අවසන් රාත්‍රිය-3 කොටස

‘‘මහත්තයා ..මහත්තයා  නැගිටින්නකො..පොලිසියෙන් කතා කරනවා.. ”

පොලිස්  නිලධාරීයා දිගටම ෂටර්  එකට තට්ටු කරනවා ..රශ්වින් සද්දයක්  නෑ..

‘මොකද්ද  මහත්තයා ගෙ නම කිව්වෙ..ආ.. රශ්වින් නේද.’

සදැසි ටිකක් කල්පනා කරලා රශ්වින්ගෙ උරහිසෙන් හෙලෙව්වා..

‘‘ රශ්වින්..  රශ්වින්.. නැගින්නකො.. ”

නම කියපු පාර කොල්ලා ඔලුව ඉස්සුවා..නිදිබර ඇස් ඇරලා කෙල්ල දිහා බැලුවා.

‘‘ ආ.. ”

සදැසි  දබර ඇගිලෙන් එහා පැත්ත  පෙන්නුවා. රශ්වින් ඒ පැත්ත බැලුවා..

‘‘ඔහ් ශිට්.. ”

කොල්ලගෙ කටින් කියවුනා..රශ්වින් සදැසිට රවලා කාර් එකෙන් බැස්සා..සදැසිත් එහා   පැත්තෙන් බැස්සෙ මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව. රශ්වින් බහිනකොටම පොලිස් නිලධාරියාට සැර මත්පැන් ගද දැනුනා.

‘‘ඕහෝ ඉලන්දාරියා..එහෙනම් කෙලින්ම පොලිසියටම දක්කමු වාහනේ”

රශ්වින් එහා පැත්තෙ දොර ළග ඉන්න කෙල්ල දිහා බැලුවා.

‘‘මේ..මේ.. ”

‘‘මේ මේ..නෙවෙයි. දඩේ විසිපන්දහයි. මාස තුනක් හිරේ.බොහොම හොදයි. ”

‘‘අපි මේක ගොඩින් බේරගමු සාජන් මහත්තයා. ”

රශ්වින් කලබලෙන් පර්ස් එක ඇද්දා.

‘‘ඒයි ..කාටද තමුන් සාජන් මහත්තයා කිව්වෙ..මේ ඉන්නෙ ට්‍රැෆික් ඕඅයිසී මහත්තයා”

එහා පැත්තෙ හිටපු අනිත් නිලධාරියා එහෙම කිව්වා.ඒ කිව්ව ගමන් රශ්වින් පර්ස් එක අදින එක නතර කරලා සැලුට් එකක් ගැහැවා. ඒක දැකපු සදැසි බකස් ගාලා හිනාවුණා. රශ්වින් සදැසි දිහා බලලා රැව්වා. ඕඅයිසී මහත්තයා තමන්ගෙ සගයා දිහා බලලා ඉගි කළා.

‘‘ සොරි සර්…මට එක පාරටම අදුනගන්න බැරිවුණා.සර් නම් ඉන්නෙ වැඩේ ලේසියිනේ.. ”

කොල්ලා අයෙත් පර්ස් එක ඇදලා නෝට්ටු ටිකක් එළියට ගත්තා.

‘‘බීමතින් රිය පැදවීම තමයි පළවෙනි වරද.. ඒ මදිවට පොලිස් නිලධාරියෙකුට අල්ලස් දෙන්න ලෑස්ති”

 

‘‘අනේ නෑ සර්..උසාවි ගාණෙ රස්තියාදු වෙලා මේක ගෙවනවට වඩා හොදයිනෙ දැන්ම සර් අතට මේක දෙන එක”

රශ්වින්ගෙ අත ඔළුව කහන්න යන්න  ලෑස්ති වුණත් කෙල්ල කියපු උකුණො කතාව මතක් වෙලා එහෙමම කොල්ලා  අත පාතට දැම්මා.

‘‘තමුන්ගෙ ඔය සල්ලි අපිට වැඩක්  නෑ. කරුණාකරලා දෙන්නම නගිනවා ජිප් එකට.අන්න තියෙනවා. ”

ඕ අයිසී මහත්තයාට හොදටම කේන්ති ගිහින්. සදැසි බලං හිටියෙ කරගන්න දෙයක් නැතිව.

