ ”

 

‘‘ ආ එහෙමද ළමාතැනී හිතාගෙන ඉන්නේ. එව්ව හඳේ .මේ හංසක ඉන්න  කල් නැටිලි බෑ. ”

 

‘‘ හංසක.. මං කිව්වනේ මේ කසාද සිද්ධ වෙන්නෙ නෑ වෙන්නේ නෑ. කතාව එච්චරයි ”

 

‘‘ මමත් කියලා තියෙන්නෙ. මට කසාදයක් අදාල නෑ. මට ඕනේ දේ විතරක් උනාම හොඳටම ඇති  ”

 

කොල්ලා කාර් එක පාරට දැම්මා.

 

‘‘නැනී අම්මා කොහෙද දන්නෙ නෑ. අනේ අපි එයාව එක්කරගෙන යන්නේ නැද්ද? ”

 

ගිහාරා  හදිසියේම කෑගහන්න පටන් ගත්තා.

 

‘‘ දැන් ද මතක් උනේ. ඔය වයසක ඇන්ටි ඔන්න ඔහෙ හෙට උදේට එන්නෙ නැතෑ..අනික එයාටත් මේ රෑ ජාමේ හොඳ මඟුලක් සෙට් වුණොත්.  පවුනෙ..ඇයි අපි බකට් දාන්නෙ.  ”

 

‘‘අනේ මොනවද හංසක.  ඔයා ඇයි ඔච්චර නපුරු .. ”

 

හංසක කාර් එක අරං ආවෙ පාලු පාරක. පාලමක් ලග විදුලි ලාම්පු එලිය තිබ්බ තැනක කොල්ලා කාර් එක නතර කලා. ගිහාරා බලං හිටියා. කොල්ලා කාර් එකෙන් බැහැලා කෙල්ලවත් බස්සව ගත්තා..

 

‘‘ හංසක… ”

 

‘‘එන්නකො.. ”

 

හංසක ගිහාරාව ඇදගෙන පාලම මැද හරියට ගියා. පාලම යටින් වතුර පාරක් ගලනවා. පොහොය දවස ලඟ ලඟ එන නිසා හඳ හොඳට පායලා. ඝන වලාකුළු හඳ ගිලගන්න මාන බලනවා. ඒත් හඳ ඒ වළාකුළු ඔක්කොම ඈත් කරගෙන මහපොළොවේ අඳුර දුරුකරන්න මහා සටනක යෙදෙනවා. සඳ එළිය වතුරට වැටිලා දිලිසෙනවා. ඒ  දර්ශනය හරිම චමත්කාරජනකයි

 

පාලම ළඟට ආපු ගිහාරා දැකපු දර්ශනයට වශී වෙලා බලාගෙන හිටියා. පාලම යටින් ගලාගෙන යන වතුර පාර හඩ විතරක් කෙල්ලට ඇහුණා . මේ කොළඹ කලබලකාරී පරිසරය මැද මේ වගේ නිසංසල පරිසරයක් තියෙනවා කිව්වාමත් කෙල්ලට පුදුමයි. රෑ වෙලා නිසා ඒ පාර හොඳටම පාළුවට ගිහිල්ලා..සිහිල් හුලං රැල්ලක්  හමාගෙන ආවා.

 

කෙල්ල හඳ දිහා බලාගෙන ඉන්න අතරේ හංසක කළේ ගිහාරාගෙ  මූණ දිහා බලාගෙන හිටපු එක. හඳ එලියත් එක්ක මුසු වුණු  ගිහාරගේ  රතු කම්මුල් දිලිසෙනකොට කොල්ලට තවත් හැගීම්  පාලනය කර ගන්න බැරි උනා. කොල්ලා ඒ කම්මුල් සිප ගත්තෙ හරිම   හැගීමබර විදිහට. මුලින් අකමැත්තෙන්  නතු උනාට…පස්සෙ හංසකගෙ උණුසුම ගිහාරාට ගෙන ආවෙ මිහිරක්..කොල්ලගෙ නොසන්සුන් සුසුම් ගිහාරගෙ වත පුරාම දිව යනවා. කොල්ලා ගිහාරව තුරුලු කරගත්තෙ තව තවත් ඒ සුවඳ විදින්න..ඒත් ගිහාරාට දෙලෝ රත් උනේ  හංසක බ්ලවුස් එකට අත තිබ්බට පස්සෙ.

