‘‘ආන්ටි කියන්නෙ මට අර ගොඩේ කෙල්ලව බැඳගෙන ජීවිත කාලෙම කරුමෙ ගෙවන්න කියලද ”
හංසක පොලොවෙ අඩි හැප්පුවා..කොල්ලගෙ මූණෙ දාඩිය බේරෙනවා..තරහින් මූණ කලු වෙලා….කොල්ලා මේ මනමාලියක් බලන්න ගිහින් ගෙදර ආවා විතරයි ..
‘‘කමෝන් පුතා…අපි කියන්නෙ හැමදාටම නෙවේනේ.”
‘‘ආන්ටි දන්නවනෙ..මට ඔය මගුල් තුලා හරි යන් නෑ කියලා..අනික මට ගින්දර වගේ කෙල්ලෙක් ඉද්දි කොහෙවත් යන ගොඩේ නැට්ටිච්චියක් මොකටද.. ”
‘‘ පුතා…මේ වෙලාවෙ අපෙ බිස්නස් එකට වෙන විකල්පයක් නෑ..ඔයාට තේරුම් ගන්න බැරිද මේක..කෝටි ගානක ඩවුරි එකෙන් අපිට හිතේ හැටියට වැඩ කරගන්න පුළුවන්…අපෙ බිස්නස් එකට අවුලකුත් නෑ එතකොට.. ”
අමායා හංසකට පැහැදිලි කලා.හංසක ඒ පාර ටිකක් සන්සුන් වුනා. හංසකගෙ ඇස් ඉස්සරහ මැවුනෙ ඒ සන්සුන් වත..බය වුනු ඇස්..හෙප්පුව ඇරගෙන හංසක ඉස්සරහට ආව ඇය…අමුතුම ලස්සනක්..සුන්දරත්වයක්..එච්චර සල්ලිකාර කෙල්ලෙක් වෙලත් පාඩුවෙ හිටපු හැටි..
නිකම්වත් ඇස් උස්සලා හංසක දිහා බැලුවෙ නෑ….බෝරිච්චි අත දාපු හැට්ටයක් උඩරට ඔසරියට ගැලපෙන්න ඇඳලා. ලොකු අගස්ති මාලයක් දාලා..ඒ මදිවට කොණ්ඩෙ ගෙඩියක් බැදලා..
‘උඩරට මැණිකෙට පට කුඩ දෙක තුන කිව්වලු..’
හංසකට නිකම්ම කියැවුනා..මනමාල ජෝඩුවට තනියම කතා කරන්න අවස්ථාව දුන්නු වැඩිහිටියො දෙන්නව ඇතුලෙ තියලා මිදුලට බැස්සා. එච්චර වෙලා අමාරුවෙන් හිතේ හිර කරගෙන හිටපු ආසාව ඉෂ්ට කර ගන්න හංසක දෙපාරක් හිතුවෙ නෑ. කොල්ලා අඩියට දෙකට කෙල්ලට ළං වෙලා තුරුළු කරගෙන කම්මුල් දෙතොල් අතොරක් නැතුව සිපගත්තා..
කොච්චර ගොඩේ ටයිප් උනත් ඒ සන්සුන් වතේ ආකර්ෂණේට හංසකට සිතුවිලි නතර කර ගන්න බැරි උනා.. ඒ රත් දෙකොපුල් දැක්කම හිත කීරි ගැහුනා .කොල්ලගෙ රළු ස්පර්ශයන් ආයාසෙන් දරා ගත්තු කෙල්ල හංසක අත ඇරියා විතරයි අඩාගෙන පඩිපෙල නැගලා රූම් එකට දිව්වා.. කොල්ලටත් රූම් එකට යන්න ඇති වුනු හැගීම නතර කර ගන්න වුනේ කෙල්ලගෙ අම්මා ගෙට ගොඩ වුනු නිසා.
‘‘ආ…පුතා..කොයි අපෙ දූ.. ”
‘‘ආ…මේ..ආන්ටි.. එයා පොඩ්ඩක් රූම් එකට ගියා. මොනවදෝ පෙන්නන්න තියෙනවා කියලා. ගේන්නම් කීවා.. ”
කෙල්ල ගොඩේ උනාට අම්මලා තාත්තලා ෆුල් පොශ් ටයිප්.
‘‘අයියෝ ඉතිං පුතා මොකද මෙතන. යන්නකො රූම් එකට”
අවසරේ ලැබුණා විතරයි හංසක කට කොනින් හිනා වෙවීම පඩිපෙල නැගලා රූම් එකට ගියා .කෙල්ල ඇඳට වැටිලා අඩනවා.හංසක දොරත් වහගෙන ඇඳ ළගට ගියා. කර වැහෙන්න ඇඳගෙන හිටපු හැට්ටෙ නිසා ඇඟ වැහිලා.. ඒත් ඉන යාන්තමට පේනවා.. හංසකට කොලු හිත නවත්ත ගන්න බෑ. කොල්ලා ඒ ඉන අත ගාගෙනම ඇදේ වාඩි උනා..
‘‘අහ්… ”
කෙල්ල එක පාරටම කෙලින් වුනා..ඒ ඇස් රතුවෙලා කදුලු පිරිලා ඉතිරිලා..සුදු මූණ රෝස පාට වෙලා..නහය ජම්බු ගෙඩියක් වගේ රතු පාටයි….මේකප් නැති උනාට කොල්ලා ඉඹපු නිසා දෙතොල් රතුම රතු වෙලා. හංසක ආයෙත් ඒ මූණට එබුනා..
‘‘අනේ එපා.. ”
මියුරු හඩින් ඇය කියද්දි හංසක නැවතුනා.
‘‘ශා..තමුසෙ ගොලු නෑනෙ..මං හිතුවෙ ගොලුයි කියලා..”
හංසක ඒ පාර දෙතොල් තිබ්බෙ කෙල්ලගෙ ගෙල මත.
‘‘ මං කෑ ගහනවා ..ඕක නවත්වන්න .. ”
හංසක ඔලුව ඉස්සුවා.
‘‘ ඉතිං කෑ ගහනවා. තමුසෙගෙ අම්මාම තමයි මට කිව්වෙ රූම් එකට එන්න කියලා.. ”
‘‘රූම් එකට එන්න කිව්වට මාව බලෙන් කිස් කරන්න කිව්වෙ නෑනෙ.. ”
‘‘ හහ්…කටත් තියෙනවා නේද..ආ.. ”
හංසක ඇහැවෙ ඒ ඇස් වලට එබෙන ගමන්.
