අවසන් රාත්‍රිය-19කොටස

‘‘කොහෙද ඕයි තමුසෙ ඊයෙ අන්තරස්ධාන වෙලා හිටියෙ.තමුසෙගෙ අර ෆෝන් එකත් වැඩ කළේ නැහැ.ආයෙත් පටංගත්තද රස්තියාදුවෙ යන්න රෑ තිස්සෙ. නැත්නම් තමුසෙට ගෙදර එඩ්‍රස් එක අමතක වුණාද”

රශ්මිකාගෙ ටකරං වොයිස් එකට ගෙට ගොඩවුණ රශ්වින් ඔලුවත් අල්ලගෙන සෝෆා එකට වැටුණා.කොල්ලා  ඇස් දෙකත් පියාගත්තෙ රශ්මිකාව ගණන් ගන්නෙ නැතුව.

‘‘ මේ මල්ලි.තමුසෙ ඒ පාර නටන්න හදන අලුත්ම නාඩගම මොකද්ද?අර කෙල්ලව රවට්ටන්නද හදන්නෙ”

‘‘මොන කෙල්ලද හලෝ”

‘‘දැක්කද ඔය ඩිංගට ඒකත් අමතක වෙලා. ”

රශ්මිකා කොස්ස පැත්තක තියලා රශ්වින් ළගින් හිට ගත්තෙ ඉනට අත්දෙක තියාගෙන

‘‘මොකද්ද බං අක්කෙ.තමුසෙව දැක්කම මට කසාදත් එපා වෙනවා.ඔය අදෝනාව නවත්තගන්නවකො”

‘‘ මට මොකෝ. මට දෙනවා සදැසිගෙ ෆෝන් නම්බරේ”

‘‘ඒ මොකටද? ”

‘‘මිනිහා දැන්ම හදාගන්න කියන්න”

‘‘පිස්සුද හලෝ”

‘‘සදැසි දන්නෙ නැතුව ඇති තමුසෙ ඊයෙ හිටපු දිහා”

‘‘දන්නවා”

‘‘කොහෙද”

‘‘එයා එක්කනෙ. ”

‘‘ මොකක්..චී මල්ලි.තමුසෙ ඔච්චර නැහැදුනේ මොකද? කසාද බදිනකල් ඉන්නෙ නැතුව අර කෙල්ලව අරං ගියෙ කොහෙද”

‘‘ මේ අක්කෙ තමුසෙම නේද ඒකිව එදා මගෙ කාමරේට එවලා බෝපැළේ වගේ හිටපු මාව අමාරුවේ දැම්මෙ. දැන් මගුලක් කියවන්න එනවා මෙතන.  ”

රශ්වින් රවනවා හෝ ගාලා

‘‘ආ මං තමා වැරදි එතකොට”

‘‘කොයි පොඩි එකී. ”

‘‘ක්ලාස් ගියා”

‘‘පව් ඒකි. උදේ ඉදලා රෑ වෙනකල් ක්ලාස් ක්ලාස්. තමුසෙට පව් කියලා හිතෙන් නැද්ද? තවම එක වසරෙ…සෙල්ලම් වයසනෙ”

‘‘මේ මං මගෙ ළමයා හදන්නෙ මට ඕන විදිහට. තමුසෙ තමුසෙගෙ ලමයා හදාගන්නවා තමුසෙට ඕන විදිහට‍”

‘‘මං එකෙක් නෙවෙයි හතර දෙනෙක්වත් හදනවා. දියකිදුරියෝ දෙන්නෙක් එක්ක”

‘‘මොකක්”

රශ්මිකාගෙ ඇස් උඩගියා.

‘‘මේ අක්කෙ.මං තමුසෙගෙ කියන තැනකට වදින්නම්. මගෙ වයිෆ් මෙහෙට එක්ක ආවාට පස්සෙ නම් තමුසෙ මේකෙ ලැගගෙන ඉන්න එපා. මගෙ පවුල් ජීවිතේට කණකොකා හඩයි පටං ගද්දිම. ”

‘‘මල්ලි තමුසෙ නම් මහ. ”

රශ්මිකා ගස්සගෙන කොස්සත් අරගෙන යන හැටි කොල්ලා බලං හිටියෙ හරි සන්තෝසන්. ඔය කිව්වට අක්කා යන් නෑ කියලා කොල්ලා දන්නවා.යවා ගන්න නම් හොදම විදිහ අයියාව රස්සාවෙන් අස් කරලා ගෙදර නවත්තන එක.

