අකුණු – 01 කොටස

(අසම්මත කුණාටුව)
ආයුෂ්..dont kiss me . එපා.. ඉන්න දෙනවා ම..මට..අත අරිනවා මාව
අහස්මා….අයි ලව් යූ..
බට් අයි හේට් යූ
ක්ලබ් එකේ අඩ අදුර මැදින් පැද්දි පැද්දි ගී නාදයට තනිවම නර්තනයේ යෙදෙන යුවතියක්..
දණහිසින් අගල් දෙකක් උඩ කොට අත් රහිත නිල් ගවුම…
බැලූ බැල්මට යුවතිය මත් වෙලා.තරුණයෙක් යුවතියගෙ බද වටේ අත දාගත්තා..
යුවතිය ඒ සැනින් කෝපයට පත්වුණා
ඒයි..වට් ද හෙල්…අත අරිනවා මාව..යූ බ්ලඩී ෆූල්
ඒත් යුවතියට තරුණයාගෙන් බේරෙන්න අපහසු වුණා..මත් ගතිය හින්දම කෑ ගැහැවට තරණයා එක්ක හැප්පෙන්න යුවතියට බෑ.තරුණයා ඇගේ දෙතොල සිප ගන්න වෙර දරනවා..
ආයුෂ්..යනවා අහකට
ඒත් තරුණයා බලෙන්ම තමන්ගෙ අරමුන ඉටු කරගත්තා..ඒත් අහුවුණේ දෙතොල් නෙවෙයි කම්මුල
ක්ලබ් එකේ අදුරු හරියෙ මේසෙක ඉදලා මේ දර්ශනේ බලං හිටියෙ වියරු දෑසක්.. මූණ පුරා වැවුණු රැවුල . ..බ්‍රවුන් කලර් ට්‍රවුසර් එකකට කලු ෂර්ට් එකක් ඇදලා කළු දිග කෝට් එකක් ඇදගෙන හිටි ඔහු හැමෝටම අභිරහසක්….මොකද ඔහු මේ ක්ලබ් එකට ආවෙ අද පළවෙනි වතාවට.
ඒ අත් මිට මෙළවුණා..කම්මුල් කෝපයෙන් කළු වුණා.අඩියෙන් අඩිය ඉස්සරහට එන උත්තුංග දේහදාරී පුද්ගලයා ආයුෂ්ට පෙනුනෙ නෑ….අදිසි හස්තයක් වගේ ඔහුගෙ දකුණු අත ආයුෂ්ගෙ උරහිස මත රැදවුණා..
ආයුෂ්ට ඒත් වගක් නෑ..ඊළගට ඔහුගෙ අත ආයුෂ්ගෙ කොණ්ඩෙ තදින් අල්ලගෙන ආයුෂ්ව ඈත් කලාම අහස්යාත් පුදුමෙන් ඔහු දිහා බැලුවෙ ආයුෂ් එක්කමයි.
අහස්යාගෙ වෙරි හිදෙද්දි ඇය පරඩැලක් වගේ ඔහුගේ වම් අතින් ඇදිලා ගියේ ඒ පපුවට.ඒ එක්කම ආයුෂ්ට හිමිවුණේ දරුණු කම්මුල් පාරක්.
ඔහු ඇයව ඇදගෙන ක්ලබ් එකෙන් එලියට ගියා .ඇය වැනි වැනි ඔහු පසුපසම ආවා කොරිඩෝවේ අඳුරු තැනක දී ඇය ඔහු නවත්ත ගත්තා…
ඇයි මාව ඔයාගෙ කර ගන් නැත්තෙ. .
ඇයා මිමිණුවේ මත්වුනු සරාගී හඩින්
මට ඕනෙ ඔයාව.
ඔහු නොසිතූ ලෙසින් ඇය ඔහුගෙ දෙතොල් සිපගත්තා..