 

‘‘හංසක එපා. ”

 

කෙල්ල  කරන්ට් එක වැදුන වගේ ඈත් උනා.කොල්ලට ඒකෙන් තරහා ගියා..

 

‘‘මොකද.. ”

 

එච්චර  වෙලා ආදරණීය  විදිහට හැඟුම්බර වෙලා හිටපු හංසක ආයෙත් පුරුදු ගතිය පෙන්නුවා. හංසක ආයෙත් කෙල්ලව ඇදලා ලගට අරගෙන බඳ වටේ අතක් දාගත්තා. ගිහාරගෙ ගෙලට දෙතොල් තිබ්බෙ කෙල්ල කියන දේවල් ගණන් නොගෙන.

 

‘‘ අනේ එපා හංසක . ප්ලීස් යමුකො අපි. අනේ..හොඳ මහත්තයානෙ.. ”

 

‘‘හ්ම්.. ”

 

කොල්ලා ඒ පාර ඈත්  උනා..

 

‘‘යමු.. ”

 

හංසක සන්සුන් විදිහට  කාර් එකට නගින හැටි කෙල්ල පුදුමෙන් බලං හිටියා. හංසක ගෙදර  ළගට එනකල්ම නිහඩව හිටියෙ. ගිහාරට පුදුමයි. ඇස් රතු කරගෙන තමන්ව තුරුලු කරගෙන හිටපු කොල්ලා එක පාරටම අත ඇරියම. ඇත්තටම  හංසකටත් පුදුමයි…

 

“හොඳ මහත්තයානෙ.. ”

 

ගිහාරා ඒ වචන දෙක කිව්ව තාලෙට  කොල්ලා ක්ෂණිකව  තීරණේ කලා ඈත් වෙන්න. කාර් එක නැවැත්තුවාට කෙල්ල බැස්සෙ නෑ..හංසක කෙල්ල දිහා බැලුවා..

 

‘‘ මොකද.. ”

 

කෙල්ල හංසක දිහා බලං ඉන්නවා. කොල්ලා ආයෙත් ඒ වතට එබුනා‍.

 

‘‘මං එන්නද අද ඉන්න..ආ…ඔහොම ඇස් වලින් ඉඟි කරන්නෙ  ඒකටද.. ”

 

ගිහාරා ලැජ්ජාවෙන් අහක බැලුවා.

 

‘‘පිස්සු  ඔයාට.. ”

 

‘‘ ඔව් දැන් නම් හොදටම පිස්සු තමා.. ”

 

කොල්ලා හයියෙන් හිනාවුනා..

 

‘‘හංසක මට දෙයක් කියන්න තියෙනවා..

 

‘‘මොකද්ද .. ”

 

‘‘මං හෙට කෑම්ප් එකකට යනවා.. ”

 

‘‘මොකද්ද .. ”

 

‘‘කෑම්ප් එකක්..එන්ජීඕ එකකින්ක රන්නෙ..මං ඒකට බැඳිලා ඉන්නෙ.. ”

 

‘‘ කොහෙද තියෙන්නෙ.. ”

 

‘‘ලග පාත නම් නෙවෙයි ගොඩක් දුර..මැදවච්චියේ . ”

 

‘‘වට්..ආ යූ මෑඩ්.. එච්චර  දුරක්  තනියම යන්න.. ”

 

‘‘ තනියක් නෑ. එන්ජීඕ එකේ යාලුවො ඉන්නවා මට..මීට කලිනුත් දෙවතාවක් ගිහින් තියෙනවා. ”

 

‘‘ඒ උනාට දැන් ඕවයෙ යන්න ඕනෙ නෑ.. ”

 

‘‘අනේ හංසක…එතන කෙරෙන්නෙ ඒ ගම් වල ඉන්න අහිංසක දුප්පත් මිනිස්සුන්ට උදව් කරන එක. එයාලට හෙල්ත් එඩුයුකේෂන්.. මෙඩිසින් දෙනවා. ළමයින්ට උවමනා දේවල් දෙනවා .ගොඩක් හොඳ වැඩ වෙනවා. සතියක් පුරාම ඒ අය කරන දේවල් වලට අපි සපෝර්ට්  කරනවා. ”