 

🌹🌹🌹🌹🌹

සදැසි එළියෙ බංකුව උඩට වෙලා ඉදගෙන හිටියා. රෑ අහසෙ තරු පිරිලා. එක එක තාරකා රටා දිස්නෙ දෙනවා. නිදැස් ගේ ඇතුලෙ ඉදලා දුවගෙන ඇවිත් සදැසිගෙ ඔඩොක්කුවට පැන්නා

‘‘අක්කී අන්න ඉන්නවා දඩයක්කාරයා. ”

නිදැස් ඔරයන් තරු රටාව දිහාට අත දිග් කළා.

‘‘ෂෝක්නෙ මල්ලි දන්න ජාති දැන්. ”

‘‘ටීවර් කියලා දුන්නෙ. එදා අප්පච්චි පෙන්නුවා මට”

‘‘ඒකනෙ”

‘‘අක්කි දඩයක්කාරයා කාවද දඩයම් කරන්නෙ. ”

‘‘මං දන් නෑ පැටියො”

‘‘අයියා දන්නවා ඇති නේද? ”

‘‘හ්ම්. ”

‘‘අක්කි. අපි එයාවත් මෙහෙ නවත්තගමුකො. ”

‘‘හොදට හිටී”

‘‘ඇයි. ”

‘‘නෑ නිකම්. ”

සදැසි හිනාව තද කර ගත්තා.රශ්වින් මිකී එක්ක නටපු හැටි කෙල්ලට මතක් වුණා

‘‘අක්කෝ..මෙන්න මේකා සිංදු කියනවෝ”

සැදැස් දුවගෙන ආවෙ  සදැසිගෙ ෆෝන් එකත් අරගෙන. අප්පච්චි ෆෝන් එක දැක්කට මොකුත් කිව්වෙ නෑ.සදැසි ෆෝන් එක ගත්තා.

 

‘රශ්වින් කෝලිං

පොඩ්ඩො දෙන්නා බොහොම උනන්දුවෙන් බලං ඉන්නවා.

‘‘හෙලෝ”

‘‘දියකිදුරි”

‘‘අක්කි අයියා නේද?කෝ අපිටත් දෙන්නකො”

පොඩ්ඩො දෙන්නා ෆෝන් එකට පොර කනවා.සදැසි ෆෝන් එක උඩට කරගෙන බේරන්න දගලනවා

‘‘පුතාලා එන්න නිදා ගන්න”

අප්පච්චි ගේ ඇතුලෙන් කෑ ගහනවා ඇහුණා.

‘‘අන්න යන්න.නැත්නම් තියෙයි ඕං”

සදැසි දෙන්නව බය කරපු පාර දෙන්නම ගෙට දිව්වා.

‘‘අර පොඩ්ඩො දෙන්නව බය කරා නේද.. තමුසේ නම් මහ නපුරිච්චියක්”

රශ්වින්ගෙ කටහඬ ටිකක් සැරයි

‘‘එයාලා ඉන්න තැන මං කොහොමද ඔයාට කතා කරන්නෙ ”

‘‘හරි වැඩක්නෙ ..මොකද කතා කරන්න බැරි ”

‘‘මට ලැජ්ජයි නේ ”

‘‘ලැජ්ජා වෙන්න මං අනම් මනම් කියන් නෑනෙ…බොහොම වැදගත් විදිහට කතා කරන්නේ ”

සදැසි ඒ පාර සද්ද  නැහැ

‘‘මොකද සද්ද නැත්තේ ”

‘‘ඔයා මහ බොරුකාරයෙක්.රශ්වින් ඔයා මාව රවට්ටනවා”

‘‘ඔව් මං බොරුකාරයෙක් තමයි ..මං ඔයාව රවට්ටනවා තමයි ..දැන් සතුටුනෙ”

‘‘එහෙනම් ඇයි අප්පච්චිට කිව්වේ අර විදිහට”

‘‘අප්පච්චි  කිව්වේ ඔයාව සහෝදරී කියලා හිතන්න කියලා ..ඉතින් මං ඒ විදිහට වැඩ කරනවා එච්චරයි ”

‘‘ඒ කියන්නේ මං පවන්ව බඳින්න ඕනෑ එහෙමද ”

‘‘පවන් ඒ මොකාද? ”

සදැසි අහසට ඔරවනවා..