‘‘මං ඔයාට කැමති නෑ..ප්ලීස් යන්න මෙතනින්.. ”
හංසකට යකා නැග්ගා. හංසකව ප්රතික්ෂේප කරපු පලවෙනි කෙල්ල මේ. මොකද හංසකගෙ කඩවසම් බව හින්දම කෙල්ලො හංසකට දැක්ක ගමන් වහ වැටෙනවා.
‘‘ හලෝ මේ. මාත් තමුසෙට කැමති නෑ.තමුසෙ වගේ ගොඩේ නැට්ටිච්චියකට කැමති වෙන්න මට ඔලුවෙ අමාරුවක් නෑ.. ”
‘‘ එහෙනම් ඇයි මෙතෙන්න ආවෙ.. ”
‘‘ මට ඕනෙ නිසා.. ”
‘‘ මේක මගෙ කාමරේ.. ”
‘‘ ඉතිං..මට මොකද..මේ.. වැඩිය කෑ ගැහැවොත් මෙතනම පෙරලගන්නවා හරිද. මට කැමැත්ත අකැමැත්ත වැඩක් නෑ..මට ආස දේ ලැබුනොත් ඇති.. ”
හංසකගෙ ඇස් නපුරු පාටට දිලිසෙන හැටි ගිහාරා බලාගෙන හිටියා. ගිහාරා නිදැස්මා රංගනාථ. කෝටිපති ව්යාපාරික වගීෂ රංගනාථ ගෙ එකම දුව..කෝටි ගානක දේපල හිමි.. ඒත් දෙමව්පියොන්ගෙ සංකීර්ණ ලෝකෙ ඉඩ නොතිබ්බ නිසා ගිහාරා එයාගෙ පාඩුවේ එයාගෙ ලෝකයක් හදා ගත්තා…. ඒත් වෙනස උනේ. අනිත් සල්ලිකාර ගෑනු ළමයි වගේ ගිහාරා පොශ් නොවුනු එක. ක්ල්බ් ගානෙ ගියපු නැති එක. එයාට තිබ්බෙ සරල සුන්දර ලෝකයක්. හංසකගෙ තර්ජනේට ගිහාරා හොදටම බය උනා. අම්මලා කීයටවත් උඩට එන් නෑ කියලා ගිහාරා දන්නවා.
‘‘ අනේ ප්ලීස් යන්නකො..මට කරදර නොකර… දන්නවද..ඔයා කලේ ලොකු වැරැද්දක්. මාව බඳින්නෙත් නැතුව මෙහෙම දැක්ක ගමන් කිස් කරන එක හරිද? දෙයියනේ මට හිතා ගන්න බෑ. කවදාවත් මාව කවුරුවත් කිස් කරල නෑ.. ”
හංසක ඒ කතාවට නන්ස්ටොප් හිනාවෙන්න පටං ගත්තා.
‘‘ මොකක්? අයිසෙ..ජෝක් කරන්න එපා. ඇයි තමුසෙ පත්තිනි අම්මද?….මාව අන්දවන්න හිතුව මදි.. ”
ගිහාරා ගැහෙනවා..කවදාවත් පිරිමි රළු ස්පර්ශයකට ලක් නොවුනු ගිහාරා හිටියෙ වෙච්ච අකරතැබ්බෙ ගැන හොදටම නොසන්සුන් වෙලා. ඒ මදිවට මේ කොල්ලා කියන කට කැඩිච්ච කතා ගැනත් ගිහාරාට දැනුනෙ පුදුම තරහක්.
‘‘ නරුමයෙක් තමුසෙ….අපෙ අම්මලාට පිස්සුද මං දා මේ වගෙ බූරුවෙක් මට බන්දන්න.. ”
‘‘ මොකද්ද කිව්වෙ. මමද බූරුවා. ” හංසක කෙල්ලගෙ කොණ්ඩෙන් අල්ලගත්තා.
‘‘ දන්නවද.ගෑණුන්ට හිරිහැර කරන්නෙ ගැරඩි..තමුසෙ ගැරඩියෙකුටත් අන්තයි.. ”
හංසක දත්මිටි කනවා. ඇයි යකෝ.. කවදා කාපු ටකරංද මේවා.. මේ ගොඩේ කෙල්ල කට ගහගෙන එන හැටි.
‘‘ බලාගමු.. හරිද.. කසාදෙන් වැඩක් නෑ..තමුසෙට ඉන්න දෙන් නෑ මං…බලමුකො එතකොට අඩාගෙන පස්සෙන් එන හැටි..”
‘‘මගෙ බල්ලවත් එන් නෑ.. ”
හංසක ආයෙත් බලෙන්ම ගිහාරාගෙ දෙතොල් තදට සිප ගත්තා. ගිහාරාට හැරෙන්න වත් බෑ. දඩු අඩුවකට අහුවුනා වගේ. කෙල්ලගෙ ඇස් වලින් කදුලු පනිනකොට කොල්ලා අත ඇරියා. වචනයක්වත් නොකියා කටත් පිහිද පිහිද කොල්ලා රූම් එකෙන් එලියට ගියෙ දඩාං ගාලා දොරත් වහගෙන.
‘‘ පුතා..හංසක”
හංසක මේ ලෝකෙට ආවෙ අමායාගෙ කටහඩින්. කොල්ලා තවම ඉන්නෙ මනමාලි බලන්න ඇන්ද ඇදුම පිටින් මයි.
‘‘ ඒ කෙල්ල සල්ලි තිබ්බට ගොඩේ නිසා අවුලක් නෑ . කොහොමත් ඉගෙන ගෙනත් නෑ වෙන්න ඇති. අපිට ඕනෙ කෙල්ලව නෙවෙයිනෙ පුතා. හිතන්න ඒ දේපළ ගැන. බැඳලා ඩිවෝස් කලත් අවුලක් නෑ. බාගයක් ඔයාට ලැබෙනවා දේපල. ඒත් පුතා අපි හිතන්න ඕනෙ ඔක්කොම අරගන්න. ”
අමායා කිව්වෙ කපටි විදිහට. අමායා තමා හංසකව පොඩි කාලෙ ඉඳලා හැදුවෙ. හංසකගෙ දෙමව්පියෝ ඉන්නෙ පිටරට. එයාලා ඉංජිනේරුවො. ඒත් හංසක හිටියෙ අමායා එක්ක. අමායාගෙ පවුලෙ අය එක්ක. අමායා හංසකගෙ පවුලෙ හිතවතියක්. ඒ හිතවත්කම නිසාම අමායා හංසකව බලා ගත්තෙ හංසකගෙ දේපල එක්කමයි. හංසක එක්කම පටං ගත්තු බිස්නස් එක ටික ටික දියුණු වුනා…ඒත් හංසකගෙ නාස්තිකාර ජීවිතේ එක්කම අමායාගෙ ගසා කෑම නිසා හැමදේම ටික ටික විනාශ උනා. අමායා හිටියෙ මේ ප්රශ්නෙන් ගොඩ යන්න ක්රමයක් හොය හොයා. මේ මංගල යෝජනාව ගෙනාවෙ ඒකට.
