අවසන් රාත්‍රිය-18කොටස

‘‘රශ්වින් මේ කොහෙද යන්නෙ. ”
සදැසි ඇහැවෙ රශ්වින් තිලකවර්ධන ටෙක්ස්ටයිල් එකේ කාර් පාර්ක් එකට කාර් එක දාද්දි.කොල්ලා සද්ද නැතිව හිනවීගෙනම කෙල්ලගෙ අතින් අල්ලගෙන තිලකවර්ධන එකට ඇතුල් වුණා. සදැසි කොලඹ හිටියට මේ වගේ ලොකු කඩේකට ගොඩ වෙලා නෑ..හම්බ කරන සොච්චම් මුදල බර ගානක ඇදුමකට නාස්ති කරන්න කෙල්ල කැමති උනේ නෑ.සදැසි පුදුම වුණේ කොල්ලා වෙඩින් සාරි තියෙන තැනට කෙල්ලව එක්ක ගිහින් වයිට් කලර් වෙඩින් සාරියක් සිලෙක්ට් කරද්දි.
‘‘රශ්වින් මොකද මේ කරන්නෙ. ”
සදැසි රහසින් අහන්නෙ උදව්වට ආපු ගෑණු ළමයට ඇහෙන් නැති වෙන්න
‘‘මගෙ නංගිගෙ වෙඩින් එකට ”
‘‘මොකක්..ඔයාට නංගි කෙනෙකුත් ඉන්නවද”
‘‘ඔව්”
‘‘මට කියලා නෑනෙ. ”
‘‘මන් දන්නෙත් පස්සෙ”
‘‘ආ.. ”
රශ්වින් කියන විකාර කතාව කෙල්ලට තේරුණේ නෑ.

කොල්ලා සද්ද නැතිව සාරිය සිලෙක්ට් කරලා සපත්තුත් අරගත්තෙ සදැසිගෙ කකුලට දාලා බලලා.රශ්වින්ට වගක්වත් නෑ..කොල්ලා බිල් එක පේ කරන්න ගියෙ ෆුල් හැපි මූඩ් එකේ. සදැසි ඩිම් වෙලා බලං හිටියෙ රශ්වින්ට මොකක් වෙලාද කියලා
‘‘මේ සාරි එක ඇදලා බැරල් එකක ඔබපුවාම ..අයෙ සිරා දියකිදුරිම තමයි”
කොල්ලා හෙමීට කෙල්ලගෙ කනට මිමිණුවේ සදැසි ලැජ්ජාවෙන් රතු වෙද්දි
‘‘ඔයාගෙ නංගිටනෙ ඒක ගත්තෙ”
‘‘නංගි තමයි”
‘‘මට තේරෙන්නේ නැහැ ඔයා කියන විකාර ”
‘‘එහෙනම් කෑ නොගහ සද්ද නොකර යමු ”
තිලකවර්ධන එකෙන් එලියට එනකොටම පාරේ එහා පැත්තේ රශ්වින් දැක්කේ කම්පැනි එකක ප්‍රමෝෂන් එකක්.මිකී කෙනෙක් විදිහට කෙනෙක් ඇඳගෙන එතන නටනවා..පොඩි එවුන් ටිකක් මේ දිහා බල බල ඉඳලා හෙමිහිට ඩාන්ස් කරනවා ..රශ්වින් කෙල්ලවත් ඇදගෙන එතැනට ගියා.කොල්ලා සදැසිව පැත්තක හිටවලා ඇඳුම් බෑග් දෙකත් අතට දීලා එතනට ගියේ පොඩි ඩාන්ස් පාරක් දාන්න.
රශ්වින්ගෙ තිබ්බේ ඒ වගේ පිස්සු වැඩ තමයි..සදැසි ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා ..කොල්ලා ඩාන්ස් කරද්දි නම් කෙල්ලට හිනාව නවත්තගන්න බැරි වුනා

