ආව්..
අහස්යා බොරුවටත් එක්ක කකුලක් අල්ලගෙන කෑ ගැහැවට ගගුල් වගක් නැතුව ආපහු හැරුණා..අහස්යාගෙ මූණ හොදටම අප්සෙට් වුණා…
ගගුල් කෝච්චි පාර දිගේ ඉස්සරහට යද්දි පිටිපස්සෙන් ඇහුණෙ ට්රේන් එකක හූ හඩ..කොල්ලා ඒ එක්කම ආපහු වේගෙන් හැරුණා.අහස්යා බිම බලාගෙන ඔහේ කල්පනා කරනවා..
ගගුල් තමන්ව නොසලකා හරින එක ගැන අහස්යාට එවෙලේ පුදුම දුකක් දැනුනෙ
.ඇයි මං ගගුල් ගෙ පස්සෙන් යන්නෙ..ඇයි මං එයාට මේ තරම් බැදෙන්නෙ..එයා මාව තඹේකට ගණං ගන් නෑ..දැන් දැක්කද අහක බලාගෙන ගිය හැටි..
කෝච්චිය ළං වෙනවා පෙනුනත් අහස්යා නොසෙල්වී ඉන්නවා දැක්කම ගගුල්ට පුදුම හිතුණා..අහස්යාට කෝච්චියේ සද්දෙ නෑහුණේ කෙල්ල හිටියෙ මේ ලෝකෙ නොවන නිසා..කෝච්චිය වේගෙන් ළං වෙනවා.
අහස්යා..
ගගුල් කෑ ගහගෙන අහස්යා ළගට එක පිම්මෙ දුවගෙන ඇවිත්..අහස්යාව ඔසවගෙන රේල් පාරෙන් අයින් වුණෙත් කෝච්චිය දෙන්නව පහු කරගෙන ගියේත් එකටමයි.
කන් බිහිරි කරවන කෝචිචි සද්දෙට බයවුණු අහස්යා ගගුල්ගෙ ජැකට් එකේ එල්ලුනේ මැරුණම තමයි කියලා හිතාගෙන..ගගුල්ගෙ පපුවත් අහස්යාගෙ පපුව වගේම වේගෙන් ගැහෙනවා
..තව පොඩ්ඩක් මිස් වුණානම්..
හිතනකොටත් ගගුල්ට දැනුනෙ බයක්.
අහස්යා ගිඩි ගිඩි ගාලා ගැහෙනවා..කෙල්ල දාඩියෙන් තෙත්වෙලා
අහස්යා
ගගුල් කෙල්ලව ළග තිබුණු ගලක් උඩින් තියලා මූණට එබුණා
අහස්යා..ඔයා හොදින්ද?
ගගුල්ගෙන් කරුණාවන්ත වදනක් ඇහුණාමයි මේ..
අහස්යා වෙව්ලනවා
ම..මං..මැරු…ණද?
අහස්යා තාමත් ඉන්නෙ ඇස් පියාගෙන.
නෑ..ළමයො..ඇස් අරින්න
කෙල්ල ඇස් අරිද්දි ගගුල් ඒ ඇස් දිහා බලලා අහක බැලුවා
ඔයා මාව බේරුවද?
ඇහුණෙ නැද්ද කෝච්චිය එනවා..
න්..නෑ..
පිස්සු නටන්න එපා අහස්යා..ඇයි මෙහෙ ආවෙ
ඔයාව බලන්න
එහෙමද? දැන් බැලුවනෙ..ඊළඟ ට්රේන් එකේ තමුන් ආයෙත් කොළඹ යන්න ඕනෙ
ගගුල්ගෙ තර්ජනාත්මක ඇස් දිහා අහස්යා බලං හිටියෙ ආසාවෙන්..
ඇයි..මං ඔයා කියන දේ අහන්නෙ..
අහස්යා තවත් ගගුල්ට ළංවුණා
ගගුල් ඒ තත්පරේට ඈත් වෙලා අහස්යා ළගින් නැගිට්ටා..
එහෙනම් ඊළඟ කෝච්චියට පැනලා මැරෙනවා.
ගගුල් කුරිරු විදිහට කියලා වේගෙන් ඉවතට ගියා.
