අවසන් රාත්‍රිය-11කොටස

‘‘මල්ලිලා ඔයාලා දියකිදුරියෝ දැකලා තියෙනවද? ”

රශ්වින් කාර් එකේ මැද තියෙන කණ්ණාඩියෙන් පිටිපස්සෙ සීට් එකේ මැද ඉදගෙන මල්ලිලා දෙන්නා දෙපැත්තෙන් තියාගෙන තුරුල් කරගෙන ඉන්න කෙල්ල දිහා බල බල අහනවා.

‘‘කතා පොතක නම් තිබ්බා. ඇත්තටම දියකිදුරියෝ ඉන්නවද? ”

සදැසි කණ්ණාඩියට හිනාවෙනවා. කොල්ලා හෙමීට ඇහැක් ගැහැවා.

‘‘ඉන්නවනෙ .. මට හම්බුණා මේ ළගදී”

‘‘සූ  ඇත්තද? ”

‘‘ඔයාව බේරුණේ කොහොමද? ”

නිදැස් ඇහැවෙ  හොදටම පුදුම වෙලා

‘‘ඒ කිව්වෙ”

‘‘දියකිදුරියො කියන්නෙ මායාකාරියො..ඔයා අහුවුණාද එයාට”

‘‘කොල්ලා හරියටම කිව්වනෙ.. මං අහුවුණානෙ.. ”

සදැසි සද්ද නෑ.කොල්ලා හදන්නෙ කොහොම හරි කෙල්ලව කතා කරවන්න. ඒත් සදැසිගෙ හිත බරයි.උත්සහ කළාට ඒක කියන්නම බැරි වෙනවා.මාළිගාවට යනකල්ම පොඩි දෙන්නා රශ්වින්ගෙන් නොයෙකුත් ප්‍රශ්න අහනවා. අන්තිමේදි කොල්ලට හති

‘‘දැන් ඇති ඔය ප්‍රශ්න ඇහිල්ල. අයියට එපා වෙලා ඇති ඔයාලාගෙ ප්‍රශ්න පත්තර වලට උත්තර දීලා”

සදැසි සැර කළා.පොඩි දෙන්නා   බුම්මා ගත්තා.

‘‘ඔයාලගෙ අක්කා අහිංසකයි වගේ හිටියට සැරයි නේද? මං නම් බය නෑ”

‘‘ ඔයාටත් එක්කම තමයි කිව්වෙ.. කෑ නොගහ යමු මාළිගාවට”

‘‘අම්මෝ මැඩම් මට කලන්තෙ වගේ”

සදැසි යටිතොල හපා ගත්තා. සුදු නෙළුම් මල් වට්ටි අරගෙන හතරදෙනාම මාලිගාවට ගියා. සදැසිට මේක හීනයක් වගේ. රශ්වින් ළගින්ම රශ්වින් එක්කම අඩිය තිය තිය පඩිපෙළ නගින කොට හිතට දැනුනෙ පුදුමාකාර හැගීමක්.පහන් වැට ළගදි රශ්වින් ටිකක් පැත්තට ගියේ කෝල් එකක් අරගන්න

‘‘හෙලෝ. මල්ලි තමුසෙ කොයි ලෝකෙද ඉන්නෙ. අද කුකුලා කරේ තියාගෙන කොහෙද ගියෙ. ”

රශ්මිකා ෆෝන් එකෙන් බෙරිහන් දෙනවා

‘‘ කෑ ගහන්න එපා බං අක්කෙ. මේ තුන් දෙනෙකුට ලන්ච් රෙඩි කරනවා  හරිද ..මේ මටත් එක්ක”

‘‘මොකක්..තමුසෙගෙ අපත යාලුවො දැන් ගෙදරට ගෙන්න ගන්නද ලෑස්ති වෙන්නෙ”

‘‘නෑ අක්කෙ. කෙල්ලෙක් එන්නෙ”

‘‘හෑ. ”

‘‘ඔව්.. පොඩි එවුන් දෙන්නෙකුත් එනවා”

