අවසන් රාත්‍රිය-7කොටස

‘‘අප්පච්චි ඇයි කලබල වුණේ.ඇයි මේ හදිසියේ..මට තාම එච්චර වයසක්ද”

සදැසි අප්පච්චිගෙන් ඇහැවෙ මනමාල පාර්ශවේ ගියාට පස්සෙ.  සදැසි එච්චර වෙලාම හිටියෙ ශොක් වෙලා. කපු නෝනා කරපු වර්ණනාව අහගෙන ඉදලම කෙල්ලට ඇති වුණා. ඒක යකාගෙ වර්ණනාවක්.ගොඩින් අක්කර මෙච්චරයි.මඩින් අක්කර මෙච්චරයි.යාන වාහන අච්චරයි,හරකා බාන මෙච්චරයි.. අපොයි දෙයියනේ .. අප්පච්චි ඒවට රැවටිලාද?

‘‘දෝණි..දැන් තීරණේ අරං  ඉවරයි. ”

ඇයි අප්පච්චි මෙහෙම කරන්නේ

‘‘දෝණිට වෙන සම්බන්ධයක් නැත්නම් ප්‍රශ්නයක් නැහැනෙ. ඒ මහත්තයාට අකමැති වෙන්න හේතුවක් නෑ..වයස ටිකක් වැඩි වුණාට කමක් නෑ.දෝණිව ආදරෙන් බලා ගනී”

අප්පච්චි පපුවෙ හිර වෙලා තියෙන ඇත්ත කතාව නොකියා තදට එහෙම කිව්වෙ කෙල්ලගෙ හිත හදන්න ඕනෙ නිසා. මේ තකහනියෙ මගුලක් ලෑස්ති කලේ අප්පච්චි ඒ හංගන කතාව ගැන දැන ගත්තු ගමන්මයි.

 

‘‘ මට බදින්න ඕනෙ නෑ අප්පච්චි..මල්ලිලා එක්ක ඉන්නම් මං ”

‘‘ මං නැති කාලෙක උඹලා තනි නොවෙන්නයි ඕනෙ දෝණි. උඹ ඔය රස්සාවට යන එකත් දැන් නතර කරන්න ඕනෙ..දේස දීපංකරේ මං උඹව යැව්වෙ හිතකින් නෙවෙයි. ඕවයෙ ගිහින් උඹ කරදරේ වැටෙන්න ඕනෙ නෑ. අර මහත්තයා කොහොමත් උඹව රස්සවට යවන් නෑ. ”

‘‘ අනේ අප්පච්චි..මං එතකල්වත් රස්සාවට යන්නම්.එකපාරටම එහෙම නවතින්න බැහැනෙ. ”

‘‘හ්ම්. ”

අප්පච්චි කඩේ දිහාට යන හැටි සදැසි බලං හිටියෙ දුකෙන්. අප්පච්චි කවදාවත් මෙහෙම තදින් කතා කරලා නෑ.හිත රිද්දලා නෑ..අප්පච්චිට මොනවා වෙලාද?

‘‘අක්කෙ..අඩන්න එපා.අපි ඉන්නවනෙ ඔයාට”

තවම පහ වසරෙ ඉගෙන ගන්න සදැස් අක්කගෙ කදුලු පිහ දැම්මා.නිදැස් සදැසිගෙ ඔලුව අතගෑවා.දෙන්නා නිවුන්නු.

‘‘අක්කා ගියාම අපිට පාළුයි. අර මහත්තයා අක්කව එක්කගෙන යනවද?එතකොට නිවාඩුවටවත් අක්කා එන්නෙ නැද්ද අපිව බලන්න. ඇලේ තිත් පැටව් අල්ලලා දෙන්නෙ කවුද අපිට එතකොට”

සදැසි මල්ලිලා දෙන්නව තුරුල් කරගත්තා.

‘‘ඔයාලා දාලා මං කොහෙවත් යන් නෑ..මට ඔයාලා නැතුව ඉන්න බෑ.. ”

සදැසිගෙ කදුළු ආයෙත් අළුත් වුණා. සදැසි කොළඹ ගියෙ ඇත්තටම හිතකින් නෙවෙයි. අප්පච්චිට මේ ජීවන සටන ගෙනියන්න උදව් කරන්න වගේම මල්ලිලා දෙන්නට උගන්නන්න කෙල්ලට තිබුණෙ ලොකු හීනයක්.

