‘‘ඔයාට පිස්සු හැදිලද රශ්වින්. වෙලාවකට මං සහෝදරීලු. වෙලාවකට බදිනවලු. මගෙ මොළෝ කෙලොප්පම් වෙලා තියෙන්නෙ ”
සදැසි කිව්වෙ රශ්වින් ඔක්කොම හංගන නිසා ඇතිවුණු කේන්තියට.
‘‘සූ… මෙයාට තරහත් යනවනෙ. ජම්බු ගෙඩියක් වගේ මූණ රතු වෙලා. ”
රශ්වින් කෙල්ලගෙ කොණ්ඩෙන් අදින ගමන් කියනවා. තරහා ගියාමත් අමුතු ලස්සනක්
‘‘ඔය හැප්පෙයි. පාර බලාගෙන ඩ්‍රයිව් කරන්න. මගෙ මුණෙ මාර්ග සංඥා නැහැ. ”
‘‘මූණෙ මාරේග සංඥා තියන්න නම් පුළුවන් මට”
‘‘මොකක්”
රශ්වින් කට කපලා හිනාවෙනවා. මොකට මේ හැටි හිනාවෙනවද දන්නෙ නෑ.සදැසි බුම්ම ගත්තා
‘‘මේ ඕයි. ටිකක් හිනාවෙලා ඉන්නවා. මං කැමති නැ ඔරවගෙන ඉන්න වයිෆ් කෙනෙක්ට”
සදැසි දත් ටික පෙන්නලා බොරු හිනාවක් පෑවා.
‘‘විරිත්තන්න එපා ඕයි”
‘‘ඕයි ඕයි ගාන්නෙ. බැරිද ආදරෙන් කතා කරන්න”
‘‘ආදරේටනෙ ඕයි කියන්නෙ. ”
‘‘එහෙමද ඕයි”
‘‘මොකද්ද කිව්වෙ ”
රශ්වින් කෑ ගැහැවෙ බ්රේක් එක පාගලා. සදැසි ගැස්සිලා ඉස්සරහට ගියා
‘‘කන පලාගන්නද හදන්නෙ තමුසෙ”
‘‘ආ..ඇයි. ”
‘‘මං ඕයි,තමුසෙ කිවව්ට තමුසෙට බෑ මට එහෙම කියන්න”
‘‘ඇයි .ඒක හරිම අසාධාරණයි. ”
රශ්වින් බැලුවෙ දැඩි බැල්මක්.ආදරණීය වගේම රශ්වින් ගොඩක් දැඩි කෙනෙක් කියලා සදැසිට පළවෙනි වතාවට හිතුණා.සදැසිගෙ ඇස් කදුලින් බරවෙන හැටි කොල්ලට පෙනුනා. මන්දාරමින් බරවුණු අහස වගේ
‘‘කදුලු මට පෙන්නන්න බෑ.. හරි කැමති ඕන මගුලක් කියනවා”
රශ්වින් ආයෙත් කාර් එක ස්ටාර්ට් කරගෙන ස්පීඩ් එක වැඩි කළා.
‘‘අනේ සොරි මහත්තයෝ. ඔයා මට මොනවා කිව්වත් මට බෑ එහෙම කියන්න. ”
‘‘දැන් කිව්වෙ. ”
‘‘නෑ..නෑ මං කිව්වෙ නෑ..මගෙ කට කිව්වෙ.. ”
රශ්වින් සදැසිව එක පාරටම ඇදලා ළගට අරගෙන කම්මුලක් සිපගත්තෙ කෙල්ලට හිතන්න වත් වෙලාවක් නොදී
‘‘ නෑ..නෑ මං කළේ නෑ මගෙ කට කළේ”
රශ්වින් කෙල්ලව අතඇරලා කෑ ගැහැවා.සදැසි ඒ පාර හිනා වෙනවා.
‘‘ආ..ඕක නැතුව තමා ඔච්චර වෙලා නහයෙන් ඇඩුවෙ නේද? ”
සදැසි හිනාව තද කරගෙන අහක බැලුවා.රශ්වින් කෙල්ලව එක්ක ආවෙ. වික්ටෝරියා ඩෑම් එක බලන්න..ඒකෙ රශ්වින්ගෙ යාළුවෙක් වැඩ කරපු නිසා අවුලක් වුණේ නෑ.
‘‘හරි ලස්සනයි අනේ. මං ඈතින් දැක්කට මෙහෙම ළගට ඇවිත් තිබුණෙ නෑ. ”
සදැසි කිව්වෙ සුදු පාටට විසිරෙන පෙනකැටි දිහා බල බල
‘‘ඒකනෙ එක්කරං ආවෙ. ඔයා හිතුවෙ හනිමුන් කියලා නේ. ”
රශ්වින් යටිතොල හපාගෙන කොල්ලගෙ උරහිසින් කෙල්ලගෙ උරහිසට තට්ටුවක් දැම්මා. යාළුවා ඒ වෙන කොට කෝල් එකක හිටපු නිසා වෙන පැත්තක් බලාන හිටියෙ.
