අකුණු – 09 කොටස

මමා ..මං ගගුල් ට ඇත්තටම ආදරෙයි ..අයි ලව් හිම්..

අහස්‍යා කැත්‍රිනා ගේ ඔඩොක්කුවේ ඔලුව තියාගත්තා..

i knw darling .. ඔයාගේ ඩැඩාට පිස්සු .. . crazy man ..age එක ප්‍රශ්නයක් නෑ ආදරේ දී ..අපෙ country එකේදි නම් ගණන් ගන්නෙ නෑ..

කැත්‍රිනා සිංහල ඉංග්‍රීසි කලවම් කර කර කතා කරනවා..

අනේ මමා ආයුෂ්ට මං කැමති නෑ.. අනික මමා එක්ක මට මේක කියන්න පුළුවන් ..ඩැඩාට කියන්න බෑ .

අහස්‍යා කඳුලු පිහ ගත්තා ..

tell me darling

මං ..මං ගඟුල් එක්ක.. අනේ මමා අපි මැරි කරන්නම ඕනේ .

i can understand .මං ඩැඩාට කියන්නම් ඒත් එයා අහන්නේ ගෙදර අය කියන දේ

මමා දන්නවද නිදුලි ගැන

ඔව් මට පස්සෙයි ඒවා කීවේ.. ඔයාගේ ඩැඩා එහෙම කරපු එක වැරදියි ..

මං හිතුවෙ නිදුලිට ඩැඩා එක්ක ගණුදෙනුවක් තිබුන කියලා .

.අහස්‍යා

සාලෙන් ඇහුනු කටහඬට අහස්‍යා වගේම කැත්‍රිනාත් කලබල වුණා .

මමා ගඟුල් ඇවිත්

ඩැඩාත් ගෙදර නෑ .ඒක හොඳයි

අහස්‍යා අම්මා එක්ක සාලෙට ආවා . අහස්‍යා කොච්චර හිත හිර කරගෙන හිටියත් ගඟුල් දැක්කම ආදරේ හංගගන්න බෑ

කෙල්ල ගඟුල වැළඳගත්තේ තත්පරේට..

ගඟුල් මගේ ගඟුල්

අහස්‍යා මගෙන් ඈත් වෙන්න බෑ ඔයාට..යමු මගෙත් එක්ක..ඔයා මගෙ නිදූ

මොනවද කියන්නේ.. ගඟුල් මං අහස්‍යා ..

නෑ ඔයා මගේ නිදුලි ..

ගඟුල් ගෙ ඇස් දෙකේ ආදරේ උතුරනවා ..

ඔයා මැරිලා ඉපදුනේ මං වෙනුවෙන්.. ඔයා මගේ .

පිස්සුද

යමු මං එක්ක.. ඔයා මගේ ..

ඒකයි ඇත්ත

අහස්‍යා ගේ හිතට දැනුනේ වේදනාවක්.. මෙච්චර දේවල් දෙන්න අතරේ සිද්ධ වෙලා.. ගඟුල් තවම මැරුණු නිදුලි ගැන හිතනවා..

බෑ මට බෑ

අහස්‍යා

ගඟුල් ගේ මූණ කෝපයෙන් රතු වෙලා..

තමුසෙ ආයෙත් මගේ ගෙට රිංගුවාද

රනුක කොහේදෝ ඉඳලා කඩං පාත් වුණා .

අහස්‍යා මගේ ..මං එයාව අරගෙන යනවා..

දැන් ඇහුනනෙ එයා එන්න බෑ කිවුවා .. තමුසෙ යනවා එළියට

අහස්‍යා මැණික එන්න යන්න

බැහැ ඔයා නිදුලිව.. අමතක කරල නෑ.. මං නිදුලි නෙවෙයි.ඔයා මට නෙමෙයි ආදරේ නිදුලිට ..

අහස්‍යා අඬාගෙන කාමරේට දිව්වා..

ගඟුල් ගෙදරින් එළියට බැස්සේ පිස්සෙක් වගේ ..සරනෙ එළියෙ හිටියා.. ගගුල් ජීප් එකට නැග්ගා.

සරනෙ අහස්‍යාව උස්සන්න ඕනේ.. නිදුලි ඉස්සුවා වගේම.. එයාට පහු ගිය ආත්මේ අමතකයි .. කොහොමහරි මතක් කරන්න ඕනේ .

බොස් කියන දෙයක් කරමු ..

ආයුශ්ට බන්දන්න කලින් කරන්න ඕනේ.

. ඒ කියන්නේ ආයෙත් පරණ ගඟුල්..නේද බොස් .

සරනෙ ඇස් හීනි කළා ..

