රත් දෙකොපුල්- 02 කොටස

උදැසන හිරු කිරණ වැටෙද්දීම ගිහාරා අවදි වුණා. අද කෙල්ලගෙ උපන්දිනේ. ගිහාරා  කුස්සියට යද්දි නැනී අම්මා කිරිබත් හදනවා. ගිහාරා නැනී අම්මාගේ පිටි  පස්සෙන් ඇවිල්ලා බදාගත්තා.

 

‘‘ අනේ මගෙ සුදු නෝනේ නැගිට්ටද?  සුභ උපන්දිනයක් වේවා ”

 

‘‘ අම්මෝ..කිරිබත් වල සුවඳ. මට මේ දැන්ම කන්න හිතෙනවා. ”

 

ගිහාරා  කිව්වේ හරිම සතුටින්.

 

‘‘ හා හා එහෙම බෑ. දානෙ පූජා කරලා ඇවිල්ල තමා කන්නේ. යන්නකො. සුදු නෝනේ ලෑස්ති වෙන්නකෝ. මම සුදු දිග ගවුම මැදලා තියෙන්නෙ. ඉක්මනට ඇඳ ගන්නකෝ. දැන්ම යමු පන්සලට. ”

 

නැනී අම්මාගේ සුන්දර අණත් එක්කම ගිහාරා ඉක්මණට ගිහිල්ලා ලැහැස්ති වුණා.

 

———————————–

 

උදේ හත  වෙද්දි  හංසක ත්‍රීවීල් එකක ඇවිත් වලව්ව ළගින් බැස්සා. ඊයේ කාර් එක වලව්වෙ තියෙද්දි තමයි පොලිස් ජිප් එකට නැග්ගෙ.

 

‘‘ ගිහාරා .. ”

 

හංසක වලව්ව දෙදරන්න කෑ ගැහුවා. වලව්වෙන් මීක් සද්දයක් නැහැ. හංසකගේ සද්දෙට මල් පාත්ති වලට වතුර දම දමා හිටපු සියදෝරිස් දුවගෙන ආවා

 

‘‘ කොයි මිනිහො මේ වලව්වේ උන්. මැරිල ද? ”

 

හංසක  කඩාගෙන පැන්නා. අහිංසක මනුස්සයා බයෙන් වෙව්ලනවා. කොළඹ මහත්තුරු ඔක්කොටම මේ වගේ තරහ යන්නේ ඇයි දන් නෑ. ඒ අස්සෙ සියදෝරිස් හිතුවා.

 

‘‘  මහත්තයා. මේ මේ මේ…. ”

 

සියදෝරිස්ට  බයටම වචන  එන්නේ නෑ.

 

‘‘ මහත්තයා. සුදු නෝනේ පන්සල් ගියා උදේම ”

 

‘‘ පන්සල්. ඒ මොකටද? ”

 

‘‘ අද සුදු නෝනේ ගේ උපන්දිනේ. ඒ නිසා උදේම කිරි ආහාර අරගෙන පන්සලට ගියා. ”

 

‘‘ ශික්.. මගුල.. ඔය පන්සල කොහෙද තියෙන්නේ ”

 

හංසක ඇහැවෙ පුදුම කේන්තියකින්.

 

‘‘ මහත්තයා ඉස්සරහා වෙලෙන් එගොඩ  උනහම තමා පන්සල තියෙන්නෙ. ගේට්ටුවෙන් දකුණු අත පැත්තට යන්න ඕන. ”

 

සියදෝරිස් කිව්ව ගමන් හංසක යකා  වාගේ ගිහිල්ලා කාර් එකට නැග්ගා. ඒ එක්කම සියදෝරිස් ඇවිල්ලා ෂටර් එකට තට්ටු කරන්න පටන් ගත්තා. හංසක හිතින් බැන බැන ෂටර් එක ඇරියා.

 

‘‘ මහත්තයා.  ඔය කාර් එකේ පන්සලට යන්න බෑ. අර වෙලේ නියර දිගේ තමා යන්න තියෙන්නේ. ”

 

‘‘ මොකක්?  ”

 

හංසකට ආයෙත් යකා නැංගා. කොල්ලා තරහින් කාර් එකෙන් බැහැලා දඩාස් ගාලා දොර වහලා  ගේට්ටුවෙන් පිට වෙන හැටි බලාගෙන හිටපු සියදෝරිස් උතුර දකුණ මාරු වුණ  සයිස් එකෙන් තමයි හිටියෙ.

 

‘ඒ හාදයා හැමවෙලේම ඔහොමද දන්නේ නැහැ ඉන්නෙ. අනේ අප්පේ මන් දන්නෑ. ඔය නාඹර වයසේ හැටිනේ කොල්ලොන්ගෙ. ඒත් ඉතින් මේ අපේ ගමේ නං අහලකටවත් ඔය වාගෙම කොල්ලෙක් නැතුව ඇති `

 

සියදෝරිස් බර කල්පනාවක් පටං ගත්තා.

 

ඉස්සරහ තිබුණු පාරට ගියපු හංසක වෙලෙන් එහා පැත්තේ තිබුන පන්සල දිහා බැලුවා. වළාකුළු වෙලට පාත් වෙලා.  ඒ මීදුම් වැදින් පන්සල පේනවා. කොල්ලා පාර මාරු වෙලා නියරට ගොඩ වුණා. සපත්තුත් දාගෙන නියර දිගේ යන එක නම් කොල්ලට ලේසි වැඩක් වුණේ නෑ..අනිත් කාරණේ කොල්ලට මේවා කොහොමත් හුරු නෑ. බාගයක් දුර යද්දි පන්සල පැත්තෙන් ගිහාරා මතුවුණා.

 

නියර දිගේ එන පුද්ගලයා දැක්කම ගිහාරාගේ ඇස් ලොකු වුණා. ගිහාරාට පිටිපස්සෙන් නැනී අම්මා හිටියා. කොල්ලා අමාරුවෙන් නියර දිගේ එන හැටි දැක්කහම ගිහාරාට හිනා යන්නත් ආවා. ගිහාරාව දැක්කා විතරයි හංසකට උන් හිටිතැන් අමතක උනා.

 

‘ අන්න අරකි එනවා. මං උගන්නනම්කො හොඳ පාඩමක් `

 

හංසක කල්පනාවක් නැතිව නියරට  අඩිය තිබ්බ පාර දඩාස් ගාලා ගිහිල්ලා වැටුණේ වෙලට. ඒක බලන් හිටපු ගිහාරාට  හොඳටම හිනා.

 

‘‘ අනේ පුංචි නෝනෙ. හිනාව නවත්තන්න. අර මහත්තයට හොඳටම තරහ ගිහිල්ලා වගේ. අනේ පව්. අන්න මඩ ගොඩේ.. අයියෝ!  මී හරකෙක් වගේ. ”

 

‘‘ වගේ නෙවෙයි.  මී හරකෙක් තමා නැනී අම්මෙ.. ”

 

ගිහාරා තාමත් හිනා වෙනවා. හංසකට වෙච්චි දේ හිතාගන්න බෑ. කොල්ලා ගිහාරා දිහා බැලුවා. ඈතින්  වුණත් ගිහාරා  හිනා වෙන හැටි හංසකට  පේනවා.