‘‘අපොයි මල්ලියෙ.. උඹ ඒ පාර කර ගහන්න යන්නෙ කසාද බැදපු එකියකටද? තව ළමයි දෙන්නෙකුත් ඉන්නවද?පිස්සු හැදිලද මල්ලි”

‘‘නෑ  බං.. ඒ එන්නෙ එයාගෙ මල්ලිලා දෙන්නා. අම්මව ශේප් කරගන්නවකො. ප්ලීස්. ”

‘‘ආ..එහෙමද..ඒත් මල්ලි සිරිත් විරිත් වලට හොද නෑනෙ බදින්න කලින් ගෙදර එන එක. ”

‘‘ආයෙ මොකද හොද නැත්තෙ. කසාද බැදලා එන ගෙදර ගෑණු ළමයා කලින් ඇවිල්ලා ගෙදර  දොර බලන එක තමා හරිම සිරිත. එයා ඇවිත් ඉන්න තැන ගැන අදහසක් තියෙන එක කොච්චර හොදද.. ”

‘‘ඒ කියන්නෙ තමුසෙ සිරා ඒ කෙල්ල බදිනවා. ”

‘‘ඔව් . පුළුවන්නම් අදම වුණත්”

‘‘ඒ කෙල්ල උඹෙ ඇත්ත දන්නෙ නැතුව ඇති. ආවම මං කියන්නම්”

‘‘මොකද්ද අක්කා මං දැන් බොන් නෑනෙ. ”

‘‘හරි හරි . එක්ක එනවකො මං හදලා ගන්නම් ගාණට. ”

‘‘තමුසෙ නම් මහ. ඒකි අහිසංකයි. ”

‘‘ඒ වුණාට තමුසෙ අහිංසක නෑනෙ.එනවකො ඉතිං. මං උයලා තියන්නම්. ”

කොල්ලා ෆෝන් එක කට් කරලා සදැසි ළගට ගියා.

‘‘යමුද? ”

 

 

තුන් දෙනාම ඔළුව වැනුවා. පොඩි දෙන්නා නම් මාර හැපි එකේ. අලියත් බැලුවෙ හරි සංතෝසන්.

‘‘මොනවද ප්‍රාර්ථනා කලේ වැදලා? ”

රශ්වින් හෙමීට සදැසිගෙන් ඇහැවා.

‘‘මල්ලිලාට  හොදක් වෙන්න කියලා. ඔයාට සතුටින් ඉන්න ලැබෙන්න කියලා”

‘‘ඇයි ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කලේ නැද්ද? ”

සදැසි ඔලුව දෙපැත්තට වැනුවා.

‘‘ඇයි. ”

‘‘ඔයාලගෙ සතුට තමා මගෙ සතුට”

‘‘පිස්සියක්නෙ.. යමු”

රශ්වින් ආයෙත් කාර් එකට නැගලා කාර් එක අරං යන්නෙ රිකිල්ලගස්කඩ පැත්තට නෙවෙයි.සදැසි ඇහැවට කියන්නෙත් නෑ..සදැසිට දැන් නම් බයයි

‘‘අනේ කියන්නකො රශ්වින් කොහෙද යන්නෙ මේ.. ”

‘‘බයවෙන්න එපා හලෝ මේ ළගට යන්නෙ. අර මට අමතක වෙන එඩ්‍රස් එක අයිති ගෙදරට”

ඒ එඩ්‍රස්  එක  අයිති ගෙදර කියන්නේ රශ්වින්ගේ ගෙදර  ..සඳැසි හොඳටම බය වුණා.. ඒත් රශ්වින් ගණන් ගත්තේ නැහැ ..කොල්ලා ගෙදර මිදුලට කාර් එක දාල නැවැත්තුවා ..

‘‘මල්ලිලා ඔයාලා බැහැ ගන්ඩ ..අක්කට බැරිනම් අක්කා හිටපුවාවෙ.. ”

පොඩි උන් දෙන්නා  හෙමිහිට කාර් එකෙන් බැස්සා.. රශ්වින්ගෙ ගේ  දැක්කම සදැසි  ඊටත් වැඩිය බය උනා ..තට්ටු දෙකේ නවීන පන්නයේ ගෙයක්.. ඒ එක්කම සාලෙ දොර ඇරගෙන එළියට ආවේ චූටි.