 

‘‘ ඉතිං තමුසෙ මොන මඟුලකටද ඕවා කරන්නෙ.. ”

 

‘‘ මඟුලකට නෙවෙයි ..හිතේ සතුටට.. ”

 

‘‘මං කැමති නෑ ඕවට.. ”

 

‘‘ හංසක. මං ඔයාගෙ කැමැත්තක් ඇහුවෙ නැහැ. මං කිව්වේ යුතුකමක් විදිහට ”

 

ගිහාරා  ක්ෂණිකව කාර් එකෙන් බැහැලා ගේට්ටුවෙන් ඇතුලට ගියා. හංසකට මුකුත් කියාගන්න බැරි වුණා. කොල්ලා එහෙමම කාර් එක පාරට දාගත්තා..

 

හංසක මඟක් යද්දි තාරිකා කෝල් කලා.

 

‘‘ හංසක. කො….කොහෙද ඉන්නේ..ඔයා ක්ලබ් එකට ආවෙ නෑ දවස් ගාණකින්. එන්නකො …හ..හං සක.. පාලු..යි..මට්ට.. ”

 

‘‘ තාරි.  දැන් වෙලාව කීයද. තමුසෙ තාම ක්ලබ් එකේද.”

 

හංසක ඇහුවෙ කේන්තියෙන්. දැන් රෑ එකොලහටත් කිට්ටුයි. ක්ලබ් එකේ ඝෝෂාව ජයටම ඇහෙනවා. තාරිකාගෙ කටහඩත් නිකම් වෙරි වගේ.

 

‘‘ හං..සක..එන්නකො.. ”

 

‘‘තාරි..තමුසෙ බීලද ඉන්නෙ. ”

 

‘‘මොකද්ද  අනේ…මං වයින් එකක් බිව්වෙ.. ”

 

‘‘ශිට්..ඔහොම ඉන්නවා මං එනකල්.. ”

 

‘‘ස්වීට් මං ඉන්නම්.. ”

 

හංසක ෆෝන් එක කට් කලා. ‘තාරි තමුසෙ නම් හැදෙන් නෑ.. ’හංසක හිතුවෙ අන්තෙටම කළකිරීමෙන්. හංසක නැතුව ක්ලබ් එකට යන්න එපා කියලා කොල්ලා තාරිට කියලා තිබ්බෙ. ඒත් හංසක දන්නවා තාරි ඒවා අහන් නෑ කියලා..මොකක් උනත් තාරිට කරදරයක්  වෙනවට හංසක කැමති නෑ.. කොල්ලා ඉක්මණට  ක්ලබ් එකට ආවා. ඇතුල් වෙලා ඇස් හරව හරව හෙව්වට මොකෝ… තව කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා නටන තාරිව දැක්කම කොල්ලට හිතුණෙ ආපු මෝඩකම කියලා. හංසක තාරි ලගට ගියා. හංසකව දැක්ක ගමන් කෙල්ල හංසකගෙ උරහිසේ එල්ලුනා.

 

‘‘ හේයි තාරි..තමුසෙ කවුද..? ”

 

ඒ කොල්ලා හංසකගෙ ෂර්ට් එකෙන් අල්ලගත්තා. හංසකගෙ මූණ කලු වෙන්න වැඩි වෙලා ගියෙ නෑ. අර කොල්ලට හිතා ගන්නවත් වෙලාවක් නොදී හංසක අත මිට මොළවලා කොල්ලගෙ කම්මුලට පාරක් ගැහැවා. ඊළඟට කොල්ලා දිහා හැරිලා වත් බලන් නැතුව තාරිව ඇදගෙන එලියට ආවා.

 

‘‘ හංසක..මරු ශොට් එක..ඔයා මගෙ හනී..ස්වීට් .. අයි ලව් යූ… ”

 

තාරි ඔහේ කියවනවා. හංසක තාරිව කාර් එකට දාගත්තෙ වදෙන් පොරෙන්. කොල්ලා වේගෙන් තාරිගෙ  ඇනෙක්ස් එකට ගියා. කෙල්ල නිදි. ඇදුමෙන් කකුලෙ බාගයක් එලියෙ…හංසක ඒ දිහා බලලා  තාරිට කතා කළා.