එක්වරම පරිසරය එලිය උනේ අකුණකින්..ඒ අකුණ වැදුනේ ඔහුගේ පපුවට
බවයි ඔහුට දැනුනේ
ඒ එක්කම ඇය ඉවත් කළ ඔහු දකුණු අත ඉස්සුවා.. ඒත් ඒ කම්මුල් පාර වැදුනා නම් සියුමැලි ඇය එතැනම මැරී වැටෙන බව ඔහු දන්නවා.
අනෝරා වැස්සක් ඇදහැලෙන්න පටන් ගත්තෙ ඔහුගෙ ලෝකයම උඩු යටි කුරු කරලා….ඇය තවමත් බලාපොරොත්තු පිරුනු දෑසින් ඔහු දෙස බලං ඉන්නවා

නිදුලි..ඒ මත් බව… ආදරේ….ඒ ඇස්…අවුරුදු ගාණක් කාලෙ ඉදිරියට ගතවුණේ ගගුල්ව නිදුලිගෙ ලෝකෙටම සින්නක්කරම ලියලා දීලා..
කොල්ලා කොළඹ අතඇරලා දියතලාවට ගියේ ආයෙත් කොළඹ එන්න බලාගෙන නෙවෙයි.
.ඒක හීනයක්..ලස්සනම ලස්සන..අතීතෙ දවසක දැකපු.. ෆැන්ටසියක්..නිදුලි එක්ක හිටපු ගෙදර ගගුල් සල්ලි වලට ගත්තා.
කොළඹ තිබ්බ දේපළ වලින් කොටසක් විකුණලා දියතලාවෙ ගේ අරගෙන ගගුල් පොඩි ව්‍යාපාරයක් පටං ගත්තා..ඇත්තටම ගගුල්ට ජීවිත කාලෙම සුවසේ ගත කරන්න සල්ලි දේපළ තිබ්බා.
.ඒත් නිදුලි නැතුව ගෙවෙන මේ කාලය ගෙවා ගන්න කොල්ලා පොඩි බිස්නස් එකකට අතගැහැවා.
උදේ පාන්දර…මේ උදේ පාන්දර.. ගගුල් ජැකට් එකත් දාගෙන එළියට බැස්සා.නිදුලි එක්ක ඇවිදපු ඒ පාර දිගේ කොල්ලා ඇවිදගෙන යනවා. ඒ මතකයන් කොච්චර සුන්දරද?
හැමදාම ඒක ගගුල්ගෙ දින චර්යාවෙ පුරුද්දක්..අවුරුදු ගානකට එහා මතක ගගුල්ට ඒත් අද ඊයෙ වගේ.. නිදුලි එක්ක ජීවිතේ සුන්දරම දවස් දෙක තුන ගෙව්ව කාමරේ..ගගුල්ට අදටත් රෑට හීනෙන් නිදුලිව පේනවා..ඒ කාමරේ නිදුලිගෙ සුවද දැනෙනවා..ඒ මතකයන් අතරෙ තනිවුණාම කොල්ලට වෙන සිහියක් නෑ.
ඒ ආදරේ..එසේ මෙසේ ආදරයක් නෙවෙයි..කලාතුරකින් තමයි එහෙම ආදරයක් ඇති වෙන්නෙ..නිදුලි මැරුණට නිදුලි තවමත් ගගුල්ගෙ හිතේ ජීවත් වෙනවා..
සරණෙ හිටියෙ කොළඹ..රස්සාවක් සරණෙ කලේ ගගුල්ගෙ උදව්වෙන්..සරණෙ කීප වතාවක් ඇවිත් ගගුල්ව මුණ ගැහිලා ගගුල්ට වෙන විවාහයක් ගැන කරුණු කාරුණා තේරුම් කරන්න හැදුවත් ගගුල්ගෙ හිත නිකමටවත් හෙලවුණේ නෑ..
ගගුල් බොස්…නිදුලි මිස් සතුටු වෙන්නෙ නෑ මේකෙන්..බොස් කසාද බැදලා දරුවො හදලා හොදට ඉන්න එකයි මිස්ගෙ කැමැත්ත වුණේ..