 

‘ අම්මෝ මල් හතයි. මරු හිනාව. `

 

ඒ අස්සෙ කොල්ලට ඒවත් හිතෙනවා.කොහොමහරි කොල්ලා අමාරුවෙන් නැගිට්ටා. ඒ වෙනකොට ගිහාරා නැනී අම්මා එක්ක  කොල්ලා ළඟට ඇවිල්ලා.

 

‘‘  හපොයි මහත්තයෝ. මොකක්ද මේ වුණ අපරාදේ ”

 

නැනී  අම්මා කෑ ගැහැවා. හංසක තරහෙන් පුපුර පුපුර ගිහාරා ළඟට ආවා. මූණෙත් මඩ.  හිනා යන්න ආවාට ගිහාරා කට තද කරගෙන හිනා නොවී හිටායා.  ගිහාරා  අද සමන්පිච්ච මලක් වගේ. දිග කොණ්ඩේ කරලට ගොතලා. හරිම ලස්සනයි.  හංසක ගෙ ඇස් ගිහාරාගෙ වත  පුරාවටම එහෙ මෙහෙ යනවා. කොල්ලට ඒ මුණ ඉඹින්නමයි හිත. නැනී අම්මා හිටියේ නැත්නම් කොල්ලා මෙලහකට ඉඹලා ඉවරයි.

 

‘‘ මහත්තයෝ. ඔහොමම වලව්වට යං. ”

 

නැනී අම්මා කිව්වේ මොනවා උනත් මේ ගිහාරාගේ  අනාගත මහත්තයා හින්දා.

 

‘‘ පිස්සුද නැනී අම්මෙ.  මෙයා මොකද  මගේ වලව්වට එක්කගෙන යන්නේ. ”

 

ගිහාරා තරහෙන් කිවුවා. හංසක ගිහාරාව ගිලින්න වගේ බලලා ආපහු හැරුනා.

 

‘‘ නෝනෙ..කෑ ගහන්න එපා ..පව්නෙ .. ”

 

නැනී අම්මාගෙ උවමනාව නිසාම ගිහාරා අඩිය ඉක්මන් කරලා කොල්ලා ළගට ආවා.

 

‘‘ මේ ඇහුනද..යමු වලව්වට.. නාගන්න ටිකක්.. ”

 

හංසක නිහඩවම ගිහාරාගෙ පිටිපස්සෙන් ආවා. ගිහාරා රූම් එකට ඇවිත් ටවල් එකක් අරගෙන හංසක අතට දුන්නා. හංසක ගිහාරා පෙන්නපු වොශ් රූම් එකට ගියා. ගිහාරා  කිචන් එකට යනකොට නැනී අම්මා තේ හදනවා.

 

‘‘ නැනී අම්මා. මොකද කරන්නෙ. ”

 

‘‘ මං තේ හැදුවා. .ආ..මහත්තයාට  ගිහින් දෙන්න.. ”

 

‘‘ අනේ මට බෑ. ඔයා දෙන්න. ”

 

ගිහාරා මූණ ඇකිලුවා.

 

‘‘ පිස්සුද සුදු  නෝනෙ.. ආයෙත් යකා කර ගන් නැතිව ගිහින් දෙන්න ”

 

ගිහාරා නැනී අම්මාට බැන බැනම තේ එක අතට ගත්තා. ගිහාරා යනකොට හංසක නාලා ඇවිත් ටවල් එක පිටින්ම කණ්නාඩියෙන්  බල බල කොණ්ඩෙ හදනවා. ගිහාරාට එතකොට තමා මතක් උනේ හංසකට අඳින්න ඇඳුමක් දෙන්න බැරි උනා කියලා.

 

‘‘ ආ..මේ තේ එක.. ”

 

ගිහාරා අහක බලගෙන තේ එක දිග් කලා..

 

‘‘ඇයි..මගෙ දිහා බලන්න බැරිද..ආ…බැලුවොත් සිල් බිදෙයිද. ”

 

‘‘ පිස්සුද?  මොනවද කියන්නෙ.. ”

 

හංසක තේ කෝප්පෙ අරගෙන කණ්ණාඩි මේසෙ උඩ තිබ්බා. කොල්ලා ගිහාරාට අඩියක් ලංවෙනකොටම කෙල්ල පස්සට ගියා. කොල්ලා බලෙන්ම කෙල්ලව අල්ලගෙන දෙතොල් වලට එබුනා. ගිහාරා හංසකගෙන් මිදුන ගමන්ම අත දිග ඇරලා කම්මුල් පාරක් දුන්නා. එච්චර  වෙලා කූල් ඩවුන් වෙලා හිටපු කොල්ලා යකා වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. හංසක එහෙමම දොර ළගට ගිහින් දොර වහලා ලොක් කලා. ගිහාරා ඉහළට ගත්ත හුස්ම පහලට නොහෙලා බලං හිටියා. කොල්ලා ගිහාරව ඇදගෙන ගිහින් ඇඳට තල්ලු කලා.

 

‘‘තමුසේ හිතාගෙන ඉන්නෙ මං කවුරු කියලද..ආ.. ”

 

කොල්ලා ඒ වතට එබුනා.

 

‘‘ තමුසෙට ලැජ්ජා නැද්ද කෙල්ලෙක්ට මෙහෙම කරදර  කරන්න. අතාරිනවා මාව. ”

 

‘‘ කිසි කරදරයක්  වෙන් නෑ. කැමැත්තෙන් ගිහින් වොශ් එකක් දාගෙන  එනවා. ”

 

‘‘ශිට්..මහ ජරා මිනිහෙක් තමුසෙ. තමුසෙ හිතුවෙ මාත් තමුසෙගෙ තාරි වගේ එකියක් කියලද.. ”

 

කෙල්ලගේ ඇස් වල තරහටම කදුලු පිරිලා. හංසක ඒ රතු පාට කම්මුල් තද රතු වෙනකල්ම සිප ගත්තා..හංසකගෙ ශක්තිය එක්ක කෙල්ල පරඩැලක් වගේ. හෙල්ලෙන්න බෑ. හංසකගෙ නොසන්සුන් සුසුම් ගිහාරාගෙ ගෙල ස්පර්ශ කරද්දි කෙල්ල හොඳටම බය උනා.කොහොමත් නැනී අම්මා මේ පැත්තට එන්නෙ නෑ.

