අවසාන අකුණ
අහස්යා මං හිතාගෙන හිටියේ තමුසෙව ලස්සන මනමාලියක් කරලා අරං එන්න.. ඒත් තමුසෙගෙ හිතුවක්කාරකම් නිසා ඒක සිද්ධ වෙන්නේ නෑ.. දැන් නිදා ගන්නවා
ගඟුල් පොඩ්ඩක්වත් බුරුලක් නොදී අහස්යට සැර කළා.
නපුරු ගඟුල් ..නෑ මැර ගගුල්…ඉන්නවකෝ. මං පොලිසියට අල්ලලා දෙනවා
අහස්යා කිව්වේ ගඟුල් කාමරෙන් එලියට යනකොට.. ඒක ඇහෙද්දී කොල්ලගෙ කට කොනට හිනාවක් ආවා ..
නොපිළිගත්තත් එයා නිදුලිමයි….නිදුලිත් ඔහොම තමා තරහ ගියාම මට බනින්නේ.
සරණෙ එයාගේ නෝනා එක්ක ඇවිත් ගගගුල්ගෙයි අහස්යාගෙයි කසාදෙට අත්සන් කළා. අහස්යා හිටියේ කේන්තියෙන් .ගඟුල්ගෙ මේ හිතුවක්කාර වැඩ ගැන අහස්යාට තරහයි.. ඊයේ රෑ ගඟුල් අහස්යා ළඟට නෑවිත් පහළ සෙටියෙ නිදපු එකට තමයි වැඩිපුරම තරහා..
මං බලාගෙන හිටියට ආවෙම නෑ නපුරා..ආවදෙන්කෝ අද.මං කොනිත්තලා කොනිත්තලා හූරනවා.. නපුරු ගඟුල් ..
මොනවද කුටු කුටු ගාන්නේ
ගඟුල් ඇහැවෙ අහස්යාත් එක්ක චර්ච් එකට යන ගමන්
මොකුත් නෑ
ගඟුල් තත්පරේට ජීප් එක ස්ලෝ කරල අහස්යාගෙ කම්මුලක හාද්දක් තිබ්බා.
ලයිසන් එක ගත්තෙ හොරට නේද… ලග හිටපු කෙල්ලට ඇහැක් ගහලා උත්තර බලා ගත්ත නේද? කපටිකම
ගගුල්ට බ්රේක් එක පෑගුනා..
මොකද්ද කිව්වේ අහස්යා ඔයා
ඇහුණා නේ කියපු දේ
ඒ නිදුලි කිව්ව කතාවමයි
ගඟුල් ආයෙත් ජීප් එක ගැන අවධානය යොමු කළා
චර්ච් එකට යද්දී අහස්යට දැනුනේ අමුතුම හැඟීමක්.. ගඟුල් කිසිම දෙයක් කීවේ නැහැ..අහස්යා චර්ච් එක නැරඹුවේ ආසාවෙන්..ඊළඟට කොල්ලා අහස්යාව එක්ක ගියේ ත් ගල් බංගලාවට… අහස්යාගෙ වෙනසක් ඒත් කොල්ලට පෙනුනෙ නෑ ..රෑ වෙලා ආයෙත් ගඟුල් ආහස්යාව ගෙදර එක්ක ආවේ කලකිරීමෙන්.. අහස්යාට මතක් වෙන්නෙම නැති වෙයිද.
රෑට කෑම කාලා ගඟුල් අහස්යා ව ගිටාර් එකත් අරගෙන උඩට එක්ක ගියා.. රෑ අහසෙ තරු පිරිලා ..මේ තරු වලින් ඇහැවොත් කියයි ඒ අතීතේ.
මගේ ජීවිතේ …සොදුරේ ඔබ පමණයි…
ගඟුල් ගිටාර් එකේ තාල ඇල්ලුවා. අහස්යා ආසාවෙන් අහගෙන හිටියා .ටිකකින් ගඟුල අහස්යාව දෝතට අරං කාමරයට ගිහින් ඇඳෙන් තිබ්බා. අහස්යාගෙ නළල දෙතොල් කම්මුල් ආදරයෙන් සිප ගත්තු කොල්ලා කොල්ලව අත ඇරලා එලියට ගියේ අහස්යා පුදුම වෙද්දි
ගඟුල්.. ගඟුල්..
සෙටියට වෙලා නින්දක හිටපු ගඟුල් ඇස් ඇරියා..
අහස්යා
ඇයි ඇයි ..මෙහෙම කරන්නේ මට …
අහස්යා මූණ බෙරි කරගෙන කට කට උල් කරලා හුරතලේට කරන චෝදනාවට ගඟුල් කළේ අහස්යාගේ කම්මුලක් දෙතොලින් හපපු එක..
මොනවද මං කළේ මගේ නෝනට
මොකුත් නෑ
එහෙනම් මොකද මේ නාහෙන් අඬන්නෙ.. මං පාඩුවේ නිදාගත්ත නේ
එතකොට හරිද?