ගගුල් යන දිහා බලං හිටපු කෙල්ල හෙමීට නැගිට්ටා..ගගුල්ගෙ පපුවෙ උණුසුම තාම දැනෙනවා..අහස්යා හිටියෙ මිහිරි සිහිනෙක හිරවෙලා.. ගගුල්ගෙ ළගින් එන ඒ ආත්මීය සුවද කෙල්ලව වෙනම ලෝකෙකට ගෙන ගියා..ඒ පපුවට මීට කලිනුත් තුරුලු වෙලා හිටියා කියලා කෙල්ලට හිතුනෙ පුදුම විදිහට.
රේල් පාරෙ සෑහෙන වෙලාවක් කල්පනා කර කර හිටපු අහස්යා ආයෙත් හොටෙල් එකට එන්න ලෑස්ති වුණා..ඒත් ඒ එක්කම අහස්යාව වට කරගත්ත මැරයො සෙට් එක දිහා අහස්යා බලං හිටියෙ තුෂ්ණිම්භූතව
.ගගුල් ඉක්මණට ගෙදර ආවා..
කොල්ලා සාලෙ දොර වැහැවෙ දඩාස් ගාලා..ගගුල් ඔළුව අල්ලගෙන සෙටියෙ ඉදගත්තෙ සිතුවිලි පාලනය කර ගන්න..ඒ කෙල්ලගෙ හදගැස්ම දැනෙද්දි පපුවට වුණු දේ..ඒ ඇස්……
බෑ..බෑ..නිදූ විතරයි මගෙ ජීවිතේ..ඒ කෙල්ල මාව පිස්සු වට්ටන්න හදන්නෙ ඇයි..
ගගුල් රූම් එකට ගිහින් ඇදට වැටුණා
බෑ..නිදුලි..මට බෑ ඔයා එක්ක ගෙවපු දවස් අමතක කරන්න..මේ ඇදේ ඔයා මට තුරුළු වුණු හැටි..මාව සතුටු කරපු හැටි..මට බෑ..දෙයියෙනේ මං පිස්සෙක් වෙයි නිදුලි..ඇයි මං සරණෙගෙ දුවගෙ වෙඩින් එකට ගියේ..ඒ ඇස්..ඔයාගෙ ඇස් වගේමයි.
.ඇයි මට එහෙම හිතෙන්නෙ..මං බයයි නිදූ..ඒ ඇස් වලට බයයි..ඒකි පුංචි කෙල්ලෙක්…මාව ඔයාගෙ ලෝකෙට ගන්න නිදූ..මට මැරෙන්න ඕනෙ..මැරෙන්න ඕනෙ
ඒ එක්කම ගගුල්ගෙ ෆෝන් එක රිංවුණා..
සරණෙ
බොස්..ලොකු අවුලක්..
මොකද බං..
බොස්..අර අහස්යා කෙල්ල..දියතලාවෙ ඇවිත්
ඔව්.මං දන්නවා..ඉතිං
බො..බොස්..දන්නෙ කොහොමද
මට හම්බුණා..
මොකක්..එතකොට රොනී කිව්වෙ බොරුද?
රොනී
ගගුල්ට ඒක අලුත් ආරංචියක්
බොස්..රොනී හිරෙන් නිදහස් වෙලා..ඌ දැන් මට කතා කරලා කිව්වා..බොස්ගෙ අලුත් කෙල්ල ඌ ළඟ කියලා..බොස් කතා නොකලොත් කෙල්ල මරනවා කීවා.මට ඒ එක්කම මතක් වුණේ අහස්යා ගැන..තිහාරාට කතා කළාම අහස්යා බොස් හම්බුවෙන්න දියතලාවෙ ගියා කිව්වා..මං වෙලා තියෙන දේ හිතා ගත්තා..
උඹ හරි සරණෙ..මේ කෙල්ල පිස්සියක්..අද මං හිටියෙ නැත්නම් කෝච්චියට අහුවෙලා මැරෙනවා.
බොස්ගෙ නම්බරයක් රොනී දන් නෑ..ඒත් මිනිහා බොස් ඉන්නෙ දියතලාවෙ කියලා හොයා ගෙන.