‘‘සදැසි  කියනවා මාව  යකා කරගන්නේ නැතිව පවන් කියන්නේ කවුද”

‘‘වෙන කවුද අනේ අර මනමාලයා ”

‘‘පවන් විජේවීර ..වයස අවුරුදු තිස් දෙකයි.. බිස්නස් කරන්නේ.   ගර්ල් ෆ්‍රෙන්ඩ් රිතිකා”

සදැසිගෙ ඇස් පුදුමෙන් මහත් වුණා. රශ්වින් මේ මොනවද කියවන්නෙ

‘‘ ඔයා කොහොමද ඕවා දන්නේ ”

‘‘මං කොහොමහරි දන්නවනේ ..කතාව ඇත්ත හරිද? ”

‘‘ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනම් මොනවටද මාව බදින්නේ”

‘‘ ඒක තමයි මෙතන අපි හොයාගන්න ඕන රහස සුදු ”

‘‘ඉතිං ඔච්චර දේවල් හොයා ගත්තු ඔයාට ඒක හොයාගන්න බැරිවුනාද ? ”

‘‘ මේ හලෝ මං සී අයිඩී නෙවෙයි .ඔය ටිකත්   හොයා ගත්තෙ  සෑහෙන ගේමක් දීලා..නැත්තං එක දවසින් ඔච්චර දෙයක් හොයන්න පුලුවන්ද”

‘‘ඔයාට ඔෆිස්  එකේ වැඩ නැද්ද”

‘‘වැඩ තියෙනවා. ඒාව කරන්න ඉන්නවා ශෙහානි”

‘‘ශෙහානි ඒ කවුද? ”

සදසි ගෙ මූණ ඇකිලුනා

‘‘මගේ ගර්ල් ෆ්රෙන්ඩ් ”

සදැසි නිශ්ශබ්දයි.

‘‘හරි හරි ඔරවන්න එපා ..girlfriend කිව්වට ගෑනු යාළුවා ..එච්චරයි ශෙහානි තමයි මගේ හොඳම යාලුවා . ඒ වගේම ඔෆිස් එකේ වැඩ වලටත් උදව් කරන්නෙ.  එයා ඔක්කොම බලාගන්නවා ..තමුසෙට දවසක මීට් කරවන්නන් ..හරි නේ ”

‘‘අනේ මට මොකටද? ”

සදැසි  ෆෝන් එක කට් කළා .රශ්වින් ෆෝන් එක අත ඇරලා බක බක ගගා හිනාවෙන්න පටං ගත්තා.

‘‘දඩාං”

සෙටියෙ ඉදගෙන හිටපු රශ්වින් පිටට වැදුණු පාරත් එක්ක තව පොඩ්ඩෙන් වැටිලා බිම

‘‘මොකද්ද ඕයි ”

‘‘තමුසෙ අර කෙල්ලට ලණුවක් දුන්නා නේද?මට ඇහුණා කියපු ඒවා. ”

රශ්මිකා රශ්වින්ගෙ ඇගට කඩං පැන්නා.

‘‘මොකද්ද බං අක්කෙ.තමුසෙට වෙන වැඩ නැද්ද? ”

‘‘ශෙහානි කවද්ද තමුසෙගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වුණේ. ඒකි බැදලා ළමයෙකුත් ඉන්නවා නේද? ”

‘‘පොඩි ලණුවක් දුන්නෙ හලෝ.මං වැරැද්ද නිවැරදි කළා.මේ අක්කෙ සිරා මට උදව්වක් කරනවකො”

ඒ පාර රශ්වින් රශ්මිකාට හෙමිට ළංවුණා.