මොනවද
නපුරු ගඟුල් මාව ගෙනල්ලා තනියම නිදි කරවනවා
ඉතින් ඔයා මට කතා කලේ නෑනේ
හා ඒකද මේ?
අහස්යා ඔයා මගේ නිදුලි කියලා පිළිගන්න කල් මං ඔයා ලඟට එන්නේ නෑ.
.
මං නිදුලි නෙමෙයි
එහෙනම් යනවා උඩට
බෑ මං ඔයා එක්ක මෙතන නිදනවා. ඇඳ ඕනෙ නෑ
අහස්යා ගගුල්ගෙ ළඟින්ම හාන්සි වුනා. ගඟුල් කෙල්ලගේ බඳ වටේ අත දාලා තුරුළු කරගත්ත
තමුසෙ වැටුනොත් මං දන්නෙ නෑ
මං දන්නෙත් නෑ
අහස්යා ඇහැරෙනකොට හිටියේ ඇඳ උඩ.. අහස්යා තුරුළු කරගෙන හිටියේ නිල් පාට ලොකු ටෙඩියෙක්..ටෙඩියා දකිද්දී අහස්යාට දැනුනේ හුරුවක්.. ඇත්තටම ඒක නිදුලි ගඟුලට දුන්න birthday present එක.. ඒත් ගඟුල් පේන්න නෑ ..පහලට ගියාම දැක්කේ කෑම මේසෙ උඩ කෑම හදලා ලියුමකුත් තියෙනවා ..අහස්යා ලියුම දිග ඇරියෙ කුතුහලයෙන්..
අහස්යා මං කොළඹ යනවා …රොනී නටනවා වැඩියි.. ඌට වැඩක් සෙට් කරල එන්නම්.. එද්දි රෑ වෙයි .. කොහෙවත් යන්න එපා.. මං දවල්ටත් එක්ක කෑම හදලා තියෙන්නේ… සීසීටී හයි කරල තියෙන්නෙ ..මං ෆෝන් එකෙන් බලන් ඉන්නේ…
අහස්යා ලියුම විසි කළේ තරහින්..
නපුරු ගගුල්.. මාව තනියම දාලා ගිහින්.. මාවත් එක්ක යන්න තිබ්බනෙ .
අහස්යා කම්මැලිකමේ දවසම ගෙදරට වෙලා හිටියා . රෑ වෙන්න රෑ වෙන්න අහස්යට දැනුනේ බයක්.. රෑ දහයා මාරයි ..ගඟුල් නෑ…ෆෝන් එකත් වැඩ නෑ.. මිදුලේ නතර වුණු වාහනේ සද්දෙට අහස්යා බය උනා..
ගගුල් ද?
අහස්යා
අහස්යාට පුදුම හිතුනෙ තිහාරාගේ කටහඬ
එළියෙන් ඇහුණම..අහස්යා දොර ඇරියා..
තිහාර ඔයා..
අහස්යා ..යමු
කො..කොහෙද?
සරණේගෙ නෝනත් ඇවිත්..
අහස්යා..
තිහා..ඇයි මේ කලබල වෙලා..
මේ..කෙල්ලෙ..කලබල වෙන්න එපා.. ගඟුල්ට වෙඩි වැදිලා..
මොකක්
අහස්යා වැටෙන්න යද්දි තිහාරා කෙල්ලව අල්ලගත්තා..
ගඟුල් බොස් ආවේ රොනී එක්ක කතා කරලා මේ ප්රශ්නෙ විසඳ ගන්න..වෙඩින් එක වෙලතේ රොනීගෙ ගෝලයෙක් කැරකෙරනවා බොස් දැකලා.. ඉස්සරහට අහස්යාට රොනීගෙන්කරදරයක් නොවෙන්න ගඟුල් බොස් එයාගෙ දේපල ඔක්කොම රොනීට දෙන්න හැදුවේ.. අහස්යත් එක්ක රට යන්න තමා ගගුල් බොස්ට ඕනි වුණේ..ඒත් රොනී වෙඩි තිබ්බා ..පොලිසියෙන් ආපු නිසා රොනී ව ඇරෙස්ට් කළා..බොස් දැන් ජීවිතෙත් මරණෙත් එක්ක සටනක ..
සරණේ හොස්පිට්ල් එකට පාන්දර ආපු අහස්යට විස්තරේ කිව්වා.. ඒ එක්කම රනුකත් කැත්රිනත් ආවා.
දුව
ඩැඩා..
අපි යමු දුව..
බැහැ ඩැඩා..මං ගඟුල් ගෙ වයිෆ් දැන් ..ඩැඩා ඔයාගේ වැරදි නිසයි සේරම.. දැන්වත් මට පාඩුවේ ඉන්න දෙන්න ප්ලීස්..
රනුකට තේරුණා අහස්යා තීරණය වෙනස් නොකරන බව..