‘අනේ පව් මහත්තයාත් මං නිසා කරදරේ වැටුණා..ඒ මදිවට දැන් පොලිසියට මටත් යන්න වෙනවා. අනේ දෙයියෙන් මං ජීවිතේට පොලිසියට ගිහින් නෑ..’

‘‘ඉක්මණ් කරනවා..ලයිසන් ඉන්ෂුවරන්ස් ටිකත් ගන්නවා බලන්න”

ඕඅයිසී මහත්තයා කෑ ගැහැවා.

‘‘අනේ රශ්වින් අනේ මගෙ බඩ දනවා..අයෙත් වමනෙ එන්න වගේ. ”

එක පාරටම කෙල්ල කෑගහන්න පටං ගත්තෙ බඩ පපුව අල්ලගෙන. රශ්වින් අඩියට දෙකට කෙල්ල ළගට ආවා. සදැසි රශ්වින්ගෙ ඇගේ එල්ලිලා එහා පැත්තට වමනෙ කරන්න පටං ගත්තා

රශ්වින් කෙල්ලගෙ පිට අත ගානවා. පොලිස් නිලධාරීන් දෙන්නා මූණෙන් මූණ බලාගත්තා.ටිකකින් සදැසි ඔළුව ඉස්සුවා.

‘‘ අනේ රශ්වින් මට කලන්තෙ වගේ අමාරුයි. ”

කෙල්ල රශ්වින්ගෙ ෂර්ට් එකෙන් ඇද ඇද කෑ ගහන්න පටං ගත්තා. දැන් නම් රශ්වින්ගෙ වෙරි හොදටම හිදුනා.සදැසිට ගොඩක් අමාරු බව කොල්ලට දැනෙනවා.

 

‘‘ඇයි මොකද ”

ඕඅයිසී මහත්තයා ඇහැවෙ මොනවා වුණත් මනුස්සකම දන්න නිසා.

‘‘සර්..මෙයා ප්‍රෙග්නන්ට්..මේ ටිකේ අමාරුයි..වමනෙ දානවා”

රශ්වින් කිව්වෙ බොහොම කලබලෙන්.

‘‘ඒකනෙ අයිසෙ.නෝනා ප්‍රෙග්නන්ට් වෙලා තියෙද්දිනෙ තමුසෙ මීහරකෙක් වගේ බීලා වාහන එලවන්නෙ.අනේ මන්දා බං උඹලා වගේ යක්කු. ”

ඕඅයිසී මහත්තයා මුණ දෙපැත්තට වැනුවෙ අප්‍රසාදයෙන්.

‘‘සොරි සර්. ”

‘‘සර්..මෙහෙම  පොලිසියට අරං ගියොත් එතනත් වර්චස් වෙනවා. ”

අනිත් නිලධාරියා ලොක්කට ළංවෙලා කිව්වා.

‘‘ඒක තමා ”

‘‘අනේ මහත්තයෝ මට බඩගිනි හොදටම . කන්න අරං දෙන්නකො මොනවා හරි.. ”

සදැසි කියද්දි රශ්වින් මූණ දෙක කරගෙන කෙල්ල දිහා බැලුවා.බඩදරු අම්මලා බඩගින්නෙ ඉන්න හොද නෑ.

‘‘සර්..අපි පොලිසියට යන්න එන්නම්..ඒත් ඊට කලින් මෙයාට කන්න දෙයක් අරං දීලා ඉන්නම්.ප්ලීස් සර්..මේ ළග කඩයක් නැද්ද? ”

 

 

‘‘ඔච්චර වෙලා නෝනා බඩගින්නෙ තියාගෙනද ආවෙ.හරි හරි යනවා අයිසෙ මගෙ ඔළුව කන්නෙ නැතුව. ”

‘‘සර්.මෙතනම ඉන්න අපි එන්නම්.. ”

‘‘පිස්සුද ඕයි..තමුසෙලා යනවා..අමාරු වැඩිවුණොත් හොස්පිට්ල් ඇඩ්මිඩ් කරනවා.පව්නෙ ඕයි ගෑණුන්ට වද දෙන්නෙ ..තමුසෙ මොන ජාතියෙ හස්බන්ඩ් කෙනෙක්ද? ෂිට්.අදට බේරුණා කියලා හිතා ගන්නවා”

රශ්වින් පුදුම වෙලා  කෙල්ල දිහා බැලුවා

‘‘සර්ට ගොඩක් පින්.අපි යන්නම්. ”

සදැසි අමාරුවෙන් එහෙම කියලා කාර් එකට නැග්ගා. රශ්වින් ඉක්මණට නැගලා කාර් එක ස්ටාර්ට් කරගත්තා.