මට උගෙ නම්බරේ එවපං සරණෙ
ගගුල් නැගිටලා ආයෙත් ජැකට් එක දාගෙන පහළට ආවෙ ජීප් එකේ යතුරත් අරගෙන. ඒ එන අතරතුරේදි ගගුල් සරණෙ එවපු නම්බරේට ගත්තා
රොනී
ආ..ගගුල්..පුතා..ගොඩ කාලෙකින්..
කොයි අහස්යා..
ආව්..ආව්…කිරිල්ලි ඉන්නවා..
අහස්යාට ෆෝන් එක දෙනවා
අම්මෝ මං බය වෙයිද ඔය කෑගැහිල්ලට
ගගුල් ජීප් එක ස්ටාර්ට් කරගත්තා.
ඔන්න දැම්මා ස්පීකරේ..දෙන්නම කැමති දෙයක් කතා කරමුකො.මේකි දඟලනවා වැඩියි.
රොනී ගහපු කම්මුල් පාරට අහස්යාට කෑ ගැහුණා
අහස්යාගෙ කෑගැහිල්ල ඇහෙද්දි ගගුල්ට යක්ෂාවේශ වුණා.
රොනී..ඔය කෙල්ලට ඉන්න දීපං..උඹට ඕනේ මමනෙ..මං එනවා..
අහස්යා..ඔයාද ඔතන ඉන්නෙ..මං එනවා..
අහස්යා හිටියෙ හොදටම බයවෙලා..ඒත් කෙල්ල හිතට හයිය අරගෙන කෑ ගැහැවා
නෑ..නෑ..ගගුල් මං නෙවෙයි..අනේ ඔයා එන්න එපා..මෙයාලා ළග පිස්තෝල තියෙනවා..ඔයා එන්න එපා..පොලිසියට කියන්න..ඔයා ආවොත් මරනවා කීවා මෙයාලා..අනේ එන්න එපා ගගුල්..
අහස්යා කෑ නොගහා ඉන්නවා..තමුසෙ බොරුවට නටන් නැතුව ඉන්නවා..උන් තමුසෙට මොකුත් කරන් නෑ..
මං මැරුණොවෙ ඔයා එන්න එපා.
අහස්යා..කියන දේ අහනවා..තමුසෙ දඟලන් නැතුව පාඩුවෙ ඉන්නවා..මං ඉන්නකල් තමුසෙට මොකුත් වෙන් නෑ..
අනේ එපා..ගගුල්..මෙයාලා හරි නපුරුයි..මගෙ අත රිදෙනවා..ඉහි ඉහි..
සියුමැලි කෙල්ලක් වුණු අහස්යා මේ වෙලාවෙ දරදඩු මැරයොන්ගෙ ගොදුරක් වෙයි කියන බය ගගුල්ගෙ හිතට ඇති වෙද්දි කොල්ලට දැනුනෙ පුදුම වේදනාවක්.
රොනී. උඹට ඕනෙ මාවනෙ..කියපං මං කොහෙටද එන්න ඕනෙ..
පරණ ටී ෆැක්ටරි එකට..තනියම
ගගුල් ඇක්සලේටර් එක පෑගුවා.
මං පිරිමියෙක් යකෝ.තනි පිරිමියෙක්..හැප්පිලා බලපං..උඹ මගෙ අහිංසක දෙමව්පියො මරපු එකේ වාඩුව අද ගත්තෙ නැත්තම් මං ගගුල් නෙවෙයි..
රොනීගෙ කුජීත හිනාව ඇහෙන කොට ගගුල් ෆෝන් එක කට් කළා.
පැය භාගෙකට පස්සෙ අදුර වැටීගෙන එද්දි ගගුල් පරණ ටී ෆැක්ටරි එකට අඩිය තිබ්බා.අඩිය තියනකොටම පිස්තෝල මානගෙන ගගුල්ව වට කරගත්ත රොනීගෙ ගෝලයො ගගුල්ව ඇතුලෙ හෝල් එකකට අරං ගියා..තිබ්බෙ උපරිම පාළු මූසල ස්වරූපයක්.
.
අහස්යාව පුටුවක ගැටගහලා තිබුණෙ..