‘‘පිස්සු.මොනවද හැමවෙලේම කියවන විකාර”
‘‘මෙතන දැන් ලස්සනට තිබුණට මේක හදන්න මිනිස්සු කී දෙනෙක් දාඩිය හෙලන්න ඇත්ද?කොච්චර වෙහෙසක් ගන්න ඇත්ද? ”
රශ්වින් එක පාරටම ට්‍රැක් එක මාරු කළේ යාළුවා ළගට එනවා දැක්ක නිසා.යාළුවාටත් රශ්වින් කියපු ඒවා ඇහුණා
‘‘අඩේ උඹ මහා දාර්ශනිකයෙක් වෙලානෙ. නංගි මුගෙ ඔය අමුතු දාර්ශනිකත්වෙට නම් අහුවෙන්න එපා. ”
🌹🌹🌹🌹
‘‘දියකිදුරි මාව විශ්වාසයි නේද ”
රශ්වින් ඇහැවෙ යාලුවා දුන්න යතුරින් ක්වාටස් එකේ දොර අරින ගමන් .සදැසි හිටියෙ තුෂ්නිම්භූත වෙලා ..යාළුවා කී එකක් දීලා රශ්වින්ට විශ් කරපු හැටි බලාගෙන හිටියේ පුදුමෙන්.. රශ්මින් සදසිව එක්ක ආවේ යාලුවාගෙ ක්වාටර්ස් එකට
‘‘උඹ කිව්ව විදිහට ඔක්කොම රෙඩි.. මට රෑට ට්‍රීට් එක ඕනේ ”
යාළුවා එහෙම කිව්වහම සදැසි තවත් බය උනා .ඒත් කෙල්ලට කරගන්න දෙයක් තිබුනේ නැහැ
‘‘මට මහත්තයා විශ්වාසයි”
සදසි එක එල්ලේ රශ්වින්ගෙ ඇස් දෙක දිහා බලාගෙන කිව්වා.
‘‘දන්නවද විශ්වාසේ තියෙන තැන ආදරේ පවතිනවා ආදරේ රැකිලා තියෙනවා ”
කොල්ලා සදසිගෙ අතින් අල්ලගෙන ක්වාට්ස් එකට ඇතුලු උනා..මුළු සාලෙම සරසලා තිබ්බේ බැලුන් වලින් .. ක්‍රේප් වලින් ..පොඩි පාටි එකකට වගේ ..මැද තිබුණු පොඩි ස්ටූල් එකේ පොඩි කේක් එකක් තිබ්බා .සඳසි හැමදේම නිරීක්ෂණය කළේ බොහොම පුදුමෙන්. රශ්වින් දොරට හේත්තුවෙලා අත් දෙකත් බැඳගෙන සදසි දිහා බලාගෙන හිටියා
‘‘ ලස්සනයි ද ? ”
රශ්වින් ඇහැවෙ දොර ලොක් කරන ගමන්
‘‘ඔව් ඒත් ඇයි මේ”
‘‘මේකයි .අද එක්කනෙක්ගෙ අනාගත හස්බන්ඩ්ගෙ බර්ත් ඩේ එක”
‘‘ආ.කවුද? ”
‘‘මෙහෙමත් ටියුබ් ලයිට් එකක්.ඩිම් වෙවීවත් පත්තු වෙන්නෙ නෑනෙ.. ”
රශ්වින් බොහොම සෝකෙන් සෙටියෙ ඉදගත්තා
‘‘ආනෙ…රශ්වින් ඔයාගෙ බර්ත් ඩේ එකද?හැපි බර්ත් ඩේ”
සදැසි හිනාවෙලා අත දිග් කළා.දැන් තමයි කෙල්ලට වැඩේ තේරුණේ.
‘‘මොකද්ද හලෝ. ඔහොමද විශ් කරන්නෙ අනාගත හස්බන්ඩ්ට. ”
‘‘එහෙනම්”
‘‘මං නම් මගෙ අනාගත වයිෆ්ට විශ් කරන්නෙ ඔහොම නෙවෙයි. ”
‘‘එහෙනම්”
කොල්ලා සදැසිගෙ අතින් එක පාරටම ඇදලා ඔඩොක්කුවේ ඉන්දවගෙන තත්පරේට කෙල්ලගෙ මුලු මූණම සිපගත්තෙ පිස්සුවෙන් වගේ.