‘‘සර්..සර් හොද හදවතක් තියෙන මහත්තයෙක්.සර්ට ප්‍රමෝශන් එකක් ෂුවර් සර්”

රශ්වින් එහෙම කියලා යන හැටි පොලිස් නිලධාරීන් බලාගෙන හිටියා.

‘‘සර්..සර්ගෙ මනුස්සකම නිසා සර් කවදාහරි ලෝක අමාරුවක වැටෙනවා. ”

තමන්ගෙ යටත් නිලධාරියාට ඕඅයිසී මහත්තයා  දුන්නෙ හිනාවක් විතරයි ..

රශ්වින් සද්ද නැතුව ඩ්‍රයිව් කලා .ටිකක් දුර ගියාට පස්සෙ ඇතුලෙ ලයිට් එක දාලා කෙල්ල දිහා බැලුවා..

‘‘ඔයාට අමාරුද”

ඒත් සදැසි ගානක් නැතුව ඉන්නවා..

 

‘‘නෑ මහත්තයා .. ”

‘‘අම්මෝ ඔයින් ගියා ඇති..ඒයි. ඔහොම ඉන්නකො”

කොල්ලා කාර් එක එක පාරටම අයිනට කරලා නැවැත්තුවා. සදැසි පුදුමෙන් බලං හිටියෙ එතන තිබ්බ පොඩි නයිට් කඩෙන් කොල්ලා එලියට ඇවිත් රොටී ගෙඩි දෙකක් කෙල්ලට දිග් කරන හැටි

‘‘කන්න”

‘‘ආ.. ”

‘‘කන්න ..බඩගිනිනෙ ඔයාට.. ”

සදැසි බිම බැලුවා..මහත්තයා  කොච්චර  හොදද..තවත් බොරු කරන්න බෑ..

‘‘මහත්තයා ..මට බඩගිනි නම් තමා..ඒත් මහත්තයා  හිතන විදිහෙ දෙයක් මෙතන නෑ. ”

‘‘හරි හරි මං කීවනෙ.මොකුත් අහන් නෑ කියලා..කන්නකො..මං පොඩ්ඩක් අර පැත්තට  ගිහින් එන්නම්.. ”

කොල්ලා සදැසිගෙ ඔඩොක්කුවට  රොටී  දෙක දාලා ටක් ගාලා මාරු උනා.. කොල්ලා ගියෙ පිටිපස්සට නිසා කෙල්ලට පෙනුනෙ නෑ කොහෙ ගියාද කියලා..බඩගිනි නිසා සදැසි රොටී දෙකම කෑවා. ටිකකින්  කොල්ලා ඇවිත් කාර් එකට නැග්ගා. කොල්ලගෙ අතේ තිබ්බෙ බියර් ටින් එකක්.. යාන්තම් බාර් එකක් ඇරලා තිබ්බා..කොල්ලා හරිම සංතෝසෙන්  ඒක කඩලා කටට දාගන්න හැදුවා..ඒත්  හොර ඇහෙන් පෙනුනෙ කෙල්ල බලං ඉන්නවා වගේ..ඒ නිසා එක පාරටම කෙල්ල දිහා බලලා ඇහි බැමි උස්සලා ඇහැවෙ ඇයි කියලා.

කෙල්ල මූණ බෙරි කලා…කොල්ලා ඒ පාර ඒක සදැසිට දිග් කලා.. සදැසි ඔලුව දෙපැත්තට  වැනුවා..

 

‘මෙච්චර  හරියක් වෙලත් මේක අත ඇර ගන්න බෑ..අපරාදෙ පොලිසියට  යන්න දෙන්න තිබ්බෙ..’