——————–
‘‘ දැන් ඇති සුදු නෝනෙ. අනේ දැන් ඇති..ඇයි මේ වැලහින්නක් වගේ අඩන්නෙ. ”
‘‘ නැනී අම්මෙ අනේ.. ” ගිහාරා නැනී අම්මව බදාගෙන අඩනවා.
‘වෙච්චි දේ කටක් ඇරලා නැනී අම්මට කියන්නෙ කොහොමද? මෙච්චර කාලයක් හැම ඇහැකින්ම බේරිලා පිරිමියෙක්ගෙ හුළගක්වත් වද්දගන්නෙ නැතුව හිටිය මං කොහොමද නැනී අම්මෙ ඔයාට මේවා කියන්නෙ. වදාපු අම්මලාවත් ඇහුම්කන් නොදෙනකොට නැනී අම්මා මොනවා කරන්නද. ’
ගිහාරාගෙ ජීවිතේ ගැන කෙල්ලටම පුදුමයි.
‘ ඇයි අම්මලා මං ගැන හිතන්නෙ නැත්තේ. එයාලට වගක් නෑ..’
පොඩිකාලෙ ඉඳල ගිහාරාව හැදුවෙ නැනී අම්මා..ලේ බැම්මක් නොවුනට ඒ බැම්ම ලේ බැම්මට වඩා ශක්තිමත් උනා..
‘‘ අනේ සුදු නෝනෙ. අඩන්න දෙයක් නෙවෙයිනෙ. මනමාලයෙක් බලන්න එනව කියන්නෙ….නෝනෙට විස්සයි තමයි. ඒ උනාට ඉස්සර අපේ කාලෙ ගෑණු දැරිවියො කරකාර බැන්දුවේ දාසයෙන්. අනික මං ලාවට දැක්කා කෑම කාමරේට යද්දි . ඒ මහත්තයා හොඳ උස මහත යස ඉලන්දාරියෙක්..සුදු නෝනෙට යසට කැපෙනවා.. ”
නැනී අම්මා කිව්වෙ ඇත්තටම හිතුනු දේ.
‘‘ අනේ නැනී අම්මෙ. ඒ උනාට මං එයාට කැමති නෑ. ”
‘‘සුදු නෝනෙ. තාම හිතන්නෙ පැහැසර මහත්තයා ගැනද. නෝනෙ ඒක කවදාවත් වෙන් නෑ. නෝනෙ දන්නවනෙ. ”
පැහැසර….ගිහාරාගෙ මාමාගෙ පුතා..ඒ කියන්නෙ ඇවැස්ස මස්සිනා..පොඩි කාලෙ ඉදලා පිරිමි ළමයෙක් එක්ක තිබ්බ එකම බැදීම. හැම වෙලේම ගිහාරාව රැක්කෙ පැහැසර .ඉස්කෝලෙ ඉඳලා ලොකු වෙනකල්. සහෝදරයෙක් වගේ. ඒත් ඒ ආරක්ෂාව නැති උනේ පැහැසර ස්කොලර්ශිප් එකකට රට ගියාට පස්සෙ. ගිහාරාගෙ නිහඩ ආදරේ හිමිවුනේ පැහැසරට.ඒත් ඒක හීනයක් විතරයි කියලා ගිහාරා දන්නවා. ඒ ගැන දැනගෙන හිටපු මේ ලෝකෙ එකම කෙනා නැනී..
‘‘ අනේ නැනී අම්මෙ. අම්මලා මාව එයාට බන්දලා දෙයිද.. ”
‘‘ බලමුකො නෝනෙ. මං කෑම අරං එන්නම්. ”
නැනී පහලට ගියා. ගිහාරා එහෙමම ඇදේ වකුටු වුනා. ඒ බොර පාට ඇස්..බාගෙට වැවුනු රැවුල් කොට. තවම ගිහාරගෙ සියුමැලි මූණ දනවා… නොසන්සුන් සුසුම් වල උණුසුම තවම කෙල්ලට දැනෙනවා. හිතට හයිය අරගෙන බැන්නට ගිහාරා කියන්නෙ හිතින් ගොඩක් අහිංසක චරිතයක්…
‘ ඇයි මෙහෙම වෙන්නෙ මට..අම්මලාටවත් මං කියන්නෙ කොහොමද මේවා. කිව්වත් එයාලා ගණන් ගන්න එකක් නෑ..ඊයා…මහ ජරා මිනිහෙක්..නැත්නම් දක්ක ගමන් මාව එහෙම කිස් කරයිද…මට නම් ආයෙ ඔය මිනිහගෙ මූණවත් බලන්න ඕනෙ නෑ..අපරාදේ මට කන හරහා පාරක් ගහන්න තිබ්බෙ. ඒත් මට කොහෙන්ද එච්චර හයියක්.’
මට ගොඩේ කෙල්ල කියලා බැනපු හැටි. ගොඩේ කෙල්ල නම් මොකටද මට ළං වුනේ. කිසිම ගානක් තිබ්බද මාව තුරුලු කරගද්දි. දෙයියනේ මීට කලින් කෙල්ලො කීදෙනෙක් මෙහෙම තුරුලු කරගෙන ඇද්ද. ඒ ඇස් වල තිබ්බෙ ආසාවක් විතරයි. ගිහාරා තදින් දෙතොල හපා ගත්තා.
——————————————
හංසක හවස ගියෙ තාරිකා මීට් වෙන්න. තාරිට ෆැශන් ශෝ එකක් අද. තාරිකා කියන්නෙ මොඩ්ලර් කෙනෙක්.
‘‘ හංසක..ඔයා ආවද..”
තාරි හංසකගෙ කම්මුලකුත් සිපගෙන ළංවුනා.
‘‘ ඔව්..යමු මට කතා කරන්න ඕනෙ.. ”
‘‘ අනේ මගෙ වැඩ ඉවර නෑනෙ තව.. ”
‘‘ මට ඕනෙ තමුසෙව. දැන් එනවා.. ”
හංසක කිව්වෙ හිතුවක්කාර විදිහට.
‘‘ පිස්සුද තවම ශෝ එක පටං ගත්තෙ නෑ. ”
‘‘ මට ඔය මගුල් ශෝ වලින් වැඩක් නෑ. මට ඕනෙ වෙලාවට ඕනෙ දේවල් නැත්නම් මට තමුසෙගෙන් වැඩක් නෑ.. ”
හංසක රකුස් මූණෙන් කිව්වා..