 

‘‘ අනේ. අනේ.. එපා..හංසක..මගෙ වටිනම දේ නැති කරන්න එපා..ඔයාට පිං සිද්ද වෙයි..අනේ. හොඳ මහත්තයානෙ ”

 

කෙල්ල අසරණ  විදිහට බොහොම වේදනාවෙන් කියපු ඒ වදන් කොල්ලට ඇහුනා. තරහින් බනින වදන් වලට වඩා කෙල්ලෙගෙ ඒ අසරණ ඉල්ලීම  කොල්ලගෙ පපුවට වැදුණා. කවදාවත්  කෙල්ලෙක්ගෙන් අහල නොතිබ්බ ඒ වචන ටිකට හංසක මෙල්ල උනා. කොල්ලා එහෙමම නැගිටලා  කණ්ණාඩි  මේසෙ ළගට ගිහින් තේ එක අතට ගත්තා. ගිහාරා පුදුමෙන් නැගිට්ටා. හංසක තේ එකත් අරගෙන ඇදෙන් වාඩි උනා. ගිහාරා ඇස් අයාගෙන කොල්ල දිහා බලං හිටියා.

 

‘‘ මොකද ඔහොම ඇස් බලිය කරගෙන බලං ඉන්නෙ….ඇයි  මං නැගිට්ට එක අවුල්ද.. ”

 

කොල්ලා කට කොනින් හිනාවුනා. ගිහාරා ඉක්මණට  නැගිටලා කාමරෙන් දුවන හැටි කොල්ලා හිනා වෙවී බලං හිටියා.

ගිහාරා හති ඇර ඇර කිචන් එකට එනකොටම තව පොඩ්ඩෙන් නැනී අම්මගෙ ඇගේ හැප්පිලා වැටෙනවා.

 

‘‘ කොහෙද සුදු නෝනෙ මේ දුවන්නෙ. ”

 

‘‘ ආ..නැනී අම්මා..නිකම් මේ.. ” ගිහාරා ගැහෙනවා..

 

‘‘ඇ..ඇයි මේ.. ”

 

‘‘නෑ ..නිකම්..මේ මොකද්ද .. ”

 

නැනී අම්මාගෙ අතේ තිබ්බ පාර්සලේ දිහා බලලා කෙල්ල ඇහැවා.

 

‘‘ නෝනෙ..මං සියදෝරිස්ට කියලා පැහැසර මහත්තයාගෙ ඇඳුමක් ගෙන්න ගත්තා. අර මහත්තයාට  ගිහින් දෙන්න. ”

 

‘‘අනේ මට බෑ  .නැනී අම්ම ගිහින් දෙන්න.. ”

 

ආයෙත් ඒ ඇස් ඉස්සරහට  යන්න කෙල්ලෙගෙ කැමැත්තක්  තිබුනෙ නෑ.

 

‘‘හරි ශෝක්..මංනෙ බඳින්නෙ… ”

 

නැනී අම්මා කට ඇද කළා.

 

‘‘ ඉතිං නැනී අම්මා කැමති නම් අවුලක් නෑ. ”

 

ගිහාරා නැනී අම්මගෙ බෙල්ලෙ එල්ලුනේ දඟකාර හිනාවක් එක්ක.

 

‘‘ යසට හිටී. ළමිස්සියක් කියන කතාද ඔය..යන්න ..මේක ගිහින් දෙන්න.. ”

 

‘‘ අනේ.. ”

 

‘‘ යන්න ළමයො. මං මහත්තයාට  කෑම ලෑස්ති කරන්නම්.. ”

 

ගිහාරා මූණ එල්ලගෙන පාර්සලේ අරගෙන රූම් එකට ආවා. කොල්ලා  තවම තේ බොනවා.

 

‘‘ආ.. ”

 

ගිහාරා පාර්සලේ දිග් කලා. හංසක ඇහි බැමි උස්සලා කෙල්ල දිහා බැලුවා.

 

‘‘මොකද්ද  ඔය.. ”

 

‘‘ ඇඳුමක්.. ”

 

‘‘ ශා…ගොඩේ උනාට මොළෙත් තියෙනවනෙ ”

 

‘‘ මං නෙවෙයි. නැනී අම්මා ගෙන්නලා තියෙන්නෙ. ”

 

කොල්ලා පාර්සලේ අරගෙන ඇදුම එලියට ගත්තා. නිල් ඩෙනිමකුයි  කහ පාට ටීෂර්ට්  එකකුයි. ඇදුම අරගෙන බලල කොල්ලා කෙල්ල දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථව.

 

‘‘ කාගෙද මේ ඇදුම.. ”

 

‘‘ ඕක මගෙ මාමාගෙ පුතාගෙ. මේ ළග ගෙදර  තියෙන්නෙ.. ”

 

‘‘ ඔහ්. එහෙමද.. ”

 

‘‘ ඇඳගෙන එන්න කෑම ලෑස්ති කරලා තියෙන්නෙ.. ”

 

‘‘ කෑම විතරද. බීම නැද්ද? ”

 

‘‘ අපොයි තියෙනවා. වහ… කැමති නම් බොන එකයි තියෙන්නෙ .. ”

 

‘‘ මේ කියෙව්වා ඇති… ඉක්මණට  ලෑස්ති වෙනවා.. ”

 

‘‘ ඇ.ඇයි.. ”

 

‘‘ තමුසෙ මෙහෙ ඉඳලා හරි යනවද? යමු මගෙත් එක්ක.”

 

‘‘ පිස්සුද? මට බෑ. අනික මං ඔයාව මැරි කරන් නෑ කොහොමත් ”

 

‘‘ මාත් නෑ. ඒ උනාට කමක් නෑ තමුසෙ දැන් එන්න ඕනෙ.. ”

 

‘‘ආවෙ නැත්නම්.. ”

 

කොල්ලා කෙල්ලට ළංවෙලා  ලඟට ඇද ගත්තා.

 

‘‘අත අරිනවා. නැනී අම්ම නැතුව මං  යන් නෑ.. ”

 

‘‘එන්නම ඕනෙ.. නැත්නම් මං තමුසෙගෙ අම්මලාට කතා කරලා කියනවා දෝණියන්දැගෙ හපංකම්. මාව රැයක් කුඩුවෙ ලැග්ගුවාට. අනාගත ස්වාමිපුරුෂයා .. ”

 

කොල්ලා ගිහාරාගෙ දිග කොණ්ඩෙන් අල්ලගත්තා..

 

‘‘මදුරො තල තල. පට්ට සැපක්. උඹ ඒ කරපු දේ නම් ජිවිතේට අමතක කරන් නෑ ”

 

‘‘ අතාරිනවා මාව. තමුසෙලා වගේ නාහෙට අහන් නැති  එවුන්ට ඔහොම කරලා මදි.. ”

 

‘‘ උඹ හොද හිතින් යන්න ලෑස්ති වෙනවා. අර වයසක උන්දැලා දෙන්නට මිනී වලවල් කපන්න ඉඩ නොදී. උඹ මං ගැන දන් නෑ..මං හිතුන දේ කරන එකෙක්. අනික කරන දේ කිය කිය ඉන්නෙත් නෑ.. ”

 

කොල්ලාගේ ඇස් රතුවෙලා…ඊයෙ රෑ මතක වෙද්දිත් කොල්ලට තරහයි.. හිතේ  හැටියට පළිගන්න කෙල්ලව හොයාගෙන ආවට මොකද උනේ හිතුවෙ නැති දෙයක්නෙ. කොල්ලා කෙල්ලව අතඇරියා..