‘‘ආන්න එහෙම”
‘‘පිස්සුද ඔයාට”
සදැසි රතු වෙලා
‘‘කොයි කොයි.දැන් කරපු විදිහට තමුනුත් විශ් කරන්න ඕනෙ. ”
‘‘අනේ මට බෑ.. ”
සදැසි මූණ අත්දෙකින්ම වහ ගත්තා.
‘‘දෙනවකො හලෝ”
‘‘කිව්වනෙ බෑ. ”
‘‘එහෙනම් බර්ත්ඩේ බෝයිම බලෙන් ගන්නවා හරිද? ”
‘‘එපා එපා. දෙන්නම් ඇස් වහ ගන්නකො ඔයා”
‘‘මට ඕනෙ මෙතන්න. ”
රශ්වින් පෙන්නුවෙ දෙතොල්
‘‘අම්මෝ බෑ”
‘‘බැරිද? ”
රශ්වින් ළංවුණා.
‘‘හරි හරි ඇස් පියා ගන්නකො”
රශ්වින් බොහොම සතුටින් ඇස් පියා ගත්තා.සදැසි හෙමීට ළංවෙලා කොල්ලගෙ නළල කම්මුල් සිපගත්තෙ හීන්සීරුවෙ. කොල්ලගෙ හිතට දැනුනෙ අමුතුම හැගීමක්.කොල්ලා ඒ පහසින් මත්වුණා වගේ.ඒ එක්කම දෙතොල් වලට දැනුනෙ පැණි රසක්.
‘‘හහහහහ්.. ”
සදැසි කොල්ලගෙ මූණෙත් කේක් ගාලා එහාට පැන්නා.
‘‘ඒයි කපටි කෙල්ල. මට ඇස් පියාගන්න කියලා මගෙ බර්ත්ඩේ කේක් එක කපලා.ඒ මදිවට මේ කරපු වැඩේ . ”
සදැසි දුවන්න ගත්තා.කොල්ලා අඩියට දෙකට කෙල්ලව අල්ල ගත්තා.දෙන්නම ඇති තරම් හිනා වුණා.රශ්වින් ජීවිතේ සතුටින්ම සමරපු බර්ත්ඩේ එක ඒක. රශ්වින් කෙල්ලව උස්සගෙන ළග තිබුණු රූම් එකට ගියා..පරෙස්සමට කෙල්ලව ඇදේ තිබ්බෙ ඒ ඇස් දිහාම බලාගෙන.
ඇදගෙන හිටපු නිල් පාට කමිසෙ බොත්තම් එකින් එක ගලවලා කොල්ලා කමිසෙ ගැලෙව්වෙ සදැසි ඇස් පියාගද්දි.සදැසි ඇදගෙන හිටපු රෝස පාට කොට ගවුමෙන් කැපිලා පේන ඒ රූසිරි දිහා මොහොතක් බලං හිටපු කොල්ලා සදැසිගෙ ගතට බරවුණේ සදැසි භීතියෙන් ඇස් අරිද්දි.
රශ්වින්ගෙ දෙතොල් පහල නළලත,දෙකොපුල් වලින් දොතොලට දැනෙද්දි සදැසි ඇස් පියාගත්තෙ කොල්ලගෙ කොණ්ඩෙන් තදින් අදින ගමන්. ටිකෙන් ටික ඒ බැරැති සුසුම් කෙල්ලගෙ ගෙල දිහා රටා මැව්වෙ සදැසිගෙ පපුව වේගයෙන් උස් පහත් වෙද්දි. ඒ දැනෙන උණුසුමට කොල්ලට විරුද්ධ වෙන්නත් කෙල්ලට හිතුණෙ නෑ. රශ්වින් ඒ තරම්ම ආදරණීයයි.
ඒත් රශ්වින් සීමාවෙ හිටියා.කොල්ලා සදැසිගෙ නළල තදින් සිපගෙන ඈත් වෙලා ඇදේ හාන්සි වෙලා සදැසිව පපුවට තුරුළු කරගත්තා.
‘‘ආදරෙයි සදැසි… ”
‘‘හොද මහත්තයා”
‘‘බයවුණාද? ”
‘‘ම්හු..මට ඔයාව විශ්වාසයි”
සදැසි කිව්වෙ ඒ පපුව මත දෙතොල් තියන ගමන්.
‘‘තව එකක්”
රශ්වින් කිව්වෙ විහිළුවට..ඒත් සදැසිට මතක් වුණේ තමන් රශ්වින්ගෙ උපන්දිනේට කිසිම තෑග්ගක් දුන්නෙ නෑ නේද කියලා.