‘‘ මං රෑට එන්නං ක්ලබ් එකට. ”
තාරි යාප්පුවෙන් කිව්වා..
‘‘ නෑ ඕනෙ නෑ..මං අද බලන්න ගියපු කෙල්ලට කැමති වෙනවා. තමුසෙ ෆැෂන් ශෝ කර කර ඉන්නවා. ”
හංසක තාරිකාගෙ කොට ගවුම දිහා බල බල කිව්වා. හංසකගෙ ඇස් ඉස්සරහ මැවුනෙ ඇය. මුලු සිරුරම වැහෙන්න සාරියක් ඇදගෙන හිටපු හැටි. ගොඩේ නැට්ටිච්චි.
‘‘මං දන්නවා අමායා ආන්ටි මට විස්තරේ කිව්වා. හංසක ඔයා ඒ කෙල්ලව මැරි කරන්න. මට අවුලක් නෑ. අමායා ආන්ටි කියන විදිහට කරමු.. ”
‘‘ මගුල.. ”
හංසක තාරිකාව අතැරලා එලියට ආවා. කොල්ලට මාර තරහක් දැනුනෙ.
‘ඇයි යකෝ.. ඔක්කොම කියන්නෙ අර ගොඩේ නැට්ටිච්චිව කසාද බදින්න කියලා..ඒකි කිව්වා මගෙ බල්ලටවත් එපා කියලා.’
හංසක කාර් එකේ රෝදෙට පයින් ගැහැවා. හිතේ කේන්තිය එක්කම හංසක ගියෙ යාලුවො සෙට් එක මීට් වෙන්න..
‘‘ හංසකයා මොකද උඹ මේ කුලු මීමා වගේ පිඹගෙන එන්නෙ.. ”
වර්ෂ ඇහැවෙ හංසකගෙ මූඩ් එක අවුල් කියලා දැනුනු නිසා.. සෙට් එකේ අනිත් යාලුවො කවුරුවත් පේන්න නෑ..
‘‘ වර්ෂ..මට බොන්න ඕනෙ.. ”
‘‘ වහද.. ”
වර්ෂ ඇහැවෙ ගණනකට නොගෙන..
‘‘ උඹ මගෙන් අහගන්න හදන්නෙ.. ”
‘‘ හරි හරි බීපන්. හොදට බීපන්. අපි කිව්වට අහන එකෙක්යැ උඹ..ඊට කලින් කියලා ඉදින්කො උනේ මොකද්ද කියලා. උඹ අද ඔෆිස් ආවෙ නෑ කියලා සෙනුරි කිව්වා මට. ”
‘‘ ඔව් උඹෙ කෑල්ල ඉතිං රොයිටර් සේවෙනෙ.. ”
‘‘ ඕකනෙ බැරි බං..උඹ ඔෆිස් එකෙදිත් යකා. ගෙදරදිත් යකා. දැන් මෙතනත් යකා. උඹට මොකද්ද යකෝ ඔය තියෙන යක්ෂාවේශෙ.. ”
හංසක වර්ෂට රවාගෙන ක්ලබ් එකේ බාර් එකට ගියා. විස්කි බෝතලයක් අරගෙන වර්ෂ ළගට ආවා. ඒක මේසෙ උඩ තියාගෙන හංසක ආයෙත් කල්පනා කරනවා.
‘‘ ඒ පාර මොකද? උඹ මේක ගෙනාවෙ මේක දිහා බලාගෙන භාවනා කරන්නද? ආ.. ”
‘‘ වර්ෂ ..අරකි අද එන්න බෑ කිව්වා.. ”
‘‘ කවුද..උඹෙ අර සක්කරවට්ටම ද..” වර්ෂට තාරිව පේන්න බෑ..
‘‘ ඔව්…ඒකිට ෆැෂන් ශෝලු.. ”
‘‘ ඉතිං ඕක අද ඊයෙ දෙයැක්යැ.. ”
‘‘ ඒ උනාට..අද මට ඕනෙ ඒකිව.. ”
‘‘ ඇයි..හංසකයා. උඹෙ මොකක් හරි හොරයක් තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නෙ.. ”
හංසක අහක බැලුවා. නිල් ඩෙනිමට කොල පාට ටීෂර්ට් එකක් ඇදගෙන ඉන්න කොල්ලා අද මාර හැන්ඩියා. යාලුවන්ගෙන් හංසකගෙ හිත තේරුම් ගත්තු, හංසකගෙ දියුණුව පතපු එකම යාලුවා වර්ෂ විතරයි. හංසක ඒක දැන ගෙන හිටියා.
‘‘ මං අද ගියා මනමාලියක් බලන්න .. ”
‘‘ මොකක්..කැහැ ඇහැ… ”
වර්ෂ කටට ගත්ත විස්කි උගුර එහෙමම බිමට දැම්මා..
‘‘ හ්හ්හ්හ්හාහා …. ”
වර්ෂට හිනාව නවත්තගන්න බෑ.
‘‘ බුරුවා.උඹ හිනාවෙන්නෙ..කතාවෙ ඉතුරු ටික අහලද.. ”
‘‘ ආ..හරි..ඉතිං..ඉතිං… ”
සිද්ද වෙච්චි දේවල් අකුරක් නෑරම හංසක වර්ෂට කිව්වෙ වර්ෂගෙ ඇස් පුදුමෙන් මහත් වෙද්දි. කතාව අහගෙන හිටපු වර්ෂ කරකලා අත ඇරියා වගේ.
‘‘ යකෝ හංසකයා. උඹ තමා දවසකටවත් මිනිහා…. ”
‘‘ උඹ දන්නවද..ඒකි කිව්වා මගෙ බල්ලටවත් එපා කියලා..මාව රිජෙක්ට් කරපු එකම කෙල්ල ඒකි. මං ඕකිට හොද පාඩමක් උගන්නනවා.. ”
‘‘ උඹෙ ආන්ටි මොකද හදිසියේ උඹව බන්දන්නෙ.. තවම විසිහයයිනෙ.. ”
‘‘ ඩවුරිය හින්දා බං.. ”
‘‘ ඒත් බං. ඒකි හොද කෙල්ලෙක් නම් පවුනෙ.. ”
‘‘ පිස්සුද බං..ඔ ය කෙල්ලො ඔක්කොම එකයි. කපටි අම්මණ්ඩිලා… ”
‘‘ ඒ උඹ හිතාන ඉන්න හැටිනෙ.. ”
‘‘ සෙනුරි වගේ ඔක්කොම හොඳ නෑ බං.. ”
‘‘ හරි.. එතකොට උඹෙ සක්කරවට්ටම .. ”
‘‘ ඒකිත් කියනවා බදින්නලු.. ”
‘‘ හපොයි. මරු ගර්ල්ෆ්රෙන්ඩ්… ”
‘‘ මං බඳින් නෑ බං. ඒත් අමායා ආන්ටිගෙන් බේරෙන්න බෑනෙ. එයා කියනවා මැරි කරන්නලු. ඉතුරු සේරම එයා බලා ගන්නම්ලු.. ”
වර්ෂ නිහඩව හිටියා. වර්ෂ කොහොමත් අමායාට කැමති නෑ. වර්ෂ දැනගෙන හිටියා අමායා කොල්ලව හුරගෙන කනව කියලා. ඒත් හංසක ඔය කිසි දෙයක් තේරුම් ගත්තෙ නෑ. අමායා ආන්ටි කියන්නෙ මොනවද . ඒක තමා හරි.