 

‘‘ මොකද බලං ඉන්නෙ. මං ඇඳුම් අදින හැටිද. ආස නම් බලනවා. ”

 

කොල්ල ටවල් එකට අත තිබ්බා විතරයි කෙල්ල තත්පරේට මාරු උනා. හංසකගෙ කට කොනක් ඇද උනේ නිතැතින්මයි. හංසකට කෙල්ලොන්ගෙන් අඩුවක් තිබ්බෙ නෑ. හංසක කතා කරන පමාවෙන් ළගට එන්න කෙල්ලො ඕන තරම් හිටියා. ඒත් ඒ එක කෙල්ලෙක් ළඟ වත් නොතිබ්බ ආකර්ශණයක්  ඒ දිග ඇස් වල තිබ්බා. හංසකට තිබ්බ ලොකුම අවුල තමයි කෙල්ල හංසකව තඹේකට ගණන් ගන්නෙ නැති එක..

 

‘ගොඩේ විදිහට හිටියට සල්ලි ආකරයක්..`

 

අමායා ආන්ටිගෙ කටහඩ  කොල්ලගෙ සවන පුරාම රැව් දුන්නා. හංසක ඇඳගෙන එලියට බැස්සා.

 

‘‘ මට කෑම එපා.. ”

 

කොල්ලා කෑම මේසෙ දිහා බලාගෙන කිව්වා.

 

‘‘ මහත්තයා. අද නෝන ගෙ උපන්දිනේ.. ”

 

නැනී අම්මා කිව්වෙ යටහත් පහත්ව.

 

‘‘ ආ..තමුසෙගෙ බර්ත්ඩේ  එකද? හැපි බර්ත්ඩේ. යමුකො මං නෝනෙට හොඳ තෑග්ගක් අරං දෙන්න.. ”

 

හංසක ගිහාරාව ඇස් වලින් ගිලින ගමන් කිව්වා. ගිහාරාට තමන් ගැන දැනුනෙ හරි කණගාටුවක්. අඩුම තරමෙ උපත දුන්නු අම්මාට මතක නෑ දුවගෙ උපන්දිනේ. මේ ගෙවුනු අවුරුදු විසිදෙකට අම්මා සුබපැතුව දවසක් කෙල්ලට මතක නෑ. තාත්තා ..තාත්තා එයාගෙ ලෝකෙන් ඊටත් වඩා ඈතයි.. මෙහෙම වෙන්න හේතුව ගිහාරා තවමත් හොයනවා. ගිහාරාගෙ ජීවිතේ රැදිච්ච රහස තාමත් ගිහාරවත් දැනගෙන හිටියෙ නෑ.  හංසක එහෙමම ගිහාරටත් ඉඟි කරගෙන එලියට බැස්සා.

 

‘‘ අනේ..   නැනී අම්මෙ. මට එයා එක්ක යන්න බෑ. ”

 

‘‘ බෑ කියලා කොහොමද  නෝනෙ. මේ මගුල තීන්දු කරලනෙ තියෙන්නෙ.. ”

 

‘‘ ඒ උනාට අපි දෙන්නම කැමති නෑ ”

 

‘‘ සුදු නෝනෙ…මහත්තයා  සැරයි වගේ පෙනුනට..අනේ මන්දා..මට හිතෙනවා ඇත්තටම  එහෙම නෑ කියලා..ඇයි දන් නෑ. ”

 

‘‘ නැනී අම්මටත් පිස්සු.. එහෙනම් මං යනවා.  නැනී අම්මා සියදෝරිස්  එක්ක හවසට එන්න වාහනේ.. ”

 

‘‘ඔය ඇඳුම් පිටින්ම.. ”

 

‘‘ඔව් ඇයි… මේක හොඳයිනෙ… ”

 

දිග සුදු ගවුම වටයක් කරකවපු කෙල්ල නැනී අම්මගෙ මූණෙ හාදුවක් තවරලා එලියට ගියා. කොල්ලා හෝන් එක කඩන්න හදනවා. ඉස්සරහා  දොරත් ඇරලා. ගිහාරා  කාර් එකට ගොඩ උනා.

 

‘‘මට දෑවැද්දට මේ වලව්වත් ඕනෙ. මං මේක ප්ලැට් කරලා මෙතන ගහනවා සුපිරි හෝටලයක් ”

 

කොල්ලා කාර් එක පාරට දැම්මා. ගිහාරාගෙ කන් වලිනුත් දුම් පිටවෙනවා  වගේ.මේ කා මහ මොන ජාතියෙ මනමාලයෙක්ද ?

 

‘‘ හ්හ්..හීන බලන්න එපා..ඊට හොඳයි මාව මරල දැම්ම නම්.. ”

හංසක කට කොනට හිනාවක් ගත්තා.ටික දුරක් යද්දි හංසකට කෝල් එකක්  ආවා.

 

‘‘ වර්ෂයා මොකෝ ”

 

‘‘ මොකෝ තමා. උඹ යකාගෙ මිනිහෙක්නෙ. ඊයෙ මාව මඟ දාලා ගියෙ කොහෙද.. කණමදයා වගේ බීගෙන ”

 

‘‘ මං හනිමුන්   ගියා මචං. ”

 

හංසක කෙල්ල දිහා බැලුවා. ගිහාරා ඇස් ලොකු කරගෙන  හංසක දිහා  බලාගෙන හිටියා. කොල්ලා වගේ වගක් නැතිව ෆෝන් එකත් කනේ ගහගෙන එක අතකින් ඩ්‍රයිව් කරනවා.

 

‘‘මොකද්ද  යකෝ. උඹ මොන ජාතියෙ එකෙක්ද? පිඹගෙන ගියෙ ඕකටද? ”

 

‘‘ ඔව් බං. කියල වැඩක් නෑ.. මරු ආ.. මාර  සනීපයි..දාලා එන්න හිතෙන් නෑ.. ”

 

හංසක හිරකූඩුව මතක් කරගෙන කීවා. යාන්තම් සල්ලි ටිකක් විසි කරලා උදෙන්ම පැන ගත්තෙ. හංසක කියන ඒවා අහගෙන ඉන්න ගිහාරාට කලන්තෙ වගේ. කෙල්ල රතුවෙලා ලැජ්ජාවට..

 

‘‘ සිරාද හංසකයො. උඹ වෙඩින් එකට කලින් හනිමුන් ගියාද ? ”

 

‘‘ වෙඩින් මොනවද බං. දැන් ආයෙ මොන වෙඩින්ද? වෙඩින් ඕනෙ නැලු. දිගටම මෙහෙම නවතින්නලු. දාලා යන්න එපාලු. මට ඔලුව උස්සන්න දෙන් නෑ මචං. අම්මෝ මතක් වෙද්දිත්.  සුවඳ.. ”

 

ගිහාරාට තවත් බලං ඉන්න බැරි උනා..කෙල්ල හංසකගෙ ෆෝන් එක උදුර ගනන් පොර කෑවා. හංසක ෆෝන් එක සීට් එකේ එහාට ගෙනගියා.