‘‘කියනවා හලෝ.සදැසි ගැන නේද? ”

‘‘තමුසෙ කොහොමද දන්නෙ. ”

‘‘මං දන්නවනෙ ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියලා. ”

‘‘එතකොට මං ගොනා”

‘‘ඔව්..තමුසෙ ගොනෙක් නෙවෙයි නම් මෙච්චර කල් කෙල්ලෙක් එක්ක යාළු නොවී ඉදියිද? ”

‘‘තමුසෙ මගෙ අක්කා වුණේ පූරුවෙ කරපු පවකට ශැට්”

‘‘පව පින කෙසේ වෙතත් උදව්ව මොකද්ද කියනවකො. ”

රශ්වින්ගෙ මූණට ආවෙ මනමාල හිනාවක්

‘‘මල්ලී….උඹ මොකද මේ අමුතුවට හිනාවෙන්නෙ . මාවත් ගස් යන වැඩක්ද? ”

‘‘ඔයා මගෙ සුදු අක්කිනේ… ”

 

🌹🌹🌹🌹🌹

 

‘‘හායි අන්කල්.මාව එව්වෙ පවන්. මනමාලිගෙ මේකප් පාර්ට් එක කරන්නෙ මං. ඉස්සෙල්ලම ෆේෂල් කරන්නත් ඕනෙ.පවන් කැමති නෑ මනමාලි තනියම එහෙ මෙහ යනවට . ඒ නිසා මට කිව්වා ගිහින් එක්කගෙනම සැලොන් එකට යන්න කියලා. අනික මේ නංගිට සැලොන් එක හොයා ගන්නත් බැරි වෙයි කිව්වා.වැඩ ගොඩයි කරන්න. හරි අප්  බබී. ඉක්මණට රෙඩි වෙන්න. මං හයර් එකට කාර් එකක් අරගෙන ආවෙ. මං ඒකත් බිල් එකට ඇඩ් කරනවා. පවන් මට ඇඩ්වාන්ස් පේ කරලා තියෙන්නෙ.අයිබ්‍රෝස් හදන්නෙ මං ගාණෙ.ඔහ් යස්”

සදැසි ඩිම් වෙලා බලං හිටියෙ කතුර වාගෙ කියවන රශ්මිකා දිහා. අප්පච්චි සදැසි දිහා බලලා පුදුමෙන් රශ්මිකා දිහා බැලුවා.රශ්මිකා දත් තිස් දෙකම පෙන්නලා හිනාවෙනවා.අප්පචිචට නම් කිව්ව ඒවායින් භාගයක්වත් හරියට තේරුණේ නෑ.

‘‘කමෝන් ඩාලිං වෙඩින් එක දවසට මනමාලි ලස්සනට ඉන්න එපැයි. රෙඩි වෙලා එන්න. අන්කල් බය වෙන්න එපා මං ගෙදරටම ඩ්‍රොප් කරනවා කෙල්ලව. පවන් නිසයි මෙහෙම හෙල්ප් එකක් කරන්නෙ. ”

අප්පච්චි සදැසි දිහා බැලුවා

‘‘පුතේ මහත්තයාගෙ කැමැත්තනේ.මේ දැරිවි එක්ක ගිහින් රෑ වෙන්න කලින් ආවා නම්. ”

සදැසි තුෂ්ණිම්භූතව කාමරේට ගියා.

‘‘අපෙ අක්කා එයි ඔහේ. එයා එක්ක පරෙස්සමට  එන්න. මගෙ දියකිදුරි. ”

රශ්වින් උදේ පාන්දර මැසේජ් එකක් එවලා තිබුණෙ එහෙම.ඊට පස්සෙ සදැසි ගන්න බැලුවට කොල්ලගෙ ෆෝන් එක ඕෆ්

 

🌹🌹🌹🌹

 

හයර් එකට අරගෙන ආපු වාහනේ රශ්මිකා අක්කම පැදගෙන යන හැටි සදසි පුදුමෙන් බලාගෙන හිටියා. සඳසි මීක් නැහැ රශ්මිකත් මීක් නැහැ .අප්පච්චි ඉන් එහාට මුකුත් ප්‍රශ්න කරේ නැහැ .රශ්මිකා  ඒ වගේ රඟපෑවෙ ඇයි කියලා සදැසිට හිතාගන්න බැරි වුණා

‘‘නංගී මොකද ගොළුවෙලා ”

රශ්මිකා  ඇහැවෙ සෑහෙන දුරක් ගියාට පස්සේ.