 

‘‘තාරි..තාරි.. නැගිටිනවා. යතුර කෝ ඇනෙක්ස් එකේ..ආ. ”

 

තාරි නිදි. සද්ද නෑ. ශිට්.. මේකිව මොකෙක් හරි ඇරං ගියත් ඔච්චරයි.. කොල්ලා තාරිගෙ කරේ තිබ්බ බෑග් එක අරගෙන බැලුවා. ඒකෙ කී එක තිබ්බ නිසා කොල්ලා දොර ඇරලා ගේ ලයිට් දාලා  තාරිව උස්සගෙන ඇවිත් කාමරේ ඇදේ තිබ්බා. හංසක සීට් එක්කුත් පොරවලා යන්න හදද්දි තාරි කොල්ලගෙ අතක් අල්ල ගත්තා. හංසක පුදුමෙන් තාරි දිහා බැලුවා.

 

‘‘තාරිකා. මං යන්න ඕනෙ… ”

 

‘‘එප්පා..අද ඉන්නකො ”

 

තාරිකාගෙ මත් වුනු කටහඩ ඇහුනෙ උගුරෙන් වගේ..තාරි කොල්ලව ඇදලා ළඟට ගත්තා .. ඒ ඇස් බාගෙට ඇරුණා.

 

‘‘ හංසක ..මට ඔයා නැතුව බෑ … ”

 

තාරි හංසකගෙ බෙල්ල සිප ගත්තා…ඒ එක්කම හංසකගෙ ඇස් ඉස්සරහ  මැවුනෙ ගිහාරා…කොල්ලා කරන්ට් එක වැදුනා වගේ තාරිගෙන් ඈත් උනා.

 

‘‘ තාරි.. තමුසෙට වෙරි නෑ.. තමුසෙ බොරුවක්  කරන්නෙ…තමුසෙ හොඳටම දන්නවා මං ඕවට අහුවෙන් නෑ කියලා.. පව් කියලා ගෙනත් දැම්මට  ”

 

‘‘ අනේ හංසක.. එන්නකො. ඔයා ඇයි මාව රිජෙක්ට්  කරන්නෙ. ”

 

කෙල්ල හංසකගෙ අතේ ආයෙත් එල්ලුනා.

 

‘‘තාරි.  මාව යකා කර ගන් නැතුව යන්න දෙනවා.. ”

 

‘‘ඔයා අර ගොඩේ කෙල්ල නිසා නේද මට මෙහෙම කරන්නෙ.. ”

 

‘‘ විකාර කියවන් නැතුව ඉන්නවා. ”

 

‘‘ එදා අර.. රූම් එකේ ඔයා ඒ කෙල්ල එක්ක හිටියා.

කොල්ලා  අහක බලා ගත්තා..

 

‘‘තාරි මේ.  තමුසෙ දන්නවා මං කවුද කියලා. තමුසෙ මගෙ පස්සෙන් බලෙන් ආවට මං එකෙක් පස්සෙවත් බලෙන් යන් නෑ කියලා දන්නවනෙ..දැන් නිදා ගන්නවා. ”

 

කොල්ලා තාරිව අත ඇරලා එළියට බැස්සා.   කාගෙවකත් පිටිපස්සෙ බලෙන් යන් නෑ කිව්වට මොකද.. හංසකගෙ හිත  නොදැනුවත්වම ගිහාරාව ෆලෝ කරනවා කියලා කොල්ලට තේරුණේ නෑ..

 

———————–

 

‘‘ මොකද්ද  බං උඹට වෙලා තියෙන්නෙ.. ”

 

වර්ෂ ඇහැවෙ පැයක් විතර ඔෆිස් රූම් එකේ එහෙට මෙහෙට යන හංසක දිහා බල බල…

 

‘‘ මං මැදවච්චියේ යනවා ”

 

හංසක එකපාරටම කියද්දී වර්ෂ පුදුම වුණා.