 

පුංචි කාලෙ ඉදලම හා පැටියෙක් වගේ අහිංසක වුණු සියුමැලි කෙල්ල කොළඹ කොන්ක්‍රීට් වනන්තරේ ජීවිතේට හුරු වුණේ  හිත දැඩි කරගෙන. සදැසිට එහෙන් හොද යාළුවෙක් හම්බුණා..පවනි.. පවනි නිසා සදැසිට ලොකු ආරක්ෂාවකුත් ලැබුණා.කටකාර කොල්ලොන්ගෙන් සදැසිව බේරගත්තෙ පවනි. මැනේජර් වුණත් පවනිගෙ කටට බයයි.

‘‘අක්කා හෙට යනවද? ”

නිදැස් ඇහැවෙ මුණ හොදටම අප්සෙට් කරගෙන

‘‘ඔව් පැටියො. ”

‘‘කවද්ද එන්නෙ”

‘‘ඉක්මණට එනවා. ”

‘‘අනේ අක්කා ලබන සතියෙත් එන්නකො”

‘‘ලබන සතියෙ බැරි වෙයි පැටියො.ඊළග සතියෙ එන්න බලන්නම්. ”

නිදැස් හිනා වුණා.

 

🌹🌹🌹🌹

 

නුවරට යන බස් එක වේගෙන් ඉදිරියට ඇදෙනවා.අද කොළඹ යන්නෙ වෙනදා යන සදැසි නෙවෙයි. වෙනදා සදැසි ගියෙ සැහැල්ලුවෙන්.වෙනදා තිබ්බෙ සල්ලි ප්‍රශ්නෙ විතරයි. ඒත් දැන් ප්‍රශ්න පත්තරයක්. මග දිගට සදැසිට රශ්වින්ගෙ මතක සටහන් දැනෙනවා.

.

පොලිසියෙන් කාර් එක නවත්තපු තැන දකිද්දි කෙල්ලට හිනත් ගියා. නුවර ස්ටෑන්ඩ් එකෙන් බැහැලත් සදැසිගෙ ඇස් එහෙ මෙහෙ යනවා. මේ හිතට මොකක් වෙලාද?

 

🌹🌹🌹🌹

 

🎶

දියකිදුරිය සේ සාගරේ

දෝතින් ගෙන ආ ආදරේ.

🎶

 

රශ්වින් සුව පහසු ඔෆිස් කාමරේ විධායක පුටුවෙ ඉදගෙන පෑනෙන් ඔලුවට තට්ටු කර කර කොහේදෝ ඈතක බලාගෙන මුමුණනවා.

‘‘රශ්වින් .උඹට මක් වෙලාද? ”

රශ්වින්ගෙ පිට පුරා දඩාං ගාලා පාරක් වැදුණා

‘‘කව්ද යකෝ මගෙ හීන ලෝකෙ කෑලි කෑලි වලට කඩලා දැම්ම අපතයා. ”

රශ්වින් අනිත් පැත්ත හැරුණා. ශෙහානි ඉනට අත් දෙක බැදගෙන රශ්වින් දිහා ඇස් හීනි කරගෙන බලං හිටියා.

‘‘මං තමයි ගැහැවෙ ..ඇයි මොකද? ”

‘‘ෂිට්..ගෙදරදි අපෙ අක්කා..ඔෆිස් එකේදි උඹ..මගෙ ග්‍රහයා නීච වෙලා බං”

රශ්වින් මූණ ඇද කළා.