🎵🎶

ප්ලේ උනේ මාරී2 ෆිල්ම් එකේ රවුඩී බේබී සිංදුව
🎶🎶🎶🎶
රශ්වින්ටත් මොකද ඉතිං..පිස්සු නටලා හොදට පුරුදුනෙ..ටිකකින් ප්ලේ උනේ බයිලා සින්දු ටිකක් ..මිකී මවුස් නටනවා රශ්වින් එක්ක හෝ ගාලා..රශ්වින් පොඩි එවුන් එක්ක ඩාන්ස් කරද්දී වටපිටේ හිටපු කොල්ලොත් ඩාන්ස් එකට සෙට් වුණා .රශ්වින් ඩාන්ස් කරන ගමන් සඳැසි දිහා බල බල ඇස් ගහනවා ..කෙල්ලට හිනාව නවත්ත ගන්න බෑ .ටිකකින් මහන්සි නිසා කොල්ලා සදැසි ලගට ආවා.කෙල්ලවත් ඇදගෙන කාර් එක දිහාට දිව්වා .සදැසි කාර් එකේ ඉදගෙන හෝ ගාලා හිනාවෙනවා..
‘‘ ඔයාට නං හොඳටම පිස්සු රශ්වින් ..ඔයා කරන්නේ ඔය වගේ වැඩම තමයි ”
‘‘හෙට මැරෙයිද කියන්න බෑනෙ .. ඒක නිසා අද ෆුල් ෆන් එකේ ඉන්න ඕනෙ”
‘‘ඇයි අවකැපෙන කතා කියන්නේ ”
‘‘ඇත්තනෙ කිව්වේ මං .මේ දැන් කතා කරන මනුස්සයා තව විනාඩියකින් මැරිලා වැටෙන්න පුලුවන් ..අපේ ජීවිත ඒ වගේ..ඒ නිසා සතුටු වෙන්න පුළුවන් වෙන වෙලාවේ පුළුවන් තරම් සතුටු වෙන්න ඕනේ ”
සඳැසි රශ්වින්ගෙ අත අරගෙන ඉඹින්න පටන් ගත්තෙ කොල්ලා නොහිතුව විදිහට .
‘‘අනේ මහත්තයෝ ඒ වගේ කතා කියන්න එපා.. මට වාවන්නේ නැහැ.. ඔයා දන්නවනේ මං ඔයාට කොච්චර ආදරේද කියලා ”
ආදරේදි සදැසි ගොඩක් සංවේදී ..රශ්වින් මේ ඩිංගට ඒවා තේරුම් කරගෙන හිටියා .
‘‘ සුදු නෝනා.. මං නැති වුනත් ඔයා සතුටින් ජීවත් වෙන්න ඕනේ ”
‘‘ඇයි ඔහොම කියන්නේ ..මට දුක හිතෙනවා නේද ”
‘‘ සතුටට වගේම ..දුකට අපි හුරු වෙන්න ඕනේ ”
රශ්වින් පිස්සු නැටුවට ජීවිතේ ගැඹුර දකින කොල්ලෙක්.
‘‘රශ්වින් මේ ඇඳුම් වලට මොකද කරන්නේ ”
රශ්වින් ඇඳුම් පිටි පස්සට දැම්මා
‘‘දැන් අපි මේ කොහෙද යන්නෙ ..දැන් ගොඩක් රෑ වෙලා . මාව බෝඩිමට දානවද ”
‘‘බෝඩිමට දාන්නම්..ඒත් තව ටිකක් වෙලා මගෙත් එක්ක ඉන්න ”
‘‘ ඔයා ගෙදර යන්නේ නැද්ද ”
‘‘යනවා ”
‘‘ඒත් මෙච්චර රෑ වෙලා ”
‘‘එහෙනම් මං ඔයාගෙ බෝඩිමට එන්නද ”
කොල්ලා ඩ්‍රයිව් කරන ගමන් ඇහැක් ගැහැවා..
‘‘විහිළු නෙවෙයි නෙවෙයි මොකක්ද දැන් අපි කරන්නේ”
‘‘ ඇයි එහෙම අහන්නේ ”
‘‘ අර මනමාලයා ”
‘‘ඉතින් ඒකා ඔහේ හිටපුවාවේ ..ඔයා ඒ ගැන වද වෙන්න ඕනෙ නැහැ.. මං ඒ සේරම බලා ගන්නම් ”
‘‘ඔයා මොනවද කරන්න හදන්නේ ”
‘‘ නංගිට යුතුකම් ඉෂ්ට කරන්න ”
‘‘මොකද්ද ”
‘‘ඇහුණා නේ ..ඔයා ගාමන්ට් එකෙන් අස් වෙන්න ඕනේ.. හෙට ගිහිල්ලා අස්වීම භාර දෙන්න ”
‘‘ අනේ”
‘‘මං දැන් බෝඩිමට ඇරලලා යනවා ..මං හෙට දවල් ගාමන්ට් එක ළඟට එනවා.. මං කෝල් කරාම එළියට එන්න ”
‘‘ඒත් ”
‘‘මේ මොකුත් කතා බැහැ .මං කියන විදියට වැඩ කරන්න ඕනේ තේරුනානේ..ඔයා කිසි දෙයක් කල්පනා කරන්න ඕනෙ නෑ..හැමදේම මට බාර දෙන්න..මගෙ දියකිදුරි මං ගැන විතරක් හිතන්න..ප්‍රශ්න මං විසදන්නම්.දැන් කාලා නෙමෙයි නේද ඉන්නේ ..බඩගිනිද”
‘‘ඔව්”
සදැසි ඔලුව වැනුවා.රශ්වින් මගින් සදැසිට කන්න අරං දීලා බෝඩිමට ගෙනත් දාලා ආපහු ගියා