 

‘‘ මොකද්ද කිව්වෙ? කිව්වේ මැදවච්චියේ යනවා. ඒ මොකටද? පිස්සුද?  මේ හදිස්සියේ.. ”

 

‘‘ අර කෙල්ල එහි ගියා.. ”

 

‘‘ මැදවච්චියේ මොඩ්ලින් ශෝ  බලන්නේ කවුද? ”

 

‘‘ පිස්සුද? තාරි  නෙවෙයි බං ”

 

‘‘ එහෙනම්. ”

 

‘‘ ගිහාරා ”

 

‘‘ ඔය පැන්නෙ  බළලා මල්ලෙන් එලියට. උඹ අද මේ ඔෆිස් එකේ උන්ටත් කෑගගහා පිස්සු නටන්නේ එහෙනම්  ගිහාරා  නැති හින්දා. එහෙම නේද? ඒත් බං ගිහාරා මොකටද මැදවච්චි ගියේ ? ”

 

‘‘එයා එන්ජීඕ එකක වැඩ කරනවා. ඒකෙ කෑම්ප් එකක්ලු. ”

 

‘‘ ඒකත් එහෙමද?   ඇත්තටම බං මම කවදාවත්
උඹ තාරි  ගැනවත් ඔහොම වද වෙනවා දැකලා නෑනේ. ”

 

‘‘ අපෝ  මට මතක් කරන්න එපා තාරිකා  ගැන. මගෙ හිතේ තියෙන්නෙ ලේසි කේන්තියක් නෙවෙයි ”

 

‘‘ ඒ මොකද බං ”

 

වර්ෂ ඇහැවෙ පුදුම වෙලා.

 

‘‘  උඹ දන්නවද?  මං ඒකිට කියලා තියෙන්නෙ මං නැතුව ක්ලබ් එකට යන්න එපා කියලා. ඒ උනාට ඒකි මේ දවස් ටිකේම ගියා. ඒ මදිවට ඊයේ හොඳට බීලා. මං පව් කියලා ගෙදරට ඇරලුවා. ඒකි හැදුවේ මාව රෑ තියාගන්න. වෙලාවට මම බීලා හිටියේ නෑ. නැත්නම් මටත් පිස්සුනේ වෙලාවකට. ගෑණුත් දැක්කා ඔහොම ගෑණු දැක්කෙ නෑ..ෂිට්.. මං මොකට කරේ එල්ල ගත්තද මන්දා ”

 

‘‘ හ්හ්හ්හ්හාහා. උඹ මොකෙද්ද බං. මට නම් හිතා ගන්නත් බෑ. ”

 

‘‘  තාරිකා එක්ක  ලේසි නැහැ. මං ඒක හොඳට දන්නවා. ඇත්තටම තාරිකාට  මම කැමති වුණේ  අමායා ආන්ටි  හින්දා. දැන් එයාමයි මට කියන්නෙ ගිහාරාව මැරි කරන්න කියලා. මට තේරෙන්නෑ බං. මං කන්ෆියුස් වෙලා. ඕන මගුලක්. මං  මැදවච්චි යනවා දැන් ”

 

‘‘ මාත් එන්නම්කො.. දැන් ගිහාරා  ඉන්න තැනක් උඹ හරියටම දන්නවද? කෝල් එකක් දීලා අහගන්න කොහෙද ඉන්නේ කියලා  ”

 

‘‘ කෝල් කරන්න මං ඒකිගෙ නම්බරයක් දන්නේ නැහැ ”

 

‘‘ අඩේ හංසකයා.  උඹ තමා දවසකට හරි මිනිහා. මට නම් හිතා ගන්න බැහැ. එතකොට කොහොමද ඒකි ඉන්නේ තැනක් හොයාගන්නෙ. ”

 

‘‘ ගෙදරට ගිහිල්ලා බලමු. අර සිකුරුටි කාරයාගෙන් අහ ගන්න බැරියැ ”

 

කොල්ලො දෙන්නා ගිහාරාගේ ගෙදරට ගියා. යනකොට ගේට් එක ළඟ නැනී අම්මා සිකුරුටි අන්කල් එක්ක කතාවක්. හංසකව දැක්ක ගමන් නැනී අම්මා කාර් එක  ළඟට ආවා.

 

‘‘නැනී අම්මා. කොයි පුංචි නෝනා. ”

 

හංසක කාර් එකෙන් බැස්සා.

