අකුණු – 07 කොටස

කොහෙද ගගුල් මේ මාව අරගෙන යන්නෙ

අහස්යා මේ ඇහැවෙ විසි වෙනි පාරට වෙන්න ඇති..අහස්යා ගගුල් දිහා කන්න වගේ බලං හිටියාට ගගුල් නිකමට වත් බැලුවෙ නෑ..ගගුල් එක දිගට ඩ්‍රයිව් කලේ තරහින් පුපුර පුපුර

ගගුල්..උත්තර දෙන්නකො.

අහස්යා ගගුල්ගෙ වමතෙ එල්ලුනා

ගගුල්ගෙන් ලැබුණෙ දැවිලා අළුවෙලා යන තරමේ බැල්මක්

ඒත් අහස්යාට ඒක ගැන වගක් නෑ..

කියන්නකො ගගුල්

අහස්යා ඇස් බෝල කරලා කට උල් කරනවා.ඒ බැල්ම දිහා බලන්න ගිහින් තව පොඩ්ඩෙන් ගගුල්ට ජීප් එකත් කන්ට්‍රෝල් නැතුව යනවා.

අහකට වෙනවා අහස්යා..තමුසෙ ගාණට වැඩියි.

ඔයා මාව කොළඹ නේද අරං යන්නෙ මේ

දන්නවා නම් අහන්නෙ

මට බෑ ගෙදර යන්න

මොකද්ද

ඔයා මට කැමති නිසා නේද මාව බේරගත්තෙ..මට මාර හැපි

උඩ පනින්න එපා ..පව් කියලා බේරගත්තෙ..

මට ආදරේට

විකාර

නිදුලිගෙ ආදරෙත් විකාරයක්ද

ගගුල් රැව්වා.

අහස්යා ගෙන් කොල්ලට බේරෙන්නම බෑ. අහස්යා ඔහේ උඩක් බිමක් නැතිව කියවනවා. ගඟුල් නිහඬව හිටියා.කොළඹට ලංවෙද්දි ගඟුල්ගෙ හඬ අවදි වුණා.

ගෙවල් කොහෙද තියෙන්නේ

මට ගෙදර යන්න බෑ

අහස්යා තමුසේ මගෙන් ගුටි කනවා දැන්

නපුරා මාව තිහාරාගෙ ගෙදර ලගින් දාන්න .මේ පාන්දර ගෙදර ගියොත් මම්මා මාව කයි.

ගඟුල් අහස්‍යා කිව්ව විදිහට තිහාරගේ ගේ ළඟින් බැස්සුවා .

අහස්යා මේක හොඳට අහගන්නවා .පරෙස්සම් වෙනවා. උන් ආයෙත් එන්න පුළුවන්. යාළුවා එක්කම ඉන්නවා

ඇයි මං ගැන කරදර වෙන්නේ

.මට මොකෝ. මං යනවා දියතලාවේ. ආයෙ ආවොත් වෙඩි තියෙනවා හරිද

ගගුල් දියතලාවේ යනවා කිව්වට ඇත්තටම ගියෙ නෑ. සරණෙටත් කියලා ගගුල් හොටෙල් එකක නැවතුනා. අහස්යා නොදන්නවා වුණාට ගඟුල් අහස්යා ගැන සෙවිල්ලෙන් හිටියා. මොකද කොල්ලා දන්නවා රොනී ලේසියෙන් මේක අතරින් නෑ කියලා. නිදුලිට උනු පොරොන්දුව අමතක කරන්න බෑ. ආයෙත් පරණ ජීවිතේට යන්න බෑ.