‘‘අක්කි මොනවද මේ වෙන්නේ මට හිතාගන්න බැහැ ”

‘‘මටත් හිතාගන්න බෑ හලෝ ..මේවා ඉතින් අපේ මලයාගේ අණවල් තමයි ”

රශ්මිකා මගින් කාර් එක නතර කලේ පොඩි අවන්හලක් ළඟ. කාර් එක නතර කරනකොටම අවන්හල ඇතුළේ ඉඳලා දුවගෙන ආපු රශ්වින් රශ්මිකාව  එලියට ඇදල කාර් එකට නැග්ගෙ බොහොම හදිසියෙන් .

‘‘එනවකෝ තමුසෙ ගෙදර බලා ගන්නම් අද”

රශ්මිකා ෂටර් එකෙන් එබිලා  කෑගැහැවා

‘‘ගෙදර යන්න  එපා ඕයි ..මෙයාව ඇරලවන්නේ කවුද එතකොට ”

‘‘තමුසේ ඕන එකක් කර ගන්නවා ..මම නෑ ආයේ ”

රශ්මිකා ගස්සගෙන ඉස්සරහට යන හැටි රශ්වින් බලාගෙන හිටියේ කට කොනෙන් හිනා වේවි.. සදැසි රශ්වින්   දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා.කොල්ලා එහෙමම කාර් එක පාරට දැම්මා

‘‘අම්මෝ දවස් දෙකකට පස්සේ දැක්කෙ..පිස්සු වගේ හලෝ ”

රශ්වින් සදැසිගේ අත ඇරගෙන ඉඹින්න පටන් ගත්තේ සදැසි ලැජ්ජාවෙන් රතු වෙද්දි .

‘‘මොනවද රශ්වින්  ඔයා අර කලේ.. අක්කිව කාර් එකෙන් එලියට ඇදලා දාලා ..මොකක්ද ඔයාට තිබ්බ ඔය හැටි හදිස්සිය ”

රශ්වින් කට කපලා හිනාවෙනවා ..කොල්ලා ෆුල් ෆන් එකේ  ..

‘‘ අක්කි පවු අනේ ..ඔයා කරපු වැඩෙන් දැන් අක්කි කොහොමද එන්නෙ ”

‘‘එයා මගෙ  කාර් එකේ  එයි. ”

‘‘ එතකොට මේ කාර් එක කාගෙද ”

‘‘හයර් එකට එකට ගත්තේ ”

‘‘දැන් මේ කොහෙද යන්නේ ”

රශ්වින්  උත්තර දුන්නේ නෑ ..ඒ වෙනුවට සදැසිගෙ උඩ ඉදන් පල්ලෙහට බැලුවා ..කෙල්ල ඇඳගෙන ඉන්නේ ලා කොළ පාට කොට ගවුමක්

‘‘පුංචි කෙල්ලක් වගේ දියකිඳුරි.. ලස්සනයි ”

‘‘කොහෙද අනේ යන්නේ.. මට කිව්වේ සැලුන් එකට එක්කන් යනවා කියලා ”

‘‘සැලුන් වලට යන්න ඕනේ කැත කෙල්ලො.. හරියට අපේ අක්කා වගේ ..ඔයා සැලුන් යන්න ඕනෙ නැහැ ”

‘‘පව් අක්කි..එයා කොච්චර ලස්සනද? ඇහුණානම් දුක හිතෙයි එයාට.හරි එහෙනම් කොහෙද මේ අපි යන්නේ ”

සඳැසි ඒ පාර ඇහුවේ සද්දෙන්

‘‘හනිමුන් ”

රශ්වින් බොහොම සන්තෝසෙන් උත්තර දුන්නා

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!