ගගුල්ගෙ මූනේ මූණෙ හිනාවක් ඇඳුනා

~~~~~~~®uwani~~~~~~

කැත්‍රිනා එක්ක අහස්යා ටවුන් එකට ගියේ රනුකගෙ බල කිරීමට.. අහස්‍යා හිටියේ වේදනාවෙන් . ආයුෂ්ව බඳින්න වෙනවා.. ගඟුල් නිදුලි ගැන කියලා විකාර කියවනවා.. අහස්යට කේන්තියි.. දැන් වෙඩින් සාරි බලන්නලු

අර ගඟුල්

කැත්‍රිනා කාර් එක නතර කලේ පාර හරස් කරලා තිබ්බ ජීප් එක දැකලා ..ගඟුල් ජිප් එකට හේතු වෙලා බලන් හිටිය ..අහස්‍යා හිටියේ වෙන කල්පනාවක නිසා දැක්කෙ නෑ

අනේ මමා… දැන් මොකද කරන්නේ

ඩාලිං ඔයා කතා කරන්න එයා එක්ක ..

මමා මං යන්න ද එයා එක්ක.. ඒත් එයා නිදුලි ගැනම නේ හැම වෙලේම කියවන්නෙ

බැහැලාම බලමු

දෙන්නම කාර් එකෙන් බැස්සා.. ගඟුල් ඉස්සරහට ඇවිත් අහස්‍යා ගෙ උඩ ඉඳලා පල්ලෙහාට බැලුවා ..ඊළඟට ඉනේ තිබුනු ගන් එක අරගෙන කෙළින්ම කැත්‍රිනාගේ ඔලුවට තිබ්බා..

අනේ මමාඅ….ගගුල් ..පිස්සුද ඔයාට

ඔව්..මට පිස්සුද වෙලා මේ මමාගෙ ඔළුව කුඩු වෙන්න කලින් නගිනවා ජීප් එකට..දෙවැනි සැරේ මං කියන්නේ නෑ..

ගඟුල්ගෙ කේන්තිය වගේම යක්ෂ මුහුණ ට කැත්‍රිනා හොඳටම බයවුණා.. අහස්‍යා දුවගෙන ගිහින් ජීප් එකට නැග්ගා

අහස්යා නවත්තනව ඇඩිල්ල..

ගඟුල් එක දිගට ඩ්‍රයිව් කරනවා ..කොල්ලා මේ යන්නේ දියතලාවේ ..අහස්‍යා ඉකිබිඳිනවා.. ගඟුල් පාර අයිනේ ජිප් එක නතර කළා.. පාර පාලුයි මීදුම ගලාගෙන එනවා ..දැන් දියතලාව ට කිට්ටුයි.

අහස්‍යා

ගඟුල් අහස්‍යාව තුරුළු කරගෙන හිමිහිට සිප ගන්න පටන් ගත්තා

ඒත් වෙනදා අහස්‍යගෙන් ලැබෙන සහයෝගය නොලැබෙන කොට කොල්ලට ආයෙත් තරහ ගියා .

අහස්‍යා මොකද වෙලා තියෙන්නෙ . පොඩ්ඩක් active වෙනවාකෝ

ගඟුල් අහස්යාගේ ගෙලේ දෙතොල් තිබ්බා..

මගේ නිදූ..

මං නිදූ නෙවෙයි අහස්‍යා..

නිදු තමයි.. මං දැනගත්තා ඔක්කොම ..

ගඟුල විස්තරේ ඔක්කොම කිව්වත් අහස්යාට හිතුනෙ ඒක ගොතපු කතන්දරයක් කියලා..

බොරු ඕවා..ඩැඩාට මොනවා වෙයිද දැන්

අහස්යට දුකයි

විශ්වාස නෑනේ .. කමක් නෑ ..ඒත් අහස්යා තමුසෙ බලෙන්ම මගේ ජීවිතේට ඇවිත් තමුසෙ හිතන තරම් ලේසියෙන් මගෙන් ගැලවෙන්න බෑ ..මට ආදරෙයි කිය කිය මැරෙන්න හදලා ඇයි දැන් වෙනස් වෙලා..

මගේ වෙනසක් නෑ ගඟුල්..ඒත් මට දුකයි ඔයා නිදුලි ගැන කියනකොට..

අපි හෙට මැරි කරනවා

අනේ ඩැඩා

දැන් ඩැඩා දන්නවනේ මං ඔයාව කිඩ්නැප් කළා කියලා ..ඔයා පැනලා ආවා නෙවෙයිනේ ..ඒ නිසා එයාට මොකුත් වෙන්නේ නෑ ..

නපුරුයි ඔයා

ගඟුල් අහස්‍යා ව එක්ක ආවේ දියතලාවේ නිදුලි එක්ක හිටපු ගෙදරට.. කොල්ලගෙ බලාපොරොත්තුව අහස්යට කොහොමහරි ඒ අතීතෙ මතක් කරන එක..

ඔයාට මේ රූම් එක මතකද මැණික.. කාමරේ අපි දෙන්නගෙ මතක

අහස්‍යා ඇඳේ ඉඳගත්තා . ඒත් අහස්‍යා ට කිසි දෙයක් මතක් වෙන්නෙ නෑ ..

ගඟුල් මාව අමතක කරන්න

ඊලග අකුණට

මග බලන් හිටියේ මන් නුඹේ තුරුලේ සැතපෙන්න…

නොයෙන්නම ගිහින් බව දැනගෙනයි ඒ එලෙස…

කවම කවදාවත්ම සිතුවේ නෑ මන් එහෙම…

ඒ පුංචි තරු දෑස් අරගෙනම නුඹ ඇවිත්…

අනේ කොහොම පිළිගම්ද මේ නුඹමයි…

මගේ රත්තරන් ආදරේ අරන් අයෙමත් ඇවිත්…

සංසාර සිහිනයට ආයෙත්…

පණ ඇවිත් නුඹ අරන්…

Dushanthi perera

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!