‘‘රශ්වින්. මහත්තයෝ..ඔයාට දෙන්න තෑග්ගක් ගෙනාවෙ නෑ මං”
‘‘ඔයා ආපු එකම ඇති මට”
‘‘ඒ වුණාට පව් ඔයා..රශ්වින්..මේ.. ”
සදැසි මොනවද කියන්න හදන්නෙ..රශ්වින් සදැසිගෙ මූණ බලන්න හැදුවට කෙල්ල ඔලුව ඉස්සුවේ නෑ..
‘‘ඇයි මැණික”
‘‘ ම..මට ඔයාට දෙන්න පුළුවන් එකම දේ…රශ්වින් ඔයා අරගන්න”
සදැසි කිව්වෙ රශ්වින් ගැන දැනුනු දරාගන්න බැරි ආදරේ නිසාමයි.රශ්වින් සදැසිගෙ නළලතට දෙතොල් ආයෙත් තදින් තෙරපුවේ සදැසිව තදින් තුරුළු කරගෙන..
‘‘සදැසි..ඔයා…මාව ඒ තරම්ම විශ්වාස කරනවද? ”
‘‘ඔව්”
‘‘ඒත් පැටියො..මං ඔයාට ආදරේ කරන්නෙ ඒ දේම බලාගෙන නෙවෙයි..කොහොමත් අපි මැරි කළාට පස්සෙයි මං ඔයාට ළං වෙන්නෙ..මං දන්නවා ඔයා ඔහොම කියන්නෙ මට තියෙන ආදරේට කියලා..මට ඒ වචනෙත් ඇති. ”
සදැසි තාමත් මූණ හංගගෙන.
‘‘ඒයි..කොයි මූණ පෙන්නන්නකො.. ”
‘‘බෑ..බෑ.. මට බෑ.. ”
‘‘ඇයි..කියන්න ලැජ්ජා නෑ..මූණ හංගනවා ඒ වුණාට..හැදිච්ච කෙල්ලෙක් කියන ඒවද ඕවා..ආ.. ”
‘‘අනේ.. ”
‘‘එක්කො ඔහෙ කමක් නෑ..ආයෙ කවදා හිටියත් වෙන දේනෙ..ඔයාගෙ කැමැත්තනෙ.. ”
රශ්වින් හිනාව තද කරගෙන කිව්වම සදැසි නැගිටලා සාලෙට දිව්වා..වරුවක්ම කේක් කකා ඔහේ වල් පල් කියව කියව ඉදලා දෙන්නම ක්වාටස් එකෙන් එළියට බැස්සා.
‘‘සදැසි ..ඔයාට ගොඩක් ස්තුතියි”
රශ්වින් කිව්වෙ එළියට බහින්න කලින්
‘‘ඇයි. ”
‘‘මාව විශ්වාස කරලා මෙහෙම ආවට. ”
‘‘මං දන්නවා රශ්වින් ඔයා මගෙ විශ්වාසෙ බිදින්නෙ නෑ කියලා. ”
රශ්වින් සදැසිගෙ නළලත මුදු හාදුවක් තිබ්බා
. ‘‘කවදාවත් නෑ කෙල්ලෙ. කොල්ලෙක් කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ නම් කවදාවත් විශ්වාසෙ බිදින්නෙ නෑ.හැබැයි කෙල්ලෙ අරූ මොනවා හිතයිද කියලා නම් මං දන් නෑ. ”
‘‘අනේ. ලැජ්ජාවෙ බෑ. ”
‘‘විහිළුවට කිව්වෙ . රශ්වින්ගෙ හැටි පොර දන්නවා.උගෙ නංගි ක්ලාස් ඇරුණාම ඉස්සර ගේන්න යන්නෙ මං. ”
‘‘අපොයි. නරින්ට කුකුල්ලු බාර දුන්න වගේද”
‘‘පිස්සුද බං. එහෙනම් මං බැදලා ළමයි දෙන්නෙකුත් හදලා මේ වෙනකොට. නංගි දැන් මැරි කරලා ඉන්නෙ රට. ”
සදැසි හිනාවෙලා කොල්ලගෙ අතකින් අල්ල ගත්තා.සදැසිලාගෙ ගෙවල් පාරට එනකල්ම රශ්වින් ප්ලේයර් එකේ ප්ලේ කළේ එකම සිංදුව.වෙන මොකද්ද.
දියකිදුරිය සේ සාගරේ
කොල්ලා එදා වගේම ඒක කියනවා සදැසිට විහිළු කර කර.සදැසි හිටියෙ හිනා වීගෙනමයි. කොල්ලා එක්ක ඉද්දි ලෝකෙම අමතක වෙනවා. හිතට කිසිම දුකක් දැනෙන්නෙ නෑ.සදැසිලාගෙ ගෙවල් පාරට හරවන වංගුවෙන් කාර් එක දැම්ම ගමන් සිදුවුණේ නොසිතුව දෙයක්.රශ්වින් එක පාරටම බ්රේක් කළා.