හංසක රශ්වින් ගජධීර්.. නාහෙට අහන්නෙ නැති. කිසිම වගකීමක් ගන්න කැමති නැති… හිතේ කිසිම තෙතක් නැති…එලොවටත් නැති මෙලොවටත් නැති කොල්ලෙක්…
‘‘ වර්ෂ…මං යනවා ඒකිව බලන්න.. ”
‘‘ තාරිව.. ”
‘‘ නෑ බං..මම නම දන් නෑ..අර ගොඩේ නැට්ටිච්චිව. ”
‘‘ මොකක්.. ”
‘‘ උඹ එනවද?.. ”
‘‘ හා යමුකො. ඒකත් බලමුකො… ”
හංසක වර්ෂ එක්ක ගිහාරාගෙ ගෙදර ළගට ආවා. හංසක හෝන් කලාම සිකුරුටි අන්කල් එබිකම් කළා. ඒ පාර හංසක හෝන් එක නන්ස්ටොප් ගහනවා.
‘‘ යකෝ.. අහල පහල මිනිස්සු දුවගෙන එයි. පිස්සුද උඹට ”
‘‘ අර සිකුරුටි ඩයල් එක බලපන්කො. ජිරාෆ් වගේ බෙල්ල දිග් කරන හැටි. දෙන්න හිතෙනවා බෙල්ල ගැලවිලා යන්න.. ”
එතකොටම සිකුරුටි ඇවිත් කාර් එකට එබුනා.
‘‘ ඇයි කාව හම්බුවෙන්නද මහත්තයා.. ”
‘‘ උඹෙ ආච්චිව..ඔය ගේට් එක ඇරපන් මිනිහො.. ”
‘‘ හංසක ඔය මිනිහට කෑගහල වැඩක් ද යකෝ.. ”
වර්ෂ කෑගැහුවා. සිකුරුටි බයෙන් බලාගෙන හිටියා .
‘‘ මේ අංකල්. මේ උදේ ආව මහත්තයා. අර මනමාල මහත්තයා. මතකද? ”
වර්ෂ ඇහැවෙ බොහොම සන්සුන්ව.
‘‘ අනේ මට සමාවෙන්න. අඳුරගන්න බැරිවුනානෙ ”
සිකුරුටි අන්කල් බොහෝම යටහත් පහත්ව කිව්වා .
‘‘ ඉන්න මං ගේට් එක අරින්නං. ඒත් හැබැයි පුංචි නෝනා නම් නැහැ. ”
එහෙම කිව්වා විතරයි හංසක ආයෙත් යක්ෂ වර්ශන් එකෙන් සිකුරුටි මෑන් දිහා බැලුවා.
‘‘ ඇයි කොහෙ ගිහිල්ලද ”
‘‘ පුංචි නෝනා ගමේ වලව්වට ගියා. ”
‘‘ මොකක් ගමේ වලව්වට. ඒ කොහෙද? ”
‘‘ ඇයි? මහත්තයාට කිව්වේ නැද්ද ? ”
‘‘ කිව්වා නම් මම මෙතන ඉන්නවද ඕයි ”
‘‘ හංසක රිලැක්ස් ප්ලීස්. අංකල් අපිට කියන්න කොහෙද තියෙන්නෙ කියලා ඔය වලව්ව ”
වර්ෂ බොහොම සන්සුන්ව කාරුණිකව ඇහැවා. හංසක ඒත් තරහින් පුපුරු ගහනවා.
‘‘ වලව්ව තියෙන්නේ කඩුගන්නාවේ ”
සිකුරුටි අංකල් යන්න පාර ඔක්කොම විස්තරේ කිව්වා. හංසක කාර් එක හරවා ගත්තා. හංසක කාර් එක වෙන පාරකට දාද්දි වර්ෂ කෑ ගහන්න පටං ගත්තා.
‘‘ හංසක. මේ මොකද කරන්නෙ. රෑ වෙන්න ළඟයි දැන්”
‘‘ මං කඩුගන්නාවේ යනවා ”
‘‘ පිස්සුද උඹට ”
‘‘ ඔව්. මම යනවා. උඹ කැමති නම් වරෙන්. නැත්නම් හිටපං ”
‘‘ මොකක්ද හංසක උඹට මේ වෙලා තියෙන්නේ”.
‘‘ ඒකි මට නොකියා ගියේ ”
‘‘ හරි වැඩක්නෙ. ඒ මොකටද උඹට කියන්නෙ. උඹ ඒකිව බඳින්නෙ නෑනේ ”
හංසක එකපාරටම කාර් එක බ්රේක් කළා.
‘‘ බැහැපන් ”
හංසක කෑගෑහැවා. වර්ෂ ඩිම් වෙලා බලාගෙන ඉන්නවා.
‘‘ වර්ෂයා. තේරුන් නැද්ද මං කියපු දේ . කරුණාකරලා මෙතැනින් බහිනවා. ”
‘‘ හංසක උඹ නං ”
වර්ෂ තවත් මොනවදෝ කුටු කුටු ගගා කිය කිය බැස්සා. ඒ සැනින් හංසක කාර් එක ආපහු හරවා ගත්තා.
————————–
නැනී අම්මා නිදන්න කලින් ගිහාරාගේ දිග කොණ්ඩේ පීරන්න පටන් ගත්තා.
‘‘ මං කිව්වා මේ රෑ වෙලා නාන්න එපා කියලා. කොයි ඇහැවද? නෝනගේ හිතුවක්කාරකම් ඒ විදිහම තමයි ”
නැනී අම්මා හෝ ගාලා බනිනවා. ගිහාරා නැනී අම්මා කියපු දේ අහන්නේ නැතුව ආපු ගමන්ම නෑවා. දැන් සීතලයි කොණ්ඩෙ හොඳටම. ඒ එක්කම ඇහුනේ හෝන් සද්දයක් දෙන්නම මූණෙන් මූණ බැලුවා.