ගඟුල් හිටියේ සිහියත් අසිහියත් අතරේ.. ඈතින් සුදු සුදු පාට මීදුමක් ගලා ආවේ අන්ධකාර ලෝකේ එළිය කරලා .. ඒ මීදුම මැදින් මතු වුණේ ගඟුල් දකින්න ආසම රූපේ.. රූප අහන්න ආසම හඬ..
නිදූ… මගේ නිදූ…
නිදුලි සුදු දිග ගවුමක් ඇඳලා..ගඟුල්ට අත දික් කලා
මගෙ නිදූ..ඔයාට මාව මතකද?
මට හැමදේම මතකයි…. මං නැත්නම් ඔයාව දැක්ක ගමන් ඔයා ගැන කැමැත්තක් ඇති වෙලා.. මං ඔයා ලඟට එයිද…නැගිටින්න ගඟුල්… මගෙ ලගට එන්න…
ගඟුල් හිමිහිට ඇස් ඇරියා… අහස්යා ගඟුල් ගේ ඇස් දෙකට එබීගෙන හිටියා..
අහස්යා
නෑ ගඟුල් මං නිදුලි …ඔයාගේ නිදුලි ..මං ආදරෙයි ගොඩාක් ..
ඔයාට මතක නෑ
මට අමතකත් නෑ.. ඉක්මනට හොඳ වෙන්න. හා ද?
හා..
ගගුල් සැනසීමෙන් ඇස් පියාගත්තා.
ගඟුල් වහිනවා පුතාලා අරන් එන්නකෝ ඇතුලට.තෙමෙනවනෙ එයාලා
අහස්යා කෑ ගැහැව්වේ ඇතුළේ ඉඳන්.. ගඟුල් අවුරුදු තුනක් වයස නිවුන් පුතාලා දෙන්නව අත්දෙකින් දෙපැත්තෙන්ම වඩාගෙන ගෙට ආවා.. අහස්යා තුන්දෙනාටම බනිනවා
මේ පලවෙනි වැස්ස තෙමිලා හදාගන්නවලකො හෙම්බිරිස්සාවක්.. තුන්දෙනාටම කසාය තම්බල දෙනවා..
ගඟුල් කට ඇඹුල් කරලා පෙන්නුවා.. අහස්යා තුන්දෙනාවම ටවල් එකෙන් පිස්සා..
සුදු මැණිකේ අපිට තේ හදන්න කෝ
තේ හදලා කොච්චර වෙලා ද ලේසි නැටිල්ලක් ද ?මං කීපාරක් අඩ ගැහැවද?
මගේ කොල්ලො දෙන්නා.. ඔයාලගේ මමාට කේන්ති ගිහින්.. මං මොකද කරන්නේ…
ප..පා… එයාට කුචු ක..වන්න..
චූටි පුතා කිව්වේ කට උල් කරලා..
ගඟුල් කට කපලා හිනාව හිනා වෙනවා ..අහස්යා ඔරවනවා..
මගේ කොල්ලගෙ ඒ කාරුණික ඉල්ලීම මැණික මං ඉෂ්ට කරන්නම්…
ගඟුල ඇහැක් ගැහැවා ..අහස්යා හිනාව තදකරගත්තා..ගගුල්ගෙ දඩබ්බර වැඩ දැන් අහස්යාට හොදට හුරුයි..
ඉතින් මේ ජීවිතේ…..නිදුලිගෙ විසල් ඡායාරූපයක් බිත්තියේ ගහල තියෙනවා.. ඒත් නිදුලි ජීවමානව ගඟුල් එක්ක ඉන්නවා.. මේ ලෝකෙ වෙන්න බැරි කිසිම දෙයක් නෑ… අපිට හිතාගන්න බැරි දේවල් කොච්චර වෙන්න පුළුවන්ද… රේඩියෝ තරංග එක්ස් කිරණ ..ගැමා කිරණ.. අපිට ඇහැට පේන්නෙ නෑ.. ඒත් එහෙම කිරණ වර්ග තියෙන බව අපි දන්නවා.. අපිට හිතාගන්න බැරි වුණා කියල එහෙම දේවල් ලෝකෙ නෑ කියන්න අපිට බෑ..
මේ සංසාර ගමන එහෙමයි ..අපි අපි ආයෙ මුණ ගැහෙනවා …වෙන් වෙනවා… සමහර ප්රබල බැදීම් අපට අත අරින්න බෑ.. සංසාර ගමන කෙළවර වෙන කල් අපිට අපි හමුවේවී…
ගඟුල් පුතාලා දෙන්නා තුරුළු කරගෙන ම අහස්යාගෙ නළලත මුදු හාදුවක් තැවරුවා..
එලියෙ වැස්ස….ටිකකි න් එක පාරටම පරිසරේ ආලෝකයමත් උන..ඒ
අකුණක්..
අවසානයි..