සරණෙ..උඹ හදන්නෙ ආයෙත් ඉස්සර හිටපු මැර ගගුල්ව ගේන්නද? මගෙන් මැරුම් නොකා ඉදිං බං..
බොස් ඒත්..
සරණෙ
ගගුල් හෙලපු රුදුරු බැල්ම එක්ක සරණෙ සීතල වෙලා ගියා..
එදයින් පස්සෙ සරණෙ ගගුල්ට මගුල් හොයන්න ආවෙ නෑ.
සීතල දියතලාවෙ සීතලත් එක්ක නිදුලි එක්ක ගියපු රේල් පාරෙ අදත් ගගුල් ගමන් කරනවා.
ඒ ගල් බංගලාවට ගගුල් මාසෙකට වතාවක් යනවා..සිස්ටර් ස්ටෙලත් දැන් මිය ගිහින්..
බොස්…අපෙ දුවගෙ වෙඩින් එක..බොස් එන්නම ඕන
සරණෙ ගගුල්ව ඇමතුවේ ගොඩ කාලෙකින්.
කන්ග්‍රැජුලේෂන් සරණෙ..
බොස් එන්නම ඕනෙ..
බලමු සරණෙ
බොස්..බොස් නාවොත් මේ සරණෙගෙ විතරක් නෙවේ හිත රිදෙන්නෙ..අපේ නෝනගෙ..දුවගෙ ඔක්කොගෙම
හරි බං
අනික බොස් නාවොත් මේ කසාදෙ කෙරෙන්නෙත් නෑ බොස්
උඹට පිස්සුද බං.
ගගුල් බැල්කනි එකේ ඉදගෙන ඈත පේන තරු දිහා බලාගෙන කොණ්ඩෙ අතින් හදාගත්තා.
බොස් තමා සාක්ෂියට අත්සන් කරන්නෙ..ඔන්න එහෙනම් මං තිබ්බා..බොස් එනවානේ..
සරණෙ
ගගුල්ට කිසි දෙයක් කියන්න සරණෙ ඉඩ තිබ්බෙ නෑ.
මට බෑ සරණෙ මං කොහොමද එන්නෙ ..මගෙ නිදූගෙ මතක දාලා මං කොහොමද එන්නෙ…
ගගුල් අමාරුවෙන් වුණත් හිත හදාගෙන කොළඹ එන්න තීරණේ කලේ සරණෙ වෙනුවෙන්.සරණෙගෙ දුවට දෙන්න ලොකු දෑවැද්දක් ගගුල් ලෑස්ති කරලා දුන්නා.
ඒ වුණත් ගගුල් ආවෙ වෙඩින් එක දවසෙමයි..වෙඩින් එක තිබ්බ හොටෙල් එකටමයි..
කොල්ලා මේ වෙඩින් එකකට යන්නෙ ජීවිතේ පළවෙනි වතාවට.කිසිම ආසාවක් නැතත් කොල්ලා කළුපාට ෆුල් සූට් එකට සුදු පාට අත්දිග ෂර්ට් එකක් ඇදලා දුඹුරු පාට සන්ග්ලාස් දාලා…
ජිප් එකෙන් බහින ගගුල් දිහා ගොඩක් හොටෙල් එකේ එළියෙ හිටපු ගොඩක් ගෑණු ළමයින්ගෙ ඇස් යොමු වුණේ දැන් වයස අවුරුදු හතලිහක් වුණත් කොල්ලා තාමත් කඩවසම් නිසා…
ඒත් ගගුල්ගෙ බැල්ම නිකමටවත් ඒ කෙල්ලො දිහාට නම් යොමුවුණේ නෑ…
වාව්..පට්ට හැන්ඩියෙක්නෙ බං.
ගාර්ඩ්න් එකේ හිටපු තිහාරා අහස්යාට වැලමිටෙන් ඇන්නා.
මොකද්ද බං..උඹලට කොල්ලෙක් පේන්න බෑනෙ..පෙනුනෙ නැද්ද ඌ නාකියෙක් වගේනෙ.