 

‘‘ ඕක දෙන්න මෙහෙට. කට් කරන්න. ලැජ්ජා නැද්ද ඔයාට.. ”

 

‘‘ඒයි හැප්පෙයි ඕං. තමුසෙ හදන්නෙ මෙහෙම්ම කනත්තට දක්කන්නද.. ”

 

‘‘ දෙනවා ෆෝන් එක.. ”

 

කෙල්ලගෙ වදෙන් බේරෙන්නම බැරි තැන කොල්ලා ෆෝන් එක දුන්නා.

 

‘‘ ගිහාරා ෆෝන් එක කට් කලා.. ”

 

‘‘ මෝඩයෙක් මහ..ශික් ඊයා කිව්ව කතා.. ”

 

‘‘ මොනවද  මම කිව්වෙ.. ”

 

කොල්ලා ගානක් නැතිව ඇහැවා..

 

‘‘සනිපයි කිව්වෙ..මොන කටක්ද ඕක. ”

 

‘‘ඉතිං ඇත්තනෙ කිව්වෙ මං..ඊයෙ රෑ අර බලුකූඩුවෙ  මදුරුවො  තල තල හිටපු එක හරි සනීපයිනෙ. නහය උස්සන්න බෑ..මැස්සො ගඳ.. ”

 

ඒ පාර නම් ගිහාරාගෙ කම්මුල් පුරාවටම  තද රතු පාට  ඉහිරුණා..මාර ලැජ්ජාව. එච්චර  වෙලා කියලා තියෙන්නෙ හිරකූඩුව ගැන. ගිහාරා හැංගෙන්න තැනක් හොයනවා. හංසක මහ සද්දෙන් හිනාවුනා. ඒ රත් දෙකොපුල්  අල්ලගෙන සිපගන්නමයි හිතෙන්නෙ.  සෑහෙන දුරක් යනකල් කෙල්ල මීක් නෑ. හංසක ඒ  වෙනකොට ප්ලේයර්  එක දාලා තිබ්බෙ.

 

ඉංග්‍රීසි  සිංදුවක්..එකම සිංදුව ආයෙ ආයෙ ප්ලේ වෙනවා. ගිහාරට නම් ඒක පුදුම කන් කරච්චලයක්. ඒත්  කෙල්ල ඉවසන් හිටියෙ මේ හැකර කටෙන් වචන අහගන්න බැරි නිසා. දහයාමාර විතර වෙද්දි කොල්ලා කාර් එක දැම්මෙ අතුරු පාරකට. විනාඩි දෙකකින් කාර් එක ඇතුලු වුනේ ලස්සන හොටෙල් එකකට. ඒ ලගින්ම ගඟක් ගලනවා. සොදුරු  දර්ශනයක්.

 

‘‘ බහිනවා.. ”

 

හංසක  සීට් බෙල්ට් ගැලෙව්වා.

 

‘‘ මේ කොහෙද? ”

 

කෙල්ල හොඳටම බයවෙලා..දාඩියත් දාලා.

 

‘‘ පේන් නැද්ද? හොටෙල් එකක්..මට බඩගිනියි.  ඊයෙ රෑට කෑවෙත් නෑ.. ”

 

‘‘ එහෙනම් ඔයා කාලා එන්න. ”

 

‘‘ මට නිදිමතයි. මං රූම් එකකට ගිහින් නිදනවා.. ”

 

‘‘ එහෙනම් මං  ඉන්නම් එනකල්”

 

‘‘ මෙතන”

 

‘‘ ඔව්.. ”

 

‘‘ මේ පිස්සු නැතුව එනවා හලෝ…අකමැත්තෙන් මං කෙල්ලෙක්ව ඇඳට නග්ගගන් නෑ.. තමුසෙ බය වෙන්න එපා.. ”

 

හංසක කාර් එකෙන් බැස්සා. ගිහාරා ගල්  ගැහිලා බලං හිටියා. ගිහාරා එන පාටක් නැති නිසා හංසක ඕන කෙහෙල්මලක් කියලා  හොටෙල් එකට ඇතුලු උනා. කොල්ලා රිසෙප්ශන්  එකෙන් රූම් එකක් බුක් කරලා කෑමත් ඕඩර් කලා. හංසක රූම් එකට යන්න  පඩිපෙල නගිනකොටම එක පාරටම ඇවිත්   ගිහාරා අතේ එල්ලුනා.

 

‘‘මොකද හලෝ….ඒ පාර ”

 

කොල්ලා ඇහැවෙ  මූණට අමුතු හිනාවක් නංවගෙන..

 

‘‘ආ..මේ .. ”

 

ගිහාරා පිටිපස්ස හැරී බලනවා.

 

‘‘මොකද වෙලා තියෙන්නේ  ”

 

‘‘ නෑ මොකුත් නෑ.. මං කාර් එක ළඟ ඉද්දි අමුතු කොල්ලො දෙන්නෙක් ආවා. .මට බය හිතුණා. උන් බැලුවෙ අමුතු විදිහට ”

 

‘‘ හ්ම්. ඒකනෙ. ලොකුකම නම් තියෙනවා ”

 

ගිහාරා හංසකගේ අතේ එල්ලීගෙනම රූම් එකට ගියා. ගියපු ගමන් කොල්ලා ටීෂර්ට්  එක ගලවලා ඇඳට පැනලා හොඳට අතපය දිග ඇරගෙන ඇඳ පුරාම නිදා ගත්තා.

 

‘‘අම්මෝ සනීපෙ.  මාර නිදිමතයි. ගුඩ් නයිට්.. ”

 

ටික වෙලාවකින් කොල්ලා  ගොරව ගොරව  නිදාගන්න පටන් ගත්තා. ගිහාරා ඇස් දෙකත් ලොකු කරගෙන පුදුමෙන් කොල්ලා දිහා බලාගෙන හිටියා. ටිකකින් රූම් එකට කවුදෝ තට්ටු කරනවා ඇහුන නිසා ගිහාරාට හිතාගන්න බැරි වුණා මොකද කරන්නේ කියලා. හංසකව  ඇහැරවන්නේ නැතුව දොර අරින්න බැහැ. එළියෙ ඉන්න කවුද දන්නෙත් නැහැ. අර කාර් පාර්ක් එකේ හිටපු කොල්ලො ටික ද දන්නෙත් නැහැ. ගිහාරා  හෙමින් හෙමින් හංසකට කිට්ටු වුණා.