‘‘රශ්වින්ගෙ කරට පැන්න චූටි රශ්වින්ගෙ බෙල්ලෙ එල්ලිලා පොඩි එවුන් දෙන්නා දිහා බැලුවා.. ”

‘‘ චූටි ඔයාට සෙල්ලං කරන්න අයියලා දෙන්නෙක් එක්ක ආවා මම.. මොකද කියන්නේ.. පටන් ගමු දැන් වැඩ ”

‘‘ ඔයා ෂෝයි මාමි..මං පාලුවෙන් හිටියේ. අයියලා එන්න යමු. ”

චූටි රශ්වින්ගේ අතින් බැහැලා පොඩි දෙන්නගෙ අත් වලින් දෙපැත්තෙන් අල්ලගත්තා.පොඩි දෙන්නව ඇදගෙන චූටි ගෙට දුවද්දි රශ්වින්  කෙල්ලගෙ අතින් අල්ලගත්තා ..

‘‘අනේ ඒත් ”

‘‘එන්න ”

රශ්වින්  එක්ක ගෙට ඇතුලු වෙනකොටම අම්මයි අක්කායි සාලෙට ආවා.සඳැසි ගැහෙනවා..  අක්කා ඇවිල්ලා සදැසිගෙ අතින් අල්ල ගත්තා.

‘‘කොහොමද නංගා එන්නකො වාඩිවෙන්න ”

සදැසි හිතුවෙ  නැති විදිහට අම්මයි අක්කයි සදැසිත් එක්ක හිතවත් වුණා.. සදැසිගෙ අහිංසකකමට කතාබහට දෙන්නම කැමති වුණා .දවල් කෑම රශ්මිකා රසට හදල තිබ්බා…සදැසියි පොඩි දෙන්නයි කෑම කන හැටි රශ්වින් බලන් හිටියා…සඳසි නං කොච්චරවත් ගැහෙනවා .

‘‘මේ මල්ලි තමුසේ මොනවද මේ කරන විකාර.. ඒ කෙල්ල පව් ..පේනවනේ අහිංසක කෙල්ලක්.. තමුසෙ ඒකිව රවට්ටන්නද හදන්නෙ ”

අක්කා රශ්වින්ව කතාවට අල්ල ගත්තෙ කවුරුත් නැති හරියකදී.

‘‘පිස්සු ද අක්කා .. රවට්ටන්න නම් මං මේ විදියට ගෙදර එක්කං එනවද ”

‘‘ඒත්  පවුල් පසුබිම කොහොමද ”

‘‘පවුල් පසුබිම වැඩක්ද කෙල්ල  හොඳයි නං.. මම නේ කසාද බඳින්නේ .. ”

‘‘හරි හරි ඕකට ඉතින් කොච්චර ඩෝන් යන්න ඕනේ නෑනේ.. ”

ඒ පාර පොඩි අය මිදුලේ අඹ ගහ ලග සෙල්ලම් කරනවා ..අම්මත් එතන සදැසිත් එතැන.. රශ්වින් සදැසි දිහා බලාගෙන ඉන්නවා..රශ්මිකාත් එතන ඉඳල බලාගෙන ඉඳලා ටිකකින් රශ්වින්  ළඟට ගියා.

‘‘මේ ඕයි මොකද කියන්නේ.. චාන්ස් එකක් අරන් දෙන්න ද”

රශ්වින් කටත් ඇරගෙන අක්කා දිහා බැලුවා.

‘‘ඔහොම බලන්න එපා ඕයි ..උදව්වකට ඇහැවේ.. ”

‘‘ තමුසේ ඔලුව රිදෙන විදිහට  ඇක්ට් කරනවා හරිද? ”

රශ්මිකා  කියපු දේ තේරුම් අර ගත්තු කොල්ලගෙ මූනට ආවේ පැණි හිනාවක්.