‘‘ නැනී අම්මෙ. මේ වෙලාවේ කවුද මෙහෙට එන්නෙ ”
‘‘ ඒක තමයි. සියදෝරිස් එළියෙ ඉන්නවනේ. ඔහේ බලන්නෙ නැතැයි ”
‘‘ හ්ම්.. මට නිදිමතයි නැනී අම්මේ. මං යනවා කාමරේට. ”
ඒත් ගිහාරාට කාමරයට යන්න හම්බුනේ නැහැ. සියදෝරිස් හති දාගෙන දුවගෙන ඇවිල්ලා දොරෙන් එබුනා .
‘‘ පුංචි නෝනේ. එක මහත්තයෙක් ඇවිල්ලා පුංචි නෝනේ ගැන අහනවා. ”
ගිහාරා පුටුවෙන් නැගිට්ටෙ ඉබේමයි .
‘‘ මාව.. ඒත් කවුද . ”
ගිහාරාගෙ ප්රශ්නෙට ඉබේම උත්තරේ හම්බවුණා. හංසක සියදෝරිස්වත් තල්ලු කරගෙන ගේ ඇතුලට ආවා. හංසක කෙලින්ම ගිහාරා ළඟට ඇවිල්ලා හිටගත්තා. ගිහාරාට කර කියාගන්න දෙයක් නැති වුනා. ගිහාරා තුෂ්ණිම්භූත වෙලා හංසක දිහා බලාගෙන හිටියා. වෙලාව රෑ දහයාමාරයි. මේ වගේ වෙලාවක මෙයා මොකද මාව හොයාගෙන ආවේ. ගිහාරාට හිතාගන්න බැහැ කිසිම දෙයක්. අනික මේ වලව්ව ගැන කොහොමද දන්නෙ?
‘‘ තමුසේ කාගෙන් අහලද මෙහෙට ආවේ ”
හංසක වලව්ව හෙල්ලෙන්න කෑ ගැහැවා. නැනී අම්මා සියදෝරිස් එක්ක බිරාන්ත වෙලා බලාගෙන හිටියා. ගිහාරාට වචනත් අමතක උනා. දෙන්න උත්තරයක් මතක් වුණෙත් නැහැ
‘‘ මොකද්ද තමුසෙගෙ නම? ”
හංසක ඊළඟට අහපු ප්රශ්නෙන් සියදෝරිස් කරකවලා අතඇරියා වගේ. නමවත් දන්නේ නැති ගෑණු ළමයෙක් ගැන තමයි අයිතිවාසිකම් කියාගෙන ඇවිත් තියෙන්නෙ. නැනී අම්මා විස්සෝප වුණා.
‘‘ ගිහාරා ”
ඒ රුදුරු නෙත්සර දිහා බලාගෙන ගිහාරාට ඒ වචනෙ කියාගන්න පුළුවන් වුණා. හංසක ඊළඟට නැනී අම්මා දිහාවට හැරුණා .
‘‘ මෙතන ෆිල්ම් එකක් ෂූට් කරනවද? මොකද බලාගෙන ඉන්නේ. තමුන්ලට පඩි දෙන්නේ බයිස්කෝප් බලනවටද.. ”
නැනී අම්මා සියදෝරිස්ගේ මූණ බැලුවා. මොකද කරන්නෙ. මෙතනින් යන්නත් බෑ. ඉන්නත් බෑ. ගිහාරා අසරණව දෙන්න දිහාම බැලුවා. ඒත් ගිහාරා බයෙන් ගැහෙන හිත පාලනය කරගෙන හංසකට කතා කළා.
‘‘ තමුන් මොකද ඒ අයට කෑගහන්නෙ. මොන හයියකටද? ”
හංසක ගිහාරා දිහා බලලා ආපහු නැනී අම්මා දිහාට හැරුණා. ඒ ඇස් වලින් ගිනි පිට වෙනවා වගේ.නැනී අම්මා කරන්න දෙයක් නැති නිසා සියදෝරිස් එක්කම ඇතුලට ගියා
‘‘ නැනී නෝනෙ. හත්තිලව්වේ මොකක්ද මේ වෙන්නේ ”
‘‘ මොනව කරන්නද සියදෝරිස් උන්නැහේ. ඒ අපි පුංචි නෝනා බඳින්න ඉන්න මහත්තයා ”
‘‘ අපොයි! ඒ වගේ වසවර්තියෙක් අපේ සියුමැලි පුංචි නෝනට ගැලපෙනවද? ”
‘‘ අපි මොකද කරන්නේ කරන්නේ. ලොකු නෝනලා තීන්දු තීරණ අරගෙනනේ. මට ඇහුනා කතා වෙනවා මඟුල ඉක්මනට ගන්නවා කියලා ”
‘‘ අර හාදයා අද යන්නේ නැති වෙයිද නැනී නෝනා”
‘‘ දෙයියො තමයි දන්නෙ. පුංචි නෝනේ කිසි මනාපයක් නෑ එයාට ”
හංසක ගිහාරාට ලංවුණා. ගිහාරාගෙ නිතඹ දක්වා දිග වරලස දැන් තමයි හංසකගෙ නෙත ගැටුණේ. හංසක මීට කලින් එහෙම දිග පිරුණු කොණ්ඩයක් දැකල තිබ්බේ නැහැ. හංසක ගෙ ගැඹුරු හුස්ම ගිහාරාගේ මූණට වැටෙනවා. නුහුරු පිච්චමල් සුවඳක් ගිහාරාගෙ කොණ්ඩෙන් එනවා. හංසක ගැඹුරු හුස්මක් ඇරගෙන ඒ සුවඳ විඳ ගත්තා. තවත් හිත පාලනය කරගන්න බැහැ. ඒත් හංසක ඉවසුවා.
‘‘ ගිහාරා.. කාගෙන් අහලද ආවෙ? කොයි අර උදේ තිබ්බ කට. කතා කරන්න බැරිද ? ”
ඒ රුදුරු නෙත්සර දිහා බලාගෙන ඉන්න බැරුව ගිහාරා බිම බැලුවා. කොල්ලා ගිහාරාගෙ අතක් අල්ල ගත්තා. ගිහාරා ඒ අත මුදා ගන්න දැඟලුවාට හංසක ඉඩ දුන් නෑ..
‘‘ මොකක්ද මේ වෙලා තියෙන්නෙ? අපි දෙන්නා කසාද බඳින්නෙ නැත්නම් ඔයා මොකද මේ විදිහට ආවෙ ”
‘‘ මට එන්න හිතුණා. ඒ නිසා මං ආවා. එච්චරයි කසාදයක් අදාල නෑ .. ”
හංසක ගිහාරාව අතෑරලා ආලින්දයේ තිබ්බ ලොකු කවිච්චියේ වාඩි වුණා.