 

‘‘ හංසක..  හංසක.. මේ ඇහුණද? කවුදෝ දොරට තට්ටු කරනවා. අනේ නැගිටින්නකෝ ”

 

ගිහාරා කතා කළාට හංසකට ඇහුණෙ නැහැ. මුළු රෑ පුරාම හරිහමන් නින්දක් තිබුණෙ නැති නිසා කොල්ලා හොඳට නිදි. බැරිම තැන ගිහාරා  ඇඳේ ඉඳගෙන හංසකගෙ උරහිසට තට්ටු කළා. ඒත් කොල්ලා නෙමේ ඇහැරුනේ.

 

‘‘ අනේ හංසක නැගිටින්නකෝ. අර දොරට ගහනවා”

 

‘‘  Room service. order කරපු කෑම එක  ”

 

ටිකකින් දොර ළඟින් එහෙම සද්දයක් ඇහුණා. ගිහාරාට  සැනසීමක් දැනුනා. ගිහාරා  ඉක්මණට ගිහිල්ල දොර ඇරලා කෑම ටික ඇතුලට ගත්තා. ගිහාරා  දැනගෙන හිටියේ නැහැ හංසක කෑම ඕඩර් කරලා තියෙනවා කියලා.

 

ගිහාරාට  වස කම්මැලියි. දැන් මොකද කරන්නෙ.  කෙල්ලට හිතාගන්න බෑ. ගිහාරා ජනෙලෙ ළඟට ගිහිල්ලා එළිය බැලුවා. පහළින් ලස්සනට ගඟක් ගලාගෙන යනවා. ඒ දර්ශනය හරිම සුන්දරයි.  ඈතින් පෙනුනේ කැලෑවක්. හංසක කීයට නැගිටියිද දන්නේ නැහැ.

 

කරන්න දෙයක් නැතිකමට ගිහාරා ඇවිත් ඇඳ උඩින් ඉඳගත්තා. හංසක අතපය දිග ඇරලා නිදියගෙන ඉන්නේ මුලු ඇඳම අයිති කරගෙන. කෙල්ල  හිමිහිට කොල්ලගෙ කකුලක් උස්සලා ඇඳ මැදට වෙන්න තිබ්බා. ඊට පස්සෙ හෙමිහිට ඇඳේ හාන්සි වුණා. ඇස් දෙක පියා ගත්තට පස්සේ දන්නෙම නැතුව නිදි දෙව්දුව ගිහාරාව  හොයාගෙන ආවා

 

——————–

 

‘‘ මොකක්ද අමායා ඔයා මේ කරන වැඩ වල තේරුම. හංසක මට කෝල් කරලා කිව්වා  එයාගෙ මැරේජ්  එක ගැන තීරණයක් ඇරගෙන කියලා. මට තේරෙන්නේ නැහැ මේවා”

 

නිරේශ් කිව්වෙ හෙයාර් ඩ්‍රයර් එකෙන් කොණ්ඩෙ වේලන අමායා දිහා බලාගෙන. නිරේශ්  අමායාගෙ හස්බන්ඩ්. නිරේශ්  කලේ නැවක පොඩි රස්සාවක්. ඒ නිසා නිරේශ් කාලෙකට සැරයයි ගෙදර එන්නේ.

 

‘‘ ඔයාට වැඩක් නැහැනෙ නිරේශ්. මං ඒවා සේරම බලා ගන්නම්. අපිට මේ සැපට ඉන්න ලැබිලා තියෙන්නේ හංසක නිසා. ඔයා ඔය හොයාගෙන එන සොච්චම් පඩියෙන් අපිට ජීවිතේ සැපට ගත කරන්න බෑ. ඔයාට ඒක තේරෙන්නෙ නැද්ද? ”

 

‘‘ අමායා. එහෙම කියලා අර කොල්ලාගේ ජීවිතය බිලි දෙන්න පුලුවන්ද? කොල්ලා මට කිව්වා කොහෙද යන ගොඩේ කෙල්ලක්ලු ”

 

‘‘ ගොඩේ  වුණත් මඩේ  වුණත් මොකෝ. සල්ලි තියෙනවනම්. කෝටි ගාණක ඩවුරි එකක් ”

 

‘‘ ඒ වුණත් ඒ කොල්ලාගේ ජීවිතේ.  ජීවිත කාලෙම කොහොමද ඒ කොල්ලා ඉන්නෙ. අනික තාරිකා එක්ක හංසකව පැටලෙව්වෙත් ඔයාම නේද?   ”

 

‘‘ මං ඒවා ගානට බලාගන්නම්. සද්ද නැතුව ඉන්න.  අනික ඔයා එක එක ඒවා කියල හංසකගෙ ඔළුව විකාර කරන්න එපා. ඔන්න නිරේශ්  මං කිව්වේ නෑ කියන්න එපා ”

 

අමායා කිව්වේ තමන්ගේ හිතේ තියෙන සැලැස්ම නිරේශ්ටවත් හෙළි නොකර.  කොහොමත් අමායා හීන් නූලෙන් වැඩ කරන කෙනෙක්.

 

‘‘ තමුසේ ඕන බම්බුවක් කරගන්නවා. හැබැයි මොකක් හරි වෙච්ච දවසට මම නෑ. අන්න ඒක හොඳට මතක තියාගන්නවා ”

 

නිරේශ් කාමරයෙන් පිට වුණේ කෝපයෙන්.

 

—————

 

හංසක  ඇස් ඇරියෙ මූණට  දැනුණු රස්නෙත් එක්ක.  මූණ ඉස්සරහ සුදු රෝස මලක් වගේ ගිහාරා  නිදියගෙන ඉන්නවා. ඒ දිග ඇස් පියන් ලතාවකට වැහිලා. රතු දෙකොපුල් දැක්කම කොල්ලා එක පාරටම ඒ වතට බර වුණා. දෙතොල් වලට දැනුනු සීතල පහසක් එක්කම ගිහාරා  ඇස් ඇරියා. කෙල්ල ඒ එක්කම හංසකගෙන් ඈත් වුණා.

 

‘‘ ඇයි මොකද?  මෙච්චර වෙලා මට තුරුල් වෙලා ඉදලා…මගේ අස්සටම ඇවිල්ලා.. දැන් ඉන්නවා නේද  පත්තිනි අම්මා වාගේ ”

 

හංසක කට කොනෙන් හිනා වෙවී ඇදේ ඉදගත්තා. ගිහාරා ගස්සලා අහක බැලුවා. කෙල්ලට වස ලැජ්ජාවයි. මොකක්ද මේ උනේ. මමත් මෝඩි. මොකට නිදා ගත්තද ? කෙල්ල තමන්ට ම බැන ගත්තා. ඒ එක්කම හංසකගෙ  ෆෝන් එක රිං උනා.

 

කොල්ලා සාක්කුවෙන් ෆෝන් එක ගත්තා. කෝල් එක තාරිකාගෙන්. ඒක දැක්ක ගමන් හංසක නැගිටින්න හදපු ගිහාරාව ඇදලා ආයෙත් ළඟට  අරගෙන තුරුළු කර ගත්තා. තාරිකා ගත්තෙ වීඩියෝ කෝල් එකක්. හංසක විහාරවත් හොඳට පේන විදිහට කෝල් එක ආන්සවර්  කළා. හංසක කෙල්ලෙක් තුරුළු කරගෙන ඉන්නවා ෆෝන් එකෙන් දැක්කම තාරිකාට  උන්හිටි තැන් අමතක වුණා.