ගගුල්..ඇයි ආවෙ..අයියෝ..යන්නකො
අහස්යා ගගුල්ව දැක්ක ගමන් පිස්සුවෙන් වගේ කෑ ගහන්න පටං ගත්තා
ගගුල්ට මේ කෙල්ල ගැන පුදුමයි..තමුන් වෙනුවෙන් මීට කලින් කතා කලේ නිදුලි විතරයි..ඒත් අද
ගගුල් කොහොමද පුතා
රොනී ගගුල් ඉස්සරහට ආවා.
අහස්යාට යන්න දෙනවා..මං හොදින් කියන්නෙ
ඇයි…ලස්සන කෙල්ලෙක්..පුංචියි ගොඩක්..උඹට හොදයි නම් මට
ගගුල් රොනීගෙ ටීෂර්ට් එකේ කොලර් එකෙන් ඇද්දෙ මානගෙන ඉන්න පිස්තෝල නොතකා..
ඒයි..දඟලන්න එපා වැඩිය..අරකිව මෙතනම ඉවරයක් කරනවා
රොනී කෑගැහැවා
මං ආවනෙ..මාව මරපන්..අහස්යාව යවනවා.
බෑ..බෑ..මං යන් නෑ..ගගුල් එක්ක මාත් මැරෙනවා
අහස්යා පිස්සියක් වගේ කෑ ගහද්දි දෙන්නම අහස්යා දිහා බැලුවා..ඒ අවසරෙන් ගගුල් රොනීගෙ අත පිටිපස්සට නවලා තමන්ගෙ ඉනේ තිබ්බ පිස්තෝලෙ රොනීගෙ බෙල්ලට තිබ්බෙ කට්ටියම තුෂ්ණිම්භූත වෙද්දි
ඔය පිස්තෝල විසි කරපල්ලා අහස්යා දිහාට..නැත්නම් ලොක්කා කුඩු
ගගුල්..උඹ
රොනී..උඹෙ ඔලු කට්ට කුඩු කරන්න කලින් ගෝලයො ටිකට උපදෙස් දීපං.
ගගුල්ගෙ අණට අවනත වෙනවා ඇරෙන්න ගෝලයින් විකල්ප නෑ..
පිස්තෝල ඔක්කොම කෙල්ල දිහාට විසි කළාම..ගගුල් රොනීට ගහන්න පටංගත්තා.ඒ එක්කම මැරයො ටිකත් ගහන්න පටංගත්තට ගගුල්ගෙ ශක්තියත් එක්ක උන්ට හැරෙන්න වත් බැරිවුණා..අහස්යා කටත් ඇරගෙන බලං හිටියෙ ටැමිල් ඇක්ෂන් මූවි එකක් බලනවා වගේ.
ගගුල් මේකා පිස්තෝලයක් ගත්තා
අහස්යා කෑ ගහද්දි ගගුල් එක මැරයෙක්ට වෙඩි තිබ්බෙ කකුලකට තත්පරෙන්..ගගුල් හැමෝම ගැන සම්පූර්ණ අවධානෙන් හිටියෙ.
ඒ එක්කම ගගුල් රොනීගෙ අතකට වෙඩි තිබ්බෙ වැටිලා ඉන්න මැරයොන්ටත් පයින් ගහන ගමන්
ආහ්..
රොනී අත අල්ලගෙන බිමට වැටෙද්දදි ගගුල් රොනීගෙ ඔලුවෙන් ඇද්දා
ඊළඟ පාර උඹෙ ඔළු කට්ටට තියන්නෙ..අර කෙල්ල බය වෙන නිසයි අත ඇරියෙ.
ගගුල් කෑ ගහද්දි රොනී සිහි විසංඥ වුණා..ඒ එකක්ම අහස්යාව ලිහා ගෙන එතනින් අරං ගියේ අහස්යා බයෙන් වෙව්ලද්දි.වෙඩි තියනවා දැක්කම අහස්යා ශොක් වුණා.
ඊලග අකුණට
සිහින් පිණි පොද වැස්සෙ
අත්වැල් පටලන්..
පියමැනපු ඒ සොදුරු මාවතම
හිස් කරන්..
නුඹෙ පිරුණු මුව කමල
යළි යළිත් සිහි කරන්
..සැරි සරමි නුඹෙ මතක
හිත අස්සෙ ගුලි කරන්..
By-
Tayani ..