‘‘ඔව් සෙනසුරු නීච වෙලා සිකුරා උච්ච වෙලා වගේ..ඒකනෙ හීන ලෝකෙ පාවෙන්නෙ. ”

ශෙහානි පුටුවෙ ඉදගත්තෙ ෆයිල් ගොඩක් කොල්ලට දෙන ගමන්. රශ්වින්ගෙ හොදම යාළුවා තමා ශෙහානි. ඒ නිසාම රශ්වින්ගෙ ඔෆිස් එකේ සකට්‍රි වුණෙත් ශෙහානි

‘‘මගෙ හීන ලෝකෙ වැඩක් නෑනෙ.උඹෙ පොඩි එකාට හොදද දැන්. ”

‘‘දැන් හොදයි.උණ බැහැලා. දැන් මොකද්ද කෙල්ලගෙ නම”

ශෙහානි ඇහැක් ගැහැවා.රශ්වින්ගෙ මූණට ආවෙ අමුතුම හිනාවක්.ශෙහානි එක්කත් කිසි දෙයක් හංගන්න බෑ.අක්කා වගේම තමා.

‘‘දිය කිදුරි”

‘‘මොකක්? ”

‘‘දියකිදුරි. පට්ට ඈ. වතුර බැරල් එකක එබුවම හරි ගානයි”

රශ්වින්ගේ මූණෙ හිනාව උතුරනවා.

‘‘උඹ මුහුදට ගියෙ කවද්ද? ඊයෙ රෑ බීලා නිදා ගත්තෙ  කොහෙද? උඹ නම් හැදෙන් නෑ රශ්වින්.මටත් සෙට් වුණානෙ උඹ වගෙ මෙලෝ වගක් නැති යාළුවෙක්”

ශෙහානි කිව්වෙ විස්සෝපෙන්.

‘‘සිරාවට බං මට කෙල්ලෙක් සෙට් වුණා”

රශ්වින් කතාව මුල ඉදලා අගටම ශෙහානිට කිව්වා. ශෙහානි පුදුමෙන් අහගෙන හිටියෙ කොල්ලා මේ කියවන්නෙ සිරා කියලා තේරුණු නිසා

 

‘‘එතකොට අර මනමාලිට උඹ කැමති නෑ ”

‘‘පිස්සුද බං. ”

‘‘ඉතිං ඔය ගර්ල්ව ආයෙ හම්බුවෙන්නෙ කොහොමද? ෆෝන් එකකුත් නැත්නම් කතා කරන්නෙ කොහොමද? ”

‘‘ඒක තමයි බං ප්‍රශ්නෙ. ”

‘‘ඉතිං ගෙදරට යනවකො. ”

‘‘එකපාරටම බෑනෙ බං. එයා එක්ක කතා කරලා ඉන්න එපැයි. ”

‘‘ මං දන් නෑ.. ඕන එකක් . ”

ශෙහානි කෝල් එකක් ආපු නිසා එළියට ගියා.රශ්වින් ඇත්තටම ඉන්නෙ මේ ලෝකෙ නෙවෙයි. කොල්ලට නිකම් පිස්සු වගේ. දිය කිදුරිවමයි මතක් වෙන්නෙ. හවස කොල්ලා  බාර් එකට ගියෙත් නෑ.ස්ටෑන්ඩ් එක පැත්තෙ රවුමක් ගැහැවා. එදා දවස මතක් වෙනවා. මේ කොහෙන් හරි කෙල්ල දැන් දැන් මතුවෙයි කියලා හිත කියනවා…

එක බැල්මකට ..එක කතාවකට එක හිනාවකට..එක හැගීමකට ..ජීවිතේ මෙච්චර වෙනස් කරන්න පුළුවන්ද?රශ්වින් රෑ  හතට ගෙට ගොඩ වෙනකොට පොඩි එකී එක පාරටම කෑ ගහන්න පටං ගත්තා.

‘‘අම්මේ..අම්මේ..මෙන්න හොල්මනා..ක්”

රශ්මිකා කොස්සත් උස්සගෙන දුවගෙන ආවා.

‘‘මොකද දූ.. ”

ගේ දොරකඩ බඩු මලු ගොඩක් උස්සන් ඉන්න රශ්වින්ව දැකලා රශ්මිකාගෙ කට බාගෙට ඇරුණා.

 

කොල්ලා රෑ එකොළහට කලින්  ගෙදර එන් නෑ. ගෙදරට බඩු ගේන් නෑ..ඒකයි රශ්වින්ගෙ සාමාන්‍ය සිරිත. එතකොට අද මේ ඉන්නෙ රශ්වීන් වෙන්න බෑ..පොඩි එකී කිව්වෙ ඇත්ත.. හොල්මනක් තමයි.