 

‘‘ හංසක.   ඔයා කොහෙද ඉන්නේ? ”

 

‘‘ මොකටද අහන්නේ? ”

 

හංසක මූණ යකා කර ගත්තා .

 

‘‘ ඔයා ඊයේ රෑ ගෙදර ඇවිල්ලා නෑ කියලා අමායා ආන්ටි  මට කිව්වා. හංසක කොහෙද ඉන්නේ ”

 

‘‘ ඉන්නෙද?  අපි දෙන්නා හනිමූන් ආවා ”

 

ඇස් දෙකත් ලොකු කරගෙන ෆෝන් එකේ පේන තාරිකාගේ  රූපෙ දිහා බලාගෙන ඉන්න ගිහාරාගෙ කම්මුලක් ඉඹලා කොල්ලා කිවුවා. දඬු අඩුවකට අහුවුනා වගේ. ඒ නිසා ගිහාරාට  හෙල්ලෙන්නවත් බෑ. බෙල්ල රිදෙනවා හොඳටම.

 

‘‘ ඔය අර ගොඩ නැට්ටිච්චි නේද? ”

 

කටත් ඇද කරලා තාරිකා  ඒ අහපු පාරට විහාරාට හොඳටම කේන්ති ගියා.

 

‘‘ ගොඩේ වුණත් මඩේ  වුණත් මං දැන් හංසකගෙ වයිෆ් වෙලා ඉවරයි. ඇහුනනෙ තමුසෙට. අයෙ හංසකට කතා කළොත් මං නරක ගෑණි කියන්න එපා ”

 

හංසක ඇස් දෙකත් ලොකු කරගෙන පුදුමෙන් බලාගෙන හිටියා. කෙල්ල ෆෝන් එක අරං කට් කළා.

 

‘‘ මොකද ඔහොම බලන්නේ. දැන් හරිනේ. සතුටුනේ.  හොඳ වැඩේ  ”

 

‘‘ ෂා. නියමයිනේ තමුසෙ මරු ගට්ස්  තියන කෙල්ලෙක් නෙ. මට හරි සන්තෝසයි. හොඳ වැඩේ. අරක ඉරිසියාවෙ පුපුරයි . දැන් පොඩ්ඩක් මට පැහැදිලි කරනවද කොහොමද තමුන් මගේ වයිෆ් වුනේ කියලා  ”

 

‘‘ පිස්සුද?  මම තමුන්ගේ වයිෆ් වෙන්නේ නැහැ කවදාවත්. තමුසෙ වගේ හැදිච්ච දෙමව්පියන්ගේ නැහැදිච්ච පුතෙකුට මං කවදාවත් කැමති වෙන්නේ නෑ. ඒක හොඳට මතක තියා ගන්නවා. අන්න කෑම ගෙනල්ලා තියෙනවා. කනව නම් කනවා. නැත්තං නිකං ඉන්නවා.  ”

 

‘‘ කට කට කට….. හොඳටම වැඩියි ”

 

හංසක කෙල්ලගෙ කට අතින් තද කළා.

 

‘‘ බලන්න. වෙලාව හතර හමාරයි.  හවස් වෙනවා හොඳටම. නැනී අම්මා දැන් ගෙදර ගිහිල්ලත් ඇති.  බය වෙයි මං නැතුව හොඳටම. අයින් වෙනවා  ”

 

හංසක ටේබල් එක ලගට ගිහින් කෑම එක කන්න පටං ගත්තා.

 

‘‘අත හෝද ගන්නෙවත් නෑ. එක අතකට ඌරන්ට මොන සෞඛ්‍ය ද ? ”

 

ඒ දිහා බලං හිටපු කෙල්ලට නිකම්ම කියවුණා. හෙමීට මිමිණුවාට කොල්ලට  හොදට ඒ කතාව ඇහුණා.

 

‘‘ ඒ පාර මාව ඌරෙක් කළාද..? මෙහෙ එනවකො.. ”

 

කොල්ලා හිසිනුත් සන් කලා. ගිහාරා හෙමීට ළගට ගියා.

 

‘‘ ආ කනවා. ඌරගෙ අතින්ම ඇනුවෙ.. ”

 

හංසක කියද්දි කෙල්ල‍ මූණ අප්පිරියාවෙන්  හැකිලුවා.

 

‘‘ඊයා මට බෑ.. ”

 

‘‘ කනවද නැද්ද. .මං කවන හැටි දන්නවා.. ”

 

කොල්ලා  ගිගිරුවේ මූණ රකුස් කරගෙන. කෙල්ල බයටම කට ඇරියා..

 

‘‘කොහොමද  ඌරගෙ මාලු රසයි නේ.. ”

 

ගිහාරා ආයෙත් කට ඇරියෙ කෑම එක ඇත්තටම  රස නිසා. ඒ වගේම උදේ ඉඳල හරි හමන් කෑමක් නැති නිසා. කෙල්ල හිටියෙත් හොදටම බඩගින්නෙ. හංසක කවදාවත්  කෙල්ලෙක්ට බත් කැව්ව කොල්ලෙක් නෙවෙයි. ඒත් දන්නෙම නැතුව හංසක ගිහාරාට ළංවෙලා ජීවිතේ බෙදා ගන්නවා. ඒත්  කොල්ලා ඒ කිසි දෙයක් කල්පනා කලේ නෑ. දෙන්නා හොටෙල් එකෙන් එනකොට හවස පහත් පහුවෙලා.

 

‘‘ හංසක නවත්වන්න  වාහනේ..අනේ නවත්වන්න.. ”

 

ගිහාරා එක පාරටම කෑ ගහපු පාර කොල්ලා අයිනට කරලා නැවැත්තුවේ  කෙල්ල අතෙත් එල්ලිලා ඉන්න නිසා.

 

‘‘ මොකද ඕයි වෙලා තියෙන්නේ. පිස්සුද හැටිද ? ”

 

හංසක සැර කළා.  ඒත් ගිහාරා ඉක්මනට කාර් එකෙන් බැහැලා  පිටිපස්සට දුවගෙන ගියා. හංසකත් ඒත් එක්කම දුවන්න පටන් ගත්තා.  ගිහාරා නැවතුනේ බිම වැටිලා කෙඳිරි ගගා හිටපු පුද්ගලයෙක් ළඟ. එයාගෙ කකුලට වෙඩි වැදිලා අතක් තුවාල වෙලා . රස්තියාදුකාර විදිහට ඇඳගෙන හිටපු කොල්ලෙක්.  කොල්ලා  කෙඳිරිගානවා. ඒත් කවුරුවත් ඒ දිහා බලන්නේ නැහැ.