අහස්යා කට ඇද කළා.
නාකි වුණාට ගතිය කොහොමද?
උඹ කැමති නම් යාළු කරලා දෙන්නම්
අහස්යා තිහාරාට ඉගි කලේ අනිත් කෙල්ලො බක බක ගගා හිනාවෙද්දි..තිහාරා ගස්සගෙන හොටෙල් එක ඇතුලට ගියා..
ගගුල්ව දැක්ක සරණෙ ඇවිත් ගගුල්ව වැලදගත්තෙ පුදුම සතුටකින්.විවාහ චාරිත්‍ර වගේම ලියාපදිංචි කටයුතුත් සිද්ද වුණේ ගගුල්ගෙත් සහය ඇතිව
අහස්යා..අර බලපං හැන්ඩි අන්කල් තමා සාක්ෂියට අත්සන් කරන්නෙ.. මං හිතන්නෙ ඒ සනූ අක්කිගෙ ළඟම රිලේෂන් කෙනෙක් වෙන්න ඇති..හැබැයි අතේ මුද්දක් නම් නෑ..එයා ඉන්නෙත් තනියම..තාම තනිකඩ වගේ
තිහාරාට කට පියාගෙන ඉන්නම බෑ..
අහස්යා ..ඒ වගේම තිහාරා..සනූගෙ යාළුවො..සනූ කියන්නෙ සරණෙගෙ දුව..යාලුවො කිව්වට මේ දෙන්නා සනූට වඩා අවුරුදු දෙකක් බාලයි.ඉස්කෝලේ බෑන්ඩ් එකේ කට්ටිය එකට හිටපු නිසයි යාළුකම මෙච්චර දුර දිග ගිහින් තිබ්බෙ..
අහස්යා වගේම සනූ උසස් පෙළ කලේ මේ අවුරුද්දෙදි..කෙල්ලො දෙන්නා කටකාරයි..දඟකාරයි
තිහාරා..මං දැන් ඇත්තටම උඹට ඒ පොරව කතා කරනවා..ඔහොම ඉන්නවා.
.අහස්යා ඉස්සරහට ගියේ ගගුල් තනිවෙලා පැත්තක තිබුණු ටේබල් එකක් ළඟ ඉදගත්තා කියලා දැක්ක නිසා..
එක්ස්කියුස්මී …
අහස්යා කියද්දි දුරකථනයේ තිබුණු නිදුලිගෙ ෆොටෝ බල බල හිටපු ගගුල් හිස එසවුවා..
ඈශ් කලර් අත් රහිත කොට සාරි ජැකට් එකකට ලා තැඹිලි පාට සාරි ජැකට් එකක් ඇදගෙන ස්ට්‍රෙට් කරපු කොණ්ඩෙ ගස්ස ගස්ස ඉන්න අහස්යා දිහා ගගුල් බැලුවෙ පුදුමෙන්..
ඒත් ඒ එක්කම කොල්ලා සන්ග්ලාස් ගලවලා කෙල්ලගෙ උඩ ඉදලා පල්ලෙහාට බැලුවෙ මේ මොන විකාරයක්ද කියලා හිතන ගමන්.
මේ මිස්ටර් අන්කල්..මගේ අර යාළුවා..ඔයාට මැරෙන්න හදනවා..ප්ලීස් ටිකක් එයත් එක්ක කතා කරනවද?
අහස්යාට මේ වගේ දග වැඩ හොදට හුරුයි
…ඒත් ඒ එක්කම ගගුල්ගෙ වියරු බැල්ම දකිද්දි අහස්යාට උන් හිටි තැන් අමතක උනා

ඊලග කොටසට

කතාව ගැන ඔයාලගේ අදහස කියන්න ඔයාලගෙ අදහස් අනුව කතාව ඉදිරියට ගලාගෙන යාවි..නැත්නම් මට කම්මැලියි අප්පා
copy කිරිම සපුරා තහනම්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!