‘‘මොකද හලෝ. තමුසෙලා ඔහොම බලන්නෙ. මේ මංම තමා..රශ්වින් … අක්කගෙ මල්ලි, දුවගෙ මාමා. ”

‘‘ඔයාට සනීප නැද්ද මල්ලි. ”

රශ්මිකා කොල්ලා ළගට ඇවිත් නළලට අත තිබ්බා.

‘‘ඕකනේ බැරි . අපි හැදෙන කොටත් මෙයාලට සැකයි..එහෙනම් මං යනවා. ආපහු රෑ වෙලා එන්නම්.පුරුදු විදිහට”

කොල්ලා ආපහු හැරුණා.

‘‘ ඒයි.. ඉන්නවා ඔහොම.. තමුසෙ වෙනස් වුණේ කොහොමද මෙච්චර හොද විදිහට”

රශ්වින් නිහඩව කාමරේට ගියා.

 

🌹🌹🌹🌹

 

සදැසි බෝඩිමට ඇවිත් පුරුදු විදහට ගාමන්ට් එකට ගියා. පවනිට සේරම විස්තරේ කිව්වෙ තවත් හිතේ හිරකරන් දුක් විදින්න බැරි නිසා.පවනි නම් කිව්වෙ හොද දෙයක් වෙයි කියලමයි.

සිකුරාදා හවස් වරුව රශ්වින් ශෙහානිව ඔෆිස් එකේ තියලා පැන්නා. කොල්ලා බලාපොරොත්තු පුරවගෙන ස්ටෑන්ඩ් එකේ කැරකි කැරකි බලං හිටියා.

 

සදැසි අනිවාර්යයෙන් සිකුරාදාට ගෙදර  එයි කියලයි කොල්ලා හිතුවෙ.ඒත් බලං හිටියට කෙල්ල ආවෙ නෑ..මග ඇරුනද දන් නෑ..රශ්වින් හිස්  වුණු හැගීමෙන් ගෙදර ගියා.

මල්ලිලාට පොරොන්දු වුණ නිසා සදැසි ඊළග සතියෙ සිකුරාදා ගමේ එන්න පිටත් වුණා.  එදා නම් මැනේජර්ට සදැසිට වෙන වැඩක් පවරන්න බැරිවුණා. මොකද සදැසි නිවාඩු ඉල්ලන්න ගියෙ පවනි එක්ක.පවරපු වැඩේ පවනි පැනලා භාරගත්තා.

නුවර ගුඩ් ෂෙඩ් එකෙන් බැහැගත්තු කෙල්ල රිකිල්ලගස්කඩ බස් තියෙන දිහාට ඇවිදගෙන ගියා. වෙලාව හතරහමාරයි.සදැසි වටපිට බලනවා හෝ ගාලා.රශ්වින් කොහෙ හරි ඉදියි කියලා කෙල්ලගෙ හිත කියනවා.

ඒ දෑස හොයන්නෙම කොල්ලව. ඒත් සදැසිගෙ බලාපොරොත්තු සුන් වුණා. කෙල්ල බස් එකට නැග්ගා. බස් එක පිටත් වෙනකොටම සදැසි ලගින් එක්කෙනෙක් වාඩි උනා..ඒ කෙනා සදැසි නොසිතුව විදිහට කෙල්ලගෙ ඇගට බර උනා..සදැසි පුලුවන්  තරම් ජනෙලෙ දිහාට හේත්තු  උනා..කලිසමක් ඇදපු කෙනෙක් කියලා සදැසිට පැත්තකින් පේනවා..

ඒ මනුස්සයා  තවත් සදැසිට හේත්තු උනා..මහ ජරා මිනිස්සු ..කෙල්ලට ඇඩෙන්න එනවා..කෑ ගහන්නත් බෑ.. එතකොට කියයි  පොදු ප්‍රවාහන සේවෙ නැතිව කාර් එකේ එන්න එපැයි කියලා. සදැසිට අප්පිරියයි.බැරිම තැන කෙල්ල බෑග් එකේ පොකැට්  එක ඇරලා තඩි හැට්ට කට්ටක් අතට ගත්තා..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!