 

‘‘ අනේ … ඔයාට මොකද උනේ? හොඳටම තුවාල වෙලා  නේද?  අනේ කවුරුත් නැද්ද මෙයාට උදව් කරන්න. ”

 

ගිහාරා ඔහේ කියවනවා. හංසක ඇවිත් එතන නැවතුනා.

 

‘‘ ගිහාරා  පිස්සුද? පේන්නේ නැද්ද මේ කොල්ලා පාතාලේ කවුරුහරි. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ. අපිට මේවට සම්බන්ධ වෙන්න බෑ. යමු  ”

 

ඒත් ගිහාරා  ඒකට ඇහුම්කන් දුන්නෙ නෑ.

 

‘‘ මොනවද හංසක  ඔයා කියවන්නෙ. පාතාලේ තියා මොන තාලේ වුනත් මනුස්සයෙක් මෙහෙම පාරේ මැරෙන්නෙ වැටිලා ඉද්දි  දාලා යන්නෙ මොන හිතකින්ද? ”

 

ගිහාරා  කතා කලේ  වැටිලා හිටපු කොල්ලා දිහා අනුකම්පාවෙන් බලලා. තවත් ලේ ගියොත් කොල්ලගෙ ජීවිතේ අනතුරේ කියලා ගිහාරාට තේරුණා.

 

පැය භාගයක් තිස්සේ තමන් වේදනාවෙන් හිටියත් උදව්වට කවුරුවත් ආවෙ නැහැ. යශේන්  වේදනාවෙන් ඇඹරී ගෙන හිටියේ. තිබිච්ච කාය ශක්තිය නිසා වෙඩිල්ල දරාගෙන හිටියට සාමාන්‍ය කෙනෙක්ට නම් මේක දරාගන්න බැහැ .

 

‘‘ අනේ හංසක ඇම්බියුලන්ස් එකකට කතා කරන්න.  එපා එපා ඇම්බියුලන්ස් එකක් එනකොට  කීයවෙයිද?  එතකොට මෙයා මැරිලා යයි. අනේ එන්නකො. මට උදව් කරන්නකෝ. අපි මෙයාව  දාගෙන යන් හොස්පිට්ල් එකට. ”

 

ගිහාරා කලබලෙන් කියවන හැටි අමාරුවෙන් වුණත් යශේන් බලාගෙන හිටියා. තමන් වෙනුවෙන් කෙනෙක් කතා කරනවා යශේන් දැක්කමයි.කොල්ලට මේක ලෝක පුදුමයක්. හංසකට  යකා නැගලා තිබ්බෙ.

 

‘‘  මේ. ගිහාරා.  මම  යනවා. මම කැමති නෑ මළ කරදර වල පැටලෙන්න  ”

 

ගිහාරා හංසකට ඇහුම්කන් නොදී යශේන්ගෙ උරහිසින් අල්ලලා නැගිට්ටවන්න උත්සාහ කළා.

 

‘‘අනේ එන්නකො හංසක.  ඔයාට  මෙහෙම වෙලා තිබුණ නම්. කවුරුවත් ඔයාව බැලුවෙ නැත්තං.. ඔයාට කොච්චර දුක හිතෙයි ද? කොච්චර වේදනාවක් දැනෙයි ද? එන්නකො..හොඳ මහත්තයානෙ. ”

 

ගිහාරාගෙන් බේරෙන්න බැරිම තැන හංසක  යශේන්ට නැගිටින්න උදව් කළා. යශේන් බොහොම අමාරුවෙන් අඩිය තිය තියා අතත් එල්ලගෙන කාර් එක ලඟට ගියා. යශේන්ට කතා කරගන්නවත් පණ නෑ. ඒ වුණත් කොල්ලා හිටියෙ හොඳ සිහියෙන්. කාර් එකේ දොර අරිද්දිම එතනට ඇවිත් බ්‍රේක් කළේ සුදුපාට වෑන් එකක්. ඒ වෑන් එකෙන් බැස්සෙ මැර පෙනුම තියෙන කොල්ලො තුන් දෙනෙක්.

 

‘‘ ලොක්කා. අපිට නිවුස් එක ලැබුන ගමන් ආවෙ..  මොකද?  කවුද තමුසෙලා.  කොහෙද අපි ලොක්කව එක්ක යන්නේ ”

 

කොල්ලො ඇහැවෙ කලබලේ. කට්ටියට හිතා ගන්න බෑ වෙලා තියෙන දේ .

 

‘‘  ලොක්කාව  එක්ක යන්නෙ  ඉස්පිරිතාලෙට. නැතුව මහ උළුගෙදරට නෙවෙයි. ”

 

ගිහාරා කියද්දි කොල්ලො ඔක්කොම පුදුම වෙලා බලං හිටියා. හංසකගෙ මූණ බලන්න බෑ කළු වෙලා.. ගිහාරාව මරන්න තරම් දැන් තරහයි කොල්ලාට. අහක යන කුණු ගොඩක් මේක. යශේන් හිසෙන් කොල්ලොන්ට ඉඟි කළා. කොල්ලො ඇවිල්ලා යශේන්ව අල්ලගත්තා. එහෙමම අල්ලගෙන වෑන්  එකට නැග්ගුවා .

 

නගින්න කලින් හැරිලා බලපු යශේන් ගිහාරා  දිහා බලලා බොහොම අමාරුවෙන් තෑන්ක්ස් කියලා මිමිණුවා.වෑන් එකේ  දොර වැහිලා  යනකොට යශේන්ගෙ ඇස් තිබුණේ ගිහාරා ළඟ. සුදු පාට දිග ගවුමක් ඇඳල ඉන්න කෙල්ලගෙ රූපෙ කොල්ලගෙ ඇතුල් හදේ පතුලේම තැන්පත් වුණා. ගිහාරා ආපහු හැරෙද්දි හංසක දත් මිටි කනවා.

 

‘‘  කවුද   ඌ? ”

 

‘‘ මං කොහොමද දන්නේ ? ”

 

‘‘ එහෙනම් මැරීගෙන උදව් කරන්න ගියෙ.. ”

 

‘‘ මනුස්සයෙක් කරදරයක වැටුනම  උදව්වක් කරන්නෙ මනුස්සකමටනෙ. ”

 

‘‘ හරි මනුස්සකමක් ඒක. මදාවියන්ට අනුකම්පාව. වෙඩි තියලා ගියාම ඔක්කොම ඉවරයි. මඟුල.  ”

 

හංසක තවත් මොනවද කුටු කුටු ගගා කාර් එක ළඟට ගියා. ගිහාරා  ඒ පස්සෙන් ඇවිත් කාර් එකට ගොඩ වුණා. හංසක තවත් කුටු කුටු  ගගා බනිනිවා. ගිහාරා  ඇහුණෙ වෑ  වාගේ ෂටර් එකෙන් එළිය දිහා බලාගෙන ගියා. ඊළඟට කාලය ගතවුණේ නිහඩව. හංසක ගිහාරාව ගේ ළඟට ඇරලලා එහෙමම කාර් එක  හරවා ගත්තා.

 

 

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!