‘‘ මේ අහන්න. මම දන්නෙ නැහැ ඔයාගෙ නම. කවුරු වුණත් කරුණාකරලා දැන් මෙතනින් යන්න ”
‘‘ මං හංසක .. හංසක රශ්වින් ගජධීර්”
‘‘ ලැජ්ජාවක් නෑනෙ. බලෙන්ම මගෙ වලව්වට ඇවිත්.. ”
‘‘ ආහා..මේ වලව්ව තමුසෙගෙද..ඩවුරියට මේකත් දෙනවද.. ”
‘‘ මං පොලිසියට කෝල් කරනවා.. ”
‘‘ ඉතිං කතා කරනවා..මං බයවෙයි කියලද. ”
ගිහාරා වලව්වෙ සාලෙ මැද තිබ්බ ටෙලිෆෝන් එක ගත්තා. ගැහෙන ඇගිලි තුඩු වලින් පොලිසියෙ නම්බරේ ඩයල් කලා .
‘‘ හෙලෝ කඩුගන්නාව පොලිස් ස්ටේශන්… ”
‘‘ හෙලෝ..මං ගිහාරා වංශනාථ… ඕඅයිසී මහත්තයාට දෙන්න ප්ලීස්.. ”
‘‘ හෙලෝ.. ”
‘‘ හෙලෝ සර්…අපෙ වලව්වට මනුස්සයෙක් ඇවිත් බලෙන්ම ඇතුලු වෙලා. මමයි මගෙ සර්වන්ට්ලා දෙන්නයි විතරයි ඉන්නෙ. ප්ලීස් ඇවිත් මේ මනුස්සයා අරං යනවද? ”..
‘‘ හරි මිස්..එඩ්රස් එක කියන්න. ”
‘‘ වංශනාථ වලව්ව කිව්වම දන්නවා අහන අය.. ”
‘‘ හරි මිස්…මං ඉක්මනට ඔෆිසර්ලා දෙන්නෙක් එවන්නම්.. ”
හංසක සද්ද නැතුව අහගෙන හිටියා. යකෝ ගොඩේ කිව්වට හයි කන්ටැක්ට්ස්නෙ තියෙන්නෙ.. මේකිට මේ වැඩේට නම් හොද පාඩමක් උගන්නනවා මං. බලමුකො. එක්කො බොරුවටද දන් නෑ කතා කලේ..එහා පැත්තෙන් කතා කරන හඩක් ඇහුනෙත් නෑනෙ.. කොල්ලා එහෙම හිතලා ගණන් නොගෙන හිටියා.
‘‘ මොකද ඔය දිග ගවුමක් ඇදගෙන ඉන්නෙ. තමුසෙගෙ කැත ඇග පෙන්නන්න බැරි තරම් ගන්නම දෙයක් නැද්ද.. ”
හංසක ඇහැවෙ කෙල්ලගෙ උඩ ඉදලා පල්ලෙහාට ඇස් යවන ගමන්. දිග බායි ගවුමක් ගිහාරා ඇඳගෙන හිටියෙ. ඒ මදිවට නැනී අම්මා බලෙන්ම ජර්සි එකකුත් දාලා.
‘‘මං අදින පළඳින විදිහ කාටවත් වැඩක් නෑනෙ…. ”
ගිහාරා කවිච්චියේ අනිත් කොනේ වාඩි උනා.
‘‘ කොයි? තමුසෙලා උඩරට මැණිකෙලා නේද? ගෙදරට ආපු අමුත්තෙකු සලකන්නෙ ඔහොමද? තේ එකක් වත් නැද්ද? ”
‘‘ හ්හ..තේ මොකටද? ඔය බීලා තියෙන ජරාව මදිද? ”
කෙල්ල කිව්වෙ ඉස්සෙල්ල කොල්ලා ළං උනාම ආපු සැර විස්කි සුවඳ මතක් කරගෙන. හංසක කට ඇද කලා. කොල්ලා කෙල්ල ළගින් වාඩි උනා.
‘‘ කොහෙද තමුසෙගෙ රූම් එක තියෙන්නෙ.. ”
හංසක බලෙන්ම කෙල්ලගෙ කම්මුලක් සිප ගත්තා. ගිහාර තරහින් කොල්ලව තල්ලු කලා.
‘‘ ඒ මොකටද.. ”
‘‘ අද රෑ මං ඉන්නෙ ඒකෙ. තමුසෙ එක්ක. ”
‘‘ හීනෙන්ද? තමුසෙට අද රෑ ඉන්න වෙන්නෙ පොලිස් කූඩුවෙ බල්ලෙක් වගේ. මදුරුවො තල තල.. ”
‘‘ ඇත්තට.. ”
‘‘ ඔව්..දැන් එයි පොලිස් ජිප් එක.. ”
‘‘ දැන් මං බයවෙන්න ඕනෙද.. ”
‘‘ඔව්… ”
‘‘හ්හ්හ්හ්හාහා… ”
හංසක ඔලුවත් උඩට උස්සලා හිනාවුනා. ගිහාරා බලං හිටියෙ හංසකගෙ හිනාව. හිනාවෙනකොට කම්මුල් වල ගැහෙනවා. කඩවසම් උනාට මොකද කිසිම හැදියාවක් නැති වැදගම්මකට නැති කෙනෙක්..
‘‘ දන්නවද..අමායා ආන්ටි කියනව මට තමුසෙව බඳින්න කියලා.. ”
ඒ පාර නම් ගිහාරා බිම බැලුවා. හවස ගෙදරින් එද්දි අම්මා කිව්වෙත් හංසකව බඳින්න කියලා. කසාදෙ තීන්දුයි කිව්වා. කෙල්ල ගෙදරින් ආවෙත් ඕවා අහගෙන ඉන්න බැරි නිසා.
‘‘මට කසාද ඕනෙ නෑ.. ”
ගිහාරා කිව්වෙ කවිච්චියෙන් හිටගන්න ගමන්.
‘‘ මටත් ඕනෙ නෑ.. ”
‘‘ එහෙනම් මේ කසාදෙ නවත්වන්න.. ”
‘‘ තමුසෙ වගේ ගොඩේ නැට්ටිච්චියක් බඳින්න කැමති මේ වගේ ගොඩේ ගමක කොල්ලෙක් තමා. හේනක් කොටාගෙන ඉන්න එකෙක්ට හොඳයි තමුසෙ. ”
‘‘ මේ හංසක. මිනිස්සුන්ට අපහාස කරන්න එපා ඔහොම. ඒ මිනිස්සු හේන් කෙටුවෙ නැත්නම් ගොවිතැන් කලේ නැත්නම් අපි කන්නෙ බොන්නෙ කොහොමද? ”
ගිහාරා දැඩිව කියද්දි..කොල්ලා ගිහාරව ඇදලා ආයෙත් ළගින් වාඩි කරව ගත්තා.