 

‘‘  පුංචි නෝනා ගියානේ මහත්තයා. මහත්තයාට කිව්වයි කිව්වේ. මැදවච්චි යනවා කියලා. ”

 

‘‘ ඉතින් එහෙනම් නැනී අම්මා මොකද මෙතන කරන්නේ. ඇයි ගියෙ නැත්තෙ ”

 

‘‘ සුදු නෝනෙ කෑම්ප් යන දවසට මං යන්නෑ මහත්තයා. මට ඕවයේ  ඉන්න බෑ. අනිත් එක නෝනගෙ  යාළුවො කට්ටියක් ඉන්නවා. බය වෙන්න දෙයක් නෑ ”

 

‘‘ ඒත් මං කිව්වේ කෙල්ලට යන්න එපා කියලා ”

 

‘‘ පුංචි නෝනා හරි කැමැත්තෙන් යන ගමනක් මේක මහත්තයා ”

 

‘‘ හ්ම්.. කොහෙද ඒක තියෙන්නෙ  ”

 

නැනී  අම්මා එයා දන්න විස්තරේ හංසකට කිව්වා.  හංසක ඒ එක්කම වර්ෂ එක්ක මැදවච්චියේ යන්න පිටත් වුණා. නැනී අම්මාට  හරි පුදුමයි.  ඒ වගේම සතුටුයි. තමන් හිතපු දේ හරි කියලා.

 

‘හංසක මහත්තයා  නරක කොල්ලෙක් නෙවෙයි. සුදු නෝනෙට කැමතියි. පුංචි නෝනා මේ හංසක මහත්තයාගේ ආදරය තේරුම් ගත්තොත් හොඳයි. ` නැනී අම්මා එහෙම හිතුවා.

 

‘‘ හංසකයා බඩගිනි නැද්ද? දැන් පහමාරයි. පොඩි දුරක් නෙවෙයි අපිට යන්න තියෙන්නේ.  ”

 

වර්ෂ ඇහැවෙ බඩගින්න ඉවසන්නම බැරි තැන.

 

‘‘ මේ වර්ෂයා..  උඹට ඕනේ නම්  බැහැලා කාලා ඕන මගුලක් කරගෙන එනවා. මම මැදවච්චියේ  තමයි නවතින්නෙ. ”

 

‘‘  ඇත්තටම උඹලා වගේ එවුන්නෙ අපි යාලුවෝ කරගෙන ඉන්නෙ .එක්කො මාව මගින් දාලා යනවා. මට  දැන්නේ තේරුනේ. උඹ කැමති නැහැ උඹේ ගොඩේ නැට්ටිච්චිව අපිට පෙන්නන්න. ඒක තමා මේ. මොකද බං?  ඇත්තටම ඒ කෙල්ල එච්චර ලස්සනයි ද? ”

 

‘‘ඔව්.. ලස්සනයි තමයි. මං කැමති නෑ උඹලා කාගෙවත් ඇහැට අහුවෙනවට ”

 

‘‘එහෙනම් උඹ කිව්වේ ගොඩේ කෙල්ලක් කියලා ”

 

‘‘ ගොඩේ පිපුණත්.. මඩේ පිපුණත්.. නෙළුම නෙළුමමයි බං.. ”

හංසක කිව්වෙ ෆුල් සීරියස් පිට.

 

‘‘  හරි.. උඹ එහෙනම් මාව මගින් දාලා පලයන් . ”

 

‘‘ නෑ  වර්ෂයා.  උඹ මට අනිත් එවුන් වගේ නෙවෙයි.  උඹව විශ්වාසයි. ඇත්තටම මචං මටත් තේරෙන් නෑ මගේ හිතේ තියෙන දේ. ඒ වුණත් මම ගිහාරාට කැමතියි. මට ඒක තේරුම් ගන්න අමාරුයි. වෙලාවකට මට ඒ කෙල්ලත් එක්ක පුදුම තරහක් යන්නෙ. ඒත් මට එයාව නැතුවත් බෑ  ”

 

‘‘ මට හිතුනා පහුගිය ටිකේ උඹ වෙනස් වෙච්ච හැටියට. උඹ ක්ලබ් ආවෙත් නෑ. ඔෆිස් එකේදිත්  හිටියේ හොඳ මූඩ් එකෙන් කියලා මට ආරංචි වුණා. ”

 

‘‘ උඹෙ රොයිටර් සේවෙත් එක්ක මොකුත්ම බෑනෙ කරන්න. හරි කාලා යමු.. ”

 

හංසක කාර් එක රෙස්ටුරන්ට් එකක් ලඟ නතර කළා.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!