සදැසි හිතුවෙ තරහින්..බොහොම අමාරුවෙන්  රගපෑව එකෙනුත් වැඩක් නෑ..කොල්ලා මූණ ඇඹුල් කරගෙන ඒක බොන හැටි සදැසි බලං හිටියා..

‘සංසාරේ මහත්තයා  ..මොකට දුක් විදිනවද මං දන් නෑ..’

‘‘මහත්තයා .. ”

‘‘ම්ම්”

‘‘ඕවා රසයිද.. ”

‘‘මොකක්… ”

‘‘රසයිද.. ”

‘‘ඔ..ඔව්… ”

‘‘එහෙම නම් මූණ ඇකිලුවේ.. ”

‘‘ඒ නිකම්..බීලා බලනවකො රසද කියලා.. ”

ඒත් කොල්ලට එක පාරටම ශොක් උනා…

‘‘එපා එපා..ඔයා ප්‍රෙග්නන්ට්  මදර්..සොරි හොදේ”

‘‘මටත් ආසයි බීලා බලන්න දෙන්නකො… ”

කොල්ලා බිව්වෙ එක උගුරයි..සදැසි ඒක උදුරගෙන කටට හලා ගන්න හැදුවා..

‘‘ඒයි..මොකද්ද  ඕයි කරන්නෙ… ”

ඒ ඩිංගට රශ්වින් ඒක උදුරගෙන එලියට විසික් කලා..

‘‘තමුසෙ මොන ජාතියෙ මදර් කෙනෙක්ද  ඕයි. ”

සදැසිට නිකම්ම හිනා ගියා..

‘‘ඇයි.. ”

සදැසි ඇස් බෝල කරනවා..

‘‘මත්ද්‍රව්‍ය ..හොද නෑ..බඩේ ඉන්න බබාට.. ”

‘‘එහෙනම් ඒ ගදත් හොද නෑනෙ..ඔයා ලගින් එන්නෙ.. ”

සදැසි නහය හැකිලුවා..

‘‘මට ඒකට තමා වමනෙ ආවෙ.. ”

‘‘ඔහ්.තමුසෙගෙ  වෙන්න හස්බන්ඩ් බිව්වෙ නැද්ද.. ”

‘‘ඈ.. ”

සදැසි ගොලු උනා..

‘‘ඔහ්..සොරි මං අහන් නෑ කිව්වනෙ..ඒක නෙවෙයි දැන් මාස කීයද බඩ පේන් නෑනෙ.. ”

‘පිස්සුද  මන්දා..අහන ඒවා.මහත්තයාට නම් මෙලොව ලැජ්ජාවක් නෑ..දැන් නම් මේ බොරු කතාව නවත්වන්න ඕනෙ ..නැත්නම් තව මොන මොන විකාර ප්‍රශ්න අහයිද මන්දා ’

‘‘මහත්තයා  මං ප්‍රෙග්නන්ට්  නෑ.. ”

‘‘වට්..එහෙනම් වමනෙ දැම්මෙ.. ”

‘‘ඒ මහත්තයාගෙ බීම වල සැර ආව නිසා”

‘‘එතකොට  පොලිසිය ලග. ”

‘‘ඒ බොරුවට .මහත්තයාව බේරගන්න.. ”

‘‘ඒ කියන්නෙ තමුසෙ රගපෑවා.. ”

‘‘ඔව්.. ”

‘‘බහිනවා කාර් එකෙන් ”

‘‘ආ.. ”

‘‘බහිනවා.මට තමුසෙලා වගේ ජරා ගෑනු පේන්න බෑ.බලෙන් මගෙ කරේ එල්ලෙන්න නේද හැදුවෙ.මාත් මෝඩයා අහුවුනා  බහිනවා.. ”

කොල්ලා කාර් එකෙන් බැහැලා සදැසිව ඇදලා එලියට දැම්මා..

‘‘අනේ..මහත්තයා .. ”

රශ්වින් කාර් එකට නැගලා දොර වහගන්න හැටි සදැසි බලං හිටියෙ කදුලු පිරිච්ච  දැසෙන්

‘‘අනේ අන්තිම රාත්‍රිය  ..මේක මගෙ…ඉහි..ඉහි.. ”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!