‘‘ අක්කේ තමුසේ නම් දෙයියෙක් නෙවෙයි දේවාලයක් ”

‘‘මට විනාඩි පහක් දෙනවකෝ ”

රශ්මිකා ගේ ඇතුලට ගිහිල්ලා ආපහු ටිකකින් එළියට ආවා ..මිදුලේ අඹ ගහ ලගට ගිහිල්ලා සදැසිට කතා කළා..

‘‘ නංගා මං පොඩ්ඩක් එහා ගෙදරට ගිහිල්ල එන්නං ..මල්ලිට ඔලුව  කැක්කුමලු.. ෆ්‍රිජ් එක උඩ පෙනඩෝල් තියනවා.. අනේ  ගිහින් දෙන්නකෝ.. මට බනිනවා ගෙනත් දුන්නේ නෑ කියලා.. එහා ගෙදර අක්කා මට කෝල් කරා.. ඉක්මනට එන්න කියලා පොඩි වැඩකට.. මං එනකං එ්ක දෙන්නකෝ ”

සදැසි ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා.

‘‘ අක්කි පොඩි අය තනියම”

‘‘මොන තනියක්ද.. අම්මා ඉන්නවනේ.. මං යනවා.. ”

රශ්මිකා බලෙන්ම සදැසි  ගේ දිහාට තල්ලු කරලා එලියට ගියා

‘‘අම්මා බබාලා ලඟ ඉන්න ”

රශ්මිකා අම්මටත් අණ කරගෙන ගේට් එකෙන් එලියට ගියා.සදැසි  ෆ්‍රිජ් එක හොයාගෙන ඒකෙ උඩ තිබ්බ පැනඩෝල් පෙති ඇරගෙන, කුස්සියෙන් වතුර වීදුරුවකුත් ඇරගෙන රශ්වින්ගෙ කාමරේ හොයාගෙන ගියා ..ඇත්තටම කෙල්ල දන්නේ නෑ රශ්වින්ගේ කාමරේ

‘‘රශ්වින්”

කතා කළාට සද්දයක් නැහැ ඒත් ටිකකින් රශ්වින් කෙඳිරි ගානවා ඇහුනා..

‘‘අම්මෝ අයියෝ..ඌයි මගේ ඔලුව.. අයියෝ ..අහ්.. ”

ඒ හඬ ඇහිච්ච කාමරේට කෙල්ල ඇතුළු වුණා.. රශ්වින් ඔලුව බදාගෙන ඇඳේ පෙරලිලා ඉන්නවා.. ඒක දැකපු පාර සදැසිගෙ පපුව හෝස් ගාලා ගියා .කෙල්ල ඉක්මණට කොල්ලා ලඟට ගියා.

‘‘ අනේ මහත්තයා ..ඇයි මේ.. ඇයි ඔලුව ගොඩක් රිදෙනවද.. නැගිටින්න පැනඩෝල්  බොන්න ”

රශ්වින්  පුදුමෙන් සදැසි  දිහා බැලුවා ..

‘‘තමුසේ මොකටද මෙහෙ ආවෙ.. මං කිව්වේ අක්කට පෙනඩෝල් ගේන්න කියලා ”

‘‘අක්කා තමා කිව්වේ .. ”

‘‘ අක්කා කිව්ව පලියට එහෙම කොල්ලෙක්ගෙ කාමරේට එනවද හැදිච්ච ගෑනු ළමයි ”

සඳැසි පැනඩෝල් එකයි වතුර වීදුරු වයි මේසෙ උඩින්  තිබ්බා.

‘‘ මං යනවා”

කොල්ලා පැනලා සදැසිව අල්ලගෙන  ලඟට ඇද ගත්තා

‘‘ඔලුව  රිදෙනවා අතගාන්නකෝ ”

‘‘දැන්”

‘‘නැත්නම් හෙට උදේටද.. දැන් ඔලුව රිදෙනවා නම් දැන් අත ගාන්න ඕනේ ”

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!