ඒත් තමන් නිසා තව ජීවිතයක් අනතුරේ දාන්නත් බෑ.රොනී බය වෙලා හරි මේක අත ඇරලා දැම්මේ නැත්නම් ආපහු පරණ ගඟුල් බවට පත්වෙන්න සිද්ධ වෙනවා කියලා කොල්ලා දන්නවා .ආයෙත් ගොඩ ඒමක් නෑ

~~~~~®uwani~~~~~

අහස්යා හවස ක්ලබ් එකට යනකොටත් ගඟුල් ෆලෝ කළේ ඒකයි. කෙල්ල යාළුවෝ එක්ක වයින් බොන හැටි කොල්ලා අඳුරු මේසෙක ඉඳගෙන බලාගෙන හිටියා. අහස්යා තනියම ඩාන්ස් කරපු හැටි. ආයුෂ් ළඟට ඇවිත් අහස්යාව සිපගන්න උත්සාහ කරන හැටි දකිද්දී ගඟුල්ට මොනවා වුණාද දන් නෑ.කොල්ලා අහස්යාව ඇදගෙන එලියට ආවා

අහස්යා ගගුල්ව සිප ගත්තේ ඒ මොහොතෙ..

ඔව්.. ඒක තමයි අකුණ…

ගඟුල්ට දැනුනු කේන්තිය පිට කරන්න කොල්ලා අහස්යට ගහන්න උස්සපු අතින් බිත්තියට පහර දුන්නා .අහස්යා වෙරි මරගාතේ වැටෙන්න යද්දි දෝතට ගත්තු ගගුල් කෙල්ලව මහ වැස්ස මැද්දෙම ජීප් එකට දා ගත්තා.

මෙහෙම තිහාරාගෙ ගෙදරට එක්ක යන්නත් බෑ. මොනවද කරන්නේ? කොල්ලා අහස්යාගෙ ගෙදර තියෙන තැනත් දන්නෙත් නෑ

ෂිට් මේකි මාව පිස්සෙක් කරනවා. කෙල්ලෙක් කරන වැඩද මේවා .තව වයස එහෙමමයි

ගඟුල් කෙල්ලව අරන් ගිහින් අරං ගියෙ නැවතිලා හිටපු හොටෙල් එකට. කොල්ලට වෙන විකල්පයක් තිබ්බෙ නෑ. දෙන්නම භාගෙට තෙමිලා. අහස්යාව ඇඳේ හාන්සි කරවලා ගඟුල් කෙල්ලගේ ඔලුව පිහ දැම්මා.

ගඟුල අයි ලව් යූ

අහස්‍යා ඇස් ඇරියා.

මට බනින්නේ ඇයි? මං නරක නෑ ගඟුල්. මං කා එක්කවත් යාළු නෑ .මං ආයුෂ් ට කැමති නෑ ..ක්ලබ් ආවට මං නරක නෑ. ඔයා මට බනින්න එපා. ගොඩක් දුකයි මට

දැන් නිදා ගන්න

අහස්යා ගඟුල්ව ඇදලා ළඟට ගත්තා .

ඔයත් එන්න

පිස්සුද අහස්යා..මං බිම නිදන්නම්

අහස්යා කොල්ලගෙ දෙතොල් ආයෙත් සැරයක් සිපගත්තා. ගඟුල්ට හිතාගන්න බෑ .ඒත් මේ කෙල්ලගේ ඇස් වල බැල්ම … ගඟුල් අහස්යාව අතඇරලා වේගයෙන් හෝටල් කාමරයෙන් පිට වුණේ තවත් හිත පාලනය කරගන්න බැරි වෙද්දි .

ෂික් ..මේකි මාව කන්න හදන්නෙ නිදූ..ඒ ඇස් ඔයාගෙ ඇස් වගේමයි.

කොල්ලා එහෙමම ගියේ හොටෙල් එකේ බාර් එකට. කවදාවත් නැතුව කොල්ලො බොන්න පටන් ගත්තෙ හිතේ තිබ්බ වේදනාවට .ඊටත් වඩා නොසන්සුන් හිත සන්සුන් කරගන්න . ඒත් හිත අවුල් ජාලාවක පැටලුණේ ගගුල් නොහිතුව විදිහට.

ගඟුල් ආයෙ රූම් එකට එද්දි අහස්යා පේන්න හිටියේ නෑ

අහස්යා