🌹🌹🌹🌹

පහුවදා සදැසි ගාමන්ට් එකට ගියේ ඉල්ලා අස්වීම භාර දෙන්න .. මැනේජර් ලඟට ගියාම සදැසිගෙ උඩ ඉඳලා පල්ලෙහාට බැලුවා
‘‘මැරි කරන නිසා නේද අස්වෙන්නේ ..පවන් මට සේරම විස්තරේ කීවා ”
මැනේජර් කියද්දී සදැසි පුදුමෙන් මැනේජර් දිහා බැලුවා.. මැනේජර් කොහොමද කසාදෙ ගැන දන්නෙ

‘‘සර් සර් කොහොමද දන්නෙ ”
දන්නවා විතරක් නෙවෙයි මම ඔයාගේ වෙඩින් එකට එනවත් එක්ක ..මගේ යාළුවෙක් පවන්.
සදැසි ආපහු හැරුනා ..පවන් කියන්නේ මනමාලයා ..පවන්ට මැනේජර් හැමදේම කිව්වොත් මොනවා වෙයිද.. සදැසි ඉක්මනට එතනින් එළියට ආවා.. ඇවිත් යාළුවො හම්බ වෙලා එයාලගෙන් සමුගත්තා..
කොහොමහරි එතකොටම රශ්වින් කෝල් කළා. සදැසි රශ්වින්ගෙ කාර් එකට නැග්ගා. ආපහු නුවරට එන කල්ම රශ්වින් පුළුවන් තරම් ගොළු වෙලා හිටියා..කෙල්ල අහපු දේකටවත් හරියට උත්තර දුන්නේ නැහැ ..ගොළු භාෂාව තමයි වැඩිපුරම භාවිතා කළේ ..සඳැසි වෙන දේවල් මොනවද කියලා හිතාගන්න බැරුව හිටියේ ..
රශ්වින් ගේ ළඟටම කාර් එක අරන් යද්දි සදිසි ගැහෙනවා ..අප්පච්චි ගෙදර ඇති ..දැන් මොනවා වෙයිද ..රශ්වින් කියන දේවල් එකක්වත් ඇහෙන් නෑ වගේ ඉන්නවා..සදැසි හිත හිත කාර් එකෙන් බැස්සා ..ඊයෙ ගත්ත ඇඳුම් ඇරගෙන රශ්වින් ගෙට ගොඩ වුනා ..අප්පච්චි පුදුමෙන් රශ්වින් දිහා බලන් හිටියා
‘‘ඔන්න අප්පච්චි මං මගේ සහෝදරීට යුතුකම් ඉෂ්ඨ කරා.. එයාට වෙඩින් සාරි එක මං ගානෙ අරන් දීලා තියෙන්නේ ..දැන් ඊළඟට මං එන්නේ වෙඩින් එකට ..අප්පච්චි කිව්වා වගේම මං එයාට සහෝදරියකට වගේ සලකනවා. ”
සදැසි ඇස් උඩ ඉන්දවගෙන බලාගෙන හිටියේ රශ්වින් කියන දේවල්.
‘‘ අප්පච්චි අනිවාර්යෙන් වෙඩින් එකට මට ඉන්වයිට් කරයි කියලා හිතනවා.. සදැසිව ගාමන්ට් එකෙන් අයින් කරා.. වෙඩින් එක වෙනකල් අප්පච්චි ලග ඉන්න එක සදැසිගේ ආරක්ෂාවටත් හොඳයි ”

අප්පච්චි රශ්වින් දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා මොකුත් නොකියා මිදුලට බැස්සා ..අප්පච්චි කඩේ දිහාට හෙමිහිට ඇදෙන හැටි සදැසි බලාගෙන හිටියා.
‘‘ඔයා මොනවද මේ කියවන්නේ ..මොනවද මේ කරන්නේ ..රශ්වින් මොකද ඔයාට වෙලා තියෙන්නෙ ? ”
මට තේ එකක් හදන්නකෝ සුදූ …මට හොඳටම මහන්සියි..රශ්වින් හාන්සි පුටුවක වාඩි උනා.. ඒ එක්කම මල්ලිලා දෙන්නා රශ්වින් ලඟට ආවා
‘‘අයියා මොනවද අපිට ගෙනාවෙ”
🌹🌹🌹🌹

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!