‘‘ මොකද? ගමේ කොල්ලො ගැන කියද්දි තමුසෙට තරහා යන්නෙ. ඉන්නවද ගමේ එකෙක්.. ”
‘‘ මේ හංසක. ඔයාට ඇති ඕන තරම් කෙල්ලො. ඒත් මට කවුරුවත් නෑ. ඔයාගෙ මිම්මෙන් මාව මනින් එපා. හැබැයි හිටියා නම් ඔයා මේ වෙනකොට ඉස්පිරිතාලෙ. කරපු අමන වැඩේට.. ”
‘‘ ඔව් මට ඉන්නවා කෙල්ලො ඕන තරම්. දන්නවද? මේ දවස් වල තාරිකා. ටොප් මොඩ්ලර් කෙනෙක්..තමුසෙ දන්නව නේද..අර සබන් ඇඩ් එකේ ඉන්නෙ.. ”
‘‘ මොනවා..තාරිකා සිරිමාන්න.. ”
‘‘ ඔව්.. ”
‘‘ එතකොට ඔයාද තාරිකාගෙ බෝයි ෆ්රෙන්ඩ්.. ”
‘‘ ඔව්.. තමුසෙ ගොඩේ තාලෙට හිටියට ඒවා දන්නවා නේද.. ”
‘‘ මං ටීවි බලනවා. පත්තර බලනවා. තාරිකා පත්තරේට කියලා තිබ්බා බෝයි ෆ්රෙන්ඩ් ගැන.. ”
‘‘ඒ මං තමා ”
‘‘ එහෙනම් මොනවද ඔහේ මෙතන කරන්නෙ.. ”
‘‘කරන්නෙද…. ”
හංසක රතු වෙච්ච ඇස් ගිහාරා දිහාට යොමු කලා. ඒ බැල්මට ගිහාරා සීතල වෙලා ගියා. හංසකගෙ කට කොනට හිනාවක් ආවා.
‘‘ කරන්නෙ…. ”
කොල්ලා ගිහාරාගෙ දිගු දෑස් දිහා මොහොතක් බලාගෙන හිටියා. ඒ ඇස් වල සන්සුන් ආකර්ෂණේට හංසකට ලෝකෙම අමතක වෙනවා. ඒ එක්කම ඇහුනෙ ජීප් එකක් ඇවිත් නතර කරන හඩ. හංසක දොර දිහා බලලා ආයෙත් ගිහාරා දිහා බැලුවා. හංසකට තේරුණා වැඩේ වැරදිලා කියලා. කොල්ලා දත්මිටි කාගෙන ගිහාරා දිහාට හැරුණා.
‘‘ උඹ.. උඹ ගැන මම බලාගන්නං ”
හංසකට තර්ජනය කරන්න ලැබුනෙ එච්චරයි. පොලිස් නිලධාරීන් දෙන්නෙක් වලව්වට ඇතුළු වුණා.
‘‘ මිස් ද පැමිණිල්ලක් කළේ.? ” පොලිස් නිලධාරියෙක් ඇහැවා.
‘‘ ඔව් මං තමයි කතා කළේ. ”
‘‘ එතකොට මෙයා ද මිස්ට කරදර කරන්නේ” ගිහාරා හංසක දිහා බැලුවා .
‘‘ ඔව් ”
‘‘ එතකොට මේ මහත්තයා කවුද මිස්ගෙ ”
‘‘ මේ මගේ අනාගත වයිෆ් ඔෆිසර් ”
හංසක එහෙම කිවුවහම ගිහාරා ගැස්සුනා.
‘‘ මිස් මේ කියන්නේ ඇත්තද? ”
‘‘ අනේ නෑ. ඔය බොරු”
ගිහාරා ගත් කටටම කිව්වා.
‘‘ බලන්න දැන් වෙලාව. රෑ එකොළහයි. කරුණාකරලා මහත්තයා ජීප් එකට නගින්න ”
හංසක තරහින් තරහෙන් පුපුර පුපුර ගිහාරා දිහා බැලුවා. ඒ ඇස් වල තිබිච්ච තර්ජනයට ගිහාරා ඇත්තටම බය වුණා. හංසක වචනයක්වත් කියන්නෙ නැතුව වලව්වේ දොරෙන් එළියට යන හැටි ගිහාරා බලන් හිටියා. පොලිස් නිලධාරිනුත් පිටවුණාට පස්සේ වයසක ජෝඩුව සාලෙට ආවා.
‘‘ මොකක්ද සුදු නෝනෙ වුණේ. පොලිසියෙන් නේද? ඒ මහත්තයා අරන් ගියා නේද? ”
නැනී අම්මා කම්මුලේ අත ගහගත්තා.
‘‘ වෙන මොකද කරන්නේ නැනී අම්මෙ. නැත්නම් ඔය මනුස්සයා අද රෑ මෙහෙ ඉඳියි. එහෙම වුනොත් අපි මොකද කරන්නේ කරන්නෙ. ඔන්න ඔහේ ගියාවේ. අපි යං නිදාගමු. ”
ගිහාරා හිතක් පපුවක් නෑ වගේ කියල දැම්මා.
‘‘ ඒත් ඒ සුදු නෝනා බඳින්න ඉන්න මහත්තයා. ඔහොම කරපු එක හරිද ? ”
‘‘ මහත්තයා නං ඒ විදිහට ඉන්න ඉන්න එපැයි. දැක්කද හොඳටම බීලා හිටියේ. ඇස් රතුම රතු පාටයි. රකුසෙක් වගේ. කොහොම ඩ්රයිව් කරගෙන ආවද දන්නෙ නෑ. ”
‘‘ අනේ මන්දා සුදු නෝනෙ. මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා. ”
‘‘ මට නිදිමතයි.නැනී අම්මා… මම යනවා ”
ගිහාරා කාමරේට යන හැටි නැනී අම්මා බොහොම සෝකෙන් බලාගෙන හිටියා. හෙට ලොකු නෝනලා දැන ගත්තහම මොනවායින් මොනවා වෙයිද කියලා නැනී අම්මාට හිතාගන්න බෑ. සියදෝරිස් නම් හිටියේ සම්පූර්ණයෙන් තුෂ්ණිම්භූත වෙලා. මේ වගේ දෙයක් මේ වලව්වෙ මේ උනාමයි.