ගඟුල් කෑගැහැවා. ගඟුල් එහෙම කියාගෙනම ඇඳේ ඉඳගත්තා .ටිකකින් වොෂ් රූම් එකෙන් එලියට ආවේ අහස්යා. ඒත් ඉරණමේ තිබුණ විදිහට ගඟුල් දැක්කේ අහස්යාව නෙවේ.. මේ නිදුලි..නිල් පාට ගවුම ඇදගෙන හිනාවේගෙන ගඟුල් ළගට ආවෙ නිදුලි..

සිහියත් අසිහියත් අතර දෝලනය වන ගඟුල්ගෙ හිත …..ලගට ආව අහස්යාව පිළිගත්තෙ නිදුලි විදිහට.අහස්යාව ඇදලා ඔඩොක්කුවෙන් ඉන්දවගත්ත ගගුල් අහස්යාගෙ ගෙල සිපගත්තේ පුදුම තරම් ආදරෙන්.

මගේ නිදූ..

දැන් අහස්යාගෙ වෙරි ටිකක් හිදිලා..ගගුල් ඉන්නේ අසිහියෙන් කියලා අහස්යාට තේරුණා .ඒත් ගගුල්ගේ පහසට මත්වුණු අහස්යා ගඟුල්ට අනුබල දුන්නේ ගඟුල් මුමුණට නම අමතක කරලා.

ගඟුල්..

එළියෙ අනෝරා වැහි වැටෙනවා.. අකුණු ගහනවා…ගොරවනවා..ගගුල්ගෙ සුසුම් වියරු වුණේ අහස්යාව වෙනම ලෝකෙකට පාකරලා.අවුරුදු ගාණකට පස්සේ ගගුල් ආයෙත් අතීතෙට ගිහින්

ඔලුවෙ බර ගතියත් එක්ක තවමත් පපුවේ උඩ නිදාගෙන ඉන්න‍ අහස්යාගෙ හිසින් ඇදලා කෙල්ලව තල්ලු කරපු ගඟුල් නැගිටලා ඔලුව බදා ගත්තා .අසිහියෙන් හිටියට ගඟුල්ට වුණ දේ මතක් උනා.

ඒත් රෑ හිටියේ නිදුලි .. ෂිට් මං මොකක්ද කළේ ?

අහස්යා ගගුල්ගෙ උරහිසේ මූන තිබ්බා.

ආදරෙයි

අහස්යා..ඇයි මාව මාව නැවැත්තුවේ නැත්තෙ? මොකක්ද මේ උනේ?

ඇයි නවත්තන්නෙ මං..

අහස්යා බොළඳ වෙන්න එපා .මං නිදුලිට ද්‍රෝහි වුණා

නෑ එයත් කැමතියි මේකට. අපි මැරි කරමු

පිස්සුද

හරි බැරිනම් එපා

අහස්යා කිව්වේ ගණනකට නැතිව

ගඟුල් අහස්යාගෙ බාහුවෙන් තදින් අල්ල ගත්තා.

තමුසෙට ගානක්ම නැද්ද අහස්‍යා.?දුක නැද්ද ?

ඇයි දුක්වෙන්නේ ?

ඔයා දැන් දැක්කනෙ මං හොඳයි කියලා

අහස්යා ඇහෙන් ඉගි කර කර දත් සෙට් එකම පෙන්නලා හිනාවුණා.

ගගුල්ටත් නිකම්ම හිනාගියේ කෙල්ල අදහස් කරපු දේ දැකලා.

නිදුලිද හොද මංද හොද

වහනවා කට ..කිසි හැදියාවක් නෑ..

ගගුල් අහස්යාගෙ කට සුරතින් තද කරලා වොශ් රූම් එකට ගියා.

ඊලග අකුණට

සුපුරුදුම මතකයන්

හිතම අවුලවනවා…

නුඹේ මතක අතරින්ම

මගේ හුස්ම වැටෙනවා…

කතා කියන තරු දෙනෙත්

හිතම පාරවනවා….

නුඹේ සුසුම් හදගැස්ම

පුරුදු යැයි සිතෙනවා…

ඇයි මාව තනි කරලා

නුඹ ගියේ අහනවා